Wednesday, 4 January 2017

සන්නා


උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ පුංච් කාලෙ සමාජයෙන් ඇතිතරම් බැටකාල අධ්‍යාපනය තුලින්...ඌ හිටපු කුණු කාණුවෙන් එළියට ආපු එකෙක්. උඩට ආවට පස්සේ කැපිලි කෙටිලි අපහාස කළා මිසක් උඩට එන්න කව්රුවත් අත දුන්නෙ නෑ. ඌ උගේ හැකියාවෙන් උත්සාහයෙන් සිංහල ඉගෙනගත්ත, පොත් ලිව්වා, ෆිල්ම් හැදුව, සිංදු ලිව්ව ඒව මාකට් කළා ලංකාවේ ඉන්න හොඳම මාකටිං පොරක්, ධනවතෙක් උනා. පොඩි පොඩි හොරකං කරපු එකත් ඇත්ත. ඒක හයිලයිට් කරල ඌ කරන කියන දේවල තියෙන ඇත්ත නැති කරන්න බෑ....ආර්ථිකව සමාජයිකව ඌ ඉන්න තැනට ඊර්ෂ්‍යාකරන...කිසිම උපන් හැකියාවක් නැති නිකම්මුන් කියනදේවල්...ඌ පඩේකට ගණන්ගන්නෙ නෑ. ඌට ඉල්ලංකාවේ කුහක දුෂ්ඨ සමාජෙත් එක්ක ඇරියස් එකක් තියෙනව කියනඑක පැහැදිලියි. ඌ සරම උස්සලා ජොකා පෙන්නගෙන මේ ගතානුගතික කුහක සමාජෙට ඇට්ටි හැලෙන්න ගහන්නෙ ඒකයි...ඌ හිල්ටන් එකේ විස්කි බිබී 31st නයිට් ගතකරන්නෙ ඒකයි. සිංහල බහුජ්ජ සමාජෙට කෙයාර් නොකර ගන්ජ සුරුට්ටුවක් ප්‍රසිද්ධියේ බොන්න ඌට පුළුවන්. ඌ හඳ පෙන්නුවහම ලංකාවෙ සම හරක් බලන්නෙ ඇඟිල්ල දිහා. සන්න දූරියන් වගෙයි...මං ආසයි දූරියන් වලට.
https://www.youtube.com/watch?v=0MeHn6lz6k4&app=desktop


26 comments:

  1. බුකියෙත් ඔය කෝවිලකට ගියපු එකක් පච කරනවා මන් දැක්කා. අනේ මන්දා මට තේරුම් ගන්න බෑ මොකද්ද ඒකෙ වැරද්ද කියලා. ඌ ඔය කෝවිල් වලට ඇට්ටි හැලෙන්න දෙන එක කාටවත් පේන් නෑ.මාත් සන්නට කැමතියි.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=0MeHn6lz6k4&app=desktop

      Delete
    2. මළබර දෙරනේ ලින්ක් හොය හොය හිටියේ ස්තූතියි.

      Delete
    3. බුකියේ යන කොට වීඩියෝ කැල්ලේ තියන සමහර කොන්කෑලි මේ දිග වීඩියෝවේ නෑනේ.

      Delete
  2. අමුතු පොරක්. පොඩි දේශපාලන වැඩකට දවස් කීපයක් මට මෑන් එක්ක සෙට් වෙන්න උනා හැබැයි දැන් ටිකක් කල්. එතනදි මට තේරුනා සන්නාගේ තියෙන්නේ අමුතුම දර්ශනයක් කියලා. හැබැයි ඒ දර්ශනේ අපට දිරවනවා ටිකක් මදි.

    ReplyDelete
  3. පොඩි පොඩි අවුල් තිබුනට සන්නා කියන්නේ ජාතික වස්තුවක්...

    ReplyDelete
    Replies
    1. ජාතික වස්තුවක් නම් පොඩි පහේ අවුලක් වෙන්න බෑනේ.

      Delete
  4. පෙරේදා සන්නා සංඛගේ රෙදි ගැලවෙන්නම දුන්නේ.දෙරණේ සංඛට වඩා චතුර පොඩ්ඩක් හරි හොඳ සංඛ තරම් චතුරගේ අදහස් ජාතිවාදී නැති නිසා.

    ReplyDelete
    Replies
    1. මනෝ.....මොකක්ද වැඩ සටහන.

      Delete
    2. අරුණ - වැඩසටහනේ ලින්ක් එක උඩ සටහනේ අන්තිමට දාලා තියෙනවා. වෙලා තියෙනව නම් බලන්න. පාඩු නැහැ

      Delete
    3. තෑන්ක්ස් අරවින්ද.

      Delete
    4. සංඛට අංක නැතිවෙන්න දීලා නේද....

      Delete
    5. අරූයියා,ඔය අරවින්ද කියලා තියෙන තැන තියෙන ලින්ක් එක බලන්නකෝ.

      සංඛගේ තියෙන ජාතිවාදී අදහස් වලට ඇඩ්රස් නැති වෙන්නම සන්නා දෙනවා.

      Delete
    6. මම බැලුවා මනෝ. සංඛට පැම්පර්ස් අන්දන්න වුනා නේද...

      Delete
  5. සන්නා වැරදි තැන්වල හිටගත්තේ. අපරාදේ. සන්නා ගැන ලෝබ කමක් ඇතිවෙනවා. කොච්චර දක්ෂයෙක්ද.

    ReplyDelete
  6. ඔය මල්බර දෙරණ වැඩසටහන මම බාගයක් විතර බැලුවා. සිත්ගන්නා සුළු අදහස් ප්‍රකාශනයක්. සන්නා ගැන මුහුණු පොතේ, අන්තර්ජාලයේ බක පණ්ඩිතයන්ට හෙණ 'කියවීම්' තියෙනවාය කියල කියනවා ඇහුණට අද වෙනකල් ඒ 'කියවීම්' කවුරුත් ලියල නම් තිබ්බෙ නැහැ. මට අනුව නම් සන්නා නියම පොරක්. සන්නා වගේ මිනිස්සු බිහි වෙන එකෙන් රටකට හොඳක් මිසක නරකක් වෙනවා අඩුයි.

    සන්නාට තියෙන්නේ පුද්ගලික දර්ශනයක්. ලෝකය ගැන සන්නාට තියෙන්නේ ඌටම ආවේණික වෙච්චි කියවීමක්. තමාටම කියල එක අදහසක්වත් නිර්මාණය කරගන්න බැරි, අදහස් වලින් පාළු වෙච්චි මිනිස්සු ඉන්න රටක ඒකම මදිද?

    ReplyDelete
  7. සන්නස්ගල පොරක් තමයි. සමහර දේවල් වලදී මට එච්චර අල්ලලා යන්නේ නැති වුනත් ලංකාවේ ඉන්න සිරා පොරක්. ඔය වීඩියෝ එකත් බලන්න ඕනේ. මම අර කතරගම දෙයියන්ට පපඩම් බදින්න බෑ කියපු වීඩියෝ එක නම් බැලුවා හෙහ් හෙහ්..

    ReplyDelete
  8. මම ටික කාලයක් ලංකා නිව්ස් වෙබ් එකට"දෙල්කඳ හංදිය" කියලා කොලම් එකක් ලිව්වා. මෙන්න මෙතන තියෙනවා ඡන්දේ ඉල්ලපු සන්නා ගැන මම ලියපු සටහනක්.

    සන්න අරුංගල්- අන්න සරුංගල්

    ReplyDelete
  9. මට නං හිතෙන්න දෙබිඩ්ඩෙක් කියලමයි

    ReplyDelete
  10. මටනම් එච්චර දිරවන පොරක් නෙමෙයි...

    ReplyDelete
  11. සන්නවගේ දහයක් පාලහක් හිටියනම් ඉල්ලංකාවත් ලංකාවක් වෙනවා, සන්න දිරවන්නේ නැත්තේ මංපොර සංකල්පය ජීරණය වෙන්නැති අයට වෙන්නැති, ඒක ජීරණය කරන්න ඕන එන්සයිමය ඉල්ලංකාවේ අයට නැතිලූ.

    ReplyDelete
  12. ඔය අමුතුම චරිත තියෙන අය ලංකාවෙ බොහෝ දෙකෙන්ට අල්ලන් නැති එක පුදුමයක් නෙමෙයි.

    ReplyDelete
  13. දවසක් ඕක මගෙ ලයිටරේ අරං ආයෙ ඉල්ලුවම මංගාව නෑ කිව්වා .. පස්සෙ දැක්ක ඈතට වෙලා ඒකෙන්ම සිගරට් එකක් පත්තු කරනව ..
    ඒ උනාට මං බුවාගෙ කතාවලට කැමතියි ..

    ReplyDelete
  14. //දවසක් ඕක මගෙ ලයිටරේ අරං ආයෙ ඉල්ලුවම මංගාව නෑ කිව්වා .. පස්සෙ දැක්ක ඈතට වෙලා ඒකෙන්ම සිගරට් එකක් පත්තු කරනව ..//
    තමුන් ආසා ලයිටරය හිමිකරගන්න ඔහු දක්සයෙක්(?) උනා.ඒකට ඔහුව අගය කල යුතුද? අන්න ප්‍රස්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ ඕක පොඩි පොඩි හොරකං කරනව කියල...පුංචිම කාලෙත් හොරා...මගේ අවධානය ඌ කියන දේවල් ගැන විතරයි...උගේ කුණු ජොකා ගෙන් මට වැඩක්නෑ...

      Delete
  15. මොකුත්ම නොලියා ඉන්නමි. එ් සන්නසගල කියන ගෞරවනීය නම හොරට ගත්ත එකා ගැන නොදන්න නිසා නෙමෙයි. සරත් ගැන අැති ගෞරවය නිසා.

    ReplyDelete