Saturday, 6 May 2017

තොරණේ විරිදු...ප්‍රීති වෙසක්

පලවෙනි මහලෙන් පෙනෙන්නෙ
දේවදත්ත බණ කියනව...
ඊ ළඟ මහලෙන් පෙනෙන්නෙ 
පිස්තෝලෙන් වෙඩිතියනව...
සක්දෙව් රජිඳා ඉඳගෙන
දිවැසින් ලෝකය බලනව...
හක්කේ බුදුරැස් වුනාට
බොක්කේ දඩමස් තියෙනව
මොහිදීන් බෙග් හම්බයාගේ
බුදුගුණගී පද ඇහෙනව
බුද්ධාලම්බන ප්‍රීතිය...
කාණුදිගේ දෝරෙ යනව
සෙල්ෆෝන් එකත් අරගෙන
ජැක්සොන් පාරට බහිනව...
ජැක් පොට් ඇතිදැයි හොයමින්...
පාරදිගේ ඔහේ යනව.
කොල්ලො කෙල්ලො
තෙරපි තෙරපි පාරදිගේ මල්කඩනව...
අල්ලපුගෙයි සිරි අයියා බොන්නට...
හොරපොට් හොයනව.
දන්සැල් පෝලිමේ ඉඳන්...
රජුගේ මව්ගුණ ගයනව...
පොසොන් එකට සෙට් වෙමුකෝ
සැමටම බයි බයි කියනව.
##සරත් විමලසුරිය##


Reply
1
Just now

11 comments:

  1. ඩ්‍රග ඩ්‍රග ඩං බුම් බුම්.......

    ReplyDelete
  2. මේ ටිකත් එකතුකරගත්තා නම්
    මල් විකුණන මල් අයියලා. තුරුල් වෙලා පොකට් ගහන සුද්දවන්න සුදු නංගිලා. කැරකෙන කුඩු පෙන්නලා සල්ලි ගරන කලාකාර මල්ලිලා. බණට එන්න ගාන කියන සිවුරු ඇදපු ගනින්නාසේලා.

    ReplyDelete
  3. අපේ ගම්පැත්තේ විරිදු කාරයෙක් හිටියා. බැරිවෙලාවත් කවුරුහරි මිනිහගේ කිහිල්ලට ඇඟිල්ලෙන් ඇන්නොත් කටින් පිටවෙන්නේ “අම්මට ...“ ඒ නිසා තොරන් ලඟ විරිදු කියනකොට මිනිහට පූර්ණ ආරක්ෂාව දීලා තමයි වැඩේ කරන්නේ.

    ReplyDelete