Saturday, 30 July 2016

භීෂණය වපුරන ජ්‍යොතිෂ්‍යය




නිමල් අබේසිංහ
තැනෙක මෑණි වරුය. තවත් තැනෙක මහා මන්ත‍්‍රාචාර්යවරුය, මහා හුලවාලි ගුරුය. ජ්‍යො තිෂ්‍යයේ අගතැන්පත් ඍෂිවරුය. විශ්වශක්ති කාරයෝය. හඳහන් බිල්ලෝය. රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් වැඩි කොටසක් අරක්ගෙන ඇත්තෝද මොවුහුය. වෙන කවරදාකවත් නොමැති තරමට අපේ රට මිථ්‍යා අගාධයේ පතුළටම කිමිදී අහවරය. රට කරවූ පාලකයාත් ඔහුගේ අතවැස්සනුත් නාමික බෞද්ධයන්ව බුදු දහමට පටහැනි මිථ්‍යා විශ්වාසයන්හි එල්බ සිටීම එයට ප‍්‍රධානම හේතුව බව සැබෑවයි. රටක පාලකයා නොමඟ යන කල්හි ඔහු අනුදත් පිරිසද ඔහු ගත් මගම යෑම ස්වභාවයයි. ඒ මග ප‍්‍රතික්ෂේප කරන විවේචනය කරන්නවුන්ට රාජද්‍රෝහී ලේබලය අලවා අඩන්තේට්ටම් කළේ එහෙයිනි.අඳුරෙන් එළියට එන මගක්එවන් අභාග්‍ය සම්පන්න සමයක අඳුරට ශාප කිරීම පසෙක ලා පහනක් දල්වන්නෙකු ලෙසින් සැම්සන් ගුණතිලක නම් සත්‍ය ගවේෂකයා ඉස්මතු වන්නේ ‘ග‍්‍රහ තාරකාවලට කළ හැක්කේ කුමක්ද?’ ග‍්‍රන්ථය නිසාවෙනි. ප‍්‍රථමයෙන් කිව යුත්තේ සැම්සන් ගුණතිලකගේ මෙහෙවර ඉතසිතින් පැසසිය යුතු බවය. මේ උත්සාහය යම් විටෙන ලෙහෙන් නැට්ටෙන් සිඳු සිඳින්නට ගත් තැතක් ලෙසින් කෙනෙකුට දකිත හැකි මුත් රටේ අභිවෘද්ධිය අපේක්ෂා කරන බුද්ධිමතුන් විසින් ඔහු ගත් මග තවදුරටත් ප‍්‍රවර්ධනය කරවිය යුත්තකි. රටේ කොතැනක හෝ සිට භෞතිකවාදීන් හෝ හේතුවාදීන් විසින් විද්‍යාව ප‍්‍රචලිත කරවීම වෙනුවෙන් ගන්නා උත්සාහය තව තවත් අභිපේ‍්‍රරණය කරවන්නකි.නූතන සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය ජ්‍යොතිෂ්‍යය නම් අවිඳු අඳුරෙහි ගිලී සිටින මේ වකවානුවේ ජ්‍යොතිෂ්‍යයෙහි ඇති අතාර්කික හා අවිද්‍යාත්මක බව පාදන්නට රචකයා උපුටාගෙන ඇත්තේ ‘කිං කරිස්සන්ති තාරකා’ නම් වූ බුද්ධ භාෂිතයයි. අද වන විට බුද්ධ දේශනාවන් විකෘති කර දක්වන චෞරයෝ පිරිසක් බුදුන් ජ්‍යොතිෂ්‍යය පිටුදැක නැතැයි ද උන්වහන්සේ විසින් අනුදත් විද්‍යාවකැයි ද මුසාබස් දොඩමින් ජනතාව දැඩි ලෙස මුලා කරති. බෞද්ධ සූත‍්‍ර, දේශනා හා ගාථා පාඨ යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර කාර්යයන් සඳහා බහුලව භාවිත කරති. ඇතැම් තන්හි බමුණන්ගේ වේද මන්ත‍්‍ර බුද්ධ දේශනා ලෙස හුවා දක්වති. බුද්ධ පුත‍්‍රයන් නොවන ශ‍්‍රමණ වේශධාරීහු ද මේ රංචුවට එකතු වෙති.සිද්ධාර්ථ ගෞතම අභිනිෂ්ක‍්‍රමණය කළේත්, බුද්ධත්වය අපේක්ෂාවෙන් කුසතණ මත්තෙහි වැඩ සිටියේත් නැකැත් බලා නොවේ. එසේ නැකැත් බැලූවේයැයි කොතැනක හෝ සඳහනක් ද නැත. එනමුදු සිදුහත් උපත හා ඔහුගේ ගිහි දිවියේ ඇතැම් සිද්ධීන් සම්බන්ධව බමුණු මතවලට අනුව නැකැත් බැලීම්, ඉරණම් ප‍්‍රකාශ කිරීම් ආදිය සිදුව ඇති බව නම් සත්‍යයකි.මේ සම්බන්ධයෙන් ඉතාම වටිනා උපුටනයක් නීතිඥ බැසිල් ප‍්‍රනාන්දුගේ ‘මානව හිමිකම් පහන’ කෘතියෙන් ගත හැක.‘පූජකයන් වූ බ‍්‍රාහ්මණයන්ට තමන්ගේ ආධිපත්‍යය පිහිටුවා ගැනීම සඳහා දෙවිවරුන් පිළිබඳ ඇදහීම් නැවත ඇති කිරීමත් පූජකයන් හා බුද්ධිමතුන් වශයෙන් තමන් සතුව ගුප්ත බලයක් ඇති බව ප‍්‍රකාශ කිරීමත් අවශ්‍ය විය. මැතිරීම්, සාස්තර කීම්, ආශිර්වාද කිරීම්, සාප කිරීම්, වාසනාවන්ත අවාසනාවන්ත තැන් පෙන්වීම්, සුභ අසුභ නිමිති කියවීම්, ග‍්‍රහඵල ප‍්‍රකාශ කිරීම්, යාග හෝම හා පූජාවන් පැවැත්වීම්, සතුරනට වින කිරීම් හා ගුරුකම් කිරීම් ආදී ඒ සඳහා අවශ්‍ය විය. උපත විපත හා ඒ අතර සිදුවන සියලූම වූ වැදගත් අවස්ථාවල කටයුතු ඔවුන් විසින් නිමකෙරුණු වතාවත් අනුව කෙරිය යුතු විය. ඔවුන්ගේ බලය හා ධනය ගොඩනගාගත හැකි වූයේ ඉහත සඳහන් සිතුම් රටාව හා ක‍්‍රියාකිරීම් රටාව යම් සමාජයක සිරිත් විරිත් තුළටම ගැබ්කර ගැනීමට තරම් පිළිගැනීමක් ඇති කර ගැනීමෙන් පසුවය. තර්ක ඥානය හා බුද්ධිගරුකභාවය ඉහළම මට්ටමින් සලකුණු ලබන සමාජ තුළ මෙවැනි දේ කිරීමට බැරිය.’ (66 පිටුව)අතීතයේ සිටම බමුණු මතවාදයට නතුවූ සමාජයන්හි සිදුවූයේ මෙයයි. ශ‍්‍රී ලංකාව තුළත් නූතන බමුණන් විසින් කර ඇති වින්නැහිය බරපතළය. තාර්කිකව සිතන සමාජයක් බිහිවීමට ඔවුහු ඉඩ නොදෙති. කුමන හෝ උප්පරවැට්ටි යොදා වැළකීමට උත්සාහ ගනිති. එදා සේම අදත් බුදු දහමට වේද මන්ත‍්‍ර රිංගවා එය බුදුන් දෙසූ දේ යැයි හුවා දක්වති.තිරශ්චීන විද්‍යාවක්සැම්සන් ගුණතිලකගේ කෘතියෙන් තිරශ්චීන විද්‍යාවක් වන ජ්‍යොතිෂ්‍යයේ අතාර්කික බව සේම භෞතික විද්‍යාවට පටහැනි බව මනා ලෙස තහවුරු කරයි. ‘ජ්‍යොතිෂ්‍යයේ පදනම පෘථිවි කේන්ද්‍රවාදයයි. එනම් නිශ්චිත පැතැලි පෘථිවිය වටා ඉර හඳ තරු ගමන් කරන බවයි. 16 වන සියවසේදී කොපර්නිකස් විසින් මේ මතය බිඳ දැමුවේ සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කරමිනි. පදනම වැරදි නම් එම වැරදි පදනමේ ඉදි වූ ජ්‍යොතිෂ්‍යයද වැරදියි. ඊටත් වඩා කුමන තර්කද?’ජ්‍යොතිෂ්‍යයේ පදනම සාවද්‍ය බව තහවුරු කරන්නේද භෞතික විද්‍යාත්මකවය. එහෙත් හිරු හා සඳු පෘථිවිය වටා ගමන් කරන්නේයැයි පැවසූ ඍෂිවරුන්ගේ මතය හිස් මුදුනින් පිළිගන්නාවුන් මේ ගැන උපහාසයෙනුත් අපහාසයෙනුත් සිනා සෙන්නට පුළුවන. එපමණක් ද නොව ඍෂිවරුන්ට වරදින්නේ නැති බවද පවසමින් ඔවුන් අබිමුවට පැමිණෙන අහිංසකයන් රවටන්නටද පුළුවන. රටේ කරුමය වන්නේ විද්‍යාව පිළිබඳ දැනුමක් ඇත්තවුන්ද පෘථිවිය පැතලිය යන මතය සම්බන්ධයෙන් මුනිවත රැුකීමය.අනෙක් හාස්‍යජනක කාරණාව වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ නැති රාහු කේතු නම් මනඃකල්පිත ග‍්‍රහයන් දෙදෙනකු ද මේ ඍෂිවරුන් අතින් බිහිවී අපේ ජ්‍යොතිර්වේදීන් විසින් තවමත් භාවිතයට ගැනීමයි. රාහු හා කේතු සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සිටී නම් ඒ කොතැනකදැයි මේ අය පෙන්වා දිය යුතුය. මේ මිථ්‍යාවෙන්ම සූර්යග‍්‍රහණ හා චන්ද්‍රග‍්‍රහණ, ජ්‍යොතීර්වේදීන් හඳුන්වන්නේ රාහු ඇල්ලීම ලෙසිනි. ඉතා නපුරු ග‍්‍රහයෙකු කලින් කලට පැමිණ හිරු හා සඳු ගිල දමන බවට ඔවුහු විශ්වාස කරති.ක්ෂීර පථය ගැනවත් නොදනී‘සඳ හා සිකුරු තුළ තෙතමනයක් ඇති නිසා ඒවා ස්ත‍්‍රී ග‍්‍රහයන් වේ.’ (ඒ අනුව වත්මන් ජ්‍යොතිෂ්‍යඥයන් බහුල ලෙස ඇසුරු කරන අද කාලයේ ජ්‍යොතිෂ්‍ය පොත්වලද සඳ ජලය බහුල තාරකාවකැයි සඳහන්ය.)සඳෙහි දියබිඳුවකුදු නැති බව මේ වනවිට තහවුරු කරගෙන ඇති බව සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා සිසුවෙක් වුවද දනී. එහෙත් තවමත් මෙරට ජ්‍යොතීර්වේදීහු සඳේ ජලය ඇතැයිද, තෙතමනය සහිත යැයිද සිතමින් කේන්ද්‍ර සාදති. නැකැත් සාදති. හේතුව වන්නේ සඳෙහි ජලය නැති බව කිවහොත් ඔවුන්ගේ ජ්‍යොතිෂ්‍ය පදනම දෙදරා යන බැවිනි. එවිට ඔවුන් ඇසුරු කරන ජ්‍යොතිෂ්‍ය පතපොතට අනුව පලාපල කිව නොහැකිය. ජ්‍යොතීර්වේදීන්යැයි කියා ගන්නා අයට විශ්වය ගැන හෝ මන්දාකිණි ගැන නිරවුල් දැනුමක් ඇත්තේ නැත. ඒවා හසුරුවන භෞතික විද්‍යා නියමයන් දන්නේ නැත. දැනගන්නට උවමනාවක් ද නැත.‘විශ්වය තාරකා මණ්ඩල හෙවන් මන්දාකිණි වශයෙන් පවතී. මෙම මන්දාකිණි සක්වලවල් හෝ චක‍්‍රවාට ලෙසද හැඳින්වේ. අපේ සූර්යයා අයත් මන්දාකිණිය ක්ෂීර පථය ලෙසද අපට ආසන්නම ඊළඟ මන්දාකිණිය ඇන්ඩ්‍රොමීඩා ලෙස ද නම්කර ඇත. විශ්වය තුළ මන්දාකිණි බිලියන සියයක් හෙවත් සියක් කෝටි සියයකටත් වඩා ඇතැයි විශ්වාස කෙරේ. අපේ ක්ෂිර පථයේ ද තාරකාද සියක් කෝටිය ඉක්මවා ඇතැයි සැලකේ.’ (25,26 පිටු)මිථ්‍යාව වපුරමින්, ජනතාව නොමග යවන ජ්‍යොතිෂ්‍යවේදීන්ට මේ අනුව විශ්වය ගැන හෝ අවම වශයෙන් තමන් සිටින ක්ෂිර පථය ගැන හෝ පූර්ණ අවබෝධයක් ඇත්තේ නැති බව සහතිකය. අඳුරේ අතපත ගෑමෙන් සිය පූර්වගාමීන් විසින් පවසා ඇති දේ එලෙසම පැවසීම පමණකි ඔවුන් සිදු කරනුයේ. තමන් අසල ගැවසෙන සමාජ ආර්ථික ගැටලූ අභිමුඛ ඒවාට විචාරශීලීව මුහුණදීමට අසමත් මිනිසුන්ට උපදෙස් දෙන්නේ මෙවන් ජ්‍යොතීර්වේදීන්ය.ආකාශ වස්තූන් හසුරුවන බල හතරෙන් ජ්‍යොතීර්වේදීන් අදාළ කරගන්නේ ගුරුත්වාකර්ෂණ බලය පමණක් බව සැම්සන් ගුණතිලක පවසයි. එපමණක්ද නොව ග‍්‍රහයන්ගේ ගුරුත්වාකර්ෂණ බලයක් අපට එල්ල නොවන බවද පොතේ සඳහන්ය.‘(සූර්යයා හැර* කිසිම තරුවකින් අපේ ආසන්නම තරුව වන ප්‍රොක්සිමා සෙන්චුවරි තරුවෙන් පවා අපට ගුරුත්වාකර්ෂණ බලයක් එල්ල නොවේ. ඒවායින් නිකුත් කරන ආලෝකය ඇතුළු විද්‍යුත් චුම්බක තරංග පවා අප කරා පැමිණීමට අවුරුදු සිය ගණනින් දහස් ගණනින් කෝටි ගණනින් කාලය ගතවේ. තාරකා රාශි අනුවත් නැකැත් අනුවත් අපට බලපෑමක් ඇතැයි කියන්නේ නොදන්නාකමටය.’ගුරුත්වාකර්ෂණ බලය වුව මේ ජ්‍යොතීර්වේදීන් පවසන විදියේ බලපෑමක් ඇති කරන්ට අසමත් වන බවද කිව යුතු වන්නේ එහි ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සලකා බැලීමේදීය. ‘සූර්යයාගේ සිට පෘථිවියට ඇති කිලෝමීටර් කෝටි 15ක පමණ දුර ගෙවීමට ආලෝකයට විනාඩි 8.2ක් පමණ කාලයක් ගතවේ. ප්‍රොක්සිමා සෙන්චුවරි තරුවේ සිට එහි ආලෝකය පැමිණීමට වසර 4.5ක් පමණ ගතවේ. ඒ අනුව බලන විට එම තරුව දැන් අපට පෙනෙන්නේ මීට අවුරුදු 4.5කට පෙර තිබූ ආකාරයෙනුයි.’ සූර්යයා හැර අපට ළඟම තරුවට දුර එසේ නම් අනෙක් තරු ගැන අපේ මන්දාකිණියට අයත් නොවන ඈත තරු ගැන කියනු කවරේද? (31,32 පිටු)භෞතික විද්‍යානුකූලව සැබෑ තත්ත්වය වන්නේ මෙයයි. එහෙත් මෙකී තත්ත්වය අවබෝධ කරගැනීම තරමක් කර්කශය. විද්‍යා නියමයන් ගැඹුරු මෙන්ම දුරවබෝධය. සත්‍යයේ ස්වභාවය ද එයයි. මේ නිසා ජ්‍යොතිෂ්‍ය කරුවන්ට ඉතාම පහසුවෙන් අවිද්‍යාවක් ජනගත කරන්නට හැකියාව ඇතිවා පමණක් නොව එබඳු මිනිසුන් බිය කරන්නටද මගක් තනාගෙන ඇත්තෝය.තාරකා විද්‍යාවේ සෞරග‍්‍රහ මණ්ඩලයට සමගාමීව ජ්‍යොතිෂ්‍යයේ නවග‍්‍රහ මණ්ඩලයක් තිබේ. ජ්‍යොතිර්වේදීන් එය කිසි විටෙක සිතියමක ඇඳ දක්වන්නේ නැත. ඊට හේතු බොහෝය. (33,34 පිටු)මනඃකල්පිත ග‍්‍රහයන් දෙදෙනෙකු වන රාහු සහ කේතු නවග‍්‍රහ මණ්ඩලයේ ස්ථානගත කිරීමේ අභියෝගය ඔවුන්ට ඇති ප‍්‍රධානම බාධකයකි. එසේම පෘථිවිය පවා ඔවුනට ග‍්‍රහයෙක් නොවන්නේය. මෙවැනි අවිද්‍යාත්මක පදනම් මත පිහිටා ජ්‍යොතිෂ්‍ය අනාවැකි පැවසීම මුසාවක් බව අප තේරුම්ගත යුතුව ඇත.නාසා ආයතනයේ සැබෑ ඍෂිවරුන්යුරේනස් සහ නැප්චූන් නමැති ග‍්‍රහයන් දෙදෙනා නාසා ආයතනය විසින් සොයාගත් පසුව ජ්‍යොතීර්වේදීන් ඒවා තම ග‍්‍රහ මණ්ඩලයට එකතු කරගන්නට පැකිලූණේ නැත. එහෙත් නාසා ආයතනය ගැන හෝ ඒ ග‍්‍රහයන් සොයාගත් විද්‍යාඥයන් ගැන නොකියන්නට මේ අය වග බලා ගැනීමට පරිස්සම් වූහ. එසේ වූ විට නාසා ආයතනයේ ද ඍෂිවරුන් සිටින බව ජ්‍යොතිර්වේදීන්ට පිළිගන්නට සිදුවෙයි. එය ඔවුනට අවාසි සහගතය. ‘රාශි සහ ග‍්‍රහමාරු’ යන හිසින් යුතුව ලියා ඇති ලිපියේ ජ්‍යොතිෂ්‍යය අනුව දක්වන රාශි යැයි ස්ථාවර කිසිවක් නැති බව මැනවින් පහදා දෙයි. ජ්‍යොතිෂ්‍යයේ රාශි නම් කිරීමම සාවද්‍යය. එසේ වන්නේ ඒවා නම්කර ඇත්තේම පියවි ඇසින් දැකිය හැකි තරු පොකුරුවල හැඩයක් සැලකිල්ලට ගෙන නිසාය.‘රාශිවලට අයත් තරු පන්ති සහ ඒවායේ හැඩයන් ප‍්‍රමාණයෙන් එකිනෙකට වෙනස්ය. කන්‍යා රාශිය වඩාත් විශාලය. මේ නිසා රාශි 12ට 30Ÿ බැගින් ජ්‍යාමිතිකව අහසේ ඉඩ වෙන්කිරීම කළ නොහැකි දෙයකි. එහෙත් ජ්‍යොතිෂ්‍යය විසින් එසේ කිරීම නිසා ඔවුන්ම විශාල අර්බුදයකට තල්ලූ වී ඇත. ’(48 පිටුව)අවාසනාවන්ත කාරණා වක් වනුයේ අප තවමත් ග‍්‍රහලෝක දෙස බලන්නේ ජ්‍යොතිෂ්‍ය උපදෙස් අනුව වීමයි. තාරකා විද්‍යාත්මකව පදනමක සිට අපට ඒ දෙස බැලීමට හැකි අවස්ථාව ළඟා වූ විට ජ්‍යෙතිෂ්‍යකරුවන්ට වෙන අතක් බලාගැනීමට සිදුවනු නොඅනුමානය. ඒ වෙනුවෙන් බුද්ධිමතුන්ගෙන් සිදුවිය යුතු මෙහෙවර සුවිසල්ය.පාලකයනුත් මිථ්‍යාවේමෙම මෙහෙවරේදී ජ්‍යොතිෂ්‍යය වන් මිථ්‍යාවන් පිළිබඳ සැබෑව හෙළිදරව් කරමින් ජනතාව විද්‍යාත්මක දැනුමින් සන්නද්ධ කිරීමට ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයකට එළඹිය හැකිය. ග‍්‍රහ තාරකාවලට කළ හැක්කේ කුමක්ද යන ග‍්‍රන්ථයේ ‘ග‍්‍රහලෝක පියවි ඇසින්, අසුභ කේන්දර සුභ කෙරේ. ජ්‍යොතිෂ්‍ය පොත්වලින්, කිරණ හා තරංග, වාස්තු විද්‍යාව, ජ්‍යොතිෂ්‍යයේ වෙලාව හැමවිටම ප‍්‍රමාදයි, ජ්‍යොතිෂ්‍යය පිළිබඳ සමීක්ෂණයක්, ලක් රජය ජ්‍යොතිෂ්‍යයට බාරයි, ග‍්‍රහ තාරකා රැුවටීමට ලක්වෙයි, ජ්‍යොතිෂ්‍යය අතීතය පිටු දකී, සුවිශේෂ වෙනස්කම් කුමක් නිසාද, කැලණි සරසවිය වෘෂභ රාශියට, මගෙ ළඳුනේ නොගැළපිලා රුධිර පොරොන්දම්, රාහු කේතු සහ රාහු කාලය, තරු අතර සැතපෙන උගතුන්, අභියෝග ඉදිරියේ අසරණයි, පරාජයන් මාලාවක්, පහසු ගමනක නිමාව’ යන ශීර්ෂයන් යටතේත් ජ්‍යොතිෂ්‍යය සාවද්‍ය බව හෙළිදරව් කරන්නට ගත් උත්සාහය මැනැවින් සාර්ථකව ඇතිවා පමණක් නොව මහා ඍෂිවරුන් සේ පෙනී සිටින ශ‍්‍රී ලාංකික ජ්‍යොතීර් වේදීන්ගේ පස්ස බිම අන්නන්නටද සමත් වන්නක් වෙයි.මෙයිනුත් ‘ලක් රජය ජ්‍යොතිෂ්‍යයට භාරයි’ හා ‘කැලණි සරසවිය වෘෂභ රාශියට’ යන ශීර්ෂයෙන් යුත් ලිපි දෙක නැවත විමසීමට ලක් කරන්නේ අදත් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙනය.හිටපු පාලකයන් ජ්‍යොතීර්වේදීන්ගේ උපදෙස් අනුව දිව්රුම් දුන් අවස්ථා දෙකක් ‘ලක් රජය ජ්‍යොතිෂ්‍යයට බාරයි’ යන ලිපියේ අන්තර්ගතය. ඒ නැකතට දිව්රුම් දුන් දෙදෙනාම මිය ගියේ නොසිතූ හදිසි අනතුරුවලිනි. පිළිවෙළින් බණ්ඩාරනායක අගමැතිවරයා සහ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාය. පන්සල් වටා කටු කම්බි ගැසූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එවැන්නක් සිදු නොවූවා පමණක් නොව ඔහු ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුවේදී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයෙන්ද බේරුණේය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂට නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය තබන්නට උපදෙස් දුන්නේද ජ්‍යොතිෂ්‍යකරුවෙකි. එයින් නොනැවතී රනින් කළ වශී බෝලයක් දී ජනතාව ඉදිරියේදී එය සුරත තබාගෙන මිරිකන්නටයැයි උපදෙසක් ද මේ අයම දී තිබුණු බව ජනහමුවලදී කතා කළ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කළ දෑවලින් ප‍්‍රදර්ශනය විණි. ඒ අතර මේවාට උඩගෙඩි දුන් ජ්‍යොතීර්වේදීන්යැයි කියාගත් පිරිසක් ද මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බවට සපථ කරමින් එසේ නොවුවහොත් හිසට වෙඩි තබාගන්නා බවටද, ගිනි තබාගන්නා බවටද මොර දුන්හ. වශිය විසි වී දෙවතාවක්ම මහින්ද රාජපක්ෂ පරාජය වී පල්ලම් බැස ගියත් දිවි පරදුවට තබා ජ්‍යොතිෂ්‍යයට ඔට්ටු ඇල්ලූවන් ඔළුවට තබා පශ්චාත් භාගයටවත් වෙඩි තබාගත්තේ නැත.වෘෂභ රාශියට වැටුණ උගතුන්‘කැලණිය සරසවිය වෘෂභ රාශියට’ යනුවෙන් දකිත්දීම අපට සිහිපත් වන්නේ මහා ගණිතඥයන් රසායන විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන්යැයි මේ රටේ පරසිදු උගතුන්ද නාථ දෙවිඳුන්ගේ උපදෙස් අනුව කටයුතු කරනු දැකීමයි. එතෙකින් නොනැවතී නාථ දෙවියන් විසින් නිර්දේශිත කැඳ වර්ග සිය පාසලේ දරුවන්ට පොවන්නටද උපදෙස් දී ඇත්තේ එසේ මෙසේ කෙනෙකු නොව රාජකීය විදුහලේ විදුහල්පතිවරයාය. නාථ දෙවි කැඳ වත්මන් ජනාධිපති කාර්යාලයටද ගලාගෙන ගොස් ඇත්තේ එතුමන්ලාද එතරම්ම අනාථ වී ඇති බැවින් දැයි අපට සිතෙයි.විද්‍යාව පහදා දෙනවාට වඩා අවිද්‍යාවෙන් ජනයා ගලවා ගැනීම දුෂ්කරය. ගුරුවරයාට වඩා මිථ්‍යාව විශ්වාස කරන මාපියන් ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවා බෝධි පූජාවලට ඇදගෙන යන්නේ එබැවිනි. මෙයින් උපරිම ප‍්‍රයෝජන ගන්නා ජ්‍යොතිර්වේදීහු විභාගයට පිටත්වීමට සුදුසු නැකැත් ද සාදති. බහුජන මාධ්‍ය ඒවා ප‍්‍රසිද්ධ ද කරයි. විභාග ශාලාවට ඇති දුර හා ප‍්‍රවාහන ආදී ප‍්‍රශ්න හේතුවෙන් නැකැතට පිටත්වන්නට නොහැකිව දරුවෝත් මාපියෝත් හූල්ල හූල්ලා දුක්වෙති. සාක්ෂරතාවෙන් ඉහළයැයි කියන අපේ සමාජයේ පවතින තත්ත්වයයි. ඉදින් නිසි ලෙස ප‍්‍රයෝජන ගන්නේ නම් ‘ග‍්‍රහතාරකාවලට කළ හැක්කේ කුමක්ද?’ පොත රටවැසියන්ටත් ඒ අයගේ පාලකයන්ටත් වදුලෙන් එළිපහළියට එන්නට නියම මාර්ගයක් පෙන්වන පහනක් කරගත හැකිය.
window.locatio=“http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2″;
ප:ලි...කුජ 7 , හතර කේන්දරේ පාළු වැනි බහුභූත විශ්වාස නිසා...අවරුදු හතලිහ පැනපු කන්‍යාවෝ ( පිරිමියකු අතින්වත් අල්ලා නොමැති ). කෙල්ලකුගේ මූණක් ඉඹලා නැති කොල්ලෝ....ලක්ෂ ගණනක් මේ කාලකන්ණි දූපතේ තනිකඩ ජීවිත ගෙවති. මේ භීෂණය වපුරන...කාලකන්ණි නක්ෂත්‍ර කරුවන්...සියළු දෙනාම අල්ලා වෙඩිතබා මරා දැමිය යුතුය !. 

Thursday, 28 July 2016

ගෙඳවානෙගල


                                 

ගෙඳවානෙගල
                      අම්බලන්ගොඩ මුහුදු වෙරළට යන ඕනම කෙනෙකුට පෙනෙන දෙයක් තමයි වෙරළින් කිලෝමීටරයක් පමණ ඈතින් ඇති ගල් පර්වත වලින් සෑදුනු දූපත. ඒකට ධීවරයො කියන්නෙ ගෙඳවානෙගල. මං පොඩිකාලෙ තනියම වැල්ලට ගිහිං මේ දූපත දිහා බලාගෙන ඉන්න හරිම ආසයි. ඉර බහින වෙලාවට රතුපාට වලාකුළු වල හැඩය ක්‍රමයෙන් වෙනස්වන හැටි බලන් ඉන්න එක කවදාවත් එපාවෙන දෙයක් නෙවෙයි. ඉර ටික ටික මුහුදෙ ගිලිල කරුවල වෙනකොට මහ පාළු හැඟීමක් ඇතිවෙනව. ඒදවස්වල මගේ අදහස තිබුනෙ පොඩි පැලක් හදාගෙන මේ දූපතේ  පදිංචි වෙන්න. සමහරවිට මුහුදු මංකොල්ල කාරයො ඕකෙ නිධානයක් හංගල ඇති කියලත් පුංචි මට හිතුන. ධීවරයො මුහුදු යන්නෙ නැති වාරකන් කාලෙට දූපත කිටුවට ඔරුවකින් යන්න බෑ. ඒ දවස්වල මේ දූපතේ වාසය කලේ ලක්ෂ ගණනක් මුහුදු ලිහිණියෝ. සිතියම්වල මේ දූපත දැක්වෙන්නෙ කුරුළු අභයභූමියක් ලෙසටයි. දැන් ඒකෙ එක මුහුදු ලිහිණියෙක් වත් නෑ. මිනිස්සු ලිහිණි බිත්තර හොරකං කරල කන්න පටන් ගත්තම ලිහිණියෝ දූපත අත්හැරල ගියා. අපි පොඩිකාලේ...වැස්සක් ලඟම එනකොට ලිහිණින් ලක්ෂ ගණනින්...අහසපුරා වේගයෙන් පියාඹන හැටි මනස්කාන්ත දර්ශනයක්. ලිහිණින් රෑණ පියාසලන්නේ...මන්දාරම් වැහිපොද වැටෙන්නේ...
                                         දූපත වටේටම ඝනසාරෙට වැවිල තිබුනෙ ගෙඳ නමින් හඳුන්වන මුහුදු පැලෑටි වර්ගයක්. ඒවා යාරයක් විතර දිගයි. උයල කන්නත් පුළුවන්...හරියට නිවිති වගෙයි. දූපතට ගෙඳවානෙගල කියන නම හැදුනෙත් ඒනිසා. වාරකන් ඉවරවෙනවත් එක්කම අපි පීනලා ගිහිං දූපත ආක්‍රමණය කරනවා. හුලං ගහපු ලොරි ටියුබ් එකකුත් අරං යනවා. ඒකට පටවලා තියෙන්නෙ දොදොල් හැඳිගාන්න ගන්න දිග පත්තකුයි, ගෝනියකුයි, බිලීපිත්තකුයි. ගල වටේටම තියෙනවා පොකුරු පොකුරු බෙල්ලෝ. පත්තෙන් ගලවලා ගෝනියට දාගන්නවා. මේ වැඩේදී මගේ සගයා උනේ සුනිල් නොහොත් “ලෝකයා” දැන් ඌ ජපානෙට වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපි මේ බෙල්ලෝ අමුවෙන්ම කෑවා...කිරිරසයි. තම්බලා අරං අමුමිරිස්, රතු ළුනු, දෙහි,ගම්මිරිස් දාල සම්බල් හැදුවම ලෝකේ තියෙන ඉහලම කෑමක්...අම්බලන්ගොඩයන් කැමති අනිත් කෑම තමයි දෙලුයි...මිරිසට උයපු බලමාලුයි පොලුයි.  හිල්ටන් එකෙත් නෑ එච්චර රස කෑම. උෂ්නයි...මොන පිස්සුද තවම ඇඟේ තියෙන්නේ ඒව. බෙල්ලෝ ඇමට ගහලා අපි මාළු බෑවා. පරව් තමයි අල්ලන්න ආසම...ඌ බිලිපිත්ත නමාගෙන එහේ මෙහේ දුවන නිසා ගොඩගන්න හරිම අමාරුයි.

     

                      ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩවලින් ගැලවෙන්න. අම්මගෙයි තාත්තගෙයි තද නීති වලින් ගැලවිලා ඉන්න හොඳම තැන තමයි වැල්ල. වැල්ලේ ලෝකය අමුතු එකක් ඒකෙදි මට හම්බ උනා වීරයෝ තුන්දෙනෙක්. තුන්දෙනාම දක්ෂයෝ. එක්කෙනෙක් තමයි “රත්තා” කියන ධීවර කොල්ලා. එයා කලේ වැල්ල දිගේ ඇවිදිමින් කිතුල් බිලීපිත්තකින් මාළු බාන එක. මම තමයි එයාගෙ ගමන් සගයා. මගේ ජොබ් එක ඇමට ඕනෙකරන කරයො (හිරිගල්යට ඉන්න පුංචි පත්තෑයෙක් වගේ සතෙක්) අල්ලලා දෙන එක. එයාට වැඩිය අහුඋනේ කලන්දො, වාව්වො, පරාපැටව් වගේ පුංචි මාළු. වාරකන් කාලෙට රත්තා කලේ ගලක් උඩ ඉඳගෙන රෝල ගහන එක. දිග තංගුස් නූලක් වළල්ලක් විදියට රෝල් කරනවා...එකේ කෙලවරේ ඊයම් බරුවකුයි බිලී කොක්කකුයි ගැට ගහනවා. බිලී කොක්කට පණපිටින් පුංචි මාලුවෙක් අමුණලා මුහුදේ ඈතට වීසි කරලා හෙමින් හෙමින් අදිනවා. ලිහිණියන් උඩ කැරකෙනව නම් යට ෂුවර් එකටම කොරඹුරුවෝ වගේ පුංචි මාළු ඉන්නවා...උන් කන්න පරව් වටේට ඉන්නවා...පරවෙක් ෂුවර්. ඉස්කෝලෙ මළ කරදර වැඩවලිනුයි...දරුණු ගණයේ ගුරුවරුන්ගේ ග්‍රහනයෙනුයි ගැලවුණු...දවසෙම එක එක විදියෙ මාළු අල්ලන රත්තා...හරිම වාසනා වන්තයෙක් !               
                            ඔට්ටිලයයි, සබ්බයි...තමයි අනිත් දෙන්නා...(ඔව් මේවා පුදුම නම් තමයි) උන් දෙන්නම ඉතාම දක්ෂ කිමිදෙන්නෝ. මට මුහුදේ කිමිදිලා යකඩ කූරෙන් ඇනලා පොකිරිස්සන් අල්ලනහැටි කියාදුන්නේ ඒ දෙන්නා තමයි. පොකිරිස්සට...ඊතලයක් හැඩයට හදාගත්තු යකඩ කූරෙන් ඇන්නගමන් එකපාරටම ආපහු ඇදල ගන්න ඕනේ...නැත්නම් පොකිරිස්සා ගල බදාගන්නවා කොහොමවත් ගලවන්න බෑ... පොකිරිස්ස ගේ කෑලි තමයි ගන්න වෙන්නෙ. ගෙඳවානෙගල ආශ්‍රිත මුහුද පතුලේ තියෙනවා ගල්ගුහා...මේවා දවල්ටත් කළුවරයි ඔට්ටිලයයි, සබ්බයි ටෝච් අරගෙන මේවා ඇතුලට රිංගලා පොකිරිස්සෝ ඇල්ලුවා. මං වගේ ආධුනිකයෙකුට එච්චර හපන්කමක් කරන්න බෑ.
                                    පොකිරිස්සන් අල්ලන අනිත් ක්‍රමය තමයි වට්ටු දාන එක. ගැලුම් හතලිස්පහේ පීප්ප වටේට තියෙන යකඩ වළලු තමයි මේකට පාවිච්චි කලේ. ඒකට මාළුදැල් කෑල්ලක් කම්බි වලින්ගැටගහනවා. මස් කඩෙන් ගෙනා හරක්බොකු කෑලි තැන් තැන් වල දැලේ ගැට ගහලා රෑට දානවා මුහුදු පතුලට. තියෙන තැන හොයාගන්න රිජිෆෝම් බෝයාවකුත් තංගුස් පටකින් අමුණලා තියනවා. උදේට මේවා උස්සන හැටි බලන්න වැල්ලට දුවනවා. හරක් බොකු කන්න ඇවිත් දැලේ පැටලුනු පොකිරිස්සෝ දෙතුන් දෙනෙක් උදේට වරදින්නේ නෑ. උදේට ගොඩ එන රෑ මූදු ගිය ඔරුවල පතුල බලන්නත් තියෙනවා...අපරාදෙ ලස්සන ගල්මාළු...වෙලාවකට එහෙමත් හිතුන. පරක්කු වෙලා ඉස්කෝලෙ ගිහිං පිනාගෙන් ගුටිකන්න ප්‍රධාන හේතුව මේක තමයි. පිනා දන්නවයැ ඒ ලැබෙන්නෙත් අධ්‍යාපනේ තමයි කියල !

                                            
                         (මේක කියවූ සැදැහැවත් බෞද්ධ පිංවතුන් කම්පානොවෙත්වා !)                                                 

Wednesday, 27 July 2016

සරුංගල් කාරයා

                                     ශ්‍රී ලංකාවේ දක්ෂම සරුංගල් සාදන්නන් සිටින ප්‍රදේශය අම්බලන්ගොඩයි. මෙසේ කියන්නට හේතුවක් තිබේ. කොහු ලණුවක් වැනි දෙයක් හෝ...රැලි එල්ලන්නේ නැතිව යවන්නට හැකි...ත්‍රිකෝණාකාර සරුංගලයක් සෑදියහැකි කෂ්ටිය සිටින්නේ අම්බලන්ගොඩ පමණකි. දැනට මා පදිංචි මාතර පැත්තේ කොල්ලන්ට කොහුලණුවක් නොඑල්ලා සරුංගලයක් යැවිය නොහැකිය. ත්‍රිකෝණාකාර සරුංගලයක් රැලි එල්ලන්නේ නැතිව...කූරියා ගසන්නේ නැතිව යවන්නට නම් එයසෑදීමේදී ඉතාම සම බරව සෑදිය යුතුය. නූල ගැට ගසන සේරුව තිතට ටියුන් කල යුතුය. මේ සඳහා ඉතා ඉහල පළපුරුද්දක් තිබිය යුතුය. අප පොඩිකාලේ කොහුලණු එල්ලා සරුංගල් යවන්නන් සැලකුනේ සරුංගල් කලාවේ අදක්ෂයන් හැටියටය. වයස 8ක් වනවිට මම මෙවැනි රැලි නොඑල්ලා යවන සරුංගල් (කාක්කන්) සෑදීමේ විශේෂ පළපුරුද්දක් ලබා සිටියෙමි. කාක්කාගේ විශේෂත්වය උඩ යැවූ විට එහි නූල ඉතා ඉහල ආනතියක් සහිතව පිහිටීමයි. මේ නිසා ඉතා අඩු නූල් ප්‍රමාණයකින් ඉතා වැඩි උසකට කාක්කා  සරුංගලය යැවිය හැකිවේ. සිංහල අව්රුදු කාලය පසුවූ විගසම අප වැනි සරුංගල් පිස්සුව වැළඳුනු කොළුනඩය කලඑළි බසින්නට පටන්ගනී. මේ සරුංගල් පිස්සුව දේවාලේ පෙරහැර පවත්වන අගෝස්තු මාසය දක්වාම පවතී. දවල් පෙරහැර ගමන් කරනවිට...මහජනයාට දර්ශනය වන පරිදි... සරුංගල් විශාල ප්‍රමාණයක් අහසට නංවා තැබීමට කොල්ලෝ මහත් උනන්දුවක් දැක්වූහ.  මුහුදු වෙරළ, මිනී කනත්ත හෝ මහජන ක්‍රීඩාංගනය අපේ සරුංගල් යැවීමේ තිප්පලවල්වේ. සරුංගලය වැටකෙයියා ගසක ගැට ගසා...කැරකෝප්පුවේ වැටකෙයිගාලේ  නිදාගත් හැටි මටතාමත් මතකය.     
                           මා කුඩාකල සරුංගල් පිස්සුව අම්බලන්ගොඩ පැත්තේ කොල්ලන්ට පමණක් පමණක් වැළඳුනු රෝගයක් නොවුනි. පැරිස් හෝටලයේ මුදලාලි...සරසවි හෝටලේ මුදලාලි වැනි පුද්ගලයන් අතරද දිගම නයා සරුංගලය සෑදීමේ තරඟයක් තිබුණි බොහෝවිට ජයග්‍රහණය කලේ පැරිස් නයාය...එය සමහර විට අඩි 180ක් තරම් දිග එකකි. පැරිස් යනුවෙන් එහි පොල්ගෙඩි අකුරින් ලියාතිබුණි...උඩයැවීමට නූල් වෙනුවට තංගුස් භාවිතා කරන ලදී. අම්බලන්ගොඩ පරණපාරේ...ආකස් අයියා නමැති පුද්ගලයා විශාල කිතුල්පිති භාවිතාකර දැවැන්ත කාක්කන් නිපදවීමේ විශේෂඥයකුවිය. මේ කාක්කන් බොහෝවිට සරසා තිබුනේ විශාල ඉංග්‍රීසි කොඩියකිනි. එය රුසියන් කාරයෝ ලයිකා බැල්ල අභ්‍යවකාශගත කල යුගය විය. මේ අනුව අම්බලන්ගොඩයෝද...දැවැන්ත කාක්කකුගේ පරිසර හිතකාමී පිරිවැස්සක් (මොකක්ද කියල ආච්චිගෙන් අහපන්) ගැට ගසා...පාරේ සිටි බලුපැටියකු එය තුලට දමා...අම්බලන්ගොඩ මාකට් එක අසලින්  ඉහල අහසට යැවූ හැටි මට අදමෙන් මතකය....සැතපුමක් පමණ ඉහල අභ්‍යවකාශයට යවා බලු පැටියා නිරුපද්‍රිතව පෘතුවියට ගෙන්වාගැනීමට මාළුකාර අභ්‍යවකාශ ඉංජිනේරුවෝ සමත්වූහ !. 
                        කාක්කා, වවුලා, පෙට්ටිය, ඔටුණුබට්ටා, රොකට් එක, මාළුවා, රවුම් ඔළුව සහිත නයා අම්බලන්ගොඩටම ආවේනික ජනප්‍රිය සරුංගල් වර්ග විය. ඔටුණුබට්ටා කූරියා නොගසා එකවරම අහසට යැවිය හැකි සරුංගලයකි. අපෝ...ඕන මෝඩයෙකුට පුළුවන් ඔටුණුබට්ටෙක් හදන්න...පුළුවන්නම් හදපන් කාක්කෙක්!. මේ තවත් අපි කල සෙල්ලමක්...ෆයිල් කටුවකින් කොක්කක් සාදා...නූල් කැබැල්ලකින් එය බැළුම්බෝලයකට සවිකරනු ලැබේ සරුංගලය අහසට යැවීමෙන් පසු....නූලේ ඇති ගැටයකට හේත්තුකර කොක්කට ගැටගසාඇති බැළුම තබනු ලැබේ. අඩි 50ක් පමණ නූල් දුන් පසු...උඩුසුළඟට හසුවන බැළුම රොකට්එකක් මෙන් නූල දිහේ වේගයෙන් ඉහලට යයි. නෙච්චියක් (නූල මදක් අකුලා එකවර අතහැරීම) දුන්විගස බැළුම නූලෙන් මිදී ගුවන් ගතවී ඈතට පාවී යයි. කොල්ලෝ බැළුම අහුලා ගැනීමට බෙල්ල කඩාගෙන දුවති !


           සමහරවිට කොලයක ලිවූ ස්මාර්ට් ෆෝන් එකේ නොම්මරයද මේ සමග යවනු ලැබේ...කෙල්ලෙකුට බැළුම හම්බ උනොත් ආතල්ම තමයි....ඒකාලෙ සැල්ෆෝන් තිබුනද ? බොරුනම් සීයගෙන් අහපං... සීයට ආච්චි සැට් උනේ එහෙමලු !                 

Thursday, 21 July 2016

වර්ෂ 2016...ඩිජිටල් පොලීසිය...


වර්ෂ 2016...ඩිජිටල් පොලීසිය...

                                          ලඟදී දවසක උදේ බලන කොට අපේ ගදර හිටි බල්ලා...කූඩුවේ ඉබ්බ කඩල හොරු අරං ගිහිං. ඉතිං මං පොලීසියට වහාම කෝල් එකක් දුන්න. විනාඩි පහෙන් සයිරන් ගහගෙන නිල්පාට රතුපාට එළි විහිදුවමින්... කියෝ...කියෝ...පී පෝ...පී පෝ...ගාගෙන පොලිස් කාර්එක අපේ ගෙදරට ආව. බලුකූඩුවේ ෆොටෝ අරගෙන ඇඟිලි සලකුණු එවෙලෙම සටහන් කරගෙන...පරීක්ෂණ පටන් ගත්තා. ප්‍රකාශයක් සටහන් කරගන්න මට පොලීසියට එන්න කිව්වා. මං පොලීසියට ගියවිට රිසව් එකේ රාළහාමි ගුඩ්මෝනින් සර් කියල පිළිගත්තා. වහාම අලුත්ම ටයිප් රයිටරේ ඔන් කරල මගේ ප්‍රකාශය කියන්න කිව්ව. ටයිප් රයිටරේට වොයිස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයා දාල තිබුන නිසා වැඩේ හරිම ලේසියි. මං කියනදේ ඉබේටම අකුරු බවට පරිවර්තනේ වෙලා ටයිප්රයිටරේ සටහන් වෙනව. රාළහාමි අහපු ප්‍රශ්ණ වලටත් මං උත්තර දුන්න. මගේ ෆෝන්එකේ තිබුණු අපේ බල්ලගේ පින්තූරෙකුත් ටයිප්රයිටරේට අප්ලෝඩ් කරගත්ත. ටයිප්රයිටරේ බට්න් දෙකක් ඔබල පැමිණිල්ලේ සහතික කල පිටපතකුත් මට විනාඩි පහෙන් දුන්න. අලුත් තාක්ෂනේ නිසා පොලිසිවල ඉස්සර වගේ...ෆයිල් මිටි මිටි තැන් තැන් වල නෑ.  
                                         බලු සොරකම් කියල රාලහාමි කිව්ව විතරයි...ඔන්න මොනිටරේ වැටෙනවා ලංකාවේ වෙච්ච බලුහොරකම්වල ඔක්කොම විස්තර...හොරකං කල බල්ලන්ගේ පින්තුර සහිත විස්තර...බලු හොරුන්ගේ පින්තුර සහිත විස්තර....හොරකං කරපු බල්ලන් අරගෙන විකුණන ස්ථානවල විස්තර...පෝලිමට වැටෙනවා. ඇඟිලි සලකුණු ටයිප්රයිටරේට එන්ටර් කරලා සංසන්දනය කලාම...අපේ බල්ලා හොරකං කරපු එකාගේ ඇඟිලි සලකුණු එකක්වත් එක්ක මැච් උනේ නෑ. ඒකියන්නේ ඌ අලුත් බලු හොරෙක්.
                                        කොයි එකටත්  මමයි දුවයි රෑ දෙකට නැගිටල මුළු මාතරමත්, දෙවුන්දර සහ මිරිස්ස ප්‍රදේශත් කවර් වෙන විදියට පුංචි දැන්වීමක් ලයිට් කණුවල ඇලෙව්ව. FB එකෙත් මේක දැම්ම.
                               අන්තිමේදි දවස් හතකට පස්සේ...අව්රුදු දොළහක පුංචි දුවෙක් අපේ දැන්වීම දැකල මට කෝල් කළා. අංකල් ඔයාගෙ බල්ලා අපේ ගෙදරට යන පාරෙ ගෙදරක මිදුලේ දෙල්ගහක ගැට ගහල ඉන්නව....බල්ලා ඉන්නෙ අව්වෙ...දුවිලිගොඩේ... බොන්න වතුරවත් තියල නෑ... ඌ දවසෙම බුරනව...මට බල්ලා ගැන හරි දුකයි අංකල්...ඒකයි මං කතා කලේ...ඔයාගේ බල්ලම කියල මට ෂුවර්...ඒගෙදර කලින් එහෙම බල්ලෙක් හිටියෙනෑ. ඔයාට ස්තුතියි දුවේ...මං ඔයාට කතා කරන්නම්...මං පොලීසියට දිව්ව නෙවෙයි ඉගිල්ලුනා. රාළහාමිලා තුන්දෙනෙක් කාර්එකේ දාගෙන...දෙවුන්දර ලයිට් හවුස් පාරෙ කියපු ගෙදරට ගියා  ඒ ගෙදර දෙල්ගහේ අත්තක අපේ රයිලි ගැට ගහල හිටිය...ඇඟේ හැමතැනම දූවිලී...මැක්කො ඇඟ පුරහම. ඌ මගේ දුව බදාගෙන කීං... කීං...ගගා අඬනවා... බල්ලා රුපියල් පන්දාහකට විකුණලා තිබුනෙ. ගත්තු මිනිහා මුලින් පොලීසියට බොරු කියන්න ගත්තා පාරෙ ඉඳල අල්ලගත්ත කියල. පොඩ්ඩක් සද්දෙ දැම්මම ඇත්ත කිව්වා . එයත් බල්ලා කොළඹ ගෙනිහින් විකුනන්න තමයි අදහස් කරලා තිබුනෙ.. මිනිහත් අත්අඩංගුවට අරගෙන බලු හොරු දෙන්න ඉන්න ගෙදරට ගියා. එකෙක් අල්ල ගත්තා. අනිත් එකා පැනල ගිහින් පස්සේ ඉදිරිපත් උනා. අල්ල ගත්තු හොරා මාතර ඉතාම ප්‍රසිද්ධ විද්‍යාලයක උසස් පෙළ ගණිත අංශයේ සිසුවෙක්. කොල්ලගෙ තාත්ත විදුහල් පතිවරයෙක් මවත් ගුරුවරියක්. එයා බෝඩින් වෙලා හිටියෙ අනිත් හොරාගෙ ගෙදර..ඌ ඉස්කෝලෙ යන්නේ නෑ. කලිනුත් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෝ, පරෙවියෝ හොරකං කරල අහුවෙච්ච එකෙක්. සත්තු ඇතිකරලා විකුණන එකෙක්.    
                                              උසස් පෙළ ශිෂ්‍යයා අපේ රයිලි...රුපියල් 15000 කට පංතියේ ළමයෙකුට විකුනන්න උත්සාහ කරල තිබුන. ඒ ළමය බල්ලා 9000 කට ගන්න කැමතිවෙලා හිටියත්...ඒ ළමයාගේ දෙමව්පියන්ට සැකහිතිලා කැමතිවෙලා නැති නිසා බිස්නස් එක කෙරිලා නෑ. බල්ලා උස්සන්න දවස් තුනක් ඔත්තු බලලා තියෙනවා. මගේ කාමරේ ලයිට් පත්තු නොවෙන නිසා මං ගෙදර නැතිබව දැනගෙන තියෙනවා. මහ වැස්සේ තෙමි තෙමි ඇවිත් තමයි හොරකම කරල තියෙන්නේ. උසාවියෙන් උන් තුන්දෙනාම රිමාන්ඩ් කළා. පස්සේ එකෙකුට රුපියල් ලක්ෂය බැගින් ඇප දුන්නා. මට ඔත්තුව දුන්න දුව ගැන මං පොලීසියට කිව්වේ නෑ....මං එයාගෙ මාතර සම්පත් බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමට පොරොන්දුවූ රුපියල් පනස්දාහ දැම්ම. ඒගැන මට සතුටක් මිස දුකක් නෑ...මගේ හොඳම මිත්‍රයා රයිලි මට එයිට වැඩිය ගොඩක් වටිනවා !. අපි රයිලිගෙ මැක්කො අයින් කරලා රිකන්ඩිෂන් කරල ගත්තා. දැන් එයා ආයෙත් අපිත් එක්ක සතුටින් දුව පනිමින් ඉන්නවා !
                                            විශේෂ ස්තුතිය...අපේ පොලීසිය ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරලා... නෙට්වර්ක් කරලා...2016ට ගැලපෙන්න...අප්ඩේට් කල අපේ නව පොලිස්පති තුමාට !


Saturday, 16 July 2016

ඩෙංගු මර්ධනේ කොරන හැටි...

ඩෙංගු මර්ධනේ කොරන හැටි...

                                               මම තුන්වරක් සිංගප්පූරුවට ගොස් ඇත. ඕනෑම රටකට ගියවිට එම රටින් අපේ රටට හෝ මට ඉගෙනගත හැකි හොඳදේ මොනවාදැයි සොයාබැලීම මගේ සිරිතයි (ඉල්ලං කා වේ දේසපාළුවෙක් වගේමය) . තුන් වතාවේම මං මහත් උවමනාවෙන් සොයා බැලූ කරුණක් වූයේ සිංගප්පූරුවේ මැස්සන් මදුරුවන් දක්නට නැත්තේ ඇයි කියාය. එහි දේශගුණය අපරටට හැම අතින්ම සමානය. සමහර පැතිවල නාගරික තදබදය අපට වඩා බෙහෙවින් වැඩිය. එත් මැස්සෝ මදුරුවෝ නැත. පිරිසිදුකම ඉතා ඉහලය.
මෙන්න හේතුව....
                           එහි අපරටේ මෙන් බූරු නාගරික සිවිල් ඉංජිනේරුවෝ නැත !....දැන් එයි මාත් එක්ක කෙළගන්න අපේ රටේ බූරු සිවිල් ඉංජිනේරු වහන්සේලා...ඔව් වරෙල්ලා...මං ලෑස්තියි උඹලා කරපු හරක් ඉදිකිරීම් නිසා මේ රටට වෙලා තිබෙන විපතේ තරම පෙන්නන්න. මේ රටේ වෙන හැම ඩෙංගු මරණයකටම උඹලා වගකියන්න ඕනේ....මිනිස්සු/ළමයි රෑට ආඝ්‍රාණය කරන විස මදුරුකොයිල් දුමට උඹලා වගකියන්න ඕනේ...මිනිස්සු/ළමයි රෑට නින්දනැතිව විඳින දුකට උඹලා වගකියන්න ඕනේ...සියළුම නිවෙස් වලට මදුරුදැල්  ගැනීමට ගිය වියදමට උඹලා වගකියන්න ඕනේ. මැස්සන් නිසා වැළඳෙන රෝග වලට...ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමට යන දැවැන්ත මුදල් කන්දරාවට උඹලා වගකියන්න ඕනේ. බලපල්ලා...කන්නාඩි දාගෙන බලපල්ලා...මේ තියෙන්නේ මෑතකදී මාතර නගරයේ...හයිවේ පිවිසුම් මාර්ගයේ මගේ නිවස ආසන්නයේ උඹලා කල ගොන්...භයානක ප්‍රථිපල දෙන ඉදිකිරීමක්.
                           


අපේ සාමාන්‍ය මහජනතාවත්...නරකාධිපතිත් උඹලටම ගැලපෙන හරක්. යකෝ...සරත් විමලසුරියවත්  එයාගෙ ළමයි වත් ටොපි කොලයක්වත් පාරෙ දාන්නෙනෑ...වගකීමන් කියන්නෙ. මගේ වටිනා කාලය නාස්ති කරගෙන මේවා දාන්නෙ...මේ කාලකන්නි දූපත තරමක් හෝ හොඳ තත්වයකට ගේන්න පුලුවන්ද බලන්න. මෙතනින් මාසෙකට දෙතුන්පාරක් සයිරන් දාගෙන...හෙඩ් ලයිට් ගහගෙන...මගේ කාර්එක කාණුවට තල්ලු කරගෙන...පන්සල් ගානේ යන...උඹලා තෝරාගත් මෝඩ අගමැති වත්...ජනාධිපති වත්...බූරු ඇමතිලවත්...වාහනේ නවත්තලා පොඩ්ඩක් මේ කානුවලට හොම්බ දාලා බලන්නේ නෑ !...( බයියෝ චූන් වෙන්න එපා... හිටපු එවුනුත් ඒවගේම තමයි ).
                                                                                   සිවිල් ඉංජිනේරු බූරුවනේ...උඹලාට මේ කානු වතුර බහින විදියට කවදාවත් ලෙවල් කරන්න බෑ. කලත් අපේ ගොංබූරු ජහමනයා ඔක්කොම මළ ජරාව කාණුවට දාලා බ්ලොක් කරනවා. උන්ගේ ළමයිත් ඒවගෙයි. සිංගප්පුරුවේ වගේ කානු  වෙනුවට දාපියව් පයිප්ප ! වියදමත් අඩුයි...ඉදිකිරීමට යන කාලයත් ඉතිරියි....ලෙවල් කරන්නත් හරි ලේසියි. වතුර ඇතුලට වැටෙන්න දාපියව් ඒ සඳහා නිර්දේශිත මෑන් හෝල්. කානුව වහපු සිමෙන්ති ලෑලි කෑලි අතරෙන් මදුරුවෝ සිරි සිරි ගාල එලියට එනව කියල තොපිට තේරෙන්නෙ නැත්තේ ඇයි. මේ කොමිස් දීල හදපු බාල  සිමෙන්ති ලෑලි කැඩුනම මිනිස්සු කාණුවට වැටෙනවා. ලඟදී මහනුවර ගෑණු ළමයෙක් කාණුව දිගේ ගහගෙන ගිහිං මැරුණා. 

                                                           
අනිත් මදුරු උල්පත් තමයි හැමෝගෙම ගෙවල් වල තියෙන කකුස්සි වලවල්. කොමඩ් එකේ මදුරුවෝ දාන ලක්ෂ ගණනක් වන මදුරු බිත්තර කෙලින්ම වලට. කකුස්සි වලේ රොඩු පහලට බැහැලා උඩ ඇති වතුර ස්තරය මදුරුවන් බෝවීමට  හැකි ආකාරයට සකස්වී තිබෙනවා. වල වහල තියෙන සිමෙන්ති ලෑලි පුරුද්දලා තියෙන බදාම කාලයක් ගිහිං පුපුරනවා. එතනින් උදේට වැටෙන ලයිට් බීම් එක ෆලෝ කරගෙන... මදුරුවෝඑකා පස්සේ එකා එලියට එන හැටි... ඕනෑම කකුස්සි වලක් ලඟට උදේ හතට විතර ගියොත් බලාගන්නපුළුවන්. ඒ  නිසා මේගැන සොයාබලා මේ සිදුරු වහපල්ලා. කිරිහට්ටි යෝගට් කෝප්ප තමන්ගේ වත්තෙදාගන්න එක මිනිස්සු දැන් හුඟක් අඩු කරලා තියෙනවා. ඩෙංගු මර්ධනේ ගැන ලොරි ටෝක් දෙන  උඹලාගේ මෝඩ ජනාධිපතිටයි... අගමැතිටයි...සෞක්‍ය ඇමතිටයි...අනිත් ගොන් ඇමතිලාටයි කියපල්ලා...මං  මෙහෙම කියනව කියල !.           




                                                                   

Friday, 15 July 2016

අපේ ඉංජිනේරුවෝ

අපේ ඉංජිනේරුවෝ...
                                 අපේ විශ්වවිද්‍යාල වලින් පිටවන ඉංජිනේරුවන් බහුතරයක් වැඩබැරි ටාසන්ලාය. මට මොවුන් බොහෝගණනක් නව නිපැයුම් ප්‍රදර්ශන වලදී හමුවී තිබේ. මේකට හේතුව තමන් ඉංජිනේරුවකු බවට පත්වූයේ තමන් ඉංජිනේරු ක්‍ෂේත්‍රයට අසා නිසා නොව ඉබේට ඒකට තේරුණු නිසා වීමය. රෙසිස්ටරයක් පෙන්වා කලර් කෝඩ් එක බලා එහි අගය කීමට ඉලෙක්ට්‍රොනික්  ඉංජිනේරුතුමා දන්නේ නැත. 4017 IC එක කුමක්ද කියා ඇසූ විට උඩ බිම බලයි. ෆයිනල් ඉයර් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් හදාරන බහුතරයකට මයික්‍රෝ කොන්ට්‍රෝලර් එකක් නිවැරදිව ප්‍රෝග්‍රෑම් කරගන්නට බැරිය. මේක හරියටම කරන්න දන්නේ මුළු බැච් එකෙන්ම දෙතුන් දෙනෙක් පමණකි... අනිත් එවුන් උන් දෙතුන්දෙනාගේ එල්ලී ගොඩයයි. මේ විෂය හදාරන ගෑණු ළමයින්ගේ තත්වය කතාකර වැඩක් නැත. බෝයි ෆ්‍රෙන්ඩ් මොනවා හරි කර එයත් ගොඩදමයි. ගෙදර TV එක කැඩුනම...ඔයා ඉලෙක්ට්‍රොනික් ඉංජිනියර්නේ අනේ...මේක හදලා දෙන්නකෝ ඩාලිං කිව්ව විට...මට වෙලාවක් නෑ අනේ කියා ශේප් වෙයි. ගෙදර අයන්එක කැඩුනම විදුලිඉංජිනේරු තුමාටත් ඒක හදා ගන්නට බැරිය. කාර් එකේ බැටරිය චාජ් වෙන්නේ නැත්තේ ඇයි කියා මෝටර් මිකැනිකල් ඉංජිනියර්තුමා දන්නේනැත...පුංචි ගෙයක ප්ලෑනක් නිවැරදිව ඇඳ දෙන්නට බැරි...එත් දැවැන්ත ඉදිකිරීම් සමාගම් වල වැඩකරන සිවිල් ඉංජිනේරු වරු මට හමුවී ඇත. මාමේ මට කැඩ් වලින් 2D විතරයි අඳින්න පුළුවන් 3D අඳින්න බෑ කියා මෑතකදී කිව්වේ මගේ ඤාති  සිවිල් ඉංජිනේරු පුත්‍රයෙකි. ඉතිං බේසික් නොදන්නා මේ දරුවෝ කෙසේ නවනිපැයුමක් කරන්නද ?
                                                  ඔන්න ඉතිං තිබුනා සබන් නිෂ්පාදනය කරන සමාගමක්. මෙයාලගෙ ෆැක්ටරිය සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාකරන එකක්. නිපදවන සබන් කෑලි කොලවල එතිලා බෙල්ට් එක දිගේ එලියට එනවා. ඉතිං එයාලට තිබුන ප්‍රශ්නේ තමයි සබන් කෑල්ලක් ඇතුලේ නැති...හිස් දවටනයක් විතරක් මාකට් එකට යෑම. මේ ප්‍රශ්නේ විසඳන්න සමාගමේ ඉංජිනේරුවරු මුලින් අල්ට්‍රාසොනික් සෙන්සර් දාල බැලුවා...ලේසර් සෙන්සර් දාල බැලුවා... නොයෙකුත් දේ කලත් ප්‍රශ්නේ විසඳුනේ නෑ. මේ ෆැක්ටරියේ හිටපු පියන්ටත් ආරංචි උනා මේ ප්‍රශ්නේ. සර්...මට ඔය හිස් සබන් පෙට්ටි මාකට් එකට යනඑක නවත්තන්න මට පුළුවන්. උඹ අල්ට්‍රාසොනික්...ලේසර් එහෙම ගැන දන්නවද ?... නෑ සර්...එහෙනම් කොහොමද යකෝ උඹ ඕක කරන්නේ...? සර්...හයියෙන් කැරකෙන ටේබල් ෆෑන් එකක් බෙල්ට් එක ලඟින් තියන්න...හිස් පෙට්ටිය හුළඟට පැත්තකට වීසි වෙයි !
                                            දවසක් එරෝනොටිකල් ඉන්ජෝ දෙන්නෙක් කුරුමිණියෙක් ගේ පියාසැරිය ගැන පර්යේෂණයක් කරනවලු. කුරුමිනියාගේ ස්කන්ධය, පියාපත් වල වර්ගඵලය, පියාපත් වැඩකරන වේගය, වාතයේ ඝනත්වය, ආර්ද්‍රතාවය, වායුපීඩනය, වගේ සේරම සොයාගත් ඩේටා ගණිත සුත්‍ර වලට ආදේශ කරල බැලුවම.... කුරුමිණියාගේ බරේ හැටියට මේ සතාට කොගොමවත් ඉගිලෙන්න බෑලු !            
                                            තව දවසක් මෝටර් මිකැනිකල් ඉංජිනියර්තුමාගේ නිළ රථය අම්බලන්ගොඩදී  හිටපු ගමන් මග නැවතුනා. නෝනයි ළමයි දෙන්නත් ඇතුලේ. දන්න සෙල්ලං ඔක්කොම දැම්මත් ස්ටාර්ට් වෙන්නෙනෑ. රෑවේගෙනැත් එනවා...ලඟම තිබුනෙ නන්දන බාසුන්නැහේගේ ගැරේජ් එක. බාසුන්නැහෙත් වැඩ ඉවරවෙලා ගෙදර යන්නයි ලෑස්තිය. ඉංජිනේරු තුමා බාසුන්නැහේගේ පිහිට පැතුවා. බාසුන්නැහේ බොනට්එක ඇරලා බැලුවා...හා දැන් ට්‍රයි කරන්නකෝ ස්ටාර්ට් කරන්න...දැන් ට්‍රයිකරකලා...ට්‍රයිකරකලා බැටරියත් ෆ්ලැට් වෙන්න ලඟයි. බාසුන්නැහේ බෝල මිටියෙන් පාරක් දුන්නා ස්ටාටර් මෝටරේට...මෝටරේ කැරකිලා එන්ජිම ස්ටාර්ට් උනා. හැමෝටම සංතෝෂයි...බාසුන්නැහේ කීයද ගාන...? ඉංජිනියර්තුමා නන්දන බාස් ගෙන් ඇහුවා දෙදාස් පනහයි....මොනවා එක මිටිපාරක් ගැහුවට...? ඉංජිනියර්තුමාගේ නෝනා ගෙදරදී වගේම කෑගැහුවා...නෑ...නෑ...නෝනා...මිටිපාරට රුපියල් පනහයි...අනිත් දෙදාහ මිටිපාර ගහන්න ඕනෙ තැන දැනගෙන හිටියට !              
                                                                           

Tuesday, 12 July 2016

ඉල්ලං කා වට...එපාවූ නවනිපැයුම් !

(25) ඉල් ලං කාවට...එපාවූ නව නිපැයුම්
                                  කාලෙකින් බ්ලොග් එකක් ලියන්නත් බැරිඋනා...මගේ බල්ලා හොරකං කරපු පාහරයෝ තුන්දෙනා කරපු වැඩේ නිසා. උන්තුන්දෙනා රිමාන්ඩ් උනා ...මගේ “රයිලි බෝයි” මං හොයාගත්ත. සංතෝෂයි...වොඩ්ක ෂොට් එකකුත් දාගෙන ( එතකොට තමයි අදහස් සහ... 64GB හාඩ් ඩිස්ක් එකේ මෙමරයිස් වෙලා තියෙන අතීත සිදුවීම්...ගලාගෙන එන්නෙ...මලකුත් තිබුනනම් මරු...ඔව් මං ඉඳහිට ත්‍රයිලෝක විජයා පත්‍ර (සම්පුර්ණයෙන්ම ඕගනික් ) පාවිච්චි කරනවා...ඕං මං ලියනවා හොඳ එකක් !
                                     මං ඩයිනමෝව හොයාගත් හැටි කලින් කිව්වනෙ...දෙවැනි නවනිපැයුම උනේ විදුලි සීනුවක් ඇත්තටම මේකට පේටන්ට් එකක් ගන්නත් තිබුන. 1966 හය වසරෙ හිටපු කොල්ලා පේටන්ට් ගැන දැනං හිටියෙ නෑ. හය වසරේදී තමයි අපිට සාමාන්‍ය විද්‍යාව උගන්නන්න පටන්ගත්තෙ. එත් මගේ විද්‍යා ගුරුවරිය දැනන් හිටියෙ නෑ...මේ කොල්ල වයස අවරුදු තුනේ ඉඳන් විද්‍යාව හදාරපු බව. පහවසරේ දෙසැම්බර් මාසෙදි අරන්දෙනව හය වසරට අවශ්‍ය පොත්. පොත් ටික අරං දෙනකං...අම්මට කියන කණු කුනුව නවතින්නෙ නෑ. එත් පඩි ගන්න එපැයි ළමයින්ට පොත් අරංදෙන්න. අපිට අතිරේක ළමා කථා පොතකුත් ලැබෙනවා ළමයින් අතර හුවමාරු කරගෙන කියවීම සඳහා. ( අපිට තිබුණයැ පොත්, සිංදු, ෆිල්ම් බාගන්න ටොරන්ට්...විකි පිඩියත් නෑ...කැල්කියුලේටරුත් නෑ...සෙල් ෆෝන් TV අහලවත් නෑ ). පොත් ටික එකක් නෑර කියවනවා ඉංග්‍රීසි පොත හැර....නොදෝමකින් මේ මළඉලව් ඉංග්‍රීසි...මට අප්‍රියම විෂය.
                               ඕං ඉතිං මේ විද්‍යාව පොතේ තිබුණ විදුලි සීනුවක් හදන හැටි. යකඩ කෑල්ලක් වටේ කොයිල් ඔතල බැටරියකට සම්බන්ධ කලහම ඒක තාවකාලික කාන්දමක් වෙන බව මං “ නන්දන ගැරේජ් “ විශ්වවිද්‍යාලෙදි ඉගෙන ගෙන තිබුන. මයිනර් කාර් වල කටවුට් වල තිබුනෙත් මේ තියරියම බව මං දැනන් හිටිය. අපේ ටීචර් දන්න කටවුට්...බම්බුව තමයි !. කාර් වල ඩයිනමෝ ( ඒදවස්වල ඕල්ටනේටර් තිබුනෙ නෑ ), ස්ටාටර් මෝටර්,  සොලනොයිඩ්, කටවුට් පිච්චුනහම නන්දන බාසුන්නැහේ ඒවා නැවත ඔතලා, පිත්තල බුෂ් ගහලා, අලුතින් බ්‍රෂ් දාලා, ස්ටේටර් එක ඇමරි කොලෙන් මැදලා, තිබුණ විදියටම රෙපයාර් කරන හැටි මං හරිම ආසාවෙන් බලන් හිටිය. නන්දන බාසුන්නැහේ මෝටරේ ෆීල්ඩ් කොයිල් ඔතලා බැටරියට තියලා ඇතුලට ඉස්කුරුප්පු නියන දාලා බලනවා මැග්නට් වෙනවද කියලා. ඉස්කුරුප්පු නියන ටක ටක ගාලා දෙපැත්තට ඇදලගන්න හැටි බලන්න ආසයි. දැන් ටීචර් මට උගන්නනව...මං නොදන්න මැග්නටිසම් !.  
                                ඕන් ඉතිං කිරිවන්දන මිස්  (මිසුත් කිරිපාටයි නම වගේම) ලැබ්එකේ තියෙන විදුලි සීනුව ගෙනාව අපිට මේක වැඩකරන හැටි පෙන්නන්න. රූප සටහන් ඇඳලා මේකේ තියරියත් කියල දුන්නා...කෙල්ලෝ බහුතරයකට...රූප සටහන ඇඳගත්තට... මේක තේරුම් ගන්න බැරිබව මං දැනන් හිටිය. මිස් කිව්ව බැටරි පෙට්ටියට අමුනලා ස්විච් එක දැම්මම මේ පතුර කම්පනය වෙලා සීනුව නාදවෙයි කියල ! මොන  පිස්සුද...ගොළුයි...නෝ කතා...නෝ සිනා ! ළමයි මේසෙ වටේ බලං ඉන්නවා නොඉවසිල්ලෙන්... මිස් බැටරි ගලවනවා ආයෙත් දානවා...තල්ලු ස්ටාට් දානවා...එක ජරමරයයි ! මොන පිස්සුද. උපන් ගෙයි ගොළුවෙක්...මං දන්නව ලෙඩේ...මං ඕක ගෙදරදී සාර්ථකව හදපු නිසා. ටීචර් මට පුළුවන් ඕක වැඩකරවන්න...එහෙනං ඇවිත් කරනවා...බක පණ්ඩිතයා ( කොල්ලන්ට පාවිච්චියට නික් නේම් එකකුත් නොමිලේම දුන්නා )....බක පණ්ඩිතයා...බක පණ්ඩිතයා...කොල්ලොයි කෙල්ලොයි කෑගහනවා. මං ඉස්සරහට ආවා බ්ලේඩ් කෑල්ලකුත් අරගෙන. විද්‍යා උපාධිධාරී ගුරුවරිය බලං ඉන්නවා මේ පුංචි මිටි කොල්ලා තමන්ට බැරි දේ කරන හැටි ! ස්විච්එක දාල කන්ටැක්ට් පොයින්ට් බ්ලේඩ් එකෙන් ෂෝර්ට් කලාම යකඩ පතුර කොයිල් එක පැත්තට ඇදිල එනවා...ඒ කියන්නේ කොයිල් එක හොඳයි...වැඩකරනවා...එහෙනම් ලෙඩේ තියෙන්නේ කන්ටැක්ට් පොයින්ට් වල තමයි... ...ෂුවර් එකටම ස්පාර්ක් එක නිසා උණුවෙලා මලකඩ කාලා ඇති... නන්දන බාසුන්නැහේ කටවුට් වල කරවෙච්ච කන්ටැක්ට් පොයින්ට් ඇමරි කොලෙන් සුද්ද කරන හැටි මං ඕන තරම් දැකල තියෙනවා. මං කන්ටැක්ට් පොයින්ට් සුද්ද කළා බ්ලේඩ් කෑල්ලෙන්... ස්විච්එක දැම්මා...ට්රීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරී...න්ග්. බඩු වැඩ !. ටීචර් කට ඇරං බලං හිටිය විතරයි මොනවත් කිව්වෙ නෑ.
                ඇමරිකන් ටීචර්ලා මේ වගේ වැඩවලදී ළමයින්ට ස්තුති කලාට...අපේ ගුරුවරු කවදාවත් එහෙම කරන්නෙ නෑ...අපි ඒ වෙනසට ගරුකරන්න ඕනේ...ඒකනේ අපි ගුරුවරුන්ට දණගහල වඳින්නෙ !.
                         මේ කන්ටැක්ට් පොයින්ට් කරවෙන ලෙඩේ නැති විදුලි සීණුවක් හදන්න ඕනේ. හැමතිස්සෙම මේක නවතින නවතින පාරට කන්ටැක්ට් පොයින්ට් සුද්ද කරන්න පුලුවන්ද...? පුංචි අයිඩියානන්ද    කල්පනා කරනවා...එක දිගටම...හැම මගුලකටම මෝටර් පාවිච්චි කරන එකේ මේකටත් බැරිද මෝටරයක් පාවිච්චි කරන්න. හරි අදහස ආවා... අඟලක විතර යකඩ පතුරු කෑල්ලක දෙකෙලවරේ තව් දෙකක් විදලා ස්ප්‍රින් වොෂර් දෙකක් දාලා මගේ ගාව තියෙන පුංචි මෝටරේට හයි කරහම වැඩේ හරි. යකඩ පතුරු කෑල්ල කැරකෙන කොට ස්ප්‍රින් වොෂර් දෙක විහිදෙනවා...බෙල් පියන වොෂර් වල ගෑවෙන නොගෑවෙන තරමට තිව්වම වැඩේ ගොඩ...මේක තේරෙන්නෙ නැති එවුන් බම්බු ගහගනිල්ලා !  
                            ඉතිං මට ඇමචර්රේඩියෝ පිස්සුව දිගටම තිබුනා. නොයෙකුත් රටවල රේඩියෝ ඔපරේටර්ලා හඳුනාගන්න ලැබුනා. ( ඒ රටවල අඩු වියදමෙන් සංචාරය කරන්නත් ලැබුනා. ගොඩක් වෙලාවට ගියේ රජයෙන් අවසර නොගෙන සික් ගහලා හොරෙන්. ෆෝම් සෙට් පුරවලා, අවසර ගන්න බොස් ලගේ පුකට වඳින්න මං ලැස්ති උනේ නෑ. )   
              ඒ අතර හිටියා...සිග්ෆරඩ් J ස්මිත් කියලා ජර්මන් ඇමචර්රේඩියෝ ඔපරේටර් කෙනෙක්. මිනිහා ජර්මන් සීමන්ස් කම්පැනියට වැඩකලේ උපදේශකයෙක් විදියට. ගුවන් විදුලි සංස්ථාවේ තිබුණු AM විකාශන යන්ත්‍ර සියල්ලම සවිකරන්න උපදේශක විදියට එයා ලංකාවෙ වැඩකරලා තිබුනා. එයා හොඳ ඩයිවර් කෙනෙක්...සර් ආතර් සී ක්ලාර්ක්ගේ හොඳ යාළුවෙක්. සර් ආතර් සී ක්ලාර්කුත් ඇමචර්රේඩියෝ ඔපරේටර් කෙනෙක්...කියල දන්නෙ කීයෙන් කී දෙනාද ?. දවසක් කඹුරුපිටියේ ඉස්පිරිතාලෙ ක්වාටස් එකේ තියෙන මගේ ඇමචර්රේඩියෝ ස්ටේෂන් එක ඔපරේට් කරකර ඉන්නකොට. 40M වල මට ස්ට්‍රොන්ග් සිග්නල් එකක් වැදුන...මිනිහගේ CQ කෝල් එකට මං ආන්සර් කළා...you are 5’9 + 20… you are also 5’9 + 20. අපි ඇමචර්රේඩියෝ ඔපරේටර්ලගේ ප්‍රියතම විෂය වන ඇන්ටෙනා ගැන ගොඩක් කතා කළා. මිනිහට තේරුණා... මූ ලඟදී ගහෙන් බැහැපු... නිකංම නිකං තුන්වන ලෝකේ වඳුරෙක් නොවන බව. මං ඔපරේට් කරන්නෙ හික්කඩුවේ සර් ආතර් සී ක්ලාර්ක් ගේ ගෙදර ඉඳන්. ක්ලාර්ක් හෙට මෙහේ එනවා ඩයිවින් කරන්න...උඹත් වරෙන් මං අඳුන්නලා දෙන්නම්. මං පහුවෙනිදා ගියා හික්කඩුවේ ක්ලාර්ක්ගේ ගෙදරට මේ නොහඳුනන යාලුවා බලන්න මගේ ලොකු දුවත් එක්ක.
                 උදේ අටහමාරට විතර ගියා ආතර් මහත්තයගේ ගෙදරට. ක්ලාර්ක් මහත්තයා හාන්සි පුටුවක වාඩිවෙලා මිදුලෙ විවේකෙන් හිටිය. ඒ අසලම සිගී පුංචි මේසයක්  උඩ HF ට්‍රාන්ස්මීටරේ තියාගෙන මෝර්ස් සංඤා ක්‍රමයට ලොකු  කයියක. සිගී මාව ක්ලාර්ක්  මහත්තයට අඳුන්නල දුන්න. අපි පැය ගානක කයියකට වැටුන බියර් බිබී. ක්ලාර්ක්  මහත්තය ඒවනවිට බීම නවත්තල තිබුනෙ. ක්ලාර්ක් වගේ විහිලු කථා කියන්න දක්ෂ තවත් කෙනෙක් ලංකාවෙ ඉන්නවා නම්...ඒ තමයි සරත් විමලසුරිය මහත්තය. හුඟක් ඒවා සම්භාව්‍යගණයේ අසභ්‍ය විහිළුකථා. හිනාවෙලා බඩ කොරවෙන ඒවා !. ඔය විදියට තමයි සැටලයිට් පණිවිඩ හුවමාරු ක්‍රමයේ ලොකු අප්පච්චී මට මුණගැහුණේ. ලොක්කා නව නිපැයුම් කරන්න මාව සෑහෙන්න උනන්දු කළා. දීපු හොඳම අවවාදෙ තමයි...තම්න් කරන්න යනදේ හරි කියල තමන්ට වැටහෙනව නම්...අනුන්ට ඇහුම්කන් දෙන්න එපා කියන එක ! ඒක ලංකාවෙ අපට හොඳටම ගැලපෙනව කියල ආතර් ලොක්ක දැනන් හිටිය...ලංකාවෙදි මොනව හදන්න හැදුවත්... වටේ ඉන්න නිකම්මු ඒක හරියන්නේ නෑ කියල... වහාම මට පෙන්නල දෙනව !. මං කලේ මං ලඟින් ආශ්‍රය කරන පිරිස දෙන්නෙකුට විතරක් සීමා කිරීම. ඒනිසා අනුරාධපුරේ මළගෙවල්...පොළොන්නරුවෙ කොටහළු මගුල්...මට අදාලම නෑ.
                    මං නොයෙකුත් නවනිපයුම් කරල බැලුව ඒවට පේටන්ට් අරගෙන, මාකට් කරල කීයක් හරි හොයාගන්න පුලුවන්ද කියල. අන්තිමට පට්ට මෝඩ වැඩක් කළා...මිනිස්සු රේල් පාරේ අනාරක්ෂිත හරස් මාර්ග වලදී හැපිල මැරෙනඑක වලක්වන්න...හැදුව ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක්. විශ්‍රාම පාරිතෝශිකයෙන් ලැබුණු මුදලින් ලක්ෂ 4 ½ ක් ඉවරයි. වෙල්ගම... වල් ගමය ඒක පරීක්ෂණ මට්ටමෙන් වත් කරන්න දුන්නෙ නෑ. අන්තිමේදි රේල් ගේට්ටුව ගෙදර මිදුලෙ හයි කළා. රුහුණු කුමාරි කෝච්චිය නූපෙ හන්දියට කිට්ටුවෙනකොට...වල්ගම රේල් පාර අයිනේ අඳුනන ගෙදරක වැටේ හයිකරලා තියෙන සෙන්සර් වලින් කෝච්චිය ඩිටෙක්ට් කරලා රේඩියෝ සිග්නල් එව්වම ගෙදර තියෙන රේල්ගේට්ටුව වැහෙන එක පට්ට ජෝක් එකක් උනා. මේක ලක්බිම පත්තරෙත් ගියා. මහින්දගේ ආණ්ඩුවේ හිටිය කේලම්කාර මළ පෙරේතයෝ මේක ගත්තේ රජයට කල අපහාසයක් හැටියට. දෙපාරක් බුද්ධි අංශෙ මන්ද බුද්ධිකයෝ ගෙදරට ඇවිත් මගෙන් ප්‍රශ්ණ කළා. මගේ ළඟ ගෝඨාභය රාජපක්ෂගේ මොබයිල් නම්බර් එක තිබුන. මං කෝල් එකක් අරගෙන ගෝඨාභයට කියනව කිව්වම බුද්ධිඅංශෙ එවුන් පැනලා දිව්වා. අන්තිමේදී ශ්‍යාමගේ ඉල්ලීම පරිදි රේල් ගේට්ටුවෙ ඇළුමිනියම් බැරියර් දෙක කපල...ගෙදරට ඉණිමගක් ගදාගත්ත...වැහිපීලී සුද්ධ කරන්න.


 මේකෙ වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න...
https://www.youtube.com/watch?v=4Z7KLt4GyQ0
             සර් ලෙඩාට ඉස්පිරිතාලෙට එන්න බෑ ඇඳෙන් නැගිට ගන්න බෑ කිව්වම... දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වලට මගේ පරණ ඩොක්ට සනී කාර් එකෙන් ගිහිං...කඩෙන් ගත්ත සේලයින් නොමිලේ දුන්නා. ඕකෙන් මේකෙන් මම තව තවත් දුප්පත් උනා. PP කලේ නෑ. අන්තිමේදී නේවි එකෙනුත් අස්වෙලා සවුත්තු දෙපාර්ත මේන්තුවෙන් එලියට එනකොට බැංකු පොතේ ඉතිරි වෙලා තිබුනේ රුපියල් 15000 ක් විතරයි.  මගේ ලොකු ළමය දිනපතාම මනමාලියෝ අන්දන වැඩසටහන්, Hi Fi වෙඩින් TV එකේ බලන්න ගත්ත. ඒ වෙනකොට එයා බඳින්න කෙනෙක් තෝරගෙන තිබුනෙ. එත් එයාට එයාගෙ ඩ්‍රීම් වෙඩින්එක දෙන්න මේ දුප්පත් තාත්තට බෑ. මං හිතාගත්ත ආයෙත් උත්සාහ කරල බලන්න මගේ මොළේ විකුනන්න පුලුවන්ද කියල...බලන්න ඔයාගේ කාමරේ හැටි...හැමතැනම වයර් කෑලි යකඩ කෑලි...කොච්චර අස් කලත් වැඩක් නෑ. ඒව උඩින් පැනගෙන ගිහිං තමයි කාමරේට ඇතුල්වෙන්න ඕනෙ. ඔය මළ ඉලව් ඉලෙක්ට්‍රොනික් නවත්තලා කොහේ හරි PP එකක් දාගන්න. ඔයා ඕවයින් සතයක් වත් හම්බ කරල තියෙනවද ?... එත් මටබෑ...මං ඒකට ආසනෑ...පොඩි කූඩුවක් ඇතුලට වෙලා අඩිසද්දේ අහගෙන ඉන්න ගොදුරක් එනකං...මගේ ලෝකේ එයිට වඩා හුඟක් විශාලයි !. හදන්න ඕනේ ලංකාවේ තවත් දැවෙන ප්‍රශ්ණයක් විසඳන්න පුළුවන් විදියේ බඩුවක් !           
                  හැමදාම ලයිව් ඇට් එයිට් ටෙලිනාට්ටියේ වල්අලි ප්‍රහාර පෙන්නන්න පටන් ගත්ත. මේවා පත අට එකට හිඳල දෙනව මිනිස්සුන්ට ඇඬෙන්න. කැඩිච්ච...නඩත්තුවක් නැති අලිවැටවල් පෙරලගෙන වල් අලි හැමදාම මිනිස්සුන්ගෙ ගෙවල් කඩනව...පොඩි ළමයි පවා මරනවා. බැරිද...මේ මිනිස්සුන්ට පුද්ගලික විදුලි වැටක් දාගන්න පුළුවන් විදියේ ගැජට් එකක් හදල දෙන්න. එත් ඒක ක්‍රියා කරවන්න කෝ විදුලි බලය ? සුර්‍ය බලශක්තිය...ඒක තමයි ඒකම විසඳුම. ඒත් විදුලි වැටකට විශාල වියදමක් යනව . දුප්පත් ගොවියෙකුට මේක දරන්න බෑ...අඩු වියදම් විදුලි වැටකුත් නිර්මාණය කරන්න ඕනේ. වනජීවීඑක විදුලිවැට එනජයිසරයක් ගේන්නෙ රුපියල් දෙලක්ෂ අසූදාහකට. ගොවියෙකුට හිතන්නවත් බෑ එයින් එකක් ගන්න.
                                                                               මං පර්යේෂණ පටන්ගත්ත එනජයිසරයක් හදන්න. මේක තැන තැන ගෙනියන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. බැටරියත්, චාජර් ඒකත් ඒක ඇතුලෙම තියෙන්නත් ඕනේ. මේන් පවර්/සෝලපවර් දෙකෙන්ම වැඩකරවන්න පුළුවන් වෙන්න ඕනේ.  කාර් එක විකුණුවා...ඒ සල්ලිත් අලුත් ප්‍රොජෙක්ට් එකට දැම්මා. වැරදිච්ච සර්කිට් වලින් කාඩ්බෝඩ් පෙට්ටිය පිරෙන්න පටන් ගත්තා. පොතේ තියෙන සල්ලි වේගෙන් හිඳෙමින් තිබුනා... වැඩේ වැරදුනොත් සියදිවි නසාගන්නයි වෙන්නේ. ඒත්... එන්න එන්නම මං මගේ ඉලක්කෙට වේගෙන් ලංඋනා...එත් මේ සර්කිට් එකයි බැටරියයි දාන්න පුළුවන් පෙට්ටියක් කෝ ?. සුදුසු පෙට්ටියක් හොයාගත්තා. එත් මේකෙ ප්‍රින්ට් කරන්න කිසිකෙනෙක් බාර ගන්නෙ නෑ. පෙට්ටි 1000ක් වත් ප්‍රින්ට් කරන්න ඕනෙලු...දැන් මොකද කරන්නේ ? සිල්ක් ස්ක්‍රීන් ප්‍රින්ටින් ඒක තමයි උත්තරේ....එත් මං ස්ක්‍රීන් ප්‍රින්ටින් පාඨමාලාවක් කරල තියෙනවයැ...යන්න ඕනෙ පෝස්ටර් ප්‍රින්ට් කරන තැනකට ඒක කරන හැටි බලන්න...ටියුෂන් කාරයොන්ගේ පෝස්ටර් ප්‍රින්ට් කරන තැනක් තිබුනා ස්ටේෂන් එක ගාව...ගියා එතැනට...මිනිහෙක් සායම් නාගෙන  ස්ක්‍රීන් ප්‍රින්ටින් කරනවා...මං ආසයි මේක ඉගෙනගන්න...මං ටිකක් බලං ඉන්නද...මිනිහා මොනවත් කියන්නෙ නැතුව මේ පිස්සට ඉන්න ඇරියා. පැය බාගෙන් මං අල්ල ගත්ත ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන විදිය. you tube එකෙන් තවටිකක් ඉගෙන ගත්ත. සිල්ක් ස්ක්‍රීන් ප්‍රින්ටින් බඩු විකුණන නාලක ස්ක්‍රීන් එක හදල දුන්න. මුලදී ප්‍රින්ට් කරපු පෙට්ටි වීසී කරන්න උනා...එත් දැන් මං ස්ක්‍රීන් ප්‍රින්ටින් ස්පෙෂලිස්ට් !. අන්තිමට ලස්සන පෝටබල් එනජයිසරයක් හැදුවා. දැක්කම කියන්න බෑ ගෙදර හදපු එකක් කියලා, ජැපනීස් කොලිටි. නම දැම්මා Shock Defender කියලා. වැඩි විස්තර පහත ලින්ක් එකෙන්...
https://vimeo.com/39816263
                                     මගේ මිත්‍ර ලංකාදීප වාර්තාකරු ක්‍රිෂාන් ජීවක ජයරුක්ට කියලා ආටිකල් එකක් දැම්මා ලංකාදීපේ මේ ගැන කියලා. මගේ ෆෝන් නම්බර් ඒකත් දැම්මා. මළ කෙළියයි...මේක ඉල්ලලා ලංකාවෙ හතර වටින්ම ගොවියන් ගෙන් කෝල් එන්න පටන්ගත්තා. කොයි වෙලාවෙත් ෆෝන් එක එන්ගේජ් නිසා සමහරු බැනවැදුනා. මං කිව්වා පර්යේෂණ මට්ටමේ තියෙන්නේ...මාසෙකින් ආයෙත් කෝල් කරන්න කියලා. හදපු එක ලුණුගම් වෙහෙර ගිහිං වනජීවී එකේ විදුලි වැටකට සෙට් කරලා බැලුවා... යුරේකා ! බඩු වැඩ !. වනජීවී එකේ දකුණුපලාත් අධ්‍යක්ෂක ධර්මතිලක මහත්තයා මේකට ෆුල් සපෝට් එක දුන්නා. වනජීවී අධ්‍යක්ෂක ජනරාල් තුමාටත් එකක් දුන්නා පරීක්ෂා කරල සහතිකයක් දෙන්න කියල. උපකරෙනෙවත් සහතිකේවත් ආපහු ලැබුනෙ නෑ ! . වනජීවී ඇමති අනුර යාපාට පෙන්නුවත් ගණන් ගත්තෙ නෑ. මං වනජීවී එකේ ධර්මතිලක මහත්තගෙන් ඇහුව වැඩියෙන්ම වල්අලි ප්‍රශ්නේ තියෙන්නේ කොහේද කියල...උත්තරය ගල්ගමුව....එක විදුලි වැටක් වත් නෑ...අලි 100කට වැඩිය ඉන්නවා. 
                                     එනජයිසර් දහයක් හදල...මට කෝල් කරපු ගල්ගමුවේ ගොවියො දහදෙනෙකුට එන්න කිව්ව කුරුණෑගල වැව පාරේ තියෙන හෝටලේකට. එක එනජයිසරයක් කිලෝ 5ක් බරයි කාඩ්බෝඩ් පෙට්ටි දෙහෙකට මේව පටවගෙන ත්‍රීවීල් එකකින් ගිහිං පාන්දර කෝච්චියට දාගත්ත. කුරුණෑගලින් බැහැල මේ බර පෙට්ටි දෙකත් කරගහගෙන හෝටලේට ගියා...දැවෙන ප්‍රශ්ණයේ තරම...හවස දෙක වෙනකොට ගොවියෝ දහදෙනාම ආවා. මිල රුපියල් හතලිස් දාහයි. මිල වැඩි කාලෙට අමු මිරිස් ගෝනියක ගාන. දහදෙනාම පින්දිදී ගත්තා. අඩු වියදමින් විදුලි වැටක් හදාගන්න හැටි ප්‍රයෝගිකවම පෙන්නලා දුන්නා.  දසබල නාරි කෝඩේ...ගහල හිටපු මගේ සාක්කුවෙ දැන් ලක්ෂ හතරක් තියෙනවා. මේ හෝටලේ හරි නෑ...ගියා කැන්ඩියන් රීච් හෝටලේට. රෑ...බැටර් ප්‍රෝන් (මගේ ප්‍රියතම බයිට් එක) සහ කජු එක්ක බ්ලැක් ලේබල් විස්කි ගහලා  නිදාගත්තා. හරක මැරුව වගේ නින්දගියා...උදේ ඈනුමක් ඇරල නැගිට්ට..බ්‍රාවෝ ...දැන් මං පෝසත් වේගෙන එන්නෙ !.
                        කෝච්චියෙන්ම ගෙදර ආවා ...කෝ ගෙනිච්ච බඩු ?...වික්කා...ඔක්කොම...? ඔව් ! ශාමා කටඇරන් බලං ඉන්නවා. මාර දාඩියයි සීලිං ෆෑන් එක 5ට දැම්මා...යකඩ කෑලිවලට සල්ලි නාස්ති කරනව මිසක්...හම්බ කරන්නෙ නෑ කියලනේ කිව්වෙ... මං යකඩ කෑලි වික්කා...සාක්කු දෙකේ තිබුණ සල්ලි මිටි දෙක ගත්තා...ඔන්න දැන් සල්ලි වැස්සක් වැටෙනවා ඇහිඳගන්න....වේගෙන් කැරකෙන සීලිං ෆෑන්එකට ලක්ෂ හතරක සල්ලි මිටි දෙක වීසි කළා...දාහේ කොළ පන්සීයෙ කොළ  සාලෙ පුරහම හුලඟේ පාවෙනවා... මගේ කෙල්ලෝ දෙන්නා සල්ලි වැස්සේ තෙමෙමින්...සල්ලි ඇහිඳිනවා....මොනවත් නොකිය,  මං කාමරේට ගිහිං දොරවහ ගත්තා !. 

2014 හොඳින්ම වාණිජ කරණය කළ නව නිපැයුම...Multi Purpose Electric Fence Energizer
රන් පදක්කම ! 

දැන් මේකෙන් ගොවියට හේනේ ඉඳන් ලයිට් එකක් දාගෙන රේස් කොලේ බලන්නත් පුළුවන්...iPhone එක චාර්ජ් කරගෙන වැළ බලන්නත් පුළුවන්, ගොවීන්ගේ ලොකුම දැවෙන ප්‍රශ්ණය වන ෆේස් බුක් යන්නත් දැන් පුළුවන්. Skype දාගෙන ඕස්ට්‍රේලියාවේ මැල්බෝං වල ඉන්න දූත් එක්ක කතා කරන්නත් පුළුවන් !      


Wednesday, 6 July 2016

අපේ එක...ලෝකෙන් ලොකුම එක !

                                                                                                                                                                 
සිංහලේ... 
මට ගියසුමානෙ ගාල්ලේ බාර් එකකදී ඇමරිකන් සුද්දෙක් මුණගැහුන. ඌටත් මන්ගැහුව අපේ අවරුදු දෙදාස් පන්සීයේ ඉතිහාස බෙරේ. මම ජැස්සොන් මහත්තයාගේ ගෝලය... හරිය... හරි ඉතිං උඹල ඔච්චර ශ්‍රේස්ට ජාතියක් නම්...කියපන් 
උඹලගේ රටෙන් මොනවද උඹලාගේම සොයාගැනීම් විදියට ලෝකෙට දීල තියෙන්නේ කියල...සුද්ද කියපි.... .මම මංඤකොරොස්වෙලා ගියත්.... දකුණේ එකෙක් විදියට ඇරියේ නැහැ ... උඹ ඇමරිකන් කාරයෙක් විදියට ලැජ්ජ වෙන්න ඕනේ... අපේ ශ්‍රේෂ්ට සිංහල ජාතිය ගැන නොදැන සිටීම ගැන.... ලෝකේ පලවෙනි ජෙට් ගුවන්යානය හැදුවේ අපේ රාවන රජතුමා... ඒකට මිසයිල් පවා හයිකරල තිබුන....පීරිසීයක අඳුන ගාල ඉස්සරහින් පොල්තෙල් පාන තියල...හනුමන්තා ටෙලිවිෂන් සිස්ටම් එක හැදුවෙ අපි...පුවක්මලක් ගැටගහල කනප්පු කරකවල කිසිම ඉන්ධනයක් අවශ්‍ය නැති ලෝකේ පලවෙනි රොබෝ හැදුවේ අපි...කතරගම ගිහින් දෙවියෝ දිහාබලපන්...ෆොටෝෂොප් හොයාගත්තේ අපි...සීගිරියේදී සිංහ කකුලක ඇඟිලි නියපොතු තුනයි කියල හොයාගත්තේ අපි...බ්‍රෙෂියර් ඇන්දම පියයුරු පිළිකා හැදෙනව කියල හොයාගත්තේ අපි...අපේ ජාතික කොඩිය බලපන්...සිංහයෙකුට කඩුවක් තනිඅතෙන් අල්ලගෙන...කකුල්තුනෙන් පැනපැන... නියම ගේමක් දෙන්න පුළුවන් කියල හොයාගත්තේ අපි...පොල්පිත්තෙන් බැට් කපල...කදුරුබෝලෙන් ගහල... ක්‍රිකට් ක්‍රීඩාව ලෝකෙට හඳුන්වාදුන්නේ අපි...අදටත් අපිතමයි චැම්පියන්ලා...පොල්ගෙඩියක් ගහෙන් වැටෙන හැටි බලං ඉඳල... ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ අපේ ගමේ නිව්ටොංඅයිය...හිසට තෙලක්දාල හර්නියා,අන්ඩවාතෙ හොඳ කරන හැටි හොයාගත්තෙ ගම්පහ වෙදමහත්තය ! අපේ බිසෝකොටුවේ තාක්ෂනය, සීගිරියේ තාක්ෂනය, හොරකං කරල තමයි උඹල...විදුලිය , ඩයිනමෝව, මෝටරය , බයිසිකලේ ,xරේ,රුධිර පාරවිලයනය , පැට්‍රෝල්, ඩීසල් ,ජෙට් එන්ජින්, හෙලිකොප්ටර් , ටෙලිෆෝන් , රේඩියෝ, ටෙලිවිෂන් , කොම්පියුටර්, වොෂින් මැෂින් , බ්ලෙන්ඩර් , එන්නත් කිරීම, බයිපාස්,සෙල් ෆෝන් , ඉන්ටෙර්නෙට් ,ෆොටෝ කොපි මැසිම ,මහන මැසිම, ස්කෑන්, සොෆ්ට් වෙයාර්,රොබෝ තාක්ෂනය, නැනෝ තාක්ෂනය... මෙකී නොකී ඔක්කොම හොයාගත්තෙ...හුටා ....සුද්ද රටෙත් නොඉඳ දිව්වා...තාමත් දුවනව ඇති ආයුබොවං !         

පුතාට දුවට කසාදයක් කරදීමට නම්....කේන්දර කාරයෝ සියල්ලන්ම වෙඩිතබා මරා දැමිය යුතුය !

උඩරට බොදු ගොවි ඇමරිකාවේ පදිංචි නාසා ආයතනයේ සේවය කරන, තාරකා විද්‍යාඥ, උස අඩි 5’ 7’’වයස 32 කඩවසම් පුතුට, අඟහරු 7 ට ගැලපෙන කේන්ද්‍රයක් සහිත, උපාධිධාරී, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ, වයස 27ට අඩු රූමත්, පැහැපත් දියණියක්, වෛද්‍ය දෙමව්පියෝ සොයති...
                                   පන්සල් වල බිස්නස් වලට කෙළවෙන නිසා...ගිහියන්ට මළාට කියවන්න දෙන්නෙ නැති...ආවාස ගෙයි හංගලා තියෙන...දීඝනිකායේ... බ්‍රහ්මජාල සුත්‍රයේ, සීලස්කන්ධ වග්ග...පොත...මං පන්න ගත්තෙ අම්බලන්ගොඩ මහ පන්සලෙන්...කේන්දර, යන්තර, මන්තර, මූනුහයේ දෙවිවරු, මැඩම් කාලිඅම්මා,  භූතයෝ, අංජනම්, කොඩිවින, සාස්තර, බෝධිපූජා, මහ දවල් කරන අසූ හාර දහසේ අබ තෙල් පූජා, කෝටි දහසේ පිච්ච මල් පූජා, වෙහෙරටේ රෙදි ඔතන කප්රුක් පූජා, වෙහෙරටේ පලතුරු ගොඩගසන පලතුරු පූජා, දෙහිකැපිලි, දෙහිගෙඩි/මිරිස්කරල්, පිල්ලි, වෙඩි නොවදින සුර, ෆෙන්ෂුයි, හක්ගෙඩි, මතුරපු තෙල්, පිරිත් නූල්, පිරිත් වතුර, නිල්පාට මුගලන් ධාතු, සායි බබා, ලාෆින් බුද්ධා වඳින පුදන...බුදුන් වහන්සේ තිරිසන් විද්‍යාවන් යනුවෙන් නම්කර බැහැර කල ... ජ්‍යෝතිෂය වැනි...සියළු දේ අදහන...සිංහල බුජ්ජාගම්කාර...මේ වෛද්‍ය යුවල ගේ පුතාට කසාද බඳින්න ලැබෙන්නේ වර්ෂ 2047 දීය...නාසා ආයතනය 2047 වනවිට අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවා ඇති බැවින්...මිනිහට එහෙන් මනමාලියෙක් ෂුවර් එකටම හොයාගන්න පුළුවන් වෙවී !                            
                  
                       දීඝනිකායේ... බ්‍රහ්මජාල සුත්‍රයේ, සීලස්කන්ධ වග්ග...
( හුටා...මේක ලිව්වේ සරත් විමලසූරියලු )                 
8. “ශ්‍රමණගෞතම තෙමේ පණිවා හැර දමා, පණිවායෙන් වැළැක්කේ ය. බහා තැබූ දඬුමුඟුරු  ඇත්තේ ය. (දඬු මුගුරු නොදරන්නේ ය) බහා තැබූ ආයුධ ඇත්තේ ය. (ආයුධ නොදරන්නේ ය.) පවට පිළිකුල් කරන්නේ ය. මෛත්‍රියට පැමිණියේ ය. (මෛත්‍රියෙන් යුක්තය.) සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ යැයි මෙසේ මහණෙනි, තථාගතයන් වහන්සේගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
9 “ශ්‍රමණගෞතම තෙමේ අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකුණේ ය. දුන් දැයම පිළිගන්නාසුලු ය. දුන් දැයම සිතිනුත් කැමැති වැ ඉවසන සුලු ය. නොසොර වු පිරිසිදුසිතින් යුතු වැ වෙසේ යැ" යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
10. “ශ්‍රමණගෞතම තෙමේ අබ්රම්සර දුරු කොට බඹසර හැසිරෙන්නේ ය. ගැමි දහමක් වු මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ එයින් වැළැක්කේ යැයි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
11. “ශ්‍රමණගෞතම තේමේ බොරු කීම දුරැලා, බොරු කිරීමෙන් වැලැක්කේ ය. ඇත්ත කියන්නේ ය. ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ ය. තහවුරු පිහිටි කථා ඇත්තේ ය. ඇදැහිය යුතු කථා ඇත්තේ ය. ලොව නො  රවටන්නෙකැයි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

12. “ශ්‍රමණ ගෞතම තෙමේ පිසුණු බස් දුරැ ලා, පිසුණු බිණීමෙන්  වැලෑක්කේ ය. මේ තැනින් අසා ගෙන මොවුන් බිඳුවනු පිණිස එ තන්හි නො කියන සුලු ය. එතැනින් අසා ගෙන ඔවුන් බිඳුවනු පිණිස මේ තන්හි නොකියන සුලු ය. මෙසේ බිඳුණවුන් ගලපන්නේ (සමග කරන්නේ) ද වෙයි. එකට ගැළපුණවුන්හට (සමඟියට පැමිණ සිටිනවුන් හට) රුකුල් දෙන්නේ ද වෙයි. සමගියෙන් සිටිනවුන් හා වාසය කැමැත්තේ ය. සමගියෙන් වසනවුන්ට කැමැත්තේ ය.  සමගිව සිටිනවුනට සතුටු ය. සමගිය ඇති කරන බස් කියන්නේ යැයි මේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
13. “ශ්‍රමණ ගෞතම තෙමේ රළුබිණුම් දුරැ ලා, රළු බිණුම්වලින් වැළැක්කේ ය. නිදොස් කන්කලු, පෙම් උපදවන, පහසුයෙන් සිතැ වැදැගන්නා නොගැමි (මොළොක්) වු බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාට මනාප යම් බසක් වේ නම්, එ බඳු බස් කියන්නේ  යැයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියණ පුහුදුන් තෙමේ කියන්නේ ය.
14. “ශ්‍රමණ ගෞතම තෙමේ හිස් දෙඬුම් හැරැ දමා, හිස් දෙඬුමෙන් වැළැක්කේ ය. සුදුසු කාලයෙහි කථා කරන්නේ ය. ඇත්තක් ම කියන්නේ ය. වැඩ සලසන බසක් ම කියන්නේ ය. නවලොවුතුරාදහම් ඇසුරු කොට ම කියන්නේ ය. සිතැ තබා ගන්නට සුදුසු වු, කරුණු සහිත වූ, සීමාවක් ඇති (ප්‍රමාණවත් වු)දෙ ලෝ වැඩ පසස්නා වු ම  බසක්  සුදුසු කාලයෙහි කියන්නේ යැයි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
15. “ශ්‍රමණගෞතම තෙමේ බීජසමූහ (පැළ වන දෑ) ද, භූත සමූහ (පැළවුණ දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ ය. එක් වේලේ (පෙරවරු) වළඳන බත් ඇත්තේ ය. රෑබොජුනෙන් වැළැක්කේ ය. නොකල්බොජුනෙන් වැළැක්කේ ය. නටනු- ගයනු-වයනු- විසුළුදස්සනෙන් වැළැක්කේ ය. ඇඟ අඩු තැන් පිරවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ ය. පමණ ඉක්මැවු උසසුන් ද, නොකැප මහසුන් ද, යන දෙකින් ම වැළැක්කේ ය. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමු (නොපිසු) ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමුමස් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ස්ත්‍රින් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. එළුබැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ඇතුන් ගෙරින් අසුන්, වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ ය. ගිහියනට දූතමෙහෙවර කැරැමෙහි ද, ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙනයෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ ය. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ ය. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් ආදිය පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ ය. අල්ලස් ගෙන හිමියන් නොහිමි කෙරුමෙන්, නානාඋපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නොඅගනා දැයක් පෙන්නා කරන මායාවෙන්, මෙකී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ ය.  අත්පා ආදිය සිඳුමෙන්, මැරුමෙන්, රැහැන් ආදියෙන් බඳිමින්, මං පැහැරුමෙන්, ගම් පැහැරුමෙන්, සැහැසිකම් කැරුමෙන් වැළැක්කේ යයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

                                                                                     චුලසීලය නිමි.


16. “තව ද, යම් සේ සමහර භවත් මහණබමණු කෙනෙක්( ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ ද (හිඟුරු ඈ පැළවන මුල් ද) ස්කන්ධබීජ ද (නුග ඈ පැළවන කඳද) පරුබීජ ද (උක් උණ බට ඈ පැළවන පුරුක් ද) අග්‍රබීජ ද (ඉරිවේරියා ඈ පැළවන දළු ද) පස් වන බීජබීජ ද (වී ඈ පැළ වන ඇට ද) යන මෙ කී බිජසමුහුය ද (පැළවන දෑ ද ) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළිමෙහි (සිඳුම් බිඳම් තැලුම් තැවුම් යැ යි කියන ලද සමාරම්භයෙහි) යෙදුණෝ වැ වෙසෙත් ද, මේ ආදී  වු හෝ මේ බඳු වු බීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් ශ්‍රමණ ගෞතම තෙමේ වැළැක්කේ යයි , මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන ලෞකික ජන තෙමේ කියන්නේ ය.
17. “යම් සේ වනාහී සමහර පින්වත් මහණබමුණු කෙනෙක් (ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අන්නසන්නිධි (කෑම රැස් කොට තබාගැන්ම), පාන සන්නිධි (බොන දැ රැස්කොට තබා ගැන්ම) , වස්ත්‍රසන්නිධි (වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම), යානසන්නිධි(රියගැල් ආදිය ද රැස් කොට තබාගැන්ම)ශයනසන්නිධි(යහන්රැස්කොට තබා ගැන්ම)ගන්ධසන්නිධි(සුවඳ දෑ රැස්කොට තබා ගැන්ම), ආමිසසන්නිධි(ඉහත කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස්කොට තබා ගෙන වැළඳීම) යන මෙසේ වු සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු සන්නිධිකාර පරිභෝගයෙන් (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙන් ) වැළෑක්කේ යැයි , මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
18. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ ගිහියන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජන සමූහයා ඉදිරියෙහි දක්වන නැටුම්) ආඛ්‍යාත (මහා භාරත රාමායණාදී කථා කීම හෝ ඇසීම) පාණිස්වර (අතින් ලොහොබෙර ගැසීම් හෝ අත්තල ගැසීම), වේතාල (ලීමුවා තාලම්පට ගැසීම් හෝ මතුරු දපා මලසිරුරු නැගිටුවීම්) කුම්භථූන (සිවුරස් බෙර වැයීම්) ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඬලෙහි දී දේවතාවනට ස්ත්‍රෝත්‍රවසයෙන් නාන්දීගීත ගායන නොහොත් ප්‍රතිභානචිත්‍ර කිරීම්) සණදොවුන් කෙළිය(හෝ අයෝගුඩ ක්‍රිඩාව), උණගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රිඩාව, අස්ථිධාවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කැරුම), ඇත් යුද (ඇතුන් පිට නැග යුද කෙරුම), අස් යුද (අසුන්පිට නැග යුද කෙරුම) ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර එළුපොර බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යාමබලසෙන් ගණින තැන් දක්නට යෑම, බලසෙන් බෙදන තැනට යෑම, අත්ඇනි අස්ඇනි ඈ බල ඇනි දක්නට යෑම, යන  විසුළුදස්නෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු විසුළු දස්සනයෙන් වැළැක්කේ යැයි මහණෙනි, මෙසේ හෝ තාථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
19. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලුපැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලිගැසුම, ලහඅත් කෙළිය, ගුළකෙළිය, කොළතළා පිඹීම, කෙළි නගුලින් සෑම, කරණම්පැනුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ආදිය මැනුම, කුඩා රිය පැදවීම, කුඩා දුනුයෙන් විදුම, අකිරි කෙළිය, සිතු දෑ කීම, විකලාංගානුකරණය යන ආදී වු හෝ මේ බඳු වු, පමාවට කරුණු වු දූකෙළියෙහි යෙදී වෙසෙත් ද , මහණගොයුම් තෙමේ එසේ පමාවට කරුණු වු දූ කෙළිවලැ යෙදීමෙන් වැළැක්කේ යැයි, මහණෙනි, මේ පරිද්දෙන් හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
20. “යම් සේ වනාහී සමහර පින්වත් මහණබමුණෝ සැදැහයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය. පලඟය, මහකොඳුපලස ය, වියමනින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුඇතිරිය, ගන මල් යෙදූ එළුලොම්ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය) සිංහාදී රූපවලින් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය, දෙ පැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, එක් පැත්තේ ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කොට තැනූ පසතුරුණ, කෝසෙය්ය නූලින් වියූ පසතුරුණ, සොළොසක් නිළියනට සිටැ නටන්නට තරම් දිග පුලුල ඇති එළුලොම්මුවා ඇතිරිය, ඇතුන් පිටැ එළන ඇතිරිය, අසුන් පිට එළන ඇතිරිය, රියවලැ එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතුකොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන ආදි වු හෝ මේ බදු වු උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද, මහණගොයුම් තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු උස්යහනින් වැළැක්කේ යැයි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
21. යම් සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බෝජුන් වළඳා සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත්පා ආදියෙහි මනා සටහන් ගන්වනු පිණිස තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස් ආදියේ මස් වැඩනුවට මුගුරින් තැලීම, කැඩපතින් මුහුණ බැලීම, ඇග ඔප්ගන්වනුවට අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීමහිසැ කුඩුම්භිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම,විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීමවිසිතුරු සෙමෙර වල්විදුනා දරීම, දික් දවලු ඇති සුදු රෙදි හැදීම, යන ආදී ඇග උනු තැන් පිරැවීමටත් ඇඟ සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝග කෙරුමෙන්, වැළැක්කේ යැයි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
22. “යම්සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳාරාජ කථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්ව ප්‍රේතකථා, නානාත්වකථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රඛ්‍යායිකා කථා, ඉතිභවාභවකථා, යන මේ කී හෝ අන් මෙබඳු වු තිරශ්චීනකථාවල යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ යැයි මහණෙනිමෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.‍
23. “යම් සේ අතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ' තෝ මේ දහම් විනය නොදන්නෙහි. මම ම මේ දහම් විනය දනිමි. ' මේ දහම් විනය කිමැ' යි තෝ දනිහි ද ?   තෝ වරදවා පිළිපන්නෙහි ය. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුවෙන් කියැ යුත්ත පසු වැ කියෙහි ය. පසුව කියැ යුක්ත පලමුවෙන් කියෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එකම වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට  දොස් නැගිණි. මා විසින් නිගන්නා ලද්දෙහි.  මා නැඟූ දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව) හැක්කෙහි නම් එය විසඳව'   යන ආදීන්  මේ බඳු වු උනුන් බැණ දොඩා ගැනුමෙහි යෙදෙත් ද, මහණගොයුම් තෙමේ මේ බඳු බැණුමෙන් දෙඩුමෙන් වැළෑක්කේ යැයි කියා හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
24. “යම් සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා 'මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙනැ යන්නැ අසෝ තැනට මෙය ගෙනෙන්නැ යි (කළ නියෝග පිළිගෙන) රජුන් ගේ , රජමහමැතියන් ගේ, කෂත්‍රියයන් ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, රජකුමරුවන්ගේ මේ බඳු වු දූතමෙහෙවරෙහි, පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ බඳු දැයෙන් වැළැක්කේ යැයි, මහණෙනි, මෙසේ හෝ තථගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
25. “යම් සේ ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර තකා අනුන් සිත් ඇදෙන සේ වු චාටු බස් දොඩන්නෝ වෙත් ද, පිවුපසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේකෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, මහණගොයුම් තෙමේ මෙ කී හෝ මේ බඳු වු හෝ කුහනලපනවලින් වැළැක්කේ යැයි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

                                                                                   මජ්ඣිමසීලය නිමි.

26. යම් සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්න විද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, කෂාත්‍රවිද්‍යාව, ශීවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාවය, වෘශ්චිකවිද්‍යාව මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මෙ කී හෝ මේ බඳු තිරශ්චීණ විද්‍යායෙන් මිත්‍යාජීවිකායෙන්  වැළැක්කේ යැයි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

27. යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු ය, දඬුලකුණුය, වත්ලකුණුය, කඩුලකුණුය, ඊ ලකුණුය, දුනු ලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණුය, දැසිලකුණුය, ඇත්ලකුණු ය, අස්ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණු ය, කුකුළුලකුණු ය, මුවලකුණුය, යන ආදි වු මෙ බඳු තිරශ්චීණ විද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යා ආජිවයෙන් වැළැක්කේ යැයි මහණෙනි, මෙසේ හෝ තථාගතයන් හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියයි.
28. ”යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, 'අසෝ දිනැ (අසෝ නැකැතින්) අසෝ රජුන්ගේ සිය නුවරින් (යුද සඳහා) නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකතින් රට ඇතුලත වු රජුන්ගේ පිටත සිටින සතුරුරජුන් හමුවට යෑම වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ  ය. (අසො නැකතින්)පිටත සිටින සතුරුරජුන්ගේ රට ඇතුලත සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. (අසෝ නැකතින්)ඇතුලත සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුලත සිටින රජුනට ජය වන්නේ ය. පිටත සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. (අසො නැකතින් ) පිටත සිටින සතුරුරජුනට ජය වනනේ ය. රට ඇතුලත සිටින රජුනට පරාජය වන්නේ යැ යි මෙසේ ' මොහුට  ජය වන්නේ ය. මොහුට පරාජය වන්නේ යැයි කියමින් මේ බඳු වු තිරශ්චීන විද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ හෝ මෙබඳු වු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජිවිකායෙන් වැළැක්කේ යැයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
29 “යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, "අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දින සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ නක්ෂත්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දින සඳ හිරු දෙදෙනාගේ නිසි මගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන්ගේ නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නෙ ය. වැසි නැති වැ අහස් ගෙරවුම් වන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත් තරුවල ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුව වන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චනද්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු  පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ පථගමනය (නිසි මඟ යෑම) මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳහිරු දෙදෙනාගේ උප්පථ (අනියම් මඟ) ගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු විපාක දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු විපාක දෙන්නේ ය.  උල්කාපතනය මෙබඳු විපාක ගෙනැ දෙනනේ ය. දිග්දාහය මෙබඳු  පල දෙන්නේ ය. භූමීකම්පනය මෙබඳු පල දෙන්නේ ය. සඳහිරු දෙදෙනාගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදුවීමත් මෙබඳු මෙබඳු පල දෙන්නේ යැයි කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් , මහණගොයුම් තෙමේ මේ හෝ අන් බෙමඳු වු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ" යි තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ මෙසේ හෝ කියන්නේ ය.
30.”යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, 'මේ සමයෙහි වැසි වස්නේ ය. මෙසමයෙහි නියං වන්නේ ය. මෙසමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මෙසමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු නැතිවන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය. මෙ කලැ රෝග වන්නේ ය. මෙ කලැ රෝග දුරු වන්නේ යැ' යි පලාපල කීම් , මුද්‍රාව (අඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් දිගටම කියා ගෙන යමින් ගිණීම) ද, සංඛ්‍යානය (පිණ්ඩ ගණනාව) ද, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය, යන මෙබඳු වු තිරශ්චීන විද්‍යායෙන්මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් මෙබඳු වු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ යැයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

31. “යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳාආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නැකත් කීම, වෙන් වු අඹු සැමියන් සමග වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නැකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති කරනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට  පිළියම් කිරීම, මන්ත්‍රාදි බලයෙන් දිවගුළු බැඳීමමන්ත්‍රාදියෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරා දැපීම, කන් අගුළු වැටෙන්නට මතුරා දැපීම, කැඩපතෙහි දේවතාවේශය කරවා ප්‍රශ්න ඇසීම, (අංජනම් බැලීම) , කුමරියකට දේවතාවේශය කරවා ප්‍රශ්ණ ඇසීම, (කුමරියක ලවා පේන කියැවීම) ජිවිකා පිණිස හිරු වැඳීම, හා පිදීම, බහබඹු පිදීම, මතුරා දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරා දපා සිරි කත කැඳවීම, යන මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජිවිකායෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ මෙබඳු අන්‍ය ව තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජිවයෙන් වැළැක්කේ යැයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
32.  “යම් සේ ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ශාන්තිකර්ම (දෙවියනට බාර වීම) ප්‍රණිධිකර්ම (බාර ඔප්පු කිරීම) භූරිකර්ම (බිමගෙහි ඉඳ පිරවැහු මන්ත්‍රයට උපචාර කිරීම) , පණ්ඩකයා (බෙහෙත් බලයෙන් )පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තු කර්මය (අළුත් බිම්හි ගෙවල් නැංවීම), වාස්තු පරිකිරණය (ගෙබිම්හි උවදුරු දුරැ ලන්නට බිලියම් කිරීම), මතුරු දපා මුව  සේදීම, මතුරා දපා අනුන් නැටවීම, අනුනට සෙත් පතා ගිනි පිදීම, වමන කැරැවීම, විරේක කැරැවීමඌර්ධව විරේචනය, අධෝ විරේචනය(වස්ති කිරීම), ශීර්ෂ විරේචනය, ගිහියන්ගේ කන් ලෙඩට තෙල් පිසීම, ඇස සිසිල් කරන බේත් තෙල් පිසීම, නස්‍ය කිරීම, ඇස පටල කැපෙන්නට කාරම් අඳුන් සාදා දීම, ඇසැ සිසිල ගන්වන අඳුන් සාදා දීම, අනුන් ඇසැ උල් ඇන ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට  පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කාය චිකිත්සාව), කාරම් බෙහෙත් බැඳ වණ සුව වු පසු ඒවා ගලවා දැමීම යැ යි මෙසේ වු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මේ හෝ මේබඳු අන් සියලු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් මහණගොයුම් තෙමේ වැළැක්කේ යැයි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
33.  මහණෙනි, තථාගයන් ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් එය කියන්නේ නම්, මේ (ඔහු කියන) ඒ ගුණය වනාහී මඳ වු සුළු වු හුදෙක් සිල් පමණක් ම වු එකෙක.


                                                                                     මහාසීලය නිමි.