Tuesday 21 June 2016

ලයිට් ගියහම කරුවලේ ඉන්නඑපා...ඉතාම අඩු වියදමකින්...ඔබේ නිවසට නොමිලේ විදුලි බලය ලබාගන්න !

ලයිට් ගියහම කරුවලේ ඉන්න එපා...ඉතාම අඩු වියදමකින්...ඔබේ නිවසට නොමිලේ විදුලි බලය ලබාගන්න !
අම්මප ?....
ඔව්...මං කියල දෙන්නම්...

මේක ඉතාම පහසුවෙන් තමන්ටම කරගන්න පුළුවන්.
ලංකාවෙ පළමුවරට...අපේ ගෙදර මං මේක මං කළා. මේ සඳහා බරපතල තාක්ෂණික දැනුමක් හෝ...නෙට්
මීටරින් ක්‍රමයට මෙන්...ලක්ෂ ගණනක විශාල වියදමක් දැරීමට අවශ්‍ය නැත. වියදං වන මුළු මුදල රුපියල් හතලිස් දාහක් පමණයි. වසර ගණනාවක් ආලෝකය ලබාගැනීමට...මම ල.වි.ම ට මුදල් ගෙවන්නේ නැත.   ගැහැණු කෙනෙකුට උනත් මේ පද්ධතිය හදා ගන්න පුළුවන්. ප්‍රශ්න ඇති අය මගෙන් විමසන්න...සියළුම දෙනාට පිළිතුරු දෙමි.

අවශ්‍ය ද්‍රව්‍ය...

(1) වොට් 100ක සෝලා පැනල් එකක්.

(2) චාජර් කොන්ට්‍රෝලර් එකක්. මෙම උපකරණය මගින් කරනුයේ...බැටරිය ඕවර් චාජ් වීම වැලක් වීම සහ.... බැටරියේ වෝල්ටීය තාවය වෝල්ට් 11ට පමණ අඩුවූ පසු බැටරිය තවදුරටත් ඩිස්චාජ් වීම වැලක්වීමයි.


(3 ) 12V, 75Ah සීල් ලෙඩ් ඇසිඩ් බැටරියක්



(4) 12 V 500W ඉන්වර්ටර් එකක්. මෙම උපකරණය මගින් කරනුයේ 12V DC සරල ධාරා විදුලිය, ප්‍රත්‍යාවර්ථ ධාරා 230V AC විදුලිය බවට පත් කිරීමයි.     


(5) 230V චේන්ජ් ඕවර් ස්විච් එකක්


(6) අතිරේක ද්‍රව්‍ය... බැටරි ක්ලිප් දෙකක් 

(7)  ප්ලග් ටොප් දෙකක්    

(8) 15A ට්වින් වයර් මීටර් 12ක් 

අවශ්‍ය ද්‍රව්‍ය එපමණයි...

                                    දැන් නොමිලේ විදුලිබලය ලබාදෙන සූර්‍යබල පද්ධතියක් සාදා ගැනීම සඳහා...මේවා වයර් මගින් එකිනෙක සම්බන්ධ කරන ආකාරය...

(1) ඔබ ළඟ ඇති වයර් මීටර් 12න්...වයර් මීටර් 10ක් කපා වෙන්කර ගන්න...

(2)  ඒම වයර් මීටර් 10යේ අග්‍රදෙක... පින්තුරයේ දැක්වෙන ආකාරයට සකස්කර ගන්න

(3)  සෝලා පැනල් එක පැය 12ම (උදේ 6 සිට හවස 6 දක්වා)  හිරු එලිය ලැබෙන පරිදි පොලවට සමාන්තරව වහලේ සුදුසු තැනක සවිකර ගන්න. සෝලා පැනල්එක වහලට සවිකිරීම සඳහා සුදුසු බ්‍රැකට්එකක්... අඟල් 1'' ඝනකම ඇළුමේනියම් L ලයිනර් භාවිතා කර තමන්ටම සාදා ගත හැක ( හැම එකම හැන්දෙන් කවන්න බෑ...තමනුත් මොළේ පාවිච්චි කලොත් හොඳයි )  
වයර් එකේ අග්‍රයක්  සෝලා පැනල් එකේ + සහ - රින අග්‍ර වලට සම්බන්ධ කරන්න. +අග්‍රයට රතු වයරයද - අග්‍රයට සුදු වයරයද වශයෙන් සම්බන්ධ කරන්න. ( සමහර කොම්පැනි රතු සහ කළු වශයෙන්ද වයර් නිපදවයි...එවැනි වයර් මිලදී ගෙන ඇත්නම් රතු පාට ධන+අග්‍රයටද...කළු පාට රින - අග්‍රයටද...වශයෙන් සම්බන්ධ කරන්න). 

(4) වයර් එක හුලං කව්ලුවක් තුලින් කාමරයට ඇද ගන්න. එහි අග්‍ර චාජර් කොන්ට්‍රෝලර් එකේ ඉන්පුට් අග්‍රයට සම්බන්ධ කරන්න. ඉතිරි වූ වයර් මීටර් දෙකේ කැබැල්ල තුනට කපා කෙලවරවල් සුද්ධ කර ගන්න. එක වයර්කැ බැල්ලක් චාජර් කොන්ට්‍රෝලර් එකේ බැටරි අවුට්පුට් අග්‍රයට සම්බන්ධ කරන්න. ඒම වයරයේ අනිත් කෙලවරට බැටරි ක්ලිප් දෙක සම්බන්ධකරන්න. ඉන්පසු ඒවා බැටරියට අමුණන්න. චාජර් කොන්ට්‍රෝලර් එකේ වෝල්ටේජ් අවුට්පුට් අග්‍රයට ඉන්වර්ටර් එක සම්බන්ධ කරන්න. ඉන්වර්ටර් එකේ ස්විච් එක දැමූ විගස ඔබට AC 230 V ලැබේ.   

(5) විදුලි කාර්මිකයෙකු ලවා ඔබගේ නිවසේ ඇති විදුලි බල්බ ඇති පරිපථ සියල්ල, 230V චේන්ජ් ඕවර් ස්විච්      එක මගින් ප්‍රධාන විදුලි පරිපථයෙන් වෙන් කරගන්න. එවිට වැසි දින වලදී බැටරිය චාර්ජ් නොවන නිසා, අවශ්‍ය විට, නැවතත් විදුලි බල්බ සියල්ලම ප්‍රධාන විදුලි යෙන් ක්‍රියා කරවිය හැකිය. විදුලි බල්බ ඇති පරිපථයට විදුලිය ලබාදියහැකි පරිදි පරිපථයට ප්ලග් බේස් එකක් සවිකර ගන්න.     

(6)  ඉතිරි වයර් කැබැල්ලේ දෙකෙලවරට ප්ලග් ටොප් දෙක සවිකර ගන්න. එක ප්ලග් ටොප් එකක් ඉන්වර්ටර් එකේ ඇති සොකට් එකට සම්බන්ධ කරන්න. අනිත් ප්ලග්ටොප් එක විදුලි බල්බ ඇති පරිපථයට සවිකර ඇති ප්ලග් බේස් එකට සවිකළ විගස එම බල්බ සියල්ලම දැල් වෙනුයේ ඔබ විසින් හිරු එළියෙන් නොමිලේ නිපදවාගත් විදුලියෙනි. LED ලාම්පු 12ක් පමණ එළිවන තුරුම මේ ආකාරයට දැල් විය හැකිය. පලවෙනි හරස්වීදියේ ඇති ලාබෙට දෙන බාල චීන ඉන්වර්ටර්  සහ චාර්ජ් කොන්ට්‍රෝලර් දින දෙක තුනකින් පිලිස්සී යන බැවින් උසස් තත්වයේ ඒවා පමණක් මිලදී ගන්න.  

(7) මං කරනවා වගේ...ලයිට් ගිය දවසට මගුල්ගෙදර වගේ හතරවටේ ඇති ලයිට් සියල්ලම දමා
 අසල්වැසියන්ගේ ඊර්ෂ්‍යාවට භාජනය වන්න.        

(8) මෙම පද්ධතිය මගින් ලැප් ටොප්, රේඩියෝ, කුඩා LED TV, ෆෝන් චාජ් කිරීම කල හැකිය. ෆෑන්, ෆ්‍රිජ්, වතුර මෝටර්, වොෂින් මැෂින්, එයාකන්ඩිෂනර්, බ්ලෙන්ඩර් ක්‍රියා කරවිය නොහැකිය. (හේතුව මෙමගින් නිපදවන විදුලිය හතරැස් තරංග ආකාරයට ලැබීම...) අදාලනෑ !

                          ලංකාවේ තිබෙන ගොඩනැගිලි හා නිවාස සියල්ලේම විදුලි පහන් මේ ආකාරයට දල්වා පින්කෙත හෙළ රන් දෙරණේ... බලශක්ති අර්බුධය විසදිය හැකිය. පැය දොළහක් හිරු එළියෙන් නැහැවුන රටක...ලයිට් ගිය විට කරුවලේ සිටීම හරිම පව්ය.   


ප:ලි... 
ඔය විදුලිබල ඇමතිකම දීපං සරත් විමලසූරියට !



 

Sunday 5 June 2016

මං කොයිවගේද 7















මම කොයිවගේද 4

මං කොයිවගේද 4
ඉස්පිරිතාලවල නිදිමරාගෙන කට්ට කාපු ජීවිතේදී...අමතක නොවෙන දේවල් ගොඩක්උනා...මේක උනේ බලපිටියෙ ඉස්පිරිතාලෙදිි...අවරුදු හතක විතර කොල්ලෙක් ගෙනාව එක කකුලක් කලවේ ඉඳන්පහතට තාර වලට පිච්චිලා. මුළු කකුල පුරාම තාර එකයි...කොල්ලා මරහඬ තලනවා පලාතම දෙවනත් වෙන්න. මං හිටියෙ ඇඩ්මිෂන්. ටිකට් එක නොලියම ඌ ගෙනිච්ච ටැප් එක ලඟට කකුල නිවන්න...එතැනදී තමයි තාත්තගෙන් ඇහුවෙ මොනවද උනේ කියල...තාත්තා කියන තන්දරේ මෙහෙමයි...එයාලගේගෙවල් ළඟ පාරේ තාර දානවලු. අයියයි මල්ලියි කොල්ලෝ දෙන්නටත් ඕන උනා ගල් උඩින් තාර දාල පොඩි පාරක් හදන්න. පීප්පෙන් තාර හොරකං කරපු මුන්දෙන්නා, තාර උනුකලා පරණ සායම් ටින්එකකට දාලා. අයියා උස්සලා නටන තාර බාල්දිය දුන්නා මල්ලිට...හුකා...(බලපිටියෙ භාෂාවෙන්)...බාල්දියේ පතුල ගැලඋනා එකපාරටම...කකුල දිගටම තාර...
ඉක්මනට ටිකට්එක ලියලා කොල්ලා යැව්වා වාට්ටුවට. ඌ වාට්ටුවට යැව්වට මගේ හිතට හරිනෑ. වාට්ටුවේ දොස්තර මේක අයනු..ලයනු...අලකරයි කියල මගෙ හිත කියනව. OPD එක අතඇරල දිව්ව වාටුවට...යනකොට වැඩේ පටන්ගත්ත විතරයි. කකුල් හම ගැසීමේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව...
උපදෙස් පරිදි...සැව්ලෝන් පොඟවපු...ගෝස් වල ඔතපු පුළුන් ගුලිවලින් තාර අයින් කරන්න ට්‍රයි එකක් දෙනව ඇටෙන්ඩන්ට්...හමත්එක්ක ගැලවිලා එනකොට කොල්ලා හූතියනව. Doc...Shall I handle this case...Ok Sarath...go ahead ! තාර උණුකරන සෙල්ලම මාත් ඇතුළු අපේ කාලේ ළමයි කරපු වැඩක්...කොල්ල ඉස්පිරිතාලෙට ගෙනාපු ගමන් ඔළුවට ආවෙ ඒක...භූමි තෙල්...අන්න බෙහෙත...සාමාන්‍ය විද්‍යාව ද්‍රාව්‍යතාවය පාඩමේදී ඉගැන්නුව පැට්‍රෝල් වල...භූමිතෙල්...වලටත් වඩා හොඳට තාර දිය වෙනව කියල. පැට්‍රෝල් වලට දැවිල්ල එයි කියල හිතුන...මං ඉන්වෙන්ටර්නේ...නරකද කොක්ටේල් එකක් ට්‍රයි කරොත්...කොල්ලගේ තාත්තට කිව්ව තැපැල් නයින්ටියෙන් ෂෙඩ් එකට ගිහිං බූමිතෙල් බෝතලෙකුයි..පැට්‍රොල් බෝතලේකුයි අරං එන්න කියල හැරෙනතැපෑලෙන් බඩු ගෙනාව...පුතා...මේව තාක්ෂණික ගැටළු...හුකා...පුළුවන් නම් හම ගලවන්නේ නැතුව අයින්කරපංකෝ තාර...
මංම ගේමට එන්ටර් උනා...ලොකු භාජනේකට දාල හැදුව කොක්ටේල් එක...තියපන් කොල්ලෝ කකුල මේ බේසම උඩින්...කකුල උඩට වරින්වර වක්කරනවා කොක්ටේල් එක...හුකා...තාර වහාම දියවෙවී බේසමට වැක්කෙරෙන්න පටන් ගත්තා. අත තියන්නෙත් නැතුව කකුල නීට්එකට ක්ලීන් උනා. කොල්ලා ඉක්මනටම ගාල්ලට යැව්වා සර්ජන් ගාවට. හුකා...ගෙදර එනගමන් බියර්එකක් ගැහුවා සංතොසේ වැඩිකමට.