Saturday, 12 May 2018

මහළු දිවියට මගෙන් උපදෙස්

මහළු දිවියට මගෙන් උපදෙස්...
(1) ගෙදරින් පිටත්වීමට පෙර... 
ඇඳන් ඉන්නේ ටීෂර්ට් එකේ නිවැරදි පැත්ත දැයි බලන්න
(2) කලිසමේ සිප්එක දිහා බලන්න හ..හ...හා 
(3) ගෙදරින් පිටත්වනවිට පර්ස් එක ෆෝන් එක ගත්තා දැයි බලන්න 
(4) ගෙදර එන්නට පෙර පර්ස් එක ෆෝන් එක තිබේදැයි බලන්න 
(5) ගෙදර ආපසු ඔයදෙක තියන්නට නිශ්චිත තැනක් හදාගන්න 
(6) ATM එකෙන් කාඩ්එක ගත්තාදැයි බලන්න
(7) උදන්ම කරන්නට ඇති වැඩ ලැයිස්තුව ලියාගන්න (මම දිනපතාම කරන වැඩකි )
(8) ටවුමට ගිය පසු නෝනා බාරදුන්නු අනිවාර්ය රාජකාරි සියල්ලම කරාදැයි ලැයිස්තුව පිරික්සන්න 
(9) 70ට වැඩිනම් තමන් ආසා කෑම බීම ඕනෑම එකක් පොඩි පාලනයක් ඇතුව කන්න 
(10) තමන්ට ඇති දේපල තමන් මියගිය පසුව පමණක් අයිති වන ලෙස ළමයින්ට සාධාරණව බෙදා දෙන්න 
(11) තමන් ඉතිරි කර ඇති මුදල්සියල්ලම දරුවන්ගේ වැඩ වලට වියදම් නොකරන්න (ඉතාම වැදගත්) 
(12) ලොකු TV එකක් අරං තමන් කැමති දෙස් විදෙස් චිත්‍රපටි බලන්න, සංගීතයට සවන් දෙන්න පොත් කියවන්න. (ඩිප්රෙෂන් ලොවෙත් හැදෙන්නේ නැත, තනිකමක් දැනෙන්නෙත් නැත)
(13) හැකි තරම් පැරණි මිතුරන් හමුවන්න. ඔවුන්ගේ ප්‍රශ්ණ වලට ඇහුන්කම් දෙන්න
(14) දිනපතා ඇවිදින්න
(15) බයිසිකලයක් ගන්න කෙටි දුරවල් බයිසිකලයෙන් යන්න. එය (ඔබේ නම්බුවට බාධාවක් නොවේ) 
(16) පාන්පිටි ආහාර ඔබට තහනම්ය. පාන්,බත් කොත්තු, පරාටා, ගෝදම්ඹරොටි, රෝල්ස්, මාළුපාන්, පේස්ට්‍රි,කේක්,අයිස්ක්‍රීම්, පැණිරස කැවිලි ජාති, කිඹුලා බනිස් කෑමෙන් සම්පූර්ණ යෙන්ම වැළකෙන්න. සීනි යනු භයානක වස වර්ගයකි. පාන්පිටි, බත් සහ අධික සීනිභාවිතය හෘද රෝග වලට මූලික හේතුවකි. බිත්තර, බේකන්, බටර් ඔබට කිසිසේත්ම ඔබට අගුණ නැත. ඒවා නිසා කොලෙස්ටරෝල් හැදෙන්නේ නැත (නවතම පර්යේෂණ අනුව). ඒවා රසවිඳින්න. 
(17) දවල් කෑමවේල සම්පූර්ණ යෙන්ම මග හරින්න. කොම්පියුටරේ ලැගලා ඉන්න එකෙකුට බත් පිඟන් තුනක් හොඳටෝම වැඩිය. බඩ නෙරා එන්නේ ඒකය. බර වැඩ නොකරන කෙනෙකුට දිනකට කෑමවේල් දෙකක් හොඳටම ප්‍රමාණවත්ය. දවල්ට කෙසෙල් ගෙඩි දෙකක් හෝ තමන් කැමති පළතුරක් කන්න (පීප්ප වැනි බඩගෙඩියන්ට විශේෂයි). කෑම වේලේ ඇති බත්ප්‍රමාණය අඩුකර එළවළු,මාළු ප්‍රමාණය, වැඩිකරන්න. මෙසේකලොත් බඩගෙඩිය බලන් ඉද්දී අඩුවනු ඇත. 
(18) ලෙඩ රෝග තිබේනම් ඒගැන අන්තර් ජාලයේ ඇති නවතම කරුණු පිරික්සා බලන්න. බොහොමයක් ලංකාවේ චැනල් මුදලාලිලාට තම දැනුම අප්ඩේට් කරගැනීමට වෙලාවක් නැත. ඔව්හු වට්ටෝරු වෙද්දුය. ඔවුන් නියම කරන බෙහෙත්ගැන අන්තර්ජාලයේ විමසීමක් නොකර එක දිගට නොගන්න. ඔව්හු බෙහෙත් වල භයානක අතුරු ප්‍රථිපල ගැන ඔබට කිසිවක් කියන්නේනැත. 
(21) තමන්ට විසඳීමට බැරි ප්‍රශ්ණ ගැන සිතමින් ලත නොවන්න. පූජ්‍ය පක්ෂයට හෝ ගුප්තශාස්ත්‍ර පකීර්ලාට ඒවා විසඳාදිය නොහැකිය. ඒවා කාලය විසින් විසඳනු ඇත. 
(22) දිනපතා මල්ටි විටමින්, ෆිෂ්ඔයිල් කැප්සියුල් එකක්, ඇස්පිරින් පෙති බාගයක් ගන්න (වයසට යනවිට ආහාර වල ඇති විටමින් ශරීරයට උරාගැනීම අඩුවෙයි) 
(23) මාසෙකට අඩුම තරමින් දිනක් දෙකක් උපවාසයේ යෙදෙන්න (ශරීරයේ තැන්පත්වී ඇති මේදය දහණය වීම සඳහා intermittent fasting ) 
(24) රෑට මත්පැන් ඉතාම ස්වල්පයක් හෝ වයින් ටිකක් බොන්න. සුව නින්දක් ලැබෙනු ඇත (කණපැලෙන්න බොන්න එපා යකෝ).
25) දුම්බීමෙන් වලකින්න
(26) තමන්ගේ වැඩිහිටි දරුවන්ගේ වැඩවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවන්න.
(27) මුණුපුරු මිණිපිරියන් සමග හැකිතරම් කාලයගතකරන්න. ඔබගේ ජීවන අත්දැකීම් ඔවුන්ට කියන්න. ඔවුන්ට ඒවායින් පාඩම් ඉගෙනගන්න කියන්න. ඔබේ දැණුම ගුරුමුෂ්ඨි ඔවුන්ට දෙන්න.. මේ සමාජයේ ඇති විෂඝෝර වනසතුන් වැනි මිනිසුන්ගෙන් බේරී ජීවත්වන අන්දම ඔවුන්ට කියාදෙන්න
(28) කිසිම කෙනෙකුට ණයට මුදල් නොදෙන්න. දේපල උගසට තබා බැංකුවලින් විශාල ණය ගෙන අවදානම් ආයෝජන නොකරන්න. එසේ කළහොත් අන්තිමට ඉන්නවෙන්නේ කොට්ටම්බා ගසක් යටය. 
(29) වැඩකට නැති සමිති සමාගම් වලින් ඉවත්වන්න. ඉතාම සීමිත යහළුවන් නෑයින් කිහිපදෙනෙක් පමණක් ලඟින් ආශ්‍රය කරන්න. වැඩකට නැති හාල්පාරුවන් කපාහරින්න 
(30) කිසිම දවසක නොගිය තැන් සහ අතීත මතක සැමරුම් ඇති තැන් බලන්නට යන්න. මුදල් යහමින් තිබේ නම් මේ යක්ෂ දූපතෙන් එලියට ගොස් සංචාරය කරමින් ජීවිතයේ ඉතිරි කොටස රස විඳින්න
## Some People Are Born Old ##


LikeShow more reactions

Thursday, 15 March 2018

පිටි ගුලියකින් වැසූ මහා මංකොල්ලය

හොර තක්කඩි දේශපාළුවෝ සහ ජන්දදායකයෝ....


ඔබ මේ පින්තූරයේ ඉන්නා මිනිසා කව්දකියා හොඳින්ම දන්නවා. ඔහු මේ රටේ මහජනතාවගේ මුදල්...රුපියල් බිලියන12ක් මහදවල් මංකොල්ලකා රටින් පලාගිය මිනිහෙක්. මේ මුදල් සියල්ල ලංකාවේ රජයට නැවත කිසිදා නොලැබෙනු ඇති. පිටි ගුලියක් නිසා ඇතිවූ මුස්ලිම් සිංහල කෝලාහලය ඇතිකලේ...මේ හොරකම සහ විශ්වාසභංගය වසා දමන්නට බව මෝඩ මිනිසුන්ට තේරෙන්නේ නැත. මොහු මහ බැංකුවේ අධිපතිකොට පත් කර මේ හොරකම බළල් අන්ඩ දමා සිදුකල හොරා අදටත් රටේ අගමැති ලෙස සිටිනවා....රටේ කිසිවකුට මේ ගැන වගේ වගක් නැත. ඉස්පිරිතාලෙක මිනිහෙකුට පහරදුන්විට පාරටපැන ටයර්පුච්චන මිනිස්සු...මේගැන නොදන්නාසේ සිටිති. මහා පුදුමයකි...කොළපාට කන්නාඩිය දාගත් එකාට රනිල්කල මේ මහා හොරකම පෙනෙන්නේ නැත. ඔවුන්ට අගමැති රනිල් මහා මොළ කරුවෙකි Mr Clean කෙනෙකි. නිල්පාට කන්නාඩිය දාගත් එකාට මහින්ද රාජපක්ෂ සහ සහෝදරයෝ කල මහා හොරකම් මිනීමැරුම් එකක්වත් පෙනෙන්නේ නැත. ඔවුන්ට ඔහු මහා දේශප්‍රේමියෙකි.රනිල් සහ මහින්ද සම්මන්ත්‍රණයකදී එකළඟ වාඩිවී සිනාසෙමින් සුහදව කතාකරමින් සිටින අන්දම රූපවහිණියෙන් දුටුවෙමි. ඔවුන් සිනාසෙන්නේ ඔවුන් දෙවිවරුන් සේ සිතාසිටින මේරටේ මහජනතාවටය. රනිල් සිරිසේන හවුල් ආණ්ඩුව...මහින්ද, පුතුන් සහ සහෝදරයන් අල්ලා හිරේ දමනතුරු UNP කාරයෝ බලාසිටිති. හොරු රංචු දෙකක් නොව ඇත්තේ එකම හොරුරංචුවක් බව ජහමනයාට වැටහෙන්නේ නැත. උන් පිල් වලට ජාති වලට ආගම් වලට බෙදී කා කොටාගෙන මරා ගනිති...අනෙකාගේ දේපල ගිනිතබති. පාර්ලිමේන්තුවේ මේ බැංකු හොරකමගැන කෑගසන JVP සහෝදරයෝ උසාවියේ වරෙන්තු කරුවකු වන මොහු සොයාගෙන එනමෙන් නීතීඥ වරයකු වන අගමැතිට බලකර...පාරට බහින්නේ නැත. දැන් ෆේස් බුක් ආදී සමාජජාලා  වසාදමා මහජනයාගේ කටට පිටිගුලියක් ඔබා තිබේ. අයියන්ඩී...අහෝ මේ කුමන වර්ගයේ රාජ්‍යයක්ද ? 

Sunday, 18 February 2018

අපි තුන්වේලටම බත්කාපු මිනිස්සු...



අපි තුන්වේලටම බත්කාපු මිනිස්සු...
මේ කියමන හරිද ? ඉස්සර කාලේ අපේ සීයලා ආච්චිලා කාපු විදියට කන්න කියලා සමහරු කියනවා...එහෙම කියන එක හරිද ? එළවලු පලතුරු සම්බන්ධව එසේ වුවත් බත්, අල, බතල මයියොක්කා (ටිකක් කන්න) සම්බන්ධයෙන් නම් එය නිවැරදි නැත. බිත්තර කන එක හදවතට අගුනද ? නෑ ගුණයි https://www.livescience.com/39353-eggs-dont-deserve-bad-rep…. චීස්, බේකන්, බිත්තර , බටර් , ඌරුමස් ආදියට කොලෙස්ටරෝල් වැඩිවන්නේ නැත. බේකන් කෑවම හාට් අටෑක් හැදෙනවද ? බඩ මහත්වෙනවද ?. නෑ ඔබට බඩ අඩුකරගන්න තිබෙන හොඳම ක්‍රමය... අඩුම තරමේ උදේටවත් බේකන් තීරු දෙක තුනක් ගිලලා දාන එක, නවතම පර්යේෂණ අනුව. https://ketogasm.com/the-bacon-experiment-interview/ . YouTube එකේ මේ ගැන විශේෂඥ වෛද්‍ය මතය තියෙනවා. (චැනල් සෙන්ටරෙන් සෙන්ටරේට මුදල් එකතුකරමින් යන. කිසිම පර්යේෂණයක් නොකරන අපේ විශේෂඥ තුමාලාගේ මතය නෙවෙයි). අපේ සීයලා ආච්චිලා දවසෙම වැඩකලා ජීවත් වෙන්න....දර කැඩුවා, දර පැලුවා, ලිපට පිම්බා, වී කෙටුවා, කුඹුරු වැඩ කලා, එළදෙන්නුන්ට තණකොළ කැපුවා, ඇණ තියාගෙන කිරිදෙව්වා, පොල්ලෙලි ගැහුවා. පොල් ගෑවා, මිරිස් ඇඹරුවා, වී කෙටුවා හාල් පෙළුවා, පාගන මැෂිමේ රෙදි මැහුවා, ළමයි වඩාගෙන දුරගමන් පයින් ගියා, බයිසිකල් පැද්දා උඹලා මේ මොනවත් නොකර නෙට් එකේ ලැගල ඉඳගෙන අලි බත්පිඟන් තුනක් තුන්වේලටම ඇදල අරිනවා. මගුල් ගෙදරක ගියහමත් කෑමජාති කොච්චර තිබුනත්...අලී බත් පිඟානක් බෙදා ගන්නවා. මං නම් ඇදලා අරින්නේ ඉස්සෝ, කජු, මාළු සහ චිකන්. බත්වල, පාන් වල තියෙන පිෂ්ඨය තෙල් බවට හැරිලා ඇඟේ තැන්පත් වෙනවා. හුඟක් අයියලාට ෆැටි ලිවර් බව එයාල දන්නෙත් නෑ. ඔය ඇඟ අඩුකරගන්න නම් දවල්ට කන්න එපා මනුෂ්‍යයෙකුට වේල් දෙකක් කෑවම හොඳටම ඇති ඒක හිඟන කමක් නෙවෙයි. දවල්ට නොකා ඉන්න එක පහසුයි රෑට නොකා හිටියම නින්ද යන්නේනෑ...රාත්‍රියේ නිදාගෙන බඩගින්නේ හිටපු නිසා උදේට කන්න ඕනේ...උදේට කොළ කැඳ එකක් ගැහුවට කමක්නෑ...ඒකෙන් බඩපිරුනු ෆීලින් එක එනවා ඒක මිසක් කොළ කැඳවල එතරම් පෝෂණ ගුණයක් නැත. උදේට බේකනුයි බිත්තරයි කන්න, බටර් සහ පාන් එක පෙත්තක්, පලතුරුත් සමග, ( මොනවා...සල්ලි නෑ බේකන් කන්න ? ටියුෂන් පාරක් දීලා සල්ලි හොයාගනින්) මේ නිසා එක බත් හැන්දක් දවසටම කාලා රෑට සැලඩ් එකක් කාලා නිදාගනිං. සීනි දාන්න එපා කිසිම දේකට. පැණිරස සම්පූර්නයෙන්ම කපාහැරපන්. බත්කාලා කෙසෙල් ගෙඩියක් කාපං මචං. රෑට පොඩි ෂොට් එකකුත් (එකම එකයි) දාපං මං වගේ (කණ පැලෙන්න බොන්න එපා බං) මොන ප්‍රශ්ණ තිබුනත් රිලැක්ස් එකේ නින්ද යනවා. පිරිමි ගැහැණු වෙනසක් නෑ. පුළුවන් නම් හවසට හැතැක්ම දෙකක් අවිදපන්. මගේ බර දැන් අඩුවේගෙන යනවා...කරලම බලපන් මචං

Friday, 2 February 2018

මම සහ මගේ පව්ලේ උදවියගේ ජන්ද භාවිතාව...

මම සහ මගේ පව්ලේ උදවියගේ ජන්ද භාවිතාව...
මගේ මවසහ පිය දෙදෙනාම ගුරුවරු වූහ. පියා බොහෝ දැනුමැති සිංහල සහ සිංහල සාහිත්‍ය ගුරුවරයකි. පුහුණු ගුරුවරියකවූ මව ඉගැන්වූයේ බුද්ධාගම, සිංහල සහ ඉතිහාසය යන විෂයන්ය. කරන්දෙණිය මධ්‍ය මහාවිධ්‍යාලයේ ඉගැන්වූ දෙමව්පියෝ මා දන්නා කාලයේ සිටම කැපුවත් කොළ වර්ගයේ UNP කාරයෝ වූහ.
ඒ නිසා මැතිවරණයකදී ජන්දය දීම, ඔවුනට මටමෙන් බරපතල ගැටළුවක්වූයේ නැත. පියා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී වීම සඳහා වෛද්‍ය M H සද්ධාසේන මැතිතුමාට බොහෝ උදව්කළේය. ඔහුට පසුව ප්‍රසිද්ධ ගණිතඥයකු වූ පී ද ඇස් කුලරත්න මහතා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී බවට පත්විය (දැන් ඉන්න පට්ට හොරුන් මෙන් නොව...ඔව්හු නියම අවංක, බුද්ධිමත්, ධනවත් මහත්තරු වූහ). සද්ධාසෙන, කුළරත්න, එම් එස් අමරසිරි යන තිදෙනාගේම මැතිවරණ වේදිකාවල ප්‍රධාන කථිකයකුවූයේ මගේ පියා වන ගුණපාල විමලසූරියයි. ඔව්හු මැතිවරණයක් ලං වත්ම මැතිවරණ වේදිකාවල කතාපැවැත්වීම සඳහා තාත්තා කැඳවාගෙන යෑමට ගෙදරට පැමිණෙති. තාත්තාගේ කවි, උපහාස රසය සහිත කතා ඇසීමට මිනිස්සු බොහෝ ආසා කළහ. මමද මීටිමේ මුල්ලකට රිංගා මේ කතා අසා සිටියෙමි.
ගුණපාල විමලසූරිය අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ පැවති UNP රැළි වල ප්‍රධාන කථිකයකු විය. කිසිම පුද්ගලික වාසියක් නොමැතිව ඔහු මෙසේ UNP දේශපාලණයට සම්බන්ධවූයේ මන්දැයි මම දන්නේ නැත. මගේ බාප්පා හිටපු ගම්පති සුමණපාල විමලසුරියද කැපුවත් කොළ වර්ගයේ UNP කාරයෙක් විය. සෑමදාම පටබන්දිමුල්ල කොට්ඨාශයේ UNP ජන්දපොල නියෝජිතයා වූයේ සුමණපාල විමලසුරියයි. එම වරදට 89දී JVP එකෙන් මහරෑ දොර කඩා ගෙට පැන, වෙඩිතබා ඔහු ඝාතනය කරන ලදී.
සම සමාජ පක්ෂයෙන් බලයට පැමිණි ධනවත් ලී මෝල් සහ වතු අයිතිකාරයකුවූ ඇල් සී ද සිල්වා මහතා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී බවට පත්වී දින දෙකක් ඇතුලත කල ප්‍රථම රාජ කාරිය වූයේ මගේ පියා නුවරඑළියේ හාවාඑලියට මාරු කිරීමයි. ඕකා...හීතල කාලා මැරේවි, කියා ඔහු පවසා තිබුණි. තාත්තාද නිකංම පරාජය බාරගන්නා කෙනෙකු නොවේ ඔහුගේ ගෝලයෝ බොහෝ පිරිසක් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ සේවය කළහ. ඔහු සති දෙකකින් මාරුවක් සාදාගෙන අම්බලන්ගොඩ අසල කුලීගොඩ පැත්තේ ඉස්කෝලෙකට නැවත පැමිණියේය. අපේ ගේ වටේටම සිටියේ අපට ඊර්ෂ්‍යා කල සමසමාජ සතුරන් පිරිසකි...ඔව්හු වහාම ඇල් සී ද සිල්වාට කියා තාත්තා නැවතත් ගමනාගමන පහසුකම් අඩු බලගොඩ නමැති දුෂ්කර ප්‍රදේශයට මාරුකළහ. මේ අන්දමට ඇල් සී ද සිල්වා මහතාගේ මන්ත්‍රී ධූර කාලය ඇතුලත ඔහු පාසැල් 17කට වරින්වර මාරු කරමින් ඔහුට හිරිහැර කලේය. සතුරෝ මෙයින් බලවත් සතුටක් ලැබූහ. මේ හිරිහැර කරදර නිසා තාත්තාගේ දේශපාලණ සතුරෝ අමන්දානන්දයට පත්කරමින් පියා හෘදයාබාධකට ලක්වී හෘදරෝගියකු බවට පත්විය. 77දී UNP එක බලයට පත්වූ පසු තාත්තට එතෙක් නොලැබූ උසස්වීම ලැබී ඔහු අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද ප්‍රථමික විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත්විය. ඉන් මාස තුනකට පසු දෙවන හෘදයාබාධයට ගොදුරුවී ඔහු විදුහල තුලම මියගියේය...
දැන් අපේ පව්ලේ උදවිය ගෙන් බාල සහෝදරිය සහ මල්ලි මහින්දගේ බයියන් බවට පත්වීඇත. දෙවෙනි සහෝදරිය සහ වැඩිමල් සහෝදරිය UNP එකට ජන්දය භාවිතා කරමින් සිට...මුන් ඔක්කොම හොරු බං කියමින් මෙවර එකෙකුටවත් ජන්දය නොදීමට තීරණය කර ඇත. මගේ ජන්දය...UNP එකට, ශ්‍රීලංකා එකට (චන්ද්‍රිකාට), මුල් අවස්ථාවේ මහින්දට. මහින්දගේ පුතුන් සහ හෙන්චයියන්ගේ හොර මැර මිණීමැරුම් නිසා. නැවත ගියවර UNP එකට ජන්දය දුන්නෙමි.එක එක පක්ෂවලට වරින්වර ජැක්ගසන මහානායක වරුන්ගෙන් දේශපාලන උපදෙස් ගන්නා ජෙප්පන්ගේ මෝඩ ශ්‍රී ලාංකික පන්නයේ එක්ස්පෙරිමන්ට් මෝඩ සමාජ වාදයට මං කැමති නැත. UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු කාරයෝ කරන තක්කඩි හොරකම්, මිණීමැරුම් වලට මට වගකියන්නට බැරි නිසා...මං මෙවර ජන්ද දෙන්න යන්නේ නැත...මගේ බිරිඳ මට ගෙදර වැඩතියෙනවා කියමින් මම කිව්වත් ජන්දය දාන්න කවදාවත් ගියේ නැත...දියණියෝ දෙදෙනාද දේශපාලණය ගැන කලකිරී මෙවර එකෙකුටවත් දෙන්නේනෑ කියා කියති...ජන්දය කටුගාන්න යන්නත් වරෙක සිතේ. ඔබ මෙය මෝඩ වැඩක් කියා කියනු ඇත. මට වෙන විකල්පයක් නැත.

Saturday, 2 December 2017

සිරිමගේ සාගත ආණ්ඩුව...


                                             
   හඳෙන් හාල්...සිරිමගේ සාගත ආණ්ඩුව... 
මෝඩ සිරිමාගේ ගොන් ආණ්ඩුව නිසා අපේ පව්ලේ ළමයි පස්දෙනාම අපමණ දුක් වින්දා...සිරිමා චීස් බටර් හැම් බේකන් මිදී ඇපල් ගිලලා ඊරි වගේ මහත් වෙද්දී...ඈ මුළු රටටම බත් වෙනුවට මයියොක්කා ගිල්ලෙව්වා. සමූපෙන් හාල් වෙනුවට දුන්නේ ඉන්නල. සිරිමාගේ ජනතා කොමිටි කාරයෝ උන්ගේ නෑයින්ට විතරක් පාන් දුන්නා. අපි ධර්මාශෝකේ මිදුලේ මයියොක්කා වැව්වා. අම්මා ඉස්කෝලේ (කරන්දෙණිය මධ්‍යමහා විද්යාලය) ඉඳලා එනකොට පර්ස් එකේ හාල් හංගා ගෙන ඇවිත් අපිට බත් උයලා දුන්නා. හාල් පොල්ලේ ඉන්න පොලිස් කාරයින්ටයි ජනතා කොමිටි කාරයින්ටයි අහුඋනොත් කම්මුතුයි. මිරිස් හාල් අල රටලූනු ගන්න සතොසේ කිලෝමීටර් බාගයක් විතර දිග පෝලිම් තිබුනා පාන්දර හතරට විතර නැගිටලා ගිහිං මන් පෝලිමට එකතු උනා. එදාට ඉස්කෝලේ ගියේ නෑ. බාල ඉන්දියන් නයිලෙක්ස් සාරියක් (සිරිමා ඇන්දේ කැෂ්මියර් සාරි), ජිල් කලිසමක්,කුණු බල කරවල කෑල්ලක් ගන්න ගෑණු පිරිමි ළමයි කට්ට අව්වේ සතොසේ දඟර පෝලිමේ හිටියා. අල්ලට සීනි අරගෙන ලෙවකාලා තේ බිව්නිසා...අත බලා සාත්තර කීම නැති උනා. හුඹස් මැටිමිශ්‍ර හකුරු මාකට් එකට ආවා.මොකද සිරිමො ගඳ...කුනුකරෝල ගඳ...කියකිය මිනිස්සු පාරෙ ගියා. ජන වසම කියලා එකක් හදලා පුද්ගලික වතුටික හෙංචයියන් රංචුවකට දීලා කාබාසිනියා කලා. ඒකෙ ලොක්කි උනේ චන්ද්‍රිකාගේ අක්කා සුනේත්‍රා. මේ අම්මණ්ඩි පවුල් පාලනේට මුල්ගල තිව්වෙ ඒ විදියට. තල්ගස්ගොඩ කුඹුරුවල පැල ඉන්දන්න කිලෝමීටර් දහයක් විතර ගුරුවරු පයින්ම අපිව ගිනිඅව්වේ දක්කන්ගියා. ඉස්කෝලෙන් දෙන මෙලෝ රහක්නැති මංචි බිස්කට් දෙකට අපි පොරකෑවා. 
දවසක්දා වැල්ලේ තිබිලා බාගෙට කුණුවෙච්ච ඇපල් ගෙඩියක් මට හම්බඋනා...නරක වෙච්ච කෑල්ල කපලා හොඳ කෑල්ල කෑවා...පට්ට රහයිනේ මේවා...එදා තමයි ජීවිතේ පළමුවරට ඇපල් කෑවේ. ඇපල් මිදී දකින්නවත් නෑ. මොන ටැලිවීසොන්ද...ඉස්තිරික්කයක් වැනි අත්‍යාවශ්‍ය විදුලි උපකරණයක් වත් කොහෙවත් ගන්න තිබුනේ නෑ. බවුත් එකක් ගන්න ප්‍රින්සිපල් ගෙන් ලියුමක් අරගෙන වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලිද්‍රව්‍ය සංස්ථාවේ පෝලිමේ ඉන්නඋනා.ටෙස්ටර්එකක් තිබුනේ විදුලිබල මණ්ඩලේ එවුන්ට විතරයි. 2500යෙ උතුම් මෙව්වඑකට හානි වෙනව කියල රූපවාහිනි සේවා පටන් ගන්න දුන්නේ නෑ...ලෝකය තාක්ෂණය සමග වේගයෙන් ඉදිරියට යද්දී සිරිමා රට ගල්යුගයට දක්කමින් තිබුනා. කොළඹට කෝල් එකක් තැපැල් කන්තෝරුවෙන් මලාට ගන්න බෑ. රට ගෙනියන්න පුළුවන් ඩොලර් පහක් විතරයි. ඒක ගන්න ෆෝම් පුරවලා කට්ට කාලා මහබැංකුවෙන් අවසර ගන්න ඕනේ. ඉස්සර ව්‍යවස්ථාවට අධිකරණයට අතතියන්න දේශපාළුවෝ මර බයයි...චන්දෙ කල්දාලා අවරුදු දෙකකින් කාලය දික්කරගෙන...වැරදි පූර්වාදර්ශයක් දීලා..ව්‍යවස්ථාවට පළමුවරට අතතිබ්බේ සිරිමා තමයි. එයිට පස්සේ ආපු එවුන් උඩ පැන පැන ඒක කලා...මොනවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා උන් දැනගත්තා. මන්ත්‍රී චිට් එකට ගුරුපත්වීම් CTB පත්වීම් දීලා මන්ත්‍රීලාට දූෂණයේ අත් පොත් තිව්වෙ සිරිමගේ ආණ්ඩුවෙන් තමයි. ඔය අම්මණ්ඩි ෆීලික්ස් කියන තක්කඩියා අතේ නැටවුන රූකඩයක් විතරයි. විදේශ අධ්‍යාපනය සිරිමගේ ළමයින්ට විතරයි. පිටරට රැකියා සිහිනයක් පමණයි. පස්සේ ආපු ශ්‍රීලංකා යූඇන්පී සියළුම දේශපාළුවෝ කොමිස් ගහලා විදේශ ණය අරගෙන වැඩකට ඇති සහ නැති යෝධ ව්‍යාපෘති කරලා...ගෙවන්න බැරි ණය කන්දරාවක් රටට උරුම කලා. දැන් ගෙවාගන්න බැරුව අමුඩේත් උකස් කරනවා. දැන් ඉන්න සෙල්ෆෝන් කනේ ගහන්ඉන්න...FB කොල්ලෝ කෙල්ලෝ මේවා දන්නෙනෑ.
ගුරුවරුන්ගේ දරුවන් නිසා අපි නොමැරී බේරුනා. අපි ඇට කෝටු වෙලා හරි බේරුනේ ලොකු අම්මා කොස් සහ මයියොක්කා බටපොලේ ඉඳලා ගෙනත් කැව්ව නිසා. හරි විදියට නම්...සැප්තැම්බර් 26 වෙනිදට...බණ්ඩාටයි (අපිට තිබුණු වීශිෂ්ඨ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන ක්‍රමය නැති කලාට ) රට අර්ධ කොමියුනිස්ට් රාජ්‍යයක් කල...උගේ මෝඩ ගෑණිටයි ඇන් ඇම්ටයි වලෙන් ආයෙත් ගොඩට අරගෙන වෙඩි තියන්න ඕනේ. මේ හරක් ජාතික වීරයෝ විදියට සලකලා සමරණ කොට ඇඟේ මාළු ගඟේ නටනවා.
## මේ උතුරු කොරියන් ස්ටයිල් මළ කරුමයෙන් අප බේරාගත්...JR බුදු වේවා ##
                  

Saturday, 28 October 2017

අලි මිනිස්ගැටුමට මැදිහත් වුනෙමි

                             
                                              2013 හොඳම නව නිපැයුම...රන් පදක්කම...බහුකාර්ය විදුලි වැට එනජයිසරය. මෙම උපකරණය පාවිච්චි කර ඕනෑම ගොවියකුට එක දිනකින් තමන්ගේ ඉඩම වටා මාරාන්තික නොවන ආරක්ෂාකාරී විදුලි වැටක් ඉදි කර ගත හැකිය. විශේෂයෙන්ම වල් අලින් පලවා හැරීම සඳහා නිර්මාණය කරන ලද මෙය, හරකුන් වඳුරන් ඌරන් වැනි සතුන්ගෙන්, ගොවියන්ගේ වගාවන් නිවාස හා ජීවිතද ආරක්ෂා කර දෙයි. ස්පන්ද වශයෙන් කඩින් කඩ වැටට...වෝල්ට් 9900ක විදුලිසැරයක් සපයන බැවින්, මිනිසුන්ට හෝ සතුන්ට ජීවිත හානියක් සිදු නොවේ. නමුත් මැරුණානම් මෙයිට වඩා හොදයි කියා සිතෙන...උඩ ගිහිං බිම වැටෙන...ජීවිතේටම අමතක නොවන...මුලු ඇඟම දෙදරවායන ෂොට්  එකක් මෙයින් ලැබේ. මෙහි පලමු වින්දිතයා වන මට මේක හදන්න ගොස්...පුටු පෙරලාගෙන වැටෙන්නට දෙවරක් විදුලිසැර වැදුනි. මම මේකට මර බයයි. කුඩු කාරයින් වත්තට පනින එක නවත්තන්නත් සමහරු මේක තාප්පේ උඩ කම්බියක් දාලා හයිකර ගත්තා...කුඩ්ඩො පළාතේ එන්නේ නෑ...230 AC දාල කියල උන් හිතන්නේ...යකෝ තවඩිංගෙන් මං මැරෙනවා !    
ශ්‍රී ලංකා පොලීසියටද මෙය ඉතා  සුදුසුය...මරන්නේ ගහන්නේ, තුවාල කරන්නේ, නැතුව එක ෂොට් එකෙන් ඇත්ත වමාරවාගන්න පුළුවනි...ඔව් සර් මම තමයි හාවා !!!. අක්කර පනහක් දක්වා විශාල ඉඩම් මෙම ජංගම උපකරණයෙන් ආවරණය කළහැකිය. කුඩා සුර්ය පැනල් එකකින් බලගැන්වෙන මෙය විදුලිය නොමැති පළාත් වලට ඉතා ප්‍රයෝජනවත්ය. උපකරණය තුලමඇති බැටරිය වරක් ආරෝපණය කල විට...උපකරණය පැය 48ක් එක දිගට වැටේ විදුලිය අඩු නොකරමින් ක්‍රියාකරයි. Short Circuit Protection එකක් යොදවා ඇත. එමනිසා වැටේ ඇති කම්බි ෂෝට් වුවත් උපකරණයට හානියක් නොවේ.




රාත්‍රියේ දී ආලෝකය අවශ්‍යවිට මෙහි සවි කර ඇති LED ලාම්පුව මගින් නොමිලේ විදුලි ආලෝකයද ලබා ගත හැකිය. මෙමගින් භූමිතෙල් ලාම්පුව පැලෙන් ඉවත් වනු ඇත. අද කාලයේ ගොවීන්ට ඇති දැවෙන ප්‍රශ්නය නම්...ස්මාර්ට් ෆෝන් එකක් තිබුනද විදුලිය නොමැති නිසා එය චාජ් කරගෙන ෆේස්බුක් යෑමට නොහැකි වීමයි. මෙම උපකරණය මගින් ස්මාර්ට් ෆෝන් චාර්ජ් කර ගැනීමේ පහසුකමද සපයා ඇත. මේ නිසා ස්කයිප්, වයිබර් හෝ වට්ස්ඇප් හරහා...ඕස්ට්‍රේලියාවේ සිටින තම දුව/පුතා සමග හේනේ සිට කතා කිරීමේ පහසුකමද...රෙදි වැල බැලීම වැනි සර්ව ආගමික කටයුතු සඳහා අන්තර්ජාල පහසුකම්ද, හේනේ සිටම ගොවියාට ලබාගත හැකිය. දැනටමත් ගොවීන් හාරසිය පනහකට පමණ මෙම විදුලි වැට එනජයිසරය මා විසින් විකුණා ඇත. මෙම බහුකාර්ය උපකරණය ගැන ගොවීන්ගෙන් බොහෝ පැසසුම් මා වෙත ලැබීඇත. සමහර ගොවියන් කියන්නේ අව්රුදු ගණනකට පසු රෑට බය නැතුව නින්ද යන්නේ දැන් බවයි. අලුත් ඩිජිටල් මාදිලිය ලගදීම වෙළඳ පොලට නිකුත් කරනු ඇත. එනජයිසරය සඳහා වසරක වගකීමක් ද බැටරිය සදහා සඳහා මාස හයක වගකීමක්ද දරනු ලැබේ. වැඩි දුර විස්තර සඳහා google..." Malima Episode 6" බලන්න.
ඉතිං මේක ගොඩක් හදලා...වල්අලි ප්‍රශ්නේ තියෙන දුප්පත් ගොවියන්ට නොමිලේ දීලා  වල් අලි ප්‍රශ්නේ සෑහෙන්න විසඳන්න  පුළුවන් නේ ?
මචං 
අලියට ඇඹුල් කෙහෙල් ඇවරියක් දාලා...
උණු උණු අලිබෙට්ටක් ඇහිඳගනිං ! 

Thursday, 21 September 2017

ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නෙවෙයි ප්ලේන් එකෙන් මාසයක් ඇතුලත යන හැටි

තරුණ පුතීලා ලංකාව ගැන කලකිරිලද ?
ඔව් බං මේ රට මළාට හැදෙන්නෙ නෑ...
ජීවත් වෙන්න හොඳ රටකට පනින්න දඟලනවද...
හීන තිබුනට කෝටියක්...අතේනෑ එක රුපියලක්ද ?
මෙන්න පහසුම, ලාබම ඉක්මන්ම ක්‍රමය...
මං ගියපු රටවල් වලින් ජීවත් වෙන්න හොඳම රට ඕස්ට්‍රේලියාව...මාසයක් ඇතුලත ඇතුලට පනින්න හොඳම ක්‍රමය...රෑ ඉස්කෝලෙකට හරි ගිහිං කමක්නෑ කඩ්ඩ හොඳටම තිතට පොලිෂ් කරගනිං. ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න හරි, PR තියෙන කෙල්ලෙක්ට FB හරහා කොක්ක ගැසීම...පත්තරවල මංගල යෝජනා හරහා ෆෝන් නම්බර් ගන්න පුළුවන්. සන්ඩේ ටයිම්ස්/සිළුමිණ/ලංකාදීප බලපන් බඩු ඉන්නවා....බයනැතුව ගෙදරට හොඳම ඉංග්‍රීසියෙන් කතා කරලා නැව් ටෝක් එකක් දීපන්. නම හොයාගෙන FB එකට පලයන්...කෙල්ල කළු මහත පට්ටම කැත ඩයල් එකක් නම් වැඩේ හුඟක්ම ලේසියි... ඔය කොයි ගෑණිත් කරුවලේදී සුරංගනාවියෝ වගෙයි...ඉන් බොක්ස් ගිහිං ඔයා හරිම ස්වීට් ඩාලිං කියන එක විතරයි තියෙන්නේ...ඉන් රිලේෂන් ෂිප් විත් කියල දවස් තුනෙන් වැටෙන විදියට ටෝක දෙන්න ඕනේ...කතාකරන කොට හිමිං නැවතිල්ලේ බොහොම ආචාරශීලී, පූස් පැටියෙක් වගේ 
සොෆ්ට් විදියට කතා කරන්න ඕනේ. (බදාගත්තෙ කොටි පැටියෙක් කියල පස්සෙ තේරුනාට කමක් නෑ). ෆස්ට් ලව් එක වෙනුවෙන් මෙහෙම කෙල්ලෝ මැරෙයි...ජීවිතේ උනත් දෙනවා. අම්ම තාත්ත කියන එක අහන්නෙත් නැතුව යනවා....උගත් ගෑණු කැමති තමන්ට කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් වගේ පේන පිරිමින්ට. පට්ටම සයිබර් ලව්එකක් දුන්නොත් වෙඩින් එකට යන සම්පුර්ණ වියදම කෙල්ලගෙන්. බැන්දම දවල්ට බලන්න අමාරුම නම් මුණට කොට්ටයක් තියපන්...ලස්සන ස්පෙයාර් එකක් එකක් පස්සෙ හොයාගන්න බැරියැ...ඕස්ට්‍රේලියාවේ හුඟක් එවුන්ට ඉන්නවා.
                  තමන්ට පුද්ගලික ආයතනයකින් ගත්තු මොකක් හරි කණාටු ඩිග්රියක් තියෙනව නම් වීස ගන්න හරිම ලේසියි..ඔව් ඕස්ට්‍රේලියන් තානාපති කාර්‍යාලය ඩිග්රි නැති අයට වීස ප්‍රමාද කරනවා...සමහර විට අව්රුදු දෙකකටත් වැඩිය ප්‍රමාද කරනවා...උන් දන්නවා සීන් එක. කේන්දර අප්සෙට් නිසා, කැත නිසා තවත් නොයෙකුත් හේතු නිසා බැඳ ගන්න බැරුව,පොහොසත් කෙල්ලො, ගොඩක් ඉන්නව ඕස්ට්‍රේලියාවේ...එන්ජින් ගියර් බොක්ස් හොඳ...බොඩිය ටින් ටින්...සෙකන්ඩ් හෑන්ඩ් ඒවත් ලොට් එකක්ම මාකට් එකට දාලා තියෙනවා...උන්ගාව තමයි හොඳට සල්ලි තියෙන්නේ. උන් සුද්දො බඳින්නත් බයයි. හොඳ ගුරෙකුට කියලා බැලුව ගමන්...මූ කවදහරි රජවෙනවා කියන තාලේ කෙන්දරේකුත් හදා ගන්න වෙනවා...උඹ අඩුකුලේ එකෙක් නම් කොබ්බෑකඩුව, මායාදුන්න, බණ්ඩාරනායක වගේ
උඩරට ගොවිගම රදළ වාසගමක් පත්තරේට දාලා අර ගනිං...එකෙක් කට හොල්ලන්නෙ නෑ එතකොට...උන් හොල්මං වෙනවා වාසගම ඇහුවම...මං කරදුන් ගුරුකමක් මෙතෙක් වැරදී නැත...මං දන්න එවුං දෙන්නෙක්ම පැන්නා මේ විදියට. මෙහෙම උපදෙස් අම්ම තාත්ත වත් දෙන්නෙ නෑ සරත් අංකල් ගෙන් විතරයි... ගිහිං මටත් ඩොලර් 200ක් එවපන් මයෙ පුතේ. !