Sunday, 11 September 2016

ලුණු පොල්කට්ට



                                         මේ තියෙන්නේ අම්බලංගොඩ නගර වැසියන් දහස් ගණනකට පිහිණුම් පුහුණුව ලබාදුන් (මටනම්) ලෝකයේ තිබෙන හොඳම ස්විමින්පූල් එක. මේක තියෙන්නේ පරණපාරේ අම්බලංගොඩ තානායමට පිටුපසින්.  මේකේ විනාඩි දෙකෙන් දෙකට වතුර අලුත් වෙනවා. ලංකාවේ කොහේ වත් මේ වගේ ස්වභාවික...100%ක් ආරක්ෂා සහිත ස්විමින්පූල් එකක් නැත....පූල්එකේ කෙලවර ගැඹුරු නිසා ගල උඩසිට වතුරට පනින්නත් පුළුවනි.  වාරකන් කාලෙට ගල් පර දෙක අතරින් එන රළපහරත් සමග පිහිනීමෙන් ලැබෙන ආතල් එක කියලා වැඩක් නැත!!. මේ පුංචි ස්විමිං පූල් එකට අපි කිව්වේ ලුණු පොල්කට්ට කියාය. ධර්මශෝකේ සහ දෙවානන්දේ...මං වගේ නෝටි බෝයිලා තාප්පෙන් පැනලා ස්කූල්කට්කරලා කෙලින්ම එන්නේ මෙතෙන්ට. ලෝක අමාරුවෙන් සින්ඩිකේට් දාලා බ්‍රිස්ටල් සිගරැට් දෙක තුනකුත් අරගෙන එනවා... ගල උඩට. ස්කූල්කට්කරලා නාන ගමන් සිගරැට් බොන එක...පන්තියේ ඉන්න ගටතියෙන නෝටි කොල්ලන්ට විතරක් කරන්න පුළුවන් වැඩක්...අපි ඇවිල්ලා...වෙන්ඩ ගාමිණී ෆොන්සේකා පොරවල් නේ...  පන්තියේ ඉන්න...කොල්ලෝ උනාට ගෑණුවගේ ඩයල් වලට ධර්මශෝකේ අඩි අටේ තාප්පෙට උඩින් බල්ටි ගහන්න බෑ...අපේ ඕලෙවල් ගැන්සිය මේවැඩේ සැලකුවේ මහා වීරක්‍රියාවක් විදියටයි. දවල් 12 වෙනවිට අපි නැවතත් ඔළු ගෙඩි වේලා ගෙන හීංසීරුවේ පන්තියට රිංගා ගත්තෙමු. විනය පාලක ගින්නාට (ගිනිගේ සර්) හොරෙන් ඔත්තුව දෙන දෙපිට කාට්ටුවෝ සිටි නිසා ගුටි පූජාද වැරදුනේ නැත. ඔත්තුදී අහුවන එවුන්ට අපිද නෙළුවෙමු. කෙල්ලන් ඉදිරියේ ගුටිකන එක අපිට මහා වීර කමකි. ගින්නා අපිට හොඳ එකෙන් නෙලන විට...සියුමැලි කෙල්ලෝ අහක බලා ගන්නවාය.      
                                       ඉතිං සුමානෙට සැරයක් ස්කූල් යුනිෆෝර්ම් පිටින් ඇවිත්...යුනිෆෝර්ම් ගලවලා...පුක පේන...වෙයාවෙල් ජොකා පිටින් නාන...සිගරැට් බොන මේ ස්කූල් ගැන්සිය රෙස්ට් හවුස් මැනේජරයාට දිරවන්නේ නැත...කාලයක් මේ පූල්එකේ පිට අය නාන එක රෙස්ට් හවුස් මැනේජරයා විසින් තහනම් කර තිබුණි...එයට තවත් හේතුවක් වූයේ රෙස්ට් හවුසියේ නැවතීසිටින...ලුණු පොල්කට්ටේ නාන...සුද්දන් සහ සුද්දියන්ට මෙහි නාන කොල්ලන් බ්‍රෝකන් ඉංග්ලිෂ් වලින් ටෝක දැමීමයි...සිංහල කුණුහරුප ඉගැන්වීමයි...එත් මේ බීච් එකේ තියෙන පූල්එකට රෙස්ට්හවුස් මැනේජරයාට අයිතිවාසිකම් කියන්නට බැරිබව අපි දැනසිටියෙමු...ඌ ඇවිත් අපි එලවන්න හැදුවට අපි ගණන් ගත්තේ නැත...ඉතිං දවසක් මෙහෙම කරුණා මූදේ නාමු ගිලීලා...ආතල් එක ගන්න කොට...සුදු ටයිකෝට් ඇඳි අඩිහයක් උස ප්‍රතාපවත් දැවැන්ත සිරුරකින්හෙබි පප්පා සර් (MD විමලසුරිය...ඔව් නෑකමකුත් තියෙනවා...ඒකට හරියන්න මට හොඳට නෙළුවා) නොහොත් පිනා...වේවැලත් සමග වැල්ලට ප්‍රාදූර්භූත විය. නෝටි බෝයිස්ලා ගේ මුහුණු ටික බලාගෙන පප්පා ආපහු ගියා. එහිදී අපට නොතැළුවත්...පසුදින එසෙම්බ්ලි එකේදී අප සියලු දෙනාටම ප්‍රසිද්දියේ වේවැල් කසාය ලැබුණි. පාසැල් වෙලාවේ බැරිවෙලාවත් කොල්ලෙක්  මුහුදේ ගිලී මැරුනොත්...පිනාට වෙන අලකලංචිය ගැන ගැටවර වයසේ මදාවියන්වූ අපිට වගේ වගක් නැත. ටෙලිෆෝන් කර පිනාට ඔත්තුව දුන්නේ රෙස්ට් හවුස් මැනේජරයා බව පසුව අපි දැනගතිමු.
                                       උසස් පෙළ පන්තියේ සිටියදීත් මේ පාසැලෙන් හොරෙන් පැනගොස් මුහුදේ නාන සෙල්ලම නතර උනේ නැත. වෙනසකට උනේ සිගරැට් වලට ඉඳහිට බියරුත් එකතු වීමයි. දැන් කොල්ලෝ සෙට් එකම අතිදක්ෂ පිහිණුම්කරුවන් බවට නොහොත්...කරමළ් නැති මාළුවන් බවට රූපාන්තරණය වීඇති බැවින් ලුණු පොල්කට්ටට නොගිහින් කෙලින්ම දැන් බහින්නේ මහමුහුදටය. මේ විදියට ලුණු පොල්කට්ටෙන් පුහුණුවුන දක්ෂ පිහිණුම් කරුවන් ගෙන් අම්බලංගොඩ නගරය පිරී තිබුණි.  පිටපලාත්වලින් ධර්මාශෝකෙට පැමිණි පිහිණීමට නොදත් කොල්ලෝ කිහිප දෙනෙක්ම විවෘත මුහුදේ දියනෑමට ගොස්...දියවැල් වලට අහුවෙලා දියඹට ගසාගෙන ගොස් කප්එකගැසූ බව මට මතකය.
                            දවසක් ,මම, කුලයා, නිමල්,පීරීසා, ප්‍රීති,රණයා,රූපයා ඇතුළු නඩයක්ම ස්කූල් කට්කර හික්කඩුවට කෝච්චියෙන් ගොස් මුහුදේ නෑමට තීරණය කළෙමු. ටිකට් ගන්න සල්ලි දීපල්ලා මං සල්ලි ඉල්ලූ විට... මොන ටිකට්ද බං...හොරෙන් යමු...ඒ සල්ලි වලින් සිගරැට් ගන්න බැරියැ...මෝඩ ත්‍රිලක් ගැනීමට සියලුදෙනාම තීරණය කළහ. ස්ටේසමට ඇවිත් බංකුවල වාඩිවී කෑකෝගසමින් සිටි අපේ නඩය ගාලු කෝච්චිය පැමිණිවහාම ඇතුලට පැනගතිමු. හික්කඩුවේ කෝච්චිය නැවත්තූ විගසම රේල්පාරට පැන වැල්ලට දිව්වෙමු. බියර්, සිගරැට් බොමින් කොරල් පර අස්සේ කිමිදෙමින් සිත්සේ ආතල් ගත් අපි...නැවතත් අම්බලංගොඩ යෑමට හික්කඩුවෙන් කෝච්චියට පැනගතිමු. එකෙක්වත් ටිකට් ගත්තේ නැත. අම්බලංගොඩ ස්ටේෂමෙන් බහින කොටම ස්ටේෂමේ හිටි දුම්රිය සේවකයෝ රොත්තක්ම අප වටකර බෙල්ලෙන් අල්ලාගෙන ස්ටේෂන් මාස්ටර් ගේ කාමරයට ඇදගෙන ගියහ. කාමරය වහාම ලොක්කරන ලදී. ඔත්තුව හික්කඩුවේ ස්ටේෂන් මාස්ටර්ගෙනි. පට්ට නෝන්ඩියකි...ජෙනෙල් වලින් එබෙමින් මිනිස්සු වටවී සුදු කිට්එකෙන් ඉන්න මේ හොර නඩය...නරඹනවාය. අම්බලංගොඩ ස්ටේෂන් මාස්ටර් අපට බැනවැදී අපි සියලුදෙනාම පොලීසියට බාරදෙන බවට තර්ජනය කළේය. අපේ ගණංකාර කම් ඉවතදමා එසේ නොකරන මෙන් ස්ටේෂන් මාස්ටර් උතුමාණන් ගෙන් බැගෑපත්ව අයැද සිටියෙමු. කොළුකමට කලදේට සමාව දුන් එතුමාණෝ දීර්ඝ සුමධුර ධර්මදේශනාවක් කර අප මුදා හැරියේය. නරක ආරංචි වලට තටු තිබේ...පසුදා වනවිට මුළු පාසැලම සිද්ධිය දැනගෙන හමාරය. පප්පාගේ එසෙම්බ්ලි එකේදී වේවැල් කසායද...මට නම් අතිරේකව තාත්තගේ කණේපාරද ලැබුණි (ඒක ලැබුනම ටිකවෙලාවක් යනකං කන කූඌන්න්න්ග් ගානවා). විදුහලෙන් අස්වූ විගස රණයා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් බවට පත්විය...ඉන්පසු රණයා මට හමුවී නැත. ඌ ටිකට් නැතුව කෝච්චියේ ගොස් අසුවන කොල්ලන්ට සමාව දුන්නාදැයි දන්නේ නැත !.  
                ධර්මාශෝක විද්‍යාලය මගින් පවත්වන සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිණුම් තරඟය මාරම සැණකෙළියකි. හැමදාම දිනුවේ ජයලත් වීරක්කොඩි/ ලක්ෂ්මන් වීරක්කොඩි සොහොයුරන් හෝ නේවින් පත්මදේවය. ජයලත්  වීරක්කොඩි පසුව ගුවන් හමුදාපති බවට පත්විය. පත්මදේව ASP කෙනෙක් වී පොලීසියට බැඳුණි.
                         කොල්ලෝ කෙල්ලෝ තමන්ට තියෙන හොඳම කිට් එකෙන් සැරසී ස්විමිං මීට් එක බැලීමට රටහාල් බොක්කට එති. මෙහිවැල්ලේ ඇති මුහුදුවැලි අතට ගත්විට රටහාල් (මිල්චට්) හා සමානය. ස්පෝර්ට් මීට් එක...බිග් මැච් එක හැරුනවිට කොල්ලන්ට බඩු සෙට්වෙන දවස මෙයයි...කලින් සෙට් වෙච්ච එවුන් අහුමුළු වලටවී ප්‍රේමසාගරයේ ගිලෙති. ලියුම් හුවමාරු කර ගනිති...බොහෝ විට මේ ලියුම් අදින්නේ ලස්සන කෙල්ලන්ගේ හොඳම යාළුවා වන පට්ට කැත කෙල්ලෙකි. අන්තිමේදී ලස්සන කෙල්ල බූට් එක දුන් විට...කොල්ලා, ලියුම් අදින...හිතහොඳ...අම්බයකා කසාද බැන්ද අවස්ථාද තිබුණි.
                                AL පන්තියේදී මට සෙට්උනේ ගාල්ලේ උපන් නිමල් ගීගනගේ සහ හම්බන්තොටින් ආ කුලයා(DGS කුලසිංහ)  නමැති උපන්ගෙයි වලිකාරයෝ දෙන්නාය. ලඟින් යද්දී පුහ් ගා පඩයක් දැම්මත් පැන්නගමන් ගහනවාය...බොහෝවිට මේවගේ වලිවලට හේතුව තමන්ගේ ලස්සන කෙල්ලට තව එකෙක් කිට්ටුකරන්නට යෑමය. නැත්නම් නිමලයා වෙන එකෙකුගේ කෙල්ලට රබර් ඇහැ දමමින් කළකොලොප්පන් කිරීමය. පාසැලේ නිවාඩු දෙන දවස වැටෙන් කඩාගත් ග්ලිරිසීඩියා පොළු රැගෙන   ... සතුරන්ට...කොලේජ්ලේන්එකේ රැකසිට ගරිල්ලා ටයිප් ප්‍රහාර එල්ල කරන දවසයි. සමහර විට වරෙන් කොලේජ්ලේන් එකට... කියා චැලේන්ජ් කර සතුරන්ට සටනට ප්‍රසිද්ධියේ ආරාධනා කර ගහගත්තෙමු...සතුරෝද ලැජ්ජාව නිසා අපේ තුන් දෙනාගේ ගැන්සියේ (අපි මිට්ටන් ගේ සංගමය)  ආරාධනා බාරගත්හ. දවසක් කොලේජ් ලේන්එකේ පැවති මෙවැනි දරුණු සටනකදී කුළයා හොඳින් සටන් කලත්...උගේ ෂර්ට්එක සතුරා විසින් ඉරාදමන ලදී...උගේ තොල පැලී ලේ එනවාය...මගේ ගෙදර ඇත්තේ පාසල ළඟ නිසා ඌ ගෙදරගියේ මගේ ෂර්ට් එකක් ඇඳගෙනය. හරක්අංවලින් සෑදූ   නකල්ඩස්ටරයක් ලේන්සුවේ ඔතා පහරදීම මගේ සටන් කලාව විය...මේ  නිසා එක ෂොට් එකෙන් මටවඩා උස ශක්තිමත් සතුරා අඩපන කිරීමට...අඩිපහයි අඟල් තුනක් පමණක් උස මේ මිට්ටාට හැකිවිය !. 
                     මේ ඉන්නෙ මම...අවරුදු 17දි අහිංසක කොල්ලෙක් !
             
   


## නිමල් දැන් ගාල්ලේ රූමස්සල කන්දේ තිබෙන ඉතා අලංකාර, ස්විමිංපූල් දෙකකින් සමන්විත...දැවැන්ත  “විලා තව්තිසා” හෝටලෙයේ සහ කොමරන් බීච් ක්ලබ් හෝටල් වල අයිතිකරු වන අතර (නිමල් නිතර මට හමුවෙයි) ...කුලයා බැංකුවෙන් විශ්‍රාම ගොස්  නැගෙනහිර යුරෝපයේ රටවල රවුම් ගසමින් සිටී##                                     

Friday, 9 September 2016

කොටි බෝම්බ සහ නේවි බෝම්බ


                                                  කොටි හාබර්එකට ඇටෑක් කරල නැවක් ගිල්වලා වරායේ නැව් පිවිසුම් දොරටුව අවහිර කරන්න උත්සාහකරලා දවස් හතරකට පස්සේ ඉලිප්සාකාර හැඩයේ ෆයිබර් වලින් වලින් හදපු නොහඳුනන වස්තුදකක් මාරවිල පැත්තේ මුහුදු වෙරළට පාවෙලා ඇවිත් තිබුණා. මිනිස්සු මේක නාවික හමුදාවට දැන්නුවා.  කොටින්ගේ බෝම්බ දෙකක් බව හඳුනා ගත්තත් මේවා මොන වර්ගයේ බෝම්බද කියලා හඳුනාගන්න බැරි උනා. නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමග CofN මාවත් යැව්වා මාරවිලට මේවා පරීක්ෂා කරන්න. එකක් කිලෝ විසිපහක් බරයි. යනකොටත් යම්කිසි මෝඩයෙක් යකඩ කපන කියතකින් එකක් කපලා ඕපන් කරලත් ඉවරයි. ඇතුලේ C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 20ක් විතර පුරවලා තිබුණා. මේ C4 කියන ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍ය නිකන් තෙමපු ටැල්කම් පව්ඩර් වගෙයි. ගින්නට දැම්මට පත්තුවෙලා පුපුරන්නේ නෑ. නමුත් ඩෙටොනේටර් එකකින්, ඩෙට් කෝඩ් කෑල්ලකුත් දාලා ප්‍රාථමික පිපුරුමක් දුන්නොත් භයානකලෙස පුපුරනවා. මේවට කියන්නේ ඉරාදමන වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය.  මේ අමුතු හැඩේ බෝම්බය විශිෂ්ඨඝනයේ නිර්මාණයක් බව එහි නිමැවුම්කරුට ගෞරවයක් වශයෙන් සඳහන් කලයුතුයි !. 
                                                    මුලින්ම ප්‍රශ්ණයක් උනේ මේකේ මතුපිට ඇති කලුපාට රවුම්තුන මොනවද කියන එක...මට නම්...මේක දැක්ක ගමන් භාණ්ඩේ මීටර් උනා...මොනවද ඩොක්ටර් මේ...ඔය තියෙන්නේ කාන්දම් තුනක් සර් ...කාන්දම් ?  ඔව් සර්...කාන්දම් ලොකු බෆල් ස්පීකර් වල පිටිපස්සේ තියෙන පවර්ෆුල් මැග්නට් ! තව මේකේ එක කෙළවරක කොක්කක් හදලා ඒකේ  10, 20, 30 කියන ඉලක්කම් ලියපු යකඩ කෑලි එල්ලලා තිබුනා...මේ මොනවද කැප්ටන් X ආයෙත් ඇහුවා? කම්පියුටරේට දැම්මා....හරි උත්තරේ ආවා...සර් මේ තියෙන්නේ මේක නියමිත දුර ප්‍රමාණයට පමණක් ගිල්වලා තියන්න එකතුකරන අතිරේක බර....ඒකියන්නේ...? 10 සඳහන් කරපු යකඩ කෑල්ල එල්ලුවොත් අඩි 10ක් විතරක් යට ගිහින් පාවෙන්න ගන්නවා...20ත් එකතු කලාම අඩි විස්සයි...30ත් දැම්මම යට යන්නේ අඩි 30යි. උඩුකුරු තෙරපුම නිසා බෝම්බයේ බර උසුලන්නේ වතුරෙන්...කාන්දම් කෑලි වලට බෝම්බයේ බර එන්නේනෑ... කාන්දම් කෑලිවලින් කරන්නේ ග්‍රිප්එක තියා ගන්න එක විතරයි...එතකොට කොච්චර හයියෙන් බෝට්ටුව හරි, නැව හරි ගියත්...රැල්ල වැදිලා මළාට ගැලවෙන්නේනෑ....යුරේකා...(විශේෂ  ස්තුතිය හෙළුවෙන් දුවපු ආකිමිඩීස් මහත්මයට සහ භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික් ඉගැන්වූ මහින්දරත්න සර්ට) 
                                                                 
                                                                කඩේකින් එල්ලන තරාදියක් ගෙනැවිත් මේකේ බර කිරුවා...හරියටම කිලෝ විසිපහයි....කිලෝ විසිපහක් බරනිසා...හුඟක් අය කිව්වේ මේක වතුරට දැම්ම ගමන් යට යයි කියල...නෑ සර් පොතේ හැටියට මේක පාවෙන්න ඕනේ !....ඉතින් මේකත් උස්සගෙන බීච් එකට ගියා...වතුරට මේක දාල බලන්න... වැල්ලේ වලක් කපල වතුර පිරෙන්න ඇරියා. අම්මටසිරි.... වතුරට දැම්මම හරියටම අඩියක් යට ගිහින් පාවෙනවා...බෝම්බයේ එක පැත්තක වායු කුටීරයක් තිබීම නිසා. ඒ වායු කුටීරය ඇතුලේ තිබුනේ කුෂන් වැඩවලට ගන්න  ස්පොන්ජ් කැබැල්ලක්...ඒ පැත්ත උඩටටයි පාවෙන්නේ...ස්පොන්ජ් කෑල්ල නිසා බෝම්බේ යමක වැදිලා හිල් උනත් දිගටම යට නොගිහින් පාවෙනවා....යට පැත්තේ තමයි බර එල්ලන කොක්ක තියෙන්නේ. හදමුද සර් ලංකාවේ පළවෙනි සබ්මැරීන් එක...? එපා අපි පොඩි සබ්මැරීන් එකක් ගන්නයි ඉන්නේ !
                          එත කොට මේ පැත්තෙන් තියෙන අඟල් දෙකහමාරක විතර සිදුර ඇතුලේ තියෙන, ඔරලෝසුවක් වගේ ගැජට් එක මොකක්ද ? දැක්ක ගමන් මීටර් වෙලා තිබුනේ...ඔය සර් වොෂින් මැෂින් එකක ටයිමර් එකක් !!!..විනාඩි පහෙන් දහයෙන් විස්සෙන් පුපුරන්න ටයිමින් තියන්න පුළුවන්. මේ බෝම්බේ විශේෂ උල් හැඩය නිසා...ඩයිවර් කෙනෙකුට මේක අත්දෙකෙන් අල්ලගෙන පහසුවෙන් පීනන්න පුළුවන්...කොටියෝ අති විශිෂ්ඨයි උඹේ නිර්මාණය!!!...(මේක හදපු එකා තවම ඉන්නවද දන්නෙ නෑ...ඌ මේ දවස්වල මොනවා හදනවා ඇතිද ?) මුහුදු බෝම්බ ගැන බුද්ධි අංශ වාර්තාව CofNට යන්න ඇති.
                                                   කොටියෝ  මං උඹට පරදින්නෙනෑ...මං මගේ මොළේ තියෙන හොඳම අමුද්‍රව්‍ය දාලා...මං  උඹලගේ බෝට්ටු වලටත්...නොම්මර එකේ තෑග්ගක් හදනවා...එවෙලෙම හිතමින් අනාගත මුහුදු බෝම්බේ හිතින් සැළසුම් කරමින් ගොළුවෙක් වගේ කතා නැතුව...කල්පනා කර කර කොළඹ මූලස්ථානයට ආවා. එදා හවස නේවි බාර් එකෙන් බියර් එකක් ගහලා (එතකොට තමයි මගේ ඔලුවේ කම්පියුටරේ කිෂි කිෂි ගාල වැඩකරන්නේ..ඉන්ධන නැතුව බෑ) කාමරේට ගිහිං ලැප් එකෙන් මගේ මුහුදු බෝම්බේ සැළසුම් කළා. Smart Sea Mine මගේ අලුත් ප්‍රොජෙක්ට් එක...ලොකු මහත්තුරු ගත්තත් නොගත්තත් මං මේක හදනවා මගේ ජොලියට !. කොටියගේ එක මැනුවල්...මගේ එක ෆුල් ඉලෙක්ට්‍රොනික් ! මේකට මං යොදාගත්ත ප්‍රධානම ඉලෙක්ට්‍රොනික් උපකරණය වයිබ්‍රේෂන් සෙන්සර් එකක්. මේවා සුලභව පාවිච්චි වෙන්නේ කාර් බර්ග්ලර් එලාර්ම් සඳහා. කාර් එකේ මොකක්හරි ගලවන්න හැදුවොත්...නැත්නම් දොරක් ඇරියොත් එයින් ඇතිවන කම්පනය නිසා එලාම් එක වැඩකරනවා. දැන් එන සියළුම හොඳ වර්ගයේ අලුත් කාර් වල මේක එනවා. පාක් කරලා තියෙන අලුත් කාර් එකකට තට්ටුවක් දමා කෑගසන හැටි බලන්න.... ප්‍රොජෙක්ට් එක අද්මිරාල් ඉලංගකෝන් සර්ට දැම්මා...රූප සටහන් සහිත ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක...අපට මුහුදු බෝම්බ පාවිච්චි කරන්න තහනම් සරත්...එත් අපේ දැනුම සහ එක්ස්පීරියන්ස් වැඩිකරගන්න මේක හදමු ! සමහර විට වෙනත් මිසයිල් වගේ දේවල් හදන්න මේ තාක්ෂනය උදව් කරගන්න හැකිවෙයි. බැරිම උනොත් මුහුදේ සටනකදී උන් එලවා ගෙන එනකොට මේවා තුන හතරක් මුහුදට දාමු. හරි...හුරේ...  ග්‍රීන් ලයිට් එක වැටුනා !.
                                                ඉතින් වහාම හදන්න පටන් ගත්තා මුහුදු බෝම්බෙ...මේක කොටි බෝට්ටුවක් ඇවිත් හැපුනොත් විතරයි පුපුරන්නේ...අපේ බෝට්ටු වලට ප්‍රශ්නයක් නෑ. අපිත් එක්ක රේඩියෝ ලින්ක් එකක් තියාගෙන ඉන්න නිසා.  සේෆ්ටි පින් එක කරකවලා ගලවලා වතුරට දැම්මොත් විනාඩි දෙකකින් ඇක්ටිවේට් වෙනවා. වතුරට නොදැම්මොත් ප්‍රශ්නයක් නෑ සේෆ්ටි පින් එක ආපහු හයිකරගන්නත් පුළුවන්.  අපේ බෝට්ටු වක් බෝම්බෙ තියෙන ඒරියා එකට එනකොට...වතුරට අඩියක් යටින් පාවෙන... එයා නිදි. කොටින්ට මේක අහුවෙලා වතුරෙන් උඩට ගත්තොත් වහාම පුපුරනවා කතන්දරේ කියන්න කව්රුවත් ඉතුරු වෙන්නෙ නෑ. වතුරට දාලා පැයකින් කොහොමත් බ්ලාස්ට් වෙලා ඉවරයක් වෙනවා දිගටම ඔහේ පාවෙවී තියෙන්නේ නෑ . මේ කාල සීමාවන් නේවිඑකේ අවශ්‍යතාවයඅනුව වෙනස් කරගන්න පුළුවන්. පයිප්ප බෝම්බෙ දෙපැත්තේ අඩි 12ක් දිග පොලිතීන් පටි හයිකලා...ප්‍රොපෙලර් වල පැටලුනොත් බෝම්බේ බෝට්ටුව හොයාගෙන එනවා. 

    මගේ පර්යේෂණ සගයා චමිල්...බය නැතුව බෝම්බෙ උස්සපන් පුතා...ඇතුලේ මුහුදු වැලි විතරයි !  


                             පාවිච්චි නොකර ගබඩාකරල තියනකොට එක්ස්ප්ලෝසිව් කොටස් දෙක සර්කිට් ඒකෙන් ගලවලා වෙන්කරන්න පුළුවන් විදියට මේක හැදුවා. කොටින්ගේ  ගමන් බිමන් සීමා කරන්න මේ බරටම මේ හැඩේටම හදපු ඩමී බෝම්බ වපුරන්නත් පුළුවන් !. උන් මුහුදු බෝම්බ දාලා අපේ බෝට්ටු දෙකක් බ්ලාස්ට් කළා...අපේ මුහුදේ ක්‍රියාකාරිත්වය උන් අඩපන කළා. උන් තමයි ඒ දවස්වල මුහුදේ කරනම් ගැහුවේ.    මං මේක හැදුවා...C4 වෙනුවට වැලි පුරවලා...ඩෙටෝනේටර් වලට වෙනකම් ගිහින් මුහුදට දාලා අත්හදා බැලුවා වැඩේ සාර්ථකයි...එත් මගේ බෝම්බෙට නේවි එකත් බයඋනා...C4 කන් හැන්දෙන් චුට්ටක් ආසාවට දාලවත් එක්ස්පෙරිමන්ට් කරන්න මේක ඉහලින් අනුමත උනේ නෑ...C4 වලට කොටි බයනෑ...අපි බයයි...නේවි ආමරි වල C4 තිබුනා...ඒවයින් රොටි හැදුවද දන්නෙනෑ. කොහොම උනත් කතාව කියන්න මං තවම ජීවතුන් අතර ඉන්නවා... අසා සිටි ඔබ සැමට...ඉස්කෝතුයි ... යුද්දෙ නැතුව පාළුයි !.

Saturday, 3 September 2016

පතුරම් කපන්නා 2


                            කොටින්ගෙ කුරුම්බැට්ටි මැෂිම පියාඹන්නේ හුඟක් පහතින්. ඒනිසා රේඩාර් එකෙත් එක දිගටම ඒක පේන්නේ නෑ. වරින්වර නොපෙනී යන නිසා කොහේ යනවද කියල තීරණය කරන්නත් අමාරුයි.
බිම වටේටම ගස් තියෙන කෑම්ප් එකක ඉන්න සෙබළෙකුට මේකට වෙඩිතියන්න ලැබෙන්නේ තත්පර ගානක කාලයක් විතරයි. උන් එන්නෙ හඳ නැති ඉතාම කළුවර දවස්වල නිසා වැඩේ තවත් අමාරුයි. මේකට නෙලන්න අපේ බුද්ධිමත් ඉහල නිලධාරීන් කලේ තව තව මිග් ඕඩර් කරන එක...මැස්සෙකුට වෙඩිතියන්න කාලතුවක්කු !. මේක බිම දාන එක ලේසි වැඩක් නෙමෙයි මේකට වෙඩි තියන්න උස ගොඩනැගිල්ලක් මුදුනේ සිටීම අනිවාර්යයි. අපට මේකෙන් ලැබෙන එකම දත්තය ගුවන්යානයේ ශබ්දය විතරයි. දවල්ට උනත් ප්ලේන්එකක ශබ්දය ඇහුනට ලොකේට් කරගන්න අමාරුයි...පහතින් පට්ට කළුවරේ යන මේ ට්‍රැක්ටරේ...? මේ ඇහුනා...මේ ගියා !  ෆ්ලෑෂ් ලයිට් ගහනතැන් කොටී පයිලට්ට පේනවා. ඌ එක කෙලින් නොගිහින් වෙට්ටු දමමින් ඒවා මග හරිනවා. ශබ්දය ඇහුනුගමන් ෆ්ලෑෂ් ලයිට් ඔන් කරලා ප්ලේන් එක පෙනුන ගමන් වෙඩිතියන්න ඕනේ...වෙට්ටු දාන මැස්සෙකුට කඩුවෙන් ගහනවා වගේ වැඩක්. මිනිස්සුයි පත්තර කාරයොයි  කියන්න ගත්තා අනේ මෙච්චර තුවක්කු තිබිලත්... මුන්ට මේක බිම දාගන්න බෑනෙ කියල...වෙඩිතියන එකා තමයි දන්නෙ ඒකෙ තියෙන අමාරුව. පහතින් යන නිසා SAM මිසයිල් ගහන්නත් බෑ...වෙඩිතියනකොට...වැදුනොත් ඉතිං කණාෂොට් එකක්ම තමයි.
                                මට ඕනෙ...මැස්ස පෙනුන ගමන් ස්ප්‍රේ කරන්න...එක ෂොට් එකෙන් බිම !. මට හදන්න ඕන උනේ උනේ යකඩ බෝල දහදාහක් විතර එක පාරට ස්ප්‍රේ කරන ලොකු ඉලෙක්ට්‍රික් ගන් එකක් ! මෙට්ල් ස්ට්‍රෝම් ගන් කාටවත් විකුනන්නේ නෑ ඇමරිකන් කාරයෝ.  උඹවෙපන් ටෙක්නොලොජි හදාරපු ඊශ්‍රායල්කාරයෙක්යැ ඕව හදන්න...? නෑ යකෝ...මම අම්බලන්ගොඩ වැල්ලෙ ඉපදුන ගල්කටස් කාරයෙක්...! පළමු අත්හදා බැලීම (පේටන්ට් අයිතිය මගේ )... විෂ්කම්භය අඟලක් වන අඩි දෙකහමාරක් දිග ඝනකම GI පයිප්ප කෑල්ලක් අරගත්තා. ඒකෙ එක කෙලවරකට අඟලක් විතර දිග යකඩ බුෂ් එකක් ගහලා පාස්සලා සීල් කළා. තල් ගහකට තියලා බඳින්න පුළුවන් විදියට කොකු තුනක් පෑස්සුවා..
(ඉස්සෙල්ලම හැදුවා පුංචි ඩෙටොනේටර් එකක්...ඔව් බං මට ගෙදර හදන්න පුළුවන්...උපතින්ම ත්‍රස්තවාදියෙක් උන මං...පලවෙනි එක හදල...එක මංම හදපු ලොකු තුන්හුලස් රතිඤ්ඤෙකට...දාල මගේ පලවෙනි පරමාණු බෝම්බෙ අත්හදා බැලුවෙ අවරුදු 13දි...ඩොලර් 50ක් දෙනවනං කියල දෙන්නං ඩෙටොනේටර්එකක් ගෙදරදී හදාගන්න විදිය...පේටන්ට් අයිතිය මගේ...!@#$%^&*()+?*&^%$#$%@!%^&*”??!@#$%^&*...දැන් හරිනේ උඹලට මේවා කියලදීල බෝම්බ හදල මිනී මැරුවොත්...ඒනිසා කියන්න බෑ. )
                             14.7 mm පතුරමක ප්‍රොජෙක්ට්ටයිල් එක ගලවලා ඇතුලට ඩෙට්එක දැම්මා වයර් දෙක එලියට තියෙන විදියට. වෙඩිබෙහෙත් නැවත පුරවලා අඟල් කාලක ඝනකමට ෆයිබර් තට්ටුවක් ඒකට උඩින් දැම්මා. හොඳට වේලුනාට පස්සේ පුංචිම යකඩ බෝල පැකට් බාගයක් ඒක උඩට දැම්මා. ඉතුරු හිඩැසට උඩින් නැවත ෆයිබර් දාලා සීල් කළා. දැන් මේක GI බට කෑල්ල ඇතුලට දාලා අරන් ගියා කඳවුරේ වම්පැත්තේ තියන තල් කැලේට...තල්ගහක කඳට තියලා කට උඩ අතට තියෙන විදියට තුවක්කු බෝම්බේ බැන්දා...වයර් මීටර් 30ක් විතර ඈතට ඇදලා...තල් ගහකට මුවා වෙලා ...උතුරබලා...සුභනැකතින් 9V හතරැස් බැටරියකින් සප්ලයි එක දුන්නා...දඩ්ඩ්ඩාං බ්ලාස්ට් උනා...පිස්සුද...මුකුත් උනේ නෑ !. හේතුව වයර් එක දිග වැඩි නිසා වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා ඩෙට් එක බ්ලාස්ට් නොවීම...ආපහු බඩු ටික  අකුලගෙන කාමරේටම මංගැච්චුවා....  කොටි තමන්ම නිපදවපු චාජර් පාවිච්චි කරලා තමයි...දුර සිට වයර් ඇදලා ක්ලේමෝ බ්ලාස්ට් කලේ...මගේ ළඟ චාජර් නැති උනාට චාජර් එකක් හදන එක පැය බාගෙක සිම්පල්  ඉලෙක්ට්‍රොනික් වැඩක්... කැඩිච්ච මදුරු බැට් එකක සර්කිට් එකේ තිබුණු ෆෙරයිට් ට්‍රාන්ස්ෆොමරේ පන්නලා අරගෙන...චාජර් එක හැදුවා මගේම ක්‍රමේට...ආයෙත් තල් ගහට කඳ ගැට ගහලා වයර් ඇදලා...සූදානංශරීරෙ කියලා තල් ගහකට මුවාවෙලා...දැම්මා ස්විච්එක...දුන්නා කන්ඩෙන්සරේ ගබඩාවෙන් 450Volts…අන්න එපාර...දඩ්ඩ්ඩාං...බ්ලාස්ට්උනා....තල් ගහේ කොළ කෑලිවලට කැඩිලා වීසි වෙලා තිබුනා...යුරේකා පර්යේෂණේ සාර්ථකයි...ලංකාවේ හදපු විදුලි තුවක්කුව (පළවෙනි එක නෙවෙයි ).
                        පළමු විදියටම බට කෑලි 12ක් හදලා...එකට එක හේත්තු වෙන විදියට රවුමට තියලා...ඝනකම යකඩ තහඩුවකට පාස්සලා ගත්තා...බට 12ත් එකට පෑස්සුවා...තුවක්කු මිටිය රවුම් යකඩ සිලින්ඩරයකින් ආවරණය කලා...හොඳ ෆිනිෂ් එකක් දෙන්න ඕනෙ නිසා...බෝඩ් අඳින කොල්ලට කියලා Camouflage විදියට පාට කළා...දැන් එයා ලස්සන බබෙක් !!! මේ යකඩබෝල ස්ප්‍රේ කරන බිහිහිසුණු අවිය ආරක්ෂිතව ක්‍රියා කරවන්න පුළුවන් ආරක්‍ෂිත සර්කිට් එකක් හදන්න ඕනේ...බව ත්‍රස්තවාදියගේ ටිකිරි මොළේට තේරුණා...වැඩේ වැරදුනොත්...කෝට්මාෂල් කරන්න වෙන්නේ කෙහෙල් කොටයක් ඇතුලට දාල...සීල් කරපු පෙට්ටිය තමයි !!! ලොකු චාජර් සර්කිට් එකක් හැදුවා ඩෙට් 12ම එකවර බ්ලාස්ට් කරන්න පුළුවන් විදියට...ස්විච් තුනයි ඉන්ඩිකේටර් බල්බ් තුනයි...
(1)    Arm කොළ පාට (සර්කිට් එකට විදුලිය සැපයීම)  
(2)    Ready කහ පාට (චාජර් එක ක්‍රියාත්මක වීම )
(3)    Fire රතුපාට      (ඩෙටෝනේටර් බ්ලාස්ට් වීම)
එක සහ දෙක ස්විච් වලට උඩ පහත දමන ස්විච් පාවිච්චි කළා... Fire...වෙඩිතියන ස්විච්
එක...ඒක අතින් අදින ස්විච් එකක්...එතකොට එක දෙක ස්විච් දමලා...උවමනාවෙන්ම ඇද්දොත් මිස අත වැදීමෙන් මිස්ෆයර් යන්න ඉඩක්නෑ. මෝටර් ස්පෙයාර්ස් කඩවල විකුණන මේ වර්ගයේ ස්විච්...පරණ වාහන වලට එනවා. කොල්ලො තුන්දෙනෙක් අල්ලගෙන...යකඩබෝල දාලා මොඩිෆයි කල බුලට් දාපු...චබී චුටි බබා...ලී පෙට්ටියකට දාගෙන ගෙනිච්චා වැල්ල අයිනේ තල් කැලේට. ඉස්සල්ලම සිල්පර කොටයක් (කොටි ගලවපු රේල්පාරේ තිබුණු සිල්පර කොට දූපතේ හැම තැනම තිබුනා) ගැට ගැහුවා මූද අයිනේ තිබුණු තල්ගහකට...මල්ටි බැරල් තුවක්කුව මුහුද පැත්තට හරවලා උඩට ඈන්ගල් කරල...කම්බි වලින් සිල්පර කොටේට ගැට ගැහුවා. ඈතට වයර්එක ඇදගෙන තල්ගස් වලට කවර් උනා...
(1)    Arm...  
(2)    Ready...
(3)    Fire.... දඩ්රාන්ග්ග්ග්... යකඩ බෝල කුණාටු වර්ෂාව මුදට ගියා...කොච්චර දුර ගියාද කියල නම් හොයාගන්න බැරිඋනා !.
අන්තිමේදී තුවක්කුවට මොකද උනේ...මේක සම්මත අවියක් නොවන නිසා යුද්දෙදි යොදාගන්න බෑ කියන තර්කේ එහෙන් මෙහෙන් මතු උනා...එතකොට බබා මෝටාර්...ජොනී බට්ටෝ...මරාගෙන මැරෙන බෝට්ටු සම්මත අවිද ? ඩොක්ටර්...අපි රාජකීය නාවික හමුදාවෙන් පැවතඑන...ජිනීවා සම්මුතියට වැඩකරන සම්මත චාරිත්‍ර අනුගමනය කරන හමුදාවක් !. අපිට බිම්බෝම්බ පාවිච්චි කරන්න...පතුරමක කෙලවර කපලා වෙඩිතියන්නත් තහනම්...උත්තරේ ඒකයි.......ලංකාවෙ නව නිපැයුම් කරන එක...  
@# ගහනව වගේ වැඩක්... මට ෆුල් ආතල්...එච්චරයි !!!.

### අන්තරේ කොල්ලෝ... පාර බ්ලොක් කරගෙන...බදු ගෙවමින්...උන්ගේ ඉගෙනීමට වියදම්කරන... දහස් ගණන් වැඩකරන ජනතාවට...පොඩි එවුන්ට පාන්ගෙඩියක් අරගෙන ගෙදරයන්න නොදී ඉන්නවා...පලයව් යකුනේ පාර්ලිමේන්තුවට...මගේ කාර් එකත් ට්‍රැෆික් එකේ හිර උනා...ෂික් මගේ මල්ටි බැරල් තුවක්කුව ඩිකියේ තිබුන නම්...පාර ක්ලියර් කර ගෙන ගෙදර යන්න තිබුනා !!! ### 


                                           මේක මිකැනිකල් මගේ එක ඉලෙක්ට්‍රොනික්