Sunday, 30 October 2016

ආරියපාල මහත්තයා


                                             මාගේ බ්ලොග් රසිකයෝ සරත් විමලසූරිය වන මා නවනිපැයුම් කරුවකු සහ ඉලෙක්ට්‍රොනික ක්‍ෂේත්‍රයේ පර්යේෂකයකු බව දැනටමත් දනිති. ශ්‍රී ලංකාවට එපාවූ නවනිපැයුම් නමින් ඇති මගේ බ්ලොග් එක බලන්න. 2011 වර්ෂයේ සිට ගෘහ කර්මාන්තයක් වශයෙන් මාගේ නව නිපැයුමක් වන  බහුකාර්ය විදුලිවැට එනජයිසරය (2014 හොඳම වාණිජ කරණය කල නව නිපැයුම...රන් පදක්කම සහ සහතිකය) නිපදවා ගොවීන්හට විකුණන්නට පටන් ගතිමි. මෙය, සීනි, අල, රටළුනු මෙන් සියළුදෙනාටම අවශ්‍ය නොවන දෙයක් නිසා...මසකට විකුණුනේ දෙකක් හෝ තුනකි. පෙන්ෂන් එකට අමතරව එයින් ලැබුණු ආදායමින් මම සෑහීමට පත් වුනෙමි. අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගැනීමට බැරි නිසා මෙම කුඩා ව්‍යාපාරය කොම්පැණියක් බවට පත්කර මහා පරිමාණයෙන් නිපදවා මෙරට සහ පිටරට  අලෙවි කිරීමට උත්සාහ නොකලෙමි. විදුලි වැට සම්පූර්ණයෙන් ඉදිකර දීමට ඇණවුම් ගණනාවක් ලැබුණත්...අඩු වියදම් විදුලිවැටක් සාදා ගන්නා ආකාරය ගොවීන්ට කියා දුන්නෙමි. 
   
                                       බැලූ බැල්මට මෙම Electric Fence Energizer එක ශ්‍රී ලංකාවේ නිපදවූවක් කියා කිව නොහැකි තරමට, කදිම නිමාවක් සහිතව නිපදවන ලදී. මෙය මෙම උසස් මට්ටමට ගෙන ඒමට වසර දෙකකටත් වැඩි කාලයක් පර්යේෂණ කිරීමට මාහට සිදුවිය. රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඉලෙක්ට්‍රොනික අමතර කොටස් විනාශ විය. නරක්වූ සර්කිට් බෝඩ්  ගෝණි බාගයක් පමණ ඉතුරු විය   ලංකාවේ වඩාත් උග්‍රවම වල්අලි ප්‍රශ්ණය ඇති, ගල් ගමුවේ පමණක් ගොවීන් 75 ක් පමණ මෙම උපකරණය මගින් තමන්ගේ වගාවන්, නිවාස සහ ජීවිත ආරක්ෂා කරගෙන ජීවත් වෙති. දැන් තමයි මහත්තයෝ අපි නිදාගන්න පටන්ගත්තේ...කියා ගොවීන් එවූ පැසසුම් ලිපි මාලඟ තිබේ. සූර්‍ය බලයෙන් සහ ප්‍රධාන විදුලිය යන දෙකෙන්ම ක්‍රියාත්මක වන නිසා ඝන කැලෑවක ඇති හේනකසිට වුවත් ක්‍රියාත්මක කල හැකි විය. අක්කරයක හේනක් සඳහා...ප්ලාස්ටික් කොකු ගස්වලට සවිකර පැයක් ඇතුලත, ආණ්ඩුවේ විදුලිවැටට වඩා හොඳින් ක්‍රියාත්මක වන විදුලිවැටක් ඉදිකර ගත හැකිය. වල් අලින් පමණක් නොව...හරකුන් ,වඳුරන්, රිලවුන්, ඌරන්, ඉත්තෑවන් ගෙන් හේන බේරා ගැනීමට අවශ්‍ය පරිදි...විදුලි වැට ඉදිකරණ ආකාරය මාවිසින් ගොවීන්ට කියාදෙන ලදී. මෙම උපකරණය මගින් ස්මාර්ට් ෆෝන් චාජ් කරගත හැකි නිසා...විදුලිබල පහසුකම් නැති හේනේ සිටින ගොවියාට සන්නිවේදන පහසුකම් සහ ගොවීන් ගේ දැවෙන ප්‍රශ්නයක් වන...ෆේස් බුක් යෑමට බැරිකමේ ප්‍රශ්නයද මාවිසින් විසඳන ලදී.   
                           අලියකු ගම්වැදුන විට, මෙම පෝටබල් එනජයිසරය පාවිච්චි කර...විනාඩි 10ක් ඇතුලත කම්බියක් ඇද...තාවකාලික විදුලිවැටක් ඉදිකර අලියා තමන්ට අවශ්‍ය දිසාවට යොමුකර කැලයට පලවා හරින ආකාරය මාවිසින් හිටපු වනජීවී අධ්‍යක්ෂක ජනරාල්ට කියාදී...එනජයිසරයක් නොමිලේ වනජීවී දෙපාර්ත මේන්තුවට ලබා දෙන ලදී...අලි මිනිස් ගැටුම ගැන පිටරට සම්මන්ත්‍රණ ගණනාවකට සහභාගීවී දැනුමෙන් සන්නද්ධවූ එතුමෝ...මේක ගණන් ගත්තේ නැත...          
මෙහි ක්‍රියාකාරිත්වය නැරඹීමට මෙම ලින්ක් එකට යන්න...
https://vimeo.com/39816263       
                              
මසකට සෙට් 4ක් 5ක් පමණ විකිනෙන මට්ටමට පැමිණි විට...ට්‍රාන්ස්ෆෝමර් ඔතන්නකුගේ සහාය මට අවශ්‍ය විය. මේ සඳහා වෙනත් ව්‍යාපාරයක පාට් ටයිම් වැඩකරන... ට්‍රාන්ස්ෆෝමර් ඔතන්නකු වූ ආරියපාල මහත්තයා  කැමති විය...එම ආයතනයේ වැඩ නොමැති දිනවල ඔහු මාගේ නිවසට පැමිණ ට්‍රාන්ස්ෆෝමර් ඔතාදී මුදල් රැගෙන ගියේය. පසුව ඔහු ට්‍රාන්ස්ෆෝමරයකට ගෙවන මුදල මදි යයි කිවූ බැවින්...එකකට රු 450 දක්වා ඔහු ඉල්ලූ ප්‍රමාණයට වැඩි කරණ ලදී. ආරියපාල මහත්තයා ඉතා සෙමින් කතාකරන (ටෙලිෆෝන් කරන විට ඇහෙන්නේම නැත)...කිසිම දිනක එකම සිගරට්ටුවක් හෝ අරක්කු වීදුරුවක් බීනැති...ගීනස් පොතට යායුතු...කිසිම දවසක කුණුහරුපයක් කියානැති...පට්ටම අහිංසක...සුපර් අවංක චරිතයකි...වයස අවරුදු හැටහතරක් වූ කෙසඟ පුද්ගලයෙකි. නමුත් මොහු ඇතුලතින් ඉතා අහංකාර...මුරණ්ඩු චරිතයක් බවද මම වටහා ගතිමි.   වරක්ෂොප් එකේ,  පර්ස් එක, ෆෝන් එක හෝ මුදල් මාහට අමතකවී ආවිට (මට මේ දැන් තියනදේ...මේ මතක නැත... කාර් එකෙන් ටවුමට ගොස්...පයින් ගෙදර එන ජාතියේ එකෙකි මම) රුපියලක අඩු පාඩු නොමැතිව මට බාර දෙයි. ඉතිං මේ සුපිරි අවංක වසරකට වරක් දෙවුන්දර දේවාලෙට, කතරගමට යන බෞද්ධයාට... Electric Fence Energizer නිපදවන අන්දම මාවිසින් ගුරුමුෂ්ටි නොමැතිව කියාදෙන ලදී. නිර්මාණය ඩුප්ලිකේට් කරන්නන් ගෙන් මාගේ නිර්මාණය බේරා  ගැනීම සඳහා අමතර කොටස්වල අංක මැකීමද ඔහු වෙතම බාර දෙන ලදී. ඉතා සෙමින් වැඩකරන ඔහු කදිම නිමාවෙන් යුතු උපකරණ නිපදවීය. එකකට කීයක් උවමනා දැයි ඇසූවිට රුපියල් 1000ක් අවශ්‍ය බැව් කීය... ව්‍යාපාරය තරමක් දියුණුවූ බැවින් වරින්වර ගාස්තුව වැඩිකර දැන් ගෙවනුයේ1650/=ක මුදලකි. උදේ 9සිට හවස 5 දක්වා වැඩකළ දිනවල ඔහු උපකරණ දෙකක් නිපදවීය. පෙට්ටි සහ සර්කිට් බෝඩ් ප්‍රින්ට් කිරීමට වෙනම මුදල් ගෙවන ලදී.
                     අවාසනාවන්ත ලෙස මේ අහිංසකයාගේ කකුලේ පිළිකාවක් සෑදුණි. ඒ සඳහා මහරගම ගොස් ප්‍රතිකාර ලබාගැනීමට මම උදව් කලෙමි. නිසි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් පිළිකාව නිට්ටාවට සුව විය. කරදර එනවිට පෝළිමට එයි...ඔහුගේ බිරිඳගේ අවිවාහක අයියා එකවරම අංශභාගය සෑදී ඔත්පල විය. ඔවුන් පදිංචිවී සිටින්නේ අයියාගේ ගෙදරය. (මොහු ඉතා ගුණ යහපත් පුද්ගලයෙකි). ඔහුට අමාරුවී මාහට දැන්වූ විට...වරින් වර ගොස් පරීක්ෂා කල අතර...දියණිය උසස්පෙළ සමත් වුවහොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වියදම් දීමටද පොරොන්දු වුනෙමි. ආරියපාලගේ පුතාට මගේ ඩෙක්ස්ටොප් පරිඝනකය තෑගි කලෙමි....ආරියපාල මහත්තයාට මාවිසින් ජංගම දුරකථනයක් ද ලබා දෙනලදී. මැරයකුවූ ඔහුගේ පුත්‍රයා වහාම අහිංසක ආරියපාලගෙන්  මෙම දුර කථනය උදුරා ගත්තේය. ආරියපාල ඇමතුම් වලට පිළිතුරු නොදෙන බැවින්...මාවිසින් රකථනය ආපසු ලබාගන්නා ලදී...වයස 20ක්වූ පුතා 27ක්වූ විවාහක ගැහැණියකට සෙට් වී ඇති බවදුරකථනයේ ඇති SMS පරීක්ෂාවේදී හෙළිවිය. මේ බව මාවිසින් ආරියපාලට වහාම දැන්වූ යෙමි....පසුදින තෝ මට අහුවෙන්න එපා මරණවා යනුවෙන් සඳහන් SMS එකක් මාහට ලැබී තිබුණි...මම වහාම ආරියපාලගේ නිවසට ගියෙමි...ඇයි ඩොක්ට හදිසියේ ආරියපාල ඇසුවේය...කව්ද පරයෙක් මාව මරණවා කියලා SMS එකක් එවලා තියෙනවා...උගෙන් මැරුම්කන්නයි මං ආවේ කියා...මම බෙරිහන් දුන්නෙමි...පච්ච කරා...බලපිටියේ උපන් අහිංසක මට මුහුණදීමට එලියට ආවේ නැත...අම්බලංගොඩ හොඳ මිනිස්සු බල්ලෙක් කකුල කෑවිට බල්ලාගේ කකුල නොසපති...හැබැයි බල්ලාගේ කොන්දට පොළුපාරක් නම් වරදින්නේ නැත.        
             ගිය අව්රුද්දේ ඔක්තෝම්බර් මාසයේ මාගේ හොඳම මිතුරෙක් වන සරත් පැටිකිරිකෝරාළ, ඕස්ට්‍රේලියාවේ මාසයක නිවාඩුවක් ගතකිරීමට මට ආරාධනා කළේය. උපකරණ 30ක් සෑදීම සඳහා අවශ්‍ය ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් සහ  අවශ්‍ය අමතර කොටස් ආරියපාල මහත්තයාට බාරදී...ඕස්ට්‍රේලියාව බලා පිටත්වුනෙමි...මා ආපසු එනවිට ආරියපාල මහත්තයා එකම එනජයිසරයක් වත් නිපදවා තිබුනේ නැත...මගේ ළඟ ඉතුරුවී තිබූ එනජයිසර් හතර විකිණී අවසන්වී තිබුණි.  ආරියපාල මහත්තයා...කෝ සර්කිට් ගැහුවේ නැද්ද කියා මම ඇසුවෙමි...හරි වැඩේ ඩොක්ට උනේ...අපේ ගේ පේන්ට් කරද්දී බඩු අස්කරන කොට අපේ නෝනා ඔක්කොම සර්කිට් ටික කුණු බෑග් එකකට දාලා කුණු ලොරියට දීලා...එයා ඉතිං ඕව අඳුනන්නේ නෑනේ...මළ කෙළියයි...එහෙනං ඉක්මනට බෝඩ් ප්‍රින්ට් කරලා වැඩේ පටන් ගමු ඕඩර්ස් තියෙනවා බඩුනෑ...හරි හරි ඩොක්ට දැන්ම පටන් ගමු...ඉක්මනින්ම එනජයිසර් 10ක් නිපදවා ව්‍යාපාරය යථා තත්වයට පත් කරන ලදී...ක්‍රමයෙන් වසරක් තුල මගේ ව්‍යාපාරය බංකොලොත් තත්වයට පැමිණි අතර...ෆයිනල් ට්‍රාන්ස්ෆෝමරය පිළිස්සුණු උපකරණ බහුල වශයෙන් රෙපයාර් සඳහා ලැබෙන්නට විය... සමහර එනජයිසර් මාසයක් ඇතුලත කැඩුණු අතර...වසරක වගකීමක් ඇති බැවින් ඒවා ආරියපාල මහත්තයාටම මුදල් ගෙවා...නොමිලේ රෙපයාර් කර ආපසු යැව්වෙමි....පාරිභෝගිකයෝ මට බැණවැදී මගේ උපකරණය ගැන ඇති විශ්වාසය නැතිකර ගත්හ...ඇණවුම් අඩුවී...පසුගිය මසවනවිට ව්‍යාපාරය බංකොලොත් තත්වයට පත් විය. පසුගිය වසර පුරා මාලඟ තිබූ අමතර කොටස් අසාමාන්‍ය ලෙස අඩුවන බවක්ද දක්නට ලැබුණි. පිළිස්සුනු ට්‍රාන්ස්ෆෝමර් පරීක්ෂා කිරීමේදී ඒවා නිසිලෙස ෂැලැක් යොදා සීල්කර නොමැති බව හෙළිවිය.   
                      පසුගිය සතියේ මගේ හිතවත් කැකිරාවේ කස්ටමර් කෙනෙක්වූ අනුරුද්ධ නමැති තක්කාලි සහ කොමඩු වගාකරන තරුණ ගොවියා...මට දුරකථන ඇමතුමක් දුන්නේය...සර් දැන් මට මාතර ආරියපාල කියල කෙනෙක් කතාකලා...එයා ළඟ අඩු ගානට හොඳ වර්ගයේ එනජයිසර් තියෙනවා කිව්වා...ඩොක්ටර් ගේ එකවගේ ලේසියෙන් කැඩෙන්නේ නෑ කිව්වා. දැන් ඩොක්ටර්ට බිස්නස් නැති නිසා...එයා තමයි මේවා හදන්නෙ කිව්වා...අනුරුද්ධ ඉක්මනට ආයෙත් කෝල් කරලා දෙකක් ඕඩර් කරන්න...කෝල් එක රෙකෝඩ් කරන්න...අනුරුද්ධ කෝල් එක රෙකෝඩ් කර...මට ෆෝවඩ් කලේය...ආරියපාල ඔහු අමතා ඇත්තේ අලුත් නොම්මරයකිනි...එම නොම්මරයටම මගේ මිතුරකු ලවා ආරිය පාලට කතාකර එකක් ඕඩර් කලෙමි...සම්පූර්ණ දුරකථන සංවාදයම පටිගත කලෙමි.
                               එදිනම මා කිසි වෙනසක් නොපෙන්වා ආරියපාලගේ නිවසට ගියෙමි...නිවස අලුතෙන් පේන්ට් කර දිස්නය දෙයි...දුව ලැප්ටොප් එකක අධ්‍යාපන කටයුතු කරමින් සිටී...ආ ඩොක්ට වැඩිවෙන්න ආරියපාල කිව්වේය...බිස්නස් අඩු නිසයි ඒපැත්තේ ආවෙ නැත්තේ...අලුතෙන්ම අරගත් පොලිතීන් කොළයකින් වැසූ පුටු සැටියේ වාඩිවුනෙමි...පුතා ඩෙක්ස්ටොප් කම්පියුටරයක ෆිල්ම් බලනවා දොරරෙද්ද අතරින් පෙනේ. මේසය උඩ ස්මාර්ට් ෆෝන් එකක් තිබේ.   
                           එදිනම සාපරාධී විශ්වාසය කඩකිරීම බුද්ධිමය දේපල පණත උල්ලංඝනය කිරීම යටතේ පොලීසියට පැමිණිලි කලෙමි...පැමිණිලි විභාගයේදී සුපිරි අවංක පුද්ගලයකු ආරියපාල මහත්තයා කිව්වේ තවමත් ඔහු එකක් රුපියල් 20000හ ගණනේ  විකුණා ඇත්තේ සෙට් 10ක් පමණක් බවයි. එය සත්‍ය ගණන නම් රුපියල් ලක්ෂ දෙකක් ඔහු වංචාවෙන් උපයා තිබේ. මගේම බඩු හොරකම් කර, මගේම ඊයම් වලින්,මගේම බවුත් එකෙන් පාස්සා, මගේම වයින්ඩරෙන් කොයිල් ඔතා...මගේම කස්ටමර්ලාට අඩුමිලට විකුණා...තමන්ට කන්න බොන්න දුන් දුකසැප බැලූ  මට...ආරියපාල හොඳ එකෙන්ම ඇරියේය. 
                  සාපරාධී විශ්වාසය කඩකිරීම සහ (මාහට පේටන්ට් බලපත්‍රයක් ඇති බැවින්)...බුද්ධිමය දේපල පණත උල්ලංඝනය කිරීම යටතේ ආරියපාලට විරුද්ධව සිවිල් නඩුවක් පැවරීමට මාගේ නීතීඥයාට බාරදුනිමි...
                            අවංක නිලධාරීන් සිටින ශ්‍රී ලංකා පොලීසිය කුමක් කරාවිද ? ආරිය පාලටද බිරිඳක් සිටින නිසා උසාවිය නිහඬ වෙයිද ?...කියා මා දන්නේ නැත.  


##දැන් ඔබේ කමෙන්ට් එක මං දන්නවා...අයියෝ ඩොක්ටර් දැන් කාලේ කිසිම මිනිහෙක් 100%ක් විශ්වාස කරන්න එපා !...නෑ...මම තවමත් මිනිසුන් විශ්වාස කරමි !##              

69 comments:

  1. //ශ්‍රී ලංකාවට එපාවූ නවනිපැයුම් නමින් ඇති මගේ බ්ලොග් එක බලන්න.//

    කෝ ලින්ක් එක?

    ReplyDelete
    Replies
    1. Google... https://www.google.lk/search?q=sarath+wimalasuriya+blog&oq=sarath+wimalasuria&aqs=chrome.1.69i57j0l3.7816j0j7&sourceid=chrome&ie=UTF-8#q=sarath+wimalasuriya


      also : chk this :http://www.sinhalagossipnews.com/2015/08/dr-sarath-wimalasuriyas-amazing-protest.html

      Delete
    2. http://4s7sw.blogspot.com/2016/07/blog-post_14.html

      Delete
  2. අයියෝ ඩොක්ටර් දැන් කාලේ කිසිම මිනිහෙක් 100%ක් විශ්වාස කරන්න එපා ...

    ReplyDelete
  3. පේටන්ට් එක ගත්ත නං, ලොකු ගානකට විකිණීම, තමන්ම වෘත්තීය මට්ටමෙන් නිපදවීම කියන දෙකෙන් එකක් කරන්න හිත හදාගන්න වෙනව. දෙවනි එක තෝරගන්නව නං ගුරු මුෂ්ඨියක් තියාගන්නත් වෙනව. දන්නවනෙ සන්ලයිට් මිචර්එක, ප්‍රසිද්ධ බිස්කට්වල මිශ්‍රණ ආදිය ලොක්ක ලඟ තමයි හැමදාම තියෙන්නෙ. ගෝලයට දුන්නොත් බඩුම තමයි.

    ReplyDelete
  4. මගේ ඥාතියෙකුගෙ වත්තකට අලි වැටක් දාල තියනව (අයියෝ මීට අවුරුදු හතරකට පහකට කලිං දැනගත්ත නං ඩොක්ගෙන් වැඩේ කරගන්න තිබුන). සමහර අංකූර අලි කොටන් ගෙනල්ල කම්බිය උඩට අතහැරල කම්බිය කඩල යනව.

    ReplyDelete
    Replies
    1. අලි කොට දාල වැට කඩනවට විසඳුම් මං ළඟ තියෙනව

      Delete
  5. Sarath, yes it is a pathetic situation, you help employees wanting to be fair, but if you don't keep a firm grip and good control , you have only to blame yourself at the end
    anyway it makes for a good reading

    ReplyDelete
    Replies
    1. Yes sir I got my hands burned & learned a very good lesson !

      Delete
  6. ගුත්තිල -මුසිල සීන් එකක් නේ !

    ReplyDelete
    Replies
    1. නෑ වැරදියි...මූසිල ගුත්තිලට වඩා දක්ෂයි...ශක්‍රයා උදව්කලේ නැත්නම් ගුත්තිලට දිනන්න බෑ. මේ හොරා මං දන්න දේවල් වලින් 1%ක් වත් දන්නෙ නෑ

      Delete
    2. දැන් කාලේ තරගෙකදි තහනම් උත්තේජක ගත්තා වගේ සීන් එකක් උනේ.හැබැයි ඉතිං ගුත්තිල ගුරැ මුෂටිය තියා ගත්තා නම් අවුලක් වෙන්නෙත් නෑ.ඩොක්ටත් ගුරැ මුෂ්ටිය වගේ එකක් තියා ගත්තා නම් ඔහොම අවුලක් වෙන්නේ නෑ.

      Delete
  7. දැං හරි... ඔය උනේ ගරාජ් එකේ එක දෙක අමුට්ටල මදි කියන පාඩම කියල දීපු එක.අමාරු දේකට තියෙන්නෙ මකල දාපු නම හදාගන්න එක නෙ.ඒක ඉබේම කෙරෙයි.. ටිකක් බැහැලම පිට් එකේ වැඩේ පටන් ගන්න කාලෙ හරි කියන පණිවිඩෙයි ඔය ලැබිල තියෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් මහ පරිමාණයෙන් කරන්න තීරණය කළා. මම උණුවෙන් කෑමට ගොස් කට පුච්චා ගන්නා කෙනෙකු නොවේ...ත්‍රස්තවාදියා එලියට පැමිණ සිටී...ඌ කැමති ඩීප්ෆ්‍රීස් කර කෑමටය !

      Delete
  8. වෙච්ච දේ වෙලා ඉවරයි. හැබැයි හොරාට PCB එක ගහගන්න ක්‍රමයක් නෑ නේද? හොරකම් කරපු ටික විතරයි නේද තියෙන්නෙ? ඕකෙන් ඔබගේ බිස්නස් එක කඩන්න බෑ උන්ට. මහියංගණය පැත්තෙ අයට ඔය අලි ගැටලුව ලොකුවටම තියෙනවා. මං ඒ පැත්තෙ අවශ්‍යතාව හොයල බලන්නං. බදුල්ලේ එළවළු ගොවීන්ටත් ඔය වගේම කුඩා සත්තුන්ගෙං කරදරේ. ඒකට පිලියමකුත් ඔය උපකරණයෙ තියෙන්න පුලුවන්. අපිට බ්ලොග් හරහා උනත් ප්‍රචාරයක් දෙන්න පුලුවං. අටං අයියා එක වචනෙං ඕක දම්මයි බ්ලොග් සීයක.
    අර හොරාට වැඩි ආයුශ නැත. උගේ පුතා උට අරින දවස වැඩි ඈතක නැත. ලංකාවේ පොලෝසියෙං නොවුණත් ස්වභාවික චක්‍රයේ උට හිමි ඳඬුවම ලියවී ඇත.

    ReplyDelete
    Replies
    1. පොලීසිය මුලින් ඌ හොඳටම බයකලා. උගේ ගේ චෙක් කරන්නයි කියලා ගෙදරට ගියා...දැන් කියනවා උගේ ගෙදර බඩු නෑ...වික්කෙ කාටද කියලා ඌ කියන්නෙ නෑ...ඌ කියන්නෙ ඌ කාලෙක ඉඳන් විකුනන්නෙ උගේ සර්කිට් එකක් කියල ...නඩු දාන්න බෑ කිසිම සාක්කියක් නෑ කියල...උසාවිය නිහඬයි...ත්‍රස්ත වාදියා නිහඬ නැත !

      Delete
  9. අලින් ගම් වැදීම් බහුල අවදියක වනජීවි දේපාර්තමේන්තුව මේ පිළිබඳව උනන්දු නොවීම කණගාටුවට කරුණකි.
    එසේම විශ්වාස කළහැකි මිනිසුන් අප අතරේ තාමත් නැතුවාම නොවේ.

    ජයවේවා!!!

    ReplyDelete
  10. Replies
    1. කාල හරියන්නෑ. අපි අපේ දොස්තර මහත්තයගෙ බිස්නස් එක ගොඩ දාන්න මොකද්ද කරන්නේ කියලා බලමු.

      Delete
    2. ඔව් මහ පරිමාණයෙන් කරන්න තීරණය කළා. මම උණුවෙන් කෑමට ගොස් කට පුච්චා ගන්නා කෙනෙකු නොවේ...ත්‍රස්තවාදියා එලියට පැමිණ සිටී...ඌ කැමති ඩීප්ෆ්‍රීස් කර කෑමටය !

      Delete
  11. I have no words..... I 'very been there every step of making the energizer .... All the security redundancies were taken to copy protect.... But by the time Dr. Trusted this guy .... Even more I think this motivated by his criminal son ..... I believe you are a creative person .... Pretty sure You will find a way to control this leak ....

    ReplyDelete
  12. බෝඩ් ටික කුණු ලොරියට දුන්නයි කියන එක ‍කියෝනකොටම මට තේරුනා වෙන්න යන වැඩේ.
    මම දන්න තරමින් ට්‍රාන්ස්ෆෝමර් ඔතන එක එච්චර බරපතල දෙයක් නෙමෙයි නේද? ඔබතුමාම ඒ වැඩෙත් කරගෙන ආයෙම පටන්ගන්න බලමු.

    අනික අරවගේ විස්වාසවන්ත කස්ටමර්ල ඉන්නවනං වැඩේ ගොඩදාගන්න අමාරු වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මහ පරිමාණයෙන් කරන්න තීරණය කළා.

      Delete
  13. මොන මිනිහත් ොක්ටර්ගෙ අවංක කමින් ප්‍රොජන ගන්නවා. හැබැයිඩොක්ටර් අමු දසයා කියල දැනගන්න විට ඒ යකා හබක්.ගොවියාගෙ දැවෙන එෆ්බී ප්‍රශ්න විසදු වීරයාට ජයවෙවා.. උපරිම තද කරහං

    ReplyDelete
    Replies
    1. මොන ලබ්බකටද බං නැත්තං අර 'සාරභූමි' වගේ ගෲප් තියෙන්නෙ. හැක්..

      Delete
    2. මම උණුවෙන් කෑමට ගොස් කට පුච්චා ගන්නා කෙනෙකු නොවේ...ත්‍රස්තවාදියා එලියට පැමිණ සිටී...ඌ කැමති ඩීප්ෆ්‍රීස් කර කෑමටය !

      Delete
  14. තමන්ගේ සෙවනැල්ලවත් විස්වාස කරන්න එපා දොස්තර මහත්යෝ. හේනේ පැලට වෙලා තනියෙන් ඉන්න ගොවියාගේ පාලුව කාන්සිය නැති කරන්න ඔයාබටෙන් වැල වරකා දඩිං බිඩිං දොඩං එහෙම බලන්ඩ ඉඩ සැලැස්සු දොස්තර මහත්තයාටනේ මේ ඇරිය පාලයා ඇරියේ. නෙදකිං

    ReplyDelete
  15. ගස් කැරියෙක්නේ... කොහොමත් ඔය කන්නේ බොන්නේ නැති අති බහුතරයකගේ බොක්ක ගඳයි....

    ReplyDelete
    Replies
    1. මිනිහ දැන් කියන්නේ මං හදන්නේ වෙන සර්කිට් එකක්...අඳුනන්නේ නැති මිනිහෙක් හිටපු ගමන් ඇවිත් සල්ලිදීලා ගෙනියනවා...පොලීසිය කියන්නේ ප්‍රොඩක්ෂන් එක හොයා ගන්න බෑ ඒනිසා නඩුදාන්නත් බෑ කියල...ඩේසි ආච්චිගේ මැණික් මල්ල අංක දෙක...

      Delete
    2. පොලීසි ගියාට නම් අවුලක් නෑ... නඩු නම් යන්න එපා... ඊට වඩා හොඳයි අලියෙක්ට කියලා ගහගෙන මැරෙණ එක...

      Delete
    3. පොලිසි ගියත් තේරුමක් නැත. මොකද මේක ශ්‍රීලංකා පොලිසියයි.පොලිසියේදී වෙන්නේ වෙච්ච පාඩුවට තව ටිකක් එකතු වෙන එක විතරයි. මොකද එහෙම අත්දැකීමක් මටත් තිබේ.අනික ලංකාවේ මිනිස්සුන්ට උදව් කිරීමෙන් මෙවැනි ප්‍රති විපාක වලට මුහුණ දීමට සිදුවේ.අපේ රටේ බහුතරය මෙවැනි අයය.මේකට කන බොන බේදයක් නැති බව මගේ අදහසයි.

      Delete
    4. මම නම් කියන්නෙ බොන්නෙ නැත්තෙ ගස් කැ$#

      Delete
  16. මම පදවියේ වල් අලින්ගෙන් නිරතුරුව බැටකන යාළුවෙකුට කීවා ඔබේ නිර්මාණය ගැන, ඔබෙන් එකක් අරන්දෙන්නයි අදහස තිබ්බේ, මතක කිබුණු විදිහට එකක් 35ක් විතර කියලා ගාන කීවාම එයා කීවා ඔය කියන විදිහේම එකක් 25ට එහෙ ගන්න පුළුවන් කියා, මම එදාම හිතා ගත්ත වැඩේ හරි කියා, ඒ වගේම ඔබේ පළමු පොස්ටුව දුට දවසේම දැනගත්තා මේවගේ පොස්ටුවක් ළඟදීම කියවන්න වෙන බවත්. ස්මොල් බිස්නස් කන්සල්ටල්ටන්ට් කෙනෙත් අල්ලගන්න, වාද්දුවේ හිටියා පැට්‍රික් ප්‍රනාන්දු කියලා අයිඩීබී එකෙන් අයින්වෙලා කන්සල්ටන්සි කරන කෙනෙක්, ඔබ කැමති වුනා නැතා බිස්නස් එකක්නම් නිරතුරුව ස්කෙල්අප් කරන්න ඕනා, නැත්නම් පේටන්ට් එක විකුණා දමන්න. ඔබට වෙනස් වෙන්න බැරිනම් එය විකුණනා දමන එක අලින්ගෙන් බැටකන මිනිස්සුන්ට වාසා වැඩි සේවයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. බිස්නස් එකම විකුනන්නයි හිත

      Delete
  17. //මම තවමත් මිනිසුන් විශ්වාස කරමි // මේක හරි.. Keep in mind "Trust in God, But lock your car" :)

    ReplyDelete
  18. ඕම එවුන් හැමතැනම ඉන්නව

    ReplyDelete
  19. මීට වඩා සංවිධානාත්මකව, කුඩා පරිමාණ ලියාපදිංචි සමාගමක් හදාගෙන, (ඒ සඳහා බැංකු ණය ගන්න පුළුවන්) බාල අනුකරණ වලට රැවටෙන්න එපා කියා, පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී දැන්වීමක් එහෙම දාලා, අලුතෙන් පටන්ගන්න බැරිද.

    මම කාලයක් රූපවාහිනී/ගුවන්විදුලි යන්ත්‍ර සෑදීම කළා. අදත් මගේ ළඟ මල්ටිමීටර්, අමතර කොටස්, බවුත්, තියනවා. පරිපථයක් බලාගෙන කෑලි අමුනන්නත් දන්නවා. ඇත්තෙන්ම අහලක පහලක වුනානම්, මා ඔබට උදව් කරනවා.

    ReplyDelete
  20. මම හිතන්නේ මිනිහට ... ඔය නඩුවේදී.. හරියට උත්තර දීගන්න බැරී වෙයි, ඩිසයින් එක තමන්ගේ කියල ඔප්පු කරන්න බැරි වෙයි.

    this is a kind of a story, but he fought with Ford
    https://www.youtube.com/watch?v=0Biy-okZ0l8

    ReplyDelete
  21. ඔබ මේ දේ සැලසුම් සහගත් ව්‍යාපාරයක් විදියට කල යුතුයි කියල මම නම් හිතන්නේ...කොහොම වුනත් පාඩම ඉගන ගැනීම තමයි වැදගත්ම දේ...

    ReplyDelete
    Replies
    1. ඔව් අත පුච්චාගෙන පාඩමක් ඉගෙන ගතිමි !

      Delete
  22. බලපිටි‍යේ ඉපදුනා කිව්වෙ මහ ඉස්පිරිතාලෙද? නැත්තම් උපන් ගමද?

    ReplyDelete
    Replies
    1. අම්බලංගොඩ අම්මලා දරුවන් වැදීමට ගියේ බලපිටියට !

      Delete
    2. මාව වදල තියෙන්නෙ පොල්වත්තෙ. කලුවඩුමුල්ලට කිට්ටුයිනෙ

      Delete
    3. මමනම් මහමෝදර.මගෙ ගම බලපිටිය.

      Delete
  23. තමන්ට වැඩිපුරම සහ ඉස්සරවෙලාම කෙලින්නේ තමුන් වැඩියෙන්ම උදව් කරපු එකාය. (අත්දුටු දෙයකි)

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි සත්තයි

      Delete
    2. අත්දුටුවයි සත්තයි .ඒත් අපි පාඩම් ඉගෙනගන්නේ නැහැ.

      Delete
  24. ඔය තියෙන්නේ ගාණට කෙළලා...
    වෙන කෙනෙක් දම්මලා ඒ මනුස්සයට කෝල් කරලා එකක් හදවාගෙන ගෙන්න ගත්තොත් අල්ල ගන්න පුළුවන් නේද බඩුත් එක්කම...

    ReplyDelete
    Replies
    1. දැන් බිස්නස් එක කරන්නෙ පුතාලු...උගේ නොම්මරේ මං දන්නෙ නෑ !

      Delete
  25. ලංකාවේ මිනිස්සුන්ට උදව් කිරීමෙන් මෙවැනි ප්‍රති විපාක වලට මුහුණ දීමට සිදුවේ.අපේ රටේ බහුතරය මෙවැනි අයය.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ විතරක් නෙමෙයි මුදල් ඉදිරියේ මනුශ්‍ය හැසිරීම ගොඩක් වෙලාවට ඔය වගේ.ඇපල් කොම්පැණියෙන් ස්ටීව් ජොබ්ස් වත් එලියට විසි උන එකේ,ෆේස් බුක් මුල් කාලෙත් ඔය වගේ දේවල් උන එකේ මිනිස් අඩුපාඩුකම් එක රටකට,එක ජාතියකට විතරක් ඌණනය කරන්න බෑ.ඒක හරි මදි.
      හැබැයි ඩොක්ටට ඊලඟ පියවර නම් බොහොම හයියට තියන්න මේක හොඳ පන්නරයක්.

      Delete
    2. ඔව් අවංක පුද්ගලයෝ හරි අඩුයි...ව්‍යාපාරයක් දියුණුවෙන විට...මං මොකටද උඹට හම්බකරල දෙන්නෙ...තොට කෙළවඥඤං ලෙඩේ හැදෙනවා !

      Delete
  26. ආරියපාල මහත්තයා සුදු ඇඳගත්තු කපටියෙක් වගේනේ.

    ReplyDelete
    Replies
    1. අවංක පුද්ගලයෝ හරි අඩුයි...ව්‍යාපාරයක් දියුණුවෙන විට...මං මොකටද උඹට හම්බකරල දෙන්නෙ...තොට කෙළවඥඤං ලෙඩේ හැදෙනවා ! සමාජ වෛරයෙන් පෙළෙන දුප්පත් මිනිසුන් කම්පැනි වලට බැඳෙන්නෙම...තොට කෙළවඥඤං න්‍යායෙන් !

      Delete
  27. ##දැන් ඔබේ කමෙන්ට් එක මං දන්නවා...අයියෝ ඩොක්ටර් දැන් කාලේ කිසිම මිනිහෙක් 100%ක් විශ්වාස කරන්න එපා !...නෑ...මම තවමත් මිනිසුන් විශ්වාස කරමි !##

    ඉස්සර කාලෙත් වංචාකාරයො හිටියා, ජනගහණය හා ට්‍රාන්ස්ඇක්ශන් ගාන ඉස්සර අඩු නිසා දැන් වංචා වැඩියි කියලා පේනවා ඇති. නිලධාරීන්ගෙ දූෂිත බවනම් දැන් වැඩි ඇති. ඒකට හේතුව මුදල් අවශ්‍යතාවන් වැඩි වීම හා දේශපාලනය ගෑවීම

    ReplyDelete
  28. අවංක පුද්ගලයෝ හරි අඩුයි...ව්‍යාපාරයක් දියුණුවෙන විට...මං මොකටද උඹට හම්බකරල දෙන්නෙ...තොට කෙළවඥඤං ලෙඩේ හැදෙනවා ! සමාජ වෛරයෙන් පෙළෙන දුප්පත් මිනිසුන් කම්පැනි වලට බැඳෙන්නෙම...තොට කෙළවඥඤං න්‍යායෙන් !

    ReplyDelete
  29. \\ගස් කැරියෙක්නේ... කොහොමත් ඔය කන්නේ බොන්නේ නැති අති බහුතරයකගේ බොක්ක ගඳයි....\\

    මට හිතුනෙත් මේකමයි.

    ReplyDelete
    Replies
    1. ##කන්නේ බොන්නේ නැති අති බහුතරයකගේ බොක්ක ගඳයි## හරියටම හරි !!!

      Delete
  30. අලුත් කොම්පැනියක් දාල තමුන්ගේ බිස්නස් එක කරන් යන්නයි තියෙන්නේ. එතකොට ඉබේම ඔය වගේ හොරු වැහිලා යනවා. මිනිහා දන්නේ ඩොක්ටර් කියල දීපු ටික අමුණලා වැඩේ කරන්න විතරනේ. පොඩි අප්ග්‍රේඩ් එකක් එක්ක අලුත් මොඩල් එකක් දුන්න නම් හරි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...දැන් ප්‍රචාරයකුත් දීලා අලුතෙන්ම පටන්ගන්නවා.

      Delete
  31. සරත් මහත්තයා, ඔය උපකරණ කොපි කරන උන්න්ගෙන් අමාරුවෙ වැටෙන්න ගිය කිහිප දෙනෙකුටම මම උදව් කරලා තියෙන හින්දයි මේක ලියන්නේ. SMD (Surface Mount Device වලින් සර්කිට් එක හදන්න. ATmega328 වගේ Boot loader එකකින් සර්කිට් එක අළුතෙන් ඩිසයින් කරන්න. පොඩි බොත්තම් බැටරියකින් විදුලිය දිගටම දීල තියන්න. එතකොට Programm කරන්න පුළුවන් පෙට්ටිය open කළාම, එහෙම නැත්නම් ගැලෙව්වාම warrenty නැති වෙනවා කියනවා වගේ Programm Reset කරලා දාන්න. දැන් අළුත් වාහන වල ඔය වැඩේ තමයි කරන්නේ. සර්කිට් ඩිසයින් කරන්න,Programm කරන්න ඕනෙ නම් ඊයක් එවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...මං කැමතියි ඔබතුමා මුණ ගැසෙන්න !

      Delete
    2. මගේ ඊමේල් ලිපිනය prasadsiriwardana@gmail.com, ඔබේ ඊමේල් ලිපිනය යොමු කළොත් මම දුරකථන අංකය දන්වන්නම්. අපි මුණ ගැහෙමු.

      Delete
  32. අවංක පුද්ගලයෝ හරි අඩුයි...ව්‍යාපාරයක් දියුණුවෙන විට...මං මොකටද උඹට හම්බකරල දෙන්නෙ...තොට කෙළවඥඤං ලෙඩේ හැදෙනවා !
    This statement is 100% true. Read the following - a similar story, but far worse than your experience. Good luck with your new plans!
    http://www.divaina.com/2016/11/01/news27.html

    ReplyDelete
  33. අපේ සිංහල ජාතියේ එව්න්ගේ වැරැද්ද ඕක ...කාගේ හරි දෙයක් කොපි කරලා තමුන්ගේ කර ගන්න හදනවා.අන්තිමේදී දෙන්නටම කෙල වෙනවා,දැන්ම වැඩේ හරියට පටන් ගත්තොත් ලබන අව්රුද්දෙ වැස්ස අඩු කාලේදී පොලියත් එක්ක ගොඩ යන්න පුළුවන් ..ජය වේවා

    ReplyDelete
  34. මංං දැනටම ඉගෙනගෙන තියෙන්නෙ කාවවත් විශ්වාස කරන්න හොඳ නෑ කියන එක.

    ReplyDelete