Wednesday 19 October 2016

JVP/දේශප්‍රේමීන් (4)

                               ...වහාම ශ්‍යාමාට කතාකර තත්වයේ බරපතල කම පැහැදිලි කලෙමි...ඔයා ඇයි උන්ට විරුද්ධව කතා කලේ...මනුස්සයෝ තව ටිකකින් පොලීසියෙන් ආවොත්...මුන් වාට්ටුව ඇතුලේ වෙඩිතියා ගන්නවා...අහිංසක මිනිස්සුත් මැරෙයි තව එවුන් පිටිපස්සේ කැලේ හැංගිලා ඇති...ඒකයි මුන් බය නැතුව ඉන්නේ...දැන් ගොඩක් අය දන්නවා...මං ලෙඩ්ඩු ගොඩක් ටිකට් කපලා යැව්වා...OPD එක වහල දැම්මා....තව වැඩිවෙලා යන්න ඉස්සර පොලීසියට ටිප් එක යනවා. ඉතිං මොකද දැන් කරන්නේ...? මං කලින් උගන්නපු විදියටම කරන්න...ඔයා බබත් එක්ක නාන  කාමරේට ගිහිං දොරවහ ගන්න...මුන් ඇතුලට ආවොත් ෂුවර් එකටම මාව මරණවා...වැන්දට වැඩක් වෙන්නෙ නෑ...කලබලයක් වුනොත් රතිඥඥ මිටියයි ගිනිපෙට්ටියයි...ෆෑන් ලයිට්එක උඩ තියෙනවා...පත්තු කරලා එලියට දාන්න (චෝදනාව රතිඤ්ඤා පත්තු කර...අණදෙන නිලධාරී කීර්ති විජේබාහුගේ...දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිය වැද්දීම) පොලීසියට සද්දෙ ඇහුණම එයාල එයි...! (එයිද ?)
                               දොර කඩාගෙන ආවොත්...මාළු පාන් දෙකෙන් දමා ගසා පස්ස දොරෙන් දිවීමට ලෑස්තිවී...දොර රෙද්දට මුවාවී සිටියෙමි...පැයක් විතර ඇලර්ට් එකේ හිටියත් කව්රුවත් ආවේ නැත....කව්දෝ පිටිපස්සේ දොරට සෙමින් තට්ටු කරයි... රෝහල් සේවකයන්ට මා දැනුම්දී තිබුනේ ඕනම වෙලාවක මට කතාකරන්න ඕනෙ නම් ඉස්සරහ දොරට නොව පිටිපස්සේ දොරට තුන්වරක් තට්ටු කරන ලෙසටය...හරි...ඉස්පිරිතාලෙන් තමයි...කව්ද ?...සර් මම නිමල්...වහාම දොරඈරියෙමි...සර් අරුන් ලෙඩා අරන් ගියා...නිමල් බැටරි බැහැපු රේඩියෝඑකක් වගේ...මගේ කනට ලංවී කොඳුරයි...ඇත්තද ? ඔව් සර්...ත්‍රීවීල් එකකින් එක්කං ගියා...හම්මේ යන්තං ඇති...එත් මගදී පොලිසියෙන් ඇල්ලුවොත් මට හෝටල් දෙකෙන්...එකකින්... ෆ්‍රයිඩ් රයිස් & චිකන්කරි...කන්නට සිදුවීමට ඉඩ තිබේ...ශාමා උන් ගියා...
                               සාමාන්‍යයෙන් දවල්ට බොන්නේ නැති උනත්...ටෙන්ෂන් එක අඩුවෙන්න බ්‍රැන්ඩි ෂොට් එකක් දමා... ඔළුව සැහැල්ලු කරගෙන දවල්ට කෑවෙමි. හවස පහට පමණ දුව සමග මිදුලේ ඇවිදිමින් සිටිනවිට ත්‍රී වීල් එකකින් රෝගියකු රැගෙන එනු පෙනුනි එය රෝහලට නොගොස් කෙලින්ම ආවේ බංගලාවටය...එයින් කොල්ලෙක් බැස කෙලින්ම මාළඟට ආවේය...සර් අර ලෙඩාට ඉන්ජෙක්ෂන් එක ගහගෙන යන්න ආවේ...මළ කෙළියයි ගේම ඉවර නැත...කෙලින්ම OPD එකට යන්න...වාට්ටුවට යන්න එපා...මං යතුර අරන් එන්නම්...මේ බෙහෙත් කිරිල්ල තවදුරටත් ප්‍රසිද්ධියේ කලයුතු   නැත...කොහොම උනත්...මේ මෝඩ කොල්ලා මට තවත් රෝගියකු පමණය...ඌ සුවපත් කිරීමට මා දිව්රුම් දී තිබේ...මේ විදියටම ඇවිත් තව දවස් දෙකක් බෙහෙත් විදගන්න...තුවාල පැසවල නෑ...දිනපතාම කොල්ලා රෝහලට විත් බෙහෙත් විදගෙන ගියේය...කොල්ලා සුව අතට හැරුණි...අන්තිම දිනයේ ඌට බොන්නට බෙහෙත් දී...මේ කූඩැල්ලා ගලවා දැමුවෙමි.
                      JVP මිනී මරා ඔළු කපා වැටේ හිටවනසෙල්ලම, පාරට ගස් කපා ඇඳිරිනීති දාන සෙල්ලම, ට්‍රාන්ස්ෆෝමර් බස්, තේ කර්මාන්තශාලා, කෘෂිකර්ම මධ්‍යස්ථාන, උප තැපැල් කාර්යාල ගිණිතබන සෙල්ලම...ආණ්ඩුවේ ටයර් සෙල්ලම එක දිගට තරඟෙට සිදුවෙයි...ඇහැට ඇහැකි...රේඩියෝ එකෙන් TV එකෙන් වැක්කෙරෙන්නේ මේවාය. මම TV බැලුවත් TV බැලීම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් තහනම් කර තිබේ....මට අටෑච් බාත්රූම් තිබේ...නමුත් බොහෝ දෙනා රෑට චූකරන්නේ බෙලෙක්ක වලටය. දවස් ගණන් රෝහලේ  ලයිට් නැත ඒනිසා වතුරත්නැත...වෙනදා ත්‍රිපෝෂ ගන්නට පොරකන...මව්වරුන් කව්රුවත් එන්නේ නැත...ත්‍රිපෝෂ කුණුවී පණුවන්ගසා රෝහලම ගඳගසයි...මම ඒවා කැලයට අද්දවා වලලා දැමුවෙමි. මාස තුනකින් බෙහෙත් ආවේ නැත...පිරිටන් පැනඩෝල් පවා ඉවරවෙමින් පවතී...මම මේ කුණුගොඩෙන් වෙනත් සාම කාමී රටකට පලායායුතුය...ඒ සඳහා සැලසුම් කලයුතුය.

                    දින දෙක තුනක් ගතවිය ලයිට් නැති නිසා බිම වැටී ඔළු පලාගෙන එන ලෙඩුන්ගේ තුවාල ටෝච් එළියෙන් බලමින් මැහුම් දැමුවෙමි...සර් සර් ඉක්මනට එන්න බබෙක් හම්බවෙන්න ඉන්න එක්කෙනෙක් ගෙනැත්...රෑ නමයට විතර දොරට ගසමින් කළුගලයා මොරදෙයි...සර් ලෙඩාට අමාරුයි... ඉතිං මෙහේ ගෙනැත් තියෙන්නෙ ඇයි පිඹුරට යන්නෙ නැතුව...ලයිටුත් නෑනේ...සර් පාර බ්ලොක් නිසා යන්න බැරුව ආපහු ඇවිත්...ග්ලවුස් නම් තියෙනවා...පොඩි අඩු පාඩුවකට ඇත්තේ...මිඩ්වයිෆ්ලා, නර්ස්ලා සහ ලේබර් රූම් එකකි...හරි යමං...රෝගියා කෙඳිරිගාමින් ට්‍රොලිය උඩ සිටී...ඇගේ මව...බුදු සර් කෙල්ලට අමාරුයි... කියමින් මගේ ඇඟේ එල්ලෙයි...තරුණ කෙල්ලෙකි...පළවෙනි බබාය..ඔය ට්‍රොලිය කාර්එක ඉස්සරහට තල්ලු කරන්න...ස්ක්‍රීන් දෙකකින් කවර් කරන්න...ඉක්මනට කාර් එකේ යතුර නෝනගෙන් ඉල්ලන් එන්න...පළමුව ග්ලවුස් දාගෙන ටෝච් එක ගසා ඩිලිවරි එකේ ස්ටේජ් එක බැලුවමි....ලෙඩාගේ BP, නාඩි, හාට්, අව්ලක් නැත...හරි ඔළුව තමයි එන්නේ...පිඹුරේදී...බේකරියේ පාන් බානවා මෙන් ළමයි බාපු මට...මේක ගේමක් නොවේ...කාර් එකේ හෙඩ් ලයිට් දෙකේ එළියෙන් පැය එකහ එකහමාරකින් පමණ...ඩිලිවරියඉවර කලෙමි...හෙට ඉතිං තල්ලු ස්ටාර්ට් තමයි...අලුත උපන්නේ ගැහැණු  දරුවෙකි...එපිස් එක කලත්...මහන්න කැට්ගට් නැත...හෙට උදේට පිඹුරට යවනවා...ලෙඩා ඇඳකට දමා සේලයින් එකක්දී ආපසු එනවිට...කෙල්ලගේ අම්මා...බුදු සර් මගේ කෙල්ල බෙර ගත්තා කියා මට දණගසා වැන්දේය...හාමුදුරුවරුන්ටත් වඳින එකේ... මට වැන්දට මක් වෙනවද ? මං එපා කිව්වේ නැත !. 

මතු සම්බන්ධයි...             

28 comments:

  1. අද නොනවත්වාම මේ බ්ලොග් එක කියෙව්වා.. මරේ මරු.. පරණ ලිපි මට ගොඩක් ඒවා මිස් වෙලා. කොමෙන්ට් නොදැම්මට ඔක්කොම කියෙව්වා කියල හිතා සතුටු වෙන්න.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...කෝ මට තෑගි ?

      Delete
    2. තෑග්ගක් අරන් මම එන්නම් හම්බ වෙන්න ලංකාවට ආපු කාලෙක..හෙහ් හෙහ් ..මට ඉස්සර තිබුණු සර්කිට් පිස්සුව මම හැමදාම යටපත් කරගෙන ඉන්නවා. මේවා කියවද්දී හරි ආස හිතෙනවා හරියට ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න. බැරි ද පොඩි උපදෙස් ටිකක් දෙන්න..

      Delete
    3. ඔබ තුමා මොන රටේද ඉන්නෙ ? මං දන්න ටික කියල දෙන්නම්

      Delete
    4. මම ඉන්නේ මැලේසියාවේ. ඔබ තුමාගේ ඊමේල් එක හොයා ගන්න බෑ. මගේ ඊමේල් එක virtualpathum@gmail.com. කොහොමද ඕක ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ කියල මට අදහසක් නෑ.. මට පොඩි පොඩි දේවල් ගැන බේසික් දැනුමක් තියෙනවා හැබැයි එතනින් එහාට කොහොමද යන්න ඕනේ කියල තේරෙන්නේ නෑ. හැමදාම කල් දදා ඔහේ ඉන්නවා හෙහ් හෙහ්..

      Delete
    5. ඔබතුමා විස්කි පානයට හා පුල් ඕර්ගනික් ත්ලා්ක‍රවිජයපත්‍ර ධාරියෙකු වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී..

      Delete
    6. ත්ලා්ක‍රවිජයපත්‍ර ධාරියෙකු කියන්නේ කාට ද බන්?

      Delete
  2. Niyama mahathmayek... mage ayushath arana jeewath wenna ona

    ReplyDelete
  3. භීෂණය රසවත්ව විඳවීම දකිමි. අගෙයි.

    ReplyDelete
  4. බේතකටවත් අරක්කු තියා කසිප්පු ටිකක්වත් නැති කාලේ දොස්තර මහත්තයාට බදුරලියේ කොයින්ද බ‍්‍රැන්ඩි? මට පෙනෙන්නේ බ‍්‍රැන්ඩි කියලා හිතාගෙන සර්ජිකල් ස්පිරිට් ටිකක් බිලාද කොහොද?

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවා සරත් පැටිකිරි කෝරාළ මට දිගටම සප්ලයි එක දෙනවා...එයාගෙ මල්ලි ජපානේ අදටත් ඉන්නෙ

      Delete
    2. මාසෙටම දෙකක් මදැ

      Delete
  5. Replies
    1. ඔහොම ගිහිං තමයි මෙහෙම උනේ

      Delete
  6. ඔය කාලයේ මම බදුල්ල දිස්ත්‍රික්කයේ සේවය කලේ. තේ කම්හල්, ට්‍රාන්ස්ෆෝමර්, ගිනිතියා, මහා යුද්ධයක් පටන් අරන් තිබුණා. ඉතිරිවී තිබුන තේ කම්හල් වලට හමුදා ආරක්‍ෂාව යොදවා රැකගත්තා.

    එක දෙක වදිනකොට, කට්ටිය පසුබැස ගියා.

    ReplyDelete
  7. පාරට ගස් කපා ඇඳිරිනීති දාන සෙල්ලම, ට්‍රාන්ස්ෆෝමර් බස්, තේ කර්මාන්තශාලා, කෘෂිකර්ම මධ්‍යස්ථාන, උප තැපැල් කාර්යාල ගිණිතබන සෙල්ලම///// මේ කාලකන්නි ක්‍රියා නිසා ලංකාවේ ආර්ථිකයට කොපමණ කෙල උනාද ?

    ReplyDelete
    Replies
    1. ආර්ථිකේ බිංදුවටම බැස්සා...කෝටි ගානක් වටිනා මහජන දේපල පුච්චලා දැම්මා

      Delete
  8. මේ අත්දැකීම් ලියා තබනවාට ඔබට පින් .කාලය විසින් යටපත් කර ඇති මේ සිදුවීම් නැවත සිහි ගැන්වීම කාලීන අවශ්‍යතාවක් .ඔබ හිඩැස ක් පුරවනවා .එය හද පත්ලෙන්ම අගය කරමි .ඔබට දිගාසිරි පතමි .

    ReplyDelete
  9. ඔබ ලැබූ සියළු අත්දැකීම් ලියා තැබීම ඉතා වැදගත්...
    අපි ඒ දවස් වල ටිකක් පොඩි නිසා අපිට මතක බොහොම ටිකයි...

    ReplyDelete
  10. ඩොකාගේ හිත එක දේ ලියද්දි උනත් තවත් දේවල් නිරායාසයෙන්ම ඔලුවට එන එක හරි අපුරුයි.. පැය එකාහාමාරක් කරාට පස්සේ උදේට තල්ලු ස්ටාට් කියන එක නියමයි.. ජය වේවා.. වැඩ අස්සේ මේක දැක්ක පාර තමා මේ ඔක්කෝම නවත්තල කියෙව්වේ. කෝ මට තෑගි.. හැක්..

    ReplyDelete
    Replies
    1. මට ගොඩක් සතුටුයි ඔයාල මේ ඇත්ත කතන්දර එන්ජෝයි කරන එක ගැන...මේ ලියන්නෙ තෝරා බේර ගෙන ලියන්න පුළුවන් දේවල් විතරයි. සදහටම මාත් එක්කම පුළුස්සා දමියයුතු දේවල් බොහෝය. මචං...මාතර පැත්තෙ ආවොත් අඩ්ඩක් ගහන්න වරෙන් !

      Delete
    2. //මාතර පැත්තෙ ආවොත් අඩ්ඩක් ගහන්න වරෙන් !//

      මයේ බල්ලවත් නෑ කිසි කැමැත්තක් බෙන්තර ගගෙන් එහාට පනින්න.. ඕ යෑස්.. බලමු බලමු. ඩොකාට මල් කෝල් එකක් දෙන්නං.. ඕක මොකක්ද පැය එකහමාරයි නේ අධිවේගේ..

      Delete
  11. අවසානය ඉතා සංවේදීයි!

    ReplyDelete
  12. \\හාමුදුරුවරුන්ටත් වඳින එකේ... මට වැන්දට මක් වෙනවද ?\\

    නැතුව නැතුව.

    ReplyDelete
  13. ඒකාලෙ අපි ඉපදිලවත් නෑ.

    ReplyDelete
  14. \\හාමුදුරුවරුන්ටත් වඳින එකේ... මට වැන්දට මක් වෙනවද ?\\

    මාත් එකෙන්ම එකඟයි මේ ටිකට

    ReplyDelete