Sunday 5 June 2016

මම කොයිවගේද 4

මං කොයිවගේද 4
ඉස්පිරිතාලවල නිදිමරාගෙන කට්ට කාපු ජීවිතේදී...අමතක නොවෙන දේවල් ගොඩක්උනා...මේක උනේ බලපිටියෙ ඉස්පිරිතාලෙදිි...අවරුදු හතක විතර කොල්ලෙක් ගෙනාව එක කකුලක් කලවේ ඉඳන්පහතට තාර වලට පිච්චිලා. මුළු කකුල පුරාම තාර එකයි...කොල්ලා මරහඬ තලනවා පලාතම දෙවනත් වෙන්න. මං හිටියෙ ඇඩ්මිෂන්. ටිකට් එක නොලියම ඌ ගෙනිච්ච ටැප් එක ලඟට කකුල නිවන්න...එතැනදී තමයි තාත්තගෙන් ඇහුවෙ මොනවද උනේ කියල...තාත්තා කියන තන්දරේ මෙහෙමයි...එයාලගේගෙවල් ළඟ පාරේ තාර දානවලු. අයියයි මල්ලියි කොල්ලෝ දෙන්නටත් ඕන උනා ගල් උඩින් තාර දාල පොඩි පාරක් හදන්න. පීප්පෙන් තාර හොරකං කරපු මුන්දෙන්නා, තාර උනුකලා පරණ සායම් ටින්එකකට දාලා. අයියා උස්සලා නටන තාර බාල්දිය දුන්නා මල්ලිට...හුකා...(බලපිටියෙ භාෂාවෙන්)...බාල්දියේ පතුල ගැලඋනා එකපාරටම...කකුල දිගටම තාර...
ඉක්මනට ටිකට්එක ලියලා කොල්ලා යැව්වා වාට්ටුවට. ඌ වාට්ටුවට යැව්වට මගේ හිතට හරිනෑ. වාට්ටුවේ දොස්තර මේක අයනු..ලයනු...අලකරයි කියල මගෙ හිත කියනව. OPD එක අතඇරල දිව්ව වාටුවට...යනකොට වැඩේ පටන්ගත්ත විතරයි. කකුල් හම ගැසීමේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව...
උපදෙස් පරිදි...සැව්ලෝන් පොඟවපු...ගෝස් වල ඔතපු පුළුන් ගුලිවලින් තාර අයින් කරන්න ට්‍රයි එකක් දෙනව ඇටෙන්ඩන්ට්...හමත්එක්ක ගැලවිලා එනකොට කොල්ලා හූතියනව. Doc...Shall I handle this case...Ok Sarath...go ahead ! තාර උණුකරන සෙල්ලම මාත් ඇතුළු අපේ කාලේ ළමයි කරපු වැඩක්...කොල්ල ඉස්පිරිතාලෙට ගෙනාපු ගමන් ඔළුවට ආවෙ ඒක...භූමි තෙල්...අන්න බෙහෙත...සාමාන්‍ය විද්‍යාව ද්‍රාව්‍යතාවය පාඩමේදී ඉගැන්නුව පැට්‍රෝල් වල...භූමිතෙල්...වලටත් වඩා හොඳට තාර දිය වෙනව කියල. පැට්‍රෝල් වලට දැවිල්ල එයි කියල හිතුන...මං ඉන්වෙන්ටර්නේ...නරකද කොක්ටේල් එකක් ට්‍රයි කරොත්...කොල්ලගේ තාත්තට කිව්ව තැපැල් නයින්ටියෙන් ෂෙඩ් එකට ගිහිං බූමිතෙල් බෝතලෙකුයි..පැට්‍රොල් බෝතලේකුයි අරං එන්න කියල හැරෙනතැපෑලෙන් බඩු ගෙනාව...පුතා...මේව තාක්ෂණික ගැටළු...හුකා...පුළුවන් නම් හම ගලවන්නේ නැතුව අයින්කරපංකෝ තාර...
මංම ගේමට එන්ටර් උනා...ලොකු භාජනේකට දාල හැදුව කොක්ටේල් එක...තියපන් කොල්ලෝ කකුල මේ බේසම උඩින්...කකුල උඩට වරින්වර වක්කරනවා කොක්ටේල් එක...හුකා...තාර වහාම දියවෙවී බේසමට වැක්කෙරෙන්න පටන් ගත්තා. අත තියන්නෙත් නැතුව කකුල නීට්එකට ක්ලීන් උනා. කොල්ලා ඉක්මනටම ගාල්ලට යැව්වා සර්ජන් ගාවට. හුකා...ගෙදර එනගමන් බියර්එකක් ගැහුවා සංතොසේ වැඩිකමට.

13 comments:

  1. හුකා.. අන්න ඔපරේෂන්..

    ReplyDelete
  2. හුුකා.. පොතේ හැටියට නැතුව තැනේ හැටියටයි ඇනේ ගහන්න ඕන.

    ReplyDelete
  3. හුකා බෙල මාත් කන්දෙගොඩ ...!!!

    ReplyDelete
  4. මගේ ඇහැට දවසක් සුපර් ග්ලු විසික් උනා ලාවට , මම දෙවරක් නොහිතා මේසය උඩ තිබුන ඔයිල් කෑන් එක මිරිකුවා ඇහැට . ඇහෙන් වෙන් වෙලා සුපර්ගලු ටික වෙනමම කැටි ගැහුනා ....ඇගිලි දෙකෙන් අල්ලලා අයින් කරා ලේසියෙන්ම ...දවසක් දෙකක් යනකං වෙනසක් දැනුනත් ....මට තාම ඇහැ පේනවා

    ReplyDelete
    Replies
    1. උඹ තමා දවසකටවත් මිනිහා

      Delete
  5. රහටම බීපු බියර් එක වෙන්ටැ.. අර පොඩි එකයි පවුලයි තාම පිං දෙනවා ඇති..
    ජයවේවා..!!

    ReplyDelete
  6. මේ තාර හොරකන් කිරිල්ලයි. ගල් ටිකක් පොලවේ දාලා තලාලා, තාර දැමිල්ලයි අපිත් කරපු දෙයක්. හැබැයි අපි තාර ගත්තේ PWD එවුන් ගියාට පස්සේ ගල් වෙච්ච් ටැංකියෙන්. මන්නේ අරන් ගිහින් හාරලා ගත්තේ. පරණ කෙතලයකට බස්සලා උණු කරලා වැක්කෙරුවා. ගෝනි කෑලි වලින් කකුල් ආවරණයත් ගහ ගන්න අමතක කළේ නෑ.

    බෙන්තර කොල්ලෙකුට ඔය හුකා, වාහේ වගේ වචන ඇහෙනකොට පොඩි ගතියක් එනවා. අපේ පැත්තේ වැඩිය භාවිතා නොවුනත්, අපිත් ඉතිං ඔය පැති වල කරක් ගහලා තියෙනවා. මැයියා කියන එකත් ඒ වගේ මල්ලිට කියන වචනයක්. අපේ එක මැයියෙක් හිටියා මීටියාගොඩ.

    ReplyDelete
  7. වැඩක්ම තමයි.

    ReplyDelete
  8. හුකා මගෙ ගම බොලව් බලපිටිය

    ReplyDelete