Tuesday, 17 January 2017

බටහිර සංස්කෘතිය



බටහිර සංස්කෘතිය...අම්මෝ කාමුකයි නීචයි ෂොපින් යන්නෙත් ජංගි කූති ඇඳගෙන...ඒ මදිවට පාරෙ කිස් කරනවා...ගෑණු ගෑණු ...මිනිස්සු මිනිස්සු...කසාදත් බඳිනවලු...ඊය...! , බටහිර ජීවන රටාව...ගන්න දෙයක්නෑ...මස් පුච්චන් කනවා... ක්ලබ් යනවා බියර් විස්කි සිගරැට් ගංජ බොනවා, (රහසින්... කනට කර... ඉස්කෝලෙ යන ළමයිත් ලිංගික සම්බන්ධතා පවත්වනවලු)... ලිවින් ටුගෙදර් ඊළඟට දික්කසාද වෙනවා...ආගමක් ධර්මයක් නෑ...හැම එකටම ෆකින් කියනවා... බටහිර ආධාර...ඔය ලංකාව අල්ලගන්න කරන කපටිකම්...දුවයි පුතයි දැක්කෙනෑ කාලෙකින්...ආ ඒගොල්ලො ඇමරිකාවට මයිග්‍රේට් උනා...අපිත් ලඟදි එහේ යන්නයි ඉන්නෙ.

8 comments:

  1. ඔව්වත් කමක් නැ කියමුකෝ බටහිරට ...usb පෝට් එකයි mini usb දෙකකුත් තියනවා

    ReplyDelete
  2. +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. දෙලොවක් අතර ගන්න පොඩි ආතල්නේ සමහරක් අයගේ. අත් දෙක වෙනුවට තව කකුල් දෙකක් තිබුනා නම් හිතෙයි අත් දෙක කොච්චර වටිනවාද කියලා..කොරු සහ අන්ධයො..කරේ තියන් ගියොත් අවසානයේ මරනවාම තමයි. ඔබ තුමාට තේරෙනවා ඇති කියා හිතෙනවා. මටත් හිතා ගන්න බැහැ තාම මං කොයි වගේද කියලා. "මං" තාම හොයනවා... :D

    ReplyDelete
  4. බටහිරට දොරවත් තියන්න හොඳ නැත්තේ ඕකනේ!

    ReplyDelete
  5. එළිපිට කොරන එකයි වැඩේ. ඒකට අපේ එවුන් ගානට නොදන්දෙන්න වැඩේ දෙන්නේ. ගතියක් තියෙන්නේ හොරෙන් කෑවම නේ.

    ReplyDelete