Saturday, 1 April 2017

මර්පිගේ නීතිය [ Murphy's Law ]


"මර්පිගේ නීතිය
"
 මේක ඇමරිකන් කාරයින්ගේ නීතියකි යම් කිසි දෙයක් වරදින්නට ඉඩ තිබේ නම්...එය වරදිනවාමය ". ඔබ මේ නීතිය ගැන අසාතිබේද ? අසා තිබුනත් නැතත්  ඔබ මර්පිගේ නීතියේ ගොදුරක් බවට පත්වූ අවස්ථා බොහෝ ගණනකි...මමනම් දිනපතාම මේකට අහුවෙන වාසනාවන්තයෙකි. කවදාවත්ම මට ට්‍රැෆික් ලයිට් ඇති හන්දියකදී...කොලපාට ලයිට් එක වැටී තිබෙනවා දකින්නට නොලැබේ. රතුපාට වැටී ඇතිවිට මගේ වාහනය ඇත්තේ පෝලිමේ අන්තිම කෙළවරේය. කෙළගෙන හදිසි ගමනක් යනවිට මේක වෙනවාමය. එතන ලැගලා ටිකදුරක් යනවිට රේල් ගේට්ටුව වහලාය. එතනත් මම ඉන්නේ පෝලිමේ අන්තිමටය. විනාඩි විස්සක් ගියත් කෝච්චිය නැත. ඉතිං කෝච්චියක් නොගිහින්ම ගේට්ටුව අරිනවාය...මළ හොඳඑකෙන්ම ලංකා බැන්කුවට ගියෙමි...අම්මෝ ඇති යන්තම් පාක්කරන්න එකම ඉඩක් තියෙනවා...කිට්ටුවට යනවිටම මරුතියක් එතැනට රිංගුවේය....පාරේ ඈතට ගොස් පාක්කර...යන්තම් තුනට පෙර බැංකුවට රිංන්ගුවෙමි...පෝලිම් දෙකකි...මගේ පෝලිමේ මට ඉදිරියෙන් පස්දෙනෙක්  සිටී...අනිත් පෝලිමේ හයදෙනෙක් සිටී....මගේ පෝලිම ඉදිරියට යන්නේ හෙමිහිටය දැන් අනිත් පෝලිමේ ඉන්නේ දෙන්නෙකි...වහාම ඒ පෝලිමට එකතු උනෙමි...දැන් මට ඉදිරියෙන් ඉන්නේ එක්කෙනෙක් විතරයි...හුටා...කවුන්ටරේ හිටිඑකා නැගිටලා ගියේය...මට ඉස්සරහින් හිටි එකා වහාම අනිත් පෝලිමට දිව්වේය...ටික වෙලාවක් බලාසිට පරණ පෝලිමටම අන්තිමයා වශයෙන් එකතු වුනෙමි...පෝලිමේ එවුන් ලාවට කින්ඩියට කට ඇදකරති.
                                                 ටික දුරක් එනවිට ටයර්එකක හුලං ගියේය දාඩිය මුගුර දාගෙන ජැක්එක ගසා රෝදය ගැලෙව්වෙමි...ස්පෙයා වීල් එක දාන්න බැලුවිට...ඒකෙත් හුලං නැත...ඔන්න ට්‍රැෆික් බුවෙක් කෙළගෙන එනවාය...නෝ පාකින් බෝඩ් එක පෙන්නේ නැද්ද ? රාළහාමි රෝදෙක හුලං ගියා...ස්පෙයාර් ඒකෙත් හුලංනෑ...පාරට වාහනේ දානකොට ඕව බලන්නෙ නැද්ද ?. ත්‍රීවීල් එකක රෝදේ පටවගෙන ගිහිං පැච් එක දාගෙන ස්පෙයාර් එකටත් හුලං ගහගෙන එන්න ඕනේ...මළ මගුලයි...ත්‍රීවීල් ඔක්කොම ලෝඩ් වෙලා කෙළගෙන යති....යන්තම් එකක් අල්ලාගෙන රේල් පාර අයිනේ ටයර් කඩේට ගියෙමි...හුටා...ටයර් කඩේ වහලාය...කෙලින්ම කොටුවෙගොඩටයං...එහි ටයර් කඩ කිහිපයකි....සර් ටයර් දෙක හරි...තුන්සිය පනහයි පන්සීයක් දික් කලෙමි...සර් මාරු නැද්ද නෑ...ආයෙත් ආවම මතක් කරන්න...පන්සීයම ඌට දී ආපසු ඇවිත් ටයර් මාරුකරගෙන ගෙදර ආවෙමි...මේවා ගෑණුන්ට කියලා වැඩක් නැත...උත්තරේ...සම්පූර්ණයෙන්ම ඔයාගෙ වැරැද්ද කියන බව දන්නා නිසාය.
                                                             පොඩිකාලේ ඉඳන්ම මම මර්පිගේ නීතියේ ගොදුරකි...කෙසෙල් ගෙඩියක්කා ලෙල්ල ජනේලෙන් එලියට වීසීකල විට ජනෙල් පොල්ලේ වැදී ආපසු කාමරේටම වැටෙයි...නන්දන බාසුන්නැහේගේ ගැරේජ් එකේදී මේකට අහුවුනවාර ගණන අසීමිතය...මෝටරයක නට් ගලවන්නට පටන් ගත් විට හැමජාතියකම යතුරු ඇත...එත් මේකේ නට් වලට හරියන යතුරක් නැත. කපන කටුවෙන් ගසා අමාරුවෙන් නට් ටික ගැලෙව්වෙමි...හුටා...අන්තිම නට් එක බිමවැටී රෝල්වී ගියේය...ඒක කෙලින්ම යන්නේ ආයුධ පෙට්ටගම යටටය මළාට ගන්නට බැරිය...කමක්නෑ නට් බෙලෙක්කෙන් එකක් අරං දානවා....හැමජාතියකම නට් තිබේ මේ ජාතියේ නට් එකක් නැත...හොඳ චිත්‍රපටියක් බලන්නට සත55ක් අමාරුවෙන් එකතුකරගෙන හෝල් එකට ගියවිට හෝල් එක වහලාය...පෝය දිනයකි...විභාගෙට ගියවිට ID එක ගෙදර දාලා ඇවිත්ය...ඒක ගේන්න ගෙදර දුවනවාය...අප්පිරියාව නිසා පාඩම් නොකලම කොටසේ ප්‍රශ්නයක් මුලින්ම තිබේ...ෆුල් අප්සෙට්ය...ඊ ළඟ ප්‍රශ්නයත් ඒකෙන්මය...ගෙදර වැඩ කරගෙන ගිහිං...නොකළ එවුන් ගුටිකනවා බලන්නට හිටි දවසට...ගුරා ගෙදරවැඩ ගැන අහන්නේ නැතුව දිගටම උගන්වනවාය...ලස්සන කෙල්ලෙකුට හිතින් ලව් කර කර ඉන්නවිට...දත් බොල්ලෑ හිතන්නවත් බැරි  අන්තිම ගොරකයෙක් ඒක දාගන්නවාය...ඌ ඒකි අරහෙට මෙහෙට උස්සලා කරපුවා මටම කියනවාය.
                                 අඩ්ඩක් ගහන්නට බෝතලයක් ගන්න ගියවිට...පෝය දිනයකි බාර් එක වහලාය...දැන්නම් ඕන දවසක ගෙදර බඩු තිබේ ආණ්ඩුව හොඳය...එයා පෝට්එකට ගියවිට ටොයිලට් එකේ පේපර් ඉවරවී තිබේ...වැඩේ කරන්න ඉස්සර මේක පෙනුනේ නැත...කමක්නෑ අනිත් ටොයිලට් එකෙන් හෝදගන්නවා...හුටා අනිත් දෙකම එන්ගේජ් ය...හරි මගේකට තව එකෙක් රිංගුවා ඌත් කයි පරිප්පුව...පිස්සුද ? ටොයිලට් පේපර් ඉවර බව දැක ඌ ආපහු ඇවිත් අනිත් දොර ගාව හිට ගන්නවාය...ඒක ඇතුලේ ඉන්න එකා එලියටඑන අතර...මං ඉන්නඑකේ භූතයා ඇතුලේ භාවනා කරනවාය...මළ හොඳම එකය... ඔන්න දවසක් සෙල්ෆෝන් එක නැත...දවල් තරු පේනවාය...කොහෙ දාල ආවද දන්නෙ නෑ...කලිනුත් එකක් නැතිවී තිබේ... ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් කලෙමි...රිංග්ස් යනවා ඇසේ එත් ගදර නම් නොවේ...මළ කෙලියයි පැපොල් ෆෝන්එක...කොහෙද මේක දාලා ආවේ නිච්චියක් නැත...ඒක ගැන ආසාව අතහැරියෙමි...අද දවසටම එක කෝල් එකක් වත් ආවේ නැත...බාල ෆෝන් එකක් ගන්න කාර් එකෙන් ටවුමට යනවාය...ඔන්න ෆෝන්එක රිංග් වෙනවාය...සද්දේ විතරක් ඇසේ කොහෙද මේ බඩකඩිත්තුව...මේ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලීමෝලෙන් නොවේ සීට් එක යටිනි...සද්දේ නැවතුනේය...ඔන්න ආයෙත් රිං වෙනවාය සීට් එක යටට අතදමා
ලෝක අමාරුවෙන් ෆෝන් එක අතට ගත්තෙමි...හලෝ...හෙලෝ...ෆ්‍රීප්...ෆ්‍රීප්...ෆ්‍රීෆ්‍රීෆ්‍රීෆ්‍රීප්!!!...හුටා ලයිට් කණුවට මුවා වී සිටි ට්‍රැෆික් කාරයා කෙළගෙන එනවාය...මහත්තයා ලොකු වැරද්දක් කළේ...ගන්න ලයිසන් ඉන්ෂුවරන්ස්...මම HQI කල්දේරා මහත්තයාගේ යාළුවෙක්...ඌට වැල් බයිලා ටිකක් ගසා යන්තම් බේරුනෙමි...නැත්නම් දවසම ඉවරය. බ්ලොග් කරුවන්ගේ පැටලවිලි ගැන මෙලෝ හසරක් නොදැන...ආධුනිකමම නෙළුම් යාය සම්මාණ උළෙලට ගියෙමි...දේශපාළුවෝ නැතුව ඇති...හුටා...බාණක්ම ඉන්නවාය...එකෙක් ගල් පලා මදකාපු...දේශපාලනයෙන්ම ධනවත්වූ කෝටිපති ආඳෙකි...අනිත් එකා පතෝලයෙකි...උන්ගේ අතින් සම්මාන නොලැබී යන්තම් බේරුනෙමි. පන්ති මිතුරෙක්වූ මහින්ද දේශප්‍රිය හමුවීම සතුටක් විය.    
                                         ඔන්න තරුණ කාලේ...මම කැමති කෙල්ලටන්ට අම්මා කැමති නැති නිසා... මම අම්මත් එක්ක මනමාලියෝ බලන්න යනවාය...දැන් මට ඕනෑ දිගටම නොබැඳ ඉන්නටය...ළමයෝ නොබැඳ හිටියම මිනිස්සු, නෑයෝ එක එක කතන්දර කියනවා...ඒ නිසා මේ ගමනයන්...හොඳ වෙලාවට මගේ කේන්දරේ අඟහරු හතේය...ගැලපෙන එකක් හොයන්නට ලේසියෙන් බැරිය...මම ඔය මළදානේ විශ්වාස නොකලට...ඕක නොදී ලංකාවෙන් කසාදයක් කොරගන්නට බැරිය...මට මනමාලියෙක් ලේසියෙන් හොයන්නට බැරිය...අම්මාට ABCDEFK...ඔක්කොම ඕනේය...ABCDEF ?
 Age (23ට අඩු) ,Beauty, Character, Dowry, Education, Family....Kත් තියෙනවාය      
ඔන්න මෙදාපොටේ...කපුගෑණි මේ ඔක්කොම තියෙන එකක් හොයා ගෙන එනවාය...අම්මාට මාර සංතෝෂය...මාත් ඒක බලන්නට යනවාය...කපුගෑණි සතියකට පසු ගෙදර ඇවිත් සිටී...අම්මාගේ මූණ අප්සෙට්ය...මොකද අම්මේ...හුටා... ඒ කෙල්ල දොස්තරලට කැමති නෑලු !  
                                                             මේ අන්දමට ප්‍රපෝසල් 18ක් බලන්නට අම්මා මාව ඇදගෙන ගියේය...මං මොකක්හෝ කියා ගැලවුනෙමි. දැන් යන්නේ මාතරය...19වෙනි එක බැලීමටය...කපුගෑණි මාතර බස්ටෑන්ඩ් එකේ ඉන්න බව කියා ඇත...මගදී අපි සීනිගම දේවාලේ පෙරහැරට අහු වෙනවාය...ෆුල් චාටර්...අපි මාතරට එනවිට කපුගෑණි වැඩේ අතහැර ගෙදර ගොස්ය...අම්මාට දිගටම හචිං යනවාය...කපුගෑණි අම්මා මතක් කරනවාය...කොහෙද ඔය ඇඩ්රස්එක...මං හරියටම දන්නෙනෑ...ඉසදීන් ටවුමේ වික්‍රමසිංහල කට්ටියක්...ඉතිං අම්මේ මාතර වික්‍රමසිංහල ලක්ෂයක් විතර ඇති කොහොම හොයන්නද ? කමක්නෑ ඒ පැත්තට ගිහිං බළමු...අම්මා කියනවාය...ඔය හන්දියෙන් නවත්තලා අහමු...අම්මා ගිහිං තොරණේ විස්තරය අහනවාය...මේ හරස් පාරෙ වික්‍රමසිංහල කට්ටියක් ඉන්නවලු ගිහිං බළමු...මළ කෙළියයි ඒ ගෙදරට ගිය විට...කපු ගෑණි පුකෙන් දුම්දමමින් එහේ ඉන්නවාය...හා මහත්තේලා එන්න එන්න...පරක්කු නිසා මං හැරිලා ආවා...මනමාලි සුදුය ලස්සනය අහිංසක පාටය... මේකට කැමති වෙලා මේ මළකරුමෙන් බේරෙනවා මම සිතා ගත්තෙමි.
                                                       පුතා මේ ළමයට කැමතිද ඔව්...සතියක් ගියේය...පුතේ වැඩේ හරියන්නේ නෑ ඒළමයාගේ හතර කේන්දරේ පාළුයිළු...මොකක්ද ඒකෙ තේරුම...එහෙම කට්ටිය අවාසනා වන්තයිළු...පුරුෂයාට අපලයි කියල ගුරුන්නාන්සේ කිව්ව...මම ඔය මළ ඉලව් කේන්දර විශ්වාස කරන්නෙනෑ...මට මේ කරදරේ ඇතිවෙලා...මං ලබනමාසේ ඒළමය බඳිනවා...මම වහලේ උළු සෙලෙව්වෙමි... මේක ඉතුරු වෙලා තියෙන්නේ කේන්දරේ අප්සෙට්නිසා තමයි...බලන්න එන මනමාලයෝ පස්ස නොබලා දුවනවා ඇති... උඹට ඕන මගුළක් කරගනිං...ඊළඟ මාසේ කසාද බැන්දෙමි...අවරුදු 32ක් ගතවිය...ලොකු අවුලක් වුනේ නැත.
                           "යම් දෙයක් හරියන්නට සුළු ඉඩකඩක් තිබේනම් එය හරියනවාමය" 
                                            මම මර්ෆිගේ නීතිය බොරු කළෙමි !!!
                      

14 comments:

  1. මරු... මේක තිබිල ගැලවුනාම මාත් මර්ෆිගේ නීතියට හව් උනා වගේ දැනුනා.

    ReplyDelete
    Replies
    1. බාගෙට ලියනකොට පොස්ට් බටන් එක එබුනා

      Delete
  2. කොහෙද දේශක මර්ෆි මට කලින් ඇවිල්ලාය...මම මර්ෆි ගේ ආසාම සහ මට හරියනම ලෝ එක නං..ඔක්කොම දේවල් එළකිරි වගේ සිද්ධවෙනවානං කොහේ හරි ලොකු අනාගැනීමක් අනාගෙන කියන එකය..if everything seems to be going well, you have obviously overlooked something....!
    හතර කේන්දරේ පාලු අය සක්විති රජ වෙනව කියලනේ කියන්නෙ..ඔහෙගේ හෙනහුරා තමා එහෙනං හරහට හිටලා තියෙන්නේ...
    මේ පෝස්ට් එක කරන්න ගිහින් මර්ෆිගේ ලෝ එක අත්දැක්ක හින්දද ඊයේ ගලවන්න උනේ ඈ...!
    සම්මානෙට ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ඔව් බාගෙට ලියනකොට පොස්ට් බටන් එක එබුනා

      Delete
  3. ඩොක්ටර් ඔය වෙලාවට ලංකා බැංකුවේ වැඩ කරන උන්ගේ මෑණියන් වහන්සේලා සිහිකරනවා ගණුදෙණුකාර උදවිය. දවසක් මේ ලංකාවේ ප්‍ර‍සිද්ධ කලාකාරයෙක් දෙමටගොඩ වැඩකරද්දී මට දේශනාවක් කලා ඉදලා ඉදලා කන්න යන්න නැගිට්ට වෙලාවේ

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ලංකා බැංකු කාරයෙක්.. :)

      Delete
  4. ඔන්ලයින් බැංකු එකවුන්ට් එකක් ගන්න. සල්ලි ගන්න එක ඇර අනික් හැම දෙයක්ම කර ගන්න පුළුවන්.

    ReplyDelete
  5. මටත් ඔය බැංකු පෝලින් සීන් එකනම් හැමදාම වරදිනවා..

    Smile... tomorrow will be worse! එහෙම හිතල දැන් ඉවසගෙන ඉන්නවා..

    ReplyDelete
  6. "යම් දෙයක් හරියන්නට සුළු ඉඩකඩක් තිබේනම් එය හරියනවාමය"

    දෙපැත්තටම පොදුයි නේ...

    කෙස් ගහක වෙනසක් තියෙන්නෙ..
    බඩු පැකැට් වීමට හා නොවීමට !!

    ReplyDelete
  7. ඔන්න අප්‍රේල් පළමුවෙනිදා සරත් විමලසුරියගේ කතන්දරයකුත් කියෙව්ව කියමුකො.හැබැයි විශ්වාස නොකලත් වරදින්නේ හොදට කියල කියනවනෙ.කිසිදෙයක් වැඩි දුර නොසිතනව නම් තමා හොද?වැඩිය හිතන්න ගියහම කොරොස් කටෙත් අත දාගන්න බැහැය කියනවානෙ.

    ReplyDelete
  8. ඔන්න දැං තමා ගෙදර ආවේ

    ReplyDelete