Wednesday 25 January 2017

හොරු බෙටි කාපං කුන්දීරේ

ඔන්න පුතේ එකෝමත් එක රටක...මහන්සිවෙලා දුක්විඳල රස්සාවක් කරල හම්බකරන් කන්න කැමති නැති...රට කපටි පට්ට හොරු සෙට් එකක් ඉන්නවා...මුන් වැඩිපුර ඇඳලා ඉන්නෙ සුදුපාට ඇඳුම්...ඉතිං මුන් එකම සෙට් එකක් උනත් (මිනිස්සු හිතන් ඉන්නෙ සෙට් දෙකක් ඉන්නව කියල) ...කල්ලි වලට බෙදිලා චන්දෙ ඉල්ලනවා...සපෝටර්ලත් කල්ලි වලට බෙදිලා මරාගන්නවා...දැන් වැඩිපුර මරාගන්නෙ බුකියේ...ඉතිං දිනපු එවුන් රටේ බලය ගන්නවා...පැරදුනු එවුන්ගෙන් කොටසකුත් ඇමතිකම් අරං...දිනපු එවුන්ට හේත්තු වෙනවා...බලයට ආපු ගමන් කෝටි ගණන් හොරකං කරනවා...ඔන්න ඉතිං පැරදුනු එවුන් දියවන්නා හොර ගුහාව ඇතුලේ...කුණුහරුප විදිමින් කෑගහන්න පටන් ගන්නවා...මෙන්නෝ...මුන් හොරකං කරනෝ...අල්ලපියෝ...හිරේ දාපියෝ...කිය කියා...ඉතිං...බලයේ ඉන්න එවුන් කෑගහනවා...උඹලගේ කාලෙත් කෝටි ගණන් හොරකං කලානේ කියල...ඉතිං බලංඉන්නෙ...අල්ලලා හිරේ දාපල්ලකෝ කියලා පැරදුන එවුන් කියනවා...බලේ ඉන්න එවුන්, උන්ගේ නෑදෑයෝ, යාළුවොත් කලින් හොරකං වලට සම්බන්ධ නිසා...හොරු අල්ලන්න වගේ ඉන්නවා අල්ලන්නේ නෑ..උන්ගේ පවුල් අතර විවාහ ගණුදෙණු පවා කෙරිල තියෙන නිසා එක හොරෙක් වත් අල්ලන්න බෑ...ලොකුම හොරු බාගෙට අල්ලලා අතඅරිනවා...පලයන් පුතා ඇමරිකාවට කියලා...එක පට්ට හොරෙකුට ළමයි නැති නිසා මිනිස්සු හිතන් ඉන්නෙ...ඌ හොරකං කරන්නෙ නෑ කියල...මිනිහට දෙනව Mr ක්ලීන් පට්ටම...ඌ කොස්ඇටේ බෑවෙ යාළුවගෙ අත දාල...දැන් හෙන ගේමක් දෙනව යාළුව බේර ගන්න... මුන්ගේ ළමයි ඉගෙන ගන්නෙ පිටරට...හුඟක් එවුන්ට පිටරට ගෙවල් බැංකු ගිණුම් තියෙනවා...සමහරු සල්ලි තිබුනත් ඉන්නෙ හිඟන්නෝ වගේ...සමහර එවුන් කෝටි ගණන් වාහන වල ඇවිත් ෂෝ එක දානවා ලංකාවෙ ඉන්න මෝඩ ජහමනයා...මේ කවදාවත් ඉවර නොවෙන හොර මගඩි මෙගා ටෙලි නාට්ටිය...සහ මුන්ගේ TV කුකුල්පොර නිදිමරාගෙන බලං ඉන්නවා...මුන් දවල්ට බෙදිලා රණ්ඩුවෙලා රෑට පාටි වලට ගිහිං එකට බොනවා...දැන් අව්රුදු හැට නමයක් මේ සෙල්ලම කරනවා...එකෙක්වත් හොරකමකට හිරේ ගිහිං නෑ...බඩට කන්න නැතිව බදු ගෙවමින් වාහන ලොකු දීමනා දෙමින් මුන් නඩත්තු කරන ගොන් ජහමනයට...මේ ගැන වගේ වගක් නෑ...සීයෙ වෙනකතාවක් කියන්නකෝ...ඕක මට දැන් අහලම ඇතිවෙලා හිටං !

10 comments:

  1. ඇත්තටම ඇතිවෙලා.

    ReplyDelete
  2. හිතන්න කැමති අය අඩුයි පස්සෙන් යන අය වැඩියි

    ReplyDelete
  3. නොදකින්. මේ ගොන් හැත්ත ගැන අහලම එපා වෙලා... 😡

    ReplyDelete
  4. ඉතිං කවුද දොස්තර මහත්තයෝ අපි කවුන්සිලේට යවන්න ඔනේ. පිස්සු මහාචාර්්‍යවරුද? දත් දොස්තරලාද? කොන්දොස්තරලාද? මාල හොරුද? කම්බ හොරුද? කසිප්පුකාරයෝද? බුකි කාරයෝද? බාර් කාරයෝද? සීනු අයියලාද? පංචායුධ කුමාරයාවගේ කටිං විප්ලවකාරයෝද? අලි පැටැව්ද? ධර්ම රාජ්‍ය පහලකරන්න ආපු ගනින්නාස්සේලාද? ති‍්‍රවිල්කාරයෝද? මැරයෝද? ගනිකාවෝද? නපුංසක පොන්නයෝද?බඩුකාරයෝද? කොලුකාරයෝද? බලං යද්දි යවන්න එකෙක් නෑ. ඉතිං අපේ රටේ මීගොන් ඡුන්දදායක හැත්තම දියවන්නා හොරගුහාවට යවන්නේ ඔය සෙට්එකම තමයි. අන්තිමේදි උන් එකට කාබී අපිට කෙලවනවා ඇත.

    ReplyDelete
  5. Fb link එකත් දෙන්න පුලුවන් නම් වටිනවා මහත්තයෝ !😁😁😁😁😁

    ReplyDelete
  6. https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/943310465809402/?hc_ref=NEWSFEED

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=tr2WuubGh08&feature=youtu.be

      Delete