Wednesday, February 15, 2017

ඉල්ලංකාව නම් අරුම පුදුම දිවයින...


ලන්කාවනම් අරුම පුදුමය...
ආදරවන්තයන්ගේ දිනයට...සිල් සමාදන් වෙති...
පෝයට...පන්සල් නොයති ඔළුව සාක්කුවට වැටෙන්නට බොති...
වෙසක්පෝයට ඔළුබක්කෝ නටති...
තන්හාව නරකයි...ආශාව අතහරින්න... 
සියල්ල අතහරින්න පිංවතුණි...බුදුවදන ඒකයි කියන හාමුදුරුවන්ගේ... 
බැංකු ගිණුමේ ලක්ෂ ගණන් ගොඩ ගසා තිබේ...ඩෙබිට් කාඩ් එක 
අඳනේ අස්සෙන් ඇද සල්ලි ගන්නා අන්දම...බණ කියා පිරිකර විකුණා... 
ටියුෂන් කාරයින්ට පන්සල බදුදී සොයාගත් සල්ලි මිටි... 
මැෂිමේ තැන්පත් කරන අන්දම මනස්කාන්ත දසුණකි... 
 
බෙන්ස් එකෙන් ඇවිත්...අනිත්‍ය ගැන බණ කියති... 
බෞද්ධයන්ට ගානක් නැත...
පව් අනේ...සාදුට දුර පළාත් වලට වඩින්න වෙනවනේ බණ කියන්න...
ප්‍රාඩෝ එකකුත් පූජා කරති...
ඉතාලි ටයිල් අතුරා ඇති පන්සල් බංගලාවේ වැඩසිටිමින්... 
 
භාවනා කරමින් සිත දියුණු කරමින්...
අඳනේ අස්සෙන් ටැබ් ඇදලා අරගනිති...ෆේස් බුකි යති 
ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා සමග චැට් කරති...නිවනට කෙටි මං සොයති... 
 
පන්සලේ වෙඩින් ගනිති
වෙඩින් එකට හාමුදුරුවෝ ගෙන්වා පිරිත් කියා බුෆේ දෙති... 
ලෝකේ හැමරටක්ම වැඩකරන පෝයට මෙලෝ වැඩක් නොකරති...
හැම එකක්ම වහලාය...රටට කෝටි ගණනක් පාඩුය... 
 
කලින් දවසේ ගත් ගල් බෝතලෙන් සෙට් වෙති...
දූ ලොකු ලමයෙක් උනා යයි... ගමටම අඩබෙර ගසා කති බොති..
පිහියක් නැතුව සංගීත සංදර්ශන බලන්න නොයති...
පට්ට විදියට නටති...නටමින් ඇඟේ හැපුන ගමන් පිහියෙන් අනීති 
 
බෝතලේ ඉවරවූ විට ගන්න තැනක් නැත බාර් වහලාය... 
"
මනම්පේරි තරුණිය...පතිවත කෙලෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක වගේ"....ගීයට උඩපනිමින් නටති...මසකට ඇබෝෂන් 20000කට වැඩිය හොරෙන් කරති...නමුත් නීතියෙන් තහනම්ය 
 
බුදු පිලිමය දුටු විට හෙන්ඩු පාර වදී යයි බියෙන් දන නැමෙන හස්ති රාජයා දැක බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගනිති...
රට වටේටම මුහුද...ගංගා ඇළ දොළ අපමණය 95% කටත් වැඩි පිරිසකට පීනන්නට බැරිය...
සිංහල කෙල්ලෙක් බිකිණිය ඇඳන් නෑවොත් හූකියති...මෙහේ කෙල්ලෝ ටී ෂර්ට් ඇඳගෙන නාති...
සුද්දෝ යුරෝපෙන් ඇවිත් සර්ෆින් කරති...අපේ එවුන් සෙක්ස් සර්ෆින් කරති...
රෙස්ටුරන්ට් වල හවස 2 සිට 6 දක්වා බියර් විකුණන එක තහනම්ය...තව තව ටුවරිස්ට්ලා ගෙන්නන්නට කතාකරති...
මාළු අල්ලන එකාට...මාළු විකුණන එකාට පව්කාර කාල කන්නියා...කියති 
ඌ අල්ලන මාළු වලින් ඩෙවල් හදාගෙන ගල් අරක්කු බොති, එකම හොරු සෙට්එක දෙකට බෙදා  මාරුවෙන් මාරුවට පාර්ලිමේන්තු යවා...මෙන්නෝ මුන් හොරකං කරනෝ...අල්ලලා හිරේ දාපියව් කියමින් කෑ ගසති...    
පෝය දාට කුකුල් මස් නොකති හාල්මැස්සන් කරවල කති
කරවල වල පව් වියලී වාශ්පවී ගොසිනි...සිමෙන්ති, ප්ලාස්ටර් ඔෆ් පැරිස් පිළිම වලට බත් කවති. සිමෙන්තියෙන් හදපු අලි ඔළු ගණ දෙවියාගේ පෑනෙන් ලියා විභාගේ ගොඩ දාගන්න පුළුවන් දැයි බලති. ඒවා බෙදන මන්ත්‍රී තුමාට චන්දය දෙති ...පෑනක් රුපියල් 10000ට විකුණන ආසිරි වනිගරත්නගේ වැඩමුළුවට 2000හෙ ටිකට් අරන් යති. ෆයිබර් හක්ගෙඩි ගෙදර තබාගත් විට බැංකු ගිණුමට ඉබේටම දිනපතා සල්ලි වැටෙනවායයි විශ්වාස කරති. සුළුහෝ රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර නයවෙමින් ස්වීප් හුරති. මාසෙකට ලක්ෂයකට වඩා උපයන්නට හැකි... ටයිල් අල්ලන්නට ඉගෙන නොගෙන...ෆිනෑන්ස් කර ත්‍රීවීල් කට්ටක් ගෙන...හන්දියක් ගානේ චාටර් වෙමින් පාරවල් අවහිර කරමින් වැරදි විදියට එලවමින් මිනිසුන් ගෙන් බැණුම් අසති. බෝගස් වලින්...අකිල පුතුගේ රාහු අපල දුරුවේවා, සිස්සත්තේ පාස් වේවා...කියමින් පිහිට ඉල්ලති...දිරාගිය මිනිස් දත් කෑල්ලකින් වර්ෂාව ලබාගන්නට හැකියයි විශ්වාස කරති...අරාබියට ගොස් වැහිපිරිත කියති... 

 මේක ලියලා ඉවර කරන්න බෑ බං...    

Friday, February 10, 2017

ආණ්ඩුවේ ඒවා

ගන්න දෙයක් නෑ මුදල් අයකරනවා විතරයි...දූවිලි පිරුන කබල් බස්...ලෝකයේ දියුණු කිසිම රටක නැති...දුවනකොට දොරවල් වහන්නෙ නැති, වෙලාවට එන්නෙ නැති රේල්පාරට අසූචි, මුත්‍රා වැටෙන, වතුර නැති, පට්ට ගඳ වැසිකිලි ඇති පරණ පෙට්ටි තියෙන, දූවිලි, කලුපාට මජං පෙරාගත්තු ජීවිතේට නාන්නෙ නැති කෝච්චි.....දූවිලි පිරුන ස්ටේෂන් කාමර, පට්ට ගඳ වැසිකිලි සහිත,අපිරිසුදු කැන්ටින් සහිත ස්ටේෂන්...කියල වැඩක්නෑ ලොක්කා...

රජයේ පොලීසිය :-
නියමයි...2017දීත් අතින් පැමිණිලි ලියා 1943 හැදූ ගල්කෝච්චි ටයිප්රයිටරෙන් අච්චු ගහන පැමිණිලි අංශය, වැසිකිලි නැති බලුකූඩු, කුණුහරුපෙන් බණින...පගාගහන මූණේ ලේ කඳුලක් නැති රාළ හාමිලා...පොලීසියකට යන්නත් බයයි...

රජයේ උසාවි : - නිහඬයි. නඩුකාරයෙක් විත්ති කාරයෙක්ගේ බිරිඳ උසාවියේ එයාගෙ කාමරේට අරං දූෂණය කරනවා...රජයට ඕන විදියට තීන්දු දෙනවා.. ඉඩම් නඩුවක් ඉවරවෙන්න පරම්පරා තුනක් යනවා ...ස්ත්‍රී දූෂණ නඩු අවරුදු තිහක් විතර අහනවා...පැමිණිලි කාරිය අන්තිමේදි උසාවි එන්නෙ මිණිපිරී එක්ක...එහෙම පිටින්ම කුණුගොඩක්.

රජයේ සිරගෙවල් :- කුඩු බඩු ෆෝන් ගංජා අරක්කු විස්කි ඕන එකක් තියෙනවා...ඉල්ලුම් ගහට නියම කරපු සල්ලි තියෙන එකා...දෙස්පාලුවා දිගටම ඉන්නෙ බන්ධනාගාර රෝහලේ...රෑට ගෙදර ගිහින් පාන්දර එන්න පුළුවන්... පිටින් කෑම ගෙනැත් කනවා...සිරකරුවන්ගේ රුමත් බිරින්දෑවරු ජේලර්ලා බෙදාගන්නවා...කාට බයවෙන්නද ? අන්ත දූෂිතයි !

රජයේ වරාය සහ රේගුව : -
බලන් ඉද්දී පගාව ගන්නවා දූෂණ ගුහාවක්...

රජයේ කාර්යාල :-
කොයි වෙලාවෙ වත් නිලධාරියෝ පුටුවල නෑ...ලියුමක් දැම්මොත් ඒකට වෙච්ච දෙයක්නෑ...උත්තර නෑ...හැම එකටම පගාව ඉල්ලනවා ...අයිස් ෆැක්ටරි...

රජයේ ඉස්පිරිතාල : -
ඇඳන්උඩ දෙතුන් දෙනා ඉන්න...පට්ට ගඳ වැසිකිලි සහිත..මැස්සන් මදුරුවන් පිරුණු වාට්ටු...බෙරිහන් දෙන ලෙඩ්ඩුන්ට බණින නර්ස් ලා...OPD මර පෝලීම්...ක්ලිනික් එකෙන් බෙහෙත් ගන්න රෑ 2ට එන්න ඕනේ. අන්තිම බාල ඉන්දියන් බෙහෙත් දෙන්නෙ...මිළ අධික බෙහෙත් පාමසි වලින් ගන්න ඕනෙ...පරීක්ෂණ ඔක්කොම පිටින්...ඔපරේෂන් වලට වේටින් ලිස්ට්...හවස හතරට ඔක්කොම විශේෂඥයෝ ඉස්පිරිතාලෙන් පැනල ගිහින් චැනල් ගරානාවේ...ඕවට විරුද්ධව GMOA එක ඉස්ටයික් කොරලා උසාවිත් ගියා... පලාතෙ යන්න හිතෙන්නෙ නෑ...

රජයේ ඉස්කෝල : -
මළ ජරාවක්...ළමයි ඇතුල් කරන දවසෙ ඉඳන්ම සල්ලි ගන්නවා...ඩෙස් පුටු ගෙනියන්න ඕනේ...ගුරුවරු හරියට උගන්නන්නේනෑ...එයාලත් ටියුෂන් දෙනවා...ගම්බද පාසැල් වල වැසිකිලිනෑ...ගුරුවරුනෑ කිසිම පහසු කමක්නෑ උසස් පෙළ දක්වාම ඔක්කොම වැඩවලට ටියුෂන් යන්න ඕනේ...උසස් පෙළ ළමයි එකෙක් වත් ඉස්කෝලෙ එන්නෙනෑ...උදේ 6 ඉඳන් රෑ 10 වෙනකං කඩෙන් රෝල්ස් මාළුපාන් කකා ටියුෂන් කඩවල...මේ නිදහස් අධ්‍යාපනය පාරට බැහැල කුණුහරුප කියල කඳුළුගෑස් කාල...පණවගේ රැකගන්නේ අන්තරේ ළමයි...

රජයේ විශ්වවිද්‍යාල :-
ආ...ලෝකෙ තියෙන හොඳම විශ්වවිද්‍යාල අපේ විශ්වවිද්‍යාල තමයි... 1234567...අපේ...හාවඩ් එකත් ලිස්ට් එකේ අපට පහලින් තියෙන්නෙ. ලෝකයේ ඉහලම පර්යේෂණ කරන්නෙ අපි...නලින් ද සිල්වා වගේ...නොබෙල් තෑග්ග දිනපු ටොප් ක්ලාස් මහාචාර්ය වරුම...පස් දෙනෙක් ඉන්නවා අපිට... බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියල ඔප්පුකලේ එයා තමයි...ළඟදීම අපි ඔය ඊනියා බටහිර විද්‍යාව...පාසැල් වල උගන්නන එක නතර කරනවා...නිව්ටන්ගේ නියම...බම්බුව තමයි...රොකට් ඉහලට ප්‍රක්ෂේපනය කරන දෙහිගෙඩි මිරිස් කරල් තාක්ෂනය...නාසා එකට දුන්නෙත් අපි... ඒක සොයාගත්තේ රජරට විශ්වවිද්‍යාලෙ...පීරිසියක අඳුනක් ගාල...පොල්තෙල් පානක් ඉසරහින් තියල ලෝකෙ පළවෙනි හනුමන්තා ටෙලිවිෂන් සිස්ටම් එක
හැදුවෙ...යාපනේ විශ්ව විද්‍යාලෙ නුවණට අධිපති මහාචාර්ය ගණපති...එයා පේටන්ට් එක ජර්මනියට වික්කා කෝටි ගානකට...නාථ දෙවියන් ගෙන් තමයි අපි පර්යේෂණ උපදෙස් ගන්නෙ...වසර 2500ක් පැරණි පුස්කොළ පොත් ආශ්‍රයෙන් තමයි අපේ පර්යේෂණ ඩිසයින් කරන්නෙ....හොරු අල්ලන කැරකෙන කනප්පු රොබෝ සොයාගත්තෙ නැගෙනහිර විශ්ව විද්‍යාලෙ අවසාන වසරෙ ශිෂ්‍යයෝ.
නන්දිකඩාල් වෛද්‍ය විද්‍යාලෙ...වසර ගණනාවක් පර්යේෂණ කරල මේ ලඟදි හොයාගත්ත... වාජීකරණ කොළ කැඳක්...ඒකට උදව් ගත්තෙ සම්‍යක් දෘෂ්ඨික..."ටෞකණ්ඩ" දෙවියන්ගෙන් සහ එයාගෙ නංගි "පට්ටෞත්ති" දේව මෑණියන් ගෙන්...බොරුනම් දැන් හිරේ ඉන්න පනික්කියා ගෙන් අහන්න... ව්‍යාග්‍රා කැළේ...මන්ඩිටික වැරදිලා හවස පතෝල වැලකට දැම්මා...කිව්වට විශ්වාස කොරන්ඩ...උදේ බලන කොට ඔක්කොම පතෝල කරල්ටික උඩ අතට කෙලින් වෙලා !. ඕක ආරංචි වෙලා ට්‍රම්ප් මහත්තයගෙන් බේරෙන්න බෑ...තරුණ කාමුක බිරිඳක් ඉන්න වයසක මහත්තයනේ...පේටන්ට් එක ඩොලර් බිලියන පහකට ඇමරිකාවට දෙන්නලු...එහෙම විකුනන්න පුලුවන්ද අපේ පාරම්පරික දේශීය තාක්ෂණය...ඉතිං අපේ මසුරං විස්ස විජ්ජාල ටික... පුද්ගලික හිපාටුවන් ගෙන් පෙරේසන් කොරගන්න අන්තරේ කොල්ලො පාරට බැහැල ඉන්න එක පුදුමයක්ද ආයුබොවං !

Monday, February 6, 2017

මේ කඳුළු බින්දුවයි… ප්‍රථම ප්‍රේමයේ...


                                  
                   
මේ සිද්ධිය වුනේ මම පළමු පත්වීම ලැබ සේවය කල අම්පාර රෝහලේදී. ඒ දවස් වල අම්පාර රෝහල දිස්ත්‍රික් රෝහලක් වශයෙන් තිබුනේ. ඉතිං මේ රෝහලේ මගේ ජොබ් එක තමයි OPD එකේ රෝගීන්ට ප්‍රථිකාර කිරීම සහ රෝගීන් පරීක්ෂාකර වාටුවලට ඇතුලත් කිරීම. උදේ වරුවට 300කට වැඩියි පෝලිම. ඔක්කොම දොස්තරලා හතර දෙනයි තම්බයියා මහත්තයයි මමයි OPD එකේ...Dr සොයිසයි (DMO), Dr බණ්ඩාරනායකයි වාට්ටු වල ලෙඩ්ඩු බැලුව. වෝඩ් රවුන්ඩ් ඉවරඋනාම ඒ දෙන්නත්, OPD එකට එන ලෙඩ්ඩුත් බැලුව. සොයිසයි, බන්ඩයි මමයි හිටියෙ එකම ක්වාටස් එකේ. සොයිස මගේ ඉස්කෝලෙ...බන්ඩයි මමයි කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්ටර්න් එකේදී එකට හිටිනිසා යාළුවො....ඉතිං අපි තුන්දෙනා ඉඳහිට හවසට අඩ්ඩක් හෙම ගහගෙන බොහොම සමගියෙන් හිටියා. අපි තුන්දෙනාගේ සමගිය නිසා කව්රුවත් අපේ නහයෙ වදින්න කුඩේ කරකැව්වේනෑ !
අම්පාර ප්‍රදේශයේ සුමානෙට දෙතුන්දෙනෙක් වසබීල සියදිවි නසාගැනීම හරිම සුලබ සිදුවීමක්. මේ සඳහා වැඩියෙන්ම භාවීතාකලේ ග්‍රැමොක්සෝන් කියන උග්‍රවිෂ සහිත වල් නාශකය. අනිත් ක්‍රමේ තමයි කනේරු ඇට පොල් සහ සීනි සමග කොටා සුබ නැකතින් උතුර බලා අනුභව කිරීම (බඩුම තමයි). ග්‍රැමොක්සෝන් හුඟක් බිව්වොත් පැය දෙක තුනකින් මැරෙනවා...ටිකක් බිව්වොත් දවස් තුන හතරක් දඟල දඟල ඉඳලා බොහොම දුක්විඳලා මැරෙනවා ටියුබ්ලයිට් ක්‍රමේට. ග්‍රැමොක්සෝන් බිව්වම පළමුවෙන්ම කලේ වමනය කරවීම...බොන්න දුන්නේ ඉතා රසවත් පානයක් වන සෝඩියම්බයිකාබනේට් දියකරපු වතුර...ඒකෙන් බෝතලයක් බිව්වම...අම්මගෙන් බීපු කිරිවල මණ්ඩිත් එළියට එනවා..සම්පූර්ණ ළය විරේකය...මේක බොන්න අකමැති අයට තුන්හතරදෙනෙක් ලෙඩාව බලෙන් අල්ලලා...පුනීලයකට හයි කරපු බටේකින් පෙව්ව. මේ වැඩේට එක්ස්පර්ට් ඇටෙන්ඩන්ට්ලා ලේබරර්ස්ලා හැම ඉස්පිරිතාලෙකම හිටිය. වකුගඩු ක්‍රියා විරහිත වීම වලක්වාලීමට සේලයින් දෙනවා. ග්‍රැමොක්සෝන් ඇඟට උරාගැනීම වැලක්වීමට පුලර්ස් අර්ත් කියන මැටිවර්ගය කැව්වා. මේ මොනවා කලත් ලෙඩා බේරගන්න එක හරිම අපහසුයි. පහු කාලෙක මේ ප්‍රතිකාරක්‍රම වෙනස් උනා.
ඔන්න ඉතිං දවසක්දා ගෙනාව වයස විසි පහක විතර බොහොම කඩවසම් ඉලන්දාරියෙක් ඉස්පිරිතාලෙට ඇතුල් කරන්න. මේකා අල්ලාගෙන ආවෙ හැඩි දැඩි පිරිමි දෙතුන්දෙනෙක්. මෙයාට මොනව වෙලාද ? සර් මේකා කාමරේ වසබීල වැටිල හිටිය. මොනවද බීපු වස ජාතිය මං මෑන් ගෙන් ඇහුව....මං බිව්ව වසක් නෑ...ඌ මට ගෙරෙව්වා... නෑ සර් පැරකොට් (ග්‍රැමොක්සෝන් වලට කියන අනිත් නම) තමයි බිව්වේ...මේ තියෙන්නේ බෝතලේ...පොඩි ග්‍රැමොක්සෝන් බෝතලයක් මට පෙන්නුව...
ඉස්සෙල්ලම කරන්නෙ ටෝච් එකක් ගහල ඇහේ බබා දිහා බලන එක...ඒක සාමාන්‍ය තත්වයේ තිබුන...මේ කොල්ලා මළ මුරන්ඩුයි...මට මැරෙන්න දීපල්ලා...මම බීපු වසක්නෑ මට යන්න ඕනෙ...මූ අනෙත් එවුන්ගෙන් බේරිලා දුවන්න හදනවා...නෑ සර් සෙමදාගෙන කාමරේ වැටිල හිටිය...උගේ අයිය කිව්වා...ග්‍රැමොක්සෝන් පට්ට ගඳයි...බිව්වම ලෙඩා ගාවට කිට්ටු වෙන්න බෑ පට්ට හම් එකක් එනව...මුගේ කට ගාවට නහය තියල බැලුව ග්‍රැමොක්සෝන් හම් එක එන්නෙනෑ...කොයි එකටත් සේලයින් එකක් හෙම ලියල...KUO (පරීක්ෂාව යටතේ තබන්න) ටිකට් එකේ ලියල වාට්ටුවට යැව්ව. අනෙත් එවුන් ඌට අත්අඩංගුවෙන් පැනයන්න නොදී ඌත් ඇදගෙන වාට්ටුවට ගියා. පැයකින් විතර ඔන්න තව වයස 35ක විතර ගෑණුකෙනෙක් ගෙනාව ග්‍රැමොක්සෝන් බීල...මෙයාගෙ ඇඟේ හැමතැනම ග්‍රැමොක්සෝන් මිශ්‍ර කොළපාට වමනෙ...පට්ට ගඳයි...ලෙඩාට අමාරුයි ටිකට්එක ලියල වාට්ටුවට යැව්ව...
වසබීපු ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ කියනඑක බලන්න පසු විපරමක් කරන එක මගේ සිරිතක්. ඉතිං ඉස්සෙල්ලම පිරිමි වාට්ටුවට ගියා කොල්ල බලන්න...මෙන්න මූ සේලයින් එකත් අදල මිදුලට වීසී කරලදාල ඉස්සරහතියෙන ගෑණුවාට්ටුවේ පේමන්ට් එකේ ඉඳගෙන මොනවද මතුර මතුර හොටුපෙරාගෙන අඬනවා...ගෑණු ලෙඩත් එක්ක ආපු අයත් අඬනවා... කොල්ල අරං ආපු පිරිමි තුෂ්නින්භූත වෙලා ඉන්නවා...ළමයි දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්...එයාට දැන් හොඳටම අමාරු නිසා මඩකලපුවට ට්‍රාන්ස්ෆර් කරනව කියල බණ්ඩා කිව්වා. මේ ඉස්ටෝරිය හොඳටම අහගහගන්න පුළුවන් ලියන්වල මිසීගෙන්...ඔපදූපමල්ල ... ෆුල් ඉට්ටෝරිය මේකයි...මේ කොල්ල කරල තියෙන්නෙ වඩුවැඩ...අර අම්මණ්ඩිගේ පුරුෂයා මියගිහින්...කොල්ල ගිහිල්ල තියෙනවා එයාගෙ වහල රෙපයාර් කරන්න...ලව් ඇට් ෆස්ට් සයිට්...මුන් දෙන්න ආදරෙන් බැඳිල...ප්‍රේම සාගරේ කිමිදිලා...දෙන්නට දෙන්නා ෆුල් ලව්...ෆ්‍රොම් ද බොටම් ඔෆ් ස්ටොමැක්...කසාද බඳින්න ලැස්ති වෙලා ඉඳල තියෙන්නෙ...මේ හුටපටේ කොල්ලගෙ අයියට ආරංචිවෙලා...ළමයි දෙන්නෙක් ඉන්න ඔයගෑණි අතඇරපන්...අපි උඹට කෙල්ලෙක් හොයල දෙන්නම් කියල ඌට හොඳටම ගහල...ගෑනිගේ ගෙදරට ගිහින් ගෑණිටත් පාට්එකක් දාල...එත් ඌට ඕන වෙලා තියෙන්නෙ උගේ ෆස්ට් ලව්එක බඳින්න...ගෑණිට ආරංචි වෙලා කොල්ල ග්‍රැමොක්සෝන් බිව්ව කියල...ඒකි ඇත්තටම වසබිව්ව...අයිය බයකරන්න මූ පොඩි සන්ලයිට් සබන්කෑල්ලක් වතුරත් එක්ක කටේ දාගෙන... පැත්තකින් ග්‍රැමොක්සෝන් බෝතල් බාගෙකුත් තියාගෙන පෙණදාගෙන කාමරේ වැටිල ඉඳල...බය කරල කසාදෙට ගෙදර අයගෙ කැමැත්ත ගන්න. අර අම්මණ්ඩි මඩකලපුවේ ඉස්පිරිතාලෙදි මැරුණ...මේක යුරෝපෙදි උනානම් දෙන්න කසාද බැඳල බොහොම සතුටින් ඉන්නත් තිබුණ...මේ ගෑණි දැනගෙන ඉඳල නෑ... අපේ 2500යෙ උතුම් මෙව්ව එකට අනුව...මිනිහ මැරුණම...ගෑණියෙක්...තමන්ගෙ හැඟීම් යටපත් කරගෙන...අවිවාහකව...පත්තිනි දේවමෑණියෝ වගේ ඉන්න ඕනෙකියල.... අපරාදේ පොඩි ළමයි දෙන්නෙක් හරි හව්හරණක් නැතුව...මේ දුෂ්ඨ ලෝකේ තනිඋනා ! .                                  

Saturday, February 4, 2017

දොස්තර සටන

තමන් ඉගෙනගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය, ලැබ්වල කෙමිකල් නැත, උපකරණ යල්පැනගොස් කැඩීබිඳී ගොසින්ය. කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත. ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගවගාල් වැනිය. ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද . මේ කෑගහන දොස්තරලාගේ දරුවෝ.... බංගලිදේශයේ,ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ,පිලිපීනයේ,රුසියාවේ,ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති. දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන්කරන්නට දඟලන ඒකත් මේ වගේමය. බමුණු කුලය රැකගත යුතුය. ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ හොද්ද බොරවෙන බව දන්නා නිසාය . නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩදෙන්නේ නැත. මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇති වුවහොත් තරඟ කිරීමට සිදුවන නිසා ගාස්තු පහළ යනු ඇත. මේවායේ ප්‍රමිතිය ඉහලම මට්ටමේ නොමැති නම් ඒවාට කඩිමුඩියේ අනුමැතිය ලබා නොදිය යුතුය. කිසිම ප්‍රමිතියක් නැති සයිටම් එකේ ප්‍රශ්නය ඇතිවුනේ ඒනිසාය. ප්‍රමිතියක් නැති සයිටම් එකට GMOA සාමාජික...රජයේ දොස්තරලා ගණනාවක්ම තමන්ගේ දරුවන් ඇතුලත්කර...ගලේ පැහැරූ බළලුන්සේ සිටීම හාස්‍යජනකය. ප්‍රමිතිගත පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙහි පටන් ගත්විට විදෙස් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමට මෙහි පැමිණෙනු ඇත... අපේ මුදල් ඉතිරිවී රටට ආදායමක් ලැබෙනු ඇත. අපේ ළමයි මේ සඳහා බංගලාදේශයටත් යනවා ඒ උපාධිය මෙහේ පිලිගන්නවා . .එහි ගිය ළමයින්ගෙන් ඒකෙ ප්‍රමිතිය ගැන දැනගත හැකිය...ලැජ්ජයි !
රජයේ දොස්තරලා සමග එකතුවී ලෙඩුන්ගසාකන පුද්ගලික රෝහල් හරිම ශෝක්ය. ඔය කෑගසන්නේ වෙන මොකවත් නිසා නොවේ... දොස්තරලා වැඩිවී පුද්ගලික වෙදකමට කෙළවෙන නිසාය. හවස හතරටත් කලින් රෝහලෙන් පැනගොස් පුද්ගලික වෙදකම් කරන....ලයිට්කණුවට එකගානේ ඇති ලේ/ මූත්තරා....මෙඩිසින් & සර්ජරි කියා බෝඩ්ගසා ඇති පෙට්ටි කඩවලටත් ප්‍රමිතියක් තිබේද ? ගෙඩියක් පලා බෙහෙත්දැමීමට වඩා සර්ජරියක් මේවායේ කල නොහැකිය . පෙට්ටි කඩේ PP එක හරි ගියොත් ඉන්නා රෝහලෙන් මාරු කරන්නට මළාට බැරිය...මාරු කළහොත් වැටෙන්නේ ගෙම්බෙකු මෙන් පෙට්ටි කඩේ දිහා බලාගෙනය...ළඟ ඇති වෙනත් රෝහලකට කෙසේහෝ මාරුවීම හදාගනියි...ඔන්න දැන් කලින් සිටි රෝහලේ අලුත් දොස්තර ලෙඩේ අදිනවාය...පෙත්සම් ගහනවාය...වතුර ටැංකියට ග්‍රමොක්සෝන් දානවාය. දොස්තරලා දෙන්නෙක් PP කරන රෝහලක එක්කනෙකුගෙන් බෙහෙත් අරගෙන සනීප නොවුන විට...ගිහින් අනිත් එක්කෙනාට පෙන්නුවොත් බඩුමතමයි...මොනවද මේ දීල තියෙන්නෙ...පැනඩෝලුයි, අමොක්සිසිලිනුයි, පිරිටනුයි...බීකෝයි...මේවත් බෙහෙත්ද කියා කුනුකූඩෙට...දමා සමාන ඒවා වෙන නම් වලින් දෙයි.
වෙනදා දොස්තරලා හතර දෙනෙක් සිටි මහ රෝහල් වල OPD එකේ දැන් දොස්තරලා 30/40ක් සිටිති. මෙන්න දොස්තරලාගේ අලුත්ම සෙල්ලම....තමන්ගේ ශිෆ්ට් එක පුද්ගලිකව වෙදකම් නොකරන ඩියුටි ඔෆ් දොස්තර කෙනෙකුට රුපියල් 2000කට (ලෙඩ්ඩු දෙන්නෙකුගේ ගාන) විකුනා, රෝහලෙන් පැනගොස්...තමන්ගේ පෙට්ටිකඩය රෑ 11වනතුරු ෆුල් ටයිම් රන්කිරීම. මෙසේ කරන්නේ ලෙඩ්ඩුන්ට ආදරේටය. ඔවුන් ඉඳහිට රෝහලට පැමිණෙන්නේ මූණ පෙන්වා ඩයරියේ බොරු OT ලියා...ඒකටත් මුදල් වංචාවෙන් ගැණීමට පමණකි. මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත් කිසිම දොස්තර කෙනෙක් මේලියන මොහොත අල්ලා ගෙදරයවා නැත. ඒ සෞක්‍ය සේවා ජනරාල්ගේ සිට පහලට සියළුම පරිපාලන කටයුතු කරන්නේ දොස්තරලාම බැවිනි...පරිපාලන නිලධාරීන් නොවන නිසා දන්නා පරිපාලනයකුත්නැත...මෙඩිසින් ප්‍රැක්ටිස් නොකරන නිසා මෙඩිසින් දන්නෙත් නැත....ඉස්පිරිතාලවල වැදගත් අත්‍යාවශ්‍ය කිසිම බෙහෙතක් නැත්තේ, ලැබ්වල කෙමිකල් නැත්තෙත් මේ නිසාය. දොස්තර කුමන වරදක් කලත් තමන්ගේඑකා බේරාගැනීමට සංගමය පැනලා ඉදිරිපත්වෙයි. බේරෙන හැටි ගැන නීති උපදෙස් දෙයි. ඉතිං අයියන්ඩි කුමට බිය වන්නද ? ෆුල් ටයිම් කඩමු පොල් !. ඕනෑම මහරෝහලක තත්වේ ඕකය. . .බොරුයි කියනවා නම් ඔප්පුකර පෙන්වීමට සූදානම්ය.
දත් දොස්තරලා...හීන්නූල් කාරයෝය...එක්කෝ චෙයාර්එක කැඩිලාය...එක්කෝ ලයිට්නැත...නැත්නම් වතුරනැත...ෆිලින් මැටීරියල් නැත...එහෙමත් නැත්නම් උදව්කරන සුලුසේවකයා නිවාඩුය. දත්ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත. ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම්ගසමින්/ෆේස්බුකියේ කැරකෙමින් සිට දවල් 11වනවිට පැනගනියි. ඩයරිය චෙක් කලොත් උදේ 8සිටසවස4 දක්වා වැඩකර තිබේ. කරන ඔන්කෝල් එකක් නැතත් ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ. පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි. මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය. දත් දොස්තරලා වැඩකරන්නේ උදයවරුව පමණකි. කඩාපනින හමුදාව චෙක් කලොත් පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ. පුද්ගලික දත්කඩයේ ජෙනරේටර්, වතුර,ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර්එකක් තිබේ...හෝගාලා වැඩය. දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති. දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩිවැඩිවීම් දත්දොස්තරලාටත් ඉබේම ලැබේ. ෆුල් ආතල්ය.
දොස්තරලා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති කුඩා රෝහල් සහ ඩිස්පැන්සරිවල කොයි වෙලෙත් වැඩකරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණකි. එත් වරුවක් පමණකි. (අර ලීව් චිට්එක ? ආ ඒක තියෙනවා) හවසට අනික් දෙදෙනාගෙන් එක්අයෙක් කවර් කරයි. තිදෙනෙකුට කරන්නට තරම් දෙයක් මේ ආයතනවල නැත. වෙනදා එක දොස්තරකෙනෙක් පමණක්සිටිMOH ඔෆිස් වල පවා දොස්තරලා හතර පස් දෙනෙක් සිටිති. වරුවක් පමණක් වැඩකරන මේ ආයතන වල දොස්තරලා එකිනෙකා මුණගැසෙන්නේ පඩි දිනයට පමණකි. සියළු දෙනාම ෆීල්ඩ් එකේය.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයිවෙට් බස්එකක්මෙන් දොස්තරලාගෙන් පුරවාතිබේ. අතිරික්තයක් මිස කිසිදු දොස්තර හිගයක් නැත.
චැනල් ක්‍රීඩාවේ යෙදෙන විශේෂඥ දොස්තරලා ගැනද නොකියාම බැරිය. මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි ). හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ.... රෑ අටවෙන තුරුත් පැමිණ නැත. රජයේ රෝහලේදී විනාඩි පහේ පරක්කුවට කෑගහන ලෙඩ්ඩු...රෝගී මූණූ, හපුටු කරගෙන මනා ඉවසීමෙන්... සීරුවෙන්... ප්ලාස්ටික් පුටු රත් කරමින් බලාසිතිති. ඔන්න.... චැනල් සෙන්ටර් කීපෙකට ගොස් සල්ලි පොට්ටනිය කාර්එකේතැබූ එතුමාණෝ.... නලාව කරකවමින්...පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි.... වෛද්‍ය පික්පොකට් මහතා හමුවීමට පැමිණි රෝගීන් 33 කාමරයට පැමිණෙන්න....ලවුස්පීකරේ කෑගසයි... ලෙඩ්ඩු දොරගාව පොරකති. සෙරෙප්පු ගලවන්න, ෆෝන් ඔෆ් කරගන්න...හා ෂර්ට් එක ගලවන්න ඉක්මනට...ඉක්මනට...සුදු කොටගවුම් ගැටිස්සී මොරදෙයි. පුදුම හදිසියකි. මොකද අමාරුව...වැල්වටාරං නැතුව ඉක්මනට කියන්න...තව 68දෙනෙක් ඉන්නවා…විනාඩි පහයි ගේම ඉවරයි පුදුම රෝගී පරීක්ෂාවකි...කොලිටිම රෝගී පරීක්ෂාවකි....කොම්පියුටරයක් වගේය ...හරි...හරි...මේ පරීක්ෂණ ටික කරගෙන ආයෙත් එන්න...දැනට මේක බොන්න. (දකුණු අතින් නලාව තබා වම් අතින් පොකට් එකට විද්දේය.) Proper history taking, inspection, palpation, percussion, and auscultation... differential diagnosis? side effects of drugs? එන්න එපා මාත් එක්ක පණ්ඩිතකං දොඩවන්න...මේව බොනව හරිද... නාන්නද සර්..හොඳට නාන්න...ඊළඟ එන්න...මොනවද සෑර්කන්න හොඳ...ඇපල්, මිදී, චීස්,බේකන්,පිට්සා වගේ ඒව හොඳයි....මාමයිට් බොන්න...ඊළඟ එන්න.
මේ කරන සෙල්ලම...තමන් ඉගෙනගත්, උසස් අධ්‍යාපනය ලැබූ ඉංගලන්තේදී කරානම්...අවම වශයෙන් අවරුදු දහයකට හිරේ ගොස්....ලෙඩාට වන්දිත් ගෙවීමට සිදුවනවා සිකුරුය.
සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි (ලංකා හොස්පිටල්) දොස්තරට 1000යි. දිනකට 50 බැගින්(හුඟක් අය එයිට වැඩිය බලනවා) දවස් 330ක් (35ක් නිවාඩු කියමුකෝ) ලෙඩුන් බැලුවොත් වාර්ෂික ආදායම 50X 1000 X 330 = 16500000 + (වාර්ෂික වැටුප් )1800000 = 18300000 (ලක්ෂ 183යි, ලැබ්වලින්, බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්‍රණ හැර )...නෑ...කොහෙත්ම පාඩු නෑ! .
දැන් කියන්නට යන්නේ රෝහල් එකක වත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැති වීමට හේතුවයි. ශ්‍රී ලංකාවට ගෙන්වන බෙහෙත් වර්ග අනුමත කිරීමට කොමිටියක් තිබේ. මේකේ සාමාජිකයෝ දොස්තරලාය. නියමෙටම හොද්ද බොර කරගෙන....කොළඹ ස්විමින්පූල් සහිත ගෙවල් දෙකතුනක් ඉක්මණටම හදාගතහැකි ජොබ් එකකි. කොම්පැණි (බොහෝවිට ඉන්දියන් ) කාරයින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන...කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් වර්ග( බෙහෙත් නිපදවීම ඉන්දියාවේ ගෘහකර්මාන්තයකි) නිසි පරීක්ෂාවකින් තොරව අනුමත කිරීමට මේ දොස්තරලා සතයක් වත් පගාව ගන්නේ නැත. එක බෙහෙතක් අනුමත කරවා ගැනීමට අති විශාල මුදලක් වියදම් කිරීම...මේ සමාගම් වලට කජ්ජකි. තරුපහේ හෝටල්වල පවත්වන දොස්තරලාගේ සියලුම සම්මන්ත්‍රණ, ගෙට්ටුගෙදර්, AGM වලට බරපැණ දරන්නේ දැවැන්ත ප්‍රකෝටිපති අන්තර්ජාතික ඹෞෂධ සමාගම්ය. කෝටි ගණන් වියදම් කර ගෙන්වන මේ ඉන්දියන් බාල බෙහෙත් වර්ග වලින් බොහොමයක් නියමිත දිනට කලින් නරක් වෙයි. ඉන්ජෙක්ෂන් වල පාට වෙනස් වෙයි...පෙතිවර්ග කුඩුවී දියවෙයි...එවිට කරනුයේ මෙම බෙහෙත් වලලා දැමීම පිණිස ආපසු එවන ලෙස දන්වා චක්‍රලේඛන සියගණනක් වසරකට නිකුත් කිරීමයි. මේවනවිට මේ බෙහෙත් වර්ග බොහොමයක් රෝගීන් වෙත නිකුත්කර හමාරය. (ඔවුන් සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි ). මේක බොරුවක්ද කියා ඕනෑම රජයේ දොස්තර කෙනෙකුගෙන් අහන්න. මේ තක්කඩි වැඩේ දිගින් දිගටම අනාදිමත් කාලයක සිට සිදුවන නමුත් බෙහෙත් හිඟයේ වගකීම බාරගන්නා කෙනෙක් නැත. මේ කෝටි ගණන් වලලන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. දොස්තරලාගේ ගෙට්ටුගෙදර් සියල්ලටම ස්පොන්සර් කරන්නේ ඔෞෂධ සමාගම්ය.
උපදේශකයින් ලෙස පමණක් වෛද්‍ය මණ්ඩලයක් තබාගෙන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අරක් ගෙන ඇති, පෙන්ෂන්යනතුරුම මහජන මුදල් ගසාකමින් දෙපාර්තමෙන්තුවේ ලැග ඉන්නා (මොවුන්ට මාරුවීම් නැත).... දොස්තර මාෆියා ඩිරෙක්ටර් නඩය එලවා දැමිය යුතුය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් පරිපාලන නිලධාරීන්ට බාරදිය යුතුය. විසඳුම එයයි. මෙසේ කළහොත් දොස්තරලා මාසහයක් එක දිගට ස්ට්‍රයික් කරනු ඇත. කුහක බමුණුකුල GMOA එක... හෙදියක් වෙදනලාව පාවිච්චිකර BP බලනවාට විරුද්ධවිය...නර්ස්ලාට, පාමසිස්ට් ලාට පැරා මෙඩිකල් අයට, RMO ලට, ඔක්කොටම ඩිග්‍රීයක් ගන්න නොදී කැපුවා දැන් සපෝට් එකට කව්රුවත් නැත ! මේ සුපිරි බුද්ධිමතුන් තමන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දොස්තර පුතුට කසාද බැඳීමට සොයන්නේ අඟහරු 7 නැති බොදු ගොවි කේන්දරය...බෙන්ස් කාර් එකේ දෙහි ගෙඩි සහ මිරිස් කරල්ද එල්ලා ඇත !

Wednesday, January 25, 2017

හොරු බෙටි කාපං කුන්දීරේ

                                        ඔන්න පුතේ එකෝමත් එක රටක...මහන්සිවෙලා දුක්විඳල රස්සාවක් කරල හම්බකරන් කන්න කැමති නැති...රට කපටි පට්ට හොරු සෙට් එකක් ඉන්නවා...මුන් වැඩිපුර ඇඳලා ඉන්නෙ සුදුපාට ඇඳුම්...ඉතිං මුන් එකම සෙට් එකක් උනත් (මිනිස්සු හිතන් ඉන්නෙ සෙට් දෙකක් ඉන්නව කියල) ...කල්ලි වලට බෙදිලා චන්දෙ ඉල්ලනවා...සපෝටර්ලත් කල්ලි වලට බෙදිලා මරාගන්නවා...දැන් වැඩිපුර මරාගන්නෙ බුකියේ...ඉතිං දිනපු එවුන් රටේ බලය ගන්නවා...පැරදුනු එවුන්ගෙන් කොටසකුත් ඇමතිකම් අරං...දිනපු එවුන්ට හේත්තු වෙනවා...බලයට ආපු ගමන් කෝටි ගණන් හොරකං කරනවා...ඔන්න ඉතිං පැරදුනු එවුන් දියවන්නා හොර ගුහාව ඇතුලේ...කුණුහරුප විදිමින් කෑගහන්න පටන් ගන්නවා...මෙන්නෝ...මුන් හොරකං කරනෝ...අල්ලපියෝ...හිරේ දාපියෝ...කිය කියා...ඉතිං...බලයේ ඉන්න එවුන් කෑගහනවා...උඹලගේ කාලෙත් කෝටි ගණන් හොරකං කලානේ කියල...ඉතිං බලංඉන්නෙ...අල්ලලා හිරේ දාපල්ලකෝ කියලා පැරදුන එවුන් කියනවා...බලේ ඉන්න එවුන්, උන්ගේ නෑදෑයෝ, යාළුවොත් කලින් හොරකං වලට සම්බන්ධ නිසා...හොරු අල්ලන්න වගේ ඉන්නවා අල්ලන්නේ නෑ..උන්ගේ පවුල් අතර විවාහ ගණුදෙණු පවා කෙරිල තියෙන නිසා එක හොරෙක් වත් අල්ලන්න බෑ...ලොකුම හොරු බාගෙට අල්ලලා අතඅරිනවා...පලයන් පුතා ඇමරිකාවට කියලා...එක පට්ට හොරෙකුට ළමයි නැති නිසා මිනිස්සු හිතන් ඉන්නෙ...ඌ හොරකං කරන්නෙ නෑ කියල...මිනිහට දෙනව Mr ක්ලීන් පට්ටම...ඌ කොස්ඇටේ බෑවෙ යාළුවගෙ අත දාල...දැන් හෙන ගේමක් දෙනව යාළුව බේර ගන්න... මුන්ගේ ළමයි ඉගෙන ගන්නෙ පිටරට...හුඟක් එවුන්ට පිටරට ගෙවල් බැංකු ගිණුම් තියෙනවා...සමහරු සල්ලි තිබුනත් ඉන්නෙ හිඟන්නෝ වගේ...සමහර එවුන් කෝටි ගණන් වාහන වල ඇවිත් ෂෝ එක දානවා ලංකාවෙ ඉන්න මෝඩ ජහමනයා...මේ කවදාවත් ඉවර නොවෙන හොර මගඩි මෙගා ටෙලි නාට්ටිය...සහ මුන්ගේ TV කුකුල්පොර නිදිමරාගෙන බලං ඉන්නවා...මුන් දවල්ට බෙදිලා රණ්ඩුවෙලා රෑට පාටි වලට ගිහිං එකට බොනවා...දැන් අව්රුදු හැට නමයක් මේ සෙල්ලම කරනවා...එකෙක්වත් හොරකමකට හිරේ ගිහිං නෑ...බඩට කන්න නැතිව බදු ගෙවමින් වාහන ලොකු දීමනා දෙමින් මුන් නඩත්තු කරන ගොන් ජහමනයට...මේ ගැන වගේ වගක් නෑ...සීයෙ වෙනකතාවක් කියන්නකෝ...ඕක මට දැන් අහලම ඇතිවෙලා හිටං !

Tuesday, January 17, 2017

බටහිර සංස්කෘතිය


බටහිර සංස්කෘතිය...අම්මෝ කාමුකයි නීචයි ෂොපින් යන්නෙත් ජංගි කූති ඇඳගෙන...ඒ මදිවට පාරෙ කිස් කරනවා...ගෑණු ගෑණු ...මිනිස්සු මිනිස්සු...කසාදත් බඳිනවලු...ඊය...! , බටහිර ජීවන රටාව...ගන්න දෙයක්නෑ...මස් පුච්චන් කනවා... ක්ලබ් යනවා බියර් විස්කි සිගරැට් ගංජ බොනවා, (රහසින්... කනට කර... ඉස්කෝලෙ යන ළමයිත් ලිංගික සම්බන්ධතා පවත්වනවලු)... ලිවින් ටුගෙදර් ඊළඟට දික්කසාද වෙනවා...ආගමක් ධර්මයක් නෑ...හැම එකටම ෆකින් කියනවා... බටහිර ආධාර...ඔය ලංකාව අල්ලගන්න කරන කපටිකම්...දුවයි පුතයි දැක්කෙනෑ කාලෙකින්...ආ ඒගොල්ලො ඇමරිකාවට මයිග්‍රේට් උනා...අපිත් ලඟදි එහේ යන්නයි ඉන්නෙ.

Sunday, January 15, 2017

මගේ සිහිනය (තමන්ට ගැලපෙන විදියට...අකමැති කෑලි අයින්කර...කැමති කෑලි එකතුකර... කපා කොටා...සිහිනය සකස්කර ෂෙයා කරගන්න)

මං හීන දකිනවා ඉල්ලංකාව ගැන
අලුත් තරුණ ජනාධිපති කෙනෙක් ගැන
සතයක්වත් හොරකං නොකරන
ධනවත් පවුල් පසුබිමක් ඇති
විද්‍යා අධ්‍යාපනයක් ඇති
ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ දැනුමැති
පරිඝනක සාක්ෂරතාව ඉහලින් ඇති
CNN, BBC බලන ලෝකය ගමන් කරන
රටාව වටහාගත හැකි
ආර්ථික විද්‍යාව සහ
කළමනාකරණය ගැන ප්‍රමාණවත්
දැණුමක් ඇති මිනිහෙක්
පන්සල් පල්ලි කෝවිල් ගානේ
දුවමින් කාලය කානොදමන මිනිහෙක්
රට පාළනය කරන්නට
තීන්දු තීරණ ගන්නට
පූජකයන් ගෙන් නොවිමසන
මෝඩ බහුතර චන්ද දායකයින්ගේ,
ඉල්ලංකාවේ මැනවින් සංවිධානයවූ
පරපෝෂිත පූජකයින්ගේ
සමාජයට බය නැති
නිර්භීත කෙලින් මිනිහෙක්
කුඩු ගෙන්වා අසුවන එකා සතියකින්
නඩු අසා එල්ලා මරණ මිනිහෙක්
පන්සල් පල්ලි කෝවිල් වල ශබ්ද දුෂණය
එක දවසින් නැවැත්වියහැකි මිනිහෙක්    
තාප්ප වල ලියන කොල්ලන්ට
ප්‍රසිද්දියේ වේවැල් පහර දෙන්නට
හැකි මිනිහෙක්
වාස්, දුමින්ද වැනි මිනී මරුවන් කුඩුකාරයින්
එක පෑන් පහරින්
එල්ලා මරාදැමියහැකි මිනිහෙක්
වැරදි තැනින් පාර පැන්නොත්
අත්අඩංගුවට ගෙන
ලොකු දඩයක් ගහන මිනිහෙක්
පාගා ගහන එකාගේ රජයේ දේපල සහ මුදල්  
හොරකම් කරන එකාගේ දේපල රාජසන්තක
කර හිරේ දාන මිනිහෙක්
අපේ මුදලින් ආතල් එකට පිටරට සවාරි
නොයන මිනිහෙක්
නෑයින්ට මිතුරන්ට
තනතුරු නොදෙන මිනිහෙක්
එත් අපට ඉන්නේ
රනිල් මහින්ද වගේ රටකපටි පට්ට හොරු
 සිරිසේන වගේ
මොනම දැණුමක්වත් නැති පතෝලයින්
කාලෙන් කාලෙට එක එක පැතිවලට ජැක් ගහන
බොරු මාක්ස්වාදී ජෙප්පන් වගේ
අපතයින් විතරයි
කොක්කෙන් හරි කෙක්කෙන් හරි   
මේ රට හදන්නට ලී ක්වාන්යූ වර්ගයේ හෝ
එයිටත් වඩා හොඳ
බූරුවා කරගහන් ගිය මිනිහා වගේ නැති    
හොඳ ඒකාධිපතියෙක් උවමනා කර තිබේ   
#....සිහිනයේ ජීවත්වෙමි....#

සරත් විමලසුරිය