Saturday, 2 December 2017

සිරිමගේ සාගත ආණ්ඩුව...


                                             
   හඳෙන් හාල්...සිරිමගේ සාගත ආණ්ඩුව... 
මෝඩ සිරිමාගේ ගොන් ආණ්ඩුව නිසා අපේ පව්ලේ ළමයි පස්දෙනාම අපමණ දුක් වින්දා...සිරිමා චීස් බටර් හැම් බේකන් මිදී ඇපල් ගිලලා ඊරි වගේ මහත් වෙද්දී...ඈ මුළු රටටම බත් වෙනුවට මයියොක්කා ගිල්ලෙව්වා. සමූපෙන් හාල් වෙනුවට දුන්නේ ඉන්නල. සිරිමාගේ ජනතා කොමිටි කාරයෝ උන්ගේ නෑයින්ට විතරක් පාන් දුන්නා. අපි ධර්මාශෝකේ මිදුලේ මයියොක්කා වැව්වා. අම්මා ඉස්කෝලේ (කරන්දෙණිය මධ්‍යමහා විද්යාලය) ඉඳලා එනකොට පර්ස් එකේ හාල් හංගා ගෙන ඇවිත් අපිට බත් උයලා දුන්නා. හාල් පොල්ලේ ඉන්න පොලිස් කාරයින්ටයි ජනතා කොමිටි කාරයින්ටයි අහුඋනොත් කම්මුතුයි. මිරිස් හාල් අල රටලූනු ගන්න සතොසේ කිලෝමීටර් බාගයක් විතර දිග පෝලිම් තිබුනා පාන්දර හතරට විතර නැගිටලා ගිහිං මන් පෝලිමට එකතු උනා. එදාට ඉස්කෝලේ ගියේ නෑ. බාල ඉන්දියන් නයිලෙක්ස් සාරියක් (සිරිමා ඇන්දේ කැෂ්මියර් සාරි), ජිල් කලිසමක්,කුණු බල කරවල කෑල්ලක් ගන්න ගෑණු පිරිමි ළමයි කට්ට අව්වේ සතොසේ දඟර පෝලිමේ හිටියා. අල්ලට සීනි අරගෙන ලෙවකාලා තේ බිව්නිසා...අත බලා සාත්තර කීම නැති උනා. හුඹස් මැටිමිශ්‍ර හකුරු මාකට් එකට ආවා.මොකද සිරිමො ගඳ...කුනුකරෝල ගඳ...කියකිය මිනිස්සු පාරෙ ගියා. ජන වසම කියලා එකක් හදලා පුද්ගලික වතුටික හෙංචයියන් රංචුවකට දීලා කාබාසිනියා කලා. ඒකෙ ලොක්කි උනේ චන්ද්‍රිකාගේ අක්කා සුනේත්‍රා. මේ අම්මණ්ඩි පවුල් පාලනේට මුල්ගල තිව්වෙ ඒ විදියට. තල්ගස්ගොඩ කුඹුරුවල පැල ඉන්දන්න කිලෝමීටර් දහයක් විතර ගුරුවරු පයින්ම අපිව ගිනිඅව්වේ දක්කන්ගියා. ඉස්කෝලෙන් දෙන මෙලෝ රහක්නැති මංචි බිස්කට් දෙකට අපි පොරකෑවා. 
දවසක්දා වැල්ලේ තිබිලා බාගෙට කුණුවෙච්ච ඇපල් ගෙඩියක් මට හම්බඋනා...නරක වෙච්ච කෑල්ල කපලා හොඳ කෑල්ල කෑවා...පට්ට රහයිනේ මේවා...එදා තමයි ජීවිතේ පළමුවරට ඇපල් කෑවේ. ඇපල් මිදී දකින්නවත් නෑ. මොන ටැලිවීසොන්ද...ඉස්තිරික්කයක් වැනි අත්‍යාවශ්‍ය විදුලි උපකරණයක් වත් කොහෙවත් ගන්න තිබුනේ නෑ. බවුත් එකක් ගන්න ප්‍රින්සිපල් ගෙන් ලියුමක් අරගෙන වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලිද්‍රව්‍ය සංස්ථාවේ පෝලිමේ ඉන්නඋනා.ටෙස්ටර්එකක් තිබුනේ විදුලිබල මණ්ඩලේ එවුන්ට විතරයි. 2500යෙ උතුම් මෙව්වඑකට හානි වෙනව කියල රූපවාහිනි සේවා පටන් ගන්න දුන්නේ නෑ...ලෝකය තාක්ෂණය සමග වේගයෙන් ඉදිරියට යද්දී සිරිමා රට ගල්යුගයට දක්කමින් තිබුනා. කොළඹට කෝල් එකක් තැපැල් කන්තෝරුවෙන් මලාට ගන්න බෑ. රට ගෙනියන්න පුළුවන් ඩොලර් පහක් විතරයි. ඒක ගන්න ෆෝම් පුරවලා කට්ට කාලා මහබැංකුවෙන් අවසර ගන්න ඕනේ. ඉස්සර ව්‍යවස්ථාවට අධිකරණයට අතතියන්න දේශපාළුවෝ මර බයයි...චන්දෙ කල්දාලා අවරුදු දෙකකින් කාලය දික්කරගෙන...වැරදි පූර්වාදර්ශයක් දීලා..ව්‍යවස්ථාවට පළමුවරට අතතිබ්බේ සිරිමා තමයි. එයිට පස්සේ ආපු එවුන් උඩ පැන පැන ඒක කලා...මොනවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා උන් දැනගත්තා. මන්ත්‍රී චිට් එකට ගුරුපත්වීම් CTB පත්වීම් දීලා මන්ත්‍රීලාට දූෂණයේ අත් පොත් තිව්වෙ සිරිමගේ ආණ්ඩුවෙන් තමයි. ඔය අම්මණ්ඩි ෆීලික්ස් කියන තක්කඩියා අතේ නැටවුන රූකඩයක් විතරයි. විදේශ අධ්‍යාපනය සිරිමගේ ළමයින්ට විතරයි. පිටරට රැකියා සිහිනයක් පමණයි. පස්සේ ආපු ශ්‍රීලංකා යූඇන්පී සියළුම දේශපාළුවෝ කොමිස් ගහලා විදේශ ණය අරගෙන වැඩකට ඇති සහ නැති යෝධ ව්‍යාපෘති කරලා...ගෙවන්න බැරි ණය කන්දරාවක් රටට උරුම කලා. දැන් ගෙවාගන්න බැරුව අමුඩේත් උකස් කරනවා. දැන් ඉන්න සෙල්ෆෝන් කනේ ගහන්ඉන්න...FB කොල්ලෝ කෙල්ලෝ මේවා දන්නෙනෑ.
ගුරුවරුන්ගේ දරුවන් නිසා අපි නොමැරී බේරුනා. අපි ඇට කෝටු වෙලා හරි බේරුනේ ලොකු අම්මා කොස් සහ මයියොක්කා බටපොලේ ඉඳලා ගෙනත් කැව්ව නිසා. හරි විදියට නම්...සැප්තැම්බර් 26 වෙනිදට...බණ්ඩාටයි (අපිට තිබුණු වීශිෂ්ඨ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන ක්‍රමය නැති කලාට ) රට අර්ධ කොමියුනිස්ට් රාජ්‍යයක් කල...උගේ මෝඩ ගෑණිටයි ඇන් ඇම්ටයි වලෙන් ආයෙත් ගොඩට අරගෙන වෙඩි තියන්න ඕනේ. මේ හරක් ජාතික වීරයෝ විදියට සලකලා සමරණ කොට ඇඟේ මාළු ගඟේ නටනවා.
## මේ උතුරු කොරියන් ස්ටයිල් මළ කරුමයෙන් අප බේරාගත්...JR බුදු වේවා ##
                  

22 comments:

  1. සමාජවාදය ලංකාවේ නැගල ආවනං ඔහේල ඔව්ව කියන්නෑ. එහෙනං ගේ ඉස්සරහ වයින් ස්ටෝර්ස් එකකුත් නෑ ඔහේ බොන්න පුරුදු වෙන්නෙත් නෑ. හැක්..

    බණ්ඩ සඟරුවනේ වංචාවෙන් වසී වෙලා ඉංගිරිසි අධ්‍යාපන ක්‍රමය නැති කිරීම තමා ධනවාදයේ එහෙම නැත්නං විවෘත ආර්ථිකයේ ආරම්භය..

    ReplyDelete
    Replies
    1. මම බීලා කරපුහරිය මදිද බන් ?...බොන්න බොන්න මොළේ වර්ධනය වෙනවා

      Delete
    2. අපේ තාත්තත් ගෙදර නවදෙනෙකුගේ බඩ කට පුරවන්න පෝළීන්වල හිටියා කියලා කිවුවා. ඔබතුමා වෛරී ස්වභාවයෙන් කතාකරාට එතුමියගේ සංකල්පය ට්ඨාමයි දේශීයත්වය අගය කිරීම හා එය දියුණුකිරීම. නමුත් ඒක කරපු විදියේ අවුල නිසා තමයි ඔබලා දුක් වින්දේ. එය නිවැරදි වුණා නම් අපි අද මෙහෙම් හාල් පොල් වලට දුක් විඳින්නේ නෑ. අපේ යට ඒ කලේ වගා නොකර හරි කමක් නෑ පිටරටින් බඩු ආවනම් එච්චරයි.
      විචාරක දියණිය

      Delete
    3. //එතුමියගේ සංකල්පය ට්ඨාමයි දේශීයත්වය අගය කිරීම හා එය දියුණුකිරීම.//

      එක තමයි තෙමෙන්ගේ ළමයින්ට ඉංග්‍රීසි අනික් බල්ලන්ට සිංහල, මෙලගදී සිරසේ රංග මරු දෙයක් කිව්වා 1995 ජනාධ්පති චන්ද්‍රිකා කොලබ විශ්වවිද්‍යාලයට ඇවිල්ල කාතාවක් කරනකොට එස් බි දිසානායක ගෙන් අහනවලු

      "එස්බී productivity වලට සිංහලෙන් කියන්නේ මොකද්ද කියල", මේ කියන්නේ සිංහල රජබස කරපු මිනිහගේ දරුවෝ, රැජින මමයි අපේ රජයේ කිව්ව අම්මන්ඩි ගේ දරුවෝ.

      තමුන් චීස් බටර් කමින් රට්ටුන්ට බුමිතෙල් ගද ඇදුම් අන්දවපු අපුරු දේශීයත්වය.

      Delete
    4. //එහෙනං ගේ ඉස්සරහ වයින් ස්ටෝර්ස් එකකුත් නෑ ඔහේ බොන්න පුරුදු වෙන්නෙත් නෑ.// යකෝ එතකොට තමයි නියම දේශීය නිෂ්පාදන බිහිවෙන්නෙ. ඔය පාට කරල සීල් කරපු මල ජරාව බොනවට වැඩිය හොඳ නැද්ද පලතුරු ටිකක් දාල ගෙදරම පෙරාගෙන බොන එක. හැක්..

      Delete
    5. අපේ තාත්තත් ගෙදර නවදෙනෙකුගේ බඩ කට පුරවන්න පෝළීන්වල හිටියා කියලා කිවුවා. තොපේ තාත්තා 88/89 අවුරුද්දේ හවසට හවසට පෝලිමේ මිනිස්සු වෙඩි තියලා මැරුව හැටි කියලා දුන්නේ නැද්ද

      Delete
  2. අපි ඒ කාලේ ජීවිතේ ගැටගහගත්තේ කර කොළ, අලුකෙසෙල්,අමු ගස්ලබු,මයියොක්ක,පොලොස් ගැට, කොස්, ලාවලු පිට්ටු ,තම්බලා පොල් පොඩ්ඩක් ලුණු ටිකක් ඉහගෙන කාල.අපි එතකොට වයස 5-6 දරුවෝ.අපේ බඩගින්න නිවන්න අම්ම තාත්තා වින්ද දුක තවම මතකයි.අපි ඉස්කෝලේ ගියේ බුමිතෙල් ගඳ චීත්ත රෙදි වලින් මහපු ජංගි කොට කමිස ඇඳගෙන.ඒ ගඳ තවම දැනෙනවා වගේ. සිරිමාගේ රජයේ දේශීයත්වය අගය කිරීම හා එය දියුණුකිරීම පිලිබඳ අදහස් දක්වන බොහොමයක් නුතන පරපුරේ දරුවනට ඒ දේවල් දවසක් හරි අත්දකින්න දෙන්න තිබුනානම් කොයි වගේ ප්‍රතිචාර දක්වයිද කියල හිතාගන්නවත් බැහැ. රට දියුණු කරන්න අවංක අදහසින් සහ නිසි ක්‍රම වේදයකින් ඒ දේවල් කලානම්,රටේ කෘෂිකර්මාන්තය යම් මට්ටමකට හෝ දියුණු කර ඊට පසු ඒ මිරිස් හාල් පොලු දැම්ම නම්, මිනිසුන්ට උහුලා ගන්න තිබුන. නමුත් පටන් ගත්තෙම පොලු දාල මිනිස්සුන්ගේ බඩට ගහල.
    සමහරු කියනවා රටේ දියුණුවට වඩා මිනිස්සු බඩ ගැන හිතල චන්දෙ දෙනවා කියල.කොයි පණ්ඩිතය මොන දර්ශන කතාකලත්,කන එකයි අඳින එකටයි කෙලවෙනවානම් මිනිස්සු ඊට එරෙහිව චන්දෙ දෙනවා.හැත්තෑ හතේ J R ගේ ඇට අටට චන්දෙ දුන්න වගේ.
    නමුත් 2015 දී මිනිසුන් ඊට වඩා ඉදිරියට ගොස් දුෂණයට භීෂණයට එරෙහිව චන්දය දුන්න. ඒත් මිනිසුන් රැවටුනා. අපේ මේ කාලකන්නි රටේ තව අවුරුදු 500 කටවත් රට වෙනුවෙන් හිතන,දීර්ඝ කාලීන සැලසුම් හදන සහ ආණ්ඩු පෙරලුනත් ඒවා දුෂණයෙන් තොරව දිගටම කරගෙන යන පාලකයින් මේ රටේ බිහිවෙන්නේ නැහැ.
    පාර්ලිමේන්තුවේ බහුතරයක් නළු බට්ටෝ බට්ටියෝ, කුඩු,කසිප්පු ගංජා මුදලාලිලා,කප්පම් කාරයෝ, මංකොල්ල කාරයෝ වැනි මුලික අධ්‍යාපනයක් වත් නැති මීහරකුන්ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා.
    මේවා නිවැරදි කරන්න වෙහෙසීම ගඟ උඩහට පීනනවා වගේ.නිකම් ජීවිතේ විනාශ කරගැනීමක් විතරයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔය උඩ තියන පින්තූරෙ කතාව අපූරුයි......

    ජේ.ආර්. සිරිමගෙ ප්‍රජා අයිතිය අහිමිකලානෙ. ඒ හින්ද සිරිමට පුදුම ආසාවක් තිබ්බලු මැරෙන්ට ඉස්සර ආයම ජේ.ආර්.ට පේන්ටත් එක්කම ජනාධිපතිකම කරන්ට. ඒත් ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්ට බැරිවුනා.

    ඒත් 94 සිරිමා අගමැති වුනා. ආයම අගමැතිවෙන සිහිනය කමක් නෑ කියමුකො. අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනෙ. කෙලෙස් දුරුකරල නෑනෙ. ඒත් ආසාවට අගමැතිවෙලා අවුරුද්දක් ඕනනම් දෙකක් ඉඳල ගෞරවාන්විතව විශ්‍රාම පලයං. මේ අම්මණ්ඩි එහෙම කලේ නෑ. 2000 අවුරුද්දෙ මැරෙනකල්ම ඒකෙ එල්ලිල හිටිය.

    අන්තිම කාලෙ මේ ලෝකෙ සිහියක් පතක් තිබිල නෑ. නිකං රූකඩයක් වගෙ බලාගත්තු අත බලාගෙන හිටියලු.

    ඔය පින්තූරෙ තියෙන්නෙ 1998 දි තිබ්බ 50 වන නිදහස් සංවත්සර උත්සවේ. ඒකට ප්‍රධාන අමුත්ත හැටියට ආවෙ චාර්ලිසානෙ. චාර්ලිසා මැතිණි ගාව ඉඳගෙන විනාඩි දහයක් විතර හෙන සිරා ටෝක් එකක් දුන්නලු. මෙන්න මේ අම්මණ්ඩි ඉන්නවලු ගොළු බිහිරි වෘතය සමාදන් වුනා වගෙ ඉස්සරහ බලාගෙන.එක වචනයක් කතා කරල නෑ. අඩු ගානෙ "කටවහගෙන හිටු කොලුවො මට වද නොදී"... එහෙමවත් කියල නෑ.

    අන්තිමට චාර්ලිසාටම එපා වෙලා කතාව නැවැත්තුවලු.ඒ කේස් එක හෙන ඩිප්ලොමැටික් අර්බුදයක් වෙන්නත් ගියාලු. අපේ අගමැතිනි චාර්ලිසාව ගනං ගත්තෙ නැහැය කියල. ඒ පාර විදේස ඇමති කදිර්ගාමර් ඇත්ත තත්වය පැහැදිලි කරල යන්තම් ජාම් බේරගත්තලු.

    ReplyDelete
    Replies
    1. අගමැති එහෙමයි කියල බාගෙට කලකිරිල චාර්ලිස් ජනාධිපති දිහා බලනකොට, එටුමියගෙ ඇහැක් නෑ. කෝ මේ ආරක්ෂක ඇමති කියල ඇහුවම පෙන්නුවලු හැරමිට්ටෙං එන අරුනුද්ධ රත්වත්තෙ. යකෝ මේක මාර රටක්නෙ කියල චාර්ලිස් ඉස්සරහ බලපු ගමං, හමුදාපති කලන්තෙ දාල වැටුණ...

      Delete
    2. කතන්දරේ ගැලපුනාට පොඩි අවුලක් තියෙනව ඩ්‍රැකී. එතුමියට ඇහැක් අහිමි උනේ මේ සැමරුම් උත්සවයට අවුරුද්දකටත් විතර පස්සෙ තිබුණු ජනාධිපතිවරණෙ අවසන් ප්‍රචාරක රැලියෙදි නේද.

      ඒ වගේම කලන්තෙ හැදිල වැටුනෙ මට මතක හැටියට හමුදාපති නෙවි, අයිජීපී රාජගුරු උන්නැහෙ.

      Delete
    3. නිවැරදි කිරීමට ඉස්තූතියි ඩීඩීටී... ඒ උනාට කතාවට අඩු ගානෙ හිනා යනවනෙ, පක්ෂ භේදයකිං තොරව?

      Delete
    4. ඔය රාජගුරුව ඒ ජබර කලන්තෙ දාල ඇදගෙන වැටුනට විත්ති වාචකේ වසයෙන් පස්සෙ කිව්ව එදා උදේ අලුත්ම සපත්තු කුට්ටමක් දැම්මය..ඒක හොඳටම හිරය..කලන්තෙ දැම්මෙ ඒ හින්දය කියල...අනා අපේ පොලොස්පටිල...රටක් වටිනව...:)

      Delete
    5. ඇයි අර තව සඟංස්කුරුත ඇමතියෙක් අඩිය නැති සපත්තු දාගෙන ගිහිං ඔය වගේම කතාවක් කිව්වෙ, අස්සං කරන්ඩ පොලොවෙ පය ගහල ඉන්ඩ ඕනෙය කියල...

      Delete
  5. ඔබී මෙම ලිපිය නම තරහින් පිරුන එකක්. අපේ රටේ අගමැතිවරුන් අතරෙන් තවම නමක් ලියවෙන එකක් තමයි මැතිනිය. හාල් පොලු මිරිස් පොලු වාගේ ඒවා දැම්මේ නැත්නම් එකල තිබු සාගතය කළමනාකරණය කරන්නේ කොහොමද?හැම බිම් අගලකම වගාවක් කෙරුණා.මහජන සහභාගිත්වයෙන්දේ ශීය කර්මාන්ත වර්ධනයක් ඇති උනා. නමුත් ඒවා කළමනාකරණය කරන්න හිටපු අයගේ නොදන්නාකම හා අඩු පුහුණුව නිසා ඒ කර්මාන්ත වැහුනා.මගේ අඩුපාඩු නිසා ප්‍රාදේශීය මහජන කර්මාන්ත දෙකක්ම වැහුන.
    මැතිනියට වැරදුනේ සමාජවාදී රටවල ඒ සමාජ පරිසරය අනුව සැකසුන පාලන ක්‍රම අපේ රටට ගැලපෙන තාලෙට වෙනස් නොකර ගෙඩිය පිටින්ම දාපු නිසයි. රුසියාවේ කර්මාන්තශාලා වල නිෂ්පාදනය වැඩි කිරීමට කර්මාන්ත ශාලාව තුල සේවක කොමිටි හරියට ක්‍රියාත්මක උනත් එහෙම පරිසරයක් නොහිබුන අපේ රටේ ජනතා කොමිටි, පලදාවර්ධන කොමිටි අපිටම ඇනයක් උනා. හරියට ජපානේ හොදින් ක්‍රියාත්මක වන 5s සංකල්පය අපේ රටේ අවුල් වෙලා තියෙනවා වාගේ.
    හැබැයි මැතිනි රට හදන්න වෙහෙසුනාට දරුවෝ හරියට හදා ගත්තේ නැහැ. උන්ගේ පිස්සු කෙලි තවම තියෙනවා

    ReplyDelete
    Replies
    1. // හාල් පොලු මිරිස් පොලු වාගේ ඒවා දැම්මේ නැත්නම් එකල තිබු සාගතය කළමනාකරණය කරන්නේ කොහොමද?//

      සමරසේකර මහත්තය, 1969 වන විට ආසියාවේ දියුණුම රටක් උන ශ්‍රී ලංකාව (ලී කවන් යු අගමැති සිංගප්පුරුවේ දී මේ කාලයේම කිව්වේ සිංගප්පුරුව ශ්‍රී ලංකාවක් කරනවා කියල ) සාගත තත්වයක් ඇතිවුන හැටි ඔබ කිව්වනම්

      Delete
    2. අපේ රට දියුණුම ආර්ථිකයක් තිබුන රටක් උනේ (විදේශ විනිමය අතින්) නිදහස ගත් කාලයේදී. එකල පටන් බිහි උන හැම රජයක්ම කලේ එම සම්පත් වැඩි කිරීම නොව අඩු කෙඉඑමය. ඔබ නැවත මදහ්තව බලන්න 1969 අපේ රට ආසියාවේ දියුණුම රට උනේ නැහැ. 1970 දශකයේ මුල ලෝකේ ලොකු ආහාර අහේනියක් අතිඋනා. වැඩි මිලට ආහාර ගෙන්නා ගන්න විදේශ විනිමය තිබුනේ නැහැ. අසාධාරණ නය නය කොන්දේසි වෙනුවට මැතිනිය තීරණය කලේ ස්වශක්තිය ගැනය. මේ නිසා පරිභෝජන සිමා පැනවුවා . සතියකට දෙදිනක් බත් කෑම තහනම් කල දිනයේ මට ඇඩුන හැටි තවමත් මතකයි. එත් රට පුරා වගාවන් ඇරබුනා.ඩඩ්ලි කරපු වගා සංග්‍රාමය හරියට කළා නම් මේ අකරතැබ්බය වෙන්නේ නැහැ. අපේ මිනිස්සු දඩ්ලිව රැවට්ටුවා . කුබුර් කියා ඉලුක් යායවල් පෙන්නා රව්ට්ටුවා. පව් අහිංසක මනුස්සය .

      Delete
  6. තව එකක් මැතිනි ජාතික ප්‍රශ්න වලදී දුර බැලුවේ නැහැ. ලග ඉන්නා කේවට්ටයන්ගේ බස් ඇසුවා. වතුකරයේ පුරවැසි ප්‍රශ්නය විසදීමේදී මැතිනියට තිබුනේ නේරු - කොතලාවල ගොවිසුම සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න විතරයි. ඒ උනත් එයා සිරිමා - ශාස්ත්‍රී කියල අලුත් එකක් ගහල කොතලාවල සම්පුර්ණයෙන්ම ඉන්දියාවට පටවන්න තැනු 900,000 ක දෙමල මිනිසුන්ගෙන් 400,000 කට අපේ රටේ පුරවැසිකම දුන්න ඉන්දියාවට 500,000ක් යවන්න තීරණය උනත්, 90,000ක් ගැන පස්සේ තීරණය ගන්නත් තීරණය කළා. මෙතැනදී තොන්ඩමන් මැතිනියට එකතු වෙලා ඉන්දියාවට යන්න හිටිය 500,000 න් 150,000ත වඩා යවන්න දුන්නේ නැහැ. මේ යටත් පස්සේ අපේ රටේ පුරවැසිකම ලැබුන.
    jr ලොක්ක අර 90,000 ත් අපේ රටට ගත්ත. මේ අමන තීරණ වලින් අද මුළු කදුකරයේම ලොක්කෝ වෙලා ඉන්නේ දෙමල ජනහාව. සුද්දන්ගෙන් පෑගුන සිංහලයෝ ගැන කවුරුත් කහා කරන්නේ නැහැ.

    ReplyDelete
  7. This is complete bull shit. I was in prison at the age of 15 but still I respect Madam. She wanted develop the country. but some paths are bad. More than everything She was not corrupted.

    CEng. Sarath Wijesekara

    ReplyDelete
  8. අක්කලාගේ සිට ඇන්ටිලා‍ දක්වා ස්ත්‍රි පාර්ශවයේ කුතුහලාත්මක නොමද ආකර්ශනය දිනාගත් ගනඨාර මාක් සරම් සිරිමා යුගයේ තවත් සොඳුරු මතකයක්

    ReplyDelete