Sunday, 14 August 2016

සයිබර් මිත්‍රයෝ


සයිබර් මිත්‍රයෝ
                        මට ගැලපෙන මිතුරන් මා ජීවත්වන ප්‍රදේශයෙන් සොයාගැනීම මට මහත් අපහසු කාරියකි. මං කිසිම ආගමක් අදහන්නේ නැති, කිසිම දේශපාළුවකු දිරවන්නේ නැති, රටපඩත්තලයකු බැවින් මාව දන්නා උදවිය මට ලංවී කරන්ට්වද්දා ගන්නට අකමැතිය. ඉතිං මං හදාගත් කුටියටවී...පොත් කියවමින්, TV බලමින් (ඩිස්කවරි සයන්ස්, නැෂනල් ජියෝග්‍රෆි, BBC CNN වගේ ඒවා සහ බටහිර චිත්‍රපටි) සංගීතය රසවිඳිමින් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි, උර්දු). හොඳයි කියා සිතෙන පොත පත කියවමින්, මිණිපිරියගේ සෙල්ලම් බලමින්...ජීවිතයේ සැදෑසමය ගෙවාදමමින් සිටිමි. මට සිටි මිතුරෝ බොහොමයක් සිසීකඩ විසිර ගොස් ඇත....බහුතරය සදහටම ඉල්ලන්කාව අතහැර ගොසිණි. සමහරු අකලට මිය ගියහ. බොහෝ දෙනෙකු අන්තර්ජාලය පරිහරණය නොකරති...දයාබර මිතුරණි, නුඹලා දැන් කොහි ඇත්ද ?...ජීවතුන් අතරද කියා බොහෝවිට කල්පනා කරන්නෙමි.
                                මම ෆේස් බුකියේ කරනම් ගහන්නට පටන්ගත් පසු...පැරණි මිතුරන් කිහිපදෙනෙක් පමණක් සොයා ගැනීමට හැකි විය. ඔව්හු දුරු රටට වී දූදරු මුණුපුරන් සමග වාසය කරති. බුකියේ පිස්සුකෙළින්නට පටන්ගත් පසු...දැන් මට බොහෝ දුරට මගේ ෆ්‍රීකුවන්සිඑකේම ඉන්නා නව මිතුරන් ඇතිවෙමින් සිටී. බොහෝ දෙනෙකු තරුණවයසේ උදවිය වීම මට මහත් පුදුමයක් ගෙනදෙයි. මුන් හැමෝම චක බක සිංදු අහන...මෝඩ පහේ අතිශය ග්‍රාම්‍ය ටැලි නාටිටිය නරඹන අය නොවේ. රටේ කිසියම් පිරිසක් සුළු තරුණ පිරිසක් හෝ...මෝඩ ගතානුගතිකත්වයෙන් මිදී, දේශපාලන හෝ ආගමික අන්ධ භක්තිකයන් නොවී...තර්කාණුකූලව කල්පනා කරන්නන්වී සිටීම රටේ වාසනාවකි. ඔව්හුද 60/70 දශකයේ සංගීතය රසවිඳිති. ඉඳහිට ඔව්හු සරත් අංකල්ටද බීච් පාටි වලට ආරාධනා කරති. මෑතදී බ්ලොග් ලියන්නට පටන්ගත් පසු තවතවත් මගේ ස්ටයිල් එකට කැමති...එහෙත් හමුවී නොමැති බොහෝ පිරිසක් ඉන්නා බව පෙනේ. එය මට බලවත් ප්‍රීතියක් ගෙනදෙයි.
                                       මගේ බ්ලොග් කියවූ අටම්පහුර සහ චෙෆ් ආකිටෙක්ට් නමැති බ්ලොග්රචකයෝ මා සොයා මගේ නිවසට පැමිණීම මට මහත් පුදුමයක් විය.  ඊයේ දෙවනවරටත් හමුවී චෙෆ් ආකිටෙක්ට්ට අයත් ගන්දර පැරණි නිවසේ...පැරණි සංගීතය රසවිඳිමින්, සම්පූර්ණයෙන්මයෙන්ම ඕගනික් ත්‍රයිලෝක විජයා ඇසුරු කරමින්. අතීත පුද්ගලික කතා වමාරා කමින්...මව්කිරිහා සමාන...වොඩ්කා පානය කරමින්  අළුයම වෙනතුරු ජීවිතය බෙදා ගත්තෙමු...රසවින්දෙමු . මෙහිදී අටම්පහුර කිව්වේ...අයිඩෙන්ටිටිකාඩ්එකේ  නොම්මරෙයි...මූනෙ හැඩයයි විතරයි වෙනස්...ගෑණු ඔක්කොම එකයි කියාය...අපූරු කියමනකි ! දැන් මගේ ෆ්‍රීකුවන්සි එකේ ඉන්නා අනිත් මිතුරන් ඔවුනට හඳුන්වා දියයුතුය. මේ යකාගෙ ආච්චිගේ දූපතේ මං තනිවී ඇතැයි මට බොහෝවර සිතී තිබේ...මා වැරදිය...මා වැනිම නිරෝගී මනසක් සහ නිවැරදි දැක්මක් ඇති...තවත් පිස්සෝ ගණනාවක්ම සිටිති. වැරැද්ද අපේය සමාජයේ නොවේ...ඉල්ලන්කා කම්ප්ලිකේටඩ් ජිග්සෝ ප්‍රෙහේලිකාවේ...අපි නියෝජනය කරන කැබැල්ල...චිත්‍රයට කෙසේවත් ගලපන්නට බැරිය !.

27 comments:

  1. මගේ සිග්නේචර් කොක්ටේල් එක සරත්ට නැගලා ගිය එක සහ...පෙම් කැකුල පිපී එන මහදේ live streaming session එක සැන්දෑවේ හයිලයිට් එකය...
    අටමා නම් කිව්වේ සිංදු පිස්සෝ දෙන්නෙක් සෙට් වෙලා කියලාය..
    හෙට හැන්දෑවේගෙන එනකොට අපි කොලොම්තොට ගාටන ගමන් ඔහේ බැහැදකින්න එන්නේ අර ඉස්තරම් නිර්මාණයෙන් එකක් ගෙනියන්නත් එක්කය..
    තව තවත් සොඳුරු සැන්දෑවන් එක්ව ගෙවීමට වාසනාව අපහට ලැබේවා..
    ඊලඟ සැරේ ඉලංගකෝන් මහත්තයාවත් ෂැංග්හයි කරමු දන්දෙනියට (ගන්දර නෙවී ඩොක්...)
    ඊයේ රෑ වෙනකන් මම හිතාගෙන හිටියේ මගේ ජාතියේ නට් කේස් මෙහේ නෑ කියාය..දැන් දනිමි..
    මේ ඒක නෙවෙයි, ලිංගික කුහකයෙක් නොවී සිටීමටනම් ඉක්මනින්ම තවත් සැඳෑවක් අවශ්‍යයි....
    චියර්ස් මයි ෆ්‍රෙන්ඩ්...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා ! නැවත හමුවෙමු !

      Delete
    2. ඔය කොක්ටේල් එක අර බීච් පාටියේදී හැදුවේ නැහැනේ ලොක්කා . තව අවුරුද්දක් දෙකක ඉන්න වෙයිද අපටත් රහ බලන්න.

      Delete
    3. පෙම් කැකුල පිපී වම් කකුල කැඩී - මගෙත් ආසම සින්දුවක්.

      Delete
  2. අපේ විරෝධාර අයිඩියානන්ද මහත්තයා දකින්න මමත් ආසයි.

    ReplyDelete
  3. Replies
    1. හුකා ඒකත් කුණුහරුපයක්ද සර් ?

      Delete
  4. හෙක්.. හෙක්.. ඔය ඩබොලට සෙට් උනොත්නං බඩුම තමයි හිටං.
    සරත් මහත්තය හැංගිලා ඉන්නෙ නැතුව බුකියටයි, බ්ලොග් වලටයි බැස්ස නිසා ගැලපෙන සෙට් එකක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන් උනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං...තනිවී සිටින්නයි මා අදහස් කලේ

      Delete
  5. ලන්කාවට ආපු වෙලාවක කස්ටිය සෙට් කරගෙන ඒන් ඒ ජාතියේ පාර්ටියක් දාමු . . අපිත් ආසයි ඔබතුමාව අඳුර ගන්න

    ReplyDelete
  6. ලබන අවුරුද්දෙදිවත් සර්වප්‍රකාරයෙන් සෙට් වෙලා ජැක් ඩැනියෙල් මිගෙල් එකක් ගහන්ට ශක්තිය දයිර්යය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි හිටන්.. 👊🏽

    ReplyDelete
  7. ඔයාල හරිම නෝටි .. ඇයි අපි කලුදැ?.. (අහුවෙයංකෝ ඔය ගෙරි අටම..)

    මාත් ලබන ඉරිදා මාතර ගොඩගමටම එනවා හිටං..

    ReplyDelete
  8. ඒක හොදයි....සුබ ලකුණක්

    ReplyDelete
  9. ඔහොම හොර ගමන් යනවට මුන් දෙන්නට මඩු වලිගෙන් ගහන්න එපැයි...

    ReplyDelete
  10. huta doctora waha kanna wewi wage..

    ReplyDelete
  11. //තවත් පිස්සෝ ගණනාවක්ම සිටිති. //

    ReplyDelete
  12. charitha sahathika nikuth kirimata kaalaya madhi neda?

    ReplyDelete
  13. //පැරණි සංගීතය රසවිඳිමින්, සම්පූර්ණයෙන්මයෙන්ම ඕගනික් ත්‍රයිලෝක විජයා ඇසුරු කරමින්. අතීත පුද්ගලික කතා වමාරා කමින්...මව්කිරිහා සමාන...වොඩ්කා පානය කරමින් අළුයම වෙනතුරු ජීවිතය බෙදා ගත්තෙමු...රසවින්දෙමු//
    සනීපෙට මත්වෙන්න නම් මීට වඩා වෙන මොනවද බොස්....
    කස්ටියම එකම සංඛ්‍යාතෙන් අනුනාද වුන එකම මදෑ
    ජයවේවා..!!

    ReplyDelete