Monday 16 January 2017

මගේ සිහිනය (තමන්ට ගැලපෙන විදියට...අකමැති කෑලි අයින්කර...කැමති කෑලි එකතුකර... කපා කොටා...සිහිනය සකස්කර ෂෙයා කරගන්න)

මං හීන දකිනවා ඉල්ලංකාව ගැන
අලුත් තරුණ ජනාධිපති කෙනෙක් ගැන
සතයක්වත් හොරකං නොකරන
ධනවත් පවුල් පසුබිමක් ඇති
විද්‍යා අධ්‍යාපනයක් ඇති
ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ දැනුමැති
පරිඝනක සාක්ෂරතාව ඉහලින් ඇති
CNN, BBC බලන ලෝකය ගමන් කරන
රටාව වටහාගත හැකි
ආර්ථික විද්‍යාව සහ
කළමනාකරණය ගැන ප්‍රමාණවත්
දැණුමක් ඇති මිනිහෙක්
පන්සල් පල්ලි කෝවිල් ගානේ
දුවමින් කාලය කානොදමන මිනිහෙක්
රට පාළනය කරන්නට
තීන්දු තීරණ ගන්නට
පූජකයන් ගෙන් නොවිමසන
මෝඩ බහුතර චන්ද දායකයින්ගේ,
ඉල්ලංකාවේ මැනවින් සංවිධානයවූ
පරපෝෂිත පූජකයින්ගේ
සමාජයට බය නැති
නිර්භීත කෙලින් මිනිහෙක්
කුඩු ගෙන්වා අසුවන එකා සතියකින්
නඩු අසා එල්ලා මරණ මිනිහෙක්
පන්සල් පල්ලි කෝවිල් වල ශබ්ද දුෂණය
එක දවසින් නැවැත්වියහැකි මිනිහෙක්    
තාප්ප වල ලියන කොල්ලන්ට
ප්‍රසිද්දියේ වේවැල් පහර දෙන්නට
හැකි මිනිහෙක්
වාස්, දුමින්ද වැනි මිනී මරුවන් කුඩුකාරයින්
එක පෑන් පහරින්
එල්ලා මරාදැමියහැකි මිනිහෙක්
වැරදි තැනින් පාර පැන්නොත්
අත්අඩංගුවට ගෙන
ලොකු දඩයක් ගහන මිනිහෙක්
පාගා ගහන එකාගේ රජයේ දේපල සහ මුදල්  
හොරකම් කරන එකාගේ දේපල රාජසන්තක
කර හිරේ දාන මිනිහෙක්
අපේ මුදලින් ආතල් එකට පිටරට සවාරි
නොයන මිනිහෙක්
නෑයින්ට මිතුරන්ට
තනතුරු නොදෙන මිනිහෙක්
එත් අපට ඉන්නේ
රනිල් මහින්ද වගේ රටකපටි පට්ට හොරු
 සිරිසේන වගේ
මොනම දැණුමක්වත් නැති පතෝලයින්
කාලෙන් කාලෙට එක එක පැතිවලට ජැක් ගහන
බොරු මාක්ස්වාදී ජෙප්පන් වගේ
අපතයින් විතරයි
කොක්කෙන් හරි කෙක්කෙන් හරි   
මේ රට හදන්නට ලී ක්වාන්යූ වර්ගයේ හෝ
එයිටත් වඩා හොඳ
බූරුවා කරගහන් ගිය මිනිහා වගේ නැති    
හොඳ ඒකාධිපතියෙක් උවමනා කර තිබේ   
#....සිහිනයේ ජීවත්වෙමි....#

සරත් විමලසුරිය           

12 comments:

  1. සරත් විමලසූරිය තරුණයාව මම යෝජනා කොරමි හිටන්

    ReplyDelete
    Replies
    1. මට ඔය කියන කොලිෆිකේෂන් නෑ

      Delete
  2. හුකා අයිඩියානන්ද දොස්තරමහත්තයා මගේ හිනේ හොරකං කළාද? හැබැයි දොස්තර මහත්තයෝ තව අවුරුදු සියයක් ගියත් මේක මේ ඉල්ලංකාවට සැබැ නොවන හීනයක්ම විතරයි.

    ReplyDelete
  3. පොල් පිත්තකින් කපලා පණ පිඹලා ගත්තොත් තමා ඉතිං!

    ReplyDelete
  4. ඉතිං අපේ රනිල් හාමුට කියන්නකෝ....ඔය තිරුපති යන එක විතරයිනේ ඩිස්ක්වොලිෆිකේෂන් එක..අනිත් ඔක්කොම හරිනේ...2020 දි රනිල් හාමුව ගේමු...!

    ReplyDelete
    Replies
    1. රනිල් හාමු පට්ට හොරා නේ...හොර තක්කඩි මුදල් ඇමතියයි, හාමුගෙ යාළුවොත් එක්ක මහ බැංකුව මහදවල් කොල්ලකෑවානේ...ලොකුම හොරු මිනීමරුවෝ උන්ගෙ ගෑණු, උන්ගේ ළමයි තවම නිදැල්ලේ නේ...අල්ලන කොකේන් වලට අයිතිකාරයෝ නෑනේ...කළු සල්ලිවලට කළු ඉඩම් වලට අයිතිකාරයෝ නෑනේ !

      Delete
    2. ඇත්තටම ඔය අල්ලන කොකේන් වලට මොනාද අප්පා වෙන්නේ...?

      Delete
  5. අයින් කරන්න අකමැති කෑල්ලක් නැති තරම්

    ReplyDelete
  6. අනේ අම්මපා මෙහෙමත් හීන....මටත් පේන්නේ ඕකමයි.

    ReplyDelete