Friday, 9 September 2016

කොටි බෝම්බ සහ නේවි බෝම්බ


                                                  කොටි හාබර්එකට ඇටෑක් කරල නැවක් ගිල්වලා වරායේ නැව් පිවිසුම් දොරටුව අවහිර කරන්න උත්සාහකරලා දවස් හතරකට පස්සේ ඉලිප්සාකාර හැඩයේ ෆයිබර් වලින් වලින් හදපු නොහඳුනන වස්තුදකක් මාරවිල පැත්තේ මුහුදු වෙරළට පාවෙලා ඇවිත් තිබුණා. මිනිස්සු මේක නාවික හමුදාවට දැන්නුවා.  කොටින්ගේ බෝම්බ දෙකක් බව හඳුනා ගත්තත් මේවා මොන වර්ගයේ බෝම්බද කියලා හඳුනාගන්න බැරි උනා. නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමග CofN මාවත් යැව්වා මාරවිලට මේවා පරීක්ෂා කරන්න. එකක් කිලෝ විසිපහක් බරයි. යනකොටත් යම්කිසි මෝඩයෙක් යකඩ කපන කියතකින් එකක් කපලා ඕපන් කරලත් ඉවරයි. ඇතුලේ C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 20ක් විතර පුරවලා තිබුණා. මේ C4 කියන ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍ය නිකන් තෙමපු ටැල්කම් පව්ඩර් වගෙයි. ගින්නට දැම්මට පත්තුවෙලා පුපුරන්නේ නෑ. නමුත් ඩෙටොනේටර් එකකින්, ඩෙට් කෝඩ් කෑල්ලකුත් දාලා ප්‍රාථමික පිපුරුමක් දුන්නොත් භයානකලෙස පුපුරනවා. මේවට කියන්නේ ඉරාදමන වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය.  මේ අමුතු හැඩේ බෝම්බය විශිෂ්ඨඝනයේ නිර්මාණයක් බව එහි නිමැවුම්කරුට ගෞරවයක් වශයෙන් සඳහන් කලයුතුයි !. 
                                                    මුලින්ම ප්‍රශ්ණයක් උනේ මේකේ මතුපිට ඇති කලුපාට රවුම්තුන මොනවද කියන එක...මට නම්...මේක දැක්ක ගමන් භාණ්ඩේ මීටර් උනා...මොනවද ඩොක්ටර් මේ...ඔය තියෙන්නේ කාන්දම් තුනක් සර් ...කාන්දම් ?  ඔව් සර්...කාන්දම් ලොකු බෆල් ස්පීකර් වල පිටිපස්සේ තියෙන පවර්ෆුල් මැග්නට් ! තව මේකේ එක කෙළවරක කොක්කක් හදලා ඒකේ  10, 20, 30 කියන ඉලක්කම් ලියපු යකඩ කෑලි එල්ලලා තිබුනා...මේ මොනවද කැප්ටන් X ආයෙත් ඇහුවා? කම්පියුටරේට දැම්මා....හරි උත්තරේ ආවා...සර් මේ තියෙන්නේ මේක නියමිත දුර ප්‍රමාණයට පමණක් ගිල්වලා තියන්න එකතුකරන අතිරේක බර....ඒකියන්නේ...? 10 සඳහන් කරපු යකඩ කෑල්ල එල්ලුවොත් අඩි 10ක් විතරක් යට ගිහින් පාවෙන්න ගන්නවා...20ත් එකතු කලාම අඩි විස්සයි...30ත් දැම්මම යට යන්නේ අඩි 30යි. උඩුකුරු තෙරපුම නිසා බෝම්බයේ බර උසුලන්නේ වතුරෙන්...කාන්දම් කෑලි වලට බෝම්බයේ බර එන්නේනෑ... කාන්දම් කෑලිවලින් කරන්නේ ග්‍රිප්එක තියා ගන්න එක විතරයි...එතකොට කොච්චර හයියෙන් බෝට්ටුව හරි, නැව හරි ගියත්...රැල්ල වැදිලා මළාට ගැලවෙන්නේනෑ....යුරේකා...(විශේෂ  ස්තුතිය හෙළුවෙන් දුවපු ආකිමිඩීස් මහත්මයට සහ භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික් ඉගැන්වූ මහින්දරත්න සර්ට) 
                                                                 
                                                                කඩේකින් එල්ලන තරාදියක් ගෙනැවිත් මේකේ බර කිරුවා...හරියටම කිලෝ විසිපහයි....කිලෝ විසිපහක් බරනිසා...හුඟක් අය කිව්වේ මේක වතුරට දැම්ම ගමන් යට යයි කියල...නෑ සර් පොතේ හැටියට මේක පාවෙන්න ඕනේ !....ඉතින් මේකත් උස්සගෙන බීච් එකට ගියා...වතුරට මේක දාල බලන්න... වැල්ලේ වලක් කපල වතුර පිරෙන්න ඇරියා. අම්මටසිරි.... වතුරට දැම්මම හරියටම අඩියක් යට ගිහින් පාවෙනවා...බෝම්බයේ එක පැත්තක වායු කුටීරයක් තිබීම නිසා. ඒ වායු කුටීරය ඇතුලේ තිබුනේ කුෂන් වැඩවලට ගන්න  ස්පොන්ජ් කැබැල්ලක්...ඒ පැත්ත උඩටටයි පාවෙන්නේ...ස්පොන්ජ් කෑල්ල නිසා බෝම්බේ යමක වැදිලා හිල් උනත් දිගටම යට නොගිහින් පාවෙනවා....යට පැත්තේ තමයි බර එල්ලන කොක්ක තියෙන්නේ. හදමුද සර් ලංකාවේ පළවෙනි සබ්මැරීන් එක...? එපා අපි පොඩි සබ්මැරීන් එකක් ගන්නයි ඉන්නේ !
                          එත කොට මේ පැත්තෙන් තියෙන අඟල් දෙකහමාරක විතර සිදුර ඇතුලේ තියෙන, ඔරලෝසුවක් වගේ ගැජට් එක මොකක්ද ? දැක්ක ගමන් මීටර් වෙලා තිබුනේ...ඔය සර් වොෂින් මැෂින් එකක ටයිමර් එකක් !!!..විනාඩි පහෙන් දහයෙන් විස්සෙන් පුපුරන්න ටයිමින් තියන්න පුළුවන්. මේ බෝම්බේ විශේෂ උල් හැඩය නිසා...ඩයිවර් කෙනෙකුට මේක අත්දෙකෙන් අල්ලගෙන පහසුවෙන් පීනන්න පුළුවන්...කොටියෝ අති විශිෂ්ඨයි උඹේ නිර්මාණය!!!...(මේක හදපු එකා තවම ඉන්නවද දන්නෙ නෑ...ඌ මේ දවස්වල මොනවා හදනවා ඇතිද ?) මුහුදු බෝම්බ ගැන බුද්ධි අංශ වාර්තාව CofNට යන්න ඇති.
                                                   කොටියෝ  මං උඹට පරදින්නෙනෑ...මං මගේ මොළේ තියෙන හොඳම අමුද්‍රව්‍ය දාලා...මං  උඹලගේ බෝට්ටු වලටත්...නොම්මර එකේ තෑග්ගක් හදනවා...එවෙලෙම හිතමින් අනාගත මුහුදු බෝම්බේ හිතින් සැළසුම් කරමින් ගොළුවෙක් වගේ කතා නැතුව...කල්පනා කර කර කොළඹ මූලස්ථානයට ආවා. එදා හවස නේවි බාර් එකෙන් බියර් එකක් ගහලා (එතකොට තමයි මගේ ඔලුවේ කම්පියුටරේ කිෂි කිෂි ගාල වැඩකරන්නේ..ඉන්ධන නැතුව බෑ) කාමරේට ගිහිං ලැප් එකෙන් මගේ මුහුදු බෝම්බේ සැළසුම් කළා. Smart Sea Mine මගේ අලුත් ප්‍රොජෙක්ට් එක...ලොකු මහත්තුරු ගත්තත් නොගත්තත් මං මේක හදනවා මගේ ජොලියට !. කොටියගේ එක මැනුවල්...මගේ එක ෆුල් ඉලෙක්ට්‍රොනික් ! මේකට මං යොදාගත්ත ප්‍රධානම ඉලෙක්ට්‍රොනික් උපකරණය වයිබ්‍රේෂන් සෙන්සර් එකක්. මේවා සුලභව පාවිච්චි වෙන්නේ කාර් බර්ග්ලර් එලාර්ම් සඳහා. කාර් එකේ මොකක්හරි ගලවන්න හැදුවොත්...නැත්නම් දොරක් ඇරියොත් එයින් ඇතිවන කම්පනය නිසා එලාම් එක වැඩකරනවා. දැන් එන සියළුම හොඳ වර්ගයේ අලුත් කාර් වල මේක එනවා. පාක් කරලා තියෙන අලුත් කාර් එකකට තට්ටුවක් දමා කෑගසන හැටි බලන්න.... ප්‍රොජෙක්ට් එක අද්මිරාල් ඉලංගකෝන් සර්ට දැම්මා...රූප සටහන් සහිත ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක...අපට මුහුදු බෝම්බ පාවිච්චි කරන්න තහනම් සරත්...එත් අපේ දැනුම සහ එක්ස්පීරියන්ස් වැඩිකරගන්න මේක හදමු ! සමහර විට වෙනත් මිසයිල් වගේ දේවල් හදන්න මේ තාක්ෂනය උදව් කරගන්න හැකිවෙයි. බැරිම උනොත් මුහුදේ සටනකදී උන් එලවා ගෙන එනකොට මේවා තුන හතරක් මුහුදට දාමු. හරි...හුරේ...  ග්‍රීන් ලයිට් එක වැටුනා !.
                                                ඉතින් වහාම හදන්න පටන් ගත්තා මුහුදු බෝම්බෙ...මේක කොටි බෝට්ටුවක් ඇවිත් හැපුනොත් විතරයි පුපුරන්නේ...අපේ බෝට්ටු වලට ප්‍රශ්නයක් නෑ. අපිත් එක්ක රේඩියෝ ලින්ක් එකක් තියාගෙන ඉන්න නිසා.  සේෆ්ටි පින් එක කරකවලා ගලවලා වතුරට දැම්මොත් විනාඩි දෙකකින් ඇක්ටිවේට් වෙනවා. වතුරට නොදැම්මොත් ප්‍රශ්නයක් නෑ සේෆ්ටි පින් එක ආපහු හයිකරගන්නත් පුළුවන්.  අපේ බෝට්ටු වක් බෝම්බෙ තියෙන ඒරියා එකට එනකොට...වතුරට අඩියක් යටින් පාවෙන... එයා නිදි. කොටින්ට මේක අහුවෙලා වතුරෙන් උඩට ගත්තොත් වහාම පුපුරනවා කතන්දරේ කියන්න කව්රුවත් ඉතුරු වෙන්නෙ නෑ. වතුරට දාලා පැයකින් කොහොමත් බ්ලාස්ට් වෙලා ඉවරයක් වෙනවා දිගටම ඔහේ පාවෙවී තියෙන්නේ නෑ . මේ කාල සීමාවන් නේවිඑකේ අවශ්‍යතාවයඅනුව වෙනස් කරගන්න පුළුවන්. පයිප්ප බෝම්බෙ දෙපැත්තේ අඩි 12ක් දිග පොලිතීන් පටි හයිකලා...ප්‍රොපෙලර් වල පැටලුනොත් බෝම්බේ බෝට්ටුව හොයාගෙන එනවා. 

    මගේ පර්යේෂණ සගයා චමිල්...බය නැතුව බෝම්බෙ උස්සපන් පුතා...ඇතුලේ මුහුදු වැලි විතරයි !  


                             පාවිච්චි නොකර ගබඩාකරල තියනකොට එක්ස්ප්ලෝසිව් කොටස් දෙක සර්කිට් ඒකෙන් ගලවලා වෙන්කරන්න පුළුවන් විදියට මේක හැදුවා. කොටින්ගේ  ගමන් බිමන් සීමා කරන්න මේ බරටම මේ හැඩේටම හදපු ඩමී බෝම්බ වපුරන්නත් පුළුවන් !. උන් මුහුදු බෝම්බ දාලා අපේ බෝට්ටු දෙකක් බ්ලාස්ට් කළා...අපේ මුහුදේ ක්‍රියාකාරිත්වය උන් අඩපන කළා. උන් තමයි ඒ දවස්වල මුහුදේ කරනම් ගැහුවේ.    මං මේක හැදුවා...C4 වෙනුවට වැලි පුරවලා...ඩෙටෝනේටර් වලට වෙනකම් ගිහින් මුහුදට දාලා අත්හදා බැලුවා වැඩේ සාර්ථකයි...එත් මගේ බෝම්බෙට නේවි එකත් බයඋනා...C4 කන් හැන්දෙන් චුට්ටක් ආසාවට දාලවත් එක්ස්පෙරිමන්ට් කරන්න මේක ඉහලින් අනුමත උනේ නෑ...C4 වලට කොටි බයනෑ...අපි බයයි...නේවි ආමරි වල C4 තිබුනා...ඒවයින් රොටි හැදුවද දන්නෙනෑ. කොහොම උනත් කතාව කියන්න මං තවම ජීවතුන් අතර ඉන්නවා... අසා සිටි ඔබ සැමට...ඉස්කෝතුයි ... යුද්දෙ නැතුව පාළුයි !.

37 comments:

  1. යම්කිසි මෝඩයෙක් යකඩ කපන කියතකින් එකක් කපලා ඕපන් කරලත් ඉවරයි ///////// ape buvala ha ha ha

    ReplyDelete
    Replies
    1. වයර් එකක් කැපුනම බ්ලාස්ට් වෙන විදියට හදල තිබුනනම්...බඩු බනිස් !

      Delete
  2. ඔය ෆෝසස් වල ඉන්න ඉන්ජිනියරින් ටීම් හරිම ප්‍රාථමික මට්ටමේ අය කියලා ඔබගේ කතාවෙන්ම තේරෙනවා. සමහර විට ඔය ඔබ ලියන ඒවා ඔය ඉහල නිළධාරීන් බලනවත් ඇති, ලැජ්ජා නහර කපලා තියෙන නිසා ප්‍රශ්ණයක් නෑ ඉතින්.

    ශ්‍රී ලංකා පොලිසියේ වැඩ කරන ගමන් රේඩියෝ යුනිට් එකට 3 පාරක් ඉල්ලලා ඉන්ටවිව් වලින් රිජෙක්ට් උන මගෙ යාළුවෙක් (ඉලෙක්ට්‍රොනික් මූලික් උපාධියක් හා බයෝ මෙඩිකල් ඉන්ජිනියරින් මාස්ටර් ඩිග්‍රියක් ඇතිව) ඇතිවුනු කලකිරීම නිසා දැන් පොලිසියෙන් හැකි අඩුම කාලෙන් අයින් වෙලා, පිටරටක ආණ්ඩුවක විදේශීය උපදේශකයෙක් විදිහට මාසෙකට USD 8,000 ක වැ‍ටුපකට වැඩ කරනවා. ඔන්න ඔහොමයි රටට ආදරෙන් අඩු පඩියට හරි රටේ ඉඳගෙන වැඩ කරන්න, අලුත් දෙයක් කිරීමේ උණ , සුදුසුකම් හා හැකියාව ඇති මිනිස්සුන්ව අනියමින් රටින් එලවගෙන එහෙය්යෝ දාගෙන ඔහේ පු‍ටු රත් කර කර ඉන්ඩ දීලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තරුණ කාලෙම මේ රටින් ගිහින්... ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හෝ කැනඩාවේ පදිංචි නොවීම ගැන දැන් ගොඩක් දුක්වෙනවා !

      Delete
    2. ළපටියා සමග කිසිසේත් එකඟ වන්නේ නැහැ. ආරක්ෂක හමුදා වල සිටින ඉංජිනේරු අංශයේ අය ඉතා ප්‍රාථමික මට්ටමේ අය කියා අදහසක් මේ ලිපියෙන් ගම්‍ය වන්නේ නැහැ. වෛද්‍ය සරත් කියන්නේ නානාවිධ නීති සහ ප්‍රතිපත්ති නිසා, සමහර අත්හදා බැලීම් කරන්නට අවහිරතා ඇතිවන බවයි.

      අනික් හමුදා දෙක මම දන්නේ නැහැ. නමුත් යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුව කොටි ආරක්ෂක වළලු බින්දේ, නිකම් පොඟවපු අලුවා කෑලි ගානට කුඩු කරලා. ඒ වගේම හොඳ විදේශ පුහුණුවක් ලද නිලධාරීන් සහ සෙසු නිලයන් විසින්, යුද්ධයේ ජයග්‍රහණයට දැක්වූ දායකත්වය අතිවිශිෂ්ඨයි.

      ඔබේ අදහස උපකල්පනයක් විනා, ප්‍රයෝගිකව යුද භූමියේදී නිරීක්ෂණය කොට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත් දෙයක් නොවෙයි.

      රේඩියෝ යුනිට් කිව්වේ සංඥා බලකාය වෙන්නට ඇති. සංඥා බලකායට නිලධාරීන් බඳවා ගන්නේ නියමිත අධ්‍යාපන සුදුසුකම් යටතේ තමයි. නමුත් ඔබේ මිතුරාට අවස්ථාවක් නොලැබීම කොතැනක හෝ සිදුවුණ වරදක් කියා පිලිගන්නවා. නමුත්, සමස්ත සංඥා බලකාය හෝ ඉංජිනේරු රෙජිමේන්තුව වැරදියි කියා නිගමනය කිරීම අතිශයින් සාවද්‍යයි.

      ආරක්ෂක හමුදාවන්ට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී, ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අය අසමත්වන අවස්ථා සමහරක් මෙසේයි.

      1. අභියෝගාත්මක තත්වයන් යටතේ සටන් බිමේ සේවය කිරීමට සූදානම් ද? යන ප්‍රශ්නයට, ඉඳුරාම පිළිතුරක් දීමට අපොහොසත් වීම.

      2. ඉතා ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇතත්, නිලධාරියකුට සුදුසු පෞරුෂත්වයක් නොතිබීම.

      3. ලබා ඇති අධ්‍යාපන සුදුසුකම්, මේ අවස්ථාවේදී අවශ්‍යවන විශේෂ ක්‍ෂේත්‍රය සඳහා නොගැලපීම.

      Delete
    3. විචාරක තුමා, මම උපකල්පනයක් මත පිහිටලා තමයි කිව්වෙ, මම නිවැරදිවම දන්නේ නැති බව පිළිගන්නවා. සරත් මහත්තයා බෝම්බෙ බලන්න යනකොට කව්ද ඒක අනාරක්ෂිතව දෙකට කපලා කිව්ව එක සම්භන්ධවයි මගේ උපකල්පනය ඉදිරිපත් කලේ.

      මගේ යාළුවා ගැන කියනවානම්; නමුත් මම ඔය කිව්ව අවස්ථා 3 දීම අසමත් වීමෙන පසුව එක්සත් ජාතීන්ගේ මිෂන් එකකට පොලිසිය යටෙතේ ඔහු සම්භන්ධ වෙනවා, එම මෙහෙයුමටම ඔහුව 3 පාරක් රිජෙක්ට් කල සංඥා බලකායේ ප්‍රධානියාටත් යන්න ලැබෙනවා. එතනදී එම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමේ සංඥා බලකා ප්‍රධානී පුරප්පාඩුවට ඉල්ලුම් කල මගේ මිතුරා හා අර කලින් කිව්ව ශ්‍රී ලංකා පොලිස් සංඥා බලකායෙ ප්‍රධානියා අතුරින් එම තනතුර (තවත් ඉල්ලුම් කල අය අතුරින් - ඒ අතර සිංගපූරු, මැලේසියා, ඕස්ට්‍රේලියා නිළධාරීන්ද වනවා) මගේ මිතුරාටයි ලැබෙන්නෙ.

      අන්තිමට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම අවසන් වන විට මගේ මිතුරා එම රගේ පොලිසියේ සංඥා අංශය ඉතා දියුණු තැනකට පත් කලා. මම ඔය ගැන පෞද්ගලික මට්ටමින්ම දන්නේ පරිඝණක ක්ෂේත්‍රයට සම්භන්ධ මාවත් යොදවගෙන පොලිසියට අවශ්‍ය තොරතුරු පද්ධති කීපයක් සැකසුවා (ඒ ඔහුගේ ක්ෂේත්‍රයට අදාල වැඩ වලටත් එහා යමිනුයි).

      අන්තිමට කියන්න තිබෙන්නේ නිළධාරී වාදය හා සුදුස්සාට සුදුසු තැන නොලැබීම ලංකාවේ ඔඩු දුවා ඇති තත්වයක් යනුවෙන් ඔබ ද පිළිගන්නවා ඇතැයි සිතන බවයි.

      Delete
    4. ඉතා විශිෂ්ඨඝනයේ තාක්ෂණික දැනුමැති නිලධාරීන් නේවි එකේදී මට හමුවුනා... කමාන්ඩර් YN ජයරත්න, කැප්ටන් අලහකෝන්, කමාන්ඩර් අමරනාත් ඉන් සමහරෙක් ඔවුන් මගේ ප්‍රොජෙක්ට් ඉතා ඉහලින් අගය කළා...යුනිෆෝර්ම් ඇතුලේ බැහැලා ඉන්න පුහු මාන්නක්කාර අම්බරුවෝ කිහිපදෙනෙකුත් මට හිරිහැර කරන්න දැඟලුවා...CofN සහ ඉලංගකෝන් සර් මාව ආරක්ෂා කලනිසා ඔලුව බේරගෙන එලියට ආවා !

      Delete
    5. නිළධාරී වාදය හා සුදුස්සාට සුදුසු තැන නොලැබීම ලංකාවේ ඔඩු දුවා ඇති තත්වයකි... 100% !

      Delete
    6. //.CofN සහ ඉලංගකෝන් සර් මාව ආරක්ෂා කලනිසා ඔලුව බේරගෙන එලියට ආවා !//

      ඔයාව විතරක් නෙමෙයි රටත් ආරක්ෂාකරල , නැත්තං ජිනීවා ගිහින් තමයි නවතින්නේ

      Delete
    7. @ ළපටියා. නිලධාරි වාදය මහා ජරා අධම නීච විදිහට ආරක්‍ෂක හමුදාවල සමහර කොටස්වල ක්‍රියාත්මක වෙනවා. එයින් කලකිරුන සමහරු හමුදාව අතහැර ගිය අවස්ථා තියනවා.

      මා එකඟ නොවුනේ දැනුමෙන් සහ හැකියාවෙන් පහලයි කියන එකට පමණයි.

      Delete
    8. //කොටින්ගේ බෝම්බ දෙකක් බව හඳුනා ගත්තත් මේවා මොන වර්ගයේ බෝම්බද කියලා හඳුනාගන්න බැරි උනා. නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමග CofN මාවත් යැව්වා මාරවිලට මේවා පරීක්ෂා කරන්න. එකක් කිලෝ විසිපහක් බරයි. යනකොටත් යම්කිසි මෝඩයෙක් යකඩ කපන කියතකින් එකක් කපලා ඕපන් කරලත් ඉවරයි.// මේක කපල තිබ්බේ නාවික හමුදාවේම කවුරු හරිද නැත්නම් නාවික හමුදාවට දෙන්න කලින් සිවිල් පුද්ගලයෙක්ද? නාවික හමුදාවේම කෙනෙක් නම් ඒක ටිකක් strange.. මොකද නාවික හමුදාවේ ක්‍රියාන්විතයන්ට සහභාගී වෙන සියලුම නිලධාරීන්ට 'explosive' ගැන අඩුම සති දෙකක හොඳ වටිනා පුහුණුවක් දෙනවා ඇඹිලිපිටියේ යුධ හමුදා කඳවුරේ.. ලපටියාගේ මුල් කොමෙන්ට් එකට කියන්න ඒ යුද හමුදා නිලධාරීන් (Field Engineers) ලා ඔවුන්ගේ සබ්ජෙක්ට් එක සම්භන්දව පට්ට ප්‍රොෆෙෂනල්.. මේ ට්‍රේනිං එකේදී explosive සබ්ජෙක්ට් එක හොඳටම උගන්වනවා මේ සරත් කියන IED improvised Explosive Devices) ඇතුළුව.. එක්කෝ බය නැතුව අත ගහන්න; නැත්නම් ඇත නොතියා එතනින් ආරක්ෂා වෙලා ඉන්න- ඔය දෙකෙන් එකක්.. no half measures. ඒකයි මම කියුවේ නොදැන අත ගහලා තිබ්බනම් ඒක strange කියල..

      Delete
    9. ඔය බෝම්බේ යකඩ කපන කියතෙන් කැපුවේ මාරවිල පැත්තේ ධීවරයෙක්. ඒ අයියලා බලන්නේ, කපලා විකුණන්න පුලුවන්නම්, කාගේ හරි අහවල් එකත් කපලා විකුණන්නයි.

      Delete
  3. මෙව්වට ලියන්න කමෙන්ට් ඔළුවට එන්නේ නැහැ ලොක්කා...

    ReplyDelete
  4. මම ඔය බොම්බේ දැක්කා ති‍්‍රකුණාමලේ නෙවි මියුසියම් එකේ තියෙනවා.

    ReplyDelete
  5. කොටි කියලත් නිකන් හිටියෙ නෑ නෙ.. අවම පිරිවැයකින් උපරිම දේ කලා හැබැයි නීති කැලේ.. යුද්ධෙකට මොන නීති ද බොස්? මොකෝ ඒක සෙල්ලමක් යැ.ආවුද විකුණගන්න දාන *කේ නීති.
    හැබැයි අර බෝම්බෙ හදපු බුවා ඩොක්ටර්ගෙ බෝම්බෙ දැක්ක නම් අඬනවා.
    ඩොක්ටර්ලයි,කොටින්ගෙ හිටපු සුපිරි මොළයි එකතු උනොත් එහෙම මේ දූපත ලෝකෙ හොල්ලන තැනක් වෙනව හැබැයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එයම තමයි මිතුර ,අපි දෙගොල්ලගේම හැකියාවන් එකතු වුනා නම් අපේ රට අද කොපමණ සැනසිලිදායක තැනක් වෙන්න තිබුණද ?

      Delete
  6. අපි අහල තියෙන-දන්න, තීරණ ගන්නා ඉහල-දේශපාලන ලෙවෙල් එකේදි මේවා ප්‍රතික්ෂේප වුනානම් අවුලක් නෑ. නමුත් යුද්ධයට සක්‍රියව දායක වන පිරිස අතරෙන් මෙහෙම දේකට ධෛර්යක් නැති එවුන් ඉන්නව නං යුද්ධෙ ඉවරවුන එකත් ලොකු දෙයක් අම්මප!

    ReplyDelete
    Replies
    1. //හදමුද සර් ලංකාවේ පළවෙනි සබ්මැරීන් එක...? එපා අපි පොඩි සබ්මැරීන් එකක් ගන්නයි ඉන්නේ//

      අධෛර්ය නෙමේ බං තියෙන්නේ උත්තරේ.කෝටි ගණන් වල කොමිස් ඔව්වා පිටිපස්සේ ඇත්තේ.

      Delete
    2. දෙවියෝ පය ගහන්න බය බිම මෝඩයෝ පිනුම් ගහනවා කියුවලු.. නීතිය දන්නකොට බයයි බං නීතියට පිටිං යන්න.. යුද්දේ ඉවර වෙලා තියෙන මේ කාලේ වගේ ඕවා 'ආයෙම පත්තු වෙන්න' ගත්තොත් ජිනීවා යන්නේ උඹල දෙන්නද? අන්තර්ජාතික යුද නීති උගන්නලා තිබ්බේ නැත්නම් ඔන්න ඕවට අත ගහන්න තිබ්බ ඒ නිළධාරිනුත්. අගය කිරීම එකක්.. අනුමැතිය දීම බරපතල කේස් එකක්.. කොටිම්ම කියුවොත් එහෙම කරන්න බෑ..

      Delete
  7. හැබෑට මේ කොටින්ට බැරි උනා නේ මේ ත්‍රස්තවාදියව අල්ලගන්න.. එහෙම ට්‍රයි එකක් තිබුනේ නැද්ද ඩොක්...

    //මේ අමුතු හැඩේ බෝම්බය විශිෂ්ඨඝනයේ නිර්මාණයක් බව එහි නිමැවුම්කරුට ගෞරවයක් වශයෙන් සඳහන් කලයුතුයි !. //
    මේ පෝස්ට් එක පුරාම ඒක හොදට පෙනුනා.. ජය වේවා.. කියන්න නං ගොඩක් දේවල් තියෙනවා.. ඒත් ඉතිං ඕවා කිව්ව කියල උං හැදෙන්නෙත් නෑ ඩොකා හැදෙන්නෙත් නෑ.. හැක්

    ReplyDelete
    Replies
    1. 2020දි මාත් පටන් ගන්නව සන්නද්ධ අරගලය. සරත් ලොක්කව ගන්නව සන්නද්ධ අංශයේ නායකය විදියට.(උඹ ගන්නව න්‍යායාචාර්ය විදියට)

      Delete
  8. Doctor barida Mathalange pukata hi karanna bombayak hadanna

    ReplyDelete
  9. Limpet Mines නෙමෙයි?

    ReplyDelete
    Replies
    1. ඔව් ලෝකල් බඩු වලින් හදපුවා

      Delete
  10. යුද්දෙ නැතුව පාළුයි !.
    මාධ්‍ය කාරයොන්ට තමයි වැඩියෙන්ම

    ReplyDelete
  11. කොටි දේශී්‍ය දේවල් පාවිච්චි කරල බොහොම ප්‍රයෝජනවත් නිර්මාණ කරල තියෙනව දැක්ක මීඩියා වල.
    කොහොම උනත් හදල බලන්න හරි ඉඩ ලැබුණ එකම මදැයි.

    ReplyDelete
    Replies
    1. ඔව්...හදල බලන්න හරි ඉඩ ලැබුණ එකම මදැයි.

      Delete
  12. කොටියගේ උනත් ටැලන්ට් එක අගය කරන එකට එකෙන්ම රෙෂ්පට් බොස් !!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හදපු කොටියා දක්ෂයෙක් !

      Delete
    2. සර් ඩෙටනේටර් එක වැඩ කරන්නෙ කොහොමද ? අවුලක් නැත්තං කියල දෙනවද..

      Delete
    3. පිං අයිති වෙන්ඩෝනැ .. පොටෝ කෑල්ලත් එක්ක ටොප් එකටම තේරුනා.!!
      එළමකිරි !!

      Delete
  13. මරු කතාව. කොමෙන්ට් ටිකත් මල්.
    විචාරක තුමාගේ September 8, 2016 at 6:53 PM කොමෙන්ට් එකේ අගට අංක 4 ත් එක වෙන්න ඕනේ.
    4. පළාතේ මන්ත්‍රී තුමාගේ රෙකමදාරුව නොලැබීම.

    සරත් මහත්තයගෙනුත් පොඩි දෙයක් අහන්න තියෙනවා.
    ඔය කියපු 10, 20, 30 කියන ඉලක්කම් ලියපු යකඩ කෑලි එල්ලලා තිබුනා නම්, ඕක කොහොමද පාවෙලා ආවේ වෙරළට.
    එහෙම නම් ඕක අඩි 60ක් වතුරේ යටින් තියෙන්න ඕනේ නේද?. මට කොතන හරි වැරදිලාද, ආකිමිඩීස්ට වැරදිලාද?

    ReplyDelete
    Replies
    1. අඩි 30ක් යටින් මුහුදේ පාවුනත්...මුහුදු වෙරළට ලං වෙනකොට රැල්ලට වෙරළට ගහගෙන එන්න පුළුවන් !

      Delete
  14. මටපේන විදියට කොටියට වඩා රටට කෙලින්නෙ අපේ රටේ ලොකු උන්.

    blog එක මගැරිල තිබ්බෙ Followවක් දාගත්ත.දැන් හරි

    ReplyDelete