Tuesday 15 February 2022

බල දඩයම...

 

බල දඩයම...



ඔබ සියළුදෙනාම ජීවිතයේ එක වරක් හෝ බලමාළු අනුභවකර ඇතැයි මම සිතමි...
එහෙත් ඉතාම සුළු පිරිසක් හැර ධීවරයන් බලමාළුවන් අල්ලන්නේ කෙසේදැයි නොදන්නාබව මට සහතිකය.
ඔබ බොහෝවිට දන්නේ...
මාටින් වික්රමසිංහ මහතාගේ මඩොල්දූව පොතේ...
උපාලි ගිනිවැල්ල හොරෙන් බල ඔරුවකට ඇතුල්වී දියඹට ගොස්...
ඉඟුරන් මුහුදට වීසි කරමින් ධීවරයන් බලයන් බිලීබාන අන්දම ගැන කරන විස්තරයක් පමණි. මුහුදුබඩ ප්රදේශයක ජීවත්වුන කුඩා කාලයේ වැල්ලේ රී රැල්ලෙන් පුක හෝදපු මමවත්...
වර්තමාන ධීවරයන් බලයන් දඩයම් කරන්නේ කෙසේදැයි දැන සිටියේ නැත...



කන්ද උඩරට හෝ අනුරාධපුරේ ඇත්තන් ගැන කවර කතාද ? වර්තමාන ධීවරයන් බලයන් බිලීබාන්නේ මාර්ටින් වික්රමසිංහ මහතාගේ මඩොල්දූව නවකතාවේ පවසන ආකාරයට මුහුදට ඉඟුරන් විසි විසිකරමින් බිලී පිත්තෙන් නොවේ.... මාදැල් භාවිතයෙන් ද නොවේ. මට මේ බලයන් දඩයම් කරන අන්දම ගැන... සිරාවටම දැනගැනීමට
අවශ්යවූ නිසා... මාතර තොටමුනේ ධීවරයන් සමග දියඹට ගොස් බලයන් දඩයම් කරන ආකාරය සියැසින්ම දැකගැනීමට උත්සාහ කළෙමි. කුඩා කල සිටම මගේ එක් විනෝදාංශයක් වූයේ මාළු බෑමයි.
මාතර තොටමුනේ ධීවරයන් බලයන් දඩයම් කිරීම සඳහා පිටත් වන්නේ උදේ පාන්දර 4 ත්
5 ත් අතර කාලයේය. මම මගේ Fishing Rod එකත් රැගෙන පාන්දර 4:30ට පමණ තොටමුණ
ධීවර ජැටියට ගොස් මුහුදු යෑමට සූදානම් වන ධීවරයන් වෙත ගොස්... බලයන් ඇල්ලීම සඳහා මා දියඹට රැගෙන යන්නට කැමැති දැයි ඇසුවෙමි. ඔවුන් කිසිවෙක් ඒ සඳහා කැමති වූයේ නැත.



නොයෙකුත් හේතු කියමින් ඔව්හු මා දියඹට රැගෙනයාම ප්රතික්ෂේප කළහ...
නොපසුබස්නා උට්ඨාන වීර්යය ඇතිමා පළමු දිනයේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු දෙවැනි දිනයේද උදේ පාන්දර 4:30ට මසුන් මැරීමේ ආම්පන්නද රැගෙන දෙවෙනි සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණියෙමි... බෝට්ටු කිහිපයකින්ම නැවතත් ප්රතික්ෂේප වීමෙන්පසු... එක බෝට්ටුවක සිටි නිතර සිනාසෙන ප්රියමනාප මුහුණක් ඇති තොටමුණ ධීවර ගමේ තරුණයෙකු නොහඳුන මා දියඹ මුහුදට ගෙන යෑමට කැමැතිවිය.



ඔහුගේ නම චමින්දය... පට්ට හිතහොඳ කොල්ලෙකි.. තොටමුණ බජාර් එකේ ඔහු හඳුන්වන්නේ...
කොටියා යන අන්වර්ථ නාමයෙනි මහත්තයා නගින්න කියූ විගස මම බෝට්ටුවට පැන ගත්තෙමි.
කුඩා කල සිටම අම්බලන්ගොඩ මාළුබෝට්ටුවල සහ නේවි බෝට්ටු වල ගොස් පළපුරුද්ද ඇති නිසා කිසිම අවුලක් නැත. දැන් කළුකොටියා ෆුල් ස්පීඩ් මුහුදට කෙලගෙන යනවාය බෝට්ටුව මාරියාවේ වදිනවිට උඩ ගොස් බිම වැටේ...නියම සනීපදායක ජොබ් එකකි...කිලෝ මීටර් විස්සක් පමණ දියඹට ගියවිට මාළු කාරයන්ගෙ භාෂාවෙන්... පළවෙනි නැව් කෝස්එක හමුවේ
ඒ කියන්නේ ලංකාවට සමීපයෙන්ම ඇති නාවික ගමනාගමන මාර්ගයයි...අපි පතමෝල් නැව් අස්සෙන් රිංගමින් බලයන් සොයමින් කෘතීම ඇම් ගැටගැසූ යොත් දහයක් බෝට්ටුවේ පිටිපස ඇති ලී දණ්ඩේ ගැටගසාගෙන... ඒමේඅත දිව්වෙමු...අන්න #$@ගෙපුතෝ දියගහනවා...අවුළපන්... රත්නසිරි ඇණියේ රාල මොර දුන්නේය. දිය ගහනවා යනු වතුර අවුස්සමින් බලයන් උඩපනින එකට මාළු කාරයන්ගෙ භාෂාවෙන් කියන වචනයයි. මෙම දර්ශනය දුටු විගසම යොත් දහය ගැට ගැටගැසූ බෝට්ටුව දියගහන ප්රදේශය මතින් අධික වේගයෙන් ධාවනය කරවීම බෝට්ටු කාරයන් ගේ සිරිතයි...



ඊයම් වලින් සෑදූ මාළු ඔලුවක් වැනි බරුවකට බිලී කොක්කක් අමුණා එය වැසෙන පරිදි රතු පාට රිබන් තීරු වටේට ගැටගැසූ කෘතීම ඇමක් බලයන් ඇල්ලීම සඳහා භාවිත කරනු ලැබේ. ( පින්තුරය බලන්න )මෙම කෘතීම ඇමට බලයන් ඇදී එන්නේ...කාන්දමකට යකඩ ඇණ ඇදී එන ආකාරයටය...යොතක බලයකු ඈමිණුනු විගස බලයා වතුර මතුපිටට පැමිණෙන අතර...වතුර කපාගෙන ඌ ඉදිරියට එයි...එවිට බෝට්ටුවේ සිටින සගයන් දෙදෙනා අවරට ගොස් යොත අකුලමින් බලයන් බෝට්ටුවට ඇදගනු ලැබේ...බෝට්ටුවේ සිටින තුන්දෙනාම අවර ප්රදේශයේ සිටිනු දකින...ඇත සිටින බෝට්ටුවල මාළු කාරයෝ...පිස්සු බල්ලන් රංචුවක් මෙන් අප සිටින බෝට්ටුව දෙසට ඇදීආහ...ඔවුහු ඒ මේ අත බෝට්ටු අධික වේගයෙන් කරකවමින්...බලයන් අයින මතින්...බෝට්ටු ධාවනය කරමින් බලයන් අවුල වන්නට පටන් ගත්හ...මේ ක්රීඩාව විනාඩි පහකින් අවසන් වෙයි බෝට්ටු වල අධික ශබ්දය නිසා...බලයන් රංචුව වහාම ගැඹුරු දියට පලාගොස් කිලෝ මීටර් දෙක තුනක් ඈතින් නැවත මතුවෙයි... කිසියම් බෝට්ටු කාරයකු බලයන් දිය ගහනවා දැක්කවිට... ඒ ප්රදේශයට වේගයෙන් යන අතර...අනෙකුත් බෝට්ටු කාරයෝ මාරාවේශයෙන් එම ප්රදේශයට කඩාවදිති...එසේ පැමිණියා කියා මුල් බෝට්ටු කාරයාගේ අමනාපයක් නැත...



කිසිවෙක් කිසිවකුට කතා නොකරන අතර බෝට්ටු එකිනෙකා හප්පා ගන්නේ නොමැතිව...එකිනෙකාගේ යොත් පටලවා ගන්නේ නැතුව...කරන මේ බිහිසුණු ධාවන තරඟය... මාරාන්තික එකකි. ඇණියේ උඩ පහත වීසිවෙමින් සිටින මට උස්සලා පොලවේ ගහනවා වැනි හෝ යකඩ පොල්ලකින් ඔලුවට පත බානවා වගේ අධික වේදනාවක් ඇතිවිය...
බලයන් දිගටම උඩ මතුවෙමින් දිය ගසන්නේනම්...මේ ක්රීඩාව සවස් වන තුරුම සිදුවෙයි. නමුත් බොහෝ විට දහවල් 12 පමණ වනවිට බලයන් රංචුව ගැඹුරු දියට පලායයි. දිය ගැසීම නැවතුණු වහාම...බෝට්ටු කාරයෝ ගොඩබිම දෙසට අඩු වේගයකින් පැමිණෙති. මාළු විකුණන තොග මුදලාලිට...තෙල් ගැසීමට ණයට මුදල් දුන් මුදලාලිට සහ බෝට්ටුව අයිතිකරුට මුදල් දුන් පසු බෝට්ටු පදවමින් අව්වේ කර වෙමින් වෙහෙස වෙමින් මාළු අල්ලනට සැබෑ ධීවරයාට ලැබෙන්නේ සොච්චම් මුදලකි. ඇඟපතේ අධික වෙහෙස නිසා සිගරට් අරක්කු ගංජා බීම අනිවාර්යවී ඇත. දරු පවුල් නඩත්තුව සඳහා ඉතිරිවන මුදල කිසිසේත් ප්රමාණවත් නැත.



2 comments:

  1. මමත් එකම එක සැරයක් ඕමාන් බෝට්ටුවක ටූනා ෆිශින් ගියානේ...ටූනා ෆිශින් ඉවරවෙනකොට බෝට්ටුවෙ ඉස්සරහ තියෙන අල්ලපු මාලු දාගන්න ඉඩ මස් කඩේ වගේ ලේ වලින් නෑවිලා....ජීවිතේට එකසැරයක්වත් ඔය වැඩේ නොකොලොත් අපරාදේ....!!!

    ReplyDelete
  2. පාඨශාලා අධිපතිවරයෙක් ලෙස කටයුතු කොට විශ්‍රාම ගත් මගේ පියා ඔබගේ ෆේස්බුක් සටහන් සහ මෙම බ්ලොග් අඩවිය නොවරවාම කියැවූ අයෙක්. මෙම බ්ලොග් අඩවිය පසුගිය දිනවල දිස්වුයේ නැති බවත් ඔහු පැවසුවා. මාත් මෙහි පලවූ ඔබගේ පුංචිනිලමේ මහතා සම්බන්ධ සටහන නැවත කියවන්න ආසාවක් ඇතිව ඒ ගැන සොයද්දී වැටහුනේ බ්ලොග් අඩවිය දිස්වන්නේ නැති බවයි.

    කොහොම උනත් ම‍ගේ පියා මිය පරලොව ගියා මීට මාස කිහිපයකට කලින්. ඔහුගේ සිත් ගත් අයෙක් නුබ. ඔහු මා හට පවසා තිබුනා විවිද අයගේ නම් පවසා ඒ අය මේ රටේ වාසනාවට බිහි වූ අය බව ඔහුගේ දෘෂ්ටිය ඔහුට සිතෙනා බව. වික්ටර් අයිවන්, මහින්ද දේශප්‍රිය, සරත් විමලසුරිය වගේ අය ගැන ඔහු එසේ සදහන් කෙරුවා.



    ReplyDelete