Saturday, 13 October 2018

මේ කුමන වර්ගයේ දේශයක්ද ?

මේ කුමන වර්ගයේ දේශයක්ද ?
මම නව නිපැයුම්කරුවෙකි. මට දැනට ශ්‍රී ලාංකික පේටන්ට් දෙකක් තිබේ. තව පේටන්ට් තුනක් සඳහා ඉල්ලුම් කර ඇත. දැනට ලෝකයේ සාදා ඇති සමහර උපකරණ වඩාත් වැඩි දියුණුකර අපට ඒ සඳහා පේටන්ට් ලබා ගත හැකිය. මගේ Multi Purpose Electric Fence Enagizer එක එවැන්නකි. https://vimeo.com/39816263 පුද්ගලික විදුලිවැටවල් 184ක් ලබාදී ගල්ගමුවේ වල්අලි ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳීමට මට හැකිවිය. https://www.youtube.com/watch?v=zk0HrgWHg4w&app=desktopලංකාව පුරා ගොවීන්ට අලින්, හරකුන් ඌරන් මොණරුන්,වැලිමුවන් ඉත්තෑවන්, වඳුරන් හා රිලවුන් වැනි වනසතුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා විදුලිවැට එනජයිසර් 485 ක් මාවිසින් ලබාදී ඇත කෘෂිකර්ම අමාත්‍යාංශයටද 25ක් දුන් නමුත් මාසතුනක් ගතවීත් මුදල් ගෙව්වේ නැත. වගාවන් විනාශවෙනවා දැක ජනපතිතුමා හඬාවැටෙයි. එයදුටු විට මටත් ඇඬෙයි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වනලද 2013 තරඟයේදී හොඳම වාණිජකරණය කරණය කරනලද නව නිපැයුම සඳහා රන් පදක්කම සහ සහතිකය දිනා ගන්නා ලද්දේ මා විසිනි.ඒ සඳහා කිසිදු මුදල් ත්‍යාගයක් මාහට ලැබුණේ නැත. මෙම වසරේදී එම ත්‍යාගය සඳහාම රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් ලබාදුන් බව දැන ගන්නට ලැබුනි.
2012 වර්ෂයේදී මිනිසුන් අනාරක්ෂිත රේල් ගේට්ටු වලදී අනතුරු වලට ලක්වී මිය යෑම වැළැක්වීම සඳහා සම්පූර්ණ ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක් මා විසින් නිපදවන ලදී. මේ සඳහා මගේ විශ්‍රාම පාරිතෝෂිකයෙන් ලැබුණු මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ මාවිසින් වැය කරන ලදී.
දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ස්වයංක්‍රීය රේල් ගේට්ටුව පරීක්ෂා කිරීම සඳහා වත් භාරගත්තේ නැත. මගේ හිතවත් පොලිසියේ SSP මහතෙකුගේ උදව්වෙන් මෙය වවුනියාවේදී අත්හදා බලන ලදී. https://www.youtube.com/watch?v=4Z7KLt4GyQ0 . මා විසින් නාවික හමුදාව සඳහා නිපදවන ලද ස්වයංක්‍රීය බෝට්ටුව ඔබට නැරඹිය https://www.youtube.com/watch?v=YKDu347vfp4 හැකිය. මා විසින් නිපදවන ලද අරුම පුදුම බයිසිකලය https://www.youtube.com/watch?v=aSWBajv1cQA&t=46sඅන්තිමේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වීසි කරන ලද රේල් ගේට්ටුවේ බැරියර් දෙක කපා ගෙදර පාවිච්චිය සඳහා ඇලුමිනියම් ඉනිමගක් හැදුවෙමි.
මගේ අලුත්ම නව නිපැයුම බෙහෙත් ද්‍රව්‍ය, එන්නත් වර්ග, රුධිරය, අක්මා වකුගඩු ආදී ශරීර කොටස් ගබඩා කර ඇති ශීතකරණ...විදුලිය බිඳ වැටීම්, ශීතකරණය අක්‍රියවීම වැනි අවස්ථා වලදී දුරකථන පණිවිඩයක් සහ SMS පණිවුඩයක් මගින් අදාළ නිලධාරීන්ට දැනුම් දෙන එකකි. එම SMS පණිවිඩයේ ශීත කරණයේ දැනට පවතින උෂ්ණත්වයද සටහන් වෙයි. විදුලිබලය යථාවත්වූ පසු එයද...දුරකථන පණිවිඩයක් සහ දැනට පවතින උෂ්ණත්වයද SMS පණිවුඩයක් මගින් දැනුම් දෙයි. ඒසඳහා මාවිසින් පේටන්ට් බලපත්‍ර අයදුම්කර තිබේ. මෙය අප්‍රිකාව වැනි රටවලටද අපනයනය කළහැකි අන්දමට උසස් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය භාවිතාකර නිපදවා ඇත. මාතර ප්‍රාදේශීය සෞක්‍ය සේවා අධ්‍යක්‍ෂ තුමාගේ කාරුණික අනුග්‍රහයෙන් පරීක්ෂාව සඳහා එකක් මාතර පොල්හේන බෙහෙත් ගබඩාවේ සවිකර ඇත. එය හොඳින් ක්‍රියාකරයි. සෞක්‍ය දෙපාර්තමේන්තුවේ ශීතකරණ බාර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ නිලධාරියාට එය පෙන්වීමට ගියවිට එය පරීක්ෂාකර බැලීමටවත් ඔහු උනන්දු වූයේ නැත. දේශීයව නිපදවන ප්‍රමිති සහතික නොමැති එවැනි උපකරණ පරීක්ෂාව සඳහාවත් බාරගත නොහැකිබව ඔහු අපට දැන්වීය. ප්‍රමිති සහතික නොමැති ජොනී බට්ටා... කකුල් දාහකටත් වඩා...ඉහලම ප්‍රමිතියෙන් කඩා දැම්මේය.
බොහෝ MOH කාර්යාලවල ශීතකරණ සති අන්තයේදී අනාරක්ෂිතව තිබේ. විදුලිය බිඳවටීමකදී එය වහාම දැනුම්දීම නිසා කෝල්ඩ් පැක්ස් දමා එම එන්නත් වෙනත් ආයතනයක ශීතකරණයකට මාරු කර බේරා ගත හැකිය. දැන් කරන්නේ එම ලක්ෂගනනක් වටිනා එන්නත් වීසිකර දැමීමයි. මේ මහජන මුදල්ය. පිංවතුන් දන්දෙන රුධිරයද එසේ ඉවත දමන අවස්ථා ඇත. මෙම උපකරණ සඳහා අවශ්‍ය ප්‍රමිති සහතිකය සහ උපදෙස් ලබා ගැනීමට ශ්‍රි ලන්කා ප්‍රමිති ආයතනය, නවනිපයුම් කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍ය පදනම, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යන ආයතන වලට ගියෙමු...පහත දැක්වෙන ආයතන එම අමාත්‍යාශයට අයත්ය
Industrial Technology Institute
National Engineering Research and Development Centre
National Institute of Fundamental Studies
National Research Council
National Science Foundation
National Science and Technology Commission
Sri Lanka Accreditation Board for Conformity Assessment
Sri Lanka Inventors Commission
Sri Lanka Standards Institution
Sri Lanka Institute of Nanotechnology (pvt) Ltd (SLINTEC)
නමුත් සියල්ල එකතුකලවිට උත්තරය බිංදුවය...
නවනිපයුමක් පරීක්ෂාකර එයට සහතිකයක් දෙන්නට කෙනෙක් නැත...
කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ආයතන
Department of Agriculture
Department of Agrarian Development
Agricultural & Agrarian Insurance Board
Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI)
Sri Lanka Council for Agricultural Research Policy(CARP)
Institute of Post Harvest Technology (IPHT) J
National Food Promotion Board
Colombo Commercial Fertilizer Co.Ltd
Ceylon Fertilizer Co.Ltd
National Fertilizer Secretariat
සියල්ල එකතුකලවිට උත්තරය බිංදුවය....
අන්තිමේදී විකුණාගත නොහැකිව වට්ටක්කා ටික අලින්ට දන්දෙයි
මා මෝටර් රථයෙන් ආවේ මාතර සිටය. බදාදා මහජන දිනයේත් ලොක්කා සීට් එකේ නැත...දෙවෙනියාද නැත...සවස 3 වනවිට බොහෝ පුටු හිස්ව තිබේ. දැවැන්ත බිල්ඩින් ඇතුලේ AC සියගණනක් හෝ ගාලා වැඩය. මහදවාලෙත් ඇතුලේ ලයිට් දමා තිබේ. වාර්ෂික විදුලි බිල් ඉන්ධන වියදම්, ගොඩනැගිලි කුලී කෝටි ගනනිනි. මේ කාණු දිගේ ගලායන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. පිළිගැනීමේ නිලධාරියා ඇතුළු සේවකයින් ගෙන් බාගයක් පලා ගොසිනි. බොහෝ රජයේ කාර්යාලවල තත්වය ඕකය...බොරුනම් ගිහිං බලන්න.
රජයෙන් දුන් ඩියුටිෆ්‍රී වාහනය ගාල්කර නිලරථයෙන් ගිය ලදාරීන් සමහරු ෆීල්ඩ් එකේය අනිත් අය කොන්ෆරන්ස් හෝ පිටරය.
අන්තිමේදී පියන්ට පිංසෙන්ඩුවී ප්‍රමිති ආයතනයේ (SLS) පහල නිලධාරියෙකු හමුවීමට මට හැකිවිය. ඉලෙක්ට්‍රොනික් පර්යේෂණාගාරයක් හෝ නියමිත ඉංජිනේරුවන් නොමැතිනිසා...ඉලෙක්ට්‍රොනික් උපකරණ සඳහා එම ආයතනය ප්‍රමිති සහතික ලබා නොදෙන බවත්...වතුර බෝතල් සඳහා ප්‍රමිති සහතික දෙන බවත් ඔහු මට කිව්වේය. මේ 21වෙනි ශතවර්ෂයේ අපේ ප්‍රමිතිආයතනයයි...ඉතිං අපි ඉලෙක්ට්‍රොනික් උපකරණ නිපදවා වෙනත් රටවලට විකුණා විදේශ විණිමය සොයන්නේ කෙලෙසද ?. නවනිපයුම් කොමිසම මගින් වාර්ෂිකව පවත්වන තරඟයේදී බොහෝ නවනිපයුම් ප්‍රදර්ශනය කෙරේ මේවායින් 70% පමණ ඉලෙක්ට්‍රොනික නවනිපයුම්ය. ඒවාන් දිනන ඒවා ජිනීවාහිදී ප්‍රදර්ශණය කෙරේ. මේක බලන්නට එන සුද්දෝ සහ චීන්නු එම අදහස් ගෙඩිපිටින්ම හොරකං කරගෙන ගොස් වාණිජ මට්ටමින් සාදා ලෝකෙටම විකුණති. හදපු එකාට හුලංය. ප්‍රමිති සහතිකයක් නැති නිසා ලංකාවේවත් විකුණන්නට බැරිය. වාර්ෂකව ලක්ෂ ගණන් මහජන මුදල් ගිලින නව නිපැයුම් කොමිසම කරන සේවය ඕකය. අගමැති හා ජනාධිපති දේශීය කර්මාන්ත කරුවන් නගාසිටුවන අන්දම ගැන පොරටෝක් දෙන අන්දම අපි නිතර නරඹන්නෙමු. ශ්‍රීලංකාවේ නව නිපැයුම් කිරීම ස්වයංවින්දනයේ යෙදෙනවා වැනිය...මට පට්ටම ආතල්ය...අන්තිමේදී දනිස් පණ නැතිවෙයි.
හිඟන අම්මලා අරාබියට විකුනමු....රුපියලට සාපේක්ෂව ඩොලරය පහත බසිමින්තිබේ...ඉල්ලංකාව ආසියාවේ ආශ්චර්යයි...ඔහොමයන්...

6 comments:

  1. ඔහොම බෑ ලොක්කා, විදුලි වැට එන්ජයිසරේ ගානට 25% එකතුකරලා ඩිල් එක කතා කරන්න, මුලින් මුලින් ලොක්කන්ගේ ගෙවල් වලට පුටුසෙටි, තඩි ස්මාර්ට් ටීවී සෙට් එහෙමත් බාන්න වේවි, එතකොට අර ගොවීන්ට 50% ආණ්ඩුවෙන් දාල දෙන බඩු ලැයිස්තුවට ඕක දාගන්න පුළුවනි (දැනට ජිනසේනලා සහ ෆීනික්ස්ලා තමයි ඔය බිස්නස් එක රන් කරන්නේ). ඒ ඔක්කොම ඩිල් ස්පයි බටන් කැමරා වලින් වීඩියෝ කරන්න, අවුරුදු දෙකක් වැඩේ කරනකොට මුළු කෘෂිකරුම අමත්‍යන්සේම ගෙදර යවන්න තොරතුරු එකතුකර ගත්තහැකි, එහෙම කලොත් එක තමයි රටට ලොකුම සේවේ.

    ReplyDelete
  2. Re jayawaradana kala wage ali wete technology eka pitaratakata wikunanna. Ethakota pita walin me ganata dennam kiyaddi comis ekath ehema hambuwenawanam lankawe lokko eka ara ganiwi. Wena karanna deyak ne. Oya wage thawa koi tharam aluth nipeyum atharaman wela athda. So sad doc.

    ReplyDelete
  3. මේක මිනිස්සුන්ට තේරුන්නැති උනාට බරපතල ගැටලුවක්. ඇත්තටම අඩන්න ඕන දෙයක්. රටක පාලකයෝ සහ නිලධාරීන් තමන්ගේ මඩිය ගොඩගහගන්න බලනවා මිසක් හරියටම උදව් කරන්න ඒකේ ඇප්‍රසියේට් කරන්න ඉන්නේ අල්පයයි. ඒ වගේ ඉන්න තාර්කික බුද්ධියෙන් හෙබි, නිදහස් මතධාරී නිලධාරීන් නිහඩ කරල චප්ප කරල දාලයි තියෙන්නේ. 2500 රෙද්දේ මෙව්වෙක කියව කියව හිටියට ඒ කාලේ ගෙවල් පිලිකන්නේ රෙන්න ගියපු රටවල් වල මිනිස්සු දැං අපි පොළවෙන් අඩි හයක් යටට දාල ඉවරයි. බංගලියෝ, සිංගප්පුරුව, මැලේෂියා, වියට්නාම් සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ. මේ ළගදි මම දැක්කා ඉන්දියාවෙන් එන අයගෙන් 95% ක්ම වීසා ඇමරිකාව ඇප්‍රව් කරනවා කියලා. ඒ එන්නේ සොෆ්ට්වෙයාර් ප්‍රොගැමර්ස්ලා. අපේ මිනිහෙක් තමන්ගෙ ්මහන්සියෙන් මුදලින් දෙයක් හැදුවම ඒ දිහා හැරිල බලන්නවත් එකෙක් නැ. ඩොක් අපි දන්න කාලේ ඉදලම ඒ වගේ දේවල් හදපු නව නිර්මාණ කරපු උන් විශාල ගණනක් කලකිරීමෙන් පහු බැහැලයි ඉන්නේ. මිනිස්සුන්ට මේ සිස්ටම් එක තිත්ත වෙලා. රට දාලා යන්න නිදහස් අවසරය තියේනං ලංකාවේ එක දෙතුන් දාහක් වත් ඉතිරි වෙන්නේ නෑ. අපි තව දුරටත් සටන් කරමු. එහෙම නැත්නං අයිස්ලන්තෙටත් ප්‍රිජ් විකුණන ක්‍රමය ඉගෙන ගමු. ඒක ටිකක් අසංවරයි. ඒත් කරන්න දෙයක් නෑ. මම කිව්වේ මාර්කටිං ගැන. ජය වේවා. ඔබගේ උනන්දුව වැඩේවා

    ReplyDelete
  4. හාල්පාරුවන්ට ඡන්දය දෙන උන්ට එළව එළවා ගහමු. ආණ්ඩුවේ රස්සා කෑල්ලකට, ටකරං තහඩුවකට අමනයින් පාර්ලිමේන්තු යැවූ විට නිළධාරීන් හිතේ හැටියට පිස්සු නටති. සරත් අයියා ඡන්දේ ඉල්ලන්න. අපි මාර්කටිං පාර දාලා දෙන්නං.

    ReplyDelete
  5. හදවතින්ම අම්මට සිිිිරි ලංංංංංකිකයි

    ReplyDelete