Wednesday, 17 August 2016

පතුරම් කපන්නා...

පතුරම් කපන්නා...
                                                    කොටින්ගේ කුරුම්බැට්ටි මැෂිම (නමේ පේටන්ට් අයිතිය...වීරසංගිලි පනික්කියලාගේ විමලසිරි ගම්ලත් මහතා) සුමාන දෙකකට සැරයක් විතර ගුවනින් ඇවිත් බෝම්බ දමන්න ගත්තා.  ගුවන්ගත උනාම ඒකෙ සද්දේ අත්ට්‍රැක්ටරයක සද්දෙට සමාන නිසා සමහරු කිව්වෙ අත්ට්‍රැක්ටරේ කියල. මේ සැහැල්ලු ගුවන් යානා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ විශාල ඉරිඟුයායවල් වලට පොහොර, කෘමිනාශක වගේ දේවල් ඉසීමටයි. කෙටි පුහුණුවකින් මේයානා පැදවීමට පුහුණුවීම අමාරු කටයුත්තක් නොවේ. බටහිර රටවල සහ ඇමරිකාවේ නොයෙකුත් පුද්ගලයෝ විනෝදාංශයක් වශයෙන් තමන්ටම අයත් මෙවැනි කුඩා ගුවන්යානා පදවති. මේවා කිට්වශයෙන් මිලයට ගෙන තමන්ටම ඇසෙම්බල් කරගන්නටත් පුළුවනි. මොන ක්‍රමේකින් හරි කොටි මෙයින් තුනක් ලංකාවට ගෙනැත් තිබුනා.
                                                             අන්තර්ජාතිකව ප්‍රචාරය වුනේ ගුවන් ප්‍රහාරක බලයක් සහිත එකම ත්‍රස්තවාදී කණ්ඩායම කොටී සංවිධානය ලෙසටයි. මේක සුළුවෙන් තැකියයුතු දෙයක් නෙවෙයි. සියළුම විදුලිබලාගාර, වික්ටෝරියා වේල්ල, කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපල වගේ තැන් ඔවුන් ඉලක්ක කර තිබුනා. ඉන්දියාවටත් අනතුරක් තියෙනවා. දැන් මගේ ජොබ්එක තමයි...කුරුම්බැට්ටි මැෂින් බිමදාන්න පුළුවන් පතුරම් ස්ප්‍රේකරන්න පුළුවන් ගැජට් එකක් හදන එක. මේවගේ දේවල් අත්හදා බලනවට කැමති වගේම අකමැති පිරිසකුත් නේවි එක ඇතුලෙ හිටිය...පහල මට්ටමෙන් කැපිලි ආවට ඉහලම මට්ටමෙන් සහයෝගය තිබුන නිසා මගේ පර්යේෂණ මං දිගටම කරගෙන ගියා.
                                    මේ වෙනකොට අපට ඇමරිකාවෙන් කිලෝමීටර් 4කට වඩා දුර වෙඩි තැබිය හැකි බුෂ් මාස්ටර් තුවක්කු 25ක් දීල තිබුණා. නමුත් ආණ්ඩුව UN එකටත් කොන්ට්‍රෝල් නැතුව ඉන්දියන් සාගරේ මදාවියා වගේ හැසිරෙන්න පටන්ගත්ත නිසා...මේ තුවක්කු බෝට්ටු වලට සවිකරන ක්රේඩ්ල් ඇමරිකන් කාරයෝ  දුන්නේනෑ. තුවක්කු ගේන්න ඇමරිකාවට ගිය ඔෆිසර් මේ ක්රේඩ්ල් වල සැලැස්ම අරන් ඇවිත් තිබුනා. මේක ඩුප්ලිකේට් කරලා ගන් ටික බෝට්ටුවල සවිකර ගන්න  කරන්නාගොඩ සර්ට උවමනා වුනා...අපේ ලොක්කා ඉලංගකෝන් සර්ට වැඩේ බාර දුන්නා. ලොක්කා  මට කිව්වා...සරත් මේක නේවි වර්ක්ෂොප් වල කරන්න අමාරුයි...කියලා. මං කිව්වා සර් ලේත් වැඩවලට හොඳ වරක්ෂොප් එකක් තියෙනවා මගේ යාළුවෙකුගේ එයා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ...මතුගම හදපු අලුත්ම වක්ෂොප් එක... ඕන කරන බඩු ඔක්කොම එතන තියෙනවා එයාට වැඩේ බාර දෙමු කියලා. නේවි කමාන්ඩර් වැඩේ අනුමත කළා...කමාන්ඩර් අමරනාත් (නේවි එකේ හිටි හොඳ වැඩකාරයෙක්) එක්ක ගිහිං අපි...අසෝක කියලා හොඳට ලේත්වැඩ ගියර්බොක්ස් වැඩ දන්න සරත්ගේ යාලුවෙකුත් අල්ලගෙන මතුගම නැවතිලා වැඩේ පටන්ගත්තා. මිනිස්සුන්ට පේනවට වරක්ෂොප්එක වහගෙනයි වැඩකලේ. මිලේනියම්සිටි කේස් එක මතක නිසා කළුතර ජේෂ්ඨ පොලිස්අධිකාරිට වැඩේගැන කලින් දැනුම්දුන්නා.   ආරක්ෂාවට කොල්ලෝ තුන්දෙනෙකුත් හිටියා සිවිල්පිට T56 තුනකුත් එක්ක.  සුදුයකඩෙන් මේවා ලියවන එක පට්ට අමාරුවැඩක්.ක්රේඩ්ල් විසිපහම පැය 24ම වැඩකරලා මාස දෙකෙන් හැදුවා. ෆිනිෂ් එක රටින් ගෙනාව වගේම හොඳයි. ගන් ටික බෝට්ටු වලට ගියා...දැන් අපේ මුහුදේ වෙඩි බලය දෙගුණ වුනා...කිලෝමීටර් හතරකට වැඩි දුරක සිට වෙඩි තියන්න දැන් පුළුවන්.
   
                                              ගැට්ලින් ගන් එකක් රෙපයාර් කලාට, ඒකත් එතැනින්ම නැවතුනා. 14.7mm චීන මැෂින් තුවක්කුව...ඉහල අහසේ පියාසර කරන ගුවන්යානා වලට වෙඩි තැබියහැකි අවියක්. මේක රඳවනයක සවිකර පමණක් වෙඩි තැබිය හැකි බරසාර ගිණිඅවියක්. එකක් ගෙනැත් ගලවලා බැලුවා...ඒකෙ ක්‍රියා කාරිත්වය ටිකක් වෙනස්. මේවා තුනක් එකට මිටිබැඳ ගත්තොත් කුරුම්බැට්ටියට නෙලන්න පුළුවන් හිතේහැටියට...නේවි ත්‍රස්තවාදියා කල්පනා කළා...සෑහෙන්න කල්පනාකරන්න (බොන්න) වෙන කේස්එකක්. සමහර ඔෆිසර්ලා මට කැපිලි දැම්මත් පුංචි සේලර්ලාගේ මොරාල් අප්උනා... මේ යක්ෂ ත්‍රස්තවාදී දොස්තරයාගේ  වැඩනිසා. 14.7mm මැෂින් තුවක්කු තුනක් මිටි බැඳලා  ගත්තොත් බුලට් ස්ප්‍රේ කරලා කුරුම්බැට්ටි මැෂින් බිමදාන්න පුළුවන්වෙයි කියලා මම කල්පනා කළා. වැඩේ පටන්ගත්තා සරත්ගේ වැඩපොළේම. කොල්ලෝ යකඩ කප කැප  වෙල්ඩින්කරනවා මං කියන කියන හැටියට. සැලැස්ම තියෙන්නේ හිතේ....බර්න් & ලර්න් විදියටයි වැඩේ යන්නේ...කවද කාපු ටකරන්ද ?. කොහොම හරි වැඩේ ඉවර කළා.  
                                               මේක කොළඹ ගෙනිහින් මුහුදට වෙඩිතියලා බැලුවා. තුවක්කු දෙකක් එකදිගට වැඩකලත් එකක් නිතරම හිරවුනා. ඒකට හේතුව පතුරම් වැල් තුවක්කු දෙකකට දකුණෙන් ඇතුළු කරද්දී වම් පැත්තේ තුවක්කුවට වමෙන් පතුරම් ඇතුළු කරන විදියට තුවක්කුවේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම. ට්‍රයල් & එරර් විදියට මේක නිවැරදි කරන්න මං උත්සාහ කළා. වැඩේ ඉවරකරන්න ලැබුනේ නෑ ඉලංගකෝන් සර්රුයි මමයි තලේමන්නාරමට මාරු කළා. තුවක්කු තුන ගලවලා ආපහු යැව්වා.

                                                                එත් කුරුම්බැට්ටි මැෂිමට නෙලන්න ඕනේ කියන අදහස දිගටම තිබුනා. දවසක් ත්‍රස්තවාදියාට අලුත් අදහසක් ආවා...ආමරියට ගිහිං T56න් පටන්අරන් හැමවර්ගයෙන්ම එක පතුරම බැගින් ඉල්ලුවා...ෂොට්ගන් පතුරමකුත් ඕනද සර්...ඔව් ! ඩෙටොනේටර් තුනකුත් ඕනේ...ඔක්කොම දුන්නා...කෝ ෆයි සීරෝ නෑනේ...එයින් එකකුත් දෙන්න...පතමෝල් ෆයිව් සීරෝ පතුරමකුත් දුන්නා. ඔක්කොම කවරෙක දාගෙන කාමරේට ආවා. මුලින්ම ෂොට්ගන් පතුරම ඉස්සරහින් කපලා ගැලෙව්වා ප්ලාස්ටික් පියනක් මතු වුනා...ඒකට යටින් ඊයම් බෝල නමයක්...එයිට යටින් තව ප්ලාස්ටික් බුෂ් එකක්...ඒකත් එලියට ඇද්දම වෙඩිබෙහෙත්...ඔක්කොම කොලයක් උඩට හැලුවා වෙඩිබෙහෙත් ටිකක් අරගෙන ගිනිකූරක් ගහලා පත්තු කළා...නිකං චුරු චුරු ගාල පත්තුවෙනව විතරයි...පුපුරන්නේ නැත !. ඒක කුණුබක්කියට දාලා...කුස්සියට ගියා හොඳට ඔතලා සෙලෝටේප් ගහපු පතුරම් මල්ලත් අරගෙන. ළමයි...මේ පාර්සලේ ඩීප් ෆ්‍රීසර් එකට දාලා තියන්න. ඒක කූල් වෙන්න දැම්මා. පාර්සලේ මොකක්ද කියලා කිව්වෙනෑ. හවස වක්ෂොප් එකට ගියා කූල් කරපු බඩු මල්ලත් අරගෙන. මං වක්ෂොප්එකට එනකොටම ඒක බාරව ඉන්න සීනියර් ලුතිනන් දන්නවා...මොකක් හරි මරිසි වැඩකට බව. මිනිහා වැඩක හිටියේ...හිමින්සැරේ දඬුඅඬුවට හයිකළා T56 පතුරමේ කෙලවර...පයිප්ප කෑල්ලක් දාලා එහෙට මෙහෙට වනලා හක්එක බුරුල්කලා. පතුරම කෑලි දෙකට ගැලවුනා...කිසිම අවුලක් නෑ... තව හතරක් තියෙනවා විශාලත්වයේ අනුපිලිවෙලට ඒවත් ගැලෙව්වා...ඇතුලේ තත්වය එකවගේමයි...වැඩකරන... කොල්ලෝ හීංසැරේ මං ලඟින් මාරුඋනා. මේ යකා තනියම මැරිච්ච දෙන් !...උන් හිතන්න ඇති.
                              වැඩේ භයානක බව මං දන්නවා...වරදින්නේ එකපාරයි කියලත් දන්නවා ...ඒනිසා පතුරම් කූල්කලේ වැඩි ආරක්ෂාවට...එත් දැන් මං කියනවා පතුරමක් ගලවන එක...අත් බෝම්බයක් හෝ මෝටාර් එකක් ගලවනව වගේ භයානක දෙයක් නෙවෙයි. හැබැයි මිටිවලින් නොගහා...මගේ ක්‍රමේට ගලවන්න ඕනේ. ඉතිං ඊළඟට  ට්‍රයි කළා පතමෝල් ෆයිව් සීරෝ එක ගලවන්න...මොන පිස්සුද හොල්ලන්න වත් බෑ. ඝනකම තහඩුව මැෂින් ප්‍රෙස් කරලා බඳයි ප්රොජෙක්ට්ටයිල් එකයි කිහිප තැනකින්ම...හොල්ලන්නවත් බෑ. දඬුඅඬුවට හයිකළා ප්රොජෙක්ට්ටයිල් එක...හැක්සෝ එකකින් බඳ වටේට කානුවක් කපන්න ගත්තා කොල්ලෝ ගිහිං වක්ෂොප් එක බාර ලුතිනන්ට මේ පිස්සුවැඩේ ගැන පැමිණිලි කළා...ඩොක්ට ඔය වැඩේ නවත්තන්න බ්ලාස්ට් උනොත් මටයි වග කියන්න වෙන්නේ...මං වැඩේ නැවැත්තුවා. මිනිහා දුවගෙන ගිහිං ඉලංගකෝන් සර්ට කෝල් කලා...සර් මට ෆෝන් එකට එන්න කිව්වා...මං සර්ට වැඩේ බ්‍රීෆ්කළා...වැඩි අවුලක් නෑ..සරත් ඔය වැඩේ නවත්තලා වෙන තැනකට ගිහිං වෙන ක්‍රමේකට ඕක ට්‍රයිකරන්න...උපරිම සේෆ්ටි ප්රිකෝෂන් ගන්න...සර් කිව්වා. කාමරේට ඇවිත් හැක්සෝ බ්ලේඩ් එකකින් ග්රූඑකේ ඉතුරුටික කපන්න ගත්තා...ඔන්න කාමරේට ආවා මාත්එක්ක එක කාමරේ ඉන්න අනිත් ලුතිනන් කමාන්ඩර් කොල්ලා...ආවට වඩා වේගෙන් මිනිහා ආපහු දිව්වා...අර පිස්සු දොස්තරයා කාමරේ තියාගෙන ෆයි සීරෝ පතුරම් කපනවා...ඩෙටොනේටරුත් මේසෙ උඩ තියෙනවා...ඔය යකා කොයිහරි වෙලාවක කාමරෙත් එක්ක බ්ලාස්ට් කරගන්නවා !
                                                          මේක ආරක්ෂිතව කරනහැටි වහාම ඔළුවට ආවා...හවස කොල්ලෙක් අල්ල ගත්තා වැඩේට...අලවන්ගුවකුයි, රේල් පීලීකෑල්ලකුයි, GI පයිප්පෙකුයි හොයා ගත්තා...කෑම්ප් එක ළඟ පාළු ගෙයක් ඇතුලේ රේල් පීලී කෑල්ල හිටෙව්වා...රේල් පීල්ලේ තව්වට ෆයිව් සීරෝ පතුරමේ  ප්රොජෙක්ට්ටයිල් එක ඇතුල් කළා...පතුරමේ බඳ පයිප්පෙට දාලා...පයිප්පේ කෙලවර ජනේලෙන් එලියට ගත්තා...දැන් දෙන්නත් එක්ක පයිප්පේ දෙපැත්තට වැනුවා...දඩ්ඩ්ඩාං හෙන ගහන්න වගේ පිපුරුවා...මොන පිස්සුද....නිකංම දෙකට කැඩුනා පතුරම...ඇතුලේ පන්සල් මිනිරන් කූරු කෑලි වගේ වෙඩිබෙහෙත් තිබුනා. අනිත් පතුරම් වගේම තමයි. ටිකක් රෑ වෙලා මං ආපහු  එනකොට මගේ රූමා වෙනකාමරේකට ගිහිං...


## මතු සම්බන්ධයි...##                          

27 comments:

  1. I cant explain but your writing style and writing content is very attractive , love to read more and more !!!!!

    ReplyDelete
  2. හැමදාම වගේ පට්ට

    ReplyDelete
  3. මම ගලවලා තියනවා පතුරං තුනක් , දඩු අඩුවක් තිබුනේ නැ , ලොක් අඩුවයි කටර් අඩුවයි විතරයි , දෙකක් ටි 56 ඒවා වෙන්න ඕන මතක හැටියට අනික ඊට ටිකක් පොඩියි , ඒ තුනේම බුලට් වල පිටි පස්සට 1/44 වයර් එකක් කම්බියකින් තොන්ඩුවක් පාස්සලා , ලොකු දෙක ගෙනාපු එකාට දීලා මම පොඩි එක හොදට දත් බෙහෙත් දාල මැදලා , කළු නුලකින් බෙල්ලේ එල්ල ගත්තා ඒක අපේ කාලේ මෝස්තරයක්

    ReplyDelete
  4. මේ ස්ටෝරි කතාව සරත්ගේ කටින්ම අහනකොට මාර ජොලි....!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Man of the match, please write part two soon ..

    ReplyDelete
  7. මිලේනියම්සිටි කේස් එක මතක නිසා කළුතර ජේෂ්ඨ පොලිස්අධිකාරිට වැඩේගැන කලින් දැනුම්දුන්නා./// mole thiyana vade

    ReplyDelete
  8. මමත් නැවේ වැඩකරන කාලේ T56 උන්ඩ දඩු අඩුවේ අල්ලලා හැක්සෝ එකෙන් වටේ කපනවා. උන්ඩේ ඔළුව ගලවලා පැන්සල් කුරේ මිනිරන් කුඩු වගේ තියෙන වෙඩි බෙහෙත් අයින් කරලා උන්ඩේ 1mm විතර ඩි‍්‍රල් බිට් එකකින් විදලා බෙල්ලේ එල්ලන්න හැදුවා. වෙඩි බෙහෙත් අයින් කරපු උන්ඩෙ කොපුවට සෙන්ටර් පන්ච් එකෙන් ගහලා පිපිරුනු හැටි මට මතක්වුනා. අයිඩියානන්ද දොස්තර මහත්තයාට බොහෝම ස්තූතියි අතිතයේ කරපු පිස්සුවැඩ ආයෙත් මතක් කෙරුවාට.

    ReplyDelete
  9. ඔබ කර තිබෙන කාර්ය භාරය ඉතා අගනා බව මුලින්ම කිවයුතුයි.

    .50 විතරක් නෙවෙයි, ඕනෙම පතරොමක් කැපුවට කිසිම හානියක් වෙන්නේ නැහැ, පතරොමේ කැප් එකට පීඩනයක් යෙදෙන්නේ නැත්නම්. ඒ වගේම, කපන ස්ථානයේ නිරාවරණ ගින්දරක් නැත්නම්. එමෙන්ම, පතරොම් වල චාර්ජ් එක ලබාදෙන, low explosive එකවර 'බුස්' ගාලා ඇවිලෙන්නේ නැහැ, වෙනම අහකට අරගෙන ගිනි තිබ්බොත්. ප්‍රයිමර් එක හෙවත් කැප් එහෙන් දෙන ගිනි බලය නිසා තමයි, එකවර ඇවිලීම පතරොම ඇතුලේ සිදුවෙන්නේ.

    වරක් මගේ බලඇණියේ කොල්ලෙක්, කොටින්ගේ බබා මෝටාර් එකක් ප්‍රයිම් වෙන පැත්තෙන් ගලවලා තිබුනා. එදානම් මම ඌව මරාගෙන කන්න ගියා. ඒක බොහොම භයානක වැඩක් නිසා.

    අපි හොඳ සර්ච් ලයිට් තියාගෙන හිටියනම් කුරුම්බැට්ටි මැෂින් වලට .50 හෝ 12.7 වලින් නෙලන්න තිබුනා.

    ReplyDelete
  10. Where's that workshop ? Hopefully not so close to my home!!!!!!

    ReplyDelete
  11. දිගටම ලියන්න අපි බලං ඉන්නේ

    ReplyDelete
    Replies
    1. චීන ගැට්ලින්ග් ගන් වලින් වැඩක් ගත්තෙම නැද්ද ..... ඒවා හොද ත්ත්වයේ ඒවා නෙවේ ද ...

      Delete
  12. MATA NEWS AWA DR. NIWASA WIKUNALA ALUTH GEYAK GANNA HOYANAWA KIYALA

    ReplyDelete
  13. දූපතකට යවල තිබුන හේතුව දැන් නෙව පැහැදිලි උනේ.. හෙහ් හෙහ්..
    අගෙයි.
    අනේ බොස්.. පහුගිය දවස් දහයට අලි හතක් කෝච්චියේ හැප්පිලා මැරුනා.මොකක් හරි ක්‍රමයක් හොයමුද මේකට විසඳුමක් වෙන විදිහට?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අලි හැපෙන තැනකට දාන්න කියලා මං හදන විදුලිවැට එනජයිසරයක් නොමිලේ දුන්නා ආරියරත්න කියන දුම්රිය සාමන්‍යධිකාරිට...වැඩේ කලෙත් නෑ මං දීපු රුපියල් හතලිස් පන්දාහක් වටින එනජයිසරේ ආපහු දුන්නෙත් නෑ !

      Delete
    2. ඊට පස්සේ ආපු අමරතුංග කියන එකා ඊට හපන්. බැඳපු නැති ගැණුන්ට SEXTING ගහන්නනම් දනනවා

      Delete
    3. What about lalithasiri gunaruwan era?

      Delete
    4. ඒක ලංකා‍වෙයි මිනිහාගේයි දෙන්නාගෙම අවසනාව. වැඩ කාරයගේන වැඩ ගන්න ලංකාවට පින නැහැ. තමන්න දන්න දේ රටට දෙන්න මිනිහාට අවස්ථාවක් නැහැ. ඒක ලලිත සිරි මහත්තයාගේ ම වචනයෙන් කියනවානම් පිහිනන්න දන්න මිනිහෙකුව අතපය බැඳලා පිහිනපන් කියලා වතුරට විසී කරා වගේ වැඩක් තමයි මනිහාව GMR කිරීම.

      Delete
  14. ඌත් සරත් මාත් සරත්

    ReplyDelete
    Replies
    1. ඔව් දෙන්නම එකම ගමේ ඒකම ඉස්කෝලේ !

      Delete
  15. අම්මපා ඩොක්.. හිනා වෙල පන ගියා..

    //න්න කාමරේට ආවා මාත්එක්ක එක කාමරේ ඉන්න අනිත් ලුතිනන් කමාන්ඩර් කොල්ලා...ආවට වඩා වේගෙන් මිනිහා ආපහු දිව්වා...අර පිස්සු දොස්තරයා කාමරේ තියාගෙන ෆයි සීරෝ පතුරම් කපනවා...ඩෙටොනේටරුත් මේසෙ උඩ තියෙනවා...ඔය යකා කොයිහරි වෙලාවක කාමරෙත් එක්ක බ්ලාස්ට් කරගන්නවා !//

    පිස්සු ත්‍රස්දවාදියා.. දුවයි බෑණයි අඳුරණ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් බ්ලොග් ලියනවා..

    ReplyDelete
  16. ඔහොම පතුරං කපනකොට ඉතිං කාමරවල ඉන්නෙව්වො දුවන්නැතුව තියේයැ.

    ReplyDelete