Sunday, 5 February 2017

දොස්තර සටන


තමන් ඉගෙනගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය, ලැබ්වල කෙමිකල් නැත, උපකරණ යල්පැනගොස් කැඩීබිඳී ගොසින්ය. කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත. ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගවගාල් වැනිය. ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද . මේ කෑගහන දොස්තරලාගේ දරුවෝ.... බංගලිදේශයේ,ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ,පිලිපීනයේ,රුසියාවේ,ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති. දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන්කරන්නට දඟලන ඒකත් මේ වගේමය. බමුණු කුලය රැකගත යුතුය. ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ හොද්ද බොරවෙන බව දන්නා නිසාය . නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩදෙන්නේ නැත. මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇති වුවහොත් තරඟ කිරීමට සිදුවන නිසා ගාස්තු පහළ යනු ඇත. මේවායේ ප්‍රමිතිය ඉහලම මට්ටමේ නොමැති නම් ඒවාට කඩිමුඩියේ අනුමැතිය ලබා නොදිය යුතුය. කිසිම ප්‍රමිතියක් නැති සයිටම් එකේ ප්‍රශ්නය ඇතිවුනේ ඒනිසාය. ප්‍රමිතියක් නැති සයිටම් එකට GMOA සාමාජික...රජයේ දොස්තරලා ගණනාවක්ම තමන්ගේ දරුවන් ඇතුලත්කර...ගලේ පැහැරූ බළලුන්සේ සිටීම හාස්‍යජනකය. ප්‍රමිතිගත පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙහි පටන් ගත්විට විදෙස් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමට මෙහි පැමිණෙනු ඇත...  අපේ මුදල් ඉතිරිවී රටට ආදායමක් ලැබෙනු ඇත. අපේ ළමයි මේ සඳහා බංගලාදේශයටත් යනවා ඒ උපාධිය මෙහේ පිලිගන්නවා . .එහි ගිය ළමයින්ගෙන් ඒකෙ ප්‍රමිතිය ගැන දැනගත හැකිය...ලැජ්ජයි !    
රජයේ දොස්තරලා සමග එකතුවී ලෙඩුන්ගසාකන පුද්ගලික රෝහල් හරිම ශෝක්ය. ඔය කෑගසන්නේ වෙන මොකවත් නිසා නොවේ... දොස්තරලා වැඩිවී පුද්ගලික වෙදකමට කෙළවෙන නිසාය. හවස හතරටත් කලින් රෝහලෙන් පැනගොස් පුද්ගලික වෙදකම් කරන....ලයිට්කණුවට එකගානේ ඇති ලේ/ මූත්තරා....මෙඩිසින් & සර්ජරි කියා බෝඩ්ගසා ඇති පෙට්ටි කඩවලටත් ප්‍රමිතියක් තිබේද ? ගෙඩියක් පලා බෙහෙත්දැමීමට වඩා සර්ජරියක් මේවායේ කල නොහැකිය . පෙට්ටි කඩේ PP එක හරි ගියොත් ඉන්නා රෝහලෙන් මාරු කරන්නට මළාට බැරිය...මාරු කළහොත් වැටෙන්නේ ගෙම්බෙකු මෙන් පෙට්ටි කඩේ දිහා බලාගෙනය...ළඟ ඇති වෙනත් රෝහලකට කෙසේහෝ මාරුවීම හදාගනියි...ඔන්න දැන් කලින් සිටි රෝහලේ අලුත් දොස්තර ලෙඩේ අදිනවාය...පෙත්සම් ගහනවාය...වතුර ටැංකියට ග්‍රමොක්සෝන් දානවාය. දොස්තරලා දෙන්නෙක් PP කරන රෝහලක එක්කනෙකුගෙන් බෙහෙත් අරගෙන සනීප නොවුන විට...ගිහින් අනිත් එක්කෙනාට පෙන්නුවොත් බඩුමතමයි...මොනවද මේ දීල තියෙන්නෙ...පැනඩෝලුයි, අමොක්සිසිලිනුයි, පිරිටනුයි...බීකෝයි...මේවත් බෙහෙත්ද කියා කුනුකූඩෙට...දමා සමාන ඒවා වෙන නම් වලින් දෙයි.           
                  වෙනදා දොස්තරලා හතර දෙනෙක් සිටි මහ රෝහල් වල OPD එකේ දැන් දොස්තරලා 30/40ක් සිටිති. මෙන්න දොස්තරලාගේ අලුත්ම සෙල්ලම....තමන්ගේ ශිෆ්ට් එක පුද්ගලිකව වෙදකම් නොකරන ඩියුටි ඔෆ් දොස්තර කෙනෙකුට රුපියල් 2000කට (ලෙඩ්ඩු දෙන්නෙකුගේ ගාන)  විකුනා, රෝහලෙන් පැනගොස්...තමන්ගේ පෙට්ටිකඩය රෑ 11වනතුරු ෆුල් ටයිම්  රන්කිරීම. මෙසේ කරන්නේ ලෙඩ්ඩුන්ට ආදරේටය. ඔවුන් ඉඳහිට රෝහලට පැමිණෙන්නේ මූණ පෙන්වා ඩයරියේ බොරු OT ලියා...ඒකටත් මුදල් වංචාවෙන් ගැණීමට පමණකි. මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත් කිසිම දොස්තර කෙනෙක් මේලියන මොහොත අල්ලා ගෙදරයවා නැත. ඒ සෞක්‍ය සේවා ජනරාල්ගේ සිට පහලට සියළුම පරිපාලන කටයුතු කරන්නේ දොස්තරලාම බැවිනි...පරිපාලන නිලධාරීන් නොවන නිසා දන්නා පරිපාලනයකුත්නැත...මෙඩිසින් ප්‍රැක්ටිස් නොකරන නිසා මෙඩිසින් දන්නෙත් නැත....ඉස්පිරිතාලවල වැදගත් අත්‍යාවශ්‍ය කිසිම බෙහෙතක් නැත්තේ, ලැබ්වල කෙමිකල් නැත්තෙත් මේ නිසාය. දොස්තර කුමන වරදක් කලත් තමන්ගේඑකා බේරාගැනීමට සංගමය පැනලා ඉදිරිපත්වෙයි. බේරෙන හැටි ගැන නීති උපදෙස් දෙයි. ඉතිං අයියන්ඩි කුමට බිය වන්නද ? ෆුල් ටයිම් කඩමු පොල් !.  ඕනෑම මහරෝහලක තත්වේ ඕකය. . .බොරුයි කියනවා නම් ඔප්පුකර පෙන්වීමට සූදානම්ය.  
                                      දත් දොස්තරලා...හීන්නූල් කාරයෝය...එක්කෝ චෙයාර්එක කැඩිලාය...එක්කෝ ලයිට්නැත...නැත්නම් වතුරනැත...ෆිලින් මැටීරියල් නැත...එහෙමත් නැත්නම් උදව්කරන සුලුසේවකයා නිවාඩුය. දත්ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත. ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම්ගසමින්/ෆේස්බුකියේ කැරකෙමින් සිට දවල් 11වනවිට පැනගනියි. ඩයරිය චෙක් කලොත් උදේ 8සිටසවස4 දක්වා වැඩකර තිබේ. කරන ඔන්කෝල් එකක් නැතත් ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ. පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි. මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය. දත් දොස්තරලා වැඩකරන්නේ උදයවරුව පමණකි. කඩාපනින හමුදාව චෙක් කලොත් පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ. පුද්ගලික දත්කඩයේ ජෙනරේටර්, වතුර,ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර්එකක් තිබේ...හෝගාලා වැඩය. දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති. දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩිවැඩිවීම් දත්දොස්තරලාටත් ඉබේම ලැබේ. ෆුල් ආතල්ය.
දොස්තරලා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති කුඩා රෝහල් සහ ඩිස්පැන්සරිවල කොයි වෙලෙත් වැඩකරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණකි. එත් වරුවක් පමණකි. (අර ලීව් චිට්එක ? ආ ඒක තියෙනවා) හවසට අනික් දෙදෙනාගෙන් එක්අයෙක් කවර් කරයි. තිදෙනෙකුට කරන්නට තරම් දෙයක් මේ ආයතනවල නැත. වෙනදා එක දොස්තරකෙනෙක් පමණක්සිටිMOH ඔෆිස් වල පවා දොස්තරලා හතර පස් දෙනෙක් සිටිති. වරුවක් පමණක් වැඩකරන මේ ආයතන වල දොස්තරලා එකිනෙකා මුණගැසෙන්නේ පඩි දිනයට පමණකි. සියළු දෙනාම ෆීල්ඩ් එකේය.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයිවෙට් බස්එකක්මෙන් දොස්තරලාගෙන් පුරවාතිබේ. අතිරික්තයක් මිස කිසිදු දොස්තර හිගයක් නැත.
                                                         චැනල් ක්‍රීඩාවේ යෙදෙන විශේෂඥ දොස්තරලා ගැනද නොකියාම බැරිය. මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි ).  හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ.... රෑ අටවෙන තුරුත් පැමිණ නැත. රජයේ රෝහලේදී විනාඩි පහේ පරක්කුවට කෑගහන ලෙඩ්ඩු...රෝගී මූණූ, හපුටු කරගෙන මනා ඉවසීමෙන්... සීරුවෙන්... ප්ලාස්ටික් පුටු රත් කරමින් බලාසිතිති. ඔන්න.... චැනල් සෙන්ටර් කීපෙකට ගොස් සල්ලි පොට්ටනිය කාර්එකේතැබූ එතුමාණෝ.... නලාව කරකවමින්...පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි.... වෛද්‍ය පික්පොකට් මහතා හමුවීමට පැමිණි රෝගීන් 33 කාමරයට පැමිණෙන්න....ලවුස්පීකරේ කෑගසයි... ලෙඩ්ඩු දොරගාව පොරකති. සෙරෙප්පු ගලවන්න, ෆෝන් ඔෆ් කරගන්න...හා ෂර්ට් එක ගලවන්න ඉක්මනට...ඉක්මනට...සුදු කොටගවුම් ගැටිස්සී මොරදෙයි. පුදුම හදිසියකි. මොකද අමාරුව...වැල්වටාරං නැතුව ඉක්මනට කියන්න...තව 68දෙනෙක් ඉන්නවා…විනාඩි පහයි ගේම ඉවරයි පුදුම රෝගී පරීක්ෂාවකි...කොලිටිම රෝගී පරීක්ෂාවකි....කොම්පියුටරයක් වගේය ...හරි...හරි...මේ පරීක්ෂණ ටික කරගෙන ආයෙත් එන්න...දැනට මේක බොන්න. (දකුණු අතින් නලාව තබා වම් අතින් පොකට් එකට විද්දේය.) Proper history taking, inspection, palpation, percussion, and auscultation... differential diagnosis? side effects of drugs? එන්න එපා මාත් එක්ක පණ්ඩිතකං දොඩවන්න...මේව බොනව හරිද... නාන්නද සර්..හොඳට නාන්න...ඊළඟ එන්න...මොනවද සෑර්කන්න හොඳ...ඇපල්, මිදී, චීස්,බේකන්,පිට්සා වගේ ඒව හොඳයි....මාමයිට් බොන්න...ඊළඟ එන්න. 
මේ කරන සෙල්ලම...තමන් ඉගෙනගත්, උසස් අධ්‍යාපනය ලැබූ ඉංගලන්තේදී කරානම්...අවම වශයෙන්   අවරුදු දහයකට හිරේ ගොස්....ලෙඩාට වන්දිත් ගෙවීමට සිදුවනවා සිකුරුය. 
                              සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි (ලංකා හොස්පිටල්) දොස්තරට 1000යි. දිනකට 50 බැගින්(හුඟක් අය එයිට වැඩිය බලනවා)  දවස් 330ක් (35ක් නිවාඩු කියමුකෝ) ලෙඩුන් බැලුවොත් වාර්ෂික ආදායම 50X 1000 X 330 = 16500000 + (වාර්ෂික වැටුප් )1800000 = 18300000 (ලක්ෂ 183යි, ලැබ්වලින්, බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්‍රණ හැර )...නෑ...කොහෙත්ම පාඩු නෑ! .              
                            දැන් කියන්නට යන්නේ රෝහල් එකක වත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැති වීමට හේතුවයි. ශ්‍රී ලංකාවට ගෙන්වන බෙහෙත් වර්ග අනුමත කිරීමට කොමිටියක් තිබේ. මේකේ සාමාජිකයෝ දොස්තරලාය. නියමෙටම  හොද්ද බොර කරගෙන....කොළඹ ස්විමින්පූල් සහිත  ගෙවල් දෙකතුනක් ඉක්මණටම හදාගතහැකි ජොබ් එකකි. කොම්පැණි (බොහෝවිට ඉන්දියන් ) කාරයින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන...කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් වර්ග( බෙහෙත් නිපදවීම  ඉන්දියාවේ ගෘහකර්මාන්තයකි)   නිසි පරීක්ෂාවකින් තොරව අනුමත කිරීමට මේ දොස්තරලා සතයක් වත් පගාව ගන්නේ නැත. එක බෙහෙතක් අනුමත කරවා ගැනීමට අති විශාල මුදලක් වියදම් කිරීම...මේ සමාගම් වලට කජ්ජකි. තරුපහේ හෝටල්වල පවත්වන දොස්තරලාගේ සියලුම සම්මන්ත්‍රණ, ගෙට්ටුගෙදර්, AGM වලට බරපැණ දරන්නේ දැවැන්ත ප්‍රකෝටිපති අන්තර්ජාතික ඹෞෂධ සමාගම්ය. කෝටි ගණන් වියදම් කර ගෙන්වන මේ ඉන්දියන් බාල බෙහෙත් වර්ග වලින් බොහොමයක් නියමිත දිනට කලින් නරක් වෙයි. ඉන්ජෙක්ෂන් වල පාට වෙනස් වෙයි...පෙතිවර්ග කුඩුවී දියවෙයි...එවිට කරනුයේ මෙම බෙහෙත් වලලා දැමීම පිණිස ආපසු එවන ලෙස දන්වා චක්‍රලේඛන සියගණනක් වසරකට නිකුත් කිරීමයි. මේවනවිට මේ බෙහෙත් වර්ග බොහොමයක් රෝගීන් වෙත නිකුත්කර හමාරය. (ඔවුන් සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි ). මේක බොරුවක්ද කියා ඕනෑම රජයේ දොස්තර කෙනෙකුගෙන් අහන්න. මේ තක්කඩි වැඩේ දිගින් දිගටම අනාදිමත් කාලයක සිට සිදුවන නමුත් බෙහෙත් හිඟයේ වගකීම බාරගන්නා කෙනෙක් නැත. මේ කෝටි ගණන් වලලන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. දොස්තරලාගේ ගෙට්ටුගෙදර් සියල්ලටම ස්පොන්සර් කරන්නේ ඔෞෂධ සමාගම්ය.     
උපදේශකයින් ලෙස පමණක් වෛද්‍ය මණ්ඩලයක් තබාගෙන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අරක් ගෙන ඇති, පෙන්ෂන්යනතුරුම මහජන මුදල් ගසාකමින් දෙපාර්තමෙන්තුවේ ලැග ඉන්නා (මොවුන්ට මාරුවීම් නැත).... දොස්තර මාෆියා ඩිරෙක්ටර් නඩය එලවා දැමිය යුතුය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් පරිපාලන නිලධාරීන්ට බාරදිය යුතුය. විසඳුම එයයි. මෙසේ කළහොත් දොස්තරලා මාසහයක් එක දිගට ස්ට්‍රයික් කරනු ඇත. කුහක බමුණුකුල GMOA එක...  හෙදියක් වෙදනලාව පාවිච්චිකර BP බලනවාට විරුද්ධවිය...නර්ස්ලාට, පාමසිස්ට් ලාට පැරා මෙඩිකල් අයට, RMO ලට, ඔක්කොටම ඩිග්‍රීයක් ගන්න නොදී කැපුවා දැන් සපෝට් එකට කව්රුවත් නැත ! මේ සුපිරි බුද්ධිමතුන් තමන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දොස්තර  පුතුට කසාද බැඳීමට සොයන්නේ අඟහරු 7 නැති බොදු ගොවි  කේන්දරය...බෙන්ස් කාර් එකේ දෙහි ගෙඩි සහ මිරිස් කරල්ද එල්ලා ඇත ! 

38 comments:

  1. මේ පෝස්ට් එක පත්තරේකට ඇරියොත් පබ්ලිශ් කරයිද සරත්....?
    ට්‍රයි කරලා බලමුද...?

    ReplyDelete
    Replies
    1. දාපන් මචං ! මං දැම්මා පළකරේ නෑ !

      Delete
    2. උඩුවට කිව්වනම් රාවයට දාන බැරිද ?

      Delete
    3. ඇත්ත බෙහෙත් වලටත් වඩා තිත්තයි...
      මම මේක රුවන්ගෙ ළිපියට පස්සෙ මගේ එකේ දාන්න අවුල් නැද්ද...?

      Delete
    4. Hello RMO mahaththayo
      Obathumata MBBS ganna beriuna ekata katavath vaira karala vedak nm ne

      Oya kiyapu okkoooma Dr lagen 10% ayata thama gelapemme
      Mokada 10% ho eta aduven thama PP karanne


      Anith 90% gena oyata kiyanna thiyenne monavada

      Davasata peya 4k vitharak ot ganna api re elivenakm oncall karana eka gena monada kiyanne

      Oyalanm opd vitharane kale
      Eka nisa oncall genanm dannethiva athi..

      Delete
    5. 2000 ta eha thiyena faculty valin egenagena WHO health index vala udinma enna bava amathaka unada

      Hora beheth dunnath evath answer karala leddu sanepa vena bava amathaka unada

      Delete
    6. This is one of the best writing I have seen on this .... WHO index is not a measure of doctors quality. Freely available health services, peoples level of literacy together with some basic level health staff ( not only doctors, other staff as well) will achieve this. Not only the doctors, all others from SL universities think they are the top quality. You need to go out to see where you are .....

      Delete
  2. කුහකත්වයෙන් පාට කණ්නාඩි දැමු සියළු දෙනාගේ ඇස් ඇරෙන්නට මෙවැනි යතාර්ථවාදී කරුණු දැක්වීම් හේතුවාසනා වේවා....

    ReplyDelete
  3. ! මේ සුපිරි බුද්ධිමතුන් තමන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දොස්තර පුතුට කසාද බැඳීමට සොයන්නේ අඟහරු 7 නැති කේන්දරය...බෙන්ස් කාර් එකේ දෙහි ගෙඩි සහ මිරිස් කරල්ද එල්ලා ඇත ! - මේක තමයි මරු කතාව...

    ReplyDelete
  4. ඇත්ත බෙහෙත් වලටත් වඩා තිත්තයි...
    මම මේක රුවන්ගෙ ළිපියට පස්සෙ මගේ එකේ දාන්න අවුල් නැද්ද...?

    ReplyDelete
    Replies
    1. කිසි අව්ලක් නෑ...මම නියම නමින් පෙනී සිටින කෙනෙක්

      Delete
  5. Shanaka Madushanka Rulz

    https://www.facebook.com/shanaka.madusankarulz

    ඔහු එක් නගරයේ ප්‍රසිද්ධ චැනලින් එකක විශේෂඥ වෛද්‍යවරයෙක,තාත්තගේ අසනීපෙකට බෙහෙත් ගැනීමට ඔහු වෙත ගියෙමි.CT scan එකක් කලයුතු යැයි කීමෙන් අනතුරුව ඔහු කලේ ප්‍රමෝශන් එකකි එනම් රජයේ රෝහලේ එය කරනවනම් දවස් ගනන් නැවතී සිට පෝලිමේ සිට කරගත යුතුය,මෙහෙ මෙහෙමය ගනන මෙයය.ඉතින් මෙතනින් කරගන්න එක ලාබය යනුවෙනි.ඒ වෙහෙස අපේ සෙත වෙනුවෙන් නොව ඔහුගේ කොමිස් කුට්ටිය වෙනුවෙනි.අපගේ දනවත් බව නිසම රෝහලේ නැවතී එය කරගැනීමට සිදුවිය,ඔහු එම අන්ශයේ ප්‍රදානියාය..අනෙක් සියලු දොස්තර වරුන් ඔහු යටතේය.ඔහු හමුවී ගිය නිසාමදෝ එදාම රෑ පරීක්ශනය සිදුකර තිබිණි.නමුත් සාමන්‍ය ලෙස රෝහලේ නැවතුනු ලෙඩුන් බොහෝ දෙනෙක් එම පරීක්ශනය කර ගැනීමට සති ගානක් තිස්සේ පෝලීමේය එය පසුව වැටහුනු කාරනාවක් විය.අපගෙ වැඩේ කරගත්තත් සතුටකට නිදහසකට වඩා දැනුනේ මහා දුකකි අනෙක් පිරිස ගැන අනුකම්පාවකි.විශේශම දේ එය මානසික වාට්ටුවකි ඉන්න ලෙඩුන්ගේ සිහිය හොද නැතිය.සිහි කල්පනාව තිබුනත් ඒ පුද්ගලයාත් එම වාට්ටුවේය එනම් අර කූඩූවේය.අනෙක් අයගෙන් නොසෑහෙන කරදරය.ඒ පිරිස් මැද පරීක්ශනය කර ගැනීමට බලා සිටින සිහි කල්පනාව ඇති පුද්ගලයෝද වෙති.වෛද්‍ය වරයා චැනල් කර එන පිරිසට සාපේක්ශව අර ලෙඩුන්ගේ පරීක්ශන දිනය කල් යන්නේය.ඉන් පසුව මසකට වරක් රෝහලේ ක්ලිනික් එකට යා යුතුය ඉහත කී වෛද්‍ය වරයා පැමිනි පසු තව දොස්තර වරු හතරක් පමණ සිටියි එම කාමරය තුල අර වාට්ටුවේ පිරිස 30-40ක් වැඩි මිසක් අඩු නැත පිටතින් පැමිනෙන පිරිසද සිටියි.මිස් කෙනෙක් අතට නම් ලිස්ට් එක ලැබුනු පසු එකින් එක කාතා කරයි.අතුලට ගිය පසු අනෙක් වෛද්‍යවරු වාර්තා කියවන විට අර වෛද්‍යාවරයා අත්බැදගෙන උපදෙස් ලබා දෙයි.නම් ලිස්ට් එක ඉවර වූ පසු වෛද්‍ය වරයා එතනින් පිට වෙයි.විශේශම දේ අර නම් ලිස්ට් එකේ සිටින්නෙ ඔහුගෙන් චැනල් වූ පිරිස පමනකි.එතකොට අනෙක් අය?සමහරවිට අනෙක් වෛද්‍යවරු ඔවුන් පරික්ශා කරනවා වෙන්නට පුලුවනි.එය රෝහලේ ඔහුගේ සිද්දි දාමයය.

    පසු කාලෙක නැවතත් අපි ඔහුව චැනල් කර හමුවීම්මට ගියේය.හමිවිනි රෝගියා පරික්ශා කලේය.බෙහෙත් ලබා දී(ලියා දී) සතියකින් ආපසු එන්නට යැයි ඔහු පැවසුවේය.ගාස්තුව 1150/-කි.දන්නා තරමින් වැයිද්‍යවරයාට 900/-කි.හොදම දේ ඔහු මෙසේ පැවසීය.ාවසානයේ ඔහු මෙසේ පැවසීය "ආයේ එන කොට චැනල් කරලා රුපියල් 1150 ම ගෙවන එක අපරාදයක් නිස ඕගොල්ලෝ අනිත් පාර එනකොට දොර ලග ඉන්න මිස්ට රිපෝර්ට් එක පෙන්නන්න අවේ කියලා ඇතුලට එන්න.මගෙ ගාස්තුව ලියුම් කවරෙක 1000ක් දාලා අරගෙන එන්න " අවුරුදු ගානකට කලින් මේ සිද්දිය උනත් ඒ කතාව තමත් මතකයේ තිබෙන්නේ ඒ තරමටම පිලිකුලකින්ය.අහින්සක මිනිස්සුන්ට කෙලින මුන් උන්ට අවස්තාව හොයලා දෙන චැනලින් සෙන්ටර් වලට Rs 100 වෙනුවෙන් අරින්නේ එසේය.ඔවුන්ට එසෙනම් අපට අර වාට්ටුවේ මාස ගානක් ඉන්න දුප්පත් අහින්සක උන්ට කෙසේ ද? නිතර පිටරට යන එන මොහු මහා සල්ලි කාර,විශේෂඥ වෛද්‍යවරයෙක් ය.ඔහුගේ ක්‍රීයවන් එසේය.මෙය මගේ සත්‍ය අත්දැකීමකි..අපෙන් ඉගෙනගෙන අපිටම කෙලින මුන්ටද හෙන ඉල්ලුවත් එය අසාදාරණයක් නොමැත.ඔබගේ වචනයක් පාසා පිලිගතහැක.ඉක්මනින් මුන්ගේ බලුකම් වලට විසදුමක් සොයා නොගත්තොත් සිදු වන්නේ මහා විනාශයකි.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි බෙහෙත් ලියන්න කොළ කෑල්ල දෙන...චැනල් සෙන්ටරෙටත් කෙළිනවා !

      Delete
  6. වෛද්‍ය සරත් විමලසූරිය පොල්ලෙන් ගැහුවා වගේ කියලා තියනවා

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ කොල්ලෙක් !

      Delete
  7. ඔය චැනල් සෙල්ලම් කරනා පෞද්ගලික රෝහල් වලත් රෝගින්ට කිසිම සැලකිල්ලක් දන්වන්නේ නැත. වෙන ලෝකයක් පෞද්ගලික රෝහලේදි චැනල් රිසිට් එක දෙන්නේ නැතිව දොස්තර එනකම් ඉන්න කියලා පැයක් පමන තියාගත්තා. පැය එකාහාමරකට පස්සේ කියනවා දොස්තර 4.30 ආවලු 10වැනි තට්ටුවට යන්නලු. චැනල් රිසිට් එක එතැනින් ගන්නලු. 10 වනි තට්ටුවෙන් කියනවා බිම් මහලෙන් අරගෙන එන්න කියලා. මම කිව්වා මට බෑ ආයෙත් පහලට ගිහිල්ලා රිසිට් අරන්න එන්න කියලා. අන්තිමේදි උඩයි පහලයි උන් රන්ඩුවෙන්න පටන් ගත්තා. මේ සිද්ධිය ලොකු කතාන්දරයක් කෙටියෙන් ලිව්වේ. වෙනලොක චෙයාර්මන් දාසධර්මට ලිපියක් දැම්මාත් උත්තර නෑ.මග මලත් ආයෙමත් වෙනලොකේ දොස්තරලා චැනල් කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. චැනල්කඩේ ඉන්නා දොස්තර පැටියා
      සල්ලි ගණන් කරමින් ලැගලා හිටියා වැල නොකැඩී ලෙඩ්ඩුත් පැමිනෙණ සැටියා නිවන් පුරේ පලයන් දොස්තර පැටියා

      Delete
  8. This is the real situation in Sri Lanka.

    ReplyDelete
  9. කොන්ද පන තියන ශ්‍රී ලාංකිකයෝ තවත් ඉන්නවා කියල ඔබතුමා සැබවින්ම ඔප්පු කර තිබීම ගැන ආඩම්බරයි..

    ReplyDelete
    Replies
    1. අපි අම්බලංගොඩ ධර්මාශෝකේ කොල්ලොනේ මචං !.ඔබතුමාගේ අම්බලංගොඩ කථා ප්ලේන්ස් ට්‍රේන්ස් & ඔටෝමෝබයිල්ස් පට්ටයි !.

      Delete
  10. අපි කිව්වොත් අවුල්..දොස්තරකෙනෙකුම කිව්ව නිසා හොඳයි. මාත් මේක පත්තරේකට යවනවා. පළවෙයිද බලමු.

    ReplyDelete
  11. This is absolute truth. But cannot apply to all doctors in all hospitals at all time.

    ReplyDelete
  12. But cannot apply to all doctors in all hospitals at all time...there are some good doc's (Like Me ).

    ReplyDelete
    Replies
    1. Me vage balu katha hemotama adala venna kivama venne thamange jevithema hospitl venuven kepaunu minissuth narak vena eka

      Me doctrge pp ekata leddu avenedda manda..

      Delete
    2. Me vage balu katha hemotama adala venna kivama venne thamange jevithema hospitl venuven kepaunu minissuth narak vena eka

      Me doctrge pp ekata leddu avenedda manda..

      Delete
  13. දොස්තරලා තමන්ගේ බමුණු කුලය වෙනුවෙන් පෙනි ඉන්නවා වගේ ලෙඩ්ඩු වෙනුවෙන් පෙනි ඉන්නවා නම්.එත් හැමදේම මුදල් මත තීරණය වෙන සමාජයක් උඩ දොස්තරලා දුවන්නෙත් පිස්සු බල්ලෝ වගේ.දැන් දොස්තර සේවය ගරු සේවයක් නෙමේ.

    ReplyDelete
  14. පට්ට.. ඔය බෙහෙත් ගෙන්නන මාෆියා ව ගැන AT සුදර්ශන දොස්තර මහත්තයට කියන්න දේවල් ඇති. බලමු මේක දකියි ද කියල..

    ReplyDelete
    Replies
    1. https://4s7sw.blogspot.nl/2017/02/blog-post.html?m=1#comment-form


      Just look at this pic..
      And comment about O/S drusg

      Delete
  15. ලංකාවේ අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන තියෙන්නේ වෙනම අදහසක් නමුත් මේ දොස්තර කෙරුවාව ගැන තියෙන්නේනනම් අපරිමිත කලකිරීමක් ... මම හිතන්නේ හැම ඉහළ ධනපති උදවියට ඇරෙන්න අනික් හැමොටම තියෙන්නේ දරුණු අත්දැකීම් අපේ වෛද්‍යවරු සම්බන්ධව මහනුවර රෝහලේ 30 වෙනි වාට්ටුවට ගියානම් අහිංක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත ඔය දොස්තර ඇත්තෝ ඒ මිනිස්සු ලෙඩ වුණාම සළකන විදිහ හොදට හිතාගන්න පුළුවන්...අනික මේ සිද්ධ වෙන දේවලට විරුද්ධ වුනොත් දොස්තරලා හිතන්නේ අනික් අයට දොස්තර කෙනෙක් වෙන්න බැරිවුණාට ඉරිසියාව කියලා .. මම මේ කල්පනා කරන්නේ මොනතරම් හීන මානයක්ද

    ReplyDelete
  16. පිටරටක සේවයකරන ඩොකෙක් නිවාඩුවට ලංකාවට ගිහින් ඇවිත් මට කියපු කතාවක්.

    එයාගේ ගමේ මිනිහෙක් ඩොක් මුදලාලි කෙනෙක් ගාවට ගිහින් බඩේ අප්සට් එකකට. බලපු ගමන් කියලා ස්කැන් එකක් කරන්න කියලා. මගේ යාලුවා ලංකාවට ඇවිත් කියලා දැනගෙන මේ හාදයා එයාගේ ගෙදරට ඇවිත්. බලපුවාම දවස් ගානක ඉඳන් තියෙන මළ බද්ධයක්. දවස් දෙකක් ලැක්ටියුලොස් දුන්නාම වැඩේ ඉවරවෙලා. අර හාදය පින් දෙනවලු. දුප්පත් මිනිස්සුන්ව හූරන් කනවා.

    ReplyDelete
  17. මේ දොස්තරට පිස්සු කියල ජීඑම්ඔ්ඒ ඩොක්ටර්ල කියන එක සාදාරනයි.. ඇයි හැබෑට මේ වගේ අතේ පැල වෙන බොරු කියන්නේ.. හැක්

    ReplyDelete
  18. මම ලියන දෙය උබල විස්වාස කරන එකක් නැහැ , හැබයි මේ සිද්දිය උනේ මගේ පියාට මේකට මුණ දුන්නේ
    අපි නිසා මමත් මේක විස්වාස කරනවා .

    මගේ පියාට මීට අවුරුදු 15කට විතර ඉස්සෙල්ල , පපුවේ අමාරුවකට මේ රටේ ප්‍රදානම රජයේ රෝහලේ
    හදවත් ඒකකයට ඇතුළු කළා . එහිදී එහි ඉන්න ප්‍රදාන දොස්තර මුදලාලි මහතා N G O GRAM ටෙස්ට් එකක්
    කරවල බයිපාස් එකක් ඉතා ඉකමනින් කල යුතු බවත් පෞද්ගලික රෝහලට ඉකමනට ඇතුලත් වෙන්නත් උපදෙස් දුන්න . ඒ වෙනකොට ලංකාවේ බයිපාස් සැත්කම් එතරම් සුලබ නැහැ .ඒ හින්ද ඒ දවස්වල ලංකාවේ පෞද්ගලික රෝහලක හිටිය එංගලන්තෙන් ආපු ලංකාවේ දොස්තර කෙනෙක් ලව්වා
    මේක කරවගන්න අපි තීරනය කෙරුවා . අර දොස්තර මුදලාලිත් මේ රෝහලේ චැනලින් සේවයේ . කුමක් හෝ විදියකින් ඔහුට මේක ආරංචි උනා .
    මරණය පෙනී පෙනී ඉන්න මගේ තාත්තගේ , NGO GRAM රිපෝර්ට් එක රජයේ රෝහලින් අතුරුදහන් වුනා .
    මාසයක් යනතුරු නැවත එම පරීක්ෂණය කිරීම අනතුරුදායක නිසාත් , මගේ පියාගේ තත්වය බරපතල නිසාත් අපේ දොස්තර මහතා , මුදලාලි දොස්තර
    හමුවී පෞද්ගලිකව ඉල්ලා සිටිය එම වාර්තාව දෙන ලෙස . එය අස්ථානගත වේ ඇති බව දැනුම් දුන්න .
    අවසානයේ සියලු අවදානම සමගින් නැවත එම පරීක්ෂණය කරා .
    කතාව එතනින් අවසන් නැහැ .
    සැත්කම සදහා රෝහලට ඇතුළු වීමට පෙර දින රාත්‍රී අපේ ගෙදරට දුර කතන ඇමතුමක් අවා . හොද වෙලාවට එකට පිළිතුරු දුන්නේ මගේ මව .
    දුරකථන ඇමතුම අවසානයේ මගේ අම්ම බයෙන් බිරාන්ත වෙලා හිටියේ . දුරකතන ඇමතුම දීල තිබ්බේ තව දොස්තර කියාගත්ත එකෙක් .
    ඒ පරය කියල තියෙන්නේ, අපේ දොස්තර මහතා බයිපාස් කරපු පසුගිය ලෙඩුන් දෙදෙනාම මියගිය බවත් , ඔහුට මේ සැත්කම නොදෙන ලෙසත් .

    රාත්‍රියේම අපි අපේ දොස්තර මහතාට ඇමතුමක් අරගෙන මේ බව දැනුම් දුන්න , ඔහු කි කතාව පුදුම එලවන සුළු එකක්
    මෙවැනි දේවල් ඉතා සාමාන්‍ය බවත් , දැන් ඔහු මේ මාෆියාවට හුරුවී ඇති බවත් ඔහු කිව .
    ඒ වගේම දුප්පත් මිනිස්සු සදහා නොමිලේ බයිපාස් සැත්කම කිරීම සදහා පැමිණි පිටරට වෛද්‍ය වරයෙකු මරණ තර්ජනය කර
    නැවත යැවු බවත් ඔහු කීව .

    මේ කතාව පරණ එකක් උනත් එදායින් පසු , ලංකාවේ වෛද්‍ය වුර්තිකයන් කෙරෙහි මගේ ඇති පිළිකුල තවමත් එහෙමමයි .

    ReplyDelete