Monday, 15 August 2016

ඩුප්ලිකේට් තලෙයිමන්නාරම


ඩුප්ලිකේට් තලෙයිමන්නාරම
                                            මම අවරුදු එකහමාරක් විතර තලෙයිමන්නාරම කඳවුරටවෙලා හිටිය. මුළු දූපතම පාලණය කළේ නේවිඑකෙන්. ප්‍රධාන කඳවුරට අමතරව පරිවාර කඳවුරුත් තුනක් තිබුණ. ප්‍රධාන කඳවුර ඇතුලෙ හිටපු මට මට තේරුනේ...මම වෝ ෆිල්ම් එකක් ඇතුලෙ ඉන්නවා වගෙයි. මැරෙනවා පේන්නේනැති ගේම් එකක්. ගොඩක් සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නෙ...යුධපෙරමුණේ ඉන්න සොල්දාදුවා බයෙන් ගැහි ගැහී ඉන්නවා ඇති කියල... ඇත්තටම යුධ පෙරමුණට ගියහම...එහෙම එකක් නෑ. හැමෝම ඉන්නේ යුද්ධ උණෙන් පෙළෙමින්...හරි තොපි අපිට ගහපල්ලකෝ...අපි ලෑස්තියි...අපි ළඟ තොපිට නැති බඩු තියෙනවා...නෙලනවා තොපිට ඇඩ්‍රස් නැතිවෙන්න...ඔව් දුවනකම්ම ගහනවා...මේ ආකල්පෙන් තමයි හැමෝම ඉන්නේ...මොළේ හිරිවැටිල තියෙන්නේ...යුධ ආතතිය තිබුනත්...බයක් කියා දෙයක්නම් දැනෙන්නේම නැත !. හේතුව...හොඳින් සන්නද්ධව පෙරලා පහරදීමට ඇති අධික හැකියාව...සහ නිරන්තර හොඳ සූදානම.
                                එත් හවසට හැමදාම පාටි...උදේට පියර්එකට ගිහිං අල්ලං එන පතමෝල් පරව් සහ කොඩුවෝ පනපිටින්ම ඩීෆ්ෆ්‍රීසර් එකේ. හවසට ඩෙවල් වෙලා එන ඒ මාළු වල රස කියලා වැඩක්නැත. ඌරුමලේ කෑම්ප් එකෙන් තල්රා ලැබෙන්නේ ප්ලාස්ටික් බැරල් පිටිනි. උදේට කොමඩ්එකට...ට්‍රාස් පට් පට්... පට පටහ් ටොහ්... තමයි.  දවසක් හවස හයට විතර ලොක්කගෙන් කෝල්එකක් ආවා...සරත් ඉක්මනට පියර්එකට එන්න මූදට යන්න...කඩාගෙන බිඳගෙන දිව්වා පියර් එකට...වෝටර්ජෙට් වර්ගයේ බෝට්ටුදෙකක් තියෙනවා මූදු යන්න ලෑස්තිපිට...එකක් ලොක්කගේ එස්කෝට් බෝට්ටුව. දැන් කරුවල වැටීගෙන එන වෙලාව...කිලෝමීටර් පහක් විතර කෙලෙගෙන ඈතට ගියා. දැන් හොඳටම කරුවලයි.... දුර තියෙන කෑම්ප් එකේ දීප්තිමත් ෆ්ලෑෂ් ලයිට් විතරයි පේන්නේ. ඉලංගකෝන් සර් ලුතිනන් කෙනෙකුට කිව්වා...දැන් ඔයා ලකුණු කරගන්න කොලේක අර තියෙන ෆ්ලෑෂ් ලයිට් වල පාට සහ දුර...එක ළඟ දෙකක් තියෙන ඒවා එක ළඟින් ලකුනුකරන්න...ඈතින් තියෙන ඒවා ඈත් කරලා ලකුණු කරන්න. කහපාට ඒවා කහපාට කියලා ලියන්න සුදුපාට ඒවා සුදුපාට කියලා ලියන්න. ලයිට් ටික ලකුණු කරගෙන අපි ගොඩට ආවා.

                                                    කොටී අපේ කෑම්ප් එකට මුහුදෙන් ඇවිත් නෙලන්න ඉන්නවා කියලා බුද්ධි තොරතුරු ලැබිල තිබුනේ. දූපතේ ලොකු දෙමළ සිවිල් ජනගහනයකුත් ඉන්න නිසා කොටින්ට ඔත්තු බලන්නත් ලේසියි. ප්‍රහාරයක් ආවොත් දූපත ඇතුලෙන් සහයෝගයත් උන්ටයි. ගාල්ලටත් ගැහුව එකේ මේක ගේමක් නෙවෙයි. උදෙන්ම තියෙන රාජ කාරිය තමයි කෑම්ප් එකේ ලයිට් අතර තියෙන පරතරය ප්‍රායෝගිකව අනුපිලිවෙලින් මැනගෙන සටහන් කරගැනීම.  එයිට පස්සේ ප්‍රධාන කඳවුරට යාර සීයක් විතර ඈතින්  පේලියට තියෙන තල්ගස් වල  කෑම්ප් එකේ ෆ්ලෑෂ් ලයිට් වලට සමාන දුරින් ලාම්පු සවිකර ගැනීම. හවස් වෙනකොට කොල්ලෝ තල්ගස් බඩගාලා වැඩේ ඉවරකළා. ආයෙත් හවස ලොක්කත් එක්ක මූදුගියා. දැන් කඳවුරේ ලයිට් ලස්සනට පේනවා. සිග්නල් කළා මුළු කඳවුරේම ලයිට් ඕෆ් කරන්න...විනාඩි පහකින් කිව්වා තල්ගස් පේලියේ ලයිට් දාන්න...අම්මටසිරි මේ පේන්නේ ඩුප්ලිකේට් කඳවුර....පහුවදා උදේ ලොක්කන්ගේ මීටිමක් තිබුනා....හවස හතවෙනකොට ඇක්ෂන් ගැහුවා...හැමෝම තමන්ට අයත් ස්ථානවල සීරුවෙන්. මුහුදෙන් අපිට පුහුණු ප්‍රහාරයක්... මමත් ඒක බලන්න බයිනෝ එකකුත් අරගෙන ගියා... යාපනේ පැත්තෙන් කලුපාට බෝට්ටු සෙට්එකක් තිත් පේලියක් වගේ මතු වුනා...ඒවා වේගයෙන් අපට ලංවෙනවා....හිටපු ගමන් මුළු කඳවුරේම ලයිට් ගියා...සයිරන් එක බෙරිහන් දෙන්න ගත්තා. ටෝච් එකක්වත් පත්තුකරන්න තහනම්. ෆයර්....දැන් තල්ගස් පේලියේ ඉන්න කොල්ලෝ සෙට්එක ට්‍රිගර් පුල්කරා...පට පට ට ට ට ට...ක්‍ර්ර්ර්ර්ර්ර් එකදිගට ෆයර් කරනවා තල්වැට පැත්තෙන්...මා එකදිගටම පැතූ වෝෆිල්ම් එක දැන් ඇත්තටම ඇස් ඉදිරිපිට රඟදැක්වෙනවා... මූදෙන් ආපු බෝට්ටු ඔක්කොම තල්වැට පැත්තෙන් ලෑන්ඩ් කළා. එයිට පස්සේ  අපේ පැත්තෙනුත් ෆයර් කළා...ඕවර් & අවුට් ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වුවා. කොටී ප්ලේන් උස්සනකොටත් මේ ඩුප්ලිකේට් කඳවුර ක්‍රියාත්මකවුනා...! අමතක උනා කියන්න ලොක්කගේ ප්‍රියතම කෑම...ගෝල්ඩ් ටිකිරිමාරි !                           

18 comments:

  1. යුද්ධේ කාලේ මමත් වැඩකලේ යාපනේට බඩු ඇද්ද වෙළද නැවක. සමහර දවස්වල කන්කසන්තුරේට අපි හමුදාවට ආයුධ, කෑම විතරක් නොවෙයි හමුදාවත් අරන්ගියා. කොටින්ට බංකර්ගහන්න සිමෙන්තිත් අරන්ගියා. 2000 ඔක්තෝම්බර් 21 කොටි ති‍්‍රකුණාමලේ නේවිිිි කෑම්ප් එකට ඇටෑක් කලේ අපේ නැව හාබර් එකට එන්ටර් වෙද්දි. ඔය කාලේ හැමදාම හිටියේ අපිට කොයිවෙලාවේ ඇටෑක් එකක් ලැබෙයිද දන්නේ නැතිව. හැබැයි හිතේ බයක් නම් තිබුනේ නෑ.

    ReplyDelete
  2. ටිකිරි මාරි කන හින්ද වෙන්න ඇති ටිකිරි මොලේ හොදට වැඩ කරල කොටින්ට ගහල තියෙන්නෙ.

    ReplyDelete
  3. මොළෙ ටිකිරි උනත් වැඩ ටිකිරි නැහැනේ

    ReplyDelete
  4. ටිකිරි මොලෙත් නරක නෑ.

    ReplyDelete
  5. අලුත් වැඩ කැල්ලක් දැම්මේ නැද්ද. ටෙරාලා එනකොට සයිරන් වැදිලා කරන්ට් එක වැදිලා කරවෙලා යන්න වගේ එකක්

    ReplyDelete
  6. /මුහුඩෙන් අපිට පුහුනු ප්‍රහාරයක්//
    මම හිතුවෙම ඩ්‍රිල් එකක් කියලා..."

    ReplyDelete
  7. ලැයිට් ගේම්. හැක්..

    ගෝල්ඩ් මාරි, ටිකිරි මාරි කියන්නෙ ජාති දෙකක්. හැබැයි ඉතිං අති විශිෂ්ටයි සර් කියන්නනං ලෙමන් ෆෆ් වත් කන්න ඕන.

    ReplyDelete
  8. ඇත්ත එකක් නෙමෙයි එහෙනං...

    ReplyDelete
  9. පුහුණුසටනක්

    ReplyDelete
  10. ඩෝරා එහෙක සටනකට යන්න චෑන්ස් එකක් ආවේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. කිහිප සැරයක්ම ඇන්ටෙනා චෙක් කරන්න ඩෝරාවල ගියා...කොටී බෝට්ටු ඈතින් පේන්න තිබුනත්...උන් ගහගන්න ආවේ නෑ !

      Delete
  11. ඊළාම් යුද්ධයේ සෑහෙන කාලයක් යනතුරු, ත්‍රිවිධ හමුදාවම, මූලික යුද න්‍යායන්ට පටහැනිව ක්‍රියාකිරීම නිසා, විවිධ භයානක අද්දැකීම් ලබාගත්තා. Defence මූලධර්ම බිඳ හෙලීම නිසා, අපිට ප්‍රහාර එල්ලවුණ හැටි, මම,

    මෙන්න මේ ලිපි මාලාවේ සඳහන් කර තිබෙනවා

    ඊලාම් යුද්ධයේදී, නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට, ගොඩබිම් සටන් ගැන ප්‍රාමාණික වැඩිදුර පුහුනුව ලැබුනේ, තරමක් ප්‍රමාද වීමෙන් පසුවයි. එහි වැරැද්ද බාරගත යුත්තේ, ආරක්‍ෂක කවුන්සිලයයි.

    මේ ආකාරයට කඳවුරක ලයිට් දමා තැබීම, මූලික යුද න්‍යායන්ට පටහැනි බව, ඒ කාලේ බොහෝ දෙනා තේරුම් ගත්තේ නැහැ. මේ සිද්ධියේදී, නාවික හමුදාව, ඉතා දක්ෂ ලෙස Desertion Plan එකක් ක්‍රියාත්මක කරවා තිබෙනවා. නමුත්, මෙතන කරන්න තිබුනේ Aggressive Defence නමැති න්‍යාය ක්‍රියාත්මක කරවීමයි. සතුරා මුහුදේ සිට mock attack එකක් පෙන්වා, පසුපසින් පහර එල්ල කරානම්, ලොකු අමාරුවක වැටෙනවා. නමුත්, මන්නාරම් දූපතේ එච්චර සෙල්ලම් දාන්න ඒ කාලේ ඔවුන්ට බැරිවුනා.

    දූපතෙන් මෙගොඩ ප්‍රධාන භූමියේ, යුද හමුදා බලසේනා මූලස්ථානයේ, ජංගම ගුවන් බලකාය සහ විශේෂ බලකාය සූදානමින් හිටියා.



    ReplyDelete
    Replies
    1. Desertion Plan නෙවෙයි Deception Plan වියයුතුයි.

      Delete
    2. දොස්තර මහත්තයෝ ඉලන්ස් ලොක්කා තාම වැඩනේ. දැන් ගැනීම පිණස කියාල පෙන්නවන්න. නැත්නම් අඬයි.

      Delete
  12. ලොකු ඇටෑක් එකකට එනව නම් තල් ගස්වල ලයිට් හයිකිරිල්ල ටොසි කාරයො දැන නොගන්නවා වෙන්න බෑ.මොනව උනත් සූදානම් සරීරෙ වටිනවානෙ.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  13. අන්න ටිකිරි මොළ , දැන් තියන මොළ පාවිච්චි වෙන්නෙම නෑ

    ReplyDelete