Tuesday, 18 October 2016

JVP/දේශප්‍රේමීන් (2වන කොටස)

සිංහ කොඩිය පැහැරගෙනයෑම ගැන පැමිණිලි කිරීමට මතුගම සහකාර පොලිස් අධිකාරී උඩවත්ත මහතා හමුවීමට ඔහුගේ බංගලාවට ගියෙමි...ඉතා සුහද නිලධාරියකුවූ ඔහු පැමිණිලි පොත නිලනිවසට ගෙන්වාගෙන මගේ පැමිණිල්ල ලියන ලෙස සාජන් කෙනෙකුට කිව්වේය. 1989 වර්ෂයේ දිනයක පාන්දර මට පොලිසියෙන් එන්නට කියා පණිවිඩයක් ලැබුණි...පොලීසියට ගියවිට ඩොක්ටර්ට කණගාටු දායක ආරංචියක් කියන්න තියෙනවා...මොකක්ද ? සුමනපාල විමලසුරිය කියන්නේ කව්ද ? ඒ මගේ බාප්ප...තාත්තගේ මල්ලි...ඇයි ? JVP කාරයෝ ඊයෙ රෑ එයාට වෙඩිතියල...මැරිලද? ඔව්...ගෙදරට දොර කඩාගෙන ඇවිත් T56න් වෙඩිතියල...එයා මොනවද කරන්නෙ ?...හිටපු ගම්මුලාදෑනි...එක්සත් ජාතික පාක්ෂිකයෙක්....ඒක තමයි...එයාට UNP එකෙන් අස්උනා කියල කොඩිදාන්න කිව්වට දාලනෑ !. බොඩි එක තියෙන්නෙ පොල්වත්තේ ඉස්පිරිතාලෙ...
                                   පිඹුර DMOට මේබව දන්වා රාජකාරි ආවරණය කිරීමට වෛද්‍යවරයකු එවන ලෙසදැනුම්දී... කාර් එකේ ඒරියල් එකේ සුදු කොඩියක් දමාගෙන වහාම අම්බලංගොඩ යෑමට පිටත් වුනෙමි. පාරේ බලුබල්ලෙක් නැත...JVP ඇඳිරි නීතිය පනවා ඇත. ගස්කපා අහුරා තිබූමාර්ග මගහරිමින් අතුරු පාරවල්වල වටවන්දනාවේ යමින් පොල්වත්තේ ඉස්පිරිතාලෙට පැමිණියෙමි. පොල්වත්තේ DMO හමුවූ විට ඔහු කිව්වේ පශ්චාත් මරණ පරීක්ෂණය නොකරන ලෙස ඔහුට JVP දේශප්‍රේමීන් දැනුම්දී ඇති බවයි... එහෙනම් මම බොඩිඑක ගෙනියනවා...ප්‍රශ්ණයක්නෑ...උසාවියත් වහල තියෙන්නෙ...අනේ ඉක්මනට ගෙනියන්න...උන් ඇවිත් ඔළුව කපන්යයි කියල මාත් බයේ ඉන්නෙ. හර්ස් එකක් අමාරුවෙන් හොයාගෙන අපි මිණිය රැගෙන ආවෙමු.
            අම්බලංගොඩ නගරයේ ඇල්පිටිය පාරට හැරෙන තැනම වංගුවේ ඇති තාත්තාගේ මහ ගෙදරවූ සිද්ධිය මෙසේය......මහරෑ එකට පමණ අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාර යෙන්...දොර අරින්න අපිට කට උත්තරයක් ගන්න තියෙනවා කියා ඇත. බාප්පා මේසයක් උඩට නැග ග්‍රිල් අස්සෙන් බැලු විට මරණය දොරකඩටම පැමිණ ඇති නිසා...දොර ඇරියේ නැත. මිනී මරුවෝ දොර කඩාගෙන ඇතුල්වූහ...ඔක්කොම කට වහගෙන දණගහපියව්...කෑගැහුවොත් තොපි ඔක්කොම මරණවා...කුඩම්මා සහ දියණියන් තිදෙනා දණ ගැසුවෝය...උඹත් දණ ගහගෙන මේ කොලේ තියෙනදේ කියවපන් බෑ...මං කියවන්නෙනෑ...හිටපු ගම්පති අණ පිළිපැද්දේ නැත...අපි තෝ මරණවා...බාප්පා අල්ලාගෙන තල්ලුකර පුටුවක වාඩිකරවූ මිණීමරුවෝ...පපුවටම තුවක්කු කට හේත්තු කරමින් තුන්වරක් T56න් වෙඩිතැබූහ. බිරිය සහ දුවලා විලාප දුන්නත් අහල පහල කිසිවකු දොරක් ඇරියේ නැත. එළිවන තුරු මිණිය එසේම තිබුණි.                      
      ඒ දිනවල JVP කාරයින් විසින් මරාදමන උදවිය ද්‍රෝහීන් බැවින්... මිණිය දණහිසින් ඉහලට එසවීම තහනම්ය. උන්ට බම්බුගහ ගන්න කියා අපි මරණයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකලෙමු. මා කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවුනත් මරණය මා කරාද පැමිණෙන්නට ඉඩ තිබේ. සටනක් නොදී මේ විදියටනම් මැරෙන්නට නම්...මගේ කිසිම අදහසක් නැත. තාවකාලික පිළියමක් පළමුව සොයාගත යුතුය.  බදුරලි නොහොස් කෙලින්ම ගියේ කොළඹය. මල්වත්ත පාරට හැරෙන තැනම රතිඤ්ඤා කඩයක් තිබේ තියෙන ලොකුම ඒවයින් තුන්හුලස් රතිඤ්ඤා දහයක් දෙන්න...ඒවාත් රැගෙන බදුරලි පැමිණියෙමි... දහයේම පිටි එකට අනා ටින්ටස් ඇණ ඇතුලට දමා ලොකු රසවත් මාළුපාන් දෙකක් වහාම නිපදවන ලදී.     
                              එදිනම රෑ ඝාතකයෝ මා සොයා පැමිණියහ...අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාර යෙන්...ඩොක්ටර් එක්ක කතාකරන්න ඕනේ ලයිට් දාන්න එපා දොර අරින්න...පොඩ්ඩක් ඉන්න සහෝදරයා....ලයිටරය දකුණු අතටත් අලුත් මාළුපාන් දෙක වම්අතටත් අරගෙන ග්‍රිල් එකෙන් එබී බැළුවෙමි...හතර දෙනෙක් එලියේ සිටී දෙදෙනෙක් අත ෂොට් ගන් තිබේ... මාළුපාන් දෙකක් දොරට උඩින් ග්‍රිල් එකෙන් එලියට දැමීම ප්‍රමාණවත්ය...කරුණාවන්ත දොස්තර මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්නේ නැත...දොර අරින්න බෑ මොකක්ද ප්‍රශ්නේ ? ඩොක්ටර් අපිට බෙහෙත් ටිකක් ඕනේ...මොනවටද ? අපේ කෑම්ප් එකක් තියෙනවා සිංහරාජේ...අපට ඒකට බෙහෙත් ද්‍රව්‍ය ඕන වෙලා තියෙනවා...අපි ලඟදිම බෝම්බ ගහල පොලීසිය ෆ්ලැට් කරනවා...අම්මටහුඩු ඇඟේ මයිල් කෙලින්වෙන පොර ටෝකකි... මොනවගේ දේවල්ද මල්ලිලට ඕනේ ? ප්ලාස්ටර් බැන්ඩේජ්, සර්ජිකල් ස්ප්‍රිට්, පුළුන් වගේ දේවල්...ඩොක්ට බයනැතුව දොර අරින්න...(මුන්ටික හාලෙන් තබාගත යුතුය...බත් උනොත් පිනුල් වෙනවාය...මුං ඇවිත් තිබෙන්නේ මාව මරන්න නොවේ ) දොර අරින්න බෑ... මං යතුරු කැරැල්ල එලියට දාන්නම්...ඕන දේවල් ඉස්ටෝරුව ඇරලා අරගෙන යන්න...යතුරු ස්ටාෆ් එකේ කව්රුහරි අතේ එවන්න...යතුරු කැරැල්ල එලියට දමා ලයිට් නිවාගෙන...ඇලර්ට්එකේ සිටියෙමි...දුවන සද්ද සමග පොඩි කලබලයක් පමණක් ඇසුනි...
                                                       පැයකින් පමණ ශාමා...මං වාට්ටුවට ගිහිංබලල එන්නම්...පිස්සුද යන්න එපා...මං කවදත් සුචච කීකරු සුවාමි පුරුසයෙකි...මාළුපාන් දෙකයි ලයිටරෙයි සාක්කුවේ දාගෙන...උගුර බලන පුංචි ටෝච් එකත් අරගෙන වාටුවට ගියෙමි...බෙහෙත් ගබඩාව තිබුනේ වාටුව කෙළවරේය...හුටා ඉස්පිරිතාලේ බලුබල්ලෙක් නැත...සේලයින් බෝතලයක් කණුවක එල්ලෙමින් තිබේ...කෝ මේ වාට්ටුවේ පිරිලා හිටපු ලෙඩ්ඩු ? නයිට් ඩියුටි හිටපු  ඇටෙන්ඩනුයි ලේබරර්ස්ලා දෙන්නයි ?...මං වැරදිය ඔක්කොම පැනලා ගිහිං නැත .. එකෙක් විතරක් කෙලවරේම ඇඳේ ඔළුවේ සිට පෙරවාගෙන නිදිය...රෙද්ද උස්සා බැලුවිට එකෙක් නොව දෙන්නෙකි... ලේබරර් කළුගලයා (මිනිහගේ ගම කළුගල) නාකි ලෙඩෙකුට තුරුල්වී නිදිය...කචල් එක අමතකවී මට හිනාගියේය...ආ සර්...ලෙඩ්ඩුයි.. ඔක්කොම පැනල ගියා සර්...පාරෙන් ?...නෑ සර් කුඹුර උඩින්...අර බඩයන ලෙඩා සේලයින් එකත් ගලවල දිව්වා සර්...ඉස්ටෝරුව ඇරලා බෙහෙත් අරගෙන යතුරු කැරැල්ල දීල ගියා සර්...කළුගලයා කියාගෙන කියාගෙන යයි...ඉතිං උඹ විතරක් නොදිව්වේ ඇයි... ඒ මල්ලිලා මං අඳුනනවා සර්...හරි...කට ප්‍රවේසම් කරගෙන හිටපං... පොලීසියට මේ බෙහෙත් අහුඋනොත්...උන් කියන්නේ මං දුන්නා කියාය මාර ප්‍රශ්නයකි...  

මතු සම්බන්ධයි... 

29 comments:

  1. අනුර කුමාර දිසානායක, ටින්ටින් සිල්වා, හඳුන්නෙත්ති, බිමල් රත්නායක, විජිත කටඉම්බ හේරත්, දූසන වපරසින්හ, විද්යාරත්න සහ ලාල්කාන්ති..... පුලුවන් නම් ඇවිත් පවු සමාකොරගන්න හිටන්!

    ReplyDelete
  2. විප්ලවයේ නමින් ඕනෑ ප්‍රචණ්ඩත්වයක් සාධාරනීකරණය කරනවනේ.
    ආගම ජාතිය රට කියලත් ලෝකෙ පුරාම එහෙම කරනවා.
    අන්තිමටම ජාත්යන්තර අධිකරණයට වැඩ ලැබෙනවා.
    ඔය මානසිකත්වයේ මුල් අවධියක් තමයි නවක වධය සාධාරනීකරණය

    ReplyDelete
    Replies
    1. ඔය මානසිකත්වයේ මුල් අවධියක් තමයි නවක වධය සාධාරනීකරණය+++++++

      Delete
  3. ඩොක්ටර් එල පොරක්නෙ.

    ReplyDelete
    Replies
    1. මල්ලි අපි අම්බලංගොඩ හරි අහිංසක මිනිස්සු !

      Delete
  4. මේතියෙන්නෙ උනු කැවුම් වගේ.
    (නෑ නෑ කතාවට එහෙම කීවට මද්ද කැවුම් වලට ආස නෑ. බිල මදි උන වෙලාවට හම්බඋන ජොයින්ට් එකක් වගේ)

    ස්තුතියි අපි දැකල නැති අතීතය කියල දෙනවට

    ReplyDelete
  5. රිදෙන්ඩම දෙන්න ඩොක්ටර්... රිදෙන්නම... අතීතය මිනී කදු උඩින් දුවපු උන් තාමත් පාර්ලිමේන්තුවේ පොර ටෝක් දෙනවා.. අයි මීන් එව්රිවන්..

    ReplyDelete
  6. අදත් බදුරලිය රෝහල තියෙන තැනමද ඕක තිබ්බේ?

    ReplyDelete
  7. මාළු පාන් දෙකෙන් වැඩක් ගත්ත ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ කපලා ගිනිගොඩකට දැම්මා

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මටත් ඔය මාළු පාං දෙක තුනක් හදලදෙන්න බැරිද

    ReplyDelete
  10. මටත් ඔය මාළු පාං දෙක තුනක් හදලදෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. දෙඤ්ඤං...අතපත්තු බ්‍රෑන්ඩ් එකෙන් ඕනද ?

      Delete
  11. I can very well remember the shooting of your uncle I was disgusted and never liked JVP thereafter.

    ReplyDelete
  12. උන්ට එදා මාළුපාන් කැව්වානම් දොස්තර මහත්තයාට පස්සේ දවසක බඩු බනිස් කරනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. මාළු පාන් දීලා වහාම ජපානෙට ගිහිං... එතනින් නිව්සීලන්ඩ් යන්නයි හිටියේ !

      Delete
  13. මටත් මතකයි ඔය සිද්ධිය. අපේ ගෙවල් පිටිපස්සෙත් ජයසිරි මෙන්ඩිස් කියලා පලා බබෙක් මැරුවා.

    ReplyDelete
    Replies
    1. පොලීසි මහත්තය කියල බාප්පට කිව්වෙ

      Delete
  14. දැක්කනෙ දොස්තර මහත්තුරුන්ගෙ වැඩ

    ReplyDelete
  15. මම ඒ කාලේ පොඩි එකා. හැබැයි රෑ 7 වෙනකොට කෑම කාලා, ලාම්පු නිවලා කට්ටියම අත්තලාගේ ගෙදර යනවා.නැත්නම් ඇඳන් යට රිංගලා නිදාගන්නවා.

    ReplyDelete
  16. අැත්තම හොරු, දූෂකයෝ ඩීල් දා ගත්තා මැරුනේ කොන්ද කෙලින් මිනිස්සු. හැමදාමත් එහෙමයි

    ReplyDelete
  17. සික් විතරක්! අර කුරුම්බැට්ටි තුවක්කුව ඒ කාලෙ තිබුනනං නේ?
    "බදුරලිය රෝහලේ වෛද්‍ය ප්‍රහාරයෙන් ජවිපෙ සිව්දෙනෙකු මරුට! වෛද්‍යවරයා රටින් පැනයයි" වගේ නිව්ස් යයි පත්තරවල.

    ReplyDelete
    Replies
    1. හ හ හා...තව ඩිංගෙන් ඒක වෙන්න හොඳටම ඉඩ තිබුණා !

      Delete
  18. උඹ අදහන්න වටින මිනිහෙක් බං අයියේ

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete