Thursday, 20 October 2016

JVP/දේශප්‍රේමීන් (5)

                      සරත් පැටිකිරිකෝරාළ බදුරලියේ සිටි මගේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ් විය. වෙනත් කිසිම යාලුවෙක් මම ආශ්‍රය කලේ නැත. එයා මතුගම වර්ක්ෂොප් එකක් දාගෙන ඉන්න ජර්මන් ටෙක් පුහුණුව ලත් CTB එකේ මුලින් වැඩකල හොඳම වැඩකාරයෙකි...( දැන් ඔහු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙකි )... මං වගේම ආගම් කිසිවක් අදහන්නේ නැති එකෙකි. දවස් දෙක තුනකට වරක් හවසට වෝ ෆිල්ම් එකක් බලමින්...බ්‍රැන්ඩි හෝ විස්කිබීම අපි දෙන්නාගේ සිරිත විය. මචං මේ මගුල හරියන්නේ නෑ ඇමරිකාවට පැනල යමු ! මම යෝජනා කලෙමි...එන පොට හොඳනෑ රෝහලේ කතන්දර සේරම මම ඔහුට කිව්වෙමි. පාස්පෝට් එකක් තියෙනවද...ඔව්...එත් කවදාවත් රට ගිහිං නෑ...හරි මගේ මල්ලි ඉන්නෙ ජපානෙ...ජපන් කෙල්ලෙක් බැඳල ඉන්නෙ...මටත් මේ අපාය තිත්ත වෙලා ඉන්නෙ...වරක්ෂොප් එකටත් වැඩ නෑ...හැමදාම තුවක්කුව ඇඳට හේත්තු කරගෙන නිදා ගන්නෙ...අපි ඉස්සෙල්ල ජපන් යමු...එතනින් වීස හදාගෙන නිව්සීලන්ඩ් යමු. මගේ හොඳ යාළුවෙක් ඉන්නව නිව්සීලන්ඩ් වල...සුමාන දෙකකින් ස්පොන්සර් ලෙටර් ගෙන්නගෙන වීස හදාගන්න පුළුවන්...හරි යමං...එත් ළමයි ගෑණු...? ඒගොල්ලො පස්සෙ ගෙන්න ගමු...ඉස්සෙල්ල අපි පනිමු...සති තුනක මහන්සියෙන් ජපානයට පලායෑමට අපි වීසා හදා ගත්තෙමු...මාස තුනකට වීසා ලැබුණි...දැන් “කාලා මාරු” ජපන් නැවෙන් යන්න බෑග් එක පැක්වී තිබේ....ලබන සතියේ ටිකට් අරන් පණිමු.
                        ඉස්පිරිතාලේ මොනම බෙහෙතක් වත් නැත...කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගුණ යහපත් පුද්ගලයකුවූ වෛද්‍ය බොතේජු JVP තර්ජන නිසා ඉල්ලා අස්විය. පොලීසියට ගොස් රෝහලේ තත්වය ගැන දැන්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය රෙජී පෙරේරා මහතාට කතා කලෙමි...හොස්පිටල්එකේ කිසිම බෙහෙතක් නෑ...සර් JVP එකෙනුත් කරදර තියෙනවා...මම භීෂණ කතන්දරේ කෙටියෙන් කිව්වෙමි...හරි මං පිඹුරේ හොස්පිටල්එකෙන්...ඇම්බියුලන්ස් එකේ දාල බෙහෙත් ටිකක් එවන්නම්...JVP කාරයෝ රෑටහොස්පිටල් එකේ බිත්ති වල පෝස්ටර් අලවනවා...ගලවන්නත් බෑ තියාගෙනත් බෑ...හරි හරි අයිසේ..ඔය JVP ළමයින්ට කියන්න හොස්පිටල් එකට කරදර කරන්න එපා කියල...සර් කිව්ව කියල කියන්නද ?...මම පොඩි කින්ඩියක් දැම්මෙමි...ලොක්කාට මළ පැන්නේය...මේ ඕයි...තමුසෙට පිස්සුද ? මම කිව්ව කියල නෙවෙයි ඕයි...නිකං කියනවා...දඩස් ! කෝල් එක ඉවරයි...උඩපන්දුවකින් පිතිකරු දැවී ගියේය. දවස් දෙකකින් බෙහෙත් ටිකක් එවා තිබුණි.
                
                  දවසක්  දවල්  දොළහට පමණ පොලිස් ජීප් දෙකක් කෙළගෙන ඇවිත් මිදුලේ බරාස් ගා බ්රේක් ගැසුවේය...මම OPD එක ඉවරවී ආපසු එමින් සිටියෙමි...ASP උඩවත්ත...ලොකු මැෂින් තුවක්කුවක් අරගෙන පළමුව බැස්සේ ය...ජීප් දෙකේම සියළුම කොස්තාපල් වරු අත T56 අවි තිබේ...මොකක් හෝ ජල්බරියකි...උඩවත්ත ලොක්කා මා හඳුනා ගත්තේය...ඩොක්ටර් අපේ ජීප් එකකට JVPකාරයෝ ඇටෑක් කළා...වෙඩි තියල බෝම්ම ගැහුවා දෙන්නෙකුට තුවාලයි..පොඩ්ඩක් බලන්න...PCලා දෙන්නෙකුට තුවාල සිදුවී ඇත කිහිපයක්ම ලේ ගලන තුවාල වුවත් බරපතල ඒවා නොවේ. ඒවාට බෙහෙත් දමා එක් අයකුගේ කකුලේ ඇමිණී තිබූ යකඩ කැබැල්ලක් අයින් කලෙමි...මොකද උනේ...ඊයෙ රෑ JVP කාරයෝ  අත්වැල්තොට සමූපකාරේ කඩල බඩු අරන්...ඒක බලන්න යනකොට කන්දක් උඩ ඉඳන් ජීප් එකට බෝම්බ ගහල වෙඩි තිබ්බ...මේ ගොල්ලොත් වෙඩි තියල තියෙනවා....ජීප් එකේ සෙට් එකෙන් කතාකරල කිව්වම මාත් ගියා. මේ දෙන්නගේ ආරක්ෂාවට අපි හොස්පිටල් එකට ගාඩ්එකක් දානවා! මරු...තුම්සෙ අච්චා කෝන්හේ.
                       ඩොක්ටර් JVP කාරයොන්ටත් අපිට නොදන්වා හොරෙන් හොරෙන් බෙහෙත් කරනවා කියල අපට ආරංචියි...බදුරලියේ OIC, ASP ඉදිරිපිටම මට කිව්වේය...මගේ කොඳු ඇට දිගේ පොඩි සීතලක් ගලා ගියේය....JVP නෙවෙයි LTTE කාරයෙක් උනත් ලෙඩෙක් විදියට ආවොත් මං බෙහෙත් කරනවා... OICහෝ ASP කිසිවක් නොකියා යන්නට ගියෝය...පසුදා උදේ කොල්ලෝ තුන්දෙනෙකුගේ මළසිරුරු පොලීසිය ඉදිරිපිට පාරේ ප්‍රදර්ශණයට තබා තිබුණි. මුන් සේරම දන්නවා...කාලෝ අයන්තේ... වහාම පලායා යුතුය...අපි ෆ්ලයිට්එක සඳුදාට සෙට් කර ගත්තෙමු...ඉරිදා රෑ රෝහලෙන් පලා යෑමට තීරණය කලෙමි...ඉරිදා හවස ලොරි බාගයක් ගෙන්වාගෙන බඩු...ලට්ට ලොට්ට ඔක්කොම වහ වහා පැටෙව්වෙමි. සර් හොස්පිටල්එක දාල යනවද...නෑ...නෝනයි බබයි දාල මං හෙට උදේ  ආපහු එනවා...මෙහේ තත්වේ හොඳ නැති බව දන්නවනේ...ඔව් සර් එහෙම කරන එක හොඳයි ...නිමල් කිව්වේය. අද මං නැතිබව කාටවත් කියන්න එපා...අගලවත්තට ගියා දැන් තව ටිකකින් එනව කියන්න.
                                                 මේ ලස්සන ප්‍රදේශයෙන් යන්නට වීම මහා දුකකි...එත් අකාලයේ වෙඩි උණ්ඩයකට නිකරුනේ බිලිවීමේ තේරුමක් නැත. Bye Bye Sweet Baduraliya...සිතින් කියමින් සුන්දර බදුරලියෙන් මම පලා ගියෙමි. කෙලින්ම මාතර ශාමාගේ මහ ගෙදරට අපි පැමිණියෙමු. පොඩි එකී දමා යන්නට වීම මහා දුකකි...කරන්නට දෙයක් නැත...සඳුදා රෑ අපි ජපානයේ නරිතා ගුවන් තොටුපල බලා පිටත් වුනෙමු  දුක හා සතුට දෙකම නැති...මොකක්දෝ කාලකන්ණි යමක් පපුවේ හිරවී තියෙනවා වැනි හැඟීමක් පළවෙනි ගුවන් ගමන පුරාම මට ඇතිවිය....ජපානයත් ඇතුළු ලෝකය පුරාම රවුම් ගසා ඇති සරත්ට මොනවගේ හැඟීමක් තිබුණාදැයි මා දන්නේ නැත.හොඳහැටි විස්කි වලින් සප්පායම් වූ අපි දෙන්නා...ගොළුවන්සේ නින්දට වැටුනෙමු. උදේ නරිතා ගුවන් තොටුපලින් ගොඩ බැස එලියට ආවිට...ජපානයේ ශ්‍රීවිභූතියෙන් මගේ දෑස් නීලංකාර විය...ෂික්...මොන තරම් කාලකන්නි රටකද අපි ජීවත් වෙන්නෙ...ලෝකෙන් උතුම්රට...ඉන්දියන් සාගරේ...අමුතුඇටේ...බම්බුව තමයි !.  

අවසානය මෙය නොවේ...                                

30 comments:

  1. සහකාර වෛද්‍ය නිලධාරීන් විසින් ග්‍රාමීය ප්‍රදේශ වල කරන ලද මේ අමිල සේවාවන් අගය කිරීමට වෛද්‍යවරු පැකිලෙන්නේ කුහකකම නිසා නොවේද ?

    ReplyDelete
    Replies
    1. GMOA දුෂ්ඨ කුහකකම නිසා අපේ වෘත්තියම සදහටම ඉවරම කරල දැම්මා...සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලබන්නට කිසිම කෙනෙකුට ඉඩ තිබ්බේනෑ. අපේ අන්තිම බැච් දෙකම කෝස්එක කරන්න නොදී එලවල දැම්මා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ GMOA එකම තමයි...ඔක්කොම ඒකෙ සාමාජිකයෝ...නිවාඩු ලබාගෙන රුසියාවට ගොස් ඩිග්‍රිය සම්පුර්ණ කර පැමිණි ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් 50කට වැඩිය දෙනෙකුට ඇක්ට්16 කරන්න දුන්නෙ නෑ. දැන් මේ කුහකකමම අනෙක් ක්‍ෂේත්‍ර වලටත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයටත් එල්ල කරමින් සිටිනවා...කයියට කියනවා නෙවෙයි ඔබතුමා එක්ක...මං එක්ක හැරෙන්නවත් දැන් ඉන්න හුඟක් MBBS කාරයින්ට බෑ...රුසියන් කාරයෝ කියල ඔබතුමාලට දැම්ම කැපිලි ඔබතුමාට මතක ඇතැයි සිතමි. රුසියාවේ ගිහිං ඉගෙන ගත්තෙ නැත්නම් අද වෛද්‍ය රුවන් ජයතුංග කෙනෙක් ඉන්නවද ? රිටේන් ප්ලැසෙන්ටා එකක් මැනුවල් රිමුව් කරන්න...බ්රීච් ඩිලිවරියක් තනියම හරියට හැන්ඩ්ල් කරගන්න පුළුවන් අය දැන් ඉන්නෙ බොහොම ටික දෙනයි. හුඟක් අය පෝස්ට් මෝටම් කරන්නේම නැත. වෛද්‍ය ඌරගොඩ ලියූ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසය පොත පුළුවන් නම් සොයාගෙන කියවන්න (මං ළඟ තියෙනවා) ...ඒදිනවල දුප්පත් ගම්වලින් පැමිණි...අපට රැකියාව එපාකල අති දුෂ්ඨ MBBS කාරයින් සියලුම දෙනාගේ පෙකණිවැල කපා ඇත්තේ ඇපොතිකරලා විසිණි !. දැන් මම සමාජයේ පෙනී සිටින්නේ ලුතිනන් කමාන්ඩර් සරත් විමලසුරිය වශයෙනි...මා මියගිය පසු නාවික හමුදා උත්තමාචාරය ලැබෙනුඇත !.

      Delete
    2. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අපේ ගුරුවරු වුනේ, මහාචාර්ය කොල්වින් ගුණරත්න (කෝඩිනේටර්), මහාචාර්ය ප්‍රියානි සොයිසා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය දියනාත් සමරසිංහ, මහාචාර්ය ළමාබදුසූරීය,මහාචාර්ය නීල් ප්‍රනාන්දු වැනි විශිෂ්ඨ ඝනයේ ගුරුවරුය...ඔව්හු MBBS කාරයින්ට එකක් උගන්වා අපට වෙනඑකක් ඉගැන්නුවේ නැත...සජිත්ගේ වගේ බොරු ගෙම්බර් නැති අපේ එවුන්ගේ PP නැගලා යනවිට...කැපිලි කෙටිලි වරුසාවකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවිය. මම පෙරලා පහර දෙන ජාතියේ එකකුවූ බැවින්...සියළු දෙනාම මගේ නහයේ නොවද්දා කුඩය කරකැවීමට ප්‍රවේශම්වූහ.

      Delete
    3. සහකාර වෛද්‍ය නිලධාරීන් ගැන මා විසින් ලියන ලද ලිපිය මගේ බ්ලොගයේ තිබේ එය කියවන්න​. එසේම ජීඑම් ඕ එකේ හිටපු නිලධාරියෙකු ලෙස මා ව්සින් ලියන ලද ලිපිය කියවන්න​. අද මම හාවඩ් / කොලොම්බියා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාල වල පරියේශකයන් සමග පීටීඑස්ඩී රෝගය ගැන අධ්‍යනය කරමි. ඔවුන් මා පිලිගනිති. මගේ පොත් ලිපි ඔවුන් ගේ සිසුන්ට නිර්දේශ කරති. එම නිසා තුන්වන ලෝකයේ දුගී රටක ලිං මැඩියන් මෙන් අවට ලෝකය දැක නැති ලෝකයේ ඉතා පහල වර්ගීකරණ අගයක් දරන දේශීය ආයතන වලින් බිහිවූ ඇතැම් කුහක වෛද්‍යවරයන්ට අපගේ සේවය අගයක් නොවීම ගැන මම පුදුම නොවෙමි. මගේ අත්දැකීම් අනුව හොඳ සමාජ ආර්ථික ස්ථර / පාසල් වලින් එන වෛද්‍යවරයන් තුල මේ කුහක භාවය නොමැතිතරම් ය​.

      Delete
    4. සර්... ඔබතුමාගේ ලිපිය බ්ලොගයේ (http://drruwanmjayatunge.blogspot.com/) සොයාගැනීමට නැත...කියවීමට වටින ලිපියක් ලෙස හැඟෙන නිසා ලින්ක් එකක් ලබාදිය හැකිනම් මැනවි..

      Delete
    5. වෛද්‍ය රුවන් ජයතුංග අපේ රටට ආඩම්බරයකි ! මගේ අත්දැකීම් අනුව හොඳ සමාජ ආර්ථික ස්ථර / #පාසල් වලින් එන වෛද්‍යවරයන් තුල මේ කුහක භාවය නොමැතිතරම්ය#​...මගේ අත්දැකීම් අනුවද එය එසේමය...දුප්පත් පව්ලකින් ආවොත් ඇරියස් කවර් කිරිල්ල එකසිය ගානටය.විශ්ව විද්‍යාල වල නවක ශිෂ්‍යයන් මරාගෙන කන්න හදන්නේත් මේ සමාජ වෛරයෙන් පෙළෙන කාණු පණුවෝය.

      Delete
  2. ලිපියටත් වඩා වටිනවා ඔබ මේ GMOA එක ගැන කර තිබෙන විග්‍රහය. මා හිතනවා ඔබට හැකිවෙයි කියා සයිටම් අරගලය ගැනත් සවිස්තර ලිපියක් ලියන්න. එමෙන්ම GMOA එකේ බලපෑම නිසා ඈත ප්‍රදේශවල පිහිටි රෝහල් වලට වෛද්‍යවරුන් නොලැබීම සහ තමන්ගේ හෙන්චයියලාගේ දරුවන්ට වෛද්‍යවරුන් අතිරික්ත රෝහල් වලට පත්වීම් ලැබීම ගැනත් කියනවානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මං ලිව්වා ඔබතුමාට එවන්නං

      Delete
  3. හුටා රස්සාව දාලා ගියාද

    ReplyDelete
  4. රියල් ටයිම් එකට කනෙක්ට් වෙන ගන් එකක් වගේ ඩොකාගේ වැඩ.. පෝස්ටුවේ අන්තිම ටිකේදි නං ටිපිකල් ඩොකා එළි බහිනවා.. හැක්.

    ReplyDelete
    Replies
    1. ඩොක්.. හිත එකලාසයක් කරන් ඔය ඇද්ද විදියට සේරම ටික ඇදල දාමුද???

      Delete
  5. මේ සීරිස් එක රස විඳිමින් සිටිමි!

    ReplyDelete
  6. ලිපියත් කමෙන්ටුත් සුපිරියි

    ReplyDelete
  7. කතාවේ සීසන් 2(ජපාන සංචාරය), එන්නේ කවදාදැයි බලාසිටිමි ... :)

    ReplyDelete
  8. ඉක්මන්ට ඊලග කොටස දාන්න වෙයි සරත් මහත්තයො මොකද කුතුහලේද මොකද්ද එක ඇවිස්සුනා. හරියට සුපිරි ටීවී සීරීස් එකක් වගේ දැන් ඊලග එපිසොයිඩ් එක එනකම් ඉන්ට එපැයි.

    ReplyDelete
  9. අයියෝ ගියාද?

    මාලු බනිසක් පුපුරනකන් බලන් හිටියේ.

    ‍\\ආවිට...ජපානයේ ශ්‍රීවිභූතියෙන් මගේ දෑස් නීලංකාර විය...ෂික්...මොන තරම් කාලකන්නි රටකද අපි ජීවත් වෙන්නෙ...ලෝකෙන් උතුම්රට...ඉන්දියන් සාගරේ...අමුතුඇටේ...බම්බුව තමයි !.\\ හික්ස්

    ReplyDelete
  10. Mr. Sarath
    I read all the post you have published & most of them are really interesting. Stay hungry to make innovation for our country or rest of the world to have better future at least for next generations.
    Wish you all the BEST & Good luck...

    ReplyDelete
  11. ලිපිය වගේම කමෙන්ටු නිසාත් බොහෝ දේ දැනගත්තා .තුති .

    ReplyDelete
  12. Don't you write any more... waiting and waiting to see the next...

    ReplyDelete
  13. කලින් ලිපි ටිකත් කියෙව්වා.මා උපන් කාලවකවානුව බැවින් ඔය ගැන අසා ඇති දේ මිසක් වෙන මුකුත් දන්නෙ නෑ, ඒ නිසා මේ ලිපි ටික හරි වටිනවා.

    ReplyDelete
  14. එක ගැම්මට මුළු සීරීස් එකම ආයෙ ඇදල දැම්මා.ලියන්නෙ කොච්චරක් ද.. එච්චරක් කියවනවා.
    ජයවේවා..!!

    ReplyDelete