Friday, 15 July 2016

අපේ ඉංජිනේරුවෝ

අපේ ඉංජිනේරුවෝ...
                                 අපේ විශ්වවිද්‍යාල වලින් පිටවන ඉංජිනේරුවන් බහුතරයක් වැඩබැරි ටාසන්ලාය. මට මොවුන් බොහෝගණනක් නව නිපැයුම් ප්‍රදර්ශන වලදී හමුවී තිබේ. මේකට හේතුව තමන් ඉංජිනේරුවකු බවට පත්වූයේ තමන් ඉංජිනේරු ක්‍ෂේත්‍රයට අසා නිසා නොව ඉබේට ඒකට තේරුණු නිසා වීමය. රෙසිස්ටරයක් පෙන්වා කලර් කෝඩ් එක බලා එහි අගය කීමට ඉලෙක්ට්‍රොනික්  ඉංජිනේරුතුමා දන්නේ නැත. 4017 IC එක කුමක්ද කියා ඇසූ විට උඩ බිම බලයි. ෆයිනල් ඉයර් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් හදාරන බහුතරයකට මයික්‍රෝ කොන්ට්‍රෝලර් එකක් නිවැරදිව ප්‍රෝග්‍රෑම් කරගන්නට බැරිය. මේක හරියටම කරන්න දන්නේ මුළු බැච් එකෙන්ම දෙතුන් දෙනෙක් පමණකි... අනිත් එවුන් උන් දෙතුන්දෙනාගේ එල්ලී ගොඩයයි. මේ විෂය හදාරන ගෑණු ළමයින්ගේ තත්වය කතාකර වැඩක් නැත. බෝයි ෆ්‍රෙන්ඩ් මොනවා හරි කර එයත් ගොඩදමයි. ගෙදර TV එක කැඩුනම...ඔයා ඉලෙක්ට්‍රොනික් ඉංජිනියර්නේ අනේ...මේක හදලා දෙන්නකෝ ඩාලිං කිව්ව විට...මට වෙලාවක් නෑ අනේ කියා ශේප් වෙයි. ගෙදර අයන්එක කැඩුනම විදුලිඉංජිනේරු තුමාටත් ඒක හදා ගන්නට බැරිය. කාර් එකේ බැටරිය චාජ් වෙන්නේ නැත්තේ ඇයි කියා මෝටර් මිකැනිකල් ඉංජිනියර්තුමා දන්නේනැත...පුංචි ගෙයක ප්ලෑනක් නිවැරදිව ඇඳ දෙන්නට බැරි...එත් දැවැන්ත ඉදිකිරීම් සමාගම් වල වැඩකරන සිවිල් ඉංජිනේරු වරු මට හමුවී ඇත. මාමේ මට කැඩ් වලින් 2D විතරයි අඳින්න පුළුවන් 3D අඳින්න බෑ කියා මෑතකදී කිව්වේ මගේ ඤාති  සිවිල් ඉංජිනේරු පුත්‍රයෙකි. ඉතිං බේසික් නොදන්නා මේ දරුවෝ කෙසේ නවනිපැයුමක් කරන්නද ?
                                                  ඔන්න ඉතිං තිබුනා සබන් නිෂ්පාදනය කරන සමාගමක්. මෙයාලගෙ ෆැක්ටරිය සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාකරන එකක්. නිපදවන සබන් කෑලි කොලවල එතිලා බෙල්ට් එක දිගේ එලියට එනවා. ඉතිං එයාලට තිබුන ප්‍රශ්නේ තමයි සබන් කෑල්ලක් ඇතුලේ නැති...හිස් දවටනයක් විතරක් මාකට් එකට යෑම. මේ ප්‍රශ්නේ විසඳන්න සමාගමේ ඉංජිනේරුවරු මුලින් අල්ට්‍රාසොනික් සෙන්සර් දාල බැලුවා...ලේසර් සෙන්සර් දාල බැලුවා... නොයෙකුත් දේ කලත් ප්‍රශ්නේ විසඳුනේ නෑ. මේ ෆැක්ටරියේ හිටපු පියන්ටත් ආරංචි උනා මේ ප්‍රශ්නේ. සර්...මට ඔය හිස් සබන් පෙට්ටි මාකට් එකට යනඑක නවත්තන්න මට පුළුවන්. උඹ අල්ට්‍රාසොනික්...ලේසර් එහෙම ගැන දන්නවද ?... නෑ සර්...එහෙනම් කොහොමද යකෝ උඹ ඕක කරන්නේ...? සර්...හයියෙන් කැරකෙන ටේබල් ෆෑන් එකක් බෙල්ට් එක ලඟින් තියන්න...හිස් පෙට්ටිය හුළඟට පැත්තකට වීසි වෙයි !
                                            දවසක් එරෝනොටිකල් ඉන්ජෝ දෙන්නෙක් කුරුමිණියෙක් ගේ පියාසැරිය ගැන පර්යේෂණයක් කරනවලු. කුරුමිනියාගේ ස්කන්ධය, පියාපත් වල වර්ගඵලය, පියාපත් වැඩකරන වේගය, වාතයේ ඝනත්වය, ආර්ද්‍රතාවය, වායුපීඩනය, වගේ සේරම සොයාගත් ඩේටා ගණිත සුත්‍ර වලට ආදේශ කරල බැලුවම.... කුරුමිණියාගේ බරේ හැටියට මේ සතාට කොගොමවත් ඉගිලෙන්න බෑලු !            
                                            තව දවසක් මෝටර් මිකැනිකල් ඉංජිනියර්තුමාගේ නිළ රථය අම්බලන්ගොඩදී  හිටපු ගමන් මග නැවතුනා. නෝනයි ළමයි දෙන්නත් ඇතුලේ. දන්න සෙල්ලං ඔක්කොම දැම්මත් ස්ටාර්ට් වෙන්නෙනෑ. රෑවේගෙනැත් එනවා...ලඟම තිබුනෙ නන්දන බාසුන්නැහේගේ ගැරේජ් එක. බාසුන්නැහෙත් වැඩ ඉවරවෙලා ගෙදර යන්නයි ලෑස්තිය. ඉංජිනේරු තුමා බාසුන්නැහේගේ පිහිට පැතුවා. බාසුන්නැහේ බොනට්එක ඇරලා බැලුවා...හා දැන් ට්‍රයි කරන්නකෝ ස්ටාර්ට් කරන්න...දැන් ට්‍රයිකරකලා...ට්‍රයිකරකලා බැටරියත් ෆ්ලැට් වෙන්න ලඟයි. බාසුන්නැහේ බෝල මිටියෙන් පාරක් දුන්නා ස්ටාටර් මෝටරේට...මෝටරේ කැරකිලා එන්ජිම ස්ටාර්ට් උනා. හැමෝටම සංතෝෂයි...බාසුන්නැහේ කීයද ගාන...? ඉංජිනියර්තුමා නන්දන බාස් ගෙන් ඇහුවා දෙදාස් පනහයි....මොනවා එක මිටිපාරක් ගැහුවට...? ඉංජිනියර්තුමාගේ නෝනා ගෙදරදී වගේම කෑගැහුවා...නෑ...නෑ...නෝනා...මිටිපාරට රුපියල් පනහයි...අනිත් දෙදාහ මිටිපාර ගහන්න ඕනෙ තැන දැනගෙන හිටියට !              
                                                                           

25 comments:

  1. ජෙප්පෝ ආන්ඩුව ඉල්ලනෙත් ඔය කතාව කියලා....
    අපිට දෙන්න කොරලා පෙන්නනම් කියලා....

    ඒත් සිරි ලන්කාවෙ කවුරුත් ඒවා පිලිගන්නේ නැහැ...

    විස්ස විජ්ජාල උපාදියත් ඒ වගේ....
    නැති එකා මොකක් හරි අටමගලයක් දාලා උපාදිය තියෙන එකාට වඩා හොඳින් වැඩේ කොරනවා,,,,,

    ReplyDelete
    Replies
    1. ඒත් හැම දෙමවුපියන් ට ම ඕනේ තමන් ගේ දරුවන් ව විස්ස විජ්ජාලෙඩ අරින්න මිසක උපාදි නැති සුපිරි වැඩ්ඩෙක් කොරන්න නෙවෙයි...

      ඒකට හේතුව මම දන්නෙ නැහැ...

      Delete
  2. කලින් දාල අයින් කලේ මේ පෝස්ට් එකමද

    ReplyDelete
    Replies
    1. //මේක ඇමරිකාවේ කැලිෆෝනියා වල වෙච්ච සිද්ධියක්...ඇමරිකන් ආමි ඔෆිසර් කෙනෙක් ගියා යුද්දෙට ඇෆ්ඝනිස්තානෙට. ඉතිං කාලෙකට මෙයා ගෙදර එන්නෙ නැතිනිසා වයිෆ් සෙට් උනා පරණ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක. අධික වර්ෂාවදවසක දෙන්න ආතල් එකේ ඉන්න කොට...දොරට තඩිබාන සද්දයක් ඇහුනා. මළකෙලියයි හස්බන්ඩ් ගෙදර ඇවිත්...එයා ළඟ පිස්තෝලයක් තියෙනවා දෙන්නම මරයි...ඉක්මනට ජනේලෙන් පැනලා දුවන්න...පොඩ්ඩක් ඉන්න මං ඇඳුම් ඇඳගන්න කං...ඇඳුම් ටිකත් අරගෙන ඉක්මනට ජනේලෙන් එලියට පනින්න...මිනිහා ජනේලෙන් පැනලා දුවන්න පටන් ගත්තා ඇඳුම් ටිකත් කිහිල්ලේ ගහගෙන...වාසනාවට පාරේ ලොකු මැරතන් රේස..//

      නෑ, අන්න ඒ වගේ එකක් එතන තිබුනෙ.

      Delete
    2. මොකක්? ආ......එහෙනම් ඒක මට නෙවෙයි ඇමරිකාවේ එකෙකුට තමයි වෙලා තියෙන්නේ. අම්මා........

      Delete
  3. ඔය කතා කියද්දි මටත් කතාවක් මතක් උනා... ලොකු මහාචාර්යවරු කීපදෙනෙක් හෙන සාකච්චාවක්ලු "සර්වලෝක ද්‍රාවකයක්" හදන්න... ලෝකේ තියන ඕනෑම දෙයක් දියකරන්න පුළුවන්. ඒකෙ කෙමිකල් ෆෝමියුලා එක අරෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කිය කියා හෙන වාදයක්ලු. ඒ අතරේ කාමරේ අතුගාන මනුස්සය ඇහුවලු "සෑර්ලා. එතකොට ඔය සර්වලෝක ද්‍රාවකය දාන භාජනේ මොකක්ද?" කියල..

    ReplyDelete
  4. සෙදී ගලවන්න එපා අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. // ඒත් හැම දෙමවුපියන් ට ම ඕනේ තමන් ගේ දරුවන් ව විස්ස විජ්ජාලෙඩ අරින්න මිසක උපාදි නැති සුපිරි වැඩ්ඩෙක් කොරන්න නෙවෙයි...//

      සෙද්ද තමා... ඔන්න අපි ඔහෙලාට ආයෙත් ඇන්දුවා

      Delete
    2. නැහැ ඕයි. මම කැම්පස් ගියේ මට ඕනේ නිසා, ගෙදරින් කවදාවත් කිසිම දෙකට බලපෑම් කරලා නැහැ, සජෙෂන් සහ සල්ලි දීපු එක ඉතරයි කොලේ...
      වතාවක් බයිසිකල් රේස් පිස්සුව ඔළුවට ගහපු කාලෙක (ඒ කිව්වේ ඒ ලෙවල් විභාගේ කිට්ටුව) රැලේ බයිසිකල් ෆ්‍රේම් හොය හොයා දවස් ගණන් කට්ට කකා ගම වටේ ගිහින් මහ රාත්‍රියේ ගෙදරට ආපු වෙලාවක තාත්ත කිව්වේ මෙහෙම...
      උඹ විභාගේ කරනවනම් ඒක හරියට කරපං, උඹට රේස් පදින්න ඕනෙනම් ඒක හරියට කරපං, මම උඹට හොඳ බයික් එකක් අරගෙන දෙන්නම් කියලා...
      ඉතින් ඒ වගේ උතුම් මිනිස්සුන්ට මේ බර පටවන්නේ කොහොමද කියපන්...

      Delete
    3. Sa rasa,
      මම මට ඕනේ උසස් අධ්‍යාපනය තෝර ගත්තා, නමුත් කැම්පස් එකේදී මට ඕනේ ෆීල්ඩ් එකට මට යන්න බැරි උනා, ලකුණු මදි උනා...
      නමුත් කැම්පස් එකෙන් අස් උනාට පස්සේ රස්සාව තෝර ගනිද්දී මම කැමැත්තෙන් හිටපු ෆීල්ඩ් එකේ රස්සාවකට කොහොම හරි ගියා...
      ඉතින් දෙයියනේ කියල අදටත් ඒ ෆීල්ඩ් එකේ රස්සාව කරගෙන ඉන්නවා...

      Delete
    4. උපාදියක් නැති සක්කරය ගේ පුතා වයිමා කීවත්, ඔහෙ ගේ මොරටු උපාදිය රටක් වටිනවා ලොකු පුතේ....

      උපාදි ඇති නැති හැමෝම තමන් ගේ දරුවන් ට උපාදියක් අරන් දෙන්න නොකරන දෙයක් නැහැ...


      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. ඇත්ත කතාව. මේ ලඟදි අපේ අපුච්චාගේ ඔපීසියේ මිකැනිකල් ඉන්ජෙක් අහනවා අපේ ගෙදර ඇවිත් වාහනේ බ්‍රෙක් පෑඩ් ගෙවිලා. ඒවායේ recondition එව්වා ගන්න තියේද කියලා! :D

    ReplyDelete
    Replies
    1. පාවිචිචිකරන ලද(Used) කියල කියන්න ඕන තැනට අපි කියන්නේ රි කන්ඩිශන් කියල .

      Delete
  7. අර සබන් කතන්දරේ වගේ එකක් මමත් අහල තියෙනව. මම අහපු වර්ශන් එකට නම් රටේ හිටපු නායකයෙකුත් සම්බන්ධ පරණ එකක්. ඇත්ත නැත්ත මන්දා-විහිළු කතාවක් වෙන්න ඇති. ලොකු වාහනයක් පාලමකින් මෙහා පැත්තට ගන්න ගිහින්, ඒත් පාලමේ උඩ සැකිල්ලෙ යන්තමින් පොඩ්ඩක් වදිනවලු. ඔය ලොකු ලොකු ඉංජිනේරු මහත්තුරු එකතුවෙල බර සාකච්ඡාවක්ලු-පාලමේ උඩ සැකිල්ල ගලවන්න. රටේ ලොක්කා පුපුරහැලෙන්න වුනාලු ‘පාලම ගලවන්න බොලාට පිස්සුද‘ කියල. මේක පැත්තකට වෙල බලන් හිටපු ගමේ වයසක මනුස්සයෙක් ලොක්කට කිට්ටු කරල ඇහැව්වලු ‘ඉතිං මහත්තයො වාහනෙ හුලං ඇරිය නම් අහවරයි‘ නේ කියල. අන්තිමට එහෙම තමාලු වැඩේ කරේ.

    ReplyDelete
  8. ලංකාවෙ වැඩබිම් වලදි නම් අපෙ ඉංජිනේරුවොන්ට වඩා ප්‍රායෝගික බාසුන්නැහේල,ගෝලයො එහෙම ඕනතරම් හම්බවෙලා තියෙනවා ඒත් දැන් වැඩකරන්න වෙලා තියන ඉංදියන් ඉංජොත් එක්ක බැලුවම නම් අපෙ අය උන්ට වඩා ගොඩක් ඉස්සරහයින් ඉන්නවා

    ReplyDelete
  9. හි..හි.. ගොඩක්ම එහෙම වෙන්නේ කියුවත් වගේ කැමැත්තෙන් නැතුව අම්මල අප්පලගේ උවමනාවට උසස් අධ්‍යාපනේ තොර ගන්න උන් නිසා..

    ReplyDelete
  10. හමුදාවේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් කැඩුනොත් ඒක සංඥා බලකාය වෙත යවන්න ඕනේ අලුත්වැඩියා කරන්න. අපිට ඒවා ගැලවීම, වෙනස් කිරීම සපුරා තහනම්. සමහරවිට මාස ගණන් බලා ඉන්න වෙනවා ආපහු ලැබෙනතුරු. නමුත් මම හොරෙන් අලුත්වැඩියා කිරීම ගණනාවක් කළා. ඉස්කෝලේ යන කාලේ ලබාගත් දැනුමට පින්සිද්ද වෙන්න. ඒ වගේම ඉතා දුර තැන්වලදී, ඇන්ටෙනාව සෙට් එකෙන් ගලවා, උස ගහක සවිකර, ටීවී ඇන්ටෙනා වයරයකින් සම්බන්ධ කර, හොඳින් පණිවිඩ හුවමාරු කර තියනවා.

    ReplyDelete
  11. මේ 90% කතාව නම් අතිශයෝක්තියක් හැබැයි එහෙම කට්ටියක් ඉන්නවා. ඕනැම වෘත්තියක.

    ReplyDelete
  12. ඕකට හේතුව උසස් අජ්ජහපන ආයතන වලිං එලියට දාන්නෙ වීඩියෝ ගේම් වලට ඔබින චරිත. වීඩියෝ ගේම්වල ඉන්න චරිතයක් බිත්තියකට මූනලා තියලා ඉස්සරහට යවන්න බලන්න. ඌ එතනින්ම යන්න හදනව මිසක් වෙන තැනක් බලන්නෙ නෑ .

    උන්ට දන්න ක්‍රමය වැරදුනොත් විකල්පයක් නෑ.

    ReplyDelete
  13. සරාරාත්, තැන්කිව් ඇඩ්වයිස් එකට. කාර් එක ඉස්ටාට් නැති උනොත් ගහන එක ගහනවා ඉස්ටාටර් මෝටරේට. ඕ යේස් කිව්වොත් කිව්වා. (ඊලඟ එකේ දාන්නකො හරියටම මෝටරේ තියන තැන ප්ලීස්)

    ReplyDelete
    Replies
    1. උඹ මේවා තේරුම් ගන්න තරම් මෝරලා මදියි පුතා !

      Delete
    2. සරත් දොස්තොර මහත්තයෝ, මෝටරේට තඩිබාලා හරියන්නේ නෑ. ගහන්න ඕනේ ඒකෙ සොලිනොයිඩ් කෑල්ලට.. මට හිතෙන හැටියට නන්දන බාස් උන්නැහෙ හරියට දැනන් හිටලා නෑ වගේ බොරු නං අහන්න කො ඔය මොහොට්ටි බාස් උන්නැහෙ වගේ කෙනෙක්ගෙන්

      Delete
  14. මේකෙ සම්පුර්ණ වැරද්ද අපේ විශ්ව විද්‍යාල වල පාඨමාලා වල විෂය පථය යාවත්කාලින නොවීමයි. පාලකයෝ බලන්නේ ශිෂ්‍යන්ගේ ඔළුගෙඩි වැඩ වලට හිර කරලා ශිෂ්‍ය උද්ඝෝෂණ මඩින්න මිසක් රටට ගැලපෙන වැඩදායක උගතෙකු බිහිවීමට අවශ්‍ය දැනුම ලබා දෙන්න නෙමෙයි. එලියට එන්නෙ පොතේ ගුරන් විතරයි. ඕක ඉන්ජෙක්ලාට විතරක් පොදු දෙයක් නෙමෙයි හැම පාතමාලාවකින්ම පිටවන උගතුන්ගේ තත්වය ඔහොම තමයි.

    ReplyDelete
  15. Engineering kiyana ekai technician kiyana ekai patalawagenada manda. Micro-controller eka program karana eka oona kenekta karanna puluwan machan 1hr waladi blog ekak balala karanna. Micro-controller eka design karana eka thama electronic engineers la inne. Technician lata wage extensive practical knowledge ekak engineering waladi denne na. Eekata heethuwa engineers la inne technology upgrade karanna. Use karanna thama technicians la inne.

    ReplyDelete