Wednesday, 2 November 2016

පිරිමින්ගේ කඳුළු



ගැහැණු අඬනවා...
කඳුළු හොටු පෙරාගෙන...
කාන්තා සංවිධාන
බරසාර වචනයෙන් කියයි...
පුරුෂාධිපත්‍යලු...
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයළු
අහිංසක ගෑණුන්ට...
ගහනවලු බණිනවලු
දූෂණය කරනවලු
හැමෝම කියනවා...
හරිම පව්ලු...

ගැහැණුන් පිරිමින්ව...
උන්ගේ දැළිපිහි දිවෙන්..
හදවත කපමින් තීරු වලට
දිනපතාම ළමයින් ඉදිරිපිට
රෑ දවල් නොමැතිව දහස්වර
වාචිකව දූෂණය කර...
ඇද්ද තොට කියා
කට කොනින් හිනාවෙනහැටි...
ගෙදර ඉන්නට එපා කරවා...
මානසිකව වට්ටා
පාරට යවන හැටි...
පුරුෂ හිංසනය...
නැත එහෙම වචනයක්...

දරුවන් පියාගෙන්
වෙන්කර...අම්මා බුදුවේවා
කියව ගන්න හැටි...
පියාට වෛර කරන්නට
උගන්වන හැටි...
කව්රුවත් දන්නෙ නෑ...

ඔයාට මහන්සිද
ඔයා දවල්ට කෑවද
ඔෆිස් එකේ ප්‍රශ්නේ ඉවරද
ඔයාට තේ එකක් හදන්නද...
නෑ...නෑ...තමුසේ අදත් බීලද ?

හවසට ලැබෙන
පැණි බූන්දි පැකට් එක අරගෙන
පුංචි කාලේ බෙල්ල බදාගෙන
මං...තාත්තට තමයි වැඩිය ආදරේ...
කියපු පොඩිඑවුන් ...
දැන් දැක්කම...
හපුටු කරගන්නවා මූණු...

යහළුවන් පිරිවරා සිටියත්
ලෝකයේ හුඟක් පිරිමි
ඉන්නේ තනිවෙලා...
දුක වේදනාව අහන් ඉන්නේ...
මධු විත පමණයි
උන්ට මාකළ සියලුදේ
අමතක වෙලා...
හඬන්නේ හදවතින්....
බාර් වල අඩ අඳුරේ
තනියම බොමින් ...
හදවත දියවී...
කඳුළුනෙවෙයි...
ඒ ගලන්නේ ලේ !
සිගරැට් දුමාරෙන් වැහිලා
ලෝකෙට පේන්නේ නෑ...

තාත්තට බුදුවෙන්න බෑ...
ඌ බේබද්දෙක් වෙලා....!
Sarath Wimalasuriya

33 comments:

  1. පිරිමි හඬන්නේ හදවතින්.... ලෝකෙට පේන්නෙ නෑ...
    තාත්තට බුදුවෙන්න බෑ...
    ඌ බේබද්දෙක් වෙලා....!

    ඇත්ත කතාවක්. මාරයි. පට්ටයි.

    ReplyDelete
  2. කතාව ඇත්ත. මොකද කියන්නේ මේ අසාධාරණයට එරෙහිව පාරට බහිමුද?

    ReplyDelete
    Replies
    1. වාචික පුරුෂ හිංසනයට එරෙහිව නැගී සිටිමු !

      Delete
    2. වාචික හිංසනය සිද්ද වෙන වෙලාවට නැගී සිටපු ගමන් තත්වය බරපතල වෙනවා නේද? මම නම් කරන්නේ පැත්තකට ගිහින් එක්කෝ ටීවී එක බලනවා. නැත්නම් ලැප්ටොප් එක ළඟට යනවා.. එතකොට හිංසනය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙලා යනවා.. හෙහ් හෙහ්

      Delete
  3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ >>>

    බාර් වැහුවාම, පොලිඩෝල් වලට වඩා අරක්කු මිළ වැඩි කලාම, මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ වන් ෂොට් සොලුෂන්ස් වලට යන්න, මේ ලෝකේ මිනිස්සුන්ට තමුන්ම නහ ගන්න වෙලා තියෙන්නේ හිටං ල වගේ බූරු සදාචාර ශීලියෝ හිංදා

    ReplyDelete
    Replies
    1. හරියටම හරි...මධුවිත පෙම්වතීගෙන් තාවකාලික සැනසුම නොසොයා...කෝච්චියට බෙල්ල තියපන් මල්ලී !

      Delete
  4. උණ විකාරයෙන් ලියාපු එකක්

    ReplyDelete
  5. සුපිරිම සහ ඇත්තම කතාවකි

    ReplyDelete
  6. බස් එහෙකට නැග්ගත් එහෙමනේ.. ආබාධිතයන්ට, පූජකයොන්ට, ජූජකයොන්ට, ගෑණුන්ට ඔක්කොටම සීට් තියෙනවා.. දවසම හෙම්බත්වෙල ගමනක් යන පිරිමියෙකුට එක සීට් එකක් වෙන්කරල නෑ.. හැබෑවටම වෙන්නේ පුරුස හිංසනේ බැලුවම

    ReplyDelete
  7. ඔව් අපි ගැන බලන්න කව්රුත් නෑ !

    ReplyDelete
  8. ලිංගිකත්වය මත පදනම්ව වෙනස්ව සැලකීම ප්‍රතික්ශේප කරමු.පුරුශ අයිතීන් වෙනුවෙන් එක්වෙමු..!
    ජයවේවා..!!

    ReplyDelete
  9. පිරිමි අපි බොහොමයකගේ හිතේ, පිටතට නොදැනෙන නොඇහෙන, මෙවැනි වේදනා/චෝදනා/අවලාද/දුක්ගැනවිලි/සෑහෙන්න තියනවා. මම විශ්‍රාම ගත්තට පස්සේ, මගේ ජීවිතය බ්ලොග් එකක් මගින්, හැකිතරම් බෙදාගන්නේ, වඩාත් බුද්ධිමත් ක්‍රියාව එය බව, තවමත් විශ්වාස කරන නිසයි.

    ReplyDelete
    Replies
    1. ඔව්...මට මාව තේරුම්ගතහැකි...හොඳම මිනිසුන් මුණගැසුනේ...සයිබර් අවකාශයේදී !

      Delete
  10. ඩොකෝ, තමුසෙනම් මාරයි...
    හරියටම වෙලාව බලල මේක ලියල තියෙනවා...
    යක්කු සීයක් දෙසීයක් ඔළුවට නැගල ඉන්න වෙලාවේ...
    අපි බුදු වෙන්න ඕනේ නැහැ, උන් බුදු වෙලා මකබෑවිලාම ගියදෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව්..උන් බුදු වෙලා මකබෑවිලාම ගියදෙන්...!!!

      Delete
  11. ඇත්ත,සමහර ගැණු හිතං ඉන්නේ පිරිමි කියන්නේ හිතක්,පපුවක් නැති අය කියලා.

    ReplyDelete
  12. තාත්තට බුදුවෙන්න බැහැ .. තාත්ත බුදුවෙන්න ගියොත් අනිත් උන් හාමතේ .. නියම කවිය ඩොක්ට

    ReplyDelete
  13. රටට
    ජාතියට
    ආගමට
    ගමට
    නගරයට
    කුළයට
    වාසගමට
    බෙදිලා හිටපු අපෙ
    අම්මයි තාත්තයිත්
    බෙදුවා බන්
    දොස්තර අද.......


    (ජෝගියක් ආ කවිය ලස්සනයි)

    ReplyDelete
    Replies
    1. සුදු රෙද්දෙන් වහන්ඉන්න කුණුවූ පවුල් ජීවිත !

      Delete
  14. දැං පුරුෂ හිංසනය පරිගණකය වාරණය දක්වා ඔඩු දුවලා. ඔව් මේ කොමෙන්ට් එක කොටන්නෙත් පෝන් එකෙන්.

    ReplyDelete
  15. යකෙක් වෙයන් මල්ලී !

    ReplyDelete
  16. මාසෙකට බ්ලොග්ස් 7-8ක් ලියාපු මිනිහා මේක ලිව්ව්ට පස්සෙ කිසිම සද්දයක් නෑ. පවුල ගෙදරින් එලෙව්වා වත්ද?

    ReplyDelete