Friday 7 June 2019

බෝම්බ සහ සැත්කම්


මම බෝම්බ පිපුරූ විට...
කතෝලිකයන්ගේ පැත්ත ගත්තෙමි...
මුස්ලිම්වරු මට ජාතිවාදියායයි කිවූහ...
මගේ නවපරපුරේ මිතුරෝ නිහඬවූහ...
ආදිකල්පික මිනිසුන් යුධ සමයන් වලදී... ඔටුසම්වල ලියූ වෛරී ප්රලාප හදවතින්ම ක්රියාත්මක කරන්නටයෑම නිසා මේ බෝම්බ ප්රහාර සිදුවූ බව කීවිට... මුස්ලිම් FB මිත්රයෝ මා හැරගියහ.
මුස්ලිම් වරුන්ට ගහනවිට...
මම මුස්ලිම්වරුන්ගේ පැත්ත ගත්තෙමි...
කඩ ගිනි තැබීමට පක්ෂ සැදැහැවත් බෞද්ධයෝ මගේ අම්මා තම්බි ගාවට ගියාදැයි ඇසූහ...පුද්ගලික අපහාස නොඉවසන මම ඔවුන්න් බ්ලොක් කළෙමි.
මුස්ලිම් වහබිවාදය සහ ව්යාප්ත වාදය මුස්ලිම් සමාජය තුල සීඝ්රයෙන් ලොව පුරාම පැතිරෙමින් තිබෙන බව කිව්වෙමි. ආක්රමණික මුස්ලිම්වරුන් භයානක පිළිකුල් සහගත සතුන් කොටසක් ලෙස යුරෝපීයයන් , ඇමරිකානුවන්, ඕස්ට්රේලියානුවන් සිතන බව කිව්වෙමි. මහල්ලන් වයස දොළහේ ගැහැණු දරුවන් විවාහ කරගැනීම වැරදි බව කීවෙමි. ලංකාවේත් වහබිවාදින් සමූහයක් සිටිනබව කිව්වෙමි...
කාත්තන්කුඩිය පුංචි අරාබියක් වී ඇති බව කිව්වෙමි...මද්රසා පාසැල් මගින් ආගමික අන්තවාදය උගන්වන බව කිව්වෙමි...
ඉතුරුව සිටි මුස්ලිම් FB මිත්රයයෝද, මුස්ලිමුන් මිනීමරණ විට නිහඬවසිටි...මා බෙහෙවින් ප්රියකළ රැඩිකල් මිත්රයෝද මාහැර ගියහ...
මම කවදත් සිට ගත්තේ...මට සාධාරණ යයි සිතෙන පැත්තේය...
තවමත් මට ප්රිය කරන මිතුරන් රැසක් සිටින බව...
මරණයේ දොරකඩට සපැමිණ ආපසු පැමිණි මම දැන ගතිමි...
වසර විසිහතරකට පෙර කරන ලද බයිපාස් සැත්කමක් නිසා...උරස් කුහරයේ ඇති වූ සංකූලතාවයක් නිවැරැදි කර ගැනීමට වසර ගණනාවක් උත්සාහ කළෙමි. ශල්ය වෛද්යවරුන් පස් දෙනෙක් සම්පූර්ණයෙන්ම සිහිනැති කළයුතු මෙම අනතුරුදායක... වගකීමක් භාරගත නොහැකි...එක් වරම හෘදය අකර්මණ්ය විය හැකි...සැත්කම කිරීමට භාරගත්තේ නැත. ශල්ය වෛද්ය අනුජ සෝමරත්න...සහ නිර්වින්දන වෛද්ය ප්රගීත් පතිරගේ...මම 50% අවදානමක් ගැනීමට කැමති නම් නම් ශල්ය කර්මය කිරීමට කැමතිවූහ...At my own risk
මම බොහෝ වාර ගණනක් මරණය සමග බූරුවා ගැසූ මිනිසෙකි...4s7sw.blogspot.com
බ්ලොග් අඩවියේ මගේ අරුම පුදුම ජීවිත කතාවෙන් සෑහෙන කොටසක් මා ලියාඇත...
තව වැදගත් කොටස් කීපයක් ලිවීමට ඇත...
හැමදාම කොලේ වැටුණේ මගේ පැත්තටය...
මෙවරත් මම දිනුවෙමි...රජයට බරක් නොවී මා මොළය විකුණා උපයාගත් සාධාරණ මුදල් ගෙවා ආසිරි සර්ජිකල් රෝහලෙන් ශල්යකර්මය කරවා ගත්තෙමි. සැත්කම 100% සාර්ථකවිය. සුවය ලබමින් සිටිමි !!!
ශ්රේෂ්ඨ අති දක්ෂ වෛද්යවරුනි...
මට අවංකව ආදරය කරන දුටු නුදුටු FB සහ බ්ලොග් ප්රිය මිතුරනි...මං නුඹලාට හදවතින්ම ආදරෙයි.

7 comments:

  1. You are not alone in this issue, take it easy (or use Green/Blue/Red glass to see everything, then you see only what you want to see)

    Good to hear you are recovering.

    ReplyDelete
  2. මේ අයිඩියානන්ද ලොක්කා ඔහේ හිතන් ඉන්නේ එහෙම ඉක්මණට යන්නද? එවා වානා හරිය. මාරයාත් රජයේ සේවකයෝ වාගේ පගා මරුවා. ඔහේට තව වැඩ ගොඩාක් කරන්න තියෙන හින්දා ඉතිං අපි මරුවාට පොඩි ජරාවක් දුන්නා. ඉක්මනට සනිපවෙලා වරෝ........

    ReplyDelete
  3. ඔයාට එච්චර ඉක්මනින් මෙ රටෙන් බේරිලා යන්ට බෑ ලොක්කා. තව ඇමතිලා 5කට වත් වාහන ගන්න බදු ගෙවන්න ඔයා හමබකරන්න ඕනි

    ReplyDelete
  4. බය වෙන්න දෙයක් නෑ ඉස්සරහටත් කොලේ බොස්ගෙ පැත්තට වැටෙයි.

    ඉනිමගක් රේල් ගේට්ටුවක් කරන්න පුලුවන් කාලයක් එනකල් ඔහොම යං.

    ReplyDelete
  5. ඔබගේ ෆේස්බුක් ගිණුම මා නොවරදවාම බලනවා. එනමුත් මෑත කාලිනව නම් මා එය කියවීම අත්හැරියා. ඔබගේ අදහස් අන්තවාදී බව මට පෙනුනේ.

    ReplyDelete
  6. ගිය වතාවේ මවුන්ට් එලිසබෙත් නංගි බලන්න ගියපු වෙලාවෙන් අපි ඩිංගක් විතර බය උනා. ජය වේවා

    ReplyDelete