Saturday, 3 September 2016

පතුරම් කපන්නා 2


                            කොටින්ගෙ කුරුම්බැට්ටි මැෂිම පියාඹන්නේ හුඟක් පහතින්. ඒනිසා රේඩාර් එකෙත් එක දිගටම ඒක පේන්නේ නෑ. වරින්වර නොපෙනී යන නිසා කොහේ යනවද කියල තීරණය කරන්නත් අමාරුයි.
බිම වටේටම ගස් තියෙන කෑම්ප් එකක ඉන්න සෙබළෙකුට මේකට වෙඩිතියන්න ලැබෙන්නේ තත්පර ගානක කාලයක් විතරයි. උන් එන්නෙ හඳ නැති ඉතාම කළුවර දවස්වල නිසා වැඩේ තවත් අමාරුයි. මේකට නෙලන්න අපේ බුද්ධිමත් ඉහල නිලධාරීන් කලේ තව තව මිග් ඕඩර් කරන එක...මැස්සෙකුට වෙඩිතියන්න කාලතුවක්කු !. මේක බිම දාන එක ලේසි වැඩක් නෙමෙයි මේකට වෙඩි තියන්න උස ගොඩනැගිල්ලක් මුදුනේ සිටීම අනිවාර්යයි. අපට මේකෙන් ලැබෙන එකම දත්තය ගුවන්යානයේ ශබ්දය විතරයි. දවල්ට උනත් ප්ලේන්එකක ශබ්දය ඇහුනට ලොකේට් කරගන්න අමාරුයි...පහතින් පට්ට කළුවරේ යන මේ ට්‍රැක්ටරේ...? මේ ඇහුනා...මේ ගියා !  ෆ්ලෑෂ් ලයිට් ගහනතැන් කොටී පයිලට්ට පේනවා. ඌ එක කෙලින් නොගිහින් වෙට්ටු දමමින් ඒවා මග හරිනවා. ශබ්දය ඇහුනුගමන් ෆ්ලෑෂ් ලයිට් ඔන් කරලා ප්ලේන් එක පෙනුන ගමන් වෙඩිතියන්න ඕනේ...වෙට්ටු දාන මැස්සෙකුට කඩුවෙන් ගහනවා වගේ වැඩක්. මිනිස්සුයි පත්තර කාරයොයි  කියන්න ගත්තා අනේ මෙච්චර තුවක්කු තිබිලත්... මුන්ට මේක බිම දාගන්න බෑනෙ කියල...වෙඩිතියන එකා තමයි දන්නෙ ඒකෙ තියෙන අමාරුව. පහතින් යන නිසා SAM මිසයිල් ගහන්නත් බෑ...වෙඩිතියනකොට...වැදුනොත් ඉතිං කණාෂොට් එකක්ම තමයි.
                                මට ඕනෙ...මැස්ස පෙනුන ගමන් ස්ප්‍රේ කරන්න...එක ෂොට් එකෙන් බිම !. මට හදන්න ඕන උනේ උනේ යකඩ බෝල දහදාහක් විතර එක පාරට ස්ප්‍රේ කරන ලොකු ඉලෙක්ට්‍රික් ගන් එකක් ! මෙට්ල් ස්ට්‍රෝම් ගන් කාටවත් විකුනන්නේ නෑ ඇමරිකන් කාරයෝ.  උඹවෙපන් ටෙක්නොලොජි හදාරපු ඊශ්‍රායල්කාරයෙක්යැ ඕව හදන්න...? නෑ යකෝ...මම අම්බලන්ගොඩ වැල්ලෙ ඉපදුන ගල්කටස් කාරයෙක්...! පළමු අත්හදා බැලීම (පේටන්ට් අයිතිය මගේ )... විෂ්කම්භය අඟලක් වන අඩි දෙකහමාරක් දිග ඝනකම GI පයිප්ප කෑල්ලක් අරගත්තා. ඒකෙ එක කෙලවරකට අඟලක් විතර දිග යකඩ බුෂ් එකක් ගහලා පාස්සලා සීල් කළා. තල් ගහකට තියලා බඳින්න පුළුවන් විදියට කොකු තුනක් පෑස්සුවා..
(ඉස්සෙල්ලම හැදුවා පුංචි ඩෙටොනේටර් එකක්...ඔව් බං මට ගෙදර හදන්න පුළුවන්...උපතින්ම ත්‍රස්තවාදියෙක් උන මං...පලවෙනි එක හදල...එක මංම හදපු ලොකු තුන්හුලස් රතිඤ්ඤෙකට...දාල මගේ පලවෙනි පරමාණු බෝම්බෙ අත්හදා බැලුවෙ අවරුදු 13දි...ඩොලර් 50ක් දෙනවනං කියල දෙන්නං ඩෙටොනේටර්එකක් ගෙදරදී හදාගන්න විදිය...පේටන්ට් අයිතිය මගේ...!@#$%^&*()+?*&^%$#$%@!%^&*”??!@#$%^&*...දැන් හරිනේ උඹලට මේවා කියලදීල බෝම්බ හදල මිනී මැරුවොත්...ඒනිසා කියන්න බෑ. )
                             14.7 mm පතුරමක ප්‍රොජෙක්ට්ටයිල් එක ගලවලා ඇතුලට ඩෙට්එක දැම්මා වයර් දෙක එලියට තියෙන විදියට. වෙඩිබෙහෙත් නැවත පුරවලා අඟල් කාලක ඝනකමට ෆයිබර් තට්ටුවක් ඒකට උඩින් දැම්මා. හොඳට වේලුනාට පස්සේ පුංචිම යකඩ බෝල පැකට් බාගයක් ඒක උඩට දැම්මා. ඉතුරු හිඩැසට උඩින් නැවත ෆයිබර් දාලා සීල් කළා. දැන් මේක GI බට කෑල්ල ඇතුලට දාලා අරන් ගියා කඳවුරේ වම්පැත්තේ තියන තල් කැලේට...තල්ගහක කඳට තියලා කට උඩ අතට තියෙන විදියට තුවක්කු බෝම්බේ බැන්දා...වයර් මීටර් 30ක් විතර ඈතට ඇදලා...තල් ගහකට මුවා වෙලා ...උතුරබලා...සුභනැකතින් 9V හතරැස් බැටරියකින් සප්ලයි එක දුන්නා...දඩ්ඩ්ඩාං බ්ලාස්ට් උනා...පිස්සුද...මුකුත් උනේ නෑ !. හේතුව වයර් එක දිග වැඩි නිසා වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා ඩෙට් එක බ්ලාස්ට් නොවීම...ආපහු බඩු ටික  අකුලගෙන කාමරේටම මංගැච්චුවා....  කොටි තමන්ම නිපදවපු චාජර් පාවිච්චි කරලා තමයි...දුර සිට වයර් ඇදලා ක්ලේමෝ බ්ලාස්ට් කලේ...මගේ ළඟ චාජර් නැති උනාට චාජර් එකක් හදන එක පැය බාගෙක සිම්පල්  ඉලෙක්ට්‍රොනික් වැඩක්... කැඩිච්ච මදුරු බැට් එකක සර්කිට් එකේ තිබුණු ෆෙරයිට් ට්‍රාන්ස්ෆොමරේ පන්නලා අරගෙන...චාජර් එක හැදුවා මගේම ක්‍රමේට...ආයෙත් තල් ගහට කඳ ගැට ගහලා වයර් ඇදලා...සූදානංශරීරෙ කියලා තල් ගහකට මුවාවෙලා...දැම්මා ස්විච්එක...දුන්නා කන්ඩෙන්සරේ ගබඩාවෙන් 450Volts…අන්න එපාර...දඩ්ඩ්ඩාං...බ්ලාස්ට්උනා....තල් ගහේ කොළ කෑලිවලට කැඩිලා වීසි වෙලා තිබුනා...යුරේකා පර්යේෂණේ සාර්ථකයි...ලංකාවේ හදපු විදුලි තුවක්කුව (පළවෙනි එක නෙවෙයි ).
                        පළමු විදියටම බට කෑලි 12ක් හදලා...එකට එක හේත්තු වෙන විදියට රවුමට තියලා...ඝනකම යකඩ තහඩුවකට පාස්සලා ගත්තා...බට 12ත් එකට පෑස්සුවා...තුවක්කු මිටිය රවුම් යකඩ සිලින්ඩරයකින් ආවරණය කලා...හොඳ ෆිනිෂ් එකක් දෙන්න ඕනෙ නිසා...බෝඩ් අඳින කොල්ලට කියලා Camouflage විදියට පාට කළා...දැන් එයා ලස්සන බබෙක් !!! මේ යකඩබෝල ස්ප්‍රේ කරන බිහිහිසුණු අවිය ආරක්ෂිතව ක්‍රියා කරවන්න පුළුවන් ආරක්‍ෂිත සර්කිට් එකක් හදන්න ඕනේ...බව ත්‍රස්තවාදියගේ ටිකිරි මොළේට තේරුණා...වැඩේ වැරදුනොත්...කෝට්මාෂල් කරන්න වෙන්නේ කෙහෙල් කොටයක් ඇතුලට දාල...සීල් කරපු පෙට්ටිය තමයි !!! ලොකු චාජර් සර්කිට් එකක් හැදුවා ඩෙට් 12ම එකවර බ්ලාස්ට් කරන්න පුළුවන් විදියට...ස්විච් තුනයි ඉන්ඩිකේටර් බල්බ් තුනයි...
(1)    Arm කොළ පාට (සර්කිට් එකට විදුලිය සැපයීම)  
(2)    Ready කහ පාට (චාජර් එක ක්‍රියාත්මක වීම )
(3)    Fire රතුපාට      (ඩෙටෝනේටර් බ්ලාස්ට් වීම)
එක සහ දෙක ස්විච් වලට උඩ පහත දමන ස්විච් පාවිච්චි කළා... Fire...වෙඩිතියන ස්විච්
එක...ඒක අතින් අදින ස්විච් එකක්...එතකොට එක දෙක ස්විච් දමලා...උවමනාවෙන්ම ඇද්දොත් මිස අත වැදීමෙන් මිස්ෆයර් යන්න ඉඩක්නෑ. මෝටර් ස්පෙයාර්ස් කඩවල විකුණන මේ වර්ගයේ ස්විච්...පරණ වාහන වලට එනවා. කොල්ලො තුන්දෙනෙක් අල්ලගෙන...යකඩබෝල දාලා මොඩිෆයි කල බුලට් දාපු...චබී චුටි බබා...ලී පෙට්ටියකට දාගෙන ගෙනිච්චා වැල්ල අයිනේ තල් කැලේට. ඉස්සල්ලම සිල්පර කොටයක් (කොටි ගලවපු රේල්පාරේ තිබුණු සිල්පර කොට දූපතේ හැම තැනම තිබුනා) ගැට ගැහුවා මූද අයිනේ තිබුණු තල්ගහකට...මල්ටි බැරල් තුවක්කුව මුහුද පැත්තට හරවලා උඩට ඈන්ගල් කරල...කම්බි වලින් සිල්පර කොටේට ගැට ගැහුවා. ඈතට වයර්එක ඇදගෙන තල්ගස් වලට කවර් උනා...
(1)    Arm...  
(2)    Ready...
(3)    Fire.... දඩ්රාන්ග්ග්ග්... යකඩ බෝල කුණාටු වර්ෂාව මුදට ගියා...කොච්චර දුර ගියාද කියල නම් හොයාගන්න බැරිඋනා !.
අන්තිමේදී තුවක්කුවට මොකද උනේ...මේක සම්මත අවියක් නොවන නිසා යුද්දෙදි යොදාගන්න බෑ කියන තර්කේ එහෙන් මෙහෙන් මතු උනා...එතකොට බබා මෝටාර්...ජොනී බට්ටෝ...මරාගෙන මැරෙන බෝට්ටු සම්මත අවිද ? ඩොක්ටර්...අපි රාජකීය නාවික හමුදාවෙන් පැවතඑන...ජිනීවා සම්මුතියට වැඩකරන සම්මත චාරිත්‍ර අනුගමනය කරන හමුදාවක් !. අපිට බිම්බෝම්බ පාවිච්චි කරන්න...පතුරමක කෙලවර කපලා වෙඩිතියන්නත් තහනම්...උත්තරේ ඒකයි.......ලංකාවෙ නව නිපැයුම් කරන එක...  
@# ගහනව වගේ වැඩක්... මට ෆුල් ආතල්...එච්චරයි !!!.

### අන්තරේ කොල්ලෝ... පාර බ්ලොක් කරගෙන...බදු ගෙවමින්...උන්ගේ ඉගෙනීමට වියදම්කරන... දහස් ගණන් වැඩකරන ජනතාවට...පොඩි එවුන්ට පාන්ගෙඩියක් අරගෙන ගෙදරයන්න නොදී ඉන්නවා...පලයව් යකුනේ පාර්ලිමේන්තුවට...මගේ කාර් එකත් ට්‍රැෆික් එකේ හිර උනා...ෂික් මගේ මල්ටි බැරල් තුවක්කුව ඩිකියේ තිබුන නම්...පාර ක්ලියර් කර ගෙන ගෙදර යන්න තිබුනා !!! ### 


                                           මේක මිකැනිකල් මගේ එක ඉලෙක්ට්‍රොනික්

          

31 comments:

  1. Meka enakam hamadama awith balanawa...monawa karannada ? Heh heh....

    ReplyDelete
  2. වැඩකට ඇති කෙනෙක්ගෙන් වැඩක් ගන්න රටට පින නැහැ.

    ReplyDelete
  3. ගැට්ලින් එකවත් ජෑම් වෙන්නේ නැතිවෙන්න අපේ උන්ට ෆයර් කරන්න බෑ.. ඕක හදල දුන්නනම් අනිවා ප්ලැටුන් එකම චකබ්ලාස් කර ගන්නවා.. හැක්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. දුප්පත්, පුංචි, රටක් වීමේ සාපය.

    ආයුධ හදන රටවල ඔය පර්යේෂණ ඔක්කොම කරනවා. අත්හදා බලනවා. යුද්ධ භූමියට ගෙනිහින් සතුරන්ට එරෙහිව පාවිච්චි කර බලනවා. එතැනදී ඔය ජිනීවා කතා නැහැ. අපිට තමයි ඔක්කොම හරහට හිටින්නේ.

    ReplyDelete
  5. ඔව් නේන්නං.. බෑනේ.. ජීනිවා ප්‍රක්නප්තිය කඩන්න ඇහැක.. ඔය ත්‍රස්තවාදියෝ කිව්වට. හැබෑට කවදාවත් එහෙම කඩලත් නැති කොට..

    වක්කඩ කැඩුව වගේ තමා ඩොකා දෙසන කොට.. ජය

    ReplyDelete
  6. කොහොමද සිරාවට ඔය කුරුම්බැට්ටිය බිම දැම්මේ?

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේම ඉඟියක් දීලා තියෙන්නේ මහ ගස් නැති වඟුරක් උඩින් එළිමහනේ යන කොට නේ වැඩේ සිද්ධවුනේ.

      Delete
    2. කටුනායකදී අන්තිම එක වැටුනා...කොහොමද වැටුනෙ කියල දන්නෙ නෑ...වෙඩි වැදිල වැටුන බවට සඳහනක් දැක්කෙ නෑ !

      Delete
    3. ගුරුකමක් කොරල ඉස්සරහ රූනයි පිටිපස්සෙ තට්ටයි කොර වෙන්න. අන එහෙමයි උනා කියන්නෙ...

      Delete
  7. ඇත්තටම තහංචි වැටුන රටවල (ඊශ්රායලය, චීනය, රුසියාව)තමා තාක්ෂණය දියුණුවෙලා තියෙන්නේ, අපිට තහංචි තිබ්බා කීවට බඩු හම්බුනානේ.

    ReplyDelete
    Replies
    1. මං ට්‍රයි කලේ ආයුධ තාක්ෂනය පටන් අරගෙන දියුණු කරන්න...බෑ...මේ රටේ බෑ ඉල්ලංකාවේ...ඕවා කරන්න දෙන්නෙනෑ !

      Delete
  8. ඔවු ඔවු ජිනීවා කොහොම වෙතත් ඔහොම ඒව හැදුවට කාටවත් කොමිස් හම්බුවෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  9. monawada mechchara dawasak kale, Hemadama beluwa ei parakku kiyala.

    ReplyDelete
  10. monawada mechchara dawasak kale, Hemadama beluwa ei parakku kiyala.

    ReplyDelete
    Replies
    1. පොත් කියවනවා...බණ්ඩාර මැරූ උන්...බත්තලන්ගුන්ඩුව...පොත් දෙක කියෙව්වා

      Delete
  11. බඳින තුවක්කුවෙ ප්‍රවර්දනයක්... ඕව තමයි ප්‍රායෝගික වැඩ කියන්නෙ... මාත් ටිකක් ඔය ගැන උනන්දුයි. ශොට් ගන් කාට්‍රිජ් නැවත පිරවිල්ලෙදි ඒකෙ ඩෙටනේටර් (කැප්) පිරවිල්ල, පරන බැටරි වලින් ඊයම් බෝල නිශ්පාදනය මාත් කොරල තියනව.

    ReplyDelete
  12. කට කහනවනෙ ඉතිං... මම ෆයිව් සීරෝ පතරොමුත් ගලවල තියනව. ටී56 වගේ නිකන් බෑ.. කපල.. ඔය ෆයිව්සීරෝ පතරොම් වල සමහර උණ්ඩ වල රතු පාට ගාපුව තියනව. ප්ලේන් වලට රෑට වෙඩි තියද්දි ඒම් එක ඇජස්‍ට් කරගන්න ඔය ආලෝක විමෝචක උන්ඩ අනිත් එව්ව 10ට එකක් විතර අමුණනවලු වැලට අමුණද්දි.ඒකෙ එලියෙන් පේනවලු ලඟින් යද්දි ටාගට් එක. ඔය ෆිලුම් වලත් තියෙන්නෙ.මට හම්බුනු සෙට් එකේ අර එව්ව කීපෙකුත් තිබ්බ. මගෙත් තියන අමාරුවට ගලවපු උන්ඩයක්(මම මේ කියන්නෙ ප්‍රොජෙක්ටයිල් එක) අඬුවට අරන් ගෑස් ලිපට ඇල්ලුව.පුදුමාකාර වර්ණවත් රතු එලියකින් ඒක රොකට් එකක් වගේ තත්පර පහක් විතර පත්තු උනා. අම්බානක බය හිතුනත් අතෑරියෙ නෑ. අම්ම නං බැන්න තෝ මැරෙන්නද හදන්නෙ කියල

    ReplyDelete
  13. ලංකාවෙ නව නිපැයුම් කරන එක...
    @# ගහනව වගේ වැඩක්... මට ෆුල් ආතල්...එච්චරයි !!!.

    ලංකාවේ ඉන්නේ පිටරටින් එන ඔ්නේම කුණු ජරාවක් දෑතින්ම අල්ලලා අරගෙන හිස මුදුනෙන් තියාගන්න අපේ රටේ හදපුවා ලෝකල් කියලා පාච්චල් කරන උන් ටිකක්.

    ReplyDelete
  14. චැහ්ඃ.. කලිං දන්නවා නම් ඩොක් මේක ඊයෙ ඉල්ලන් එන්නෙ.. අපේ නගරේ පාරවල් පහම පැය ගානක් එක දිගටම බ්ලොක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බ්ලාස්ට් කරගන්න හිතෙනවා...පාරෙ ගිනිඅව්වේ හිර උනාම !

      Delete
  15. රජයේ දායකත්වය ඇතිව අපට බැරිද මේව හදල විකුණන්න.(රටක් විදියට). මේ සම්බන්ධ ජාත්‍යන්තර නීති ගැන සරත් දන්නවද? ඔය ඊශ්‍රායල්කාරයො විතරක් නෙවේ නෝර්වේත් විකුණන්නෙ?

    ReplyDelete
  16. ජපානය වගේ රටවල් වලටත් තහනම් ආයුධ හදන්න...මානව හිමිකම් වාර්තා හොඳ නෑ කියල අපිට සමහර රටවල් ආයුධ විකුනන්නෙත් නෑ. ලංකාව තහනම්නෑ කියලයි මං හිතන්නෙ...හරියටම දන්නෙ නෑ ! ඉම්පෝට්කරලා කොමිස් ගහන කට්ටියනම් මෙහේ හදනවට කැමතිනෑ කියල නම් පැහැදිලිවම දන්නවා !

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete