Thursday, 21 September 2017

ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නෙවෙයි ප්ලේන් එකෙන් මාසයක් ඇතුලත යන හැටි

තරුණ පුතීලා ලංකාව ගැන කලකිරිලද ?
ඔව් බං මේ රට මළාට හැදෙන්නෙ නෑ...
ජීවත් වෙන්න හොඳ රටකට පනින්න දඟලනවද...
හීන තිබුනට කෝටියක්...අතේනෑ එක රුපියලක්ද ?
මෙන්න පහසුම, ලාබම ඉක්මන්ම ක්‍රමය...
මං ගියපු රටවල් වලින් ජීවත් වෙන්න හොඳම රට ඕස්ට්‍රේලියාව...මාසයක් ඇතුලත ඇතුලට පනින්න හොඳම ක්‍රමය...රෑ ඉස්කෝලෙකට හරි ගිහිං කමක්නෑ කඩ්ඩ හොඳටම තිතට පොලිෂ් කරගනිං. ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න හරි, PR තියෙන කෙල්ලෙක්ට FB හරහා කොක්ක ගැසීම...පත්තරවල මංගල යෝජනා හරහා ෆෝන් නම්බර් ගන්න පුළුවන්. සන්ඩේ ටයිම්ස්/සිළුමිණ/ලංකාදීප බලපන් බඩු ඉන්නවා....බයනැතුව ගෙදරට හොඳම ඉංග්‍රීසියෙන් කතා කරලා නැව් ටෝක් එකක් දීපන්. නම හොයාගෙන FB එකට පලයන්...කෙල්ල කළු මහත පට්ටම කැත ඩයල් එකක් නම් වැඩේ හුඟක්ම ලේසියි... ඔය කොයි ගෑණිත් කරුවලේදී සුරංගනාවියෝ වගෙයි...ඉන් බොක්ස් ගිහිං ඔයා හරිම ස්වීට් ඩාලිං කියන එක විතරයි තියෙන්නේ...ඉන් රිලේෂන් ෂිප් විත් කියල දවස් තුනෙන් වැටෙන විදියට ටෝක දෙන්න ඕනේ...කතාකරන කොට හිමිං නැවතිල්ලේ බොහොම ආචාරශීලී, පූස් පැටියෙක් වගේ 
සොෆ්ට් විදියට කතා කරන්න ඕනේ. (බදාගත්තෙ කොටි පැටියෙක් කියල පස්සෙ තේරුනාට කමක් නෑ). ෆස්ට් ලව් එක වෙනුවෙන් මෙහෙම කෙල්ලෝ මැරෙයි...ජීවිතේ උනත් දෙනවා. අම්ම තාත්ත කියන එක අහන්නෙත් නැතුව යනවා....උගත් ගෑණු කැමති තමන්ට කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් වගේ පේන පිරිමින්ට. පට්ටම සයිබර් ලව්එකක් දුන්නොත් වෙඩින් එකට යන සම්පුර්ණ වියදම කෙල්ලගෙන්. බැන්දම දවල්ට බලන්න අමාරුම නම් මුණට කොට්ටයක් තියපන්...ලස්සන ස්පෙයාර් එකක් එකක් පස්සෙ හොයාගන්න බැරියැ...ඕස්ට්‍රේලියාවේ හුඟක් එවුන්ට ඉන්නවා.
                  තමන්ට පුද්ගලික ආයතනයකින් ගත්තු මොකක් හරි කණාටු ඩිග්රියක් තියෙනව නම් වීස ගන්න හරිම ලේසියි..ඔව් ඕස්ට්‍රේලියන් තානාපති කාර්‍යාලය ඩිග්රි නැති අයට වීස ප්‍රමාද කරනවා...සමහර විට අව්රුදු දෙකකටත් වැඩිය ප්‍රමාද කරනවා...උන් දන්නවා සීන් එක. කේන්දර අප්සෙට් නිසා, කැත නිසා තවත් නොයෙකුත් හේතු නිසා බැඳ ගන්න බැරුව,පොහොසත් කෙල්ලො, ගොඩක් ඉන්නව ඕස්ට්‍රේලියාවේ...එන්ජින් ගියර් බොක්ස් හොඳ...බොඩිය ටින් ටින්...සෙකන්ඩ් හෑන්ඩ් ඒවත් ලොට් එකක්ම මාකට් එකට දාලා තියෙනවා...උන්ගාව තමයි හොඳට සල්ලි තියෙන්නේ. උන් සුද්දො බඳින්නත් බයයි. හොඳ ගුරෙකුට කියලා බැලුව ගමන්...මූ කවදහරි රජවෙනවා කියන තාලේ කෙන්දරේකුත් හදා ගන්න වෙනවා...උඹ අඩුකුලේ එකෙක් නම් කොබ්බෑකඩුව, මායාදුන්න, බණ්ඩාරනායක වගේ
උඩරට ගොවිගම රදළ වාසගමක් පත්තරේට දාලා අර ගනිං...එකෙක් කට හොල්ලන්නෙ නෑ එතකොට...උන් හොල්මං වෙනවා වාසගම ඇහුවම...මං කරදුන් ගුරුකමක් මෙතෙක් වැරදී නැත...මං දන්න එවුං දෙන්නෙක්ම පැන්නා මේ විදියට. මෙහෙම උපදෙස් අම්ම තාත්ත වත් දෙන්නෙ නෑ සරත් අංකල් ගෙන් විතරයි... ගිහිං මටත් ඩොලර් 200ක් එවපන් මයෙ පුතේ. !

24 comments:

  1. ඔන්න කරනවානම් වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔටුවා වතුර ගාවට ඇදන්ගියාට ඌට වතුර පොවන්නට මට බැරිය

      Delete
  2. හරියටම හරි වාංග මචන් වාංග අපිත් අවේ ඔය විදිහටමයි මිට අවුරුදු 20 කට විතර මෙල්බර්න් සිඩ්නි ආවහම හරියට පැහැසරා ටෙලියේ ලාලනී නංගියි රුබයි වගේ ඉන්න පුලවන්

    http://col3negoriginal.lk/page/show?video_id=117012

    ReplyDelete
    Replies
    1. සැප විඳ විඳ දුක් විඳිනව කියන්නෙ ඕකට...මෙහේ හිටියොත් දුක විතරයි !

      Delete
  3. අර එනවා කියන දෙස ගුණ විපරියසෙන් අයිස් ග්ලැසියර් දියවෙලා මුහුද ගොඩ ගලල මාලදිවයින් මුහුදේ ගිලුනම ඒ දිවයින් වල මිනිස්සු ඔක්කොටම ඔසී වල සිටිසන්ෂිප් දෙනවා කියල පොරොන්දුවුන කියල කතාවක් තිබ්බ පහුගිය අවුරුදු වල,
    ඔය නිවුස් එක් විස්සස කළ ඩොකෙක් මාලෙන් කොළඹ මේඩ් එකට ආ අමුම අමු යකෙක්ව බැඳගත්තා අනාගතයට කරන ඉතාම නුවණැති ආයෝජනයක් සේ සලකා,ඒ ඩොකා දැන් pp එකට එන ලෙඩ්ඩුන්ගේනුත් නයට සල්ලි ඉල්ලගන්නවලු හම්බකරන එක බොන්න මදි නිසා.

    ReplyDelete
    Replies
    1. කොහෙද...මං වගේ ලෝබ නැතුව හරිපාර පෙන්නන්නේ නෑ කව්රුවත් !

      Delete
  4. ඕස්ට්‍රේලියාවේ සිටින පරිගණක ඉංජිනේරු කඩවසම් එකම පුතුට සමකුල පැහැපත් චරිතවත් සිහින් සිරුරැති දියණියක් දෙමවුපියෝ සොයයි. විවාහයෙන් පසුව පිටරට යාමට කැමති වියයුතුයි. එහෙම තමයි පත්තර වල තියෙන්නේ
    විචාරක දියණිය

    ReplyDelete
  5. විචාරක් තුමා ,විචාරක දියණිය කසාද බන්දලා දෙන්න ඔයවගේ කියකට ඇප්ලිකේෂන් දැම්මද ?නමුත් හරිගියේ නැත්තේ මුණ කචල් ඇඟ හුරතල් කියලා පිළිතුරු ලැබුනා කියලා අ]විචරක තුමා අපෙන් ගේම ඉල්ලුවනේ
    අපි මක් කරන්න්නද එකට යකාගේ පෑටවා යක් පැටියෙක් වෙන්නේ නැතිව පුස් පැටියෙක් වෙනවද ?

    ReplyDelete
    Replies
    1. යක්කු තමයි අම්බානට ලව් සහ සැප දෙන්නේ

      Delete
  6. අම්මප සහතික ඇත්ත .. මම 3-4ක් පන්න ඔය විදියට.
    උන් දැන් ඉන්න ඉන්නේ රාජ කුමාරවරු වගේ.
    මෙහෙ හිටියා නම් වේලි වේලි ත්‍රී වීලර් දුවනවා.

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මේක තමයි ෂෝට්කට් එක...ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ එවුං හරිම කුහකයි...එකෙකුට එකෙක් නෑ...තව තව අපේ එවුං එහේ එනවට කැමතිත් නෑ... මං වගේ හරිපාර එකෙකුටවත් පෙන්නන්නේ නෑ.

      Delete
  7. තරුණ පුතීලට විතරද ඔය වැඩේ හරියන්නෙ. :D
    මොනව උනත් වටින උපදෙසක්.

    ReplyDelete
    Replies
    1. නෑ නාකින්ටත් හොඳයි... ඉස්සෙල්ල පුතා හරි, දුව හරි රිංගවන්න ඕනේ !

      Delete
  8. Praසන්ன හායි

    අතන දන එක හරිද සනීපද මේ ඔයා එහෙම ඔය විකාර විදිහට රට යන්නෙපා අනේ අපි ස්ටෝබෙරි ලොලි පොප් කකා ගල් බිස්නස් එකක් කරගෙන මෙහම ඉමු අනේ ඕනෙමනම් තංගල්ලට යමු ටෙක් කෙයාර්..... සියු සුඋන් ...... චුටි බඩ්.

    ReplyDelete
  9. අපරාදෙ මං ඉක්මන් උනේ

    ReplyDelete
    Replies
    1. උඹ වගේ මොංගල් මැන්ටල් ලොන්ත පොල් එවුන්ට ගෑනු දෙන්නේ ඒවගේම උන්

      Delete
    2. නෑ නාකින්ටත් මේක තමයි ක්‍රමේ... ඉස්සෙල්ල පුතා හරි, දුව හරි රිංගවන්න ඕනේ !

      Delete
  10. ඇයි තුමෝ මීට අවුරුදු 20 කට 25 කට ඉස්සෙල්ල මේක දාන්න බැරි උනේ?මම ඔය කියන රටට ගිය අවුරුද්දෙ දෙසැම්බරේ දවස් 21 කට ගියා. අපි මොනතරම් අවාසනාවන්ත සත්තු කොටසක්ද කියලා හිතුනේ එදා!

    ReplyDelete
    Replies
    1. නෑ නාකින්ටත් මේක තමයි ක්‍රමේ... ඉස්සෙල්ල පුතා හරි, දුව හරි රිංගවන්න ඕනේ !

      Delete
  11. නන්දන බාස්ද ක්‍රමේ කියල දුන්නේ නැත්තන් සරත් ලොක්කගේ අලුත්ම අලුත් අලි එලවන ඇන්ටනාවට වැටිච්ච එකක්ද?

    ReplyDelete
  12. ෂහ් මෙන්න දියුණු වෙනවානම් ක්‍රම.

    ReplyDelete
    Replies
    1. බලං ඉන්නෙපා...කෝම කෝම හරි දාපල්ලා බං ඇප්ලිකේෂන්...ඔන්න A ටු Z කියලා දුන්නා.

      Delete
  13. සි නුවර සිපිපියා, අර ලොජියක් රන් කරන්නේ , මේ ක්‍රමේ ගැන මොකුත් කියන්නේ නැත්තේ ඔය සම්බන්ධයෙන් මොනවා හරි ගේමක් දෙනවා ඇති බ්‍රෝකර් වැඩේ කරලා

    ReplyDelete