Wednesday, 19 October 2016

JVP/දේශප්‍රේමීන් (3)


                                සියළුම හමුදා සහ පොලිස් සාමාජිකයින්ට රජයේ සේවයෙන් අස්වන ලෙසත් නැත්නම් පවුලේ සාමාජිකයින්ට මරණ දඬුවම දෙන බවත් දන්වා JVP/දේශප්‍රේමීන් විසින් පෝස්ටර් ගසා තිබුණි. දවසක් මහරෑ එකට පමණ ජීප්රථයක් රෝහලට පැමිණෙන සද්දය ඇසුනි...කුණුහරුප කියමින් මහ හඬින් කෑ ගසන ශබ්දයත් ඇසුණු නිසා ජනෙල් රෙද්ද මෑත් කර බැළුවෙමි...  පැමිණ ඇත්තේ හමුදා ජීප් රථයකි...කෝ මේ දොස්තර...කියමින් ආමි කාරයෝ මගේ නිල නිවසට පැමිණ දොරට තඩිබාන්නට වූහ. ඩොක්ට ඉක්මනට දොර අරින්න...මම වහාම දොර ඇරියෙමි...ආයුධ සන්නද්ධ හමුදා භටයෝ පස්දෙනෙක් පැමිණ ඇත...ඇයි ? ඩොක්ට ඉක්මනට යන්... JVP ##@පුතාලා අපේ එකෙකුට වෙඩි තියල...ගොඩක් අමාරුයි...සරම පිටින්ම නලාවත් අරගෙන වාට්ටුවට දිව්වෙමි...
                              ට්‍රොලියඋඩ සරමක් ඇඳගත්...උඩුකය නිරුවත් හොඳින් වැඩුණු තරුණයෙක් උඩුබැලි අතට වැතිර සිටී....JVP කාරයෝ නිවාඩු ආපු මෙයාට...ගෙදරට ඇවිත් වෙඩිතියලා...යුනිෆෝම් ටික අරන් ගිහින්...ඩොක්ට ඉක්මනට මොනව හරි කරන්න... පපුවේ මැද වටේට කළුවූ ගන් ෂොට් ඉන්ජරියකි...ඉතාම ළඟ සිට වෙඩි තබා ඇත. රෝගියා මිය ගොස් ඇති බව වහාම වැටහුනත් එකවරම කියන්නත් බැරිය...කාඩියැක් මසාජ් එකක් දෙන්නට පටන් ගත්තෙමි...ඉල ඇට කැඩෙන ගානට තෙරපිය යුතුය...ප්‍රොෆෙසර් කොල්වින් ගුණරත්න සහ ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා කොළඹ වෛද්‍ය විද්‍යාලයේදී අපට ඉගැන්නුවේ එහෙමය...පපුව තෙරපන විට...  පිට පැත්තෙන් චූෂ්... චූ ෂ්...ගාමින් ලේ එනවාය...තව දුරටත් බොරු කරලා වැඩක් නැත...මෙයා නැතිවෙලා...(මැරිලා කියන එක හරි මදිය)...මොනවා...අපි දැන්ම ඕකුන් හොයලා ටයර්එකේ යවනවා...ආමි කාරයෝ යන්නට සැරසෙති...එතකොට මේ  බොඩි එක...? පොලීසියට දන්නල තියෙන්නෙ... බොඩි එක ගෙනියන්න හෙටඋදේ එනවා. ඔව්හු ජීප් එක හරවා ගෙන යන්නට ගියෝය. මෝචරියක් නැති නිසා මිණිය කොටු රෙද්දකින් වසා ට්‍රොලියඋඩම තිබෙන්නට හැරීයෙමි. පොලීසිය රෑ ආවේ නැත.
                                   රෝගීන් එකා දෙන්නා පළායෑමට සැරසෙන බව දුටු මම...ටිකට් නොකපා එක්කෙනෙක් වත් ගෙදර එහෙම යන්නෙ නෑ...මම මෙතනම ඉන්නවා...ගියොත් මාත් ඉස්පිරිතාලේ වහල ගෙදර යනවා...ලෙඩ්ඩුන්ට පොඩි ගෝරියක් දැම්මෙමි...ඔව්හු අකුලා ගත්හ... එළිවෙනතුරු JVP භීෂණ කතා අසමින් වාටුවට වී සිටියෙමි...සර් මුන් ඇවිත් ඔළුව කපන් යයිද...නෑ ඕකුන් එන්නෙ නෑ...මම ඔවුන් අස්වැසුවෙමි. පසුදින උදේ රෝහල අසල මහ පාරේ දෙදෙනෙක් ටයර් එකේ ගොස් තිබුණි...සැක කරුවන් සොයා...නඩු අසා මරණ දඬුවම දීලාත් ඉවරය. ගමේ මිනිස්සුන්ගේ මූණු වල ලේ කඳුලක් නැත...කොයි පැත්තෙන් කන්නට වෙයිද දන්නේ නැත... භීෂණය දෝරේගලායයි... උදේ පාන්දරම පොලීසිය සහ පව්ලේ අය හඬා වැළපෙමින් පැමිණ මිණිය රැගෙන ගියෝය. මටත් පුංචි දියණියක් සිටී... මියගිය පුද්ගලයාගේ බිරිය සහ කුඩාදරුවා ගැන මට මහත් දුකක් ඇති විය. තංගල්ලේ රන්න රෝහලේ ලියාපදිංචි වෛද්‍යවරයාට රෝගියකුසේ වෙස්වලාගෙන...රෝහලටම පැමිණ වෙඩි තබා මැරූ බවත්...මටද ප්‍රවේශමෙන් සිටින ලෙසත් රන්නේ පදිංචි මාගේ බාල සහෝදරිය මට දැනුම් දුන්නේය. මේ මගුල හරියන්නේ නැත නීති විරෝධී එකා ළඟ තුවක්කු ඇත...සාමකාමී නීති ගරුක පුරවැසියා නිරායුධය...වහාම ඇමරිකාවට පලා යායුතුය...එහේ ඕපන් මාකට් එකේ බඩු තිබේ...මංවගේ එකෙකුට අයිඩියල් රටකි
                            ...අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ඩොක්ට ඉක්මණට දොර අරින්න...අපි ලෙඩෙක් ගෙනාවා...මහරෑ දෙකට දොරට තඩි බානවාය. අදනම් මං ඉවරයි...මාළුපාන් දෙක සහ ලයිටරය ගෙන මරාගෙන මැරෙන්න  සැරසුනෙමි. හොස්පිටල් එකෙන් එක්කෙනෙක් එක්ක එන්න...එතකන් දොර අරින්නෙ නෑ...දැන් මුන් දොර කඩන්නට ඉඩ තිබේ...අදනං මුන්ට මාළුපාන් කවලා...ගෑනියි ළමයයි එක්ක දැන්ම පැනලා යනවා...පිටුපස දොර ශබ්ධ නොඇසෙන සේ ඇර එසේම තිබෙන්නට හැර කෙසෙල් පඳුරකට මුවාවී සිටියෙමි...සනී කම්කරු කරුණාරත්නත් සමග උන් එන සැටි බලාසිටියෙමි අතේ තුවක්කු නැත...බය වෙන්නට දෙයක් නැත...මගේ කොටකලිසම් සාක්කු දෙකේ බඩු තිබේ...
            කොල්ලෝ පස්දෙනෙක් සිටී...එකෙක් රෝහල අසලම පදිංචි මං දන්න ටේලර් කෙනෙකුගේ පුතෙකි..යං...කව්ද ලෙඩා...මම උන්ගෙන් ඇසුවෙමි...තමුසේ දුවනවා ඔව්හු කම්කරුවා එලවා දැමූහ...ඩොක්ටර් අපි ට්‍රාන්ස්ෆෝමර් එකට පැට්‍රෝල් බෝම්බ ගැහුවා...එකක් අපි ලඟට වැටිලා පිපුරුවා...අපේ එක්කෙනෙක් පිච්චුනා...යන් ඉක්මනට...කොල්ලෙක් රෙද්දක් පෙරවාගෙන රෝද පුටුව උඩ සිටී...රෙද්ද ඉවත්කරරෝගියා පරීක්ෂා කලෙමි...කොල්ලාගේ කකුල් පපුව සහ මූණබරපතල ලෙස පිලිස්සී ඇත...සර්ජන් කෙනෙක් ලඟට යැවිය යුතු කේස් එකකි. මෙයා නාගොඩ ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙනවා...ගොඩක් පිච්චිලා බෙහෙත් විදින්න, සේලයින් දෙන්න වෙනවා මම පැහැදිලි කලෙමි...ඒක කොහොමවත් කරන්න බෑ ඩොක්ට මෙයාව කොහොම හරි සනීප කරන්න ඕනේ...ඔව්හු මට තර්ජනය කළහ. මම ඔවුන්ගේ නායකයා පැත්තකට කතාකර ඔහුට ලෙඩා ඇඩ්මිට් කලොත් වනදේ පැහැදිලි කළෙමි...දැන් මෙයා ඇඩ්මිට් කලොත් කව්රුහරි ඔත්තුදීලා පොලිසියෙන් අල්ලන් ගිහිං මරන්න ඉඩ තියෙනවා...එහෙම උනොත් ඔයාල හිතයි අපි ඔත්තු දුන්න කියල...අපි එයා ගෙනියන්න දෙන්නෙ නෑ...එයාගේ ආරක්ෂාව අපි බලාගන්නම් ඩොක්ට මෙයා ඇඩ්මිට් කරන්න...උන් පොරටෝක් දෙනවාය...හරි මං ටිකට් එකක් ලියන්නෙ නෑ...ඉස්පිරිතාලෙට බෙහෙත් ආවෙනෑ මාස ගානකින්...මෙයා ගෙ තුවාල වලට දාන්න ෆියුසිඩීන් ගෝස් අපිළඟ නෑ...ඒවා පාමසියකින් ගන්න වෙන්නෙ...හරි අපි දැන්ම පාමසිය ඇරවලා ගේනවා...
                                            පිටගැස්මට බෙහෙත්විද...තුවාල පිරිසිදු කර...ලෙඩාට සේලයින් දෙමින්, ප්‍රති ජීවක දෙමින් ප්‍රතිකාර කරන්නට පටන් ගත්තෙමි...පෙතිඩීන් එකක් විද කෙඳිරි ගාමින් සිටින JVP කාරයා නිහඬ කලෙමි. පැයකින් පමණ ඔව්හු ෆියුසිඩීන් ගෝස් රැගෙන පැමිණියහ...ලෙඩාගේ තුවාල වලට ෆියුසිඩීන් ගෝස් දමා සැරහුම් කලෙමි. පොලීසිය තියෙන්නේ රෝහලට යාර තුන්සීයක් දුරිනි...කව්රු හරි ඔත්තුව දුන්නොත් මට දෙපැත්තෙන්ම කන්නට වෙනවාය...මාර ප්‍රශ්නයකි...මුළු වාට්ටුව පුරාම කසුකුසුව යයි...English Patient කව්ද කියා සියළු දෙනාම දනිති. පසුදින උදේ හය වෙනකොට මම තද නෝමල් එකේ...වාට්ටු පරීක්ෂාව පටන් ගතිමි. මීළඟට ඉන්නේ JVP කාරයායාය...උගේ බයිස්ටෑන්ඩර් වශයෙන් අවරුදු විසි හතක විතර කොට කලිසම් කාරයෙක් සිටී...උගේ සාක්කු දෙකේම බරට මොනවා හෝ තිබේ...දැන් මෙයා ගැන බයවෙන්න දෙයක් නෑ දවසට දෙපාරක් බෙහෙත් විදින්න වෙනවා...පෙනිසිලින් වලට ටෙස්ට් කර එකක් විද්දෙමි. ටිකට් ලියන්න බෑ...මෙයා දැන් අරන් යන්න මම මම ළඟ ඉන්න මරුමුස් කොල්ලාට කිව්වෙමි...බෑ අපි දිගටම ඉන්නවා...දැන් දැන් තවත් කොටකලිසම් කාරයෝ එහෙන් මෙහෙන් වාට්ටුවට එබෙති. මම පැය බාගයක් දෙනවා  මෙයා දැන්මම වහාම ගෙනියන්න ඕනෙ...නැත්නම් මං හොස්පිටල් එක වහලා ගෙදර යනවා මම ඔවුන්ට තර්ජනය කර  රෝහලෙන් පිටවී නිල නිවසට ඇතුල්වී දොර වසා ලොක් කර ගතිමි...දැන් මට බඩු පැකට් වෙන එක ෂුවර්ය...මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමි...ලේ කිරි පෙවූ මව...නොදැකම මියෙන්නෙමි !...  

මතු සම්බන්ධයි... 

14 comments:

  1. ඉතිං ඉතිං... අද එනවයි අනිත් කෑල්ල.. මීටර් තුන්සියක් ඇතුලත උන් එහෙම හොස්පිටල් එයිද් නැත්නං ඩොකා කැලේට උස්සන් යයිද?? මාර කේස් එකක් නෙව

    ReplyDelete
  2. දොස්තර මහත්තයෝ රජ්ජුරුවන්ගේ බාසාවෙන් Registrar කියන වෛදය නිලයට නියම සිංහල වචනය ලේඛකාදිකාරි තියන එක මගේ හිතේ. නැතිනම් ලියාපදිංච වෛද්‍ය කිව්වහම RMP ලායි GMOA එකයි ‍රෙද්ද උස්සන් ඒවි.

    ReplyDelete
    Replies
    1. udara jayasingheOctober 19, 2016 at 12:07 AM ඔහේ පටලවාගෙන හිටන්!

      Delete
  3. ඔය ‍දේශප්‍රේමි මහත්තුරු ටික පිඹුර ඉස්පිරිතාලේ ගාවදී කෑවා නේද රජ කෑමක් ආමි එකෙන්?

    ReplyDelete
  4. මේ ඉතිහාසය ඉතාම අඩුවෙන් ලියවිලා තියෙන්නෙ , ඉතාමත් වටිනව මේ ලේඛනගත කිරීම

    ReplyDelete
  5. මග හිටියොත් තෝ නහී ගෙදර ගියොත් අබු නහී.
    ටහිකෙන කේස් එකක්නෙ.‍

    4 අදම එනවද?

    ReplyDelete
    Replies
    1. ඩොකාගේ හයිස්පීඩ්එක අනුව අදම එන්න පුළුවන්.

      Delete
  6. ඒ කාලෙ අපි අවුරුදු අටේ දහයෙ කොල්ලොනෙ. මට තිබුන අවුල තමයි හමුදාව එනකොට ඉලන්දාරි වගේ දුවන්න ගෙදරින් ඉඩ නොලැබුන එක. දවසක් ලොකු තාත්තගෙ ගෙදර ඉන්න දවසක නං අක්කගෙ නියෝගයෙන් මමත් ඥාති සොහොයුරන් දෙන්නා එක්ක කැලේ පැන්න මතකයි.

    ReplyDelete
  7. දැන් හොයනවා වගේ 71, 87-89 කාලෙත් වෙච්ච දේවල් හෙව්වොත් හැමෝටම බඩුම තමයි නේද. කොහොම උනත් ඩොක්ට ජීවත්ව ඉඳීම ගැන සතුටුයි.

    ReplyDelete
  8. හරි ආසාවෙන් කියවනව

    ReplyDelete
  9. පිස්සු හැදෙන කාලයක් නේද.. අපි නම් පොඩි උන් හින්දා ඒ හැටි මතකයක් නෑ.. අපේ අක්කලාව නම් දවසක් වතුර ටැංකියක් ඇතුලේ බස්සවල හිටියා මතකයි..

    ReplyDelete
  10. පොස්ට් එනවා ලග වැඩියි

    ReplyDelete