Sunday, 18 February 2018

අපි තුන්වේලටම බත්කාපු මිනිස්සු...



අපි තුන්වේලටම බත්කාපු මිනිස්සු...
මේ කියමන හරිද ? ඉස්සර කාලේ අපේ සීයලා ආච්චිලා කාපු විදියට කන්න කියලා සමහරු කියනවා...එහෙම කියන එක හරිද ? එළවලු පලතුරු සම්බන්ධව එසේ වුවත් බත්, අල, බතල මයියොක්කා (ටිකක් කන්න) සම්බන්ධයෙන් නම් එය නිවැරදි නැත. බිත්තර කන එක හදවතට අගුනද ? නෑ ගුණයි https://www.livescience.com/39353-eggs-dont-deserve-bad-rep…. චීස්, බේකන්, බිත්තර , බටර් , ඌරුමස් ආදියට කොලෙස්ටරෝල් වැඩිවන්නේ නැත. බේකන් කෑවම හාට් අටෑක් හැදෙනවද ? බඩ මහත්වෙනවද ?. නෑ ඔබට බඩ අඩුකරගන්න තිබෙන හොඳම ක්‍රමය... අඩුම තරමේ උදේටවත් බේකන් තීරු දෙක තුනක් ගිලලා දාන එක, නවතම පර්යේෂණ අනුව. https://ketogasm.com/the-bacon-experiment-interview/ . YouTube එකේ මේ ගැන විශේෂඥ වෛද්‍ය මතය තියෙනවා. (චැනල් සෙන්ටරෙන් සෙන්ටරේට මුදල් එකතුකරමින් යන. කිසිම පර්යේෂණයක් නොකරන අපේ විශේෂඥ තුමාලාගේ මතය නෙවෙයි). අපේ සීයලා ආච්චිලා දවසෙම වැඩකලා ජීවත් වෙන්න....දර කැඩුවා, දර පැලුවා, ලිපට පිම්බා, වී කෙටුවා, කුඹුරු වැඩ කලා, එළදෙන්නුන්ට තණකොළ කැපුවා, ඇණ තියාගෙන කිරිදෙව්වා, පොල්ලෙලි ගැහුවා. පොල් ගෑවා, මිරිස් ඇඹරුවා, වී කෙටුවා හාල් පෙළුවා, පාගන මැෂිමේ රෙදි මැහුවා, ළමයි වඩාගෙන දුරගමන් පයින් ගියා, බයිසිකල් පැද්දා උඹලා මේ මොනවත් නොකර නෙට් එකේ ලැගල ඉඳගෙන අලි බත්පිඟන් තුනක් තුන්වේලටම ඇදල අරිනවා. මගුල් ගෙදරක ගියහමත් කෑමජාති කොච්චර තිබුනත්...අලී බත් පිඟානක් බෙදා ගන්නවා. මං නම් ඇදලා අරින්නේ ඉස්සෝ, කජු, මාළු සහ චිකන්. බත්වල, පාන් වල තියෙන පිෂ්ඨය තෙල් බවට හැරිලා ඇඟේ තැන්පත් වෙනවා. හුඟක් අයියලාට ෆැටි ලිවර් බව එයාල දන්නෙත් නෑ. ඔය ඇඟ අඩුකරගන්න නම් දවල්ට කන්න එපා මනුෂ්‍යයෙකුට වේල් දෙකක් කෑවම හොඳටම ඇති ඒක හිඟන කමක් නෙවෙයි. දවල්ට නොකා ඉන්න එක පහසුයි රෑට නොකා හිටියම නින්ද යන්නේනෑ...රාත්‍රියේ නිදාගෙන බඩගින්නේ හිටපු නිසා උදේට කන්න ඕනේ...උදේට කොළ කැඳ එකක් ගැහුවට කමක්නෑ...ඒකෙන් බඩපිරුනු ෆීලින් එක එනවා ඒක මිසක් කොළ කැඳවල එතරම් පෝෂණ ගුණයක් නැත. උදේට බේකනුයි බිත්තරයි කන්න, බටර් සහ පාන් එක පෙත්තක්, පලතුරුත් සමග, ( මොනවා...සල්ලි නෑ බේකන් කන්න ? ටියුෂන් පාරක් දීලා සල්ලි හොයාගනින්) මේ නිසා එක බත් හැන්දක් දවසටම කාලා රෑට සැලඩ් එකක් කාලා නිදාගනිං. සීනි දාන්න එපා කිසිම දේකට. පැණිරස සම්පූර්නයෙන්ම කපාහැරපන්. බත්කාලා කෙසෙල් ගෙඩියක් කාපං මචං. රෑට පොඩි ෂොට් එකකුත් (එකම එකයි) දාපං මං වගේ (කණ පැලෙන්න බොන්න එපා බං) මොන ප්‍රශ්ණ තිබුනත් රිලැක්ස් එකේ නින්ද යනවා. පිරිමි ගැහැණු වෙනසක් නෑ. පුළුවන් නම් හවසට හැතැක්ම දෙකක් අවිදපන්. මගේ බර දැන් අඩුවේගෙන යනවා...කරලම බලපන් මචං

10 comments:

  1. බොහොම ස්තූතියි ඔබගේ උපදෙස්වලට අපේ යට තියෙන්නේ හිත සහ කට පරිස්සම් කරහ්ගන්න බැරි එක
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව් දුවේ...කෑම එන්ජෝයි කලොත්...ජීවිතේ එන්ජෝයි කරන්න ලැබෙන්නෙ නෑ

      Delete
  2. බත්ම කාපං බත්ම කාපං කියලා මිනිස්සු කියන එක සම්පූර්ණ වැරදියි... අපි පුලුවන් තරන් අපේ බත් පිගානෙ තියෙන බත් අඩු කරලා ඒකෙ තියෙන එළවළු වැඩි කරගන්න පුරුදු වෙනවනන් ඒක ඇගට හොදයි...

    ReplyDelete
  3. මට දැන් වයස අවරුදු 28 යි.... ඩොක්ටර්ල අවුරුදු 70ක් ජිවිත් වුනත් අපි සහ අපේ අපෙන් පස්සේ කට්ටියගේ ආයුෂ බොහොම අඩුවෙනව දැන් තියෙන ආහාර සංස්කාතියත් එක්ක.
    විසේසයෙන් පිටපලාත්වල ගිහින රස්සා කරන අයට හර හැටි කන්න බොන්න තැනක් හම්බවුනේ නැතිනම් හෝටල් වලම පිහිටයි ... එකියන්නේ බොහෝවිට දවසෙන් වෙල් දෙකක් කොත්තු නැ්ත්නම් රයිස් නැත්තම් නුඩුස්ල් එක්ක ගෙවන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඕන කමක් තියෙනව නම් කොත්තු කන සල්ලි වලින් දවල්ට/රෑට පොඩි අන්නාසි ගෙඩියක් වගේ දෙයක් කාලා ශේප් වෙන්න පුළුවන්

      Delete
  4. (චැනල් සෙන්ටරෙන් සෙන්ටරේට මුදල් එකතුකරමින් යන. කිසිම පර්යේෂණයක් නොකරන අපේ විශේෂඥ තුමාලාගේ මතය නෙවෙයි). /////// ela talk

    ReplyDelete
  5. ඒත් අම්මනම් කියන්නෙ කොළ කැද තරම් පෝෂණීය පානයක් තවත් නැති බවයි

    ReplyDelete
  6. නියම විගුහයක්.

    ReplyDelete
  7. අන්න නියම වෛද්‍ය උපදෙස්.. මාත් දවසම නොකා ඉදල රෑට විතරක් පාං ගුලි ගිලිනවා.

    ReplyDelete