Tuesday 21 June 2016

ලයිට් ගියහම කරුවලේ ඉන්නඑපා...ඉතාම අඩු වියදමකින්...ඔබේ නිවසට නොමිලේ විදුලි බලය ලබාගන්න !

ලයිට් ගියහම කරුවලේ ඉන්න එපා...ඉතාම අඩු වියදමකින්...ඔබේ නිවසට නොමිලේ විදුලි බලය ලබාගන්න !
අම්මප ?....
ඔව්...මං කියල දෙන්නම්...

මේක ඉතාම පහසුවෙන් තමන්ටම කරගන්න පුළුවන්.
ලංකාවෙ පළමුවරට...අපේ ගෙදර මං මේක මං කළා. මේ සඳහා බරපතල තාක්ෂණික දැනුමක් හෝ...නෙට්
මීටරින් ක්‍රමයට මෙන්...ලක්ෂ ගණනක විශාල වියදමක් දැරීමට අවශ්‍ය නැත. වියදං වන මුළු මුදල රුපියල් හතලිස් දාහක් පමණයි. වසර ගණනාවක් ආලෝකය ලබාගැනීමට...මම ල.වි.ම ට මුදල් ගෙවන්නේ නැත.   ගැහැණු කෙනෙකුට උනත් මේ පද්ධතිය හදා ගන්න පුළුවන්. ප්‍රශ්න ඇති අය මගෙන් විමසන්න...සියළුම දෙනාට පිළිතුරු දෙමි.

අවශ්‍ය ද්‍රව්‍ය...

(1) වොට් 100ක සෝලා පැනල් එකක්.

(2) චාජර් කොන්ට්‍රෝලර් එකක්. මෙම උපකරණය මගින් කරනුයේ...බැටරිය ඕවර් චාජ් වීම වැලක් වීම සහ.... බැටරියේ වෝල්ටීය තාවය වෝල්ට් 11ට පමණ අඩුවූ පසු බැටරිය තවදුරටත් ඩිස්චාජ් වීම වැලක්වීමයි.


(3 ) 12V, 75Ah සීල් ලෙඩ් ඇසිඩ් බැටරියක්



(4) 12 V 500W ඉන්වර්ටර් එකක්. මෙම උපකරණය මගින් කරනුයේ 12V DC සරල ධාරා විදුලිය, ප්‍රත්‍යාවර්ථ ධාරා 230V AC විදුලිය බවට පත් කිරීමයි.     


(5) 230V චේන්ජ් ඕවර් ස්විච් එකක්


(6) අතිරේක ද්‍රව්‍ය... බැටරි ක්ලිප් දෙකක් 

(7)  ප්ලග් ටොප් දෙකක්    

(8) 15A ට්වින් වයර් මීටර් 12ක් 

අවශ්‍ය ද්‍රව්‍ය එපමණයි...

                                    දැන් නොමිලේ විදුලිබලය ලබාදෙන සූර්‍යබල පද්ධතියක් සාදා ගැනීම සඳහා...මේවා වයර් මගින් එකිනෙක සම්බන්ධ කරන ආකාරය...

(1) ඔබ ළඟ ඇති වයර් මීටර් 12න්...වයර් මීටර් 10ක් කපා වෙන්කර ගන්න...

(2)  ඒම වයර් මීටර් 10යේ අග්‍රදෙක... පින්තුරයේ දැක්වෙන ආකාරයට සකස්කර ගන්න

(3)  සෝලා පැනල් එක පැය 12ම (උදේ 6 සිට හවස 6 දක්වා)  හිරු එලිය ලැබෙන පරිදි පොලවට සමාන්තරව වහලේ සුදුසු තැනක සවිකර ගන්න. සෝලා පැනල්එක වහලට සවිකිරීම සඳහා සුදුසු බ්‍රැකට්එකක්... අඟල් 1'' ඝනකම ඇළුමේනියම් L ලයිනර් භාවිතා කර තමන්ටම සාදා ගත හැක ( හැම එකම හැන්දෙන් කවන්න බෑ...තමනුත් මොළේ පාවිච්චි කලොත් හොඳයි )  
වයර් එකේ අග්‍රයක්  සෝලා පැනල් එකේ + සහ - රින අග්‍ර වලට සම්බන්ධ කරන්න. +අග්‍රයට රතු වයරයද - අග්‍රයට සුදු වයරයද වශයෙන් සම්බන්ධ කරන්න. ( සමහර කොම්පැනි රතු සහ කළු වශයෙන්ද වයර් නිපදවයි...එවැනි වයර් මිලදී ගෙන ඇත්නම් රතු පාට ධන+අග්‍රයටද...කළු පාට රින - අග්‍රයටද...වශයෙන් සම්බන්ධ කරන්න). 

(4) වයර් එක හුලං කව්ලුවක් තුලින් කාමරයට ඇද ගන්න. එහි අග්‍ර චාජර් කොන්ට්‍රෝලර් එකේ ඉන්පුට් අග්‍රයට සම්බන්ධ කරන්න. ඉතිරි වූ වයර් මීටර් දෙකේ කැබැල්ල තුනට කපා කෙලවරවල් සුද්ධ කර ගන්න. එක වයර්කැ බැල්ලක් චාජර් කොන්ට්‍රෝලර් එකේ බැටරි අවුට්පුට් අග්‍රයට සම්බන්ධ කරන්න. ඒම වයරයේ අනිත් කෙලවරට බැටරි ක්ලිප් දෙක සම්බන්ධකරන්න. ඉන්පසු ඒවා බැටරියට අමුණන්න. චාජර් කොන්ට්‍රෝලර් එකේ වෝල්ටේජ් අවුට්පුට් අග්‍රයට ඉන්වර්ටර් එක සම්බන්ධ කරන්න. ඉන්වර්ටර් එකේ ස්විච් එක දැමූ විගස ඔබට AC 230 V ලැබේ.   

(5) විදුලි කාර්මිකයෙකු ලවා ඔබගේ නිවසේ ඇති විදුලි බල්බ ඇති පරිපථ සියල්ල, 230V චේන්ජ් ඕවර් ස්විච්      එක මගින් ප්‍රධාන විදුලි පරිපථයෙන් වෙන් කරගන්න. එවිට වැසි දින වලදී බැටරිය චාර්ජ් නොවන නිසා, අවශ්‍ය විට, නැවතත් විදුලි බල්බ සියල්ලම ප්‍රධාන විදුලි යෙන් ක්‍රියා කරවිය හැකිය. විදුලි බල්බ ඇති පරිපථයට විදුලිය ලබාදියහැකි පරිදි පරිපථයට ප්ලග් බේස් එකක් සවිකර ගන්න.     

(6)  ඉතිරි වයර් කැබැල්ලේ දෙකෙලවරට ප්ලග් ටොප් දෙක සවිකර ගන්න. එක ප්ලග් ටොප් එකක් ඉන්වර්ටර් එකේ ඇති සොකට් එකට සම්බන්ධ කරන්න. අනිත් ප්ලග්ටොප් එක විදුලි බල්බ ඇති පරිපථයට සවිකර ඇති ප්ලග් බේස් එකට සවිකළ විගස එම බල්බ සියල්ලම දැල් වෙනුයේ ඔබ විසින් හිරු එළියෙන් නොමිලේ නිපදවාගත් විදුලියෙනි. LED ලාම්පු 12ක් පමණ එළිවන තුරුම මේ ආකාරයට දැල් විය හැකිය. පලවෙනි හරස්වීදියේ ඇති ලාබෙට දෙන බාල චීන ඉන්වර්ටර්  සහ චාර්ජ් කොන්ට්‍රෝලර් දින දෙක තුනකින් පිලිස්සී යන බැවින් උසස් තත්වයේ ඒවා පමණක් මිලදී ගන්න.  

(7) මං කරනවා වගේ...ලයිට් ගිය දවසට මගුල්ගෙදර වගේ හතරවටේ ඇති ලයිට් සියල්ලම දමා
 අසල්වැසියන්ගේ ඊර්ෂ්‍යාවට භාජනය වන්න.        

(8) මෙම පද්ධතිය මගින් ලැප් ටොප්, රේඩියෝ, කුඩා LED TV, ෆෝන් චාජ් කිරීම කල හැකිය. ෆෑන්, ෆ්‍රිජ්, වතුර මෝටර්, වොෂින් මැෂින්, එයාකන්ඩිෂනර්, බ්ලෙන්ඩර් ක්‍රියා කරවිය නොහැකිය. (හේතුව මෙමගින් නිපදවන විදුලිය හතරැස් තරංග ආකාරයට ලැබීම...) අදාලනෑ !

                          ලංකාවේ තිබෙන ගොඩනැගිලි හා නිවාස සියල්ලේම විදුලි පහන් මේ ආකාරයට දල්වා පින්කෙත හෙළ රන් දෙරණේ... බලශක්ති අර්බුධය විසදිය හැකිය. පැය දොළහක් හිරු එළියෙන් නැහැවුන රටක...ලයිට් ගිය විට කරුවලේ සිටීම හරිම පව්ය.   


ප:ලි... 
ඔය විදුලිබල ඇමතිකම දීපං සරත් විමලසූරියට !



 

88 comments:

  1. ඔය ගැජමැටික් එක හදන්ඩ ගන්න ඕනි බඩු වල බ්‍රෑන්ඩ් නේම් ටිකයි විකුණන්න තියන තැන් ටිකයි දාන්න පුලුවන්ද....
    ඔබතුමාට ඉස්කෝතුයි....

    ReplyDelete
  2. මම මිනිපේ Divisional Directer Health Services වෙලා හිටපු කාලයේ උඩත්තව කියා ග්‍රාමීය රෝහලක් තිබ්බා ලයිට් නැති. මේ ක්‍රමයට ඒ රෝහලට ලයිට් දෙන්න තිබ්බා

    ReplyDelete
  3. අර පහළ ඉන්න එක්කෙනා ඉලෙක්ට්‍රිකල් දන්නවද කියලත් මටනම් ලොකු සැකයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. පස්සේ මතක් උනේ, කැම්පස් එකේ ඉලෙක්ට්‍රිකල් උන් සහ තවත් සංගමයක් එක්කාසු වෙලා 2004-2006 වගේ කාලේදී ඇඹිලිපිටියේ දුෂ්කර ගමක ගෙවල් වලට මේ ක්‍රමයට ලයිට් දුන්නා...
      ඒ කාලේ LED බල්බ් අස්ප ගණන්, ඒවා ජර්මන් ආධාර විදිහට ලැබුනේ...

      Delete
  4. ඔබතුමා පාවිච්චි කරලා තියෙන බඩු වල බ්‍රෑන්ඩ් / මොඩල් නම්බර්ස්, ගන්නෙ කොහෙන්ද කියලයි කියනවද? (රොබට් ඒජන්සීස්??). එතකොට ආයි වාත වෙවී ඉන්න ඕනෙ නෑ, ගියා, ගත්තා, ආවා.

    ReplyDelete
    Replies
    1. යුනිටෙක් කොහෙද තියෙන්නෙ?කරැණාකරල කියන්න.

      Delete
    2. කොළඹ පිටකොටුවෙ

      https://www.google.lk/maps/place/Unitech+Trading+(Pvt)+Ltd./@6.934816,79.8488499,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae259221a2baead:0x32ab8f478f69ac3!8m2!3d6.934816!4d79.851044?hl=en

      Delete
  5. නියමයි..!
    මාත් හදා ගන්න ඕන මෙයින් එකක්. පද්ධතියට විදුලිය දීලා ලාබ ගන්න ඕනෙ නෑ. හැබැයි මේ ක්‍රමයෙන් විදුලි බිල සෑහෙන ගානකින් අඩු කර ගන්න පුලුවන්.
    ස්තූතියි සරත් මහත්මයා..

    ReplyDelete
    Replies
    1. පද්ධතියට විදුලිය දුන්නට ලාබයක් නැහැ, වැඩිපුර දුන්නොත් ඒක අතිරික්තයක් වශයෙන් ගණන් ගැනෙනවා පමණයි...

      Delete
  6. ශෝක් අයිඩියානන්දන්..
    ශිල්පෙ දන් දුන්නට ගොඩක් පින්..
    ජයවේවා..!!

    ReplyDelete
  7. බැටරිය කොච්චර කල් පාවිච්චි කරාද.

    ReplyDelete
  8. තේරෙන එකෙක් මටත් හදල දීපල්ලකෝ.. බඩු ටික ගෙනත් දෙන්නං.. වැඩේ ඉවර වෙලා දෙන්නත් එක්ක බෝතලයක් ගහමු ලයිට් එළියේ..

    ReplyDelete
    Replies
    1. බඩු වල ගාන ගෙවනව නම් මං හදල දෙන්නම් !

      Delete
    2. බඩු වලට යන සම්පූර්ණ කීයද ? මම දෙන්නම් බොහෝ පින් ඔබට .........

      Delete
    3. බඩු වලට යන සම්පූර්ණ කීයද ? මම දෙන්නම් බොහෝ පින් ඔබට .........

      Delete
    4. 0713471506 me mage nob eka , man badu aran denm mata ekak hadala den puluwnda , mata msg k dan mn cl karnam

      Delete
    5. now am going to do this then will send the details or can get it done wait for a 1-2 weeks

      Delete
  9. අර කිවුවත් වගේ මේ බඩු ගන්න තියෙන තැනකුත් දැම්මනං ලොකු උදව්වක් වෙයි. මටත් ලොකු ආසාවක් තියෙනව ඔය සෝලර් ගැජමැටික් එක්ක පොඩ්ඩක් හැප්පිලා බලන්න.

    ReplyDelete
  10. 1. ඔය දාලා තියෙන ජාතියෙ Solar Charge Controller එකක් මෙන්න මේ e-Bay ලින්ක් එකේ තියෙනවා, හැබැයි මේක 10A (10 ඇම්පියර් එකක්), ඊට වඩා වැඩි එකක් ඕනෙද? මේක 70USD වගේ වෙන්නෙ, ඒත් ලංකාවට නෝ ඩිලිවරි, රටේ හොඳකම තමයි http://www.ebay.com.au/itm/EPsolar-Tracer-1210RN-MPPT-Solar-Battery-Charge-Controller-10A-12-24V-/251305629572?hash=item3a82fb9784:g:Ey0AAOxyHt9R5PNU

    2. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා Inverter එකක් ඔය ලිපියෙ දාලා තියෙන ෆොටෝ එක ජාතියෙම, හැබැයි 1000W. 500W නැතුව මේ 1000W එක පාවිච්චි කරන්න පුලුවන්ද කියලා කියනවද? රුපියල් 5,500 ක් වගේ තමයි වෙන්නෙ, ගෙදරටම ගෙනත් දෙනවලු සුපියල් 250ක් වගේ සුලු ගානකට. http://ikman.lk/en/ad/inverter-1000w-for-sale-colombo

    3. Solar Panel එක ගන්නකොට 100W වලට අමතරව තව බලන්න ඕනෙ දේවල් තියෙනවද? මොකද ඔය පැනල් එක එක මැටීරියල් වලින් හදලා තියෙනවා නේද?

    4. බැටරි කඩේකින් බැටරියයි ක්ලිප් දෙකයි නම් ගන්න පුලුවන්

    5. හාඩ්වෙයාර් එකෙන් ප්ලග් ටොප් 2යි (ඇම්පියර් කීයෙ එව්වද?), වයර් මීටර් 10යි (10ම නෙමෙයි , තමන්ට අවශ්‍ය ප්‍රමාණෙට ගන්ඩ), චේන්ජ් ඕවර් ස්විච් එකයි ගන්ඩ පුලුවන්.

    ඔය උපකරණ ටික අටෝන විදිහ පෙන්නන සූටි ඩයග්‍රම් එකක් ඇඳලා ඇති පහල ලින්ක් එකේ, කව් රු හරි කියනවද මොකක් හරි වැ‍රැද්දක් තියේද කියලා ඒකෙ? https://www.dropbox.com/s/lwsvbdh3p484n0d/SolarPowerDiagram.pdf?dl=0

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඕකෙ අර චේන්ජ් ඕවර් ස්විච් එක හයිකරල තියෙන විදියෙ අවුලක් තියෙනව.

      Delete

    2. Changeover switch ekata main line ekai, inverter line ekai deela, eeta passe change over line ekak fuse board ekee light line ekata dunnama harida?

      Delete
    3. කිසිම අව්ලක් නෑ

      Delete
    4. ඩයග්‍රම් එකේ චේන්ජ් ඕවර් ස්විච් එකට එන යන කනෙක්ෂන්ස් ආයි වෙනස් කරලා ඇන්දා. පොඩ්ඩක් බලලා කියනවාද ආයිමත් හරියටම හරිද කියලා? හරිනම් ඔබතුමාගේ පෝස්ට් එකට අමුණන්න ගන්න, එතකොට බලන අයට පුලුවන්නෙ හරියටම කොහොමද කනෙක්ෂන් කරගන්නෙ කියලා බලන්න.

      https://www.dropbox.com/s/lwsvbdh3p484n0d/SolarPowerDiagram.pdf?dl=0

      Delete
  11. රු 35000 කට විතර පොර්ටබල් ජෙනරේටර් එකක් ගන්න එක පාඩුද? සද්දේ අඩුවෙන්න ගෙයින් එළියේ තියන්න පුළුවන්. බලය වැඩියි. මාරුවෙන් මාරුවට, ටීවී, වොෂින් මැෂින්, ෆ්‍රිජ්, වතුර මෝටර්, අයන්, දුවවන්න පුළුවන්. ට්‍රිප් එකක් යද්දී අරන් යන්න පුළුවන්. ලංකාවේ ලයිට් යාමේ සම්භාවිතාව අනුව, නඩත්තුව සහ ඉන්ධන වියදම එතරම් අධික නැහැ.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ ලයිට් යාමේ සම්භාවිතාව අනුව//
      ---අන්න කියමන.,..

      Delete
    2. ජෙනරේටරයක අවාසි (1) ජෙනරේටරයේ අධික ශබ්ධය (2) වායු දූෂණය (සුළුවශයෙන් හෝ) (3)වරින්වර උස්සගෙන ගොස් එළියේ තැබීමට සිදු වීම (4) පෙට්‍රල් හෝ ඩීසල් මිලදී ගැනීමට යෑමට සිදු වීම (5) ඒසඳහා මුදල් වියදං වීම
      (6 ) ගැහැණු උදවියට මේ ජෙනරේටර් එක ස්ටාර්ට් කර ගන්නට නොහැකිවීම.(7) ගැහැණු උදවිය මේන් ස්විච් එක ඕෆ් නොකර ජෙනිය ස්ටාර්ට්කර, ලයිට් ආ විගස ලයිට් ආවිගස ජෙනියට කෙළ වීම ( අබසරණයි පින්වතුනි...සාදු කියන්න ) (8) වරින් වර ජෙනියේ නඩත්තු කටයුතු කිරීමට සිදුවීම

      Delete
  12. දවසක සම්පුර්ණ වහලේම උළු වෙනුවට සෝලා සෙල් දාන කාලෙකුත් ඒවි. ඒ වගේම බිත්තිවලටත්!

    ReplyDelete
    Replies
    1. ඒ දවස ගොඩක් කලින්ම කොල්ලුපිටිය හරියේ වහලවල් කීපෙකට උදා වෙලා තියෙනවා මම දැක්ක...

      Delete
    2. දැනටමත් සොලර් සෙල් දාල හදන උළු තියෙනවා ගන්න .හැබැයි ලංකාවේ තියෙනවද කියල කියන්න දන්නේ නැහැ .

      Delete
  13. අඩුම ගානෙ පෝන්නෙක චාජ් කරගන්නවත් එකක් හදාගන්න ඕනෑ . පහුගිය දවස්වල කරන්ටෙක නැතුව ගියහම මං එල්ලීඩී බලුප් තුනහතරක් අමුනලා පත්තු කරගත්තා මෝටර් සයිකලේ බැටරියෙන් .

    ReplyDelete
  14. Andurata sapa karanawata wada eka pahanak dalveema hondaya-Reginol Cooray

    ReplyDelete
  15. බොහෝම වටිනා පෝස්ටුවක් ස්තුතියි

    ReplyDelete
  16. වතුර මෝටරයක් දාන්න පුලුවන් ද?ඒ විදිහට හදාගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. 500W running power එකක් හා ඊට ගොඩක් වැඩි starter power එකක් ඕනෙ.
      ඊට ලේසී 12V motor එකක් ගන්න එක.

      Delete
  17. මෙක නිවසේ සියලු විදුලි උපකරන වලට සරිලන සේ සකසා ගත හෙකිද? (හතරස් තරංග)

    ReplyDelete
    Replies
    1. ඔය හතරැස් කිව්වට modified sin wave එක වැඩි පියවර ගණනකින් smooth කරල නම් ලොකු කේස් එකක් නෑ ගොඩක් උපකරණ වලට. සමහර ඒව තමා කේස්. pure sin wave inverter එකක් නම් ගණං වැඩියි මම දන්න විදිහට.

      Delete
  18. සරත් මහතා. මම ලියපු බ්ලොග් පොස්ට් එකක් මේකල ලින්ක් කරනවා. අවසර දෙනෙවද ? twimalasuriya dot blogspot dot com

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. අගේ ඇති ලිපි පෙළක් එක හුස්මටම කියෙව්වා. පුළුවන් නම් ඊමේල් ලිපිනය දෙනවාද?

    ReplyDelete
  21. Pls.send me det. Ti my email below fredrick217@yahoo.com if any give me miss call 0718481640

    ReplyDelete
  22. මේක නම් නියමයි. අපිට පහු පහු වෙද්දී ගෙදර තියෙන ගැජට් කෑලි වැඩි වෙලා මේකේ power එක මදි උනොත් මේක upgrade කරන්න අලුතින් එකතු කරන්න ඕන මොනවද? මේ බටරියටම තවත් අලුත් බැටරියක් අමුනලා තවත් 100W Solar Panel එකක් අමුනගත්තොත් හරිද? එහෙනම් ඒක කොහොමද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. සමාන්තරව තව පැනල, වැඩි ඇම්පියර් ගාණක් පාලනය කරන්න පුළුවන් charging controller සහ වැඩි ධාරිතාවක් ඇති බැටරියක්.
      Used Gel Battery එකක් ගන්න පුළුවන් නම් සුපිරි. Starter Batteries මේ වැඩේට එතරම්ම හොඳ නෑ.

      Delete
  23. බොහොම වටිනා ලිපියක්. මම කුඩා එකා සංදියේ ඔබතුමා ඉස්කෝලේ කරපු ඉලෙක්ට්‍රොනික් පන්තියට සහභාගිවුණා.. එදා වගේම අදත් ඔබතුමාගේ දැනුම ප්‍රායෝගික සාමාන්‍ය ජීවිතය පැත්තට ගලාගෙන යාම, කීප දෙනෙකුගේ හරි වාසනාව. අපේ රටේ බහුතරයක් උගතුන්ගේ දැනුම ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරගන්න බුද්ධියක් උන්ට නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අම්බලංගොඩ කතා බොහෝ රසවින්දෙමි

      Delete
  24. මෙකෙ සම්පූර්ණ වියදම ගැන සටහන් තැබුවා නම් වටිනාකම ඉකාමත් ඉහලයි

    ReplyDelete
  25. http://lk.wowcity.com/colombo/gpid/112985881421756859183/unitech-trading-pvt-ltd.htm?driving-directions

    ReplyDelete
  26. මමත් මෙ වගෙ එකක් හදල තියෙනව emergency light system එකකට මගෙ ගෙදර. තව ඩෙයක්, දෑන් තියෙනව 12V වලින් වෑඩ කරන, Watermoters for homes, Water heaters, Mini Fridge, small AC, Table Fan, අවාසනවට අන්ඩුවෙන් එවට Tax ගහනව ලන්කාවට ගෙන්වනකොට මොකද ඒව ගෙන්වනකොට සොලර් කියල ඔප්පු කරන්න බරි නිසා..!!! I can give more details if needed...!!

    ReplyDelete
    Replies
    1. There is a one person in kadawatha, He is importing 12V items and panels as well.

      Delete
    2. Nil,,
      can u send me his contact nr or e mail ID or any other contacts??

      Delete
    3. LALITH AMARASINGHE - 0772765797 call him and ask more details.

      Delete
  27. මේකට 12V, 90Ah කාර් බැටරියක් එක්ක 1000W inverter එකක් සම්බන්ද කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. Car batteries are not the deep cycle battery. Those are not designed for deep discharge. So if use car battery cannot take the maximum output of the power. Ex: voltage is quickly down to below 12V and cannot work 12v equipment’s because the voltage is not enough, but in deep cycle batteries are not like that. So try to use 100Ah deep cycle battery. But those cost are very high in here. Like 100Ah new battery price around 30000/=. But you can find used batteries around 10000/= contact that person (LALITH AMARASINGHE - 0772765797).

      Delete
    2. yes already contact Lalith but he is not having inverters can u let me know where I can find chk Unitech trading that place also not available

      Delete
    3. https://www.google.co.in/maps/place/Unitech+Trading+(Pvt)+Ltd./@6.934816,79.851044,15z/data=!4m5!3m4!1s0x0:0x32ab8f478f69ac3!8m2!3d6.934816!4d79.851044

      Delete
    4. Nilnuvan හරි.
      භාවිතා කරපු Gel Battery එකක් හොයාගන්න. වාහන බැටරි වැඩි කාලයක් මෙහෙම භාවිතා කරන්නත් බෑ. 90Ah එකක් ගත්තොත් ඔයාට 45Ah වගේ තමා භාවිතා කරන්න පුළුවන් බැටරියත් ආරක්ෂා කරගෙන.

      Delete
    5. @Fredrick: Check with them again. I phoned them yesterday and they told me that they have inverters (1000W around 4500 as I remember).

      Delete
    6. Found a battery supplier. Normally a 100Ah Deep Cycle is around 11000-12000LKR.
      This guy gives it to 9000.
      Try talk to him or as he's saying drop him a mail. (The batteries will be available in March and we are to pre-order.)
      https://ikman.lk/en/ad/deep-cycle-ups-battery-solar-for-sale-colombo
      https://ikman.lk/en/ad/deep-cycle-battery-for-solar-for-sale-colombo

      Delete
    7. @Fredrick: There's an inverter I found in ikman.
      https://ikman.lk/en/ad/1000w-12v-to-220v-power-inverter-charger-for-sale-colombo-1
      If you are interested, call them.

      Delete
  28. ඉතා වැදගත් ලිපියක් .100w වලින් upgrade කරන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. සමාන්තරව තව පැනල, වැඩි ඇම්පියර් ගාණක් පාලනය කරන්න පුළුවන් charging controller සහ වැඩි ධාරිතාවක් ඇති බැටරියක්.
      Used Gel Battery එකක් ගන්න පුළුවන් නම් සුපිරි. Starter Batteries මේ වැඩේට එතරම්ම හොඳ නෑ.

      Delete
    2. මේ ජෙල් බැටරි කිව්වෙ Deep Cycle බැටරි කියල ඉහත තවත් කෙනෙක් කියල තියෙන ඒවටමයි.

      Delete
    3. Madhawa is correct. but the issue is brand new Gel battery(deep cycle battery) are still very high cost here. so better try to get used battery. but remember to check the load on that. some battery shops have the test machines.

      Delete
    4. Yep. I think around 30-40,000LKR. If you are lucky you may find a used one around 5,000LKR. 4-5yrs used one is good enough as the life time may go up to 10 years. So you have 5-6 years more.

      Delete
    5. ya. you can buy from above contact that i shared(LALITH AMARASINGHE - 0772765797). He told me that he has 100Ah battery around 10000/=.

      Delete
    6. Is that so? I phoned him last week following an ad on ikman. and he told me that i don't have batteries at the moment.

      I'm also planning to build a solar system at my home. some parts are ordered from ebay around a week ago. I'm planning to by panels from the Lalith above. I'm getting 2 120Ah deep cycle batteries (4yrs used) from a personal contact of mine at a very low cost. For a 150W system, my planned cost is around 25,000/= with batteries and 220V inverter system.

      Delete
    7. From where u brought the Batteries.I also looking a place to buy a batteries as much as low price.can you help me on that. Already i have build small emergency light system with 12v Fan with small ups battery. I have 20A charging controler from ebay. And brought some Solar panel from Lalith. so I need to expand that.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. Still not bought the batteries. They are from a factory UPS system. I'll try to get one more. But not sure though (depending on the number of batteries they remove). Drop me an email to madhawa (at) engineer.com with your contact no. I'll get back to you if I'd able to get one more.

      Delete
    10. Madawa me too planing to do the same how will be the custom tax etc when cmg via e-bay??

      Delete
    11. Not sure. Maybe as small packages, there will not be duty fees. waiting for receiving. Then I'll update any news here.

      Delete
    12. Hey. Fredrick,
      I received the 1000W inverter and 30A charging controller to home. no tax. directly to home. Through ebay.
      inverter was with retail box too.

      Delete
  29. My email is genelab6@gmail.com

    ReplyDelete
  30. මමත් ඔන්න වැඩේ ස්ටාර්ට් කළා.

    "අපේ ගෙදරටත් Solar Lighting System එකක් DIY"
    commentshttp://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html

    ReplyDelete