Tuesday, 15 February 2022

බල දඩයම...

 

බල දඩයම...



ඔබ සියළුදෙනාම ජීවිතයේ එක වරක් හෝ බලමාළු අනුභවකර ඇතැයි මම සිතමි...
එහෙත් ඉතාම සුළු පිරිසක් හැර ධීවරයන් බලමාළුවන් අල්ලන්නේ කෙසේදැයි නොදන්නාබව මට සහතිකය.
ඔබ බොහෝවිට දන්නේ...
මාටින් වික්රමසිංහ මහතාගේ මඩොල්දූව පොතේ...
උපාලි ගිනිවැල්ල හොරෙන් බල ඔරුවකට ඇතුල්වී දියඹට ගොස්...
ඉඟුරන් මුහුදට වීසි කරමින් ධීවරයන් බලයන් බිලීබාන අන්දම ගැන කරන විස්තරයක් පමණි. මුහුදුබඩ ප්රදේශයක ජීවත්වුන කුඩා කාලයේ වැල්ලේ රී රැල්ලෙන් පුක හෝදපු මමවත්...
වර්තමාන ධීවරයන් බලයන් දඩයම් කරන්නේ කෙසේදැයි දැන සිටියේ නැත...



කන්ද උඩරට හෝ අනුරාධපුරේ ඇත්තන් ගැන කවර කතාද ? වර්තමාන ධීවරයන් බලයන් බිලීබාන්නේ මාර්ටින් වික්රමසිංහ මහතාගේ මඩොල්දූව නවකතාවේ පවසන ආකාරයට මුහුදට ඉඟුරන් විසි විසිකරමින් බිලී පිත්තෙන් නොවේ.... මාදැල් භාවිතයෙන් ද නොවේ. මට මේ බලයන් දඩයම් කරන අන්දම ගැන... සිරාවටම දැනගැනීමට
අවශ්යවූ නිසා... මාතර තොටමුනේ ධීවරයන් සමග දියඹට ගොස් බලයන් දඩයම් කරන ආකාරය සියැසින්ම දැකගැනීමට උත්සාහ කළෙමි. කුඩා කල සිටම මගේ එක් විනෝදාංශයක් වූයේ මාළු බෑමයි.
මාතර තොටමුනේ ධීවරයන් බලයන් දඩයම් කිරීම සඳහා පිටත් වන්නේ උදේ පාන්දර 4 ත්
5 ත් අතර කාලයේය. මම මගේ Fishing Rod එකත් රැගෙන පාන්දර 4:30ට පමණ තොටමුණ
ධීවර ජැටියට ගොස් මුහුදු යෑමට සූදානම් වන ධීවරයන් වෙත ගොස්... බලයන් ඇල්ලීම සඳහා මා දියඹට රැගෙන යන්නට කැමැති දැයි ඇසුවෙමි. ඔවුන් කිසිවෙක් ඒ සඳහා කැමති වූයේ නැත.



නොයෙකුත් හේතු කියමින් ඔව්හු මා දියඹට රැගෙනයාම ප්රතික්ෂේප කළහ...
නොපසුබස්නා උට්ඨාන වීර්යය ඇතිමා පළමු දිනයේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු දෙවැනි දිනයේද උදේ පාන්දර 4:30ට මසුන් මැරීමේ ආම්පන්නද රැගෙන දෙවෙනි සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණියෙමි... බෝට්ටු කිහිපයකින්ම නැවතත් ප්රතික්ෂේප වීමෙන්පසු... එක බෝට්ටුවක සිටි නිතර සිනාසෙන ප්රියමනාප මුහුණක් ඇති තොටමුණ ධීවර ගමේ තරුණයෙකු නොහඳුන මා දියඹ මුහුදට ගෙන යෑමට කැමැතිවිය.



ඔහුගේ නම චමින්දය... පට්ට හිතහොඳ කොල්ලෙකි.. තොටමුණ බජාර් එකේ ඔහු හඳුන්වන්නේ...
කොටියා යන අන්වර්ථ නාමයෙනි මහත්තයා නගින්න කියූ විගස මම බෝට්ටුවට පැන ගත්තෙමි.
කුඩා කල සිටම අම්බලන්ගොඩ මාළුබෝට්ටුවල සහ නේවි බෝට්ටු වල ගොස් පළපුරුද්ද ඇති නිසා කිසිම අවුලක් නැත. දැන් කළුකොටියා ෆුල් ස්පීඩ් මුහුදට කෙලගෙන යනවාය බෝට්ටුව මාරියාවේ වදිනවිට උඩ ගොස් බිම වැටේ...නියම සනීපදායක ජොබ් එකකි...කිලෝ මීටර් විස්සක් පමණ දියඹට ගියවිට මාළු කාරයන්ගෙ භාෂාවෙන්... පළවෙනි නැව් කෝස්එක හමුවේ
ඒ කියන්නේ ලංකාවට සමීපයෙන්ම ඇති නාවික ගමනාගමන මාර්ගයයි...අපි පතමෝල් නැව් අස්සෙන් රිංගමින් බලයන් සොයමින් කෘතීම ඇම් ගැටගැසූ යොත් දහයක් බෝට්ටුවේ පිටිපස ඇති ලී දණ්ඩේ ගැටගසාගෙන... ඒමේඅත දිව්වෙමු...අන්න #$@ගෙපුතෝ දියගහනවා...අවුළපන්... රත්නසිරි ඇණියේ රාල මොර දුන්නේය. දිය ගහනවා යනු වතුර අවුස්සමින් බලයන් උඩපනින එකට මාළු කාරයන්ගෙ භාෂාවෙන් කියන වචනයයි. මෙම දර්ශනය දුටු විගසම යොත් දහය ගැට ගැටගැසූ බෝට්ටුව දියගහන ප්රදේශය මතින් අධික වේගයෙන් ධාවනය කරවීම බෝට්ටු කාරයන් ගේ සිරිතයි...



ඊයම් වලින් සෑදූ මාළු ඔලුවක් වැනි බරුවකට බිලී කොක්කක් අමුණා එය වැසෙන පරිදි රතු පාට රිබන් තීරු වටේට ගැටගැසූ කෘතීම ඇමක් බලයන් ඇල්ලීම සඳහා භාවිත කරනු ලැබේ. ( පින්තුරය බලන්න )මෙම කෘතීම ඇමට බලයන් ඇදී එන්නේ...කාන්දමකට යකඩ ඇණ ඇදී එන ආකාරයටය...යොතක බලයකු ඈමිණුනු විගස බලයා වතුර මතුපිටට පැමිණෙන අතර...වතුර කපාගෙන ඌ ඉදිරියට එයි...එවිට බෝට්ටුවේ සිටින සගයන් දෙදෙනා අවරට ගොස් යොත අකුලමින් බලයන් බෝට්ටුවට ඇදගනු ලැබේ...බෝට්ටුවේ සිටින තුන්දෙනාම අවර ප්රදේශයේ සිටිනු දකින...ඇත සිටින බෝට්ටුවල මාළු කාරයෝ...පිස්සු බල්ලන් රංචුවක් මෙන් අප සිටින බෝට්ටුව දෙසට ඇදීආහ...ඔවුහු ඒ මේ අත බෝට්ටු අධික වේගයෙන් කරකවමින්...බලයන් අයින මතින්...බෝට්ටු ධාවනය කරමින් බලයන් අවුල වන්නට පටන් ගත්හ...මේ ක්රීඩාව විනාඩි පහකින් අවසන් වෙයි බෝට්ටු වල අධික ශබ්දය නිසා...බලයන් රංචුව වහාම ගැඹුරු දියට පලාගොස් කිලෝ මීටර් දෙක තුනක් ඈතින් නැවත මතුවෙයි... කිසියම් බෝට්ටු කාරයකු බලයන් දිය ගහනවා දැක්කවිට... ඒ ප්රදේශයට වේගයෙන් යන අතර...අනෙකුත් බෝට්ටු කාරයෝ මාරාවේශයෙන් එම ප්රදේශයට කඩාවදිති...එසේ පැමිණියා කියා මුල් බෝට්ටු කාරයාගේ අමනාපයක් නැත...



කිසිවෙක් කිසිවකුට කතා නොකරන අතර බෝට්ටු එකිනෙකා හප්පා ගන්නේ නොමැතිව...එකිනෙකාගේ යොත් පටලවා ගන්නේ නැතුව...කරන මේ බිහිසුණු ධාවන තරඟය... මාරාන්තික එකකි. ඇණියේ උඩ පහත වීසිවෙමින් සිටින මට උස්සලා පොලවේ ගහනවා වැනි හෝ යකඩ පොල්ලකින් ඔලුවට පත බානවා වගේ අධික වේදනාවක් ඇතිවිය...
බලයන් දිගටම උඩ මතුවෙමින් දිය ගසන්නේනම්...මේ ක්රීඩාව සවස් වන තුරුම සිදුවෙයි. නමුත් බොහෝ විට දහවල් 12 පමණ වනවිට බලයන් රංචුව ගැඹුරු දියට පලායයි. දිය ගැසීම නැවතුණු වහාම...බෝට්ටු කාරයෝ ගොඩබිම දෙසට අඩු වේගයකින් පැමිණෙති. මාළු විකුණන තොග මුදලාලිට...තෙල් ගැසීමට ණයට මුදල් දුන් මුදලාලිට සහ බෝට්ටුව අයිතිකරුට මුදල් දුන් පසු බෝට්ටු පදවමින් අව්වේ කර වෙමින් වෙහෙස වෙමින් මාළු අල්ලනට සැබෑ ධීවරයාට ලැබෙන්නේ සොච්චම් මුදලකි. ඇඟපතේ අධික වෙහෙස නිසා සිගරට් අරක්කු ගංජා බීම අනිවාර්යවී ඇත. දරු පවුල් නඩත්තුව සඳහා ඉතිරිවන මුදල කිසිසේත් ප්රමාණවත් නැත.



කොටියා සහ නැම්මා සමග කෙළවල්ලන් දඩයමේ ගියෙමි...


කොටියා සහ නැම්මා සමග කෙළවල්ලන් දඩයමේ ගියෙමි...




මා වැඩියෙන්ම අනුභව කිරීමට ආසා කරන මාළු වර්ගය කෙලවල්ලන්ය...කටු රහිත බික් ගැලවෙන මාළු පෙති එකවර ගිල දැමිය හැකි බැවිනි.
කොයි රටෙත් කෙළවල්ලන් මිල අධික මාලු වර්ගයකි...
මගේ ධීවර මිතුරන් දෙදෙනා අද දින කෙළවල්ලන් ඇල්ලීමට යන බව කීබැවින්...
උදේ පාන්දර පහයි තිහට පමණ කොටියාගේ High-Speed බෝට්ටුවට පැන ගතිමි...
කෙළවල්ලන් අල්ලන්නේ බලයන් අල්ලන අන්දමට නොවේ...
එය සම්පූර්ණයෙන්ම අතීත පළපුරුද්ද මත කරන ක්රියාවකි...
තොටමුණේ ධීවරයෝ සම්ප්රදාය කරපින්නාගත් ධීවරයන්ය...
උදේ පාන්දරින්ම බෝට්ටුවලට පැමිණෙන ධීවරයෝ හඳුන්කූරු මිටියක් සහ කපුරු දල්වා කාලි මෑණියන්ගේ ආශිර්වාදය පතති.
මෙය ධීවරයන් සියලු දෙනාම කරන ක්රියාවකි. සපත්තු සෙරෙප්පු දාගෙන බෝට්ටුවට නැගීම තහනම්ය...මාළුන් දිය ගසන අන්දම...ලිහිනින් කැරකෙන අන්දම ඇඟිල්ල දිගු කර පෙන්වීම තහනම්ය. කතා නොකර බෝට්ටුවට තට්ටු කරමින් මාළුන් කැඳවා ගැනීමේ කෙම් ක්රමය...ආදී පුරාණ චාරිත්ර බොහොමයක් තවමත් අනුගමනය කරනු ලැබේ...
මේ ධීවරයන් කිසිවකුත් සාමාන්ය පෙළට වඩා උසස් අධ්යාපනය ලැබූවන් නොවේ...ආර්ථික තත්වය අයහපත් බැවින් නිතර කෝපයෙන් දැවෙමින් සිටිති. ඔවුන්ගේ සිත දැඩිය බැල්ම හිස්ය...ජීවිතයේ ටාගට් නැත... අද හම්බ කරොත් අද බොනවා අද කනවා...එච්චරයි ! වගා නොකර හැමදා අස්වැන්න ගෙනෙන්නට යන බැවින් මුදල් කීයක් හෝ අතට ලැබෙන බැවින්ද...Heat Stroke නිසා ඇතිවන ශරීරයේ අධික තෙහෙට්ටුව නිසාද... වැඩිදෙනෙකු අධික බීමතට ඇබ්බැහිවී ඇත...ඔවුන් අතර මත්ද්රව්ය භාවිතයද ඉහළ මට්ටමක පවතී.
කෙසේ නමුත් මම දැන් ඔවුන් අතරය.
සියළු මාළුවන් අතරින්... ධීවරයාට රත්ත්රන් වලටත් වඩා වටින්නේ ඉඟුරන් නැමැති මාළු වර්ගයයි.
කෙලවල්ලන් ඇල්ලීමේ පළමු පියවර වන්නේ ඇම්බෝලය සොයාගැනීමයි...ඇම්බෝලය යනු
ලොකු මාළුන්ට බයේ එකට පොදි ගැසුණු ඉඟුරන් රංචුවකි...මෙය වතුර මතුපිට සිරි සිරි ගාමින් දඟලනු ඈතට පෙනේ...ලිහිණි රංචුව පැන පැන මාළුන් ඩැහැ ගනිති...එවැනි දෙයක් දුටු විට වහාම එතනට කෙළ ගෙනගොස් අතංගුවෙන් ඉඟුරන් අල්ලා බෝට්ටුවේ මැද සාදා ඇති හතරැස් ටැංකියටදා ගනු ලැබේ...
ඉඟුරන් දෙතුන් සීයක් ටැංකියට දාගත්තොත් වැඩේ ගොඩය. ඉඟුරන් දාගත් වහාම...ටැංකිය පතුලේ සහ ටැංකිය පැත්තෙන් ඇති ඇබ දෙක ගලවනු ලැබේ...
එවිට වහාම බෝට්ටුවට වතුර පිරෙන්නට පටන් ගනී...
අද දින ඇම්බෝලය කිසිවකුටත් හමු වුණේ නැති බැවින් අද අවාසනාවන්ත දවසකි. දෙවෙනි option එක ලෙස බිලි කොකු සහ කෘතීම කුඩා ඇම් ගණනාවක් එකට දිග යොතක් මුහුදට යොදා සජීවී ඇමට පාවිච්චි කිරීම සඳහා ලින්නෝ බෝල්ලන් දඩයම් කරලදී...වීඩියෝව බලන්න...
දැන් දෙවැනි පියවර ලෙස කළ යුත්තේ මුල්ලු රංචුවක් සොයා ගැනීමය. මුල්ලු යනු ඩොල්ෆින්ලාට ධීවරයන් භාවිතා කරන නමයි...මුල්ලු රංචුවත් සමග කෙලවල්ලන්ද ගමන් කරන බව ධීවරයන්ගේ අත්දැකීමයි...
එකවරම අපි වතුර උඩ කරනම් ගසමින් දුවන...මුල්ලු රංචුවක් දැක්කෙමු...මෙය දුටු බෝට්ටු කාරයෝ රොත්තක්ම අප පසුපස හඹා ආහ...මුල්ලු රංචුව පසුපස යමින් සජීවී ඉඟුරන් බිලී කොක්කක අමුණා...ඇමට යොදා කෙලවල්ලන් දඩයම් කිරීම ධීවරයන්ගේ සිරිතයි...
අද දින ඉඟුරන් හමුවුණේ නැති බැවින් සියලුම බෝට්ටු කාරයෝ පණැති ලින්නො බෝල්ලන් ඇමට යොදා...කෙලවල්ලන් ඇල්ලීමට මාර ගේම් එකක් දුන්නද...
කිසිදු බෝට්ටුවකට බලයන් එකා දෙන්නා මිස කෙළවල්ලකු අහු වුණේ නැත...මෙයට හේතුව ලෙස කොටියා විග්රහ කළේ...
ඉඟුරන් සුලබ කාලයට කෙළවල්ලන් ලින්නො බෝල්ලන් අනුභව නොකරන බවයි...මම මේ කෙලවල්ළන් දඩයම ගැන...
කිසිවක් නොදන්නා නිසා ඔහුගේ කීම පිළිගනිමි.


 

Friday, 7 June 2019

බෝම්බ සහ සැත්කම්


මම බෝම්බ පිපුරූ විට...
කතෝලිකයන්ගේ පැත්ත ගත්තෙමි...
මුස්ලිම්වරු මට ජාතිවාදියායයි කිවූහ...
මගේ නවපරපුරේ මිතුරෝ නිහඬවූහ...
ආදිකල්පික මිනිසුන් යුධ සමයන් වලදී... ඔටුසම්වල ලියූ වෛරී ප්රලාප හදවතින්ම ක්රියාත්මක කරන්නටයෑම නිසා මේ බෝම්බ ප්රහාර සිදුවූ බව කීවිට... මුස්ලිම් FB මිත්රයෝ මා හැරගියහ.
මුස්ලිම් වරුන්ට ගහනවිට...
මම මුස්ලිම්වරුන්ගේ පැත්ත ගත්තෙමි...
කඩ ගිනි තැබීමට පක්ෂ සැදැහැවත් බෞද්ධයෝ මගේ අම්මා තම්බි ගාවට ගියාදැයි ඇසූහ...පුද්ගලික අපහාස නොඉවසන මම ඔවුන්න් බ්ලොක් කළෙමි.
මුස්ලිම් වහබිවාදය සහ ව්යාප්ත වාදය මුස්ලිම් සමාජය තුල සීඝ්රයෙන් ලොව පුරාම පැතිරෙමින් තිබෙන බව කිව්වෙමි. ආක්රමණික මුස්ලිම්වරුන් භයානක පිළිකුල් සහගත සතුන් කොටසක් ලෙස යුරෝපීයයන් , ඇමරිකානුවන්, ඕස්ට්රේලියානුවන් සිතන බව කිව්වෙමි. මහල්ලන් වයස දොළහේ ගැහැණු දරුවන් විවාහ කරගැනීම වැරදි බව කීවෙමි. ලංකාවේත් වහබිවාදින් සමූහයක් සිටිනබව කිව්වෙමි...
කාත්තන්කුඩිය පුංචි අරාබියක් වී ඇති බව කිව්වෙමි...මද්රසා පාසැල් මගින් ආගමික අන්තවාදය උගන්වන බව කිව්වෙමි...
ඉතුරුව සිටි මුස්ලිම් FB මිත්රයයෝද, මුස්ලිමුන් මිනීමරණ විට නිහඬවසිටි...මා බෙහෙවින් ප්රියකළ රැඩිකල් මිත්රයෝද මාහැර ගියහ...
මම කවදත් සිට ගත්තේ...මට සාධාරණ යයි සිතෙන පැත්තේය...
තවමත් මට ප්රිය කරන මිතුරන් රැසක් සිටින බව...
මරණයේ දොරකඩට සපැමිණ ආපසු පැමිණි මම දැන ගතිමි...
වසර විසිහතරකට පෙර කරන ලද බයිපාස් සැත්කමක් නිසා...උරස් කුහරයේ ඇති වූ සංකූලතාවයක් නිවැරැදි කර ගැනීමට වසර ගණනාවක් උත්සාහ කළෙමි. ශල්ය වෛද්යවරුන් පස් දෙනෙක් සම්පූර්ණයෙන්ම සිහිනැති කළයුතු මෙම අනතුරුදායක... වගකීමක් භාරගත නොහැකි...එක් වරම හෘදය අකර්මණ්ය විය හැකි...සැත්කම කිරීමට භාරගත්තේ නැත. ශල්ය වෛද්ය අනුජ සෝමරත්න...සහ නිර්වින්දන වෛද්ය ප්රගීත් පතිරගේ...මම 50% අවදානමක් ගැනීමට කැමති නම් නම් ශල්ය කර්මය කිරීමට කැමතිවූහ...At my own risk
මම බොහෝ වාර ගණනක් මරණය සමග බූරුවා ගැසූ මිනිසෙකි...4s7sw.blogspot.com
බ්ලොග් අඩවියේ මගේ අරුම පුදුම ජීවිත කතාවෙන් සෑහෙන කොටසක් මා ලියාඇත...
තව වැදගත් කොටස් කීපයක් ලිවීමට ඇත...
හැමදාම කොලේ වැටුණේ මගේ පැත්තටය...
මෙවරත් මම දිනුවෙමි...රජයට බරක් නොවී මා මොළය විකුණා උපයාගත් සාධාරණ මුදල් ගෙවා ආසිරි සර්ජිකල් රෝහලෙන් ශල්යකර්මය කරවා ගත්තෙමි. සැත්කම 100% සාර්ථකවිය. සුවය ලබමින් සිටිමි !!!
ශ්රේෂ්ඨ අති දක්ෂ වෛද්යවරුනි...
මට අවංකව ආදරය කරන දුටු නුදුටු FB සහ බ්ලොග් ප්රිය මිතුරනි...මං නුඹලාට හදවතින්ම ආදරෙයි.

Friday, 29 June 2018

JVP දේශප්‍රේමීන් (6)....ජපානයේ ජීවිතය...

JVP දේශප්‍රේමීන් (6)....ජපානයේ ජීවිතය...
මගේ බොක්කේ මිත්‍රයා...සරත් පැටිකිරිකෝරාළ ජපානයේ, ජර්මනියේ සහ මලාවි නමැති අප්‍රිකානු රටේ වසර ගණනාවක් මෝටර් කාර්මිකයෙකු ලෙස සේවය කර තිබුණි. ඔහුට ජපන් භාෂාව කතා කිරීමේ හැකියාවද තිබුණි. මේ නිසා ඔහු සමග ජපානයට යෑමට මට කිසිදු චකිතයක් නොවුනි. අප නවතින්නට යන්නේ අදාචිසාං නමැති ඔහුගේ ජපන් මිතුරාගේ ගෙදරය. අදාචිසාං මට ලංකාවේදී මුණගැසී ඇත. ඔහු නිවාඩුවට ලංකාවට ඇවිත් මමත් සරතුත් සමග නුවරඑළි ගියේ මගේ මෝටර් රථයෙනි. සිගරැට් පැකට් ගණන් බොන ඔහු, නිතර සිනාසෙන විනෝදකාමී චරිතයකි. නුවරඑළි යද්දී අපි බණ්ඩාරවෙල නගරයේ ඇවිදිමින් සිටියෙමු. අදාචිට කමීසයක් මිලයට ගන්නට ඕනෑ බව කිව්නිසා අපි රෙදි කඩයකට ගියෙමු එහිදී පෝලෝ නමැති කමීස වර්ගය ලාබෙට තිබෙනවා දැක අදාචිසාං සතුටින් පිණාගියේය. වහාම එයින් කමීස දහයක් දෙන ලෙස ඔහු වෙළෙන්දා ගෙන් ඉල්ලාසිටියේය. මෙච්චර කමීස මොකටදැයි ඇසූ විට මිතුරන්ට තෑගී දීමට බව ඔහු කීවේය. අදාචිසාං...පෝලෝ ෂර්ට් වෙරිගුත්තෝ... කියා මම ඇසුවෙමි ? ෂර්ට් එකක් අහසට අල්ලා එහි ඇති ගැටගැසුණු නූල් පෙන්වූ ඔහු...ෂර්ට් නෝ ගුත්තෝ...නේම් වෙරි ගුත්තෝ කියා කිව්වේය. ඔරිජිනල් පෝලෝ ෂර්ට් ජපානයේ මිල අධිකය.
අදාචිසාං වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. දහවල් විවිධ කර්මාන්තශාලා වලට යමින් ඒවායේ ත්‍රී ෆේස් මෝටර් සවිකිරීම, ඩිස්ට්‍රිබියුෂන් බොක්ස්, ලොකු මේන්ස්විච් සවිකිරීම වැනි බරසාර වයරින් වැඩ කර දිනපතා ගානක් සොයාගැනීම ඔහුගේ ජීවිකාව විය. දවසේම මහන්සිවී වැඩකරන ඔහු රාත්‍රියට නිදා ගන්නේද කුකුල් නින්දකි. මහරෑ එක් වරම අවදිවී රූපවාහිනිය නැරඹීම ඔහුගේ සිරිතවිය. මේ නිසා අපගේ නින්දටද බාධා ඇතිවිය. ටිකදිනෙකින් අපිද එසේ කරන්නට පුරුදු උනෙමු. උදේ පාන්දරම නැගිට ප්‍රාදේශීය පත්තර කිහිපයක ඇති ලුහුඬු දැන්වීම් ඉතා සැලකිල්ලෙන් බලන ඔහු එම දවසට කළහැකි ජොබ් එකක් සොයාගනියි. ඒවා පෑනෙන් සලකුණු කරගෙන දුරකථනයෙන් කර්මාන්තකරු අමතා... ගණන්හිලව් කතාකර ගනියි. සරත් සහ මම බොහෝ දිනවල ඔහුට සහාය වීමට ඔහු සමග කර්මාන්තශාලා වලට ගියෙමු. එහිදී හමුවන මිනිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කතාකළ විගස මගහැර යෑම ජපනුන්ගේ සිරිතවිය. ඉංග්‍රීසි භාෂාව කතාකරන මිනිසුන් ජපානයේ විරලය. ජපානයේදී වැඩට සහාය වීමට කිසිවකු සොයාගැනීම ඉතා අපහසුවූ බැවින් අප ඔහුගේ නිවසේ නැවතී සිටිනවාට අදාචිසාං බොහෝ කැමතිවිය. ඔවුන් විවිධ වර්ගයේ කෑම අප සඳහා රෙස්ටුරන්ට් වලින් රැගෙන ආ නමුත්...අලංකාර ලෙස සරසා අමුවෙන් තිබූ ඒකෑම කන්නට මටනම් නොහැකිවිය. මං ආසා කල දේවල් වුනේ පුළුස්සන ලද හරක්මස්, බැදපු බිත්තර සහ මාළු පමණකි ඒවා සමග ලැබුනේ බෙරිඋන සුදුහාලේ බතකි. ටෝෆු නමැති සෝයා කිරිවලින් සාදන ලද මළජරාවක්ද මේ කෑම වර්ග සමග නිතර ලැබුණි. අදාචිසාං සහ බිරිඳ මම හරිහැටි කෑම නොකනබව දැක විස්සෝපවූහ.
අදාචිසාංට දරුවන් තිදෙනෙකි. තුන්දෙනාම කොල්ලෝය බාල කොලුවාගේ නම “හිදෙතෝ”ය. හිදෙතෝ වහාම මාසමග මිතුරුවිය. මේ කොල්ලෝ තිදෙනාම ඉගෙනීමට කිසිම උනන්දුවක් නොදැක්වූ අය වූහ. ලොකු එකා උදෙන්ම බයිසිකලයේ නැග මිතුරන් සමග අතුරුදහන් වෙන අතර ගෙදර එන්නේ දවසක් දෙකක් ගතවුණු පසුවය. කොහේ යනවාදැයි කිසිවකු නොඅසති. ඔහු පසුකලෙක ඇතිවූ වීදි සටනකදී සතුරකු එල්ලකල පා පහරකින් අක්මාව පුපුරා මියගිය බව දැනගන්නට ලැබුණි. බාල කොළුවා ගෙදර ඉන්නාවිට කලේ VHS කැසට් කුලියට දෙන කඩවලින් චිත්‍රපටි ගෙනැවිත් ඒවා නැරඹීමය. දවසක් හිදේ කැසට් ගැනීමට මාසමග කැසට් කඩයට ගියේය. හිතහොඳඑකෙක්වූ ඌ නොම්මර එකේ අන්ඩපාලයෙකි. මාවත් ඇදගෙන කැසට් කඩයේ කෙළවරකට ගිය හිදේ...සරත්තෝසාං.. සෙක්ස් වීඩියෝ අරු...කියා මට අසභ්‍ය වීඩියෝ කැසට් තිබෙන බව පෙන්වීය. එවකට වයස හතක්වූ මූ ෂුවර් එකටම මේවා බලනවා විය යුතුය. මිනිස් නිදහස උපරිමයෙන් ඇති ජපානයේ මේවා තහනම් නැත. 

මතු සම්බන්ධයි...

Friday, 10 February 2017

ආණ්ඩුවේ ඒවා

                                     ගන්න දෙයක් නෑ මුදල් අයකරනවා විතරයි...දූවිලි පිරුන කබල් බස්...ලෝකයේ දියුණු කිසිම රටක නැති...දුවනකොට දොරවල් වහන්නෙ නැති, වෙලාවට එන්නෙ නැති  රේල්පාරට අසූචි, මුත්‍රා වැටෙන, වතුර නැති, පට්ට ගඳ වැසිකිලි ඇති පරණ පෙට්ටි තියෙන, දූවිලි, කලුපාට මජං පෙරාගත්තු ජීවිතේට නාන්නෙ නැති  කෝච්චි.....දූවිලි පිරුන ස්ටේෂන් කාමර, පට්ට ගඳ වැසිකිලි සහිත,අපිරිසුදු කැන්ටින් සහිත ස්ටේෂන්...කියල වැඩක්නෑ ලොක්කා...

රජයේ පොලීසිය :- 
                             නියමයි...2017දීත් අතින් පැමිණිලි ලියා 1943 හැදූ ගල්කෝච්චි ටයිප්රයිටරෙන් අච්චු ගහන පැමිණිලි අංශය, වැසිකිලි නැති බලුකූඩු, කුණුහරුපෙන් බණින...පගාගහන මූණේ ලේ කඳුලක් නැති රාළ හාමිලා...පොලීසියකට යන්නත් බයයි...

රජයේ උසාවි : - නිහඬයි. නඩුකාරයෙක් විත්ති කාරයෙක්ගේ බිරිඳ උසාවියේ එයාගෙ කාමරේට අරං දූෂණය කරනවා...රජයට ඕන විදියට තීන්දු දෙනවා.. ඉඩම් නඩුවක් ඉවරවෙන්න පරම්පරා තුනක් යනවා ...ස්ත්‍රී දූෂණ නඩු අවරුදු තිහක් විතර අහනවා...පැමිණිලි කාරිය අන්තිමේදි උසාවි එන්නෙ මිණිපිරී එක්ක...එහෙම පිටින්ම කුණුගොඩක්. 

රජයේ සිරගෙවල් :- කුඩු බඩු ෆෝන් ගංජා අරක්කු විස්කි ඕන එකක් තියෙනවා...ඉල්ලුම් ගහට නියම කරපු සල්ලි තියෙන එකා...දෙස්පාලුවා දිගටම ඉන්නෙ බන්ධනාගාර රෝහලේ...රෑට ගෙදර ගිහින් පාන්දර එන්න පුළුවන්...  පිටින් කෑම ගෙනැත් කනවා...සිරකරුවන්ගේ රුමත් බිරින්දෑවරු ජේලර්ලා බෙදාගන්නවා...කාට බයවෙන්නද ? අන්ත දූෂිතයි !            

රජයේ වරාය සහ රේගුව : - 
                                         බලන් ඉද්දී පගාව ගන්නවා දූෂණ ගුහාවක්... 

රජයේ කාර්යාල :- 
                            කොයි වෙලාවෙ වත් නිලධාරියෝ පුටුවල නෑ...ලියුමක් දැම්මොත් ඒකට වෙච්ච දෙයක්නෑ...උත්තර නෑ...හැම එකටම පගාව ඉල්ලනවා ...අයිස් ෆැක්ටරි... 

රජයේ  ඉස්පිරිතාල : -  
                                ඇඳන්උඩ දෙතුන් දෙනා ඉන්න...පට්ට ගඳ වැසිකිලි සහිත..මැස්සන් මදුරුවන් පිරුණු වාට්ටු...බෙරිහන් දෙන ලෙඩ්ඩුන්ට බණින නර්ස් ලා...OPD මර පෝලීම්...ක්ලිනික් එකෙන් බෙහෙත් ගන්න රෑ 2ට එන්න ඕනේ. අන්තිම බාල ඉන්දියන් බෙහෙත් දෙන්නෙ...මිළ අධික බෙහෙත් පාමසි වලින් ගන්න ඕනෙ...පරීක්ෂණ ඔක්කොම පිටින්...ඔපරේෂන් වලට වේටින් ලිස්ට්...හවස හතරට ඔක්කොම විශේෂඥයෝ ඉස්පිරිතාලෙන් පැනල ගිහින් චැනල් ගරානාවේ...ඕවට විරුද්ධව  GMOA එක ඉස්ටයික් කොරලා උසාවිත් ගියා...     පලාතෙ යන්න හිතෙන්නෙ නෑ... 

රජයේ ඉස්කෝල : - 
                               මළ ජරාවක්...ළමයි ඇතුල් කරන දවසෙ ඉඳන්ම සල්ලි ගන්නවා...ඩෙස් පුටු ගෙනියන්න ඕනේ...ගුරුවරු හරියට උගන්නන්නේනෑ...එයාලත් ටියුෂන් දෙනවා...ගම්බද පාසැල් වල වැසිකිලිනෑ...ගුරුවරුනෑ කිසිම පහසු කමක්නෑ උසස් පෙළ දක්වාම ඔක්කොම වැඩවලට ටියුෂන් යන්න ඕනේ...උසස් පෙළ ළමයි එකෙක් වත් ඉස්කෝලෙ එන්නෙනෑ...උදේ 6 ඉඳන් රෑ 10 වෙනකං කඩෙන් රෝල්ස් මාළුපාන් කකා ටියුෂන් කඩවල...මේ නිදහස් අධ්‍යාපනය පාරට බැහැල කුණුහරුප කියල කඳුළුගෑස් කාල...පණවගේ රැකගන්නේ අන්තරේ ළමයි...

රජයේ විශ්වවිද්‍යාල :- 
                                ආ...ලෝකෙ තියෙන හොඳම විශ්වවිද්‍යාල අපේ විශ්වවිද්‍යාල තමයි... 1234567...අපේ...හාවඩ් එකත් ලිස්ට් එකේ අපට පහලින් තියෙන්නෙ. ලෝකයේ ඉහලම පර්යේෂණ කරන්නෙ අපි...නලින් ද සිල්වා වගේ...නොබෙල් තෑග්ග දිනපු  ටොප් ක්ලාස් මහාචාර්ය වරුම...පස් දෙනෙක් ඉන්නවා අපිට... බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියල ඔප්පුකලේ එයා තමයි...ළඟදීම අපි ඔය ඊනියා බටහිර විද්‍යාව...පාසැල් වල උගන්නන එක නතර කරනවා...නිව්ටන්ගේ නියම...බම්බුව තමයි...රොකට් ඉහලට ප්‍රක්ෂේපනය කරන දෙහිගෙඩි  මිරිස් කරල්  තාක්ෂනය...නාසා එකට දුන්නෙත් අපි... ඒක සොයාගත්තේ රජරට විශ්වවිද්‍යාලෙ...පීරිසියක අඳුනක් ගාල...පොල්තෙල් පානක් ඉසරහින් තියල  ලෝකෙ පළවෙනි හනුමන්තා ටෙලිවිෂන් සිස්ටම් එක  
හැදුවෙ...යාපනේ විශ්ව විද්‍යාලෙ නුවණට අධිපති මහාචාර්ය ගණපති...එයා පේටන්ට් එක ජර්මනියට වික්කා කෝටි ගානකට...නාථ දෙවියන් ගෙන් තමයි අපි පර්යේෂණ උපදෙස් ගන්නෙ...වසර 2500ක් පැරණි පුස්කොළ පොත් ආශ්‍රයෙන් තමයි අපේ පර්යේෂණ ඩිසයින් කරන්නෙ....හොරු අල්ලන කැරකෙන කනප්පු රොබෝ සොයාගත්තෙ නැගෙනහිර විශ්ව විද්‍යාලෙ අවසාන වසරෙ ශිෂ්‍යයෝ. 
                           නන්දිකඩාල් වෛද්‍ය විද්‍යාලෙ...වසර ගණනාවක් පර්යේෂණ කරල  මේ ලඟදි හොයාගත්ත... වාජීකරණ කොළ කැඳක්...ඒකට උදව් ගත්තෙ සම්‍යක් දෘෂ්ඨික..."ටෞකණ්ඩ" දෙවියන්ගෙන් සහ එයාගෙ නංගි "පට්ටෞත්ති" දේව මෑණියන් ගෙන්...බොරුනම් දැන් හිරේ ඉන්න පනික්කියා ගෙන් අහන්න...  ව්‍යාග්‍රා කැළේ...මන්ඩිටික වැරදිලා හවස පතෝල වැලකට දැම්මා...කිව්වට විශ්වාස කොරන්ඩ...උදේ බලන කොට ඔක්කොම පතෝල කරල්ටික උඩ අතට කෙලින් වෙලා !. ඕක ආරංචි වෙලා ට්‍රම්ප් මහත්තයගෙන් බේරෙන්න බෑ...තරුණ කාමුක බිරිඳක් ඉන්න වයසක මහත්තයනේ...පේටන්ට් එක ඩොලර් බිලියන පහකට ඇමරිකාවට  දෙන්නලු...එහෙම විකුනන්න පුලුවන්ද අපේ පාරම්පරික දේශීය තාක්ෂණය...ඉතිං අපේ මසුරං විස්ස විජ්ජාල ටික... පුද්ගලික හිපාටුවන් ගෙන් පෙරේසන් කොරගන්න අන්තරේ  කොල්ලො පාරට බැහැල ඉන්න එක පුදුමයක්ද ආයුබොවං !

Wednesday, 25 January 2017

හොරු බෙටි කාපං කුන්දීරේ

ඔන්න පුතේ එකෝමත් එක රටක...මහන්සිවෙලා දුක්විඳල රස්සාවක් කරල හම්බකරන් කන්න කැමති නැති...රට කපටි පට්ට හොරු සෙට් එකක් ඉන්නවා...මුන් වැඩිපුර ඇඳලා ඉන්නෙ සුදුපාට ඇඳුම්...ඉතිං මුන් එකම සෙට් එකක් උනත් (මිනිස්සු හිතන් ඉන්නෙ සෙට් දෙකක් ඉන්නව කියල) ...කල්ලි වලට බෙදිලා චන්දෙ ඉල්ලනවා...සපෝටර්ලත් කල්ලි වලට බෙදිලා මරාගන්නවා...දැන් වැඩිපුර මරාගන්නෙ බුකියේ...ඉතිං දිනපු එවුන් රටේ බලය ගන්නවා...පැරදුනු එවුන්ගෙන් කොටසකුත් ඇමතිකම් අරං...දිනපු එවුන්ට හේත්තු වෙනවා...බලයට ආපු ගමන් කෝටි ගණන් හොරකං කරනවා...ඔන්න ඉතිං පැරදුනු එවුන් දියවන්නා හොර ගුහාව ඇතුලේ...කුණුහරුප විදිමින් කෑගහන්න පටන් ගන්නවා...මෙන්නෝ...මුන් හොරකං කරනෝ...අල්ලපියෝ...හිරේ දාපියෝ...කිය කියා...ඉතිං...බලයේ ඉන්න එවුන් කෑගහනවා...උඹලගේ කාලෙත් කෝටි ගණන් හොරකං කලානේ කියල...ඉතිං බලංඉන්නෙ...අල්ලලා හිරේ දාපල්ලකෝ කියලා පැරදුන එවුන් කියනවා...බලේ ඉන්න එවුන්, උන්ගේ නෑදෑයෝ, යාළුවොත් කලින් හොරකං වලට සම්බන්ධ නිසා...හොරු අල්ලන්න වගේ ඉන්නවා අල්ලන්නේ නෑ..උන්ගේ පවුල් අතර විවාහ ගණුදෙණු පවා කෙරිල තියෙන නිසා එක හොරෙක් වත් අල්ලන්න බෑ...ලොකුම හොරු බාගෙට අල්ලලා අතඅරිනවා...පලයන් පුතා ඇමරිකාවට කියලා...එක පට්ට හොරෙකුට ළමයි නැති නිසා මිනිස්සු හිතන් ඉන්නෙ...ඌ හොරකං කරන්නෙ නෑ කියල...මිනිහට දෙනව Mr ක්ලීන් පට්ටම...ඌ කොස්ඇටේ බෑවෙ යාළුවගෙ අත දාල...දැන් හෙන ගේමක් දෙනව යාළුව බේර ගන්න... මුන්ගේ ළමයි ඉගෙන ගන්නෙ පිටරට...හුඟක් එවුන්ට පිටරට ගෙවල් බැංකු ගිණුම් තියෙනවා...සමහරු සල්ලි තිබුනත් ඉන්නෙ හිඟන්නෝ වගේ...සමහර එවුන් කෝටි ගණන් වාහන වල ඇවිත් ෂෝ එක දානවා ලංකාවෙ ඉන්න මෝඩ ජහමනයා...මේ කවදාවත් ඉවර නොවෙන හොර මගඩි මෙගා ටෙලි නාට්ටිය...සහ මුන්ගේ TV කුකුල්පොර නිදිමරාගෙන බලං ඉන්නවා...මුන් දවල්ට බෙදිලා රණ්ඩුවෙලා රෑට පාටි වලට ගිහිං එකට බොනවා...දැන් අව්රුදු හැට නමයක් මේ සෙල්ලම කරනවා...එකෙක්වත් හොරකමකට හිරේ ගිහිං නෑ...බඩට කන්න නැතිව බදු ගෙවමින් වාහන ලොකු දීමනා දෙමින් මුන් නඩත්තු කරන ගොන් ජහමනයට...මේ ගැන වගේ වගක් නෑ...සීයෙ වෙනකතාවක් කියන්නකෝ...ඕක මට දැන් අහලම ඇතිවෙලා හිටං !

Monday, 16 January 2017

මගේ සිහිනය (තමන්ට ගැලපෙන විදියට...අකමැති කෑලි අයින්කර...කැමති කෑලි එකතුකර... කපා කොටා...සිහිනය සකස්කර ෂෙයා කරගන්න)

මං හීන දකිනවා ඉල්ලංකාව ගැන
අලුත් තරුණ ජනාධිපති කෙනෙක් ගැන
සතයක්වත් හොරකං නොකරන
ධනවත් පවුල් පසුබිමක් ඇති
විද්‍යා අධ්‍යාපනයක් ඇති
ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ දැනුමැති
පරිඝනක සාක්ෂරතාව ඉහලින් ඇති
CNN, BBC බලන ලෝකය ගමන් කරන
රටාව වටහාගත හැකි
ආර්ථික විද්‍යාව සහ
කළමනාකරණය ගැන ප්‍රමාණවත්
දැණුමක් ඇති මිනිහෙක්
පන්සල් පල්ලි කෝවිල් ගානේ
දුවමින් කාලය කානොදමන මිනිහෙක්
රට පාළනය කරන්නට
තීන්දු තීරණ ගන්නට
පූජකයන් ගෙන් නොවිමසන
මෝඩ බහුතර චන්ද දායකයින්ගේ,
ඉල්ලංකාවේ මැනවින් සංවිධානයවූ
පරපෝෂිත පූජකයින්ගේ
සමාජයට බය නැති
නිර්භීත කෙලින් මිනිහෙක්
කුඩු ගෙන්වා අසුවන එකා සතියකින්
නඩු අසා එල්ලා මරණ මිනිහෙක්
පන්සල් පල්ලි කෝවිල් වල ශබ්ද දුෂණය
එක දවසින් නැවැත්වියහැකි මිනිහෙක්    
තාප්ප වල ලියන කොල්ලන්ට
ප්‍රසිද්දියේ වේවැල් පහර දෙන්නට
හැකි මිනිහෙක්
වාස්, දුමින්ද වැනි මිනී මරුවන් කුඩුකාරයින්
එක පෑන් පහරින්
එල්ලා මරාදැමියහැකි මිනිහෙක්
වැරදි තැනින් පාර පැන්නොත්
අත්අඩංගුවට ගෙන
ලොකු දඩයක් ගහන මිනිහෙක්
පාගා ගහන එකාගේ රජයේ දේපල සහ මුදල්  
හොරකම් කරන එකාගේ දේපල රාජසන්තක
කර හිරේ දාන මිනිහෙක්
අපේ මුදලින් ආතල් එකට පිටරට සවාරි
නොයන මිනිහෙක්
නෑයින්ට මිතුරන්ට
තනතුරු නොදෙන මිනිහෙක්
එත් අපට ඉන්නේ
රනිල් මහින්ද වගේ රටකපටි පට්ට හොරු
 සිරිසේන වගේ
මොනම දැණුමක්වත් නැති පතෝලයින්
කාලෙන් කාලෙට එක එක පැතිවලට ජැක් ගහන
බොරු මාක්ස්වාදී ජෙප්පන් වගේ
අපතයින් විතරයි
කොක්කෙන් හරි කෙක්කෙන් හරි   
මේ රට හදන්නට ලී ක්වාන්යූ වර්ගයේ හෝ
එයිටත් වඩා හොඳ
බූරුවා කරගහන් ගිය මිනිහා වගේ නැති    
හොඳ ඒකාධිපතියෙක් උවමනා කර තිබේ   
#....සිහිනයේ ජීවත්වෙමි....#

සරත් විමලසුරිය           

Wednesday, 19 October 2016

JVP/දේශප්‍රේමීන් (4)

                               ...වහාම ශ්‍යාමාට කතාකර තත්වයේ බරපතල කම පැහැදිලි කලෙමි...ඔයා ඇයි උන්ට විරුද්ධව කතා කලේ...මනුස්සයෝ තව ටිකකින් පොලීසියෙන් ආවොත්...මුන් වාට්ටුව ඇතුලේ වෙඩිතියා ගන්නවා...අහිංසක මිනිස්සුත් මැරෙයි තව එවුන් පිටිපස්සේ කැලේ හැංගිලා ඇති...ඒකයි මුන් බය නැතුව ඉන්නේ...දැන් ගොඩක් අය දන්නවා...මං ලෙඩ්ඩු ගොඩක් ටිකට් කපලා යැව්වා...OPD එක වහල දැම්මා....තව වැඩිවෙලා යන්න ඉස්සර පොලීසියට ටිප් එක යනවා. ඉතිං මොකද දැන් කරන්නේ...? මං කලින් උගන්නපු විදියටම කරන්න...ඔයා බබත් එක්ක නාන  කාමරේට ගිහිං දොරවහ ගන්න...මුන් ඇතුලට ආවොත් ෂුවර් එකටම මාව මරණවා...වැන්දට වැඩක් වෙන්නෙ නෑ...කලබලයක් වුනොත් රතිඥඥ මිටියයි ගිනිපෙට්ටියයි...ෆෑන් ලයිට්එක උඩ තියෙනවා...පත්තු කරලා එලියට දාන්න (චෝදනාව රතිඤ්ඤා පත්තු කර...අණදෙන නිලධාරී කීර්ති විජේබාහුගේ...දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිය වැද්දීම) පොලීසියට සද්දෙ ඇහුණම එයාල එයි...! (එයිද ?)
                               දොර කඩාගෙන ආවොත්...මාළු පාන් දෙකෙන් දමා ගසා පස්ස දොරෙන් දිවීමට ලෑස්තිවී...දොර රෙද්දට මුවාවී සිටියෙමි...පැයක් විතර ඇලර්ට් එකේ හිටියත් කව්රුවත් ආවේ නැත....කව්දෝ පිටිපස්සේ දොරට සෙමින් තට්ටු කරයි... රෝහල් සේවකයන්ට මා දැනුම්දී තිබුනේ ඕනම වෙලාවක මට කතාකරන්න ඕනෙ නම් ඉස්සරහ දොරට නොව පිටිපස්සේ දොරට තුන්වරක් තට්ටු කරන ලෙසටය...හරි...ඉස්පිරිතාලෙන් තමයි...කව්ද ?...සර් මම නිමල්...වහාම දොරඈරියෙමි...සර් අරුන් ලෙඩා අරන් ගියා...නිමල් බැටරි බැහැපු රේඩියෝඑකක් වගේ...මගේ කනට ලංවී කොඳුරයි...ඇත්තද ? ඔව් සර්...ත්‍රීවීල් එකකින් එක්කං ගියා...හම්මේ යන්තං ඇති...එත් මගදී පොලිසියෙන් ඇල්ලුවොත් මට හෝටල් දෙකෙන්...එකකින්... ෆ්‍රයිඩ් රයිස් & චිකන්කරි...කන්නට සිදුවීමට ඉඩ තිබේ...ශාමා උන් ගියා...
                               සාමාන්‍යයෙන් දවල්ට බොන්නේ නැති උනත්...ටෙන්ෂන් එක අඩුවෙන්න බ්‍රැන්ඩි ෂොට් එකක් දමා... ඔළුව සැහැල්ලු කරගෙන දවල්ට කෑවෙමි. හවස පහට පමණ දුව සමග මිදුලේ ඇවිදිමින් සිටිනවිට ත්‍රී වීල් එකකින් රෝගියකු රැගෙන එනු පෙනුනි එය රෝහලට නොගොස් කෙලින්ම ආවේ බංගලාවටය...එයින් කොල්ලෙක් බැස කෙලින්ම මාළඟට ආවේය...සර් අර ලෙඩාට ඉන්ජෙක්ෂන් එක ගහගෙන යන්න ආවේ...මළ කෙළියයි ගේම ඉවර නැත...කෙලින්ම OPD එකට යන්න...වාට්ටුවට යන්න එපා...මං යතුර අරන් එන්නම්...මේ බෙහෙත් කිරිල්ල තවදුරටත් ප්‍රසිද්ධියේ කලයුතු   නැත...කොහොම උනත්...මේ මෝඩ කොල්ලා මට තවත් රෝගියකු පමණය...ඌ සුවපත් කිරීමට මා දිව්රුම් දී තිබේ...මේ විදියටම ඇවිත් තව දවස් දෙකක් බෙහෙත් විදගන්න...තුවාල පැසවල නෑ...දිනපතාම කොල්ලා රෝහලට විත් බෙහෙත් විදගෙන ගියේය...කොල්ලා සුව අතට හැරුණි...අන්තිම දිනයේ ඌට බොන්නට බෙහෙත් දී...මේ කූඩැල්ලා ගලවා දැමුවෙමි.
                      JVP මිනී මරා ඔළු කපා වැටේ හිටවනසෙල්ලම, පාරට ගස් කපා ඇඳිරිනීති දාන සෙල්ලම, ට්‍රාන්ස්ෆෝමර් බස්, තේ කර්මාන්තශාලා, කෘෂිකර්ම මධ්‍යස්ථාන, උප තැපැල් කාර්යාල ගිණිතබන සෙල්ලම...ආණ්ඩුවේ ටයර් සෙල්ලම එක දිගට තරඟෙට සිදුවෙයි...ඇහැට ඇහැකි...රේඩියෝ එකෙන් TV එකෙන් වැක්කෙරෙන්නේ මේවාය. මම TV බැලුවත් TV බැලීම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් තහනම් කර තිබේ....මට අටෑච් බාත්රූම් තිබේ...නමුත් බොහෝ දෙනා රෑට චූකරන්නේ බෙලෙක්ක වලටය. දවස් ගණන් රෝහලේ  ලයිට් නැත ඒනිසා වතුරත්නැත...වෙනදා ත්‍රිපෝෂ ගන්නට පොරකන...මව්වරුන් කව්රුවත් එන්නේ නැත...ත්‍රිපෝෂ කුණුවී පණුවන්ගසා රෝහලම ගඳගසයි...මම ඒවා කැලයට අද්දවා වලලා දැමුවෙමි. මාස තුනකින් බෙහෙත් ආවේ නැත...පිරිටන් පැනඩෝල් පවා ඉවරවෙමින් පවතී...මම මේ කුණුගොඩෙන් වෙනත් සාම කාමී රටකට පලායායුතුය...ඒ සඳහා සැලසුම් කලයුතුය.

                    දින දෙක තුනක් ගතවිය ලයිට් නැති නිසා බිම වැටී ඔළු පලාගෙන එන ලෙඩුන්ගේ තුවාල ටෝච් එළියෙන් බලමින් මැහුම් දැමුවෙමි...සර් සර් ඉක්මනට එන්න බබෙක් හම්බවෙන්න ඉන්න එක්කෙනෙක් ගෙනැත්...රෑ නමයට විතර දොරට ගසමින් කළුගලයා මොරදෙයි...සර් ලෙඩාට අමාරුයි... ඉතිං මෙහේ ගෙනැත් තියෙන්නෙ ඇයි පිඹුරට යන්නෙ නැතුව...ලයිටුත් නෑනේ...සර් පාර බ්ලොක් නිසා යන්න බැරුව ආපහු ඇවිත්...ග්ලවුස් නම් තියෙනවා...පොඩි අඩු පාඩුවකට ඇත්තේ...මිඩ්වයිෆ්ලා, නර්ස්ලා සහ ලේබර් රූම් එකකි...හරි යමං...රෝගියා කෙඳිරිගාමින් ට්‍රොලිය උඩ සිටී...ඇගේ මව...බුදු සර් කෙල්ලට අමාරුයි... කියමින් මගේ ඇඟේ එල්ලෙයි...තරුණ කෙල්ලෙකි...පළවෙනි බබාය..ඔය ට්‍රොලිය කාර්එක ඉස්සරහට තල්ලු කරන්න...ස්ක්‍රීන් දෙකකින් කවර් කරන්න...ඉක්මනට කාර් එකේ යතුර නෝනගෙන් ඉල්ලන් එන්න...පළමුව ග්ලවුස් දාගෙන ටෝච් එක ගසා ඩිලිවරි එකේ ස්ටේජ් එක බැලුවමි....ලෙඩාගේ BP, නාඩි, හාට්, අව්ලක් නැත...හරි ඔළුව තමයි එන්නේ...පිඹුරේදී...බේකරියේ පාන් බානවා මෙන් ළමයි බාපු මට...මේක ගේමක් නොවේ...කාර් එකේ හෙඩ් ලයිට් දෙකේ එළියෙන් පැය එකහ එකහමාරකින් පමණ...ඩිලිවරියඉවර කලෙමි...හෙට ඉතිං තල්ලු ස්ටාර්ට් තමයි...අලුත උපන්නේ ගැහැණු  දරුවෙකි...එපිස් එක කලත්...මහන්න කැට්ගට් නැත...හෙට උදේට පිඹුරට යවනවා...ලෙඩා ඇඳකට දමා සේලයින් එකක්දී ආපසු එනවිට...කෙල්ලගේ අම්මා...බුදු සර් මගේ කෙල්ල බෙර ගත්තා කියා මට දණගසා වැන්දේය...හාමුදුරුවරුන්ටත් වඳින එකේ... මට වැන්දට මක් වෙනවද ? මං එපා කිව්වේ නැත !. 

මතු සම්බන්ධයි...             

Wednesday, 6 July 2016

පුතාට දුවට කසාදයක් කරදීමට නම්....කේන්දර කාරයෝ සියල්ලන්ම වෙඩිතබා මරා දැමිය යුතුය !

උඩරට බොදු ගොවි ඇමරිකාවේ පදිංචි නාසා ආයතනයේ සේවය කරන, තාරකා විද්‍යාඥ, උස අඩි 5’ 7’’වයස 32 කඩවසම් පුතුට, අඟහරු 7 ට ගැලපෙන කේන්ද්‍රයක් සහිත, උපාධිධාරී, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ, වයස 27ට අඩු රූමත්, පැහැපත් දියණියක්, වෛද්‍ය දෙමව්පියෝ සොයති...
                                   පන්සල් වල බිස්නස් වලට කෙළවෙන නිසා...ගිහියන්ට මළාට කියවන්න දෙන්නෙ නැති...ආවාස ගෙයි හංගලා තියෙන...දීඝනිකායේ... බ්‍රහ්මජාල සුත්‍රයේ, සීලස්කන්ධ වග්ග...පොත...මං පන්න ගත්තෙ අම්බලන්ගොඩ මහ පන්සලෙන්...කේන්දර, යන්තර, මන්තර, මූනුහයේ දෙවිවරු, මැඩම් කාලිඅම්මා,  භූතයෝ, අංජනම්, කොඩිවින, සාස්තර, බෝධිපූජා, මහ දවල් කරන අසූ හාර දහසේ අබ තෙල් පූජා, කෝටි දහසේ පිච්ච මල් පූජා, වෙහෙරටේ රෙදි ඔතන කප්රුක් පූජා, වෙහෙරටේ පලතුරු ගොඩගසන පලතුරු පූජා, දෙහිකැපිලි, දෙහිගෙඩි/මිරිස්කරල්, පිල්ලි, වෙඩි නොවදින සුර, ෆෙන්ෂුයි, හක්ගෙඩි, මතුරපු තෙල්, පිරිත් නූල්, පිරිත් වතුර, නිල්පාට මුගලන් ධාතු, සායි බබා, ලාෆින් බුද්ධා වඳින පුදන...බුදුන් වහන්සේ තිරිසන් විද්‍යාවන් යනුවෙන් නම්කර බැහැර කල ... ජ්‍යෝතිෂය වැනි...සියළු දේ අදහන...සිංහල බුජ්ජාගම්කාර...මේ වෛද්‍ය යුවල ගේ පුතාට කසාද බඳින්න ලැබෙන්නේ වර්ෂ 2047 දීය...නාසා ආයතනය 2047 වනවිට අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවා ඇති බැවින්...මිනිහට එහෙන් මනමාලියෙක් ෂුවර් එකටම හොයාගන්න පුළුවන් වෙවී !                            
                  
                       දීඝනිකායේ... බ්‍රහ්මජාල සුත්‍රයේ, සීලස්කන්ධ වග්ග...
( හුටා...මේක ලිව්වේ සරත් විමලසූරියලු )                 
8. “ශ්‍රමණගෞතම තෙමේ පණිවා හැර දමා, පණිවායෙන් වැළැක්කේ ය. බහා තැබූ දඬුමුඟුරු  ඇත්තේ ය. (දඬු මුගුරු නොදරන්නේ ය) බහා තැබූ ආයුධ ඇත්තේ ය. (ආයුධ නොදරන්නේ ය.) පවට පිළිකුල් කරන්නේ ය. මෛත්‍රියට පැමිණියේ ය. (මෛත්‍රියෙන් යුක්තය.) සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ යැයි මෙසේ මහණෙනි, තථාගතයන් වහන්සේගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
9 “ශ්‍රමණගෞතම තෙමේ අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකුණේ ය. දුන් දැයම පිළිගන්නාසුලු ය. දුන් දැයම සිතිනුත් කැමැති වැ ඉවසන සුලු ය. නොසොර වු පිරිසිදුසිතින් යුතු වැ වෙසේ යැ" යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
10. “ශ්‍රමණගෞතම තෙමේ අබ්රම්සර දුරු කොට බඹසර හැසිරෙන්නේ ය. ගැමි දහමක් වු මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ එයින් වැළැක්කේ යැයි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
11. “ශ්‍රමණගෞතම තේමේ බොරු කීම දුරැලා, බොරු කිරීමෙන් වැලැක්කේ ය. ඇත්ත කියන්නේ ය. ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ ය. තහවුරු පිහිටි කථා ඇත්තේ ය. ඇදැහිය යුතු කථා ඇත්තේ ය. ලොව නො  රවටන්නෙකැයි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

12. “ශ්‍රමණ ගෞතම තෙමේ පිසුණු බස් දුරැ ලා, පිසුණු බිණීමෙන්  වැලෑක්කේ ය. මේ තැනින් අසා ගෙන මොවුන් බිඳුවනු පිණිස එ තන්හි නො කියන සුලු ය. එතැනින් අසා ගෙන ඔවුන් බිඳුවනු පිණිස මේ තන්හි නොකියන සුලු ය. මෙසේ බිඳුණවුන් ගලපන්නේ (සමග කරන්නේ) ද වෙයි. එකට ගැළපුණවුන්හට (සමඟියට පැමිණ සිටිනවුන් හට) රුකුල් දෙන්නේ ද වෙයි. සමගියෙන් සිටිනවුන් හා වාසය කැමැත්තේ ය. සමගියෙන් වසනවුන්ට කැමැත්තේ ය.  සමගිව සිටිනවුනට සතුටු ය. සමගිය ඇති කරන බස් කියන්නේ යැයි මේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
13. “ශ්‍රමණ ගෞතම තෙමේ රළුබිණුම් දුරැ ලා, රළු බිණුම්වලින් වැළැක්කේ ය. නිදොස් කන්කලු, පෙම් උපදවන, පහසුයෙන් සිතැ වැදැගන්නා නොගැමි (මොළොක්) වු බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාට මනාප යම් බසක් වේ නම්, එ බඳු බස් කියන්නේ  යැයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියණ පුහුදුන් තෙමේ කියන්නේ ය.
14. “ශ්‍රමණ ගෞතම තෙමේ හිස් දෙඬුම් හැරැ දමා, හිස් දෙඬුමෙන් වැළැක්කේ ය. සුදුසු කාලයෙහි කථා කරන්නේ ය. ඇත්තක් ම කියන්නේ ය. වැඩ සලසන බසක් ම කියන්නේ ය. නවලොවුතුරාදහම් ඇසුරු කොට ම කියන්නේ ය. සිතැ තබා ගන්නට සුදුසු වු, කරුණු සහිත වූ, සීමාවක් ඇති (ප්‍රමාණවත් වු)දෙ ලෝ වැඩ පසස්නා වු ම  බසක්  සුදුසු කාලයෙහි කියන්නේ යැයි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
15. “ශ්‍රමණගෞතම තෙමේ බීජසමූහ (පැළ වන දෑ) ද, භූත සමූහ (පැළවුණ දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ ය. එක් වේලේ (පෙරවරු) වළඳන බත් ඇත්තේ ය. රෑබොජුනෙන් වැළැක්කේ ය. නොකල්බොජුනෙන් වැළැක්කේ ය. නටනු- ගයනු-වයනු- විසුළුදස්සනෙන් වැළැක්කේ ය. ඇඟ අඩු තැන් පිරවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ ය. පමණ ඉක්මැවු උසසුන් ද, නොකැප මහසුන් ද, යන දෙකින් ම වැළැක්කේ ය. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමු (නොපිසු) ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමුමස් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ස්ත්‍රින් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. එළුබැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ඇතුන් ගෙරින් අසුන්, වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ ය. ගිහියනට දූතමෙහෙවර කැරැමෙහි ද, ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙනයෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ ය. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ ය. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් ආදිය පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ ය. අල්ලස් ගෙන හිමියන් නොහිමි කෙරුමෙන්, නානාඋපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නොඅගනා දැයක් පෙන්නා කරන මායාවෙන්, මෙකී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ ය.  අත්පා ආදිය සිඳුමෙන්, මැරුමෙන්, රැහැන් ආදියෙන් බඳිමින්, මං පැහැරුමෙන්, ගම් පැහැරුමෙන්, සැහැසිකම් කැරුමෙන් වැළැක්කේ යයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

                                                                                     චුලසීලය නිමි.


16. “තව ද, යම් සේ සමහර භවත් මහණබමණු කෙනෙක්( ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ ද (හිඟුරු ඈ පැළවන මුල් ද) ස්කන්ධබීජ ද (නුග ඈ පැළවන කඳද) පරුබීජ ද (උක් උණ බට ඈ පැළවන පුරුක් ද) අග්‍රබීජ ද (ඉරිවේරියා ඈ පැළවන දළු ද) පස් වන බීජබීජ ද (වී ඈ පැළ වන ඇට ද) යන මෙ කී බිජසමුහුය ද (පැළවන දෑ ද ) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළිමෙහි (සිඳුම් බිඳම් තැලුම් තැවුම් යැ යි කියන ලද සමාරම්භයෙහි) යෙදුණෝ වැ වෙසෙත් ද, මේ ආදී  වු හෝ මේ බඳු වු බීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් ශ්‍රමණ ගෞතම තෙමේ වැළැක්කේ යයි , මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන ලෞකික ජන තෙමේ කියන්නේ ය.
17. “යම් සේ වනාහී සමහර පින්වත් මහණබමුණු කෙනෙක් (ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අන්නසන්නිධි (කෑම රැස් කොට තබාගැන්ම), පාන සන්නිධි (බොන දැ රැස්කොට තබා ගැන්ම) , වස්ත්‍රසන්නිධි (වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම), යානසන්නිධි(රියගැල් ආදිය ද රැස් කොට තබාගැන්ම)ශයනසන්නිධි(යහන්රැස්කොට තබා ගැන්ම)ගන්ධසන්නිධි(සුවඳ දෑ රැස්කොට තබා ගැන්ම), ආමිසසන්නිධි(ඉහත කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස්කොට තබා ගෙන වැළඳීම) යන මෙසේ වු සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු සන්නිධිකාර පරිභෝගයෙන් (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙන් ) වැළෑක්කේ යැයි , මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
18. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ ගිහියන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජන සමූහයා ඉදිරියෙහි දක්වන නැටුම්) ආඛ්‍යාත (මහා භාරත රාමායණාදී කථා කීම හෝ ඇසීම) පාණිස්වර (අතින් ලොහොබෙර ගැසීම් හෝ අත්තල ගැසීම), වේතාල (ලීමුවා තාලම්පට ගැසීම් හෝ මතුරු දපා මලසිරුරු නැගිටුවීම්) කුම්භථූන (සිවුරස් බෙර වැයීම්) ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඬලෙහි දී දේවතාවනට ස්ත්‍රෝත්‍රවසයෙන් නාන්දීගීත ගායන නොහොත් ප්‍රතිභානචිත්‍ර කිරීම්) සණදොවුන් කෙළිය(හෝ අයෝගුඩ ක්‍රිඩාව), උණගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රිඩාව, අස්ථිධාවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කැරුම), ඇත් යුද (ඇතුන් පිට නැග යුද කෙරුම), අස් යුද (අසුන්පිට නැග යුද කෙරුම) ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර එළුපොර බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යාමබලසෙන් ගණින තැන් දක්නට යෑම, බලසෙන් බෙදන තැනට යෑම, අත්ඇනි අස්ඇනි ඈ බල ඇනි දක්නට යෑම, යන  විසුළුදස්නෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු විසුළු දස්සනයෙන් වැළැක්කේ යැයි මහණෙනි, මෙසේ හෝ තාථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
19. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලුපැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලිගැසුම, ලහඅත් කෙළිය, ගුළකෙළිය, කොළතළා පිඹීම, කෙළි නගුලින් සෑම, කරණම්පැනුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ආදිය මැනුම, කුඩා රිය පැදවීම, කුඩා දුනුයෙන් විදුම, අකිරි කෙළිය, සිතු දෑ කීම, විකලාංගානුකරණය යන ආදී වු හෝ මේ බඳු වු, පමාවට කරුණු වු දූකෙළියෙහි යෙදී වෙසෙත් ද , මහණගොයුම් තෙමේ එසේ පමාවට කරුණු වු දූ කෙළිවලැ යෙදීමෙන් වැළැක්කේ යැයි, මහණෙනි, මේ පරිද්දෙන් හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
20. “යම් සේ වනාහී සමහර පින්වත් මහණබමුණෝ සැදැහයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය. පලඟය, මහකොඳුපලස ය, වියමනින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුඇතිරිය, ගන මල් යෙදූ එළුලොම්ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය) සිංහාදී රූපවලින් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය, දෙ පැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, එක් පැත්තේ ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කොට තැනූ පසතුරුණ, කෝසෙය්ය නූලින් වියූ පසතුරුණ, සොළොසක් නිළියනට සිටැ නටන්නට තරම් දිග පුලුල ඇති එළුලොම්මුවා ඇතිරිය, ඇතුන් පිටැ එළන ඇතිරිය, අසුන් පිට එළන ඇතිරිය, රියවලැ එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතුකොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන ආදි වු හෝ මේ බදු වු උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද, මහණගොයුම් තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු උස්යහනින් වැළැක්කේ යැයි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
21. යම් සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බෝජුන් වළඳා සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත්පා ආදියෙහි මනා සටහන් ගන්වනු පිණිස තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස් ආදියේ මස් වැඩනුවට මුගුරින් තැලීම, කැඩපතින් මුහුණ බැලීම, ඇග ඔප්ගන්වනුවට අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීමහිසැ කුඩුම්භිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම,විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීමවිසිතුරු සෙමෙර වල්විදුනා දරීම, දික් දවලු ඇති සුදු රෙදි හැදීම, යන ආදී ඇග උනු තැන් පිරැවීමටත් ඇඟ සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝග කෙරුමෙන්, වැළැක්කේ යැයි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
22. “යම්සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳාරාජ කථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්ව ප්‍රේතකථා, නානාත්වකථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රඛ්‍යායිකා කථා, ඉතිභවාභවකථා, යන මේ කී හෝ අන් මෙබඳු වු තිරශ්චීනකථාවල යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ යැයි මහණෙනිමෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.‍
23. “යම් සේ අතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ' තෝ මේ දහම් විනය නොදන්නෙහි. මම ම මේ දහම් විනය දනිමි. ' මේ දහම් විනය කිමැ' යි තෝ දනිහි ද ?   තෝ වරදවා පිළිපන්නෙහි ය. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුවෙන් කියැ යුත්ත පසු වැ කියෙහි ය. පසුව කියැ යුක්ත පලමුවෙන් කියෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එකම වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට  දොස් නැගිණි. මා විසින් නිගන්නා ලද්දෙහි.  මා නැඟූ දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව) හැක්කෙහි නම් එය විසඳව'   යන ආදීන්  මේ බඳු වු උනුන් බැණ දොඩා ගැනුමෙහි යෙදෙත් ද, මහණගොයුම් තෙමේ මේ බඳු බැණුමෙන් දෙඩුමෙන් වැළෑක්කේ යැයි කියා හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
24. “යම් සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා 'මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙනැ යන්නැ අසෝ තැනට මෙය ගෙනෙන්නැ යි (කළ නියෝග පිළිගෙන) රජුන් ගේ , රජමහමැතියන් ගේ, කෂත්‍රියයන් ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, රජකුමරුවන්ගේ මේ බඳු වු දූතමෙහෙවරෙහි, පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ බඳු දැයෙන් වැළැක්කේ යැයි, මහණෙනි, මෙසේ හෝ තථගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
25. “යම් සේ ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර තකා අනුන් සිත් ඇදෙන සේ වු චාටු බස් දොඩන්නෝ වෙත් ද, පිවුපසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේකෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, මහණගොයුම් තෙමේ මෙ කී හෝ මේ බඳු වු හෝ කුහනලපනවලින් වැළැක්කේ යැයි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

                                                                                   මජ්ඣිමසීලය නිමි.

26. යම් සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්න විද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, කෂාත්‍රවිද්‍යාව, ශීවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාවය, වෘශ්චිකවිද්‍යාව මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මෙ කී හෝ මේ බඳු තිරශ්චීණ විද්‍යායෙන් මිත්‍යාජීවිකායෙන්  වැළැක්කේ යැයි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

27. යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු ය, දඬුලකුණුය, වත්ලකුණුය, කඩුලකුණුය, ඊ ලකුණුය, දුනු ලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණුය, දැසිලකුණුය, ඇත්ලකුණු ය, අස්ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණු ය, කුකුළුලකුණු ය, මුවලකුණුය, යන ආදි වු මෙ බඳු තිරශ්චීණ විද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යා ආජිවයෙන් වැළැක්කේ යැයි මහණෙනි, මෙසේ හෝ තථාගතයන් හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියයි.
28. ”යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, 'අසෝ දිනැ (අසෝ නැකැතින්) අසෝ රජුන්ගේ සිය නුවරින් (යුද සඳහා) නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකතින් රට ඇතුලත වු රජුන්ගේ පිටත සිටින සතුරුරජුන් හමුවට යෑම වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ  ය. (අසො නැකතින්)පිටත සිටින සතුරුරජුන්ගේ රට ඇතුලත සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. (අසෝ නැකතින්)ඇතුලත සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුලත සිටින රජුනට ජය වන්නේ ය. පිටත සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. (අසො නැකතින් ) පිටත සිටින සතුරුරජුනට ජය වනනේ ය. රට ඇතුලත සිටින රජුනට පරාජය වන්නේ යැ යි මෙසේ ' මොහුට  ජය වන්නේ ය. මොහුට පරාජය වන්නේ යැයි කියමින් මේ බඳු වු තිරශ්චීන විද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ හෝ මෙබඳු වු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජිවිකායෙන් වැළැක්කේ යැයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
29 “යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, "අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දින සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ නක්ෂත්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දින සඳ හිරු දෙදෙනාගේ නිසි මගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන්ගේ නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නෙ ය. වැසි නැති වැ අහස් ගෙරවුම් වන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත් තරුවල ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුව වන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චනද්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු  පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ පථගමනය (නිසි මඟ යෑම) මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳහිරු දෙදෙනාගේ උප්පථ (අනියම් මඟ) ගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු විපාක දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු විපාක දෙන්නේ ය.  උල්කාපතනය මෙබඳු විපාක ගෙනැ දෙනනේ ය. දිග්දාහය මෙබඳු  පල දෙන්නේ ය. භූමීකම්පනය මෙබඳු පල දෙන්නේ ය. සඳහිරු දෙදෙනාගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදුවීමත් මෙබඳු මෙබඳු පල දෙන්නේ යැයි කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් , මහණගොයුම් තෙමේ මේ හෝ අන් බෙමඳු වු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ" යි තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ මෙසේ හෝ කියන්නේ ය.
30.”යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, 'මේ සමයෙහි වැසි වස්නේ ය. මෙසමයෙහි නියං වන්නේ ය. මෙසමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මෙසමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු නැතිවන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය. මෙ කලැ රෝග වන්නේ ය. මෙ කලැ රෝග දුරු වන්නේ යැ' යි පලාපල කීම් , මුද්‍රාව (අඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් දිගටම කියා ගෙන යමින් ගිණීම) ද, සංඛ්‍යානය (පිණ්ඩ ගණනාව) ද, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය, යන මෙබඳු වු තිරශ්චීන විද්‍යායෙන්මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් මෙබඳු වු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ යැයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

31. “යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳාආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නැකත් කීම, වෙන් වු අඹු සැමියන් සමග වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නැකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති කරනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට  පිළියම් කිරීම, මන්ත්‍රාදි බලයෙන් දිවගුළු බැඳීමමන්ත්‍රාදියෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරා දැපීම, කන් අගුළු වැටෙන්නට මතුරා දැපීම, කැඩපතෙහි දේවතාවේශය කරවා ප්‍රශ්න ඇසීම, (අංජනම් බැලීම) , කුමරියකට දේවතාවේශය කරවා ප්‍රශ්ණ ඇසීම, (කුමරියක ලවා පේන කියැවීම) ජිවිකා පිණිස හිරු වැඳීම, හා පිදීම, බහබඹු පිදීම, මතුරා දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරා දපා සිරි කත කැඳවීම, යන මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජිවිකායෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ මෙබඳු අන්‍ය ව තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජිවයෙන් වැළැක්කේ යැයි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
32.  “යම් සේ ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ශාන්තිකර්ම (දෙවියනට බාර වීම) ප්‍රණිධිකර්ම (බාර ඔප්පු කිරීම) භූරිකර්ම (බිමගෙහි ඉඳ පිරවැහු මන්ත්‍රයට උපචාර කිරීම) , පණ්ඩකයා (බෙහෙත් බලයෙන් )පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තු කර්මය (අළුත් බිම්හි ගෙවල් නැංවීම), වාස්තු පරිකිරණය (ගෙබිම්හි උවදුරු දුරැ ලන්නට බිලියම් කිරීම), මතුරු දපා මුව  සේදීම, මතුරා දපා අනුන් නැටවීම, අනුනට සෙත් පතා ගිනි පිදීම, වමන කැරැවීම, විරේක කැරැවීමඌර්ධව විරේචනය, අධෝ විරේචනය(වස්ති කිරීම), ශීර්ෂ විරේචනය, ගිහියන්ගේ කන් ලෙඩට තෙල් පිසීම, ඇස සිසිල් කරන බේත් තෙල් පිසීම, නස්‍ය කිරීම, ඇස පටල කැපෙන්නට කාරම් අඳුන් සාදා දීම, ඇසැ සිසිල ගන්වන අඳුන් සාදා දීම, අනුන් ඇසැ උල් ඇන ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට  පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කාය චිකිත්සාව), කාරම් බෙහෙත් බැඳ වණ සුව වු පසු ඒවා ගලවා දැමීම යැ යි මෙසේ වු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මේ හෝ මේබඳු අන් සියලු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් මහණගොයුම් තෙමේ වැළැක්කේ යැයි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
33.  මහණෙනි, තථාගයන් ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් එය කියන්නේ නම්, මේ (ඔහු කියන) ඒ ගුණය වනාහී මඳ වු සුළු වු හුදෙක් සිල් පමණක් ම වු එකෙක.


                                                                                     මහාසීලය නිමි.