Sunday, 11 September 2016

ලුණු පොල්කට්ට



                                         මේ තියෙන්නේ අම්බලංගොඩ නගර වැසියන් දහස් ගණනකට පිහිණුම් පුහුණුව ලබාදුන් (මටනම්) ලෝකයේ තිබෙන හොඳම ස්විමින්පූල් එක. මේක තියෙන්නේ පරණපාරේ අම්බලංගොඩ තානායමට පිටුපසින්.  මේකේ විනාඩි දෙකෙන් දෙකට වතුර අලුත් වෙනවා. ලංකාවේ කොහේ වත් මේ වගේ ස්වභාවික...100%ක් ආරක්ෂා සහිත ස්විමින්පූල් එකක් නැත....පූල්එකේ කෙලවර ගැඹුරු නිසා ගල උඩසිට වතුරට පනින්නත් පුළුවනි.  වාරකන් කාලෙට ගල් පර දෙක අතරින් එන රළපහරත් සමග පිහිනීමෙන් ලැබෙන ආතල් එක කියලා වැඩක් නැත!!. මේ පුංචි ස්විමිං පූල් එකට අපි කිව්වේ ලුණු පොල්කට්ට කියාය. ධර්මශෝකේ සහ දෙවානන්දේ...මං වගේ නෝටි බෝයිලා තාප්පෙන් පැනලා ස්කූල්කට්කරලා කෙලින්ම එන්නේ මෙතෙන්ට. ලෝක අමාරුවෙන් සින්ඩිකේට් දාලා බ්‍රිස්ටල් සිගරැට් දෙක තුනකුත් අරගෙන එනවා... ගල උඩට. ස්කූල්කට්කරලා නාන ගමන් සිගරැට් බොන එක...පන්තියේ ඉන්න ගටතියෙන නෝටි කොල්ලන්ට විතරක් කරන්න පුළුවන් වැඩක්...අපි ඇවිල්ලා...වෙන්ඩ ගාමිණී ෆොන්සේකා පොරවල් නේ...  පන්තියේ ඉන්න...කොල්ලෝ උනාට ගෑණුවගේ ඩයල් වලට ධර්මශෝකේ අඩි අටේ තාප්පෙට උඩින් බල්ටි ගහන්න බෑ...අපේ ඕලෙවල් ගැන්සිය මේවැඩේ සැලකුවේ මහා වීරක්‍රියාවක් විදියටයි. දවල් 12 වෙනවිට අපි නැවතත් ඔළු ගෙඩි වේලා ගෙන හීංසීරුවේ පන්තියට රිංගා ගත්තෙමු. විනය පාලක ගින්නාට (ගිනිගේ සර්) හොරෙන් ඔත්තුව දෙන දෙපිට කාට්ටුවෝ සිටි නිසා ගුටි පූජාද වැරදුනේ නැත. ඔත්තුදී අහුවන එවුන්ට අපිද නෙළුවෙමු. කෙල්ලන් ඉදිරියේ ගුටිකන එක අපිට මහා වීර කමකි. ගින්නා අපිට හොඳ එකෙන් නෙලන විට...සියුමැලි කෙල්ලෝ අහක බලා ගන්නවාය.      
                                       ඉතිං සුමානෙට සැරයක් ස්කූල් යුනිෆෝර්ම් පිටින් ඇවිත්...යුනිෆෝර්ම් ගලවලා...පුක පේන...වෙයාවෙල් ජොකා පිටින් නාන...සිගරැට් බොන මේ ස්කූල් ගැන්සිය රෙස්ට් හවුස් මැනේජරයාට දිරවන්නේ නැත...කාලයක් මේ පූල්එකේ පිට අය නාන එක රෙස්ට් හවුස් මැනේජරයා විසින් තහනම් කර තිබුණි...එයට තවත් හේතුවක් වූයේ රෙස්ට් හවුසියේ නැවතීසිටින...ලුණු පොල්කට්ටේ නාන...සුද්දන් සහ සුද්දියන්ට මෙහි නාන කොල්ලන් බ්‍රෝකන් ඉංග්ලිෂ් වලින් ටෝක දැමීමයි...සිංහල කුණුහරුප ඉගැන්වීමයි...එත් මේ බීච් එකේ තියෙන පූල්එකට රෙස්ට්හවුස් මැනේජරයාට අයිතිවාසිකම් කියන්නට බැරිබව අපි දැනසිටියෙමු...ඌ ඇවිත් අපි එලවන්න හැදුවට අපි ගණන් ගත්තේ නැත...ඉතිං දවසක් මෙහෙම කරුණා මූදේ නාමු ගිලීලා...ආතල් එක ගන්න කොට...සුදු ටයිකෝට් ඇඳි අඩිහයක් උස ප්‍රතාපවත් දැවැන්ත සිරුරකින්හෙබි පප්පා සර් (MD විමලසුරිය...ඔව් නෑකමකුත් තියෙනවා...ඒකට හරියන්න මට හොඳට නෙළුවා) නොහොත් පිනා...වේවැලත් සමග වැල්ලට ප්‍රාදූර්භූත විය. නෝටි බෝයිස්ලා ගේ මුහුණු ටික බලාගෙන පප්පා ආපහු ගියා. එහිදී අපට නොතැළුවත්...පසුදින එසෙම්බ්ලි එකේදී අප සියලු දෙනාටම ප්‍රසිද්දියේ වේවැල් කසාය ලැබුණි. පාසැල් වෙලාවේ බැරිවෙලාවත් කොල්ලෙක්  මුහුදේ ගිලී මැරුනොත්...පිනාට වෙන අලකලංචිය ගැන ගැටවර වයසේ මදාවියන්වූ අපිට වගේ වගක් නැත. ටෙලිෆෝන් කර පිනාට ඔත්තුව දුන්නේ රෙස්ට් හවුස් මැනේජරයා බව පසුව අපි දැනගතිමු.
                                       උසස් පෙළ පන්තියේ සිටියදීත් මේ පාසැලෙන් හොරෙන් පැනගොස් මුහුදේ නාන සෙල්ලම නතර උනේ නැත. වෙනසකට උනේ සිගරැට් වලට ඉඳහිට බියරුත් එකතු වීමයි. දැන් කොල්ලෝ සෙට් එකම අතිදක්ෂ පිහිණුම්කරුවන් බවට නොහොත්...කරමළ් නැති මාළුවන් බවට රූපාන්තරණය වීඇති බැවින් ලුණු පොල්කට්ටට නොගිහින් කෙලින්ම දැන් බහින්නේ මහමුහුදටය. මේ විදියට ලුණු පොල්කට්ටෙන් පුහුණුවුන දක්ෂ පිහිණුම් කරුවන් ගෙන් අම්බලංගොඩ නගරය පිරී තිබුණි.  පිටපලාත්වලින් ධර්මාශෝකෙට පැමිණි පිහිණීමට නොදත් කොල්ලෝ කිහිප දෙනෙක්ම විවෘත මුහුදේ දියනෑමට ගොස්...දියවැල් වලට අහුවෙලා දියඹට ගසාගෙන ගොස් කප්එකගැසූ බව මට මතකය.
                            දවසක් ,මම, කුලයා, නිමල්,පීරීසා, ප්‍රීති,රණයා,රූපයා ඇතුළු නඩයක්ම ස්කූල් කට්කර හික්කඩුවට කෝච්චියෙන් ගොස් මුහුදේ නෑමට තීරණය කළෙමු. ටිකට් ගන්න සල්ලි දීපල්ලා මං සල්ලි ඉල්ලූ විට... මොන ටිකට්ද බං...හොරෙන් යමු...ඒ සල්ලි වලින් සිගරැට් ගන්න බැරියැ...මෝඩ ත්‍රිලක් ගැනීමට සියලුදෙනාම තීරණය කළහ. ස්ටේසමට ඇවිත් බංකුවල වාඩිවී කෑකෝගසමින් සිටි අපේ නඩය ගාලු කෝච්චිය පැමිණිවහාම ඇතුලට පැනගතිමු. හික්කඩුවේ කෝච්චිය නැවත්තූ විගසම රේල්පාරට පැන වැල්ලට දිව්වෙමු. බියර්, සිගරැට් බොමින් කොරල් පර අස්සේ කිමිදෙමින් සිත්සේ ආතල් ගත් අපි...නැවතත් අම්බලංගොඩ යෑමට හික්කඩුවෙන් කෝච්චියට පැනගතිමු. එකෙක්වත් ටිකට් ගත්තේ නැත. අම්බලංගොඩ ස්ටේෂමෙන් බහින කොටම ස්ටේෂමේ හිටි දුම්රිය සේවකයෝ රොත්තක්ම අප වටකර බෙල්ලෙන් අල්ලාගෙන ස්ටේෂන් මාස්ටර් ගේ කාමරයට ඇදගෙන ගියහ. කාමරය වහාම ලොක්කරන ලදී. ඔත්තුව හික්කඩුවේ ස්ටේෂන් මාස්ටර්ගෙනි. පට්ට නෝන්ඩියකි...ජෙනෙල් වලින් එබෙමින් මිනිස්සු වටවී සුදු කිට්එකෙන් ඉන්න මේ හොර නඩය...නරඹනවාය. අම්බලංගොඩ ස්ටේෂන් මාස්ටර් අපට බැනවැදී අපි සියලුදෙනාම පොලීසියට බාරදෙන බවට තර්ජනය කළේය. අපේ ගණංකාර කම් ඉවතදමා එසේ නොකරන මෙන් ස්ටේෂන් මාස්ටර් උතුමාණන් ගෙන් බැගෑපත්ව අයැද සිටියෙමු. කොළුකමට කලදේට සමාව දුන් එතුමාණෝ දීර්ඝ සුමධුර ධර්මදේශනාවක් කර අප මුදා හැරියේය. නරක ආරංචි වලට තටු තිබේ...පසුදා වනවිට මුළු පාසැලම සිද්ධිය දැනගෙන හමාරය. පප්පාගේ එසෙම්බ්ලි එකේදී වේවැල් කසායද...මට නම් අතිරේකව තාත්තගේ කණේපාරද ලැබුණි (ඒක ලැබුනම ටිකවෙලාවක් යනකං කන කූඌන්න්න්ග් ගානවා). විදුහලෙන් අස්වූ විගස රණයා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් බවට පත්විය...ඉන්පසු රණයා මට හමුවී නැත. ඌ ටිකට් නැතුව කෝච්චියේ ගොස් අසුවන කොල්ලන්ට සමාව දුන්නාදැයි දන්නේ නැත !.  
                ධර්මාශෝක විද්‍යාලය මගින් පවත්වන සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිණුම් තරඟය මාරම සැණකෙළියකි. හැමදාම දිනුවේ ජයලත් වීරක්කොඩි/ ලක්ෂ්මන් වීරක්කොඩි සොහොයුරන් හෝ නේවින් පත්මදේවය. ජයලත්  වීරක්කොඩි පසුව ගුවන් හමුදාපති බවට පත්විය. පත්මදේව ASP කෙනෙක් වී පොලීසියට බැඳුණි.
                         කොල්ලෝ කෙල්ලෝ තමන්ට තියෙන හොඳම කිට් එකෙන් සැරසී ස්විමිං මීට් එක බැලීමට රටහාල් බොක්කට එති. මෙහිවැල්ලේ ඇති මුහුදුවැලි අතට ගත්විට රටහාල් (මිල්චට්) හා සමානය. ස්පෝර්ට් මීට් එක...බිග් මැච් එක හැරුනවිට කොල්ලන්ට බඩු සෙට්වෙන දවස මෙයයි...කලින් සෙට් වෙච්ච එවුන් අහුමුළු වලටවී ප්‍රේමසාගරයේ ගිලෙති. ලියුම් හුවමාරු කර ගනිති...බොහෝ විට මේ ලියුම් අදින්නේ ලස්සන කෙල්ලන්ගේ හොඳම යාළුවා වන පට්ට කැත කෙල්ලෙකි. අන්තිමේදී ලස්සන කෙල්ල බූට් එක දුන් විට...කොල්ලා, ලියුම් අදින...හිතහොඳ...අම්බයකා කසාද බැන්ද අවස්ථාද තිබුණි.
                                AL පන්තියේදී මට සෙට්උනේ ගාල්ලේ උපන් නිමල් ගීගනගේ සහ හම්බන්තොටින් ආ කුලයා(DGS කුලසිංහ)  නමැති උපන්ගෙයි වලිකාරයෝ දෙන්නාය. ලඟින් යද්දී පුහ් ගා පඩයක් දැම්මත් පැන්නගමන් ගහනවාය...බොහෝවිට මේවගේ වලිවලට හේතුව තමන්ගේ ලස්සන කෙල්ලට තව එකෙක් කිට්ටුකරන්නට යෑමය. නැත්නම් නිමලයා වෙන එකෙකුගේ කෙල්ලට රබර් ඇහැ දමමින් කළකොලොප්පන් කිරීමය. පාසැලේ නිවාඩු දෙන දවස වැටෙන් කඩාගත් ග්ලිරිසීඩියා පොළු රැගෙන   ... සතුරන්ට...කොලේජ්ලේන්එකේ රැකසිට ගරිල්ලා ටයිප් ප්‍රහාර එල්ල කරන දවසයි. සමහර විට වරෙන් කොලේජ්ලේන් එකට... කියා චැලේන්ජ් කර සතුරන්ට සටනට ප්‍රසිද්ධියේ ආරාධනා කර ගහගත්තෙමු...සතුරෝද ලැජ්ජාව නිසා අපේ තුන් දෙනාගේ ගැන්සියේ (අපි මිට්ටන් ගේ සංගමය)  ආරාධනා බාරගත්හ. දවසක් කොලේජ් ලේන්එකේ පැවති මෙවැනි දරුණු සටනකදී කුළයා හොඳින් සටන් කලත්...උගේ ෂර්ට්එක සතුරා විසින් ඉරාදමන ලදී...උගේ තොල පැලී ලේ එනවාය...මගේ ගෙදර ඇත්තේ පාසල ළඟ නිසා ඌ ගෙදරගියේ මගේ ෂර්ට් එකක් ඇඳගෙනය. හරක්අංවලින් සෑදූ   නකල්ඩස්ටරයක් ලේන්සුවේ ඔතා පහරදීම මගේ සටන් කලාව විය...මේ  නිසා එක ෂොට් එකෙන් මටවඩා උස ශක්තිමත් සතුරා අඩපන කිරීමට...අඩිපහයි අඟල් තුනක් පමණක් උස මේ මිට්ටාට හැකිවිය !. 
                     මේ ඉන්නෙ මම...අවරුදු 17දි අහිංසක කොල්ලෙක් !
             
   


## නිමල් දැන් ගාල්ලේ රූමස්සල කන්දේ තිබෙන ඉතා අලංකාර, ස්විමිංපූල් දෙකකින් සමන්විත...දැවැන්ත  “විලා තව්තිසා” හෝටලෙයේ සහ කොමරන් බීච් ක්ලබ් හෝටල් වල අයිතිකරු වන අතර (නිමල් නිතර මට හමුවෙයි) ...කුලයා බැංකුවෙන් විශ්‍රාම ගොස්  නැගෙනහිර යුරෝපයේ රටවල රවුම් ගසමින් සිටී##                                     

40 comments:

  1. දඩබ්බර උනාට කාටවත් වැරදිලා නැ හෙනං

    ReplyDelete
    Replies
    1. ඔව් එකෙකුට වත් වැරදුනේ නෑ...හැමෝම හොඳ තැන් වලට ගියා !

      Delete
    2. දඩබ්බර ලෝකය ප්‍රශ්න කරන මිනිසුන් නිසා ලෝකයට අලුත් දේ බිහිවෙනවා.ලෝකය අලුත් වෙනවා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ‍ෙකාළඹ වැඩකරන කාලෙ ට්‍රිපක් ඇවිල්ල පොල්කට්ටෙ නාල මදිවෙලා ආයෙ පොල්හේනට ඇවිල්ලත් නෑව. එකෙකුගෙ පවුම් තුනක මුද්දකුත් නැතිවුනා.

    ReplyDelete
    Replies
    1. මං ඉන්නෙ පොල්හේන කිට්ටුව...වෙලාවක යං මුද්ද හොයන්න !

      Delete
  4. මං අහල තියෙන විදිහට ඔය ඉස්කෝලවල ඉන්න නසරානි කොල්ලෝ තමා හැමදාම ඉස්කෝලේ නම තියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අන්තිමට තමන්ගේ ස්වභාවික ශක්තිය හරිදේට යොදවනවා !

      Delete
  5. හෙක්.. හෙක්.. කොලු ආතල්.
    පිනාටත් බියර් ෂොට් එකක් දුන්නනං හරි ඒ වෙලාවෙ.

    ReplyDelete
    Replies
    1. පිනා බිව්වෙ බ්‍රැන්ඩි !

      Delete
  6. ඒ කියන්නෙ ඩොක්ටර්ලා 'හොඳ' ළමයි ගොඩට වැටුනෙ ඒලෙවල් රිසාල්ට් ආවට පස්සෙද?
    අම්බලන්ගොඩ බලපිටිය පැත්තෙ ඈයො පෑනටත් වඩා හුරුවට ගිණිසීරියා පොල්ල නම් හසුරුවනව දැකල තියනවා.. හිස්මුදුනට එක පාරයි පැණි පාරයි තියරිය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සිංහයා බුදි...ගල් ගහලා කූද්න්නඑපා...ඒකයි තියරිය !

      Delete
  7. දුංකොලයක් තරම් සුවිශාල ටයි පොල්ලක් දාගෙන ඉන්න පොටෝ එකේ තියෙන මුණේ අහිංසක පාටක් ගෑවිලාවත් නෑ. කෙල්ලෝ දෙතුන්දෙනෙකුගේ හිරිඔතප් බිදපු පට්ට මැරයෙක් පාටයි.

    ReplyDelete
    Replies
    1. අපි අම්බලංගොඩ හරි අහිංසක කොල්ලෝ machan

      Delete
  8. පොල්කට්ට නියම තැනක් වගේ නාන්න, අර ෆොටෝ එකෙත් දැන් වාගෙම ත්‍රස්තවාදී ලුක් එක නම් තියනව.

    ReplyDelete
    Replies
    1. ඒ මේ කතන්දර කියවපු නිසා...මං ගැන මුකුත් නොදන්න කෙනෙකුට ෆොටෝ එක පෙන්නලා මොනවගේ එකෙක්ද කියලා අහපං මචං...එයිට පස්සේ උත්තරේ මටත් කියපං !

      Delete
    2. ගෙදර ඉන්න නර්ස නෝනාට අම්මලට පෙන්නන්න කියලා දුන්නේත ඔය පොටෝ එක් වෙච්චි කොට මෙන කථාද නේ? කම්මලයො කම්ම්ට ගිහින් කිණිහිර උඩ තියලා බොගේ කට තලා ගනින් බෝල මිටියෙන් එකක් ගහ ගෙන

      Delete
  9. එන්න ඕනේ වෙලාවක ලුණු පොල්කට්ටට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මාර ෆන් එකක් ගන්න පුළුවන් !

      Delete
  10. හපොයි අපේ ඉස්කෝලෙ ලඟ ලුණු පොල්කට්ටක් නැති එක ලොකු දෙයක්.ළමයි එදත් එකයි අදත් එකයි බලන් යනකොට

    ReplyDelete
  11. කොලු කාලේ කොලුකම් නොකරන එකා මහන කරන්නවත් සුදුසු නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් කොළු කාලේ කරපු ඔක්කොම නම් කියන්නත් ලැජ්ජයි...ගෝරි වලට පැටලෙන්නට දැන්නම් හරි බයයි !. ඇල්වතුරත් නිවල බොන්නෙ !

      Delete
    2. සමහරු මහණවුනාට පස්සෙ කරනවා

      Delete
  12. ඉස්කෝලේ කාලේ කට්ටි පැනපු උන්ට තමයි හරි ගිහිං තියෙන්නේ!! :D

    ReplyDelete
  13. මමත් ඔය පොල් කට්ටේ බැහැල නාල තියෙනවා දවසක්...
    ගාළු පාරෙන් එහා පැත්තේ පයින් යන දුරක අපේ මාමෙක් ඉන්නවා, අපි අවුරුද්දට එහෙ ගියපු වෙලාවක පොඩි අඩියක් කාරිය ගහල තමයි පොල් කට්ටට බැස්සේ...
    අපි ඉස්කෝලෙන් පැනල ගියේ කොටපිටියට, ගහෙන් බාපු අලුත් රා බීල ඉස්කෝලේ ඇරුනට පස්සේ ඉස්කෝලේ ඇවිත් තමයි අපේ උන් කබරයා දාන්නේ...
    අපේ ඉස්කෝල කිට්ටුව පොල් කට්ටක් නොතිබ්බට හොඳ ඇළ පාරක් තිබ්බා, සතියට දවස් පහක් හෝ හයක් අනිවා ඩෙෆා නාන්න යනවා...
    අපිත් ඒ කාලේ කරමල් නැති මාළු බවට පත්වෙලා හිටියේ...

    ReplyDelete
  14. ස්තුතියි. සරත් අය්ය. කෙලින්ම ගියේ අසූ ගණන් වලට. මිලානො එකේ රෝස් පාන් ගැනත් කිව්වනම් තමයි හොඳ. ගින්නා කිව්වෙ කෝසල සර්ද. අපේ කාලේ මිනිහට කිව්වෙ කොරියාවෙ ජනාදිපති කියලා. කොරියාවටම ලොක්කා. දම්සො පුතාත් එයාගෙ වේවැල් පාර කාලා තියෙනවා. පප්පා සර් ගැන අහලා තියෙනවා. රෙස්පෙක්ට්. අපේ කාලෙ හිටිය පතෝල කිලෝ එකක් ගොඩ්ඩින් සර් කියලා.

    ReplyDelete
  15. මිලානෝ නෙවෙයි මල්ලියා, මිලානා

    රැජින රජකරයි, ආණ්ඩු නොකරයි!
    ශරත් මතකයි නේද මේක කියන එක්කෙනා.

    ReplyDelete
  16. ඔය වගේ ලුණු පොල්කට්ටක් මම දැක්කා කන්කසන්තුරේත්. වෙනස එකට වතුර එන්නේ පොලොව යටින් වීම. අම්බලන්ගොඩ/බලපිටිය/කොස්ගොඩ කතා මට ටිකක් සමීපයි. පාසල් කාලේ මගේ මිතුරන් බොහෝ දෙනෙකු ධර්මාශෝකයට ගිය නිසා.

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ/බලපිටිය/කොස්ගොඩ පොරවල්...අමුතුම පොරවල් !

      Delete
  17. අහ.. 'මම කොයි වගේද' කියල හරියටම දැන ගත්ත.. බැලුවම අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් එකම වගේ.. ජය වේවා!

    ReplyDelete
  18. දැනුත් ඔය පොල්කට්ටෙ නාන්න දෙනවද?

    පිස්සු කෙලපු ගොඩක් උන් ගොඩයනව තමයි.

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මරුනෙ වෙලාවක යන්න හිතෙනව නාල එන්න ඕතට පැනල

      Delete
  20. අලුත් පොස්ට් එක බලන්න බැරියෝ.

    ReplyDelete
  21. ඕනෑම රටක හැම හෝටලයකම සුවිමිං පූල් එකකම අම්බලන්ගොඩ එකෙක් ඉන්නවාමයි..මට එහෙම එකෙක් හමුවුනොත් මම අහන්නේ නැහැ මල්ලි ලංකාවේද කියලා..මම අහන්නේ මල්ලි අම්බලන්ගොඩ කොහෙද කියලයි..

    ReplyDelete