Saturday, 28 October 2017

අලි මිනිස්ගැටුමට මැදිහත් වුනෙමි

                             
                                              2013 හොඳම නව නිපැයුම...රන් පදක්කම...බහුකාර්ය විදුලි වැට එනජයිසරය. මෙම උපකරණය පාවිච්චි කර ඕනෑම ගොවියකුට එක දිනකින් තමන්ගේ ඉඩම වටා මාරාන්තික නොවන ආරක්ෂාකාරී විදුලි වැටක් ඉදි කර ගත හැකිය. විශේෂයෙන්ම වල් අලින් පලවා හැරීම සඳහා නිර්මාණය කරන ලද මෙය, හරකුන් වඳුරන් ඌරන් වැනි සතුන්ගෙන්, ගොවියන්ගේ වගාවන් නිවාස හා ජීවිතද ආරක්ෂා කර දෙයි. ස්පන්ද වශයෙන් කඩින් කඩ වැටට...වෝල්ට් 9900ක විදුලිසැරයක් සපයන බැවින්, මිනිසුන්ට හෝ සතුන්ට ජීවිත හානියක් සිදු නොවේ. නමුත් මැරුණානම් මෙයිට වඩා හොදයි කියා සිතෙන...උඩ ගිහිං බිම වැටෙන...ජීවිතේටම අමතක නොවන...මුලු ඇඟම දෙදරවායන ෂොට්  එකක් මෙයින් ලැබේ. මෙහි පලමු වින්දිතයා වන මට මේක හදන්න ගොස්...පුටු පෙරලාගෙන වැටෙන්නට දෙවරක් විදුලිසැර වැදුනි. මම මේකට මර බයයි. කුඩු කාරයින් වත්තට පනින එක නවත්තන්නත් සමහරු මේක තාප්පේ උඩ කම්බියක් දාලා හයිකර ගත්තා...කුඩ්ඩො පළාතේ එන්නේ නෑ...230 AC දාල කියල උන් හිතන්නේ...යකෝ තවඩිංගෙන් මං මැරෙනවා !    
ශ්‍රී ලංකා පොලීසියටද මෙය ඉතා  සුදුසුය...මරන්නේ ගහන්නේ, තුවාල කරන්නේ, නැතුව එක ෂොට් එකෙන් ඇත්ත වමාරවාගන්න පුළුවනි...ඔව් සර් මම තමයි හාවා !!!. අක්කර පනහක් දක්වා විශාල ඉඩම් මෙම ජංගම උපකරණයෙන් ආවරණය කළහැකිය. කුඩා සුර්ය පැනල් එකකින් බලගැන්වෙන මෙය විදුලිය නොමැති පළාත් වලට ඉතා ප්‍රයෝජනවත්ය. උපකරණය තුලමඇති බැටරිය වරක් ආරෝපණය කල විට...උපකරණය පැය 48ක් එක දිගට වැටේ විදුලිය අඩු නොකරමින් ක්‍රියාකරයි. Short Circuit Protection එකක් යොදවා ඇත. එමනිසා වැටේ ඇති කම්බි ෂෝට් වුවත් උපකරණයට හානියක් නොවේ.




රාත්‍රියේ දී ආලෝකය අවශ්‍යවිට මෙහි සවි කර ඇති LED ලාම්පුව මගින් නොමිලේ විදුලි ආලෝකයද ලබා ගත හැකිය. මෙමගින් භූමිතෙල් ලාම්පුව පැලෙන් ඉවත් වනු ඇත. අද කාලයේ ගොවීන්ට ඇති දැවෙන ප්‍රශ්නය නම්...ස්මාර්ට් ෆෝන් එකක් තිබුනද විදුලිය නොමැති නිසා එය චාජ් කරගෙන ෆේස්බුක් යෑමට නොහැකි වීමයි. මෙම උපකරණය මගින් ස්මාර්ට් ෆෝන් චාර්ජ් කර ගැනීමේ පහසුකමද සපයා ඇත. මේ නිසා ස්කයිප්, වයිබර් හෝ වට්ස්ඇප් හරහා...ඕස්ට්‍රේලියාවේ සිටින තම දුව/පුතා සමග හේනේ සිට කතා කිරීමේ පහසුකමද...රෙදි වැල බැලීම වැනි සර්ව ආගමික කටයුතු සඳහා අන්තර්ජාල පහසුකම්ද, හේනේ සිටම ගොවියාට ලබාගත හැකිය. දැනටමත් ගොවීන් හාරසිය පනහකට පමණ මෙම විදුලි වැට එනජයිසරය මා විසින් විකුණා ඇත. මෙම බහුකාර්ය උපකරණය ගැන ගොවීන්ගෙන් බොහෝ පැසසුම් මා වෙත ලැබීඇත. සමහර ගොවියන් කියන්නේ අව්රුදු ගණනකට පසු රෑට බය නැතුව නින්ද යන්නේ දැන් බවයි. අලුත් ඩිජිටල් මාදිලිය ලගදීම වෙළඳ පොලට නිකුත් කරනු ඇත. එනජයිසරය සඳහා වසරක වගකීමක් ද බැටරිය සදහා සඳහා මාස හයක වගකීමක්ද දරනු ලැබේ. වැඩි දුර විස්තර සඳහා google..." Malima Episode 6" බලන්න.
ඉතිං මේක ගොඩක් හදලා...වල්අලි ප්‍රශ්නේ තියෙන දුප්පත් ගොවියන්ට නොමිලේ දීලා  වල් අලි ප්‍රශ්නේ සෑහෙන්න විසඳන්න  පුළුවන් නේ ?
මචං 
අලියට ඇඹුල් කෙහෙල් ඇවරියක් දාලා...
උණු උණු අලිබෙට්ටක් ඇහිඳගනිං !