Monday, 10 April 2017

මම සහ ආගම

                                 

මම නිරාගමිකයෙක්මි ආගමිකයන් සමග නිරාගමික මම තරහා නැත. ඔවුන්ගේ කිසිම ක්‍රියාවකට මම බාධා කරන්නේද නැත. ඔව්හු මගේ නෑයෝය...හොඳ මිතුරෝය. ඔව්හු මට විනෝදය සපයන්නෝය...තමන් පාලණය කර ගත නොහැකි අනෙත් මිනිසුන්ට හිරිහැර කරන...නරක මිනිසුන් පරලොව හෝ දෙවියන් ගැන, දේව විනිශ්චය, අපාය ගැන දේශනාකර බියවද්දා පාලණය කිරීමට ආගම් අත්‍යවශ්‍යය...අත් පා ඔළුගෙඩි කිහිපයක් ඇති...අලි ඔළුඇති...මීයන් ,ගවයින්, අශ්වයකු මෙන් විශාල යෝධ මොනරුන් පිට උඩ...ගෑණු දෙන්නෙක් සමග වාඩිවී සිටිනා...ආයුධ ගත් විවිධ මනසින් මවාගත් දෙවිවරුන්, දෙවි හාමිණේලා...දෙව්ලොව, අපාය, පුනරුප්පත්තිය, ආත්මය, ගන්ධබ්බයෝ, බෝගස්වල දේවාලවල හාස්කම්, වෘක්ෂ දේවතාවෝ (වඳුරන් සහ රිලවුන් නොවේ) යන්තර, මන්තර, කේන්දර, කොඩිවිණ  මා විශ්වාසකරන්නේ නැත්තේ ඒවා මිනිසුන් විසින්ම නිර්මාණය කරගත් මනස්ගාත කියා මට වැටහී ඇති බැවිණි...මේ දේවල් වල බලය අභියෝග කලවිට...ඔප්පුකර පෙන්වීමට නොහැකි බැවිණි. සමහරු නිරාගමිකත්වයත් ආගමක්බව කියති...එසේ නම් Off යනු TV චැනලයක් විය යුතුය.  


                    ඔබ මගේ කලණමිතුරාය...ඔබගේ ආගමික ක්‍රියාවන්ට මගේ සහය ඉල්ලුවොත් නොපැකිලව සහය වෙමි...ඔලුවේ ආගමික මනස්ගාත තිබුනත් ඔබ හොඳ මිනිසෙකි...මා ඔබට කැමතිය...මා ඔබ ඇසුරු කරන්නේ එබැවිනි...නමුත් මේ දේවල් ගැන සාමකාමී ලෙස මගේ අදහස් දැක්වීමට...ඔබ ආගමිකයකු ලෙස ප්‍රසිද්ධියේ ජීවත් වෙන ආකාරයටම....නිරාගමිකයකුලෙස ප්‍රසිද්ධියේ ජීවත්වීමට මටද අයිතියක් ඇතිබව ඔබ පිළිගත යුතුය...මා එසේ නිර්ව්‍යාජව ජීවත් වන්නේ සමාජයේ පොරක් ලෙස පෙනීසිටීමට නොවේ...එසේ ජීවත්වීම සමාජයික වශයෙන් මට බරපතල පාඩු ගෙනදී ඇත...නමුත් අව්‍යාජ නිරාගමික ජීවිතය ව්‍යාජ ආගමිකයකු ලෙස ජීවත් වීමට වඩා...මම ප්‍රිය කරමි...මගේ මිතුරන් බොහෝ දෙනෙකු බුද්ධාගමේ මූලික කරුණක් වන පන්සිල් වත් පිළිපදින්නේ නැති...හින්දු දේව භක්තික ව්‍යාජ බෞද්ධයෝය...ත්‍රිපිටකයේ ඇති කාළාම සුත්‍රය, බ්‍රහ්මජාල සුත්‍රය, වල්පොල රාහුල හාමුදුරුවන්ගේ සත්‍යෝදය පොත කියවා නැති...කියව්වත් එහි ඇති හරය පිළිගන්නේ නැති ( බාගෙට හින්දු භක්තික ඊයේ ගත් බෝතලය පෝය දවසට නිදහසේ ගසා වෙරිවන බුජ්ජාගම්කාරයෝය, ඉඳහිට ඔවුන් සමග එකටබී වෙරිවී ආතල් ගැනීමට මාත් කැමතිය )...බුදුහාමුදුරුවන් බුද්ධාගම කියා ආගමක් නොසෑදූ බවත්...දේශනා කළේ දර්ශණයක් පමණක් බව පිළිනොගන්නා මගේ සමහර මිත්‍රයෝ පිරිත් දේශනා යනු  උදේ හවා ලවුඩ්ස්පීකර් වලින් ප්‍රචාරය කලයුතු මහා බලගතු මන්තර ජාතියක් යයි සිතති...පාළි භාෂාවෙන් දෙසන ඒවායේ සිංහල තේරුම ගැන මෙලෝ හසරක් නොදනිති (මේවායේ සිංහල තේරුම YouTube එකේ ඇත ). බුදුහාමුදුරුවන් යනු සියළුම පැවති ආගම් ප්‍රතික්ෂේප කල අම්බ නිරාගමිකයකු බව මගේ ප්‍රිය මිතුරෝ පිලිනොගනිති...මගේ නෑයින්ට, මිතුරන්ට කුඩාකල සිට දෙමව්පියන්, පූජකයින්, ගුරුවරුන්, නෑදැයින්, මිතුරන් විසින් ඔලුවට එන්නත් කල ආගමික බුල්ෂිට් වලින් ගැලවීම අපහසුය...මම ඔවුන්ට අනුකම්පා කරමි...ලෝකයේ ඇති 4000ක් පමණ මිනිසුන් විසින් නිර්මාණය කල ආගම් අතරින් 3999ක්ම වැරදි බවත්...වාසනාවට තමන්ට දෙමව් පියන්ගෙන්...මේ ආගම ලැබුණු බවත් සිතා ඔව්හු සතුටුවෙති...නමුත් ඔව්හු විශ්වාසකටයුතු හොඳ මිතුරෝය...මම ඔවුන්ගේ ඇසුර...සමාගමය මම ප්‍රිය කරමි...ඔබ මගේ ප්‍රිය මිතුරාය...ආගම මගින් හීලෑ කර පවට බියවද්දා  ශිෂ්ඨසම්පන්න මිනිසකු බවටපත් කල...
විශ්වාසවන්ත සගයාය.

                ආගමිකයන් ගේ ගඩොල් පූජා...මිණී ඇට ධාතු පූජා...එළුවන් මරණ බිලිපූජා...දේව පූජා...කෙසෙල්කැන්/ඇපල්/මිදී පූජා...හාල්/පොල් පූජා... මහ දවල් කරන අසූහාර දහසේ අබතෙල් පහන් පූජා, සිව්රු ගඩොල් වටේ ඔතමින් කරන කප්රුක් පූජා...බෝගස් නාවන කිරිකළපූජා..සිව ලිඟු පූජා...කිරිඅම්මා පූජා...පූජකයින් විශාල ගණනක් ගෙන්වා කරන මහා දානමය පින්කම් (ඉතා රසවත් ආහාර ලැබෙන බැවින් මේවාට ආරාධනා කලවිට නොවරදවාම සහභාගීවෙමි )...ලක්ෂ දාහේ පිච්චමල් පූජා...කුරුස/බෝනික්කන් පූජා, දුහුවිලිගොඩේ පෙරළෙමින් කරන පූජා...කොකු වලින් එල්ලෙමින් කරන පූජා ...මහපාරේ පුක උඩදාගෙන පොලව ඉඹිමින් කරන යාඥා...බුදුන් වහන්සේ තදින්ම ප්‍රතික්ෂේපකල කුළභේදය කරපින්නාගත් මහානායක වසලයින් දෙන්නාට කරන පූජා...කරමින් ගන්නා මෝඩ...ආගමික ගංජා ආතල් දෙස බලමින්...ආතල් ගැනීම...මගේ ආතල් එකයි ! කිසිවකුට හිරිහැරයක් නැති...භාවනා, සිල් ගැනීම්, පල්ලියේ පූජා, ගීතිකා කීම, පෙරහැරේ යෑම, වෙසක් දන්සැල් දීම, භක්තිගීත කීම, පල්ලියට ගොස් පොළව සිඹිමින් යාඤාකිරීම මගින් ඔබට සැනසීම ලැබේනම්...පරලොව ගැන ඇති බිය දුරුවේනම්...ලෙඩරෝග කරදර අපල දුරුවන බව සිතේනම් කරුණාකර එසේකරන්න...මම ඔබට සහය වෙමි.  

                                                         ආතල් එකට ට්‍රිප් යන්න ලංකාවේ හොඳම තැන කතරගමයි...කතරගම තියෙන පපරේ බෑන්ඩ් කාවඩි නැටුම් , කොකු ගැහිලි, ගෑණු ආවේශ වෙලා කොන්ඩේ කඩාගෙන...මරු විකල්ලෙන්...රෙදි නැතුව නටන හැටි, ගූ ගඟේ නෑම, දූවිලිගොඩේ පෙරලිලි, අලියගේ බඩයටින් රින්ගිලි, ගිණි පෑගීම්, දෙයියන්ට දාහේ පටි ගෙවා පලතුරු කැවීමේ තරඟය, හොඳම පූජා වට්ටිය තේරීමේ තරඟය, පොල් ගැසීමේ තරඟය, කාන්තාවන්ගේ මල් විකිණීමේ තරඟය...ගිහිං බලපන් මචං...ආතල් කෝටියයි ! (මේ දේවල් රටක සංස්කෘතික අංග වශයෙන් පැවතිය යුතුයි...දෘෂ්ඨියක් වශයෙන් නොගතයුතුයි...උදාහරණය ජපානය) කතරගම ගොස් පොඩි අඩ්ඩක් ගසා පපර බෑන්ඩ් එකට කාවඩි නැටීම...ෆුල් ආතල් වැඩකි !
                       ආගම සහ දේශපාලණය ගැන වාද කිරීම නිෂ්ඵල මෝඩ වැඩකි...එසේ කර කිසිවකු පැරදවිය නොහැකිය...සිදුවන්නේ ඔවුන් (සමහරවිට ඉතා හිතවත් හොඳ මිතුරන්, උගේ මෝඩ ආගමික සහ දේශපාලණික මත නොසැලකූ විට ඌ අම්බ හිතහොඳ එකෙකි) අමනාපවීම පමණකි...මම කරන්නේ මගේ මතය ඉදිරිපත් කිරීම පමණකි...ඒ සඳහා මට අයිතියක් ඇත...කව්රු කව්රුත් අන්තිමේදී...තම තම නැණපමණින්...තමන්ට කළහැකිදේ පමණක් කරමින්...රැකියහැකි සිල්පද පමණක් රකිමින්...තමන්මහදාගත්...තමන්ගේ ආගමික සහ දේශපාලණික වර්ෂන්එකට අනුගතවී ජීවත් වෙති...මොකා මොනව කිව්වත්, එය මළාට වෙනස්වන්නේ නැත...සත්‍ය තත්වය මෙයයි !
                    



32 comments:

  1. නිමල් ජයසිංහ10 April 2017 at 06:52

    මේවට උත්තර දෙන්නවෙන්නෙත් දෙයියොයි ආගමුයි අදහන්නෙ නැති අපි වාගෙ එවුන්මයි.අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ ආතල් පොරවල් සමගය.ඉරිදට දහම්පාසැල ලගින් ළමය බස්සල දවල්ට අඩියක් ගහන්න වයින් ස්ටෝස් එකට ගිහින් බෝතලයක් ගන්න එකාල සමගය.කහ සූට්කාරයින්ට පලු යන්න බනින , නමුත් එකෙක් දැකපු හැටිය කොම්බුව වාගෙ නැමිල වඳින දෙබිඩි පඩත්තලයන් සමඟය.බෝගහක් දැක්කම පස්ස උස්සල නැගිටින ඒත් අනිත් වර්ගයේ සියලුම ගස් කපල විකුණන ගස්මුදලාලිලා සමගය.මේ ආදි ලොකු ලිස්ට් එකක් ඇත.හැබැයි මුං සෙට් එක නැත්නම් අපිට ආතල් ගන්නත් දෙන්නත් එකෙක්වත් නැත.මුං අපිට බිම සමඟබයිට්ද සපයන බැවින් මුං නැති ලෝකය පාළුයි අදුරුයි කියා මට සිතේ.මිත්‍යාව පස්සේ යන එවුන් සමඟ ජීවත්වීම නිරාගමිකයින්ට ආතල්ම තමා.සෙස්ස ඕනෑ වුනොත් පස්සට කියමි.ආමේන්.

    ReplyDelete
    Replies
    1. නිර්-ආගමිකයෙක් වීමේ කිසිදු වරදක් නැත. වරද බුද්ධාගම බයිට් එකට ගැනීම පමණි . අන් ආගම් ඔබට වගේම ඔවුන්ටත් පෙනෙන්නේ නැත

      Delete
  2. එකෙන්ම!!!

    ReplyDelete
  3. ha ha! "ආගමික ගංජා ආතල් දෙස බලමින්" meke athal ma wachna tika!

    ReplyDelete
  4. සමහරු නිරාගමිකත්වයත් ආගමක්බව කියති...එසේ නම් Off යනු TV චැනලයක් විය යුතුය.

    ReplyDelete
  5. "එසේ නම් Off යනු TV චැනලයක් විය යුතුය."
    සහතික ඇත්තනෙ.
    මමනම් වයිපරේට හැමවෙලේම කියන්නෙ ඔය මල විකාර චැනල් ඔක්කොම OFF කරල
    ඉක්මනට F*** OFF චැනල් හෙවත් නිල් චැනලය ඉක්මනට පටාන් ගනිමුකො ඩාලින් කියල.

    ReplyDelete
  6. පරිස්සම් විය යුත්තේ හැම දේටම ඔව් කියන්නන්ගෙන්ය...විවිධමත තිබීම වැදගත් යයි හැඟෙන නිසා ලියමි ...
    අවශ්‍ය නම් කළු තිරය දෙස බලා සිටිය හැක.. , නමුත් නිරාගමිකත්වයේ සන්ධ්ර්භයක් ඇත කරුණු ඇත ධර්ශනයක් ඇත , එ පිළිබඳව ලියවුන පොත්පත් ඇත , එ හා බැඳුනු තවත් දේවල් ඇත ... ඒ නිසා එය ඕෆ් නොවනු ඇත,
    මතක තබාගතයුතු වන්නේ නිරාගමික වන්නේ ඇයි, ආගම යනු කුමක්ද , ලංකාවේ ඇත්තේ ආගමක්ද ...
    මෙම පොස්ට් එකේ හොඳ නරක පිබඳව විශ්වාශය තබා ඇති අතර , හොඳ නරක කාලය හා දැනුම සමග වෙනස්වීමද සැලකිල්ලට ගැනීමද කලයුතුයි

    ReplyDelete
  7. මනුෂ්‍ය සමාජයේ දියුණුවට පරිසරයේ ආරක්ෂාවට අදාළදේ හොඳය...මිනිසුන්ට පරිසරයට හානිකරදේ නරකය...ආගමක් නොමැතිව මිනිසුන්ටහෝ පරිසරයට හානියක් නොකර...උදව් අවශ්‍ය අයට කළහැකි උදව් කරමින්...ජීවත්වන්නට ඔබට හැකි නම්... නිදහස් මිනිසකුසේ සිටින්න...බහුතරය එසේ නොමැති අයයි...ඔවුනට ආගමික මගපෙන්වීමක් අත්‍යාවශ්‍යයි

    ReplyDelete
  8. ඩොක් අර පරණ කතා ටිකට මොකද උනේ, ඒවයේ ඉතුරු ටික ලියන්නේ කවද්ද,
    සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඒවා බලන්න තමයි මමත් හැමදාම එන්නෙ

      Delete
  9. කාපූ (ඉත්තෑමස්)
    බීපූ (සංස්ථා )
    වේලාවට
    පුංචි විහිළුවක්
    කෙරුවට...
    විමලසූරියලා වගේ අය
    ගනන් ගන්නේ නෑ නේද
    සුලුදෙය...!


    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ...කොහෙද ඉතිං බිව්වම හැමෝම ගහේ කරටියට නගිනවනේ...මට කට අරින්න දෙනවයැ...ඒකයි මගේ ආගම් ගැන අදහස ලිව්වේ...ආයෙත් එන දවසට බ්‍රැන්ඩි බෝතලේකුයි...කෙසෙල්මුව බයිට් එකකුයි හදන් එන්නම් !

      Delete
  10. හොඳ මාතෘආවක් ඔස්සේ ලියල තිබුනට කොයි නිරාගමිකයත් වගේ ඔබ තුමාත් අග මුල පටලවාගෙන වගෙයි.
    මොකද ඔබ තුමා හිතනවා බෞද්ධයෙක් නම් පන්සිල් රැකිය යුතුයි කියා. එතැනම ඔබේ නිරාගමිකත්වය බිඳ වැටෙනවා සහෝදරයා.
    කොටින්ම බුදු හාමුදුරුවෝ බෞද්ධයන්ට බන කිව්වේ නැහැ. ඒ කාලේ බෞද්ධයෝ හිටියෙත් නැහැ. ඔබ කියා ඇති පරිදි එදා තිබුනු සියලු ආගම් වලට පහර දීමක් උන් වහන්සේ කලේ නැහැ.
    නිරා ගමිකත්වය තවත් ආගමක්ද? ඔබ අහලා තියෙනවාද "ෆ්ලයිං ස්පැගති මොන්ස්ටර්" නම් ව්‍යාජ දෙවියෙකු අදහන බව පෙන්වන නිරාගමික කල්ලිය. බොහෝ නිරාගමිකයන් බිය වෙනවා අනාගතයේදී මෙය සැබැවින්ම ආගමක් බවට පත් වීමට ඉඩ ඇති නිසා. එය නිවැරදි බියක්.
    බුදු හිමියන් ප්‍රථික්ශේප කලේ දෘශ්ටීන් මිසක් ආගම් නොවෙයි. දෘශ්ටීන්ට පහර දෙන විට ආගම් බිඳ වැටීම ඉබේ සිදු වන්නක්. ඔබේ නිරාගමිකත්වයත් දෘශ්ටියක්.
    අද ලංකාවේ ඇති බුද්ධාගම ආගමක් (බුදු හිමියන් ආගමික කතුවරයෙකු නොවෙයි ඒත් මේක සංස්කෘතිකමය ආගමක්.)
    මේ ගැන කියනවානම් මට වෙනම බ්ලොග් ලිපියක් ලියන්නට සිදු වේවි. ඒ ගැනත් මා සිතා බලන්නම්.

    ReplyDelete
    Replies
    1. හුටා...කාටවත් හිරිහැර නොකර පුළුවන් උදව්වක් කරමින්...නිරාගමිකව සිටීමත් වැරදියිලු...මචං මට නිවැරදිම ආගම තෝරලා දීපං !

      Delete
    2. තමන් ආගමක් පිළිපදිනවායයි කියන අය...එම ආගමේ ප්‍රතිපත්ති අනුව ජීවත්විය යුතුය...පෝයට අරක්කු බොමින්...කාම මිථ්‍යාචාරයේ යෙදෙමින්....මචං මං ටොප්ක්ලාස් බෞද්ධයෙක් ඩෝ... ටෞකණ්ඩ...කියමින් හින්දු දේව භක්තික බහුජ්ජයෝ මොරදෙති !

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අහම්බෙන් මෙතැනට කඩා වැදුනු මගේ ප්‍රතිචාරයට පිළිතුරු දීම ගැන ඔබට ස්තුතියි.

      ඔබට නිවැරදි ආගමක් පෙන්වා දීමට මා අගම් අදහන්නෙක් විය යුතුයි නේද?
      නිරාගමික වීමට ඔබ ආගම යන සංකල්පය හොඳින්ම වටහා ගත යුතුයිනේ. ලංකාවේ තියෙන "බුද්ධාගම" බුදු හිමියන් දෙසූ ආගමක් නොවෙයි. එය බුදු හිමියන්ගේ දෙසුම් වලින් මේ ආගම සැදූ උන් කැමැති කොටස් ගෙන නිර්මාණය කරගත් "ආගමක්" ඇදහීම්, විශ්වාස, යැදීම්, පිදීම් සහිත ආගමක්. ලංකාවේ ඉන්නවා සිංහල බෞද්ධ කියලා හඳුන්වන ජන කොටසක්. අන්න ඒ ජන කොටස අදහන ආගම තමයි ඔය කියන බුද්ධාගම.
      ඒක තුලින් බුදු හිමියන්ගේ ධර්මය සෙවීම පලක් ඇති දෙයක් නෙවෙයි.
      මේ සිංහල බෞද්ධයන්ගේ ආගමේ මම දකින එකම වැදගත් දෙය තමයි ඔවුන් මහා පූජනීය දෙයක් ලෙස ත්‍රිපිටකය රැකීම. ඒ නිසා ඒක ආරක්ශා වෙනවා.
      ඔවුන්ගේ වරද එහි ඇත්තේ මොනවාදැයි ඔවුන් නොදැන සිටීම.

      Delete
  11. දොස්තර මහත්තයෝ බුද්ධාගම කියන්නෙ ආගමක් වගේම දර්ශනයක් . ඒ දෙක වෙනස් කරන්න බැහැ.හැබැයි අනික් ආගම් වලට වඩා බුද්ධාගම වෙනස් වන්නේ එකෙ මැවුම් කරුවෙක් ගැන විශ්වාස නොකරන නිසයි. රතන සුත්‍රය හරියට කියෙව්වා නම් බුද්හාගම ආගමක් වෙන්නෙ කොහොමද කියල සමහරුන්ට වැටහෙනවා ඇති. පුරාන ලංකාවේ හීනයාන බුධාගමට අමතරව මහායාන,වජ්‍රායාන, තන්ත්‍රයාන බලපෑම්ද තිබුනා. බෞද්ධ මන්ත්‍ර ආදිය තියෙන්නෙ එකයි. මේ කරුණු හරියට නොදැන, අන්තර්ජාලයෙන් ත්‍රිපිටකයේ පෙළ පමණක් බලා විවේචනය කරන්නෝ කරන්නේ අඳුරේ අතපත ගෑමකි, ත්‍රිපිටකය හරියට තේරුම් ගැනීමට නම් ඒ සමගි අටුවා කතාද හැදෑරිය යුතුය.

    ReplyDelete
  12. තමන්ගේ නැණ ප්‍රමාණයට තේරුම් ගත හැකි...දර්ශණයක් අනුව...අනුනට හිරිහැර නොකර...පුළුවන් උදව්වක් කරමින් සාමකාමීව ජීවත් වෙනවා මිස...පුද පූජා පවත්වමින්...පිහිට යදිමින්...ලවුඩ්ස්පීකර් වලින් ඝෝෂා කරමින්...හින්දු දෙවිවරුත් කලවම් කරගෙන...බෞද්ධ දර්ශණය ආගමක් කර ගෙන පිස්සු කෙලිනඑකයි...ජාවාරම් කරන එකයි, පූජක යුනිෆෝම් එකට මුවාවෙලා...දේශපාලණේ කරන එකයිනෙ මේ කරන්නේ !

    ReplyDelete
    Replies
    1. දේශපාලනය මෙරටේ භික්ෂුන් වහන්සේලාට උරුම දෙයක්.අර සංඝමිත්තා තෙරණිය සමග වැඩිය භික්ෂුණින් වහන්සේ සිවුරු හරවා කෙරෙව්වේ රජුන් හදන එකනෙ. ඊ ලඟට වළගම්බා රජ්ජුරුවන්ට රජවීමට උදව් කලේ, සිරිසඟබෝ රජු හැදුවේ කවුද. මේගැන උපහැරණ කොච්චර නම් තියෙනවද. එයිතිහාසික උරුමයක් ඔබ විරුද්ධ උනා කියල නවතෙන්නේ නැහැ.... හැබැයි පූජක යුනිෆෝම් කතාවට නම් මම විරුධයි, පන්සල් වල පුජකයෝ මෙන්ම uniform ද නැහැ.

      Delete
  13. දේවාලේ තියෙන්නේ බිස්නස් එකක්. ලවුස්පිකර් දාල කරන්නේ ඇඩ්වටිස්මන් එක.
    ඔයා අඩියක් ගහගෙන උදව්වක් කරගෙන ඉන්න. මේ සිංහල බෞද්ධ බිස්නස් එකට කෙලවන්න නං එන්න එපා.

    ReplyDelete
  14. මට ආගම් එපාවීමට ආසන්නතම හා විශාලම හේතුව - ලවුඩ්ස්පීකර් !

    ReplyDelete
  15. +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete