Wednesday, 15 February 2017

ඉල්ලංකාව නම් අරුම පුදුම දිවයින...


ලන්කාවනම් අරුම පුදුමය...
ආදරවන්තයන්ගේ දිනයට...සිල් සමාදන් වෙති...
පෝයට...පන්සල් නොයති ඔළුව සාක්කුවට වැටෙන්නට බොති...
වෙසක්පෝයට ඔළුබක්කෝ නටති...
තන්හාව නරකයි...ආශාව අතහරින්න... 
සියල්ල අතහරින්න පිංවතුණි...බුදුවදන ඒකයි කියන හාමුදුරුවන්ගේ... 
බැංකු ගිණුමේ ලක්ෂ ගණන් ගොඩ ගසා තිබේ...ඩෙබිට් කාඩ් එක 
අඳනේ අස්සෙන් ඇද සල්ලි ගන්නා අන්දම...බණ කියා පිරිකර විකුණා... 
ටියුෂන් කාරයින්ට පන්සල බදුදී සොයාගත් සල්ලි මිටි... 
මැෂිමේ තැන්පත් කරන අන්දම මනස්කාන්ත දසුණකි... 
 
බෙන්ස් එකෙන් ඇවිත්...අනිත්‍ය ගැන බණ කියති... 
බෞද්ධයන්ට ගානක් නැත...
පව් අනේ...සාදුට දුර පළාත් වලට වඩින්න වෙනවනේ බණ කියන්න...
ප්‍රාඩෝ එකකුත් පූජා කරති...
ඉතාලි ටයිල් අතුරා ඇති පන්සල් බංගලාවේ වැඩසිටිමින්... 
 
භාවනා කරමින් සිත දියුණු කරමින්...
අඳනේ අස්සෙන් ටැබ් ඇදලා අරගනිති...ෆේස් බුකි යති 
ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා සමග චැට් කරති...නිවනට කෙටි මං සොයති... 
 
පන්සලේ වෙඩින් ගනිති
වෙඩින් එකට හාමුදුරුවෝ ගෙන්වා පිරිත් කියා බුෆේ දෙති... 
ලෝකේ හැමරටක්ම වැඩකරන පෝයට මෙලෝ වැඩක් නොකරති...
හැම එකක්ම වහලාය...රටට කෝටි ගණනක් පාඩුය... 
 
කලින් දවසේ ගත් ගල් බෝතලෙන් සෙට් වෙති...
දූ ලොකු ලමයෙක් උනා යයි... ගමටම අඩබෙර ගසා කති බොති..
පිහියක් නැතුව සංගීත සංදර්ශන බලන්න නොයති...
පට්ට විදියට නටති...නටමින් ඇඟේ හැපුන ගමන් පිහියෙන් අනීති 
 
බෝතලේ ඉවරවූ විට ගන්න තැනක් නැත බාර් වහලාය... 
"
මනම්පේරි තරුණිය...පතිවත කෙලෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක වගේ"....ගීයට උඩපනිමින් නටති...මසකට ඇබෝෂන් 20000කට වැඩිය හොරෙන් කරති...නමුත් නීතියෙන් තහනම්ය 
 
බුදු පිලිමය දුටු විට හෙන්ඩු පාර වදී යයි බියෙන් දන නැමෙන හස්ති රාජයා දැක බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගනිති...
රට වටේටම මුහුද...ගංගා ඇළ දොළ අපමණය 95% කටත් වැඩි පිරිසකට පීනන්නට බැරිය...
සිංහල කෙල්ලෙක් බිකිණිය ඇඳන් නෑවොත් හූකියති...මෙහේ කෙල්ලෝ ටී ෂර්ට් ඇඳගෙන නාති...
සුද්දෝ යුරෝපෙන් ඇවිත් සර්ෆින් කරති...අපේ එවුන් සෙක්ස් සර්ෆින් කරති...
රෙස්ටුරන්ට් වල හවස 2 සිට 6 දක්වා බියර් විකුණන එක තහනම්ය...තව තව ටුවරිස්ට්ලා ගෙන්නන්නට කතාකරති...
මාළු අල්ලන එකාට...මාළු විකුණන එකාට පව්කාර කාල කන්නියා...කියති 
ඌ අල්ලන මාළු වලින් ඩෙවල් හදාගෙන ගල් අරක්කු බොති, එකම හොරු සෙට්එක දෙකට බෙදා  මාරුවෙන් මාරුවට පාර්ලිමේන්තු යවා...මෙන්නෝ මුන් හොරකං කරනෝ...අල්ලලා හිරේ දාපියව් කියමින් කෑ ගසති...    
පෝය දාට කුකුල් මස් නොකති හාල්මැස්සන් කරවල කති
කරවල වල පව් වියලී වාශ්පවී ගොසිනි...සිමෙන්ති, ප්ලාස්ටර් ඔෆ් පැරිස් පිළිම වලට බත් කවති. සිමෙන්තියෙන් හදපු අලි ඔළු ගණ දෙවියාගේ පෑනෙන් ලියා විභාගේ ගොඩ දාගන්න පුළුවන් දැයි බලති. ඒවා බෙදන මන්ත්‍රී තුමාට චන්දය දෙති ...පෑනක් රුපියල් 10000ට විකුණන ආසිරි වනිගරත්නගේ වැඩමුළුවට 2000හෙ ටිකට් අරන් යති. ෆයිබර් හක්ගෙඩි ගෙදර තබාගත් විට බැංකු ගිණුමට ඉබේටම දිනපතා සල්ලි වැටෙනවායයි විශ්වාස කරති. සුළුහෝ රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර නයවෙමින් ස්වීප් හුරති. මාසෙකට ලක්ෂයකට වඩා උපයන්නට හැකි... ටයිල් අල්ලන්නට ඉගෙන නොගෙන...ෆිනෑන්ස් කර ත්‍රීවීල් කට්ටක් ගෙන...හන්දියක් ගානේ චාටර් වෙමින් පාරවල් අවහිර කරමින් වැරදි විදියට එලවමින් මිනිසුන් ගෙන් බැණුම් අසති. බෝගස් වලින්...අකිල පුතුගේ රාහු අපල දුරුවේවා, සිස්සත්තේ පාස් වේවා...කියමින් පිහිට ඉල්ලති...දිරාගිය මිනිස් දත් කෑල්ලකින් වර්ෂාව ලබාගන්නට හැකියයි විශ්වාස කරති...අරාබියට ගොස් වැහිපිරිත කියති... 

 මේක ලියලා ඉවර කරන්න බෑ බං...    

2 comments:

  1. සර් පොල් කඩන මැසිමක් හැදුවොත් මේ පොල් මිල අඩුවෙන්න එක ගොඩක් බලපායි පොල් කඩන එවුන් හොයන්න අමාරු නිසා තමයි වෙලාවට පොල් කඩන්න බැරි වෙන්නේ ( ඉන්දියාවේත් එහෙම එකක් හොයන වනාන් මිලියනයක තෑග්ගක් දෙනවා )

    ReplyDelete
  2. හරියටම හරි, ඕක තමයි යථාර්ථය. මේ වාක්‍යත් මම හිතන්නෙ ඕකට ඇතුලත් වෙන්න ඕනෙ.
    නරඹන්නා මෝඩයාය යන උත්කෘෂ්ඨ අදහස පෙරදැරිව අර බෝයිස් මේ බෝයිස් වැනි සිනමා නිර්මාණ කොට දැන් සිනමාව වැටිලා යැයි කෑමොරදෙති.
    ඉන්දියාවෙන් පන්නපු විජයගෙ ඉඳන්ම රජවරුන්ට දෙකට නැමී සිට යන්තම් සුද්දාගේ පිහිටෙන් ප්‍රජාතන්ත්‍රවාදය උගෙන තවමත් රජුන්ම ඉල්ලති.
    හෙළ වෙද මහතුන් පරම්පරා ගණණක් තිස්සේ ගුරු මුෂ්ටි තබාගෙන උගන්වා අද හෙළ වෙදකම වඳවී ගිහින්යැයි හඬා වැලපෙති.
    තව ඇත මතක නැත.

    ReplyDelete