Wednesday, 17 August 2016

පතුරම් කපන්නා...

පතුරම් කපන්නා...
                                                    කොටින්ගේ කුරුම්බැට්ටි මැෂිම (නමේ පේටන්ට් අයිතිය...වීරසංගිලි පනික්කියලාගේ විමලසිරි ගම්ලත් මහතා) සුමාන දෙකකට සැරයක් විතර ගුවනින් ඇවිත් බෝම්බ දමන්න ගත්තා.  ගුවන්ගත උනාම ඒකෙ සද්දේ අත්ට්‍රැක්ටරයක සද්දෙට සමාන නිසා සමහරු කිව්වෙ අත්ට්‍රැක්ටරේ කියල. මේ සැහැල්ලු ගුවන් යානා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ විශාල ඉරිඟුයායවල් වලට පොහොර, කෘමිනාශක වගේ දේවල් ඉසීමටයි. කෙටි පුහුණුවකින් මේයානා පැදවීමට පුහුණුවීම අමාරු කටයුත්තක් නොවේ. බටහිර රටවල සහ ඇමරිකාවේ නොයෙකුත් පුද්ගලයෝ විනෝදාංශයක් වශයෙන් තමන්ටම අයත් මෙවැනි කුඩා ගුවන්යානා පදවති. මේවා කිට්වශයෙන් මිලයට ගෙන තමන්ටම ඇසෙම්බල් කරගන්නටත් පුළුවනි. මොන ක්‍රමේකින් හරි කොටි මෙයින් තුනක් ලංකාවට ගෙනැත් තිබුනා.
                                                             අන්තර්ජාතිකව ප්‍රචාරය වුනේ ගුවන් ප්‍රහාරක බලයක් සහිත එකම ත්‍රස්තවාදී කණ්ඩායම කොටී සංවිධානය ලෙසටයි. මේක සුළුවෙන් තැකියයුතු දෙයක් නෙවෙයි. සියළුම විදුලිබලාගාර, වික්ටෝරියා වේල්ල, කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපල වගේ තැන් ඔවුන් ඉලක්ක කර තිබුනා. ඉන්දියාවටත් අනතුරක් තියෙනවා. දැන් මගේ ජොබ්එක තමයි...කුරුම්බැට්ටි මැෂින් බිමදාන්න පුළුවන් පතුරම් ස්ප්‍රේකරන්න පුළුවන් ගැජට් එකක් හදන එක. මේවගේ දේවල් අත්හදා බලනවට කැමති වගේම අකමැති පිරිසකුත් නේවි එක ඇතුලෙ හිටිය...පහල මට්ටමෙන් කැපිලි ආවට ඉහලම මට්ටමෙන් සහයෝගය තිබුන නිසා මගේ පර්යේෂණ මං දිගටම කරගෙන ගියා.
                                    මේ වෙනකොට අපට ඇමරිකාවෙන් කිලෝමීටර් 4කට වඩා දුර වෙඩි තැබිය හැකි බුෂ් මාස්ටර් තුවක්කු 25ක් දීල තිබුණා. නමුත් ආණ්ඩුව UN එකටත් කොන්ට්‍රෝල් නැතුව ඉන්දියන් සාගරේ මදාවියා වගේ හැසිරෙන්න පටන්ගත්ත නිසා...මේ තුවක්කු බෝට්ටු වලට සවිකරන ක්රේඩ්ල් ඇමරිකන් කාරයෝ  දුන්නේනෑ. තුවක්කු ගේන්න ඇමරිකාවට ගිය ඔෆිසර් මේ ක්රේඩ්ල් වල සැලැස්ම අරන් ඇවිත් තිබුනා. මේක ඩුප්ලිකේට් කරලා ගන් ටික බෝට්ටුවල සවිකර ගන්න  කරන්නාගොඩ සර්ට උවමනා වුනා...අපේ ලොක්කා ඉලංගකෝන් සර්ට වැඩේ බාර දුන්නා. ලොක්කා  මට කිව්වා...සරත් මේක නේවි වර්ක්ෂොප් වල කරන්න අමාරුයි...කියලා. මං කිව්වා සර් ලේත් වැඩවලට හොඳ වරක්ෂොප් එකක් තියෙනවා මගේ යාළුවෙකුගේ එයා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ...මතුගම හදපු අලුත්ම වක්ෂොප් එක... ඕන කරන බඩු ඔක්කොම එතන තියෙනවා එයාට වැඩේ බාර දෙමු කියලා. නේවි කමාන්ඩර් වැඩේ අනුමත කළා...කමාන්ඩර් අමරනාත් (නේවි එකේ හිටි හොඳ වැඩකාරයෙක්) එක්ක ගිහිං අපි...අසෝක කියලා හොඳට ලේත්වැඩ ගියර්බොක්ස් වැඩ දන්න සරත්ගේ යාලුවෙකුත් අල්ලගෙන මතුගම නැවතිලා වැඩේ පටන්ගත්තා. මිනිස්සුන්ට පේනවට වරක්ෂොප්එක වහගෙනයි වැඩකලේ. මිලේනියම්සිටි කේස් එක මතක නිසා කළුතර ජේෂ්ඨ පොලිස්අධිකාරිට වැඩේගැන කලින් දැනුම්දුන්නා.   ආරක්ෂාවට කොල්ලෝ තුන්දෙනෙකුත් හිටියා සිවිල්පිට T56 තුනකුත් එක්ක.  සුදුයකඩෙන් මේවා ලියවන එක පට්ට අමාරුවැඩක්.ක්රේඩ්ල් විසිපහම පැය 24ම වැඩකරලා මාස දෙකෙන් හැදුවා. ෆිනිෂ් එක රටින් ගෙනාව වගේම හොඳයි. ගන් ටික බෝට්ටු වලට ගියා...දැන් අපේ මුහුදේ වෙඩි බලය දෙගුණ වුනා...කිලෝමීටර් හතරකට වැඩි දුරක සිට වෙඩි තියන්න දැන් පුළුවන්.
   
                                              ගැට්ලින් ගන් එකක් රෙපයාර් කලාට, ඒකත් එතැනින්ම නැවතුනා. 14.7mm චීන මැෂින් තුවක්කුව...ඉහල අහසේ පියාසර කරන ගුවන්යානා වලට වෙඩි තැබියහැකි අවියක්. මේක රඳවනයක සවිකර පමණක් වෙඩි තැබිය හැකි බරසාර ගිණිඅවියක්. එකක් ගෙනැත් ගලවලා බැලුවා...ඒකෙ ක්‍රියා කාරිත්වය ටිකක් වෙනස්. මේවා තුනක් එකට මිටිබැඳ ගත්තොත් කුරුම්බැට්ටියට නෙලන්න පුළුවන් හිතේහැටියට...නේවි ත්‍රස්තවාදියා කල්පනා කළා...සෑහෙන්න කල්පනාකරන්න (බොන්න) වෙන කේස්එකක්. සමහර ඔෆිසර්ලා මට කැපිලි දැම්මත් පුංචි සේලර්ලාගේ මොරාල් අප්උනා... මේ යක්ෂ ත්‍රස්තවාදී දොස්තරයාගේ  වැඩනිසා. 14.7mm මැෂින් තුවක්කු තුනක් මිටි බැඳලා  ගත්තොත් බුලට් ස්ප්‍රේ කරලා කුරුම්බැට්ටි මැෂින් බිමදාන්න පුළුවන්වෙයි කියලා මම කල්පනා කළා. වැඩේ පටන්ගත්තා සරත්ගේ වැඩපොළේම. කොල්ලෝ යකඩ කප කැප  වෙල්ඩින්කරනවා මං කියන කියන හැටියට. සැලැස්ම තියෙන්නේ හිතේ....බර්න් & ලර්න් විදියටයි වැඩේ යන්නේ...කවද කාපු ටකරන්ද ?. කොහොම හරි වැඩේ ඉවර කළා.  
                                               මේක කොළඹ ගෙනිහින් මුහුදට වෙඩිතියලා බැලුවා. තුවක්කු දෙකක් එකදිගට වැඩකලත් එකක් නිතරම හිරවුනා. ඒකට හේතුව පතුරම් වැල් තුවක්කු දෙකකට දකුණෙන් ඇතුළු කරද්දී වම් පැත්තේ තුවක්කුවට වමෙන් පතුරම් ඇතුළු කරන විදියට තුවක්කුවේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම. ට්‍රයල් & එරර් විදියට මේක නිවැරදි කරන්න මං උත්සාහ කළා. වැඩේ ඉවරකරන්න ලැබුනේ නෑ ඉලංගකෝන් සර්රුයි මමයි තලේමන්නාරමට මාරු කළා. තුවක්කු තුන ගලවලා ආපහු යැව්වා.

                                                                එත් කුරුම්බැට්ටි මැෂිමට නෙලන්න ඕනේ කියන අදහස දිගටම තිබුනා. දවසක් ත්‍රස්තවාදියාට අලුත් අදහසක් ආවා...ආමරියට ගිහිං T56න් පටන්අරන් හැමවර්ගයෙන්ම එක පතුරම බැගින් ඉල්ලුවා...ෂොට්ගන් පතුරමකුත් ඕනද සර්...ඔව් ! ඩෙටොනේටර් තුනකුත් ඕනේ...ඔක්කොම දුන්නා...කෝ ෆයි සීරෝ නෑනේ...එයින් එකකුත් දෙන්න...පතමෝල් ෆයිව් සීරෝ පතුරමකුත් දුන්නා. ඔක්කොම කවරෙක දාගෙන කාමරේට ආවා. මුලින්ම ෂොට්ගන් පතුරම ඉස්සරහින් කපලා ගැලෙව්වා ප්ලාස්ටික් පියනක් මතු වුනා...ඒකට යටින් ඊයම් බෝල නමයක්...එයිට යටින් තව ප්ලාස්ටික් බුෂ් එකක්...ඒකත් එලියට ඇද්දම වෙඩිබෙහෙත්...ඔක්කොම කොලයක් උඩට හැලුවා වෙඩිබෙහෙත් ටිකක් අරගෙන ගිනිකූරක් ගහලා පත්තු කළා...නිකං චුරු චුරු ගාල පත්තුවෙනව විතරයි...පුපුරන්නේ නැත !. ඒක කුණුබක්කියට දාලා...කුස්සියට ගියා හොඳට ඔතලා සෙලෝටේප් ගහපු පතුරම් මල්ලත් අරගෙන. ළමයි...මේ පාර්සලේ ඩීප් ෆ්‍රීසර් එකට දාලා තියන්න. ඒක කූල් වෙන්න දැම්මා. පාර්සලේ මොකක්ද කියලා කිව්වෙනෑ. හවස වක්ෂොප් එකට ගියා කූල් කරපු බඩු මල්ලත් අරගෙන. මං වක්ෂොප්එකට එනකොටම ඒක බාරව ඉන්න සීනියර් ලුතිනන් දන්නවා...මොකක් හරි මරිසි වැඩකට බව. මිනිහා වැඩක හිටියේ...හිමින්සැරේ දඬුඅඬුවට හයිකළා T56 පතුරමේ කෙලවර...පයිප්ප කෑල්ලක් දාලා එහෙට මෙහෙට වනලා හක්එක බුරුල්කලා. පතුරම කෑලි දෙකට ගැලවුනා...කිසිම අවුලක් නෑ... තව හතරක් තියෙනවා විශාලත්වයේ අනුපිලිවෙලට ඒවත් ගැලෙව්වා...ඇතුලේ තත්වය එකවගේමයි...වැඩකරන... කොල්ලෝ හීංසැරේ මං ලඟින් මාරුඋනා. මේ යකා තනියම මැරිච්ච දෙන් !...උන් හිතන්න ඇති.
                              වැඩේ භයානක බව මං දන්නවා...වරදින්නේ එකපාරයි කියලත් දන්නවා ...ඒනිසා පතුරම් කූල්කලේ වැඩි ආරක්ෂාවට...එත් දැන් මං කියනවා පතුරමක් ගලවන එක...අත් බෝම්බයක් හෝ මෝටාර් එකක් ගලවනව වගේ භයානක දෙයක් නෙවෙයි. හැබැයි මිටිවලින් නොගහා...මගේ ක්‍රමේට ගලවන්න ඕනේ. ඉතිං ඊළඟට  ට්‍රයි කළා පතමෝල් ෆයිව් සීරෝ එක ගලවන්න...මොන පිස්සුද හොල්ලන්න වත් බෑ. ඝනකම තහඩුව මැෂින් ප්‍රෙස් කරලා බඳයි ප්රොජෙක්ට්ටයිල් එකයි කිහිප තැනකින්ම...හොල්ලන්නවත් බෑ. දඬුඅඬුවට හයිකළා ප්රොජෙක්ට්ටයිල් එක...හැක්සෝ එකකින් බඳ වටේට කානුවක් කපන්න ගත්තා කොල්ලෝ ගිහිං වක්ෂොප් එක බාර ලුතිනන්ට මේ පිස්සුවැඩේ ගැන පැමිණිලි කළා...ඩොක්ට ඔය වැඩේ නවත්තන්න බ්ලාස්ට් උනොත් මටයි වග කියන්න වෙන්නේ...මං වැඩේ නැවැත්තුවා. මිනිහා දුවගෙන ගිහිං ඉලංගකෝන් සර්ට කෝල් කලා...සර් මට ෆෝන් එකට එන්න කිව්වා...මං සර්ට වැඩේ බ්‍රීෆ්කළා...වැඩි අවුලක් නෑ..සරත් ඔය වැඩේ නවත්තලා වෙන තැනකට ගිහිං වෙන ක්‍රමේකට ඕක ට්‍රයිකරන්න...උපරිම සේෆ්ටි ප්රිකෝෂන් ගන්න...සර් කිව්වා. කාමරේට ඇවිත් හැක්සෝ බ්ලේඩ් එකකින් ග්රූඑකේ ඉතුරුටික කපන්න ගත්තා...ඔන්න කාමරේට ආවා මාත්එක්ක එක කාමරේ ඉන්න අනිත් ලුතිනන් කමාන්ඩර් කොල්ලා...ආවට වඩා වේගෙන් මිනිහා ආපහු දිව්වා...අර පිස්සු දොස්තරයා කාමරේ තියාගෙන ෆයි සීරෝ පතුරම් කපනවා...ඩෙටොනේටරුත් මේසෙ උඩ තියෙනවා...ඔය යකා කොයිහරි වෙලාවක කාමරෙත් එක්ක බ්ලාස්ට් කරගන්නවා !
                                                          මේක ආරක්ෂිතව කරනහැටි වහාම ඔළුවට ආවා...හවස කොල්ලෙක් අල්ල ගත්තා වැඩේට...අලවන්ගුවකුයි, රේල් පීලීකෑල්ලකුයි, GI පයිප්පෙකුයි හොයා ගත්තා...කෑම්ප් එක ළඟ පාළු ගෙයක් ඇතුලේ රේල් පීලී කෑල්ල හිටෙව්වා...රේල් පීල්ලේ තව්වට ෆයිව් සීරෝ පතුරමේ  ප්රොජෙක්ට්ටයිල් එක ඇතුල් කළා...පතුරමේ බඳ පයිප්පෙට දාලා...පයිප්පේ කෙලවර ජනේලෙන් එලියට ගත්තා...දැන් දෙන්නත් එක්ක පයිප්පේ දෙපැත්තට වැනුවා...දඩ්ඩ්ඩාං හෙන ගහන්න වගේ පිපුරුවා...මොන පිස්සුද....නිකංම දෙකට කැඩුනා පතුරම...ඇතුලේ පන්සල් මිනිරන් කූරු කෑලි වගේ වෙඩිබෙහෙත් තිබුනා. අනිත් පතුරම් වගේම තමයි. ටිකක් රෑ වෙලා මං ආපහු  එනකොට මගේ රූමා වෙනකාමරේකට ගිහිං...


## මතු සම්බන්ධයි...##                          

Monday, 15 August 2016

ඩුප්ලිකේට් තලෙයිමන්නාරම


ඩුප්ලිකේට් තලෙයිමන්නාරම
                                            මම අවරුදු එකහමාරක් විතර තලෙයිමන්නාරම කඳවුරටවෙලා හිටිය. මුළු දූපතම පාලණය කළේ නේවිඑකෙන්. ප්‍රධාන කඳවුරට අමතරව පරිවාර කඳවුරුත් තුනක් තිබුණ. ප්‍රධාන කඳවුර ඇතුලෙ හිටපු මට මට තේරුනේ...මම වෝ ෆිල්ම් එකක් ඇතුලෙ ඉන්නවා වගෙයි. මැරෙනවා පේන්නේනැති ගේම් එකක්. ගොඩක් සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නෙ...යුධපෙරමුණේ ඉන්න සොල්දාදුවා බයෙන් ගැහි ගැහී ඉන්නවා ඇති කියල... ඇත්තටම යුධ පෙරමුණට ගියහම...එහෙම එකක් නෑ. හැමෝම ඉන්නේ යුද්ධ උණෙන් පෙළෙමින්...හරි තොපි අපිට ගහපල්ලකෝ...අපි ලෑස්තියි...අපි ළඟ තොපිට නැති බඩු තියෙනවා...නෙලනවා තොපිට ඇඩ්‍රස් නැතිවෙන්න...ඔව් දුවනකම්ම ගහනවා...මේ ආකල්පෙන් තමයි හැමෝම ඉන්නේ...මොළේ හිරිවැටිල තියෙන්නේ...යුධ ආතතිය තිබුනත්...බයක් කියා දෙයක්නම් දැනෙන්නේම නැත !. හේතුව...හොඳින් සන්නද්ධව පෙරලා පහරදීමට ඇති අධික හැකියාව...සහ නිරන්තර හොඳ සූදානම.
                                එත් හවසට හැමදාම පාටි...උදේට පියර්එකට ගිහිං අල්ලං එන පතමෝල් පරව් සහ කොඩුවෝ පනපිටින්ම ඩීෆ්ෆ්‍රීසර් එකේ. හවසට ඩෙවල් වෙලා එන ඒ මාළු වල රස කියලා වැඩක්නැත. ඌරුමලේ කෑම්ප් එකෙන් තල්රා ලැබෙන්නේ ප්ලාස්ටික් බැරල් පිටිනි. උදේට කොමඩ්එකට...ට්‍රාස් පට් පට්... පට පටහ් ටොහ්... තමයි.  දවසක් හවස හයට විතර ලොක්කගෙන් කෝල්එකක් ආවා...සරත් ඉක්මනට පියර්එකට එන්න මූදට යන්න...කඩාගෙන බිඳගෙන දිව්වා පියර් එකට...වෝටර්ජෙට් වර්ගයේ බෝට්ටුදෙකක් තියෙනවා මූදු යන්න ලෑස්තිපිට...එකක් ලොක්කගේ එස්කෝට් බෝට්ටුව. දැන් කරුවල වැටීගෙන එන වෙලාව...කිලෝමීටර් පහක් විතර කෙලෙගෙන ඈතට ගියා. දැන් හොඳටම කරුවලයි.... දුර තියෙන කෑම්ප් එකේ දීප්තිමත් ෆ්ලෑෂ් ලයිට් විතරයි පේන්නේ. ඉලංගකෝන් සර් ලුතිනන් කෙනෙකුට කිව්වා...දැන් ඔයා ලකුණු කරගන්න කොලේක අර තියෙන ෆ්ලෑෂ් ලයිට් වල පාට සහ දුර...එක ළඟ දෙකක් තියෙන ඒවා එක ළඟින් ලකුනුකරන්න...ඈතින් තියෙන ඒවා ඈත් කරලා ලකුණු කරන්න. කහපාට ඒවා කහපාට කියලා ලියන්න සුදුපාට ඒවා සුදුපාට කියලා ලියන්න. ලයිට් ටික ලකුණු කරගෙන අපි ගොඩට ආවා.

                                                    කොටී අපේ කෑම්ප් එකට මුහුදෙන් ඇවිත් නෙලන්න ඉන්නවා කියලා බුද්ධි තොරතුරු ලැබිල තිබුනේ. දූපතේ ලොකු දෙමළ සිවිල් ජනගහනයකුත් ඉන්න නිසා කොටින්ට ඔත්තු බලන්නත් ලේසියි. ප්‍රහාරයක් ආවොත් දූපත ඇතුලෙන් සහයෝගයත් උන්ටයි. ගාල්ලටත් ගැහුව එකේ මේක ගේමක් නෙවෙයි. උදෙන්ම තියෙන රාජ කාරිය තමයි කෑම්ප් එකේ ලයිට් අතර තියෙන පරතරය ප්‍රායෝගිකව අනුපිලිවෙලින් මැනගෙන සටහන් කරගැනීම.  එයිට පස්සේ ප්‍රධාන කඳවුරට යාර සීයක් විතර ඈතින්  පේලියට තියෙන තල්ගස් වල  කෑම්ප් එකේ ෆ්ලෑෂ් ලයිට් වලට සමාන දුරින් ලාම්පු සවිකර ගැනීම. හවස් වෙනකොට කොල්ලෝ තල්ගස් බඩගාලා වැඩේ ඉවරකළා. ආයෙත් හවස ලොක්කත් එක්ක මූදුගියා. දැන් කඳවුරේ ලයිට් ලස්සනට පේනවා. සිග්නල් කළා මුළු කඳවුරේම ලයිට් ඕෆ් කරන්න...විනාඩි පහකින් කිව්වා තල්ගස් පේලියේ ලයිට් දාන්න...අම්මටසිරි මේ පේන්නේ ඩුප්ලිකේට් කඳවුර....පහුවදා උදේ ලොක්කන්ගේ මීටිමක් තිබුනා....හවස හතවෙනකොට ඇක්ෂන් ගැහුවා...හැමෝම තමන්ට අයත් ස්ථානවල සීරුවෙන්. මුහුදෙන් අපිට පුහුණු ප්‍රහාරයක්... මමත් ඒක බලන්න බයිනෝ එකකුත් අරගෙන ගියා... යාපනේ පැත්තෙන් කලුපාට බෝට්ටු සෙට්එකක් තිත් පේලියක් වගේ මතු වුනා...ඒවා වේගයෙන් අපට ලංවෙනවා....හිටපු ගමන් මුළු කඳවුරේම ලයිට් ගියා...සයිරන් එක බෙරිහන් දෙන්න ගත්තා. ටෝච් එකක්වත් පත්තුකරන්න තහනම්. ෆයර්....දැන් තල්ගස් පේලියේ ඉන්න කොල්ලෝ සෙට්එක ට්‍රිගර් පුල්කරා...පට පට ට ට ට ට...ක්‍ර්ර්ර්ර්ර්ර් එකදිගට ෆයර් කරනවා තල්වැට පැත්තෙන්...මා එකදිගටම පැතූ වෝෆිල්ම් එක දැන් ඇත්තටම ඇස් ඉදිරිපිට රඟදැක්වෙනවා... මූදෙන් ආපු බෝට්ටු ඔක්කොම තල්වැට පැත්තෙන් ලෑන්ඩ් කළා. එයිට පස්සේ  අපේ පැත්තෙනුත් ෆයර් කළා...ඕවර් & අවුට් ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වුවා. කොටී ප්ලේන් උස්සනකොටත් මේ ඩුප්ලිකේට් කඳවුර ක්‍රියාත්මකවුනා...! අමතක උනා කියන්න ලොක්කගේ ප්‍රියතම කෑම...ගෝල්ඩ් ටිකිරිමාරි !                           

Sunday, 14 August 2016

සයිබර් මිත්‍රයෝ


සයිබර් මිත්‍රයෝ
                        මට ගැලපෙන මිතුරන් මා ජීවත්වන ප්‍රදේශයෙන් සොයාගැනීම මට මහත් අපහසු කාරියකි. මං කිසිම ආගමක් අදහන්නේ නැති, කිසිම දේශපාළුවකු දිරවන්නේ නැති, රටපඩත්තලයකු බැවින් මාව දන්නා උදවිය මට ලංවී කරන්ට්වද්දා ගන්නට අකමැතිය. ඉතිං මං හදාගත් කුටියටවී...පොත් කියවමින්, TV බලමින් (ඩිස්කවරි සයන්ස්, නැෂනල් ජියෝග්‍රෆි, BBC CNN වගේ ඒවා සහ බටහිර චිත්‍රපටි) සංගීතය රසවිඳිමින් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි, උර්දු). හොඳයි කියා සිතෙන පොත පත කියවමින්, මිණිපිරියගේ සෙල්ලම් බලමින්...ජීවිතයේ සැදෑසමය ගෙවාදමමින් සිටිමි. මට සිටි මිතුරෝ බොහොමයක් සිසීකඩ විසිර ගොස් ඇත....බහුතරය සදහටම ඉල්ලන්කාව අතහැර ගොසිණි. සමහරු අකලට මිය ගියහ. බොහෝ දෙනෙකු අන්තර්ජාලය පරිහරණය නොකරති...දයාබර මිතුරණි, නුඹලා දැන් කොහි ඇත්ද ?...ජීවතුන් අතරද කියා බොහෝවිට කල්පනා කරන්නෙමි.
                                මම ෆේස් බුකියේ කරනම් ගහන්නට පටන්ගත් පසු...පැරණි මිතුරන් කිහිපදෙනෙක් පමණක් සොයා ගැනීමට හැකි විය. ඔව්හු දුරු රටට වී දූදරු මුණුපුරන් සමග වාසය කරති. බුකියේ පිස්සුකෙළින්නට පටන්ගත් පසු...දැන් මට බොහෝ දුරට මගේ ෆ්‍රීකුවන්සිඑකේම ඉන්නා නව මිතුරන් ඇතිවෙමින් සිටී. බොහෝ දෙනෙකු තරුණවයසේ උදවිය වීම මට මහත් පුදුමයක් ගෙනදෙයි. මුන් හැමෝම චක බක සිංදු අහන...මෝඩ පහේ අතිශය ග්‍රාම්‍ය ටැලි නාටිටිය නරඹන අය නොවේ. රටේ කිසියම් පිරිසක් සුළු තරුණ පිරිසක් හෝ...මෝඩ ගතානුගතිකත්වයෙන් මිදී, දේශපාලන හෝ ආගමික අන්ධ භක්තිකයන් නොවී...තර්කාණුකූලව කල්පනා කරන්නන්වී සිටීම රටේ වාසනාවකි. ඔව්හුද 60/70 දශකයේ සංගීතය රසවිඳිති. ඉඳහිට ඔව්හු සරත් අංකල්ටද බීච් පාටි වලට ආරාධනා කරති. මෑතදී බ්ලොග් ලියන්නට පටන්ගත් පසු තවතවත් මගේ ස්ටයිල් එකට කැමති...එහෙත් හමුවී නොමැති බොහෝ පිරිසක් ඉන්නා බව පෙනේ. එය මට බලවත් ප්‍රීතියක් ගෙනදෙයි.
                                       මගේ බ්ලොග් කියවූ අටම්පහුර සහ චෙෆ් ආකිටෙක්ට් නමැති බ්ලොග්රචකයෝ මා සොයා මගේ නිවසට පැමිණීම මට මහත් පුදුමයක් විය.  ඊයේ දෙවනවරටත් හමුවී චෙෆ් ආකිටෙක්ට්ට අයත් ගන්දර පැරණි නිවසේ...පැරණි සංගීතය රසවිඳිමින්, සම්පූර්ණයෙන්මයෙන්ම ඕගනික් ත්‍රයිලෝක විජයා ඇසුරු කරමින්. අතීත පුද්ගලික කතා වමාරා කමින්...මව්කිරිහා සමාන...වොඩ්කා පානය කරමින්  අළුයම වෙනතුරු ජීවිතය බෙදා ගත්තෙමු...රසවින්දෙමු . මෙහිදී අටම්පහුර කිව්වේ...අයිඩෙන්ටිටිකාඩ්එකේ  නොම්මරෙයි...මූනෙ හැඩයයි විතරයි වෙනස්...ගෑණු ඔක්කොම එකයි කියාය...අපූරු කියමනකි ! දැන් මගේ ෆ්‍රීකුවන්සි එකේ ඉන්නා අනිත් මිතුරන් ඔවුනට හඳුන්වා දියයුතුය. මේ යකාගෙ ආච්චිගේ දූපතේ මං තනිවී ඇතැයි මට බොහෝවර සිතී තිබේ...මා වැරදිය...මා වැනිම නිරෝගී මනසක් සහ නිවැරදි දැක්මක් ඇති...තවත් පිස්සෝ ගණනාවක්ම සිටිති. වැරැද්ද අපේය සමාජයේ නොවේ...ඉල්ලන්කා කම්ප්ලිකේටඩ් ජිග්සෝ ප්‍රෙහේලිකාවේ...අපි නියෝජනය කරන කැබැල්ල...චිත්‍රයට කෙසේවත් ගලපන්නට බැරිය !.

Wednesday, 10 August 2016

සිහින බෝට්ටුව

මම සිහින දකින්නෙක්...දවල් හීන...? ඔව් ඒවත් තියෙනවා. සමහර හීන සාර්ථකව සැබෑ කරගන්න නේවිඑකට ගියාට පස්සේ මට හැකිඋනා. මිනිසුන් රහිත වාහනයක් සෑදීම එක හීනයක්... නේවිඑකේ සිටියදී මගේ ලොක්කා... “රෙය අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන්” සර් (මට ඉන්න හොඳම යාළුවන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්...සර් කියන්නේ නේවි එකේ සම්ප්‍රදායට...නැතුව මචං කියන්නයැ)  එක්ක  මං යනව හවසට ඇවිදින්න ගෝල්ෆේස් එකේ.  මගේ හිතට එන අදහස් මං සර්ට කියන්නේ ඒවෙලාවට තමයි. මං ඉදිරිපත් කරන හැමඅදහසක්ම සර් අනුමත කරන්නෙනෑ. දවසක් හවස ගෝල් ෆේස්එකේ ඇවිදලා හතිවැටිලා..බංකුවක්උඩ වාඩිවෙලා... අපි දෙන්නා අන්නාසි කකා ඉන්නවා...සර්ට අයිඩියාඑක දාන්න හොඳම වෙලාව. නේවි බෝට්ටු...වරාය අවට මුහුදේ මුර සංචාර කරන හැටි අපි දෙන්නම බලං ඉන්නවා...සර් මට පුළුවන් රිමෝට් කොන්ට්‍රෝල් බෝට්ටුවක් හදන්න...මොකක් ? රිමෝට් කොන්ට්‍රෝල් බෝට්ටුවක් සර්...මොනව කරන්නද ? කොටින්ගෙ බෝට්ටුවල හප්පලා සූසයිඩ් අටෑක්එකක් දෙන්න...(මිනිහෙක් නැතුව, Self Blast) උන්ගෙ බෝට්ටු ළඟටම ගිහිං වෙඩිතියන්න...යටත් වෙන්න අණ කරන්න... උන්ගෙ ඒරියාඑකේ වැල්ල ළඟටම ගිහිං හොරෙන් වීඩියෝ කරගෙන ආපහු එන්න...හාබර් එකේ ආරක්ෂාවට මුර සංචාරයේ යොදවන්න...කියාගෙන කියාගෙන ගියා...මරු අදහස හදමු !...එකපාරටම ග්‍රීන්ලයිට් එක වැටුනා...මාරයි ! සරත්...ඕක හදන්න සල්ලි ගොඩක් යයිනේ...දැනුත් අපි අමාරුවෙන් රිසර්ච් වලට සල්ලි ඉල්ලගන්නෙ...නෑ සර් මෙච්චර කල් කළා වගේ... පංචිකාවත්තෙන් හොයාගන්න පුළුවන් කෑලි බෑලි වලින්...මට ඕක තුට්ටුදෙකෙන් හදන්න පුළුවන්. හරි...හරි හෙටම පටන්ගන්න...(අති විශිෂ්ටයි සර් !).
                                                   දැන් ඉතිං කයිය දුන්නනේ...හදපංකෝ...කිසිම ඉංජිනේරුවකුගේ උපදෙස් නැතුව...කෝටි හයක් වටින ඊශ්‍රායල් කාරයෝ විතරක් හදපු බෝට්ටුව...තුට්ටුදෙකෙන් !. මං මේක මගේ ෆුල් ජොහොර් එකම දාල හදනවා මයි !. මං මුළු ජීවිතේටම කරන ලොකුම ප්‍රොජෙක්ට්එක.  එදා රෑ දෙක තුන වෙනකං ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක ලිව්වා. ඔළුව ඇතුලෙ කොම්පියුටරේට වැඩේ බාරදීලා නිදාගත්තා. උදේ ඇහැ අරෙනකොට සේරම ප්‍රශ්නවලට උත්තර...ලෝකෙ තියෙන හොඳම කොම්පියුටරේ (මිනිස් මොලය) මට හොයලා දුන්නා. ඔක්කොම මතක නැතිවෙන්න කලින් අහුලලා පෙන්එකට හලාගත්තා. හරි යමං පුතා...ඉලංගකෝන් සර්  ප්‍රොජෙක්ට් ප්‍රපෝසල්එක...කරන්නාගොඩ සර්ට දාලා අනුමත කරලා දුන්නා. ඔව් මට පුළුවන්...මුලින්ම බින්දුවෙන් පටන්ගන්න මං තීරණයකළා...
                            අපේ ටීම් එකේ කෝඩිනේටර්...ලුතිනන් කමාන්ඩර් ජයතිස්සට කියලා ගෙන්න ගත්තා  අඩිඑකහමාරක් විතර දිග සෙල්ලම් බෝට්ටුවක්. මේක අඩි පනහක හැටක විතර රේන්ජ් එකේ...රිමෝට් එකෙන් එහා මෙහා හරවමින් යවන්න පුළුවන් එකක්. දැන් ඉතිං මේක කාමරේ මේසෙ උඩ තියහෙන මස් කළා. පොඩි කාලෙත් එහෙමයි මොකක් හම්බ උනත්...විනාඩි පහෙන් මස්කරලා...මදේ එලියට ගන්නවා. මේක 27Mhz සංක්‍යාතයේ තරංග වලින් තමයි පාලනය කරන්නේ. ඉස්සෙල්ලම මේකෙ තියෙන ¼ වේව්ලෙන්ත් ඇන්ටෙනා දෙක ගලවලා කුණුබක්කියට දැම්මා. රේන්ජ් එක වැඩිකරන්න මං හදපු ඇන්ටෙනා දෙකක් දැම්මා. බෝට්ටුවේ තියෙන ප්‍රධානම අංග දෙක තමයි Rudder Control (අවරය පාලනය) සහ Throttle control (එන්ජිමේ වේගය පාලණය) කිරීම. මේ දෙක හරියට පාලනය කර නොගත්තොත් බෝට්ටුව කුලප්පුඋණ කුලුහරකෙක් වගේ වෙනවා. හරියට කරගත්තොත් වැඩෙන් 75%ක් ගොඩ.  සෙල්ලම් බෝට්ටුවේ විදියට...ඇත්ත බෝට්ටුවේ රඩර් එකයි ත්රොට්ල් එකයි කොන්ට්‍රෝල් කරන්නට බැරිය....නිකං අදහසක් වත් ගන්නට බැරිය. කොයි එකටත් සෙල්ලම් බෝට්ටුවෙන් ජයතිස්සයි මමයි පොඩි ට්‍රයල් එකක් කළා මත්තේගොඩ පැත්තෙ පොඩි ලේක් එකකට ගිහිං. ඒකෙන් උනේ වැඩේට තියෙන මොරාල්එක වැඩිඋන එක විතරයි.
                                                  මුහුදේදී...අවුට්බෝඩ් එන්ජිම එහා මෙහා කරලා හැරෙව්වම තමයි බෝට්ටුව හැරෙන්නේ. එන්ජිම හැරෙව්වම ඒක ඒ පොසිෂන් එකේ ලොක්වෙන්න ඕනේ...මුහුදු රැල්ලට එහෙමෙහෙ දිව්වොත් බෝට්ටුව පාලනය කරලා අපිටඕන දිහාවට යවන්න බැරි වෙනවා. ස්පීඩ් එකත් එහෙමයි අඩු වැඩි කලාම ඒ ස්පීඩ්එකේම ලොක්වෙන්න ඕනේ. එන්ජිම රිමෝට් එකෙන් ස්ටාර්ට් කරන්න...නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. තනියම ඇන්කර් කරගන්න පුළුවන් වෙන්න ඕනේ...වෙඩිතියන්න, වීඩියෝ කරන්න, එනවුන්ස් කරන්න පුළුවන් වෙන්න ඕනේ... එන්ජිම හැරෙන කෝණය (ගමන් කරන දිශාව ඝනනය කිරීම සඳහා)  , තමන් සිටින ස්ථානය GPS මගින් හොයලා...අපිට බෝට්ටුවෙන් දන්වන්න ඕනේ...වැඩ කෝටියයි ! . ඕවත් වැඩද... මල්ලි ඕවත් වැඩද...කිව්වට වැඩේ අමාරුයි. ඒත් ලුතිනන් කමාන්ඩර් විමලසූරිය බැඳගත්ත බෙරේ ගහලම තමයි බිම තියන්නේ. මම කවදාවත් කම්පියුටර් සෙල්ලම ඉගෙනගෙනනෑ, දැනුත් දන්නෙ...ඉලෙක්ට්‍රොනික්  සර්කිට් ඩිසයින් කරන එක වගේ පොඩි පොඩි වැඩ විතරයි ...අපේ කාලේ කොම්පියුටර් තිබුණයැ...බෝට්ටුව අනිවාර්යයෙන්ම කම්පියුටර් එකෙන් පාලනය වෙන්න ඕනේ. කම්පියුටර් ලෙබ්බෙපකීර් කෙනෙකුගේ සහයෝගය මේකට අනිවාර්යයි. ඔළුවට ආවෙ “නාලක”. තවත් හොඳ රේඩියෝඇමචර් වැඩකාරයෙක්. මර යුද්දෙකාලෙ නිසා මුලදී චුට්ටක් අකමැත්තෙන් උනත් සප්එක දෙන්න එයා කැමති උනා. (නාලක මට වඩා හුඟක් බාල කොල්ලෙක්) එයා මං වගේ මෝඩයෙක් නෙවෙයි...අවුරුදු තිස්එක වෙනකොටම ඉල්ලන්කාව අත හැරලා පව්ල පිටින්ම ඔස්ට්‍රේලියාවට ගිහිං පදිංචි උනා. ලංකාවට අහිමිඋන තවත් සුපිරිම මොළයක් !. නාලක සොෆ්ට්වෙයා පාර්ට් එක සෑහෙනදුරට ඉවර කළා.    
                                                       මං බෝට්ටුවේ Rudder Control (අවරය පාලනය) සහ Throttle control 100%ක් නිවැරදිව...තුට්ටුදෙකෙන් කළා පංචිකාවත්තෙන් හොයාගත්ත බඩුවලින්...අවුට්බෝඩ් එන්ජින් එක ක්රේඩ්ල් එකක එල්ලලා ගොඩ තියාගෙන.  මේකට සුදුසුම මෝටරේ තමයි කාර් වල තියෙන ඩෝ වයින්ඩර් මෝටරේ. ස්ටෙපර් මෝටරයක් හෝ සර්වෝ මෝටරයකින්  කරනවට වඩා පහසුවෙන්...මං මේ වැඩේට ඩෝ වයින්ඩර් මෝටර් දෙකක් යොදලා ගොඩ දැම්මා. වර්ම් ගියර් එකකින් වැඩ කරන නිසා පොසිෂන් එකකට ආවම ගල වගේ එකතැන නවතිනවා. ඒකයි කාර්එකක වීදුරුව බාගෙට වහලා අතින් පාත්කරන්න බැරි. රුපියල් 1800යි එක මෝටරයක්. තුට්ටු දෙකයි සර් !
                 දැන් තියෙන්නේ කම්පියුටරේට බෝට්ටුවේ සිස්ටම් එක ගුවන්විදුලි තරංග මගින් Interface කරගැනීම. මේකට අවශ්‍යයි හොඳම කොලිටියේ ඩේට ට්‍රාන්ස්මිටින් රේඩියෝ. නාලක වැඩකරන කොම්පැනියෙන් තමයි මේවා ගෙන්නන්නේ (බ්‍රෑන්ඩ් එක Elpro). බෑන්ඩ්විත් එක වැඩි නිසා වීඩියෝ ට්‍රාන්ස්මිටින් රිසීවින් වලටත් ඉතාම සුදුසුයි. නාලක වැඩේ හොඳට කළා. නාලකගේ ගාස්තුව අපි ගෙව්වා. නාලක අයින් වෙලා ඕස්ට්‍රේලියාවට ගියා. දැන් ඉතිං තවත් කොටසක් තියෙනවා... ඒ වීඩියෝ ගේම් ගහන්න ගන්න ජෝයිස්ටික් එකක් මගින්...කොම්පියුටරෙයි ට්‍රාන්ස්මීටරෙයි බෝට්ටුවයි එකවර පාලණය කිරීම. මේකට මං අල්ලගත්තේ මොරටුව කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ ඉලෙක්ට්‍රොනික් කරන...බැච් එකේ ඉන්න හොඳම කොල්ලා ගාමිණී. මිනිහත් සුපිරිම මොළයක්...මෑන් වැඩේ තිතටම කරල දුන්නා. දැන් බෝට්ටුවේ, වේගය, ගමන්මාර්ගය, හැරෙන ප්‍රමාණය කම්පියුටරේ සිතියමක වැටෙනවා. 
                                                   දැන් පළවෙනි ට්‍රයල්එක...කලම්බු හාබර් එකේ. එන්ජින්, බැටරි (UPS) සර්කිට්, ඇන්ටෙනා, ට්‍රාන්ස්මීටර්, රිසීවර්...ලට්ටලොට්ට ඔක්කොම උස්සගෙන ගියා ගාමිණිත් එක්ක හාබර් එකට. ඉල්ල ගත්තා රබර් ඩිංගියක්. පැය දෙකක් විතර ගිණිඅව්වේ මහන්සිවෙලා මේ ඔක්කොම ඩිංගියට සෙට් කළා...සිංහල ක්‍රමේට රාහුකාලෙ පන්නලා (ඔව් ලිතක් ඉල්ලගත්ත අරයගෙන්) උතුර බලා...සුබැනකතින් බෝට්ටුව ස්ටාර්ට් කරලා හාබර් එකේ පිණුම්ගැස්සුවා.  නැව්වල ඉන්න සුද්දෝ කටඇරං බලං ඉන්නව මිනිහෙක් නැතුව නැව් අස්සෙන් රිංගන බෝට්ටුව දිහා. ඉලංගකෝන් සරුත් ආවා බෝට්ටුව බලන්න...සරත්  කොහොමද බෝට්ටුව ?...අති විශිෂ්ටයි සර්...කාටද ආඩම්බර...සර් ලාවට හිනාඋනා. මීඩියා යුනිට් එකෙන් මේක වීඩියෝ කළා. අපි මේක කමාන්ඩර්ට පෙන්නන්නත් කලින්, මීඩියා යුනිට්එක බාර ඔෆිසර් ලකුණුදාගන්න... කරන්නාගොඩ සර්ට පෙන්නලත් ඉවරයි...ඒකට නම් මගේ ලොක්කට මළම පැන්නා. ඔන්න ඔහොමයි නේවි එකේ අයියලා.
                                            ඊළඟට දෙවෙනි ට්‍රයල් එක වරායෙන් පිට මහ මුහුදේ....ඉස්සෙල්ලම කලේ රිසීවීන් ඇන්ටෙනාඑක වරායේ රංගල නාවික කඳවුරේ උඩම තට්ටුවේ වහලේ හයිකරපුඑක. බෝට්ටුව ස්ටාර්ට් කරලා කැමරාව ඔන්කළා...ඇක්ෂන්...හරි දන්පලයන් පුතා...කොටී දඩයම් පුරුදුවෙන්න ! බෝට්ටුවේ තනියට ඩෝරා එකකුත් යැව්වා එන්ජිම මගහිටියොත් ඇහිඳන් එන්න. කිලෝමීටර් දෙක තුනක් ගියාට පස්සේ අපේ බෝට්ටුව නොපෙනී ගියා. දැන් පේන්නේ තුවක්කුවේ කෙලවරේ හයිකරල තියෙන කැමරාවෙන් පේන දර්ශනය විතරයි. පතුරම් දාල තිබුන නම්...ඈත පේන නැව් වලට වෙඩිතියන්නත් තිබුණා. කිලෝමීටර් පහලවක් විතර ගියාට පස්සේ ලැබෙන දර්ශණ අපැහැදිලි වුනා...ඝනය තුන්පෙලින් වමබලා ආආ පසූසූඋඋ හැරෙන්...බෝට්ටුව හරවලා ආපහු ගෙන්න ගත්තා... නැව්වල වීඩියෝ දර්ශණ, බෝට්ටුවේ ගමන් මාර්ගය...කම්පියුටරේ සිතියමේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. හොඳටෝම ඇති !. කෙලින්ම යුද්දෙට යවන්න අදහස්කලනිසා මේ බෝට්ටුව නිදහස් දිනයේවත් මහජනයාට ප්‍රදර්ශනය කලේනෑ. දැන් මේ වීඩියෝ එකේ කොපියක් නේවිඑකෙත් නෑ. පණ යනකම් සොයල...මගේ හමස් පෙට්ටියේ තිබිල...ඊයෙ තමයි CD එක හම්බවුනේ.
                 ඊලඟට හදන්න යෝජනා කලේ...ආමි එක සඳහා රිමෝට් කොන්ට්‍රෝල්ඩ් යුධටැංකියක්...ඒක මෙයිට වඩා හුඟක් ලේසි වැඩක්....කොටී ළඟටම කඩාගෙන බිඳගෙන ගිහිං වෙඩිතියලා ආපහු එන්න පුළුවන්...ජීවිත හානියක් නැතුව...    අදහස කිව්වා විතරයි..තිරිසනෙක් එක්ක වැඩකරන්න, එයාට උදව්කරන්න යන්න එපා, ඔයා වැඩකරන්නෙ නේවිඑකට විතරයි....කරන්නාගොඩ සර් මගේ ඇඟට කඩන් පැන්නා...එයයි ජෙනරල් ෆොන්සේකයි නයිවයිරයි කියල... මං දැනන්හිටියෙ නෑ !                 
                                                                             ගාමිණී මේකෙ වීඩියෝඑක මගෙන් ඉල්ලගෙන සිංගප්පුරුවේ විශ්වවිද්‍යාලයකට ඉදිරිපත් කළා. දැන් එයා ඒ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට උගන්වනවා, අපේ සල්ලි වලින් වර්ධනය කරපු තවත් මොළයක් අපි සිංගප්පුරුවට තෑගී කළා. මං විතරක් ලංකාවේ ඉතුරු උනා.  බැරිද...මාව විද්‍යාජෝති සම්මානේ දීලා...ජනාධිපතිගේ විද්‍යා සහ තාක්ෂණ උපදේශක කරන්න ?  .

                 

Monday, 8 August 2016

ජනපති මැදුරේ ඔත්තුබැලූ “අතිං කයිට්”

ජනපති මැදුරේ ඔත්තුබැලූ “අතිං කයිට්”  
                                                           මං කලින් බ්ලොග් එකකදී කිව්වනේ මං නොම්මර එකේ සරුංගල් කාරය කියල...ඉතිං නාවික හමුදා පර්යේෂණ අංශෙ හිටපු මට ඕනඋනා...කොටින්ගේ ඒරියාඑකට උඩින් රෑට සරුංගලයක් රඳවලා තියලා ඔත්තු බලන්න. විශේෂයෙන්ම උන් ආටි ගහන්නෙ (කාලතුවක්කු ප්‍රහාර) කොහේ ඉඳන්ද කියන එක හොයා ගන්න. මේක UAV එකක් යවල එයාෆෝස් එකට කරන්න බැරි වැඩක්...ඒක එක දිගට අහසේ රඳවලා තියන්න බැරි නිසා. කොටිය ආටි හත අටක් එක දිගට ගහල...ආමි එක කලබල කරල...කාලතුවක්කුව පොළවයට බංකරේට දානව...මේක ආමිඑකට වගේම නේවි එකටත් මළ ඇනයක් !. මේ බංකර් කොළඅතු වලින් වැහුවම මළාට හොයන්න බෑ. ඉතිං මේ වැඩේ කරන්න...
(1)    විශාල සරුංගලයක් ඕනේ... කැමරාව, ඒක රඳවගෙන හරවන ඇළුමිනියම් ක්රේඩ්ල් එක, බාහිර අතිරේක බැටරිය කේබල් එකේ බර උස්සන් යන්න පුළුවන්  වෙන්න ඕනේ.
(2)    සරුංගලය එහෙ මෙහෙ නොදුවා සෑහෙන තරම් දුරට එකතැන රැඳිල තියෙන්න ඕනේ
(3)    රෑට පියවි ඇසට නොපෙනී තියෙන්න ඕනේ    
                                 දැන් මං කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට බය නැතුව අතගහන්න හේතුවුන මගේ අතීත සරුංගල් අත්දැකීම්...      
                               මං සවුත්තු දෙපාර්තමේන්තුවට හොරෙන්...සික් ගහල දෙපාරක් බෙල්ජියම් ගියා. මගේ බෙල්ජියම් ගජයා “වීම් එල්බර්ස්” ගෙ ගෙදර තමයි මං නැවතිලා හිටියෙ. ඉතිං ඌත් පොඩිකාලේ ඉඳන්ම...සරුංගල් පිස්ස... අපිට ඕන උනා වයර් එකකින් ලොකු සරුංගලයක් අහසට යවල...වයර්එක ඇන්ටෙනාඑකක් විදියට පාවිච්චිකරල ලෝකේ දුර රටවලට...HF ට්‍රාන්ස්මීටරෙන් කතා කරන්න. වීම්ගෙ යාළුවෙක් ඉන්නව ෆොටෝග්‍රෆර් කෙනෙක් මිනිහ කරන්නෙ අමුතුම සබ්ජෙක්ට් එකක්...කැමරාවක් ගැටගහපු ලොකු සරුංගල් අහසට යවල පොලවේ ෆොටෝ අරං ලොකු ගණන් වලට විකුණන එක... (kite aerial photography). ලොකු සල්ලිකාරයෝ ආසයි තමන්ගෙ ගේ අහසටපේන විදිය දකින්න. ඒ දවස් වල මිනිස්සු ළඟ ධ්‍රෝන් තිබුනෙ නෑ බං....ඉතිං මේ වැඩේට යාළුවා පාවිච්චි කලේ පැරා ෆොයිල් සහ... රොකකු (ජපන් සරුංගලයක්) කියන සරුංගල් වර්ග දෙක. මේවා හොඳට බර උස්සන්න පුළුවන් සරුංගල්. රොකකු සරුංගලේ අහසට යැව්වම...අහසට තියල ඇණ ගැහුව වගේ තමයි... හෙල්ලෙන් නැතුව එක තැන තියෙනව !.



                          ඉතිං මං බෙල්ජියමේදී  හැදුව රොකකු එකක්...විම්ගෙ ගෙදර ළඟ තියෙනවා පාළු කුඹුරක් අපි එතෙන්ටගියා ට්‍රාන්ස් මීටරෙයි සරුංගලෙයි අරගෙන...ඒක වයර් එකකින් කිලෝමීටරයක් විතර අහසට යවල වයර් එකේ කෙලවර ඇල්ලුවා ට්‍රාන්ස්මීටරේට කනෙක්ට් කරන්න හිතාගෙන...මළ කෙළියයි කරන්ට් එක වැදුනා උඩවීසි වෙන්න. ඇඟිල්ලට ස්පාර්ක් එකක් පැන්නා...මට මතක් උනේ “බෙන්ජෙමින් ෆ්රෑන්ක්ලින්”... (අහල නැති උදවිය...අන්තර් ජාලය කියල එකක් තියෙනව ඒකෙ බලන්න)....සුළඟින් වයර් එකේ ඇතිවන ඝර්ෂණය නිසා...වයර්එකේ හැදෙනවා ස්ථිතික විද්‍යුතය. මුළු වයර් එකම ලොකු කන්ඩෙන්සරයක් වගේ චාජ් වෙනවා. මං... හීං සැරේ...විමාගෙ බෙල්ලෙ තැරෙව්වා වයර් එක...“හොත් ෆොදොර්ම”...ඌ ඕලන්ද බාෂාවෙන් දෙවියන්ට පින්දුන්නා. උඹ මාව මරන්නද යකෝ හදන්නෙ...(මේ දේ අත් හදා බලන්න මං ඔය පින්වතුන්ටත් ආරාධනා කරනවා...වහින්න කිට්ටු...අහසේ වලාකුළු තියෙන වෙලාවක මේක කලාම...උතුම්වූ අජරාමර...අමාමහ නිර්වා..වා..ආ..ආ...න සම්පත්තිය...පහසුවෙන්ම ලබාගන්න පුළුවන් !)...විමාටත් පුදුමයි මේ ෆකප් එක ගැන. ට්‍රාන්ස්මීටරේට අමුණන්න ...වයර් එක අල්ලන්න බෑ දැන් ඉතිං මොකේ දැයි... දන් වළඳන්නේ...?. බයවෙන්න එපා ත්‍රස්තවාදී අයිඩියානන්දට වහාම ආවා උත්තරේ... කියපල්ලා පුලුවන්නං උඹලත් විද්‍යාව කරල තියෙනවනේ ? මං කිව්වම කියයි... අපෝ ඔහොමනං අපටත් කරන්නතිබුණ කියල....
                         වීම් උඹ ගාව තියෙනවද ටෙස්ටර් එකක්...ඔව් මෙසලාච්චුවේ තියෙනව අරං වරෙන්. ගිහිං ගෙනාව ටෙස්ටරෙයි, වයර් කෑල්ලකුයි, යකඩ කූරු කෑල්ලකුයි ...වට්ද ෆක් යූ ආර් ගොයින් ටු ඩූ ? ඩෝන්ට් ඇටෑච් දිස් ෆකින් වයර් ටු මයි ට්‍රාන්සීවර්...ඉට් විල් බර්න් ද සර්කිට් බෝර්ඩ්....යූ ෆකින් ඉඩියට්...කීප් යුවර් බිග් මවුත් ෂට් ඇන්ඩ්...ජස්ට් වොච්...මං ඌට සුද්ද සිංහලෙන් කිව්ව !. ටෙස්ටරේ අත තියන කෙලවරට...වයර් කෑල්ල සම්බන්ධකරලා...අනිත් කෙලවර යකඩකූරට ගැට ගහලා... යකඩකූර  පොළවට බස්සලා ටෙස්ටරේ අර්ත් කළා...කටර් අඬුවෙන් අල්ලලා ටෙස්ටරේ තලේට සරුංගලේ වයර්එක ඇමිණුවා.... ෂා... මාරයි...වයර් එක චාජ් වෙන කොට ටෙස්ටරේ පත්තු වෙනවා...ඩිඩ් යූ සී...ශ්‍රී ලන්කන් මැජික් ?...සුද්ද රබර් ඇහැ දාගෙන කට ඇරං බලං ඉන්නවා. දැන් පුංචි වයර් කෑල්ලකින් සරුංගලේ වයර් එක ට්‍රාන්ස්මීටරේට ඇමිණුවා...දැන් කරන්ට් වදින්නේ නැත!!!...නව් කැරී ඔන්...මං සුද්දට අණ දුන්නා...
CQ DX… CQ DX… CQ DX…Oskar November Six Tango Zulu (ON6TZ)…Calling CQ DX…& Standing By… Whiskey Nancy 9 Charlie Bravo…you are Five by Six…ඇමරිකාවෙන් උත්තර ආව...ඇමරිකන් කාරයා ඇහුවා...උඹේ ඇන්ටෙනා එක මොකක්ද?  සරුංගලේකට ගැටගහපු වයර් එකක් !... මොකක් ?...  බ්ලා... බ්ලා... බ්ලා... දිගටම යනවා තොරණේ විස්තරේ...!!. ඕං ඕකයි අතීත කතාව...


                             
ඉතිං සරුංගල් ප්‍රොජෙක්ට් එක අනුමත උනා. නමුත් අපේ ගෘප් එකට වෙන්කරපු මුදල් ඉවරයි...පිටකොටුවට ගියා...මගේ සල්ලි වලින් කුඩරෙදී, ඇළුමේනියම් පයිප්ප මල්ටිබොන්ඩ්ගම් වගේ සරුංගලේට ඕනකරන අඩුම කුඩුම ඔක්කොම ගත්තා. එකදවසෙන් රොකකු සරුංගලේ හැදුවා...සල්ලි ආපු ගමන් කැමරාව ගෙනැත්...ඒක රඳවන්න ක්රේඩල් ඒකත් හැදුවා...හෙට හාබර් එකට යන චයිත්‍යපාරේ බීච් එකේ ඉඳගෙන උඩ යවලා කොළඹ ඔත්තුබලන්නයි ලෑස්තිය...කොහේ යවන්නද...වර්ෂාහේ කර්තාහේ වාහේ...හිටු කියලා වහිනවා...බච්චා...අච්චා පටන්ග් නහී කර්තාහූ !... වැස්ස පෑව්ව ගමන් උස්සගෙන ගියා ලොකු සරුංගලේ බීච් එකට. මගේ සල්ලි වලින් හදපුනිසා... මේකට මම නම දැම්මෙ “අතිං කයිට්” කියල...ඉතිං ඉස්ටෝරුවෙන් කේබල් රෝලක් ගෙනැත් උඩ යැවුවා සරුංගලේ. කැමරාවත් ඔන් කරලා එල්ලුවා...ඔය යන්නේ බබා වගේ...ටික වෙලාවක් පරීක්ෂණ පියාසැරිය කරගෙන යනකොට...ආමි එකේ ඩිෆෙන්ඩරෙකින් හතරදෙනෙක් ඇවිත් බැස්සා...ඔයාල මොනවද මේ කරන්නේ...? අපි අපේ ප්‍රොජෙක්ට් එක ගැන කිව්වා...සරුංගලේ ජනාධිපති මන්දිරේ උඩින්ගියා අපි වෙඩි තියන්නත් හදලා නේවි කියලා ගහපු නිසා තිව්වේනෑ...ඕක වෙන තැනකට ගෙනිහින් කරන්න....අපි “අතිං කයිට්” එක අකුලගෙන ගිහිං...නේවි එක ඉන්න, කාක දූපතේ අපේ සරුංගල් ප්‍රොජෙක්ට් එක කරලා අවසන් කළා !.



## මේ සබ්ජෙක්ට් එක ගැනවැඩි විස්තර සඳහා kite aerial photography සර්ච් කරන්න ##