Wednesday, 10 August 2016

සිහින බෝට්ටුව

මම සිහින දකින්නෙක්...දවල් හීන...? ඔව් ඒවත් තියෙනවා. සමහර හීන සාර්ථකව සැබෑ කරගන්න නේවිඑකට ගියාට පස්සේ මට හැකිඋනා. මිනිසුන් රහිත වාහනයක් සෑදීම එක හීනයක්... නේවිඑකේ සිටියදී මගේ ලොක්කා... “රෙය අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන්” සර් (මට ඉන්න හොඳම යාළුවන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්...සර් කියන්නේ නේවි එකේ සම්ප්‍රදායට...නැතුව මචං කියන්නයැ)  එක්ක  මං යනව හවසට ඇවිදින්න ගෝල්ෆේස් එකේ.  මගේ හිතට එන අදහස් මං සර්ට කියන්නේ ඒවෙලාවට තමයි. මං ඉදිරිපත් කරන හැමඅදහසක්ම සර් අනුමත කරන්නෙනෑ. දවසක් හවස ගෝල් ෆේස්එකේ ඇවිදලා හතිවැටිලා..බංකුවක්උඩ වාඩිවෙලා... අපි දෙන්නා අන්නාසි කකා ඉන්නවා...සර්ට අයිඩියාඑක දාන්න හොඳම වෙලාව. නේවි බෝට්ටු...වරාය අවට මුහුදේ මුර සංචාර කරන හැටි අපි දෙන්නම බලං ඉන්නවා...සර් මට පුළුවන් රිමෝට් කොන්ට්‍රෝල් බෝට්ටුවක් හදන්න...මොකක් ? රිමෝට් කොන්ට්‍රෝල් බෝට්ටුවක් සර්...මොනව කරන්නද ? කොටින්ගෙ බෝට්ටුවල හප්පලා සූසයිඩ් අටෑක්එකක් දෙන්න...(මිනිහෙක් නැතුව, Self Blast) උන්ගෙ බෝට්ටු ළඟටම ගිහිං වෙඩිතියන්න...යටත් වෙන්න අණ කරන්න... උන්ගෙ ඒරියාඑකේ වැල්ල ළඟටම ගිහිං හොරෙන් වීඩියෝ කරගෙන ආපහු එන්න...හාබර් එකේ ආරක්ෂාවට මුර සංචාරයේ යොදවන්න...කියාගෙන කියාගෙන ගියා...මරු අදහස හදමු !...එකපාරටම ග්‍රීන්ලයිට් එක වැටුනා...මාරයි ! සරත්...ඕක හදන්න සල්ලි ගොඩක් යයිනේ...දැනුත් අපි අමාරුවෙන් රිසර්ච් වලට සල්ලි ඉල්ලගන්නෙ...නෑ සර් මෙච්චර කල් කළා වගේ... පංචිකාවත්තෙන් හොයාගන්න පුළුවන් කෑලි බෑලි වලින්...මට ඕක තුට්ටුදෙකෙන් හදන්න පුළුවන්. හරි...හරි හෙටම පටන්ගන්න...(අති විශිෂ්ටයි සර් !).
                                                   දැන් ඉතිං කයිය දුන්නනේ...හදපංකෝ...කිසිම ඉංජිනේරුවකුගේ උපදෙස් නැතුව...කෝටි හයක් වටින ඊශ්‍රායල් කාරයෝ විතරක් හදපු බෝට්ටුව...තුට්ටුදෙකෙන් !. මං මේක මගේ ෆුල් ජොහොර් එකම දාල හදනවා මයි !. මං මුළු ජීවිතේටම කරන ලොකුම ප්‍රොජෙක්ට්එක.  එදා රෑ දෙක තුන වෙනකං ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක ලිව්වා. ඔළුව ඇතුලෙ කොම්පියුටරේට වැඩේ බාරදීලා නිදාගත්තා. උදේ ඇහැ අරෙනකොට සේරම ප්‍රශ්නවලට උත්තර...ලෝකෙ තියෙන හොඳම කොම්පියුටරේ (මිනිස් මොලය) මට හොයලා දුන්නා. ඔක්කොම මතක නැතිවෙන්න කලින් අහුලලා පෙන්එකට හලාගත්තා. හරි යමං පුතා...ඉලංගකෝන් සර්  ප්‍රොජෙක්ට් ප්‍රපෝසල්එක...කරන්නාගොඩ සර්ට දාලා අනුමත කරලා දුන්නා. ඔව් මට පුළුවන්...මුලින්ම බින්දුවෙන් පටන්ගන්න මං තීරණයකළා...
                            අපේ ටීම් එකේ කෝඩිනේටර්...ලුතිනන් කමාන්ඩර් ජයතිස්සට කියලා ගෙන්න ගත්තා  අඩිඑකහමාරක් විතර දිග සෙල්ලම් බෝට්ටුවක්. මේක අඩි පනහක හැටක විතර රේන්ජ් එකේ...රිමෝට් එකෙන් එහා මෙහා හරවමින් යවන්න පුළුවන් එකක්. දැන් ඉතිං මේක කාමරේ මේසෙ උඩ තියහෙන මස් කළා. පොඩි කාලෙත් එහෙමයි මොකක් හම්බ උනත්...විනාඩි පහෙන් මස්කරලා...මදේ එලියට ගන්නවා. මේක 27Mhz සංක්‍යාතයේ තරංග වලින් තමයි පාලනය කරන්නේ. ඉස්සෙල්ලම මේකෙ තියෙන ¼ වේව්ලෙන්ත් ඇන්ටෙනා දෙක ගලවලා කුණුබක්කියට දැම්මා. රේන්ජ් එක වැඩිකරන්න මං හදපු ඇන්ටෙනා දෙකක් දැම්මා. බෝට්ටුවේ තියෙන ප්‍රධානම අංග දෙක තමයි Rudder Control (අවරය පාලනය) සහ Throttle control (එන්ජිමේ වේගය පාලණය) කිරීම. මේ දෙක හරියට පාලනය කර නොගත්තොත් බෝට්ටුව කුලප්පුඋණ කුලුහරකෙක් වගේ වෙනවා. හරියට කරගත්තොත් වැඩෙන් 75%ක් ගොඩ.  සෙල්ලම් බෝට්ටුවේ විදියට...ඇත්ත බෝට්ටුවේ රඩර් එකයි ත්රොට්ල් එකයි කොන්ට්‍රෝල් කරන්නට බැරිය....නිකං අදහසක් වත් ගන්නට බැරිය. කොයි එකටත් සෙල්ලම් බෝට්ටුවෙන් ජයතිස්සයි මමයි පොඩි ට්‍රයල් එකක් කළා මත්තේගොඩ පැත්තෙ පොඩි ලේක් එකකට ගිහිං. ඒකෙන් උනේ වැඩේට තියෙන මොරාල්එක වැඩිඋන එක විතරයි.
                                                  මුහුදේදී...අවුට්බෝඩ් එන්ජිම එහා මෙහා කරලා හැරෙව්වම තමයි බෝට්ටුව හැරෙන්නේ. එන්ජිම හැරෙව්වම ඒක ඒ පොසිෂන් එකේ ලොක්වෙන්න ඕනේ...මුහුදු රැල්ලට එහෙමෙහෙ දිව්වොත් බෝට්ටුව පාලනය කරලා අපිටඕන දිහාවට යවන්න බැරි වෙනවා. ස්පීඩ් එකත් එහෙමයි අඩු වැඩි කලාම ඒ ස්පීඩ්එකේම ලොක්වෙන්න ඕනේ. එන්ජිම රිමෝට් එකෙන් ස්ටාර්ට් කරන්න...නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. තනියම ඇන්කර් කරගන්න පුළුවන් වෙන්න ඕනේ...වෙඩිතියන්න, වීඩියෝ කරන්න, එනවුන්ස් කරන්න පුළුවන් වෙන්න ඕනේ... එන්ජිම හැරෙන කෝණය (ගමන් කරන දිශාව ඝනනය කිරීම සඳහා)  , තමන් සිටින ස්ථානය GPS මගින් හොයලා...අපිට බෝට්ටුවෙන් දන්වන්න ඕනේ...වැඩ කෝටියයි ! . ඕවත් වැඩද... මල්ලි ඕවත් වැඩද...කිව්වට වැඩේ අමාරුයි. ඒත් ලුතිනන් කමාන්ඩර් විමලසූරිය බැඳගත්ත බෙරේ ගහලම තමයි බිම තියන්නේ. මම කවදාවත් කම්පියුටර් සෙල්ලම ඉගෙනගෙනනෑ, දැනුත් දන්නෙ...ඉලෙක්ට්‍රොනික්  සර්කිට් ඩිසයින් කරන එක වගේ පොඩි පොඩි වැඩ විතරයි ...අපේ කාලේ කොම්පියුටර් තිබුණයැ...බෝට්ටුව අනිවාර්යයෙන්ම කම්පියුටර් එකෙන් පාලනය වෙන්න ඕනේ. කම්පියුටර් ලෙබ්බෙපකීර් කෙනෙකුගේ සහයෝගය මේකට අනිවාර්යයි. ඔළුවට ආවෙ “නාලක”. තවත් හොඳ රේඩියෝඇමචර් වැඩකාරයෙක්. මර යුද්දෙකාලෙ නිසා මුලදී චුට්ටක් අකමැත්තෙන් උනත් සප්එක දෙන්න එයා කැමති උනා. (නාලක මට වඩා හුඟක් බාල කොල්ලෙක්) එයා මං වගේ මෝඩයෙක් නෙවෙයි...අවුරුදු තිස්එක වෙනකොටම ඉල්ලන්කාව අත හැරලා පව්ල පිටින්ම ඔස්ට්‍රේලියාවට ගිහිං පදිංචි උනා. ලංකාවට අහිමිඋන තවත් සුපිරිම මොළයක් !. නාලක සොෆ්ට්වෙයා පාර්ට් එක සෑහෙනදුරට ඉවර කළා.    
                                                       මං බෝට්ටුවේ Rudder Control (අවරය පාලනය) සහ Throttle control 100%ක් නිවැරදිව...තුට්ටුදෙකෙන් කළා පංචිකාවත්තෙන් හොයාගත්ත බඩුවලින්...අවුට්බෝඩ් එන්ජින් එක ක්රේඩ්ල් එකක එල්ලලා ගොඩ තියාගෙන.  මේකට සුදුසුම මෝටරේ තමයි කාර් වල තියෙන ඩෝ වයින්ඩර් මෝටරේ. ස්ටෙපර් මෝටරයක් හෝ සර්වෝ මෝටරයකින්  කරනවට වඩා පහසුවෙන්...මං මේ වැඩේට ඩෝ වයින්ඩර් මෝටර් දෙකක් යොදලා ගොඩ දැම්මා. වර්ම් ගියර් එකකින් වැඩ කරන නිසා පොසිෂන් එකකට ආවම ගල වගේ එකතැන නවතිනවා. ඒකයි කාර්එකක වීදුරුව බාගෙට වහලා අතින් පාත්කරන්න බැරි. රුපියල් 1800යි එක මෝටරයක්. තුට්ටු දෙකයි සර් !
                 දැන් තියෙන්නේ කම්පියුටරේට බෝට්ටුවේ සිස්ටම් එක ගුවන්විදුලි තරංග මගින් Interface කරගැනීම. මේකට අවශ්‍යයි හොඳම කොලිටියේ ඩේට ට්‍රාන්ස්මිටින් රේඩියෝ. නාලක වැඩකරන කොම්පැනියෙන් තමයි මේවා ගෙන්නන්නේ (බ්‍රෑන්ඩ් එක Elpro). බෑන්ඩ්විත් එක වැඩි නිසා වීඩියෝ ට්‍රාන්ස්මිටින් රිසීවින් වලටත් ඉතාම සුදුසුයි. නාලක වැඩේ හොඳට කළා. නාලකගේ ගාස්තුව අපි ගෙව්වා. නාලක අයින් වෙලා ඕස්ට්‍රේලියාවට ගියා. දැන් ඉතිං තවත් කොටසක් තියෙනවා... ඒ වීඩියෝ ගේම් ගහන්න ගන්න ජෝයිස්ටික් එකක් මගින්...කොම්පියුටරෙයි ට්‍රාන්ස්මීටරෙයි බෝට්ටුවයි එකවර පාලණය කිරීම. මේකට මං අල්ලගත්තේ මොරටුව කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ ඉලෙක්ට්‍රොනික් කරන...බැච් එකේ ඉන්න හොඳම කොල්ලා ගාමිණී. මිනිහත් සුපිරිම මොළයක්...මෑන් වැඩේ තිතටම කරල දුන්නා. දැන් බෝට්ටුවේ, වේගය, ගමන්මාර්ගය, හැරෙන ප්‍රමාණය කම්පියුටරේ සිතියමක වැටෙනවා. 
                                                   දැන් පළවෙනි ට්‍රයල්එක...කලම්බු හාබර් එකේ. එන්ජින්, බැටරි (UPS) සර්කිට්, ඇන්ටෙනා, ට්‍රාන්ස්මීටර්, රිසීවර්...ලට්ටලොට්ට ඔක්කොම උස්සගෙන ගියා ගාමිණිත් එක්ක හාබර් එකට. ඉල්ල ගත්තා රබර් ඩිංගියක්. පැය දෙකක් විතර ගිණිඅව්වේ මහන්සිවෙලා මේ ඔක්කොම ඩිංගියට සෙට් කළා...සිංහල ක්‍රමේට රාහුකාලෙ පන්නලා (ඔව් ලිතක් ඉල්ලගත්ත අරයගෙන්) උතුර බලා...සුබැනකතින් බෝට්ටුව ස්ටාර්ට් කරලා හාබර් එකේ පිණුම්ගැස්සුවා.  නැව්වල ඉන්න සුද්දෝ කටඇරං බලං ඉන්නව මිනිහෙක් නැතුව නැව් අස්සෙන් රිංගන බෝට්ටුව දිහා. ඉලංගකෝන් සරුත් ආවා බෝට්ටුව බලන්න...සරත්  කොහොමද බෝට්ටුව ?...අති විශිෂ්ටයි සර්...කාටද ආඩම්බර...සර් ලාවට හිනාඋනා. මීඩියා යුනිට් එකෙන් මේක වීඩියෝ කළා. අපි මේක කමාන්ඩර්ට පෙන්නන්නත් කලින්, මීඩියා යුනිට්එක බාර ඔෆිසර් ලකුණුදාගන්න... කරන්නාගොඩ සර්ට පෙන්නලත් ඉවරයි...ඒකට නම් මගේ ලොක්කට මළම පැන්නා. ඔන්න ඔහොමයි නේවි එකේ අයියලා.
                                            ඊළඟට දෙවෙනි ට්‍රයල් එක වරායෙන් පිට මහ මුහුදේ....ඉස්සෙල්ලම කලේ රිසීවීන් ඇන්ටෙනාඑක වරායේ රංගල නාවික කඳවුරේ උඩම තට්ටුවේ වහලේ හයිකරපුඑක. බෝට්ටුව ස්ටාර්ට් කරලා කැමරාව ඔන්කළා...ඇක්ෂන්...හරි දන්පලයන් පුතා...කොටී දඩයම් පුරුදුවෙන්න ! බෝට්ටුවේ තනියට ඩෝරා එකකුත් යැව්වා එන්ජිම මගහිටියොත් ඇහිඳන් එන්න. කිලෝමීටර් දෙක තුනක් ගියාට පස්සේ අපේ බෝට්ටුව නොපෙනී ගියා. දැන් පේන්නේ තුවක්කුවේ කෙලවරේ හයිකරල තියෙන කැමරාවෙන් පේන දර්ශනය විතරයි. පතුරම් දාල තිබුන නම්...ඈත පේන නැව් වලට වෙඩිතියන්නත් තිබුණා. කිලෝමීටර් පහලවක් විතර ගියාට පස්සේ ලැබෙන දර්ශණ අපැහැදිලි වුනා...ඝනය තුන්පෙලින් වමබලා ආආ පසූසූඋඋ හැරෙන්...බෝට්ටුව හරවලා ආපහු ගෙන්න ගත්තා... නැව්වල වීඩියෝ දර්ශණ, බෝට්ටුවේ ගමන් මාර්ගය...කම්පියුටරේ සිතියමේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. හොඳටෝම ඇති !. කෙලින්ම යුද්දෙට යවන්න අදහස්කලනිසා මේ බෝට්ටුව නිදහස් දිනයේවත් මහජනයාට ප්‍රදර්ශනය කලේනෑ. දැන් මේ වීඩියෝ එකේ කොපියක් නේවිඑකෙත් නෑ. පණ යනකම් සොයල...මගේ හමස් පෙට්ටියේ තිබිල...ඊයෙ තමයි CD එක හම්බවුනේ.
                 ඊලඟට හදන්න යෝජනා කලේ...ආමි එක සඳහා රිමෝට් කොන්ට්‍රෝල්ඩ් යුධටැංකියක්...ඒක මෙයිට වඩා හුඟක් ලේසි වැඩක්....කොටී ළඟටම කඩාගෙන බිඳගෙන ගිහිං වෙඩිතියලා ආපහු එන්න පුළුවන්...ජීවිත හානියක් නැතුව...    අදහස කිව්වා විතරයි..තිරිසනෙක් එක්ක වැඩකරන්න, එයාට උදව්කරන්න යන්න එපා, ඔයා වැඩකරන්නෙ නේවිඑකට විතරයි....කරන්නාගොඩ සර් මගේ ඇඟට කඩන් පැන්නා...එයයි ජෙනරල් ෆොන්සේකයි නයිවයිරයි කියල... මං දැනන්හිටියෙ නෑ !                 
                                                                             ගාමිණී මේකෙ වීඩියෝඑක මගෙන් ඉල්ලගෙන සිංගප්පුරුවේ විශ්වවිද්‍යාලයකට ඉදිරිපත් කළා. දැන් එයා ඒ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට උගන්වනවා, අපේ සල්ලි වලින් වර්ධනය කරපු තවත් මොළයක් අපි සිංගප්පුරුවට තෑගී කළා. මං විතරක් ලංකාවේ ඉතුරු උනා.  බැරිද...මාව විද්‍යාජෝති සම්මානේ දීලා...ජනාධිපතිගේ විද්‍යා සහ තාක්ෂණ උපදේශක කරන්න ?  .

                 

42 comments:

  1. Great job sir,but this is srilanka ,better to migrate to other country.

    ReplyDelete
  2. බැරිද...මාව විද්‍යාජෝති සම්මානේ දීලා...ජනාධිපතිගේ විද්‍යා සහ තාක්ෂණ උපදේශක කරන්න ?

    ඔහෙට පුළුවනිද වතුරෙන් දුවන කාර් හදන්න හිටං

    ReplyDelete
    Replies
    1. මට පුළුවන් මැරෙන්නෙ නැතිව ඉන්න පුළුවන් බෙහෙතක් හදන්න !

      Delete
  3. ඔබෙන් ඉල්ලන්න තියෙන්නෙ එක දෙයයි. අර ඉස්සර වෙදමහත්තුරු හිටියෙ දැණුමත් එක්කම මිය ගියා එතනින් එහාට ලෝකෙට වැඩක් නැති උනේ.අන්න ඒ අපරාධෙ කරන්න එපා. ඔබේ දැණුම හැකි ආකාරයකින් බෙදා හරින්න. අනාගතයේ මොළයක් තියන එකෙක් හරි එයින් ප්‍රයෝජනයක් ගනීවි.
    (ප්‍රකාශ නිකුත්කිරීමේදී බය නැද්ද කලවැදි ප්‍රහාර වලට ලක්වෙයි කියලා?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැනුත් ගොඩක් අයට මගේ දැණුම නොමිලේ බෙදා දෙනවා.

      Delete
  4. අපේ රටේ හමුදාවේ කොමිස් කාක්කන් හා බොරු වංචාකාරයන්ගෙන් ඔබතුමාගේ ප‍්‍රජේක්ට් වලින් වැඩක් ගත්තේ නැතිවුනත් ගොඨාබය රාජපක්ෂ මහතා ඔබව හමුදාවට බදවාගත්තේ අපේ රටට සේවයක් කර ගන්නනේ. එකත් ලොකු දෙයක්. අවුරුදු ගනනාවක් අපේ රටේ යුද්ධෙ ඇදිලා ගිහිල්ලා විශාල ආර්ථික හා සමාජිය හානියක් සිද්දවුනේ මේ කොමිස් කාක්කන් හා බොරු වංචාකාරයන් හින්දා.

    ReplyDelete
  5. හිත කඩාගෙන වැටුනා. කිසිම රාජ්‍ය ආයතනයකින් ඔය වගේ දෙයක් කරන්න බැ .
    පෞද්ගලික ආයතන තමා ඕවට සලකන්නේ.
    ඔබ තුමා අදයිරමත් නොවී මේ තරම් දුර ආව එකට මගේ ප්‍රණාමය

    ReplyDelete
  6. නියමයි. ඒත් ඉතිං මේක ලංකාවනෙ.

    ReplyDelete
    Replies
    1. ඉංගලන්තේ එහෙමවුනත්....ලංකාවෙ එහෙම වෙන්නෙනෑ !

      Delete
    2. ඒකනේ දෙමළෙන් ලංකාවට ඉල්ලංකෙයි කියන්නේ . ඇත්තනේන්නම් ඉල්ලන්කයි

      Delete
  7. නන්දා මාලනී කියපු
    පෙර රජ දවස වැව් දාගැබ් ගණන්කොට
    ගල් කණු අතර හපකරමින් බුලත් විට
    ඇවිදිනවිටත් නිදියන දූ පුතුන් ලද
    මගේ රට තමයි ලෝකේන් උතුම් රට සින්දුව ජාතියේ තේමාව ලෙස හඳුන්වා දෙමු

    ReplyDelete
  8. කරන්නාගොඩ - ෆොන්සේකා වෛරය එන්නේ ඒ දෙන්නගේ පාසල් කාලයේ ඉඳලා. ඔය වෛරය නිසා යුද්දේ පරදින්නත් ගියා.

    ඔබව කවුරුන් හෝ විසින් 'ගෝඨාභයගේ මිනිහෙක්' කියා හංවඩු ගසා ඇත්නම්, තවදුරටත් ඔබේ වටිනා දැනුම මේ රටට අහිමිවී යාම පමණයි සිදුවන්නේ. දේශපාලකයන් පසුපස යන්න එපා. ඔබ දන්නා නාවික හමුදා නිලධාරීන් මගින්, රජය වෙත, ඔබේ යෝජනා කීපයක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්න.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා හලෝ. දන්නේ නැත්නම් කියවලා අහලා ඉගෙන ගන්නවා.පාසැල් කාලයේ ඉ ඳ්න වෛරයි කියන එක නම් කෙහෙත්ම පිළිගත නොහැක

      Delete
    2. එහෙනම් හලෝ කියන්නකෝ ඉතිහාසේ.

      Delete
    3. මහත්තයො රු 950.00 ක් දීලා කරන්නාගොඩ මහත්තයා ලියපු පොත ගන්න. ඊයේ පැන්සොන්නේ. ගල් බෝතලයකට වඩා අඩුයි.තාම මරදානනේ සුරස එකේ පොත් 5ක් ඉතුරුවෙලා තිබ්බා.ෆොන්සේකාගේ හොඳ ගතිත්ත එක්කම ලියලා තියෙනවා.ඒකයි එතන වටිනාකම.
      පරිච්ජේචයේ නම ඇත්ලේ යුද්ධය.කිව්වා මදිද/

      Delete
    4. හයියෝ මහත්තයා දන්නේ එච්චරද? මම දන්නේ ඊට වඩා හුඟක් පරණ තොරතුරු.

      මහත්තයා, මහත්තයාගේ තාත්තාගේ වෘෂණ කෝෂයට එන්නත් කලින්, 1960 දශකයේදී, කරන්නාගොඩ ෆොන්සේකා දෙන්න කොළඹ ආනන්ද විද්‍යාලයේ එක පන්තියේ මිතුරෝ. කැඩෙට් කණ්ඩායමේ සාජන් සහ ලාන්ස් සාජන්, වෝටර් පොලෝ කණ්ඩායමේ සාමාජිකයෝ. ඒ කාලේ අතිශය පෞද්ගලික (ඒ මහත්වරුන්ගේ චරිතයට ගරහන්න මම කැමති නැහැ) හේතුවක් නිසා තමයි මේ දෙන්නා අමනාප වුනේ. ඒ බව ඔය මහත්තයා නම නොදන්නා, කරන්නාගොඩ මහතා විසින් ලියන ලද 'අධිෂ්ඨාන' නමැති පොතේ සඳහන් වෙනවා. යුද්ධ කාලේ මේ අමනාපය අවිසුනු අවස්ථා තිබුනා. ජ්යෝෂ්ඨ හමුදා නිලධාරීන් හැටියට ඒ ගැන සොයාබලද්දී පාසල් කාලයේ තොරතුරු බොහොමයක් සමකාලීනයක් විසින් හෙලිකලා. මහත්තයාගේ පරම්පරාව ගල් බෝතල් කාරයෝ නිසා ධාරණ ශක්තිය අඩුයි. අපි ඊට වඩා හොඳ වර්ග පානය කරන නිසා සමාජානුයෝගය වැඩියි.

      'වැදූවන් ඉදිරියේ කොලොම්බු ලන්නාසේ' කියන කියමනේ තේරුම මහත්තයාගේ තාත්තාවත් ඉස්කෝලේ ගිහින් තියාවානම් අසා ඉගෙනගැනීම යෙහෙකි.

      Delete
    5. ලෝකල් කාලකන්ණියෝ වැඩක්නෑ...මං ඔය එකෙක්වත් පස්සේ යන්නෙත් නෑ...මම මගේ යෝජනා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරිපත් කරන්නයි ඉන්නේ...හ..හ හා ආහ් !.

      Delete
    6. මම නම් ගල් තියා පොල් වත් බොන්නේ නැත.අධිෂටානය පොතේ තමයි තිබ්බේ හිටපු නාවික හමුදාපති කොටි බොම්මයකින් බ්ලාස්ට් වෙච්ච ක්ලැන්සි පුනාන්දු ගේ කාලේ දයා සඳගිරිට කලින් හමුදාපති වෙච්චඅපේ නාවික හමුදාව නිල් මුහුදේ නාවික හමුදාවක් කරන්න පුරෝගාමි වෙච්ච තිසේරා මහත්තයා බටහිරනාවුක ආඥාපති වෙච්ච වෙලාවේ සිදුවුන සිදුවීමකි වුනත් කරන්නාගොඩ මහතා අමාරුවේ දාන්න දරණ උත්සහයේදි පවා සරත් ෆොන්සේකා මහතා නිවැරදිව සාක්ෂි දුන්නා නිසා කරන්කාගොඩ මහත්තයාට එරෙහිව පරීක්ෂනය දිගටම ගෙනියන්න බැරි යවුනා කියාලා.මේ පොත කියවලා තමයි මමත් කිව්වේ.මාව හැදෙන්න ඕන ඒවා තාත්තාගේ හැදිලා නැතිව ඇති. මොකද එතකොටත් ඔය නිලධාරීන් දෙන්නාම හමුදා සේවයට ඇවිත්.මහත්තයා වැරදියි.එක් පන්ති මිකුරෝ නම් නොමේ. කරන්නාගොඩ මහත්තයාට පන්තියකට කලින් හිටියා කියලා තමයි පොතේ තියෙන්නනේ. නැවත පොත කියවල බලන්න.හැමෝම කියන්නේ තමන්ට කියන්න තියෙන කථාව විතරයි.එබ දන්නේත් කාගෙන්වත් ඇහිද ගත්ත එ්වා විතරයි. මම දන්නේත් පොතේ තියෙන විදිහ විතරයි.ඒක විශිවාසනියත්වය වැඩියි. මොකද ඒවා වැරදියි කියලා කුවුරුත් ලියලා නැහැ. අනෙක කියලා තියෙන්නේත් කරන්නාගොඩ මහත්තයාම තමයි. අපි දෙන්නාටම වැඩිය දොස්තර මහත්තයා හිටපු නාවුක හමුදා පති තුමාව දන්නවා ඇති කියලා මම හිතනවා.බිහිවෙච්ච කාල වකවානු වැඩක් නැහැ. කියන කථාව ඇත්තනම්.

      Delete
    7. පොත් ගහන්න රුසියෝ.. හැබැයි ඇත්ත වෙන එකක්. මොකද ඔය විචාල බොරු කිව්වත් අපේ ඩොකා නං බොරු කියන්නෑ. ඒක සුවර්.. හැක්

      උදාරගේ පියාගේ වෘෂණ කෝෂ ගැන කතා කල විචාට මාගේ විරෝදය

      Delete
  9. මෙව්වට කියන්න වදන් නැහැ ලොක්කා...

    ReplyDelete
  10. ඇත්තෙන්ම විශ්ව කර්මයා නැවත මෙ රටේ ඉපදිලා වගෙයි

    ReplyDelete
  11. ඉස්සෙල්ලාම සිහින බෝට්ටුවක් හැදුවේ කව්ද කියල ඩොකා දන්නවද??

    නිකොලා ටෙස්ලා

    http://deshakaya.blogspot.com/2016/05/tesla-in-america.html

    ReplyDelete
    Replies
    1. ෂොරි ඩොකාස්.. මට ලින්ක් එක වැරදුනා..
      https://www.engadget.com/2014/01/19/nikola-teslas-remote-control-boat/

      Delete
  12. කවුද බෝට්ටුවට අණ දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  13. බැරි නෑ! පුළුවන්.. හැබැයි ලංකාවේ වැඩ බැරි දාසලා ඉන්නකං බෑ

    ReplyDelete
  14. අදමයි මේ පැත්තට ගොඩ වැදුණේ..

    ReplyDelete
  15. දොස්තොව්ස්කි තුමනි, මට පොඩි ස්වයං රැකියාවක් වගේ දෙයක් ලැබිලා තියෙනවා. ඒකට පොඩි ඉලෙක්ට්‍රොනික් දැනුමක් අවශ්‍යයි. ඊ් මේල් එකකින් දැනුම්දෙන්නෙ කොහොමද?

    ReplyDelete