Sunday, 5 June 2016

මං කොයිවගේද 7

මං කොයිවගේද 7
ඉතිං ලයිසොං කරදහිය ගත්තොත් විම්ගේ පරණ ට්‍රාන්ස්මීටරයක් මට තෑගී කරනව කියල වීම් කිව්ව. කිව්ව වගේම ජපන් Yaesu FT77 ට්‍රාන්ස්මීටරයක් මට දුන්න. ඌ හා කිව්වනම් හා...බෑ කිව්ව නම් ඉතිං බෑම තමයි. වීම් රේඩියෝ තියරි දැනන් හිටියට අඬු පඬු වලින්...ටූල් භාවිත කරල කරන වැඩවලින් නිර්මාණාත්මකව වැඩක් කිරීමේදී නන්දන බාසුන්නැහේගේ හොඳම ගෝලයට වඩා හුඟක් පහලින් හිටියෙ. ඌ ඒක මුලින් කොහොමවත් පිලිගත්තේනෑ (සුද්දනේ). මිනිහ හදල තිබුන Bird Cage ඇන්ටෙනා කියල යෝධ ඇළුමේනියම්ඇන්ටෙනා එකක්. ඒක තමයි අර පොල්ගහේ එල්ලලා තිබුණු අටමගලේ. මේක 20Meter Band එකට තමයි හදල තිබුනෙ. එත් දහිර වාට්ටුව වගේ හෙල්ලෙනවා මූදු හුළඟට. මේක මිනිහ මට හමුවෙලා දවස් දෙකකින් කඩන් වැටිලා කුඩුපට්ටම් උනා. මං ඇහුව මංමේක කැඩෙන්නේ නැතිව හදල දෙන්නද කියල...උඹ මේ අදඊයේ ගහෙන් බැහැපු තුන්වෙනි ලෝකේ වඳුරු පැටියෙක්. Don't talk bullshit about HF Antennas. කනට ගැහුව වගෙයි මට දැනුනෙ. එත් මං කිව්ව... නෑ වීම් මටමේක හදන්න පුළුවන් ඇලුමේනියම් පයිප්ප අරං දුන්නොත් කියල. හරි යමං... හාඩ්වෙයාර් එකට මං අරං දෙන්නම්...හැබැයි මගේ සල්ලි නාස්ති කරල...උඹට වැඩේ කරන්න බැරිඋනොත් I'll Kill You. ඌ බඩුටික අරංදුන්න... diagram එකදුන්න හදපන් කිව්ව...මං උදව් කරන්නෙ නෑ උඹ හදල පෙන්නපන් ! දවස් තුනක් දිගටම නයිට් ඩියුටි දාගෙන දවල්ට Antenna එක හැදුව. විම්ගෙ Nut & Bolt වෙනුවට මං ගැහුව පොප් රිවට්. මූදු හුළඟට මලකඩ කන්නේ නැති නිසා පයිප්ප ජොයින්ට් කලාම කරන්ට් එක හොඳට පාස් වෙනව. වීම් Antenna එක හදන තැනින් එහාට මෙහාට ගියාට උපදෙස් දෙන්න ආවේ නෑ. දැක්කේ නෑ වගේ යනව. දවස් තුනෙන් පොලවේ ගැහුවත් කැඩෙන්නේ නැති විදියට හැදුව ඇන්ටෙනාව. Wim your fucking antenna is ready....Holy Fucking Shit...!!! this Fuck is really beautiful සුද්ද සතුට ප්‍රකාශ කළා.
මිනිහ Kenwood ට්‍රාන්ස්මීටරේ ගෙනාව එලියට කූරු වල දිග එහෙට මෙහෙකරල ටියුන්කළා. මං දන්නේනෑ ඇන්ටෙනා ටියුන් කරන හැටි SWR මීටරේ පාවිච්චි කරල...මිනිහ මට කියල දුන්න. එක පාරයි...ඩවුන් ලෝඩඩ්.
ෆො එව. සීකිව්...ඩීඑක්ස්...සීකිව්...ඩීඑක්ස්...දිස් ඉස්...ෆෝ...ෂුග සෙවන්...ස්ලෑෂ්...ඔස්ක...නොවැම්බර්...සික්ස්...ටැංගෝ...සුලු..කෝලින් ..සීකිව්...ඩීඑක්ස්...ඇන්ඩ්...ස්ටෑන්ඩින් බයි...ඇන්ටෙනාව යුරෝප් පැත්තට හරවලා සුද්ද කෑගැහුව...ඉටැලි සුළු ෆෝ යැංකි..යැංකි යු ආ ෆයිව් ඇන්ඩ් නයින්...උත්තරේ ආව ඉතාලියෙන්. ඊට පස්සේ බලු පොරේ වගෙයි අපට කතාකරන්න මුළු යුරෝපෙම පොරකනව. My good Friend... We Must Celebrate. මොනවද උඹට ඕනෙ...බැටර් ප්රෝන්ස් ඇන්ඩ් බියර්...රෑවෙනකම් බියර් කීයක් බිව්වද මතකනෑ.
මිනිහ ඊළඟ සැරේ ලංකාවට එනකොට. මං HF, VHF,UHF ඇන්ටෙනා ගැන කියවලා අත්හදා බලලා ඇන්ටෙනා "ලෙබ්බෙ පකීර්" ! දැන් පුළුවන් සුද්දන්ට ටියුෂන් දෙන්න. මේ දැනුම පාවිච්චි කළා යුද්දෙදි Signal Intelligence වලට. කොටින්ගේ දුර්වල VHF Signal අපි කොළඹ ඉඳන් ඇහුවා. මගේ Home Brewed Cubical Quad antenna පාවිච්චි කරල. ඩෝරා බෝට්ටු වල මං හයිකරපු 4EL PVC Cubical Quad antenna තවමත් ඉඳහිට දකිනව ගාල්ලේ හාබර් එක ලඟින් යද්දී. දුකක් වගේම සතුටකුත් දැනෙනවා...ඇයි කියල මං දන්නෙ නෑ. යකෝ...ඕක හදල දුන්නෙ මම...කියල කෑගහන්න හිතුනා මට !. අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ ලියපු අධිශ්ඨාණය පොතේ මං ගැනත් තියෙනවා. කාටද ආඩම්බර !














7 comments:

  1. ශ්‍රී ලංකාවට එපාවූ නව නිපැයුම්.. ඇඩෙනවා..

    ReplyDelete
  2. සරත් මහත්තය බුකියෙ මා එක්කත් කතා බහ කරල තියෙන කෙනෙක්. මම නම් දැනගෙන හිටියෙ නිරාගමිකයෙක් කියල විතරයි. යකෝ බලපුවම පට්ට වැඩකාරයෙක්නෙ.
    නේවි එකේ හිටියනම් අපේ සුමිත්ල එහෙම දන්නව ඇති.

    ReplyDelete
  3. මාර වැඩකරුවෙක්නෙ.

    ReplyDelete
  4. කැරකිල්ල හැදෙන වැඩ කියන්නෙ මෙව්වට... නොම්මර එකයි..!
    ජයවේවා..!!

    ReplyDelete
  5. ඇන්ටෙනා හැදිල්ලට මටත් පොඩි ආසාවක් තියෙනවා. දැන් ලාබෙට ගන්න තියෙන නිසා හැදිල්ල ගැන උනන්දුව අඩුයි.

    ReplyDelete
  6. සුපිරි වැඩ කාරයෙක්නේ.

    ReplyDelete