Thursday, 15 March 2018

පිටි ගුලියකින් වැසූ මහා මංකොල්ලය

හොර තක්කඩි දේශපාළුවෝ සහ ජන්දදායකයෝ....


ඔබ මේ පින්තූරයේ ඉන්නා මිනිසා කව්දකියා හොඳින්ම දන්නවා. ඔහු මේ රටේ මහජනතාවගේ මුදල්...රුපියල් බිලියන12ක් මහදවල් මංකොල්ලකා රටින් පලාගිය මිනිහෙක්. මේ මුදල් සියල්ල ලංකාවේ රජයට නැවත කිසිදා නොලැබෙනු ඇති. පිටි ගුලියක් නිසා ඇතිවූ මුස්ලිම් සිංහල කෝලාහලය ඇතිකලේ...මේ හොරකම සහ විශ්වාසභංගය වසා දමන්නට බව මෝඩ මිනිසුන්ට තේරෙන්නේ නැත. මොහු මහ බැංකුවේ අධිපතිකොට පත් කර මේ හොරකම බළල් අන්ඩ දමා සිදුකල හොරා අදටත් රටේ අගමැති ලෙස සිටිනවා....රටේ කිසිවකුට මේ ගැන වගේ වගක් නැත. ඉස්පිරිතාලෙක මිනිහෙකුට පහරදුන්විට පාරටපැන ටයර්පුච්චන මිනිස්සු...මේගැන නොදන්නාසේ සිටිති. මහා පුදුමයකි...කොළපාට කන්නාඩිය දාගත් එකාට රනිල්කල මේ මහා හොරකම පෙනෙන්නේ නැත. ඔවුන්ට අගමැති රනිල් මහා මොළ කරුවෙකි Mr Clean කෙනෙකි. නිල්පාට කන්නාඩිය දාගත් එකාට මහින්ද රාජපක්ෂ සහ සහෝදරයෝ කල මහා හොරකම් මිනීමැරුම් එකක්වත් පෙනෙන්නේ නැත. ඔවුන්ට ඔහු මහා දේශප්‍රේමියෙකි.රනිල් සහ මහින්ද සම්මන්ත්‍රණයකදී එකළඟ වාඩිවී සිනාසෙමින් සුහදව කතාකරමින් සිටින අන්දම රූපවහිණියෙන් දුටුවෙමි. ඔවුන් සිනාසෙන්නේ ඔවුන් දෙවිවරුන් සේ සිතාසිටින මේරටේ මහජනතාවටය. රනිල් සිරිසේන හවුල් ආණ්ඩුව...මහින්ද, පුතුන් සහ සහෝදරයන් අල්ලා හිරේ දමනතුරු UNP කාරයෝ බලාසිටිති. හොරු රංචු දෙකක් නොව ඇත්තේ එකම හොරුරංචුවක් බව ජහමනයාට වැටහෙන්නේ නැත. උන් පිල් වලට ජාති වලට ආගම් වලට බෙදී කා කොටාගෙන මරා ගනිති...අනෙකාගේ දේපල ගිනිතබති. පාර්ලිමේන්තුවේ මේ බැංකු හොරකමගැන කෑගසන JVP සහෝදරයෝ උසාවියේ වරෙන්තු කරුවකු වන මොහු සොයාගෙන එනමෙන් නීතීඥ වරයකු වන අගමැතිට බලකර...පාරට බහින්නේ නැත. දැන් ෆේස් බුක් ආදී සමාජජාලා  වසාදමා මහජනයාගේ කටට පිටිගුලියක් ඔබා තිබේ. අයියන්ඩී...අහෝ මේ කුමන වර්ගයේ රාජ්‍යයක්ද ? 

11 comments:

  1. මං මේ ඕක පිටි ගුලියක් නෙමෙයි කියනවා නෙමෙයි , මේ අල්ල පනල්ලේ ඕකේ සයනයිඩ් තිබුනත් පිටි ගුලියක් කියනවා මිසක් වෙන මොනවා කියන්ඩද

    ReplyDelete
  2. පිටි ගුලිය පැත්තකින් තියන්න වෙනවා රනිල් කියන්නෙ එච්චර ගේමක් ගහන්න පුළුවන් එකෙක් නෙවෙයි ඉතිහාසයේ බිහිහුණූ නිර්ලැජ්ජිතම නායකයා. කැපුවත් කොළ UNP කාරයොන්ටත් UNP එක එපා කරපු අමනම නායකයා. මන් මේ තාම කල්පනා කරන්නෙ මිනිහගෙ මොළේ කල්පනා කරලා කෙරුවයි කියන්න පුළුවන් වැඩක්.......

    ReplyDelete
    Replies
    1. ඇයි...ත්‍රීවීල් කන්නාඩි කාරයා කොළඹ නගරාධිපති කරපු එක...ගල්පලලා මදකාපු තක්කඩියෙක් මුදල් ඇමති කරපුඑක

      Delete
  3. තොප මේ .. කට මෑත දොඩවන්නේ කිඅමක් නිසාද ..
    රාජකීය සොරෙක් , මන් පාරන්නෙක්.. ස්ත්‍රී දූෂකයෙක් ගෙන් පැවත එන
    අපට සොරකම , මංකොල්ලය ,,දූෂණය ... අරුමයක් වන්නේ කෙසේද ?
    එය අපගේ ජාන වල , අට මිදුළු වල කිඳා බස ඇත,
    අප අපට හැකි පමණින් සොරකම් කිරීමට පුරුදු පුහුණු උන ජාතියක් මැය .
    පොඩි එකා පොඩි පමණින් ද , මහා එකා සීමාවකින් තොරවද සොරකම් කිරීම අපගේ කුල සිරිතය.
    කෙසේවත් සොරකම් කිරීමට නොහැකි උන් හොරුන්ට විසිල් දමා, හුරේ දමා, හොරකම වරණනා කිරීම අපගේ සිරිතය.
    අපගේ කුල සිරිතට ගරහන් තාගේ හිස දෙපලූ කර මරා දැමීමට අප පසු බට නොවන්නෙමු.

    එතෙක් තා මේ ගීතය රස විදුනු..

    දවසක් දා කකුලුවෙකුට කෙලින් හිතිලා..

    ReplyDelete
  4. මයෙ වනාහි සකල සිරින් පිරි මුන්ගෙ අම්මට සිරි ලංකාවයි.

    ReplyDelete
  5. මචං, දැන් මෙතන උඹ කියනවනේ මේ බිලියන 12ක් ගැන. ඇයි එතකොට එක එක වෙලාවට එක එක අය එක එක ගණන් මේ සම්බන්ධව කියන්නේ? ඔයාට අනුව මේක බිලියන 12ක් වෙන්නේ ඇයි? ඊට වඩා අඩු හෝ වැඩි වෙනවද? එහෙම නම් එහෙම වෙන්නේ කොහොමද? අහවල් පත්තරේ හෝ අහවල් සයිට් එකේ තිබ්බා කියලා හිටං ටයිප් එකේ උත්තර නම් එපා මචං.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං උඹ හරි...ආර්ථික ඔස්තාර්ලා පත්තරවල YouTube එකේ වීඩියෝ බලල තමයි ගාන හොයාගත්තේ. නියම ගාන ගැන දැනගන්න අර්ජුන මහේන්ද්‍රන්ට කතාකලා...උගේ ෆෝන් එක ආන්සර් කරන්නෙනෑ හිටං.

      Delete
    2. ඒ කියන්නේ මචං, උඹ ඒ හිටංලටත්, ඔය කියන ආර්ථික ඔස්තාද්ලාටත් වඩා මඤ්ඤං වෙලාද මේ ගාන දාන්නේ? ඒ කියන්නේ උඹ මේ බිලියන 12 මොකක්ද කියලවත් දන්නෙ නෑ? එතකොට උඹ කොහොමද කියන්නේ මේක මංකොල්ලයක් කියලා?

      Delete
  6. ශරත් බොස්,
    දැං ඔය බැඳුංකර කියන එව්වා වෙන්දේසි කෙරුවනේ. උඹයි මායි රිජිස්ටර් නූනට රිජිස්ටර්වෙච්ච බුවාලා එව්වට බිඩ් කොරල ගත්තනේ. එතකොට උං අතිං කයිට් කොරගෙන රටට ලාබෙට බැඳුංකර මගුල් ගනීවි කියල උඹ හිතනවද? උඹ දේවානන්දෙන් අස්වෙලා හුඟක් කල් නේද?

    ReplyDelete
  7. දැන් ලංකාවේ බැඳුම්කර විකුණන්නේ කාලෙක පටන්නේ. පහුගිය කාලේ වෙන්දේසි නොකර තම තමන්ට ඕන එකා රෙජිස්ටර් ලැයිස්තුවෙන් අරන් වික්කා. දැන් වෙන්දේසි කරලා වික්කා. ඒ කාලෙත් ඇලෝසියස් බැඳුම්කර ගත්තා. දැනුත් ගත්තා. එතකොට මොකද ඕකේ වැ‍රැද්ද?බැඳුම්කර වික්කම ආන්ඩුවට සල්ලි එනවා. අනික ඇලෝසියස් විතරක් නෙවෙයි, අනෙක් උනුත් බැඳුම්කර ගත්තනේ. එතකොට ඇලෝසියස් පද්දා. අනික් උන් සුදනා.

    ReplyDelete
  8. සරත් උඹ අම්බලන්ගොඩ කියල කිව්වේ බොරුවට නේද
    ඇත්තටම උඹ පොළොන්නරුවේ එකෙක් වගේ ටෝක් නේ දෙන්නේ.

    ReplyDelete