Tuesday, 7 February 2017

මේ කඳුළු බින්දුවයි… ප්‍රථම ප්‍රේමයේ...


                                  
                    
                                               මේ සිද්ධිය වුනේ මම පළමු පත්වීම ලැබ සේවය කල අම්පාර රෝහලේදී. ඒ දවස් වල අම්පාර රෝහල දිස්ත්‍රික් රෝහලක් වශයෙන් තිබුනේ. ඉතිං මේ රෝහලේ මගේ ජොබ් එක තමයි OPD එකේ රෝගීන්ට ප්‍රථිකාර කිරීම සහ රෝගීන් පරීක්ෂාකර වාටුවලට ඇතුලත් කිරීම. උදේ වරුවට 300කට වැඩියි පෝලිම. ඔක්කොම දොස්තරලා හතර දෙනයි තම්බයියා මහත්තයයි මමයි OPD එකේ...Dr සොයිසයි (DMO), Dr බණ්ඩාරනායකයි වාට්ටු වල ලෙඩ්ඩු බැලුව. වෝඩ් රවුන්ඩ් ඉවරඋනාම ඒ දෙන්නත්, OPD එකට එන ලෙඩ්ඩුත් බැලුව. සොයිසයි, බන්ඩයි මමයි හිටියෙ එකම ක්වාටස් එකේ. සොයිස මගේ ඉස්කෝලෙ...බන්ඩයි මමයි කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්ටර්න් එකේදී  එකට හිටිනිසා යාළුවො....ඉතිං අපි තුන්දෙනා ඉඳහිට හවසට අඩ්ඩක් හෙම ගහගෙන බොහොම සමගියෙන් හිටියා. අපි තුන්දෙනාගේ සමගිය නිසා කව්රුවත් අපේ නහයෙ වදින්න කුඩේ කරකැව්වේනෑ ! 
                      අම්පාර ප්‍රදේශයේ සුමානෙට දෙතුන්දෙනෙක් වසබීල සියදිවි නසාගැනීම හරිම සුලබ සිදුවීමක්. මේ සඳහා වැඩියෙන්ම භාවීතාකලේ ග්‍රැමොක්සෝන් කියන උග්‍රවිෂ සහිත වල් නාශකය. අනිත් ක්‍රමේ තමයි කනේරු ඇට පොල් සහ සීනි සමග කොටා සුබ නැකතින් උතුර බලා අනුභව කිරීම (බඩුම තමයි). ග්‍රැමොක්සෝන් හුඟක් බිව්වොත් පැය දෙක තුනකින් මැරෙනවා...ටිකක් බිව්වොත් දවස් තුන හතරක් දඟල දඟල ඉඳලා බොහොම දුක්විඳලා මැරෙනවා ටියුබ්ලයිට් ක්‍රමේට. ග්‍රැමොක්සෝන් බිව්වම පළමුවෙන්ම කලේ වමනය කරවීම...බොන්න දුන්නේ ඉතා රසවත් පානයක් වන සෝඩියම්බයිකාබනේට් දියකරපු වතුර...ඒකෙන් බෝතලයක් බිව්වම...අම්මගෙන් බීපු කිරිවල මණ්ඩිත් එළියට එනවා..සම්පූර්ණ ළය විරේකය...මේක බොන්න අකමැති අයට තුන්හතරදෙනෙක් ලෙඩාව   බලෙන් අල්ලලා...පුනීලයකට හයි කරපු බටේකින් පෙව්ව. මේ වැඩේට එක්ස්පර්ට් ඇටෙන්ඩන්ට්ලා ලේබරර්ස්ලා හැම ඉස්පිරිතාලෙකම හිටිය. වකුගඩු ක්‍රියා විරහිත වීම වලක්වාලීමට සේලයින් දෙනවා. ග්‍රැමොක්සෝන් ඇඟට උරාගැනීම වැලක්වීමට පුලර්ස් අර්ත් කියන මැටිවර්ගය කැව්වා. මේ මොනවා කලත් ලෙඩා බේරගන්න එක හරිම අපහසුයි. පහු කාලෙක මේ ප්‍රතිකාරක්‍රම වෙනස් උනා.
                                  ඔන්න ඉතිං දවසක්දා ගෙනාව වයස විසි පහක විතර බොහොම කඩවසම් ඉලන්දාරියෙක් ඉස්පිරිතාලෙට ඇතුල් කරන්න. මේකා අල්ලාගෙන ආවෙ හැඩි දැඩි පිරිමි දෙතුන්දෙනෙක්. මෙයාට මොනව වෙලාද ? සර් මේකා කාමරේ වසබීල වැටිල හිටිය. මොනවද බීපු වස ජාතිය මං මෑන් ගෙන් ඇහුව....මං බිව්ව වසක් නෑ...ඌ මට ගෙරෙව්වා... නෑ සර් පැරකොට් (ග්‍රැමොක්සෝන් වලට කියන අනිත් නම) තමයි බිව්වේ...මේ තියෙන්නේ බෝතලේ...පොඩි ග්‍රැමොක්සෝන් බෝතලයක් මට පෙන්නුව...
                       ඉස්සෙල්ලම කරන්නෙ ටෝච් එකක් ගහල ඇහේ බබා දිහා බලන එක...ඒක සාමාන්‍ය තත්වයේ තිබුන...මේ කොල්ලා මළ මුරන්ඩුයි...මට මැරෙන්න දීපල්ලා...මම බීපු වසක්නෑ මට යන්න ඕනෙ...මූ අනෙත් එවුන්ගෙන් බේරිලා දුවන්න හදනවා...නෑ සර් සෙමදාගෙන කාමරේ වැටිල හිටිය...උගේ අයිය කිව්වා...ග්‍රැමොක්සෝන් පට්ට ගඳයි...බිව්වම ලෙඩා ගාවට කිට්ටු වෙන්න බෑ පට්ට හම් එකක් එනව...මුගේ කට ගාවට නහය තියල බැලුව ග්‍රැමොක්සෝන් හම් එක එන්නෙනෑ...කොයි එකටත් සේලයින් එකක් හෙම ලියල...KUO (පරීක්ෂාව යටතේ තබන්න) ටිකට් එකේ ලියල වාට්ටුවට යැව්ව. අනෙත් එවුන් ඌට අත්අඩංගුවෙන් පැනයන්න නොදී ඌත් ඇදගෙන වාට්ටුවට ගියා.  පැයකින් විතර ඔන්න තව වයස 35ක විතර ගෑණුකෙනෙක් ගෙනාව ග්‍රැමොක්සෝන් බීල...මෙයාගෙ ඇඟේ හැමතැනම ග්‍රැමොක්සෝන් මිශ්‍ර කොළපාට  වමනෙ...පට්ට ගඳයි...ලෙඩාට අමාරුයි ටිකට්එක ලියල වාට්ටුවට යැව්ව...
                     වසබීපු ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ කියනඑක බලන්න පසු විපරමක් කරන එක මගේ සිරිතක්. ඉතිං ඉස්සෙල්ලම පිරිමි වාට්ටුවට ගියා කොල්ල බලන්න...මෙන්න මූ සේලයින් එකත් අදල මිදුලට වීසී කරලදාල  ඉස්සරහතියෙන ගෑණුවාට්ටුවේ පේමන්ට් එකේ ඉඳගෙන මොනවද මතුර මතුර  හොටුපෙරාගෙන අඬනවා...ගෑණු ලෙඩත් එක්ක ආපු අයත් අඬනවා... කොල්ල අරං ආපු පිරිමි තුෂ්නින්භූත වෙලා ඉන්නවා...ළමයි දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්...එයාට දැන් හොඳටම අමාරු නිසා මඩකලපුවට ට්‍රාන්ස්ෆර් කරනව කියල බණ්ඩා කිව්වා. මේ ඉස්ටෝරිය හොඳටම අහගහගන්න පුළුවන් ලියන්වල මිසීගෙන්...ඔපදූපමල්ල ... ෆුල් ඉට්ටෝරිය මේකයි...මේ කොල්ල කරල තියෙන්නෙ වඩුවැඩ...අර අම්මණ්ඩිගේ පුරුෂයා මියගිහින්...කොල්ල  ගිහිල්ල තියෙනවා එයාගෙ වහල රෙපයාර් කරන්න...ලව් ඇට් ෆස්ට් සයිට්...මුන් දෙන්න ආදරෙන් බැඳිල...ප්‍රේම සාගරේ කිමිදිලා...දෙන්නට දෙන්නා ෆුල් ලව්...ෆ්‍රොම් ද බොටම් ඔෆ් ස්ටොමැක්...කසාද බඳින්න ලැස්ති වෙලා ඉඳල තියෙන්නෙ...මේ හුටපටේ කොල්ලගෙ අයියට ආරංචිවෙලා...ළමයි දෙන්නෙක් ඉන්න ඔයගෑණි අතඇරපන්...අපි උඹට කෙල්ලෙක් හොයල දෙන්නම් කියල ඌට හොඳටම ගහල...ගෑනිගේ ගෙදරට ගිහින් ගෑණිටත් පාට්එකක් දාල...එත් ඌට ඕන වෙලා තියෙන්නෙ උගේ ෆස්ට් ලව්එක බඳින්න...ගෑණිට ආරංචි වෙලා කොල්ල ග්‍රැමොක්සෝන් බිව්ව කියල...ඒකි ඇත්තටම වසබිව්ව...අයිය බයකරන්න මූ පොඩි සන්ලයිට් සබන්කෑල්ලක් වතුරත් එක්ක කටේ දාගෙන... පැත්තකින් ග්‍රැමොක්සෝන් බෝතල් බාගෙකුත් තියාගෙන පෙණදාගෙන කාමරේ වැටිල ඉඳල...බය කරල කසාදෙට ගෙදර අයගෙ කැමැත්ත ගන්න. අර අම්මණ්ඩි මඩකලපුවේ ඉස්පිරිතාලෙදි මැරුණ...මේක යුරෝපෙදි උනානම් දෙන්න කසාද බැඳල බොහොම සතුටින් ඉන්නත් තිබුණ...මේ ගෑණි දැනගෙන ඉඳල නෑ... අපේ 2500යෙ උතුම් මෙව්ව එකට අනුව...මිනිහ මැරුණම...ගෑණියෙක්...තමන්ගෙ හැඟීම් යටපත් කරගෙන...අවිවාහකව...පත්තිනි දේවමෑණියෝ වගේ  ඉන්න ඕනෙකියල.... අපරාදේ පොඩි ළමයි දෙන්නෙක් හරි  හව්හරණක් නැතුව...මේ දුෂ්ඨ ලෝකේ තනිඋනා ! .                                  

14 comments:

  1. Superb writing ... keep on writing ... you have a top talent ...

    ReplyDelete
  2. මගෙ යාලුවෙක් ග්‍රැමැක්ෂෝන් බීල මලා නොවැ.

    ReplyDelete
  3. මං අවුරුදු දහය වෙනකම් හිටියේ පොළොන්නරුවේ , ඒ දවස් වල වටපිටාවේ මිනිස්සු රැයක් දවාලක් නැතුව ගම හරහා දුවනවා වගේ දුවනවා ග්‍රමොක්සෝන් බීපු මිනිස්සු නිසා.. ඒ දවස් වල හවස් වෙනකොට හිතට පුදුම භයක් දැනෙනවා මාසෙකට දෙපාරක් විතර ඇහෙන ලතෝනියයි මළ බෙර සද්දෙයි මතක් උනාම....

    ඔබතුමාගේ ලිවිල්ල මට ඒ කාලේ මතක් කළා...

    ReplyDelete
  4. සාමාන්‍යෙන් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත නේද?

    ReplyDelete
  5. මට පොඩි කාලේ ඉඳන්ම ඔය වස බොන මිනිස්සු ගැන තිබුනේ තරහක්. දැන් වගේ ලොකු තේරුමක් නොවෙන වයසකදිත් එහෙම වෙන්න බලපෑවේ ඒ අයගේ කෙටි හදිසි තීරණ නිසා අසරණ වෙන ළමයි හෙම දැකපු නිසා වෙන්න ඕනේ. මට හිතාගන්න බෑ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙලා අවුලක් ගියාමත් මුන් වස බොනවා. එතකොට යකෝ මුන් ජීවත් වෙන්න ගියා නම්... අපි වගේ ජීවිතේ දවසින් දවසට ස්ට්‍රගල් කරන්න වුනා නම් ? අපි දවස ගානේ මැරෙන්න එපැයි.

    මගෙත් ළමා කාලෙ අගෙවුනේ හොස්පිටල් ක්වාටස් එකක නිසා තවත් බොහෝ මිනිසුන් වස බීලා ගෙනාවම විඳවන හැටි දැකලා තියෙනවා. හොස්පිටල් ස්ටාෆ් වුනත් ඒ අයට සලකන්නේ තොට මැරෙන්න ඕනේ නම් දැණ් ඉතින් මැරියන් කියන ගාණට. ඩොකෙක්ට කරන්න දෙයක් නැථි තරම් නේද සරත් මහත්තයා?

    ReplyDelete
  6. පව් අර අහිංසසක දරුවෝ දෙන්නා

    ReplyDelete
  7. රෝමියෝ ජුලියට්.. අර බයිකාබනේට් හරි පැනිරස බීමක් කිව්ව එකට එකඟයි.. හැක්..

    ReplyDelete
  8. බොහෝම හොඳ ලිපියක් මම ගොඩාක් දේවල් ඉගනගත්තා සුබපතනව.

    ReplyDelete
  9. ලියන්වල මිසීගෙ හස්බන්ඩ සුදුඅය්යට ජෙවීපි කාරයෝ කෙලවල දැම්ම, මං කොල්ල කාලේ ලෙඩ නූන එක හොඳයි, නැත්තං ඔහෙගෙන් තමයි බේත් ගන්න වෙන්නේ.

    ReplyDelete