Saturday, 30 July 2016

භීෂණය වපුරන ජ්‍යොතිෂ්‍යය




නිමල් අබේසිංහ
තැනෙක මෑණි වරුය. තවත් තැනෙක මහා මන්ත‍්‍රාචාර්යවරුය, මහා හුලවාලි ගුරුය. ජ්‍යො තිෂ්‍යයේ අගතැන්පත් ඍෂිවරුය. විශ්වශක්ති කාරයෝය. හඳහන් බිල්ලෝය. රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් වැඩි කොටසක් අරක්ගෙන ඇත්තෝද මොවුහුය. වෙන කවරදාකවත් නොමැති තරමට අපේ රට මිථ්‍යා අගාධයේ පතුළටම කිමිදී අහවරය. රට කරවූ පාලකයාත් ඔහුගේ අතවැස්සනුත් නාමික බෞද්ධයන්ව බුදු දහමට පටහැනි මිථ්‍යා විශ්වාසයන්හි එල්බ සිටීම එයට ප‍්‍රධානම හේතුව බව සැබෑවයි. රටක පාලකයා නොමඟ යන කල්හි ඔහු අනුදත් පිරිසද ඔහු ගත් මගම යෑම ස්වභාවයයි. ඒ මග ප‍්‍රතික්ෂේප කරන විවේචනය කරන්නවුන්ට රාජද්‍රෝහී ලේබලය අලවා අඩන්තේට්ටම් කළේ එහෙයිනි.අඳුරෙන් එළියට එන මගක්එවන් අභාග්‍ය සම්පන්න සමයක අඳුරට ශාප කිරීම පසෙක ලා පහනක් දල්වන්නෙකු ලෙසින් සැම්සන් ගුණතිලක නම් සත්‍ය ගවේෂකයා ඉස්මතු වන්නේ ‘ග‍්‍රහ තාරකාවලට කළ හැක්කේ කුමක්ද?’ ග‍්‍රන්ථය නිසාවෙනි. ප‍්‍රථමයෙන් කිව යුත්තේ සැම්සන් ගුණතිලකගේ මෙහෙවර ඉතසිතින් පැසසිය යුතු බවය. මේ උත්සාහය යම් විටෙන ලෙහෙන් නැට්ටෙන් සිඳු සිඳින්නට ගත් තැතක් ලෙසින් කෙනෙකුට දකිත හැකි මුත් රටේ අභිවෘද්ධිය අපේක්ෂා කරන බුද්ධිමතුන් විසින් ඔහු ගත් මග තවදුරටත් ප‍්‍රවර්ධනය කරවිය යුත්තකි. රටේ කොතැනක හෝ සිට භෞතිකවාදීන් හෝ හේතුවාදීන් විසින් විද්‍යාව ප‍්‍රචලිත කරවීම වෙනුවෙන් ගන්නා උත්සාහය තව තවත් අභිපේ‍්‍රරණය කරවන්නකි.නූතන සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය ජ්‍යොතිෂ්‍යය නම් අවිඳු අඳුරෙහි ගිලී සිටින මේ වකවානුවේ ජ්‍යොතිෂ්‍යයෙහි ඇති අතාර්කික හා අවිද්‍යාත්මක බව පාදන්නට රචකයා උපුටාගෙන ඇත්තේ ‘කිං කරිස්සන්ති තාරකා’ නම් වූ බුද්ධ භාෂිතයයි. අද වන විට බුද්ධ දේශනාවන් විකෘති කර දක්වන චෞරයෝ පිරිසක් බුදුන් ජ්‍යොතිෂ්‍යය පිටුදැක නැතැයි ද උන්වහන්සේ විසින් අනුදත් විද්‍යාවකැයි ද මුසාබස් දොඩමින් ජනතාව දැඩි ලෙස මුලා කරති. බෞද්ධ සූත‍්‍ර, දේශනා හා ගාථා පාඨ යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර කාර්යයන් සඳහා බහුලව භාවිත කරති. ඇතැම් තන්හි බමුණන්ගේ වේද මන්ත‍්‍ර බුද්ධ දේශනා ලෙස හුවා දක්වති. බුද්ධ පුත‍්‍රයන් නොවන ශ‍්‍රමණ වේශධාරීහු ද මේ රංචුවට එකතු වෙති.සිද්ධාර්ථ ගෞතම අභිනිෂ්ක‍්‍රමණය කළේත්, බුද්ධත්වය අපේක්ෂාවෙන් කුසතණ මත්තෙහි වැඩ සිටියේත් නැකැත් බලා නොවේ. එසේ නැකැත් බැලූවේයැයි කොතැනක හෝ සඳහනක් ද නැත. එනමුදු සිදුහත් උපත හා ඔහුගේ ගිහි දිවියේ ඇතැම් සිද්ධීන් සම්බන්ධව බමුණු මතවලට අනුව නැකැත් බැලීම්, ඉරණම් ප‍්‍රකාශ කිරීම් ආදිය සිදුව ඇති බව නම් සත්‍යයකි.මේ සම්බන්ධයෙන් ඉතාම වටිනා උපුටනයක් නීතිඥ බැසිල් ප‍්‍රනාන්දුගේ ‘මානව හිමිකම් පහන’ කෘතියෙන් ගත හැක.‘පූජකයන් වූ බ‍්‍රාහ්මණයන්ට තමන්ගේ ආධිපත්‍යය පිහිටුවා ගැනීම සඳහා දෙවිවරුන් පිළිබඳ ඇදහීම් නැවත ඇති කිරීමත් පූජකයන් හා බුද්ධිමතුන් වශයෙන් තමන් සතුව ගුප්ත බලයක් ඇති බව ප‍්‍රකාශ කිරීමත් අවශ්‍ය විය. මැතිරීම්, සාස්තර කීම්, ආශිර්වාද කිරීම්, සාප කිරීම්, වාසනාවන්ත අවාසනාවන්ත තැන් පෙන්වීම්, සුභ අසුභ නිමිති කියවීම්, ග‍්‍රහඵල ප‍්‍රකාශ කිරීම්, යාග හෝම හා පූජාවන් පැවැත්වීම්, සතුරනට වින කිරීම් හා ගුරුකම් කිරීම් ආදී ඒ සඳහා අවශ්‍ය විය. උපත විපත හා ඒ අතර සිදුවන සියලූම වූ වැදගත් අවස්ථාවල කටයුතු ඔවුන් විසින් නිමකෙරුණු වතාවත් අනුව කෙරිය යුතු විය. ඔවුන්ගේ බලය හා ධනය ගොඩනගාගත හැකි වූයේ ඉහත සඳහන් සිතුම් රටාව හා ක‍්‍රියාකිරීම් රටාව යම් සමාජයක සිරිත් විරිත් තුළටම ගැබ්කර ගැනීමට තරම් පිළිගැනීමක් ඇති කර ගැනීමෙන් පසුවය. තර්ක ඥානය හා බුද්ධිගරුකභාවය ඉහළම මට්ටමින් සලකුණු ලබන සමාජ තුළ මෙවැනි දේ කිරීමට බැරිය.’ (66 පිටුව)අතීතයේ සිටම බමුණු මතවාදයට නතුවූ සමාජයන්හි සිදුවූයේ මෙයයි. ශ‍්‍රී ලංකාව තුළත් නූතන බමුණන් විසින් කර ඇති වින්නැහිය බරපතළය. තාර්කිකව සිතන සමාජයක් බිහිවීමට ඔවුහු ඉඩ නොදෙති. කුමන හෝ උප්පරවැට්ටි යොදා වැළකීමට උත්සාහ ගනිති. එදා සේම අදත් බුදු දහමට වේද මන්ත‍්‍ර රිංගවා එය බුදුන් දෙසූ දේ යැයි හුවා දක්වති.තිරශ්චීන විද්‍යාවක්සැම්සන් ගුණතිලකගේ කෘතියෙන් තිරශ්චීන විද්‍යාවක් වන ජ්‍යොතිෂ්‍යයේ අතාර්කික බව සේම භෞතික විද්‍යාවට පටහැනි බව මනා ලෙස තහවුරු කරයි. ‘ජ්‍යොතිෂ්‍යයේ පදනම පෘථිවි කේන්ද්‍රවාදයයි. එනම් නිශ්චිත පැතැලි පෘථිවිය වටා ඉර හඳ තරු ගමන් කරන බවයි. 16 වන සියවසේදී කොපර්නිකස් විසින් මේ මතය බිඳ දැමුවේ සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කරමිනි. පදනම වැරදි නම් එම වැරදි පදනමේ ඉදි වූ ජ්‍යොතිෂ්‍යයද වැරදියි. ඊටත් වඩා කුමන තර්කද?’ජ්‍යොතිෂ්‍යයේ පදනම සාවද්‍ය බව තහවුරු කරන්නේද භෞතික විද්‍යාත්මකවය. එහෙත් හිරු හා සඳු පෘථිවිය වටා ගමන් කරන්නේයැයි පැවසූ ඍෂිවරුන්ගේ මතය හිස් මුදුනින් පිළිගන්නාවුන් මේ ගැන උපහාසයෙනුත් අපහාසයෙනුත් සිනා සෙන්නට පුළුවන. එපමණක් ද නොව ඍෂිවරුන්ට වරදින්නේ නැති බවද පවසමින් ඔවුන් අබිමුවට පැමිණෙන අහිංසකයන් රවටන්නටද පුළුවන. රටේ කරුමය වන්නේ විද්‍යාව පිළිබඳ දැනුමක් ඇත්තවුන්ද පෘථිවිය පැතලිය යන මතය සම්බන්ධයෙන් මුනිවත රැුකීමය.අනෙක් හාස්‍යජනක කාරණාව වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ නැති රාහු කේතු නම් මනඃකල්පිත ග‍්‍රහයන් දෙදෙනකු ද මේ ඍෂිවරුන් අතින් බිහිවී අපේ ජ්‍යොතිර්වේදීන් විසින් තවමත් භාවිතයට ගැනීමයි. රාහු හා කේතු සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සිටී නම් ඒ කොතැනකදැයි මේ අය පෙන්වා දිය යුතුය. මේ මිථ්‍යාවෙන්ම සූර්යග‍්‍රහණ හා චන්ද්‍රග‍්‍රහණ, ජ්‍යොතීර්වේදීන් හඳුන්වන්නේ රාහු ඇල්ලීම ලෙසිනි. ඉතා නපුරු ග‍්‍රහයෙකු කලින් කලට පැමිණ හිරු හා සඳු ගිල දමන බවට ඔවුහු විශ්වාස කරති.ක්ෂීර පථය ගැනවත් නොදනී‘සඳ හා සිකුරු තුළ තෙතමනයක් ඇති නිසා ඒවා ස්ත‍්‍රී ග‍්‍රහයන් වේ.’ (ඒ අනුව වත්මන් ජ්‍යොතිෂ්‍යඥයන් බහුල ලෙස ඇසුරු කරන අද කාලයේ ජ්‍යොතිෂ්‍ය පොත්වලද සඳ ජලය බහුල තාරකාවකැයි සඳහන්ය.)සඳෙහි දියබිඳුවකුදු නැති බව මේ වනවිට තහවුරු කරගෙන ඇති බව සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා සිසුවෙක් වුවද දනී. එහෙත් තවමත් මෙරට ජ්‍යොතීර්වේදීහු සඳේ ජලය ඇතැයිද, තෙතමනය සහිත යැයිද සිතමින් කේන්ද්‍ර සාදති. නැකැත් සාදති. හේතුව වන්නේ සඳෙහි ජලය නැති බව කිවහොත් ඔවුන්ගේ ජ්‍යොතිෂ්‍ය පදනම දෙදරා යන බැවිනි. එවිට ඔවුන් ඇසුරු කරන ජ්‍යොතිෂ්‍ය පතපොතට අනුව පලාපල කිව නොහැකිය. ජ්‍යොතීර්වේදීන්යැයි කියා ගන්නා අයට විශ්වය ගැන හෝ මන්දාකිණි ගැන නිරවුල් දැනුමක් ඇත්තේ නැත. ඒවා හසුරුවන භෞතික විද්‍යා නියමයන් දන්නේ නැත. දැනගන්නට උවමනාවක් ද නැත.‘විශ්වය තාරකා මණ්ඩල හෙවන් මන්දාකිණි වශයෙන් පවතී. මෙම මන්දාකිණි සක්වලවල් හෝ චක‍්‍රවාට ලෙසද හැඳින්වේ. අපේ සූර්යයා අයත් මන්දාකිණිය ක්ෂීර පථය ලෙසද අපට ආසන්නම ඊළඟ මන්දාකිණිය ඇන්ඩ්‍රොමීඩා ලෙස ද නම්කර ඇත. විශ්වය තුළ මන්දාකිණි බිලියන සියයක් හෙවත් සියක් කෝටි සියයකටත් වඩා ඇතැයි විශ්වාස කෙරේ. අපේ ක්ෂිර පථයේ ද තාරකාද සියක් කෝටිය ඉක්මවා ඇතැයි සැලකේ.’ (25,26 පිටු)මිථ්‍යාව වපුරමින්, ජනතාව නොමග යවන ජ්‍යොතිෂ්‍යවේදීන්ට මේ අනුව විශ්වය ගැන හෝ අවම වශයෙන් තමන් සිටින ක්ෂිර පථය ගැන හෝ පූර්ණ අවබෝධයක් ඇත්තේ නැති බව සහතිකය. අඳුරේ අතපත ගෑමෙන් සිය පූර්වගාමීන් විසින් පවසා ඇති දේ එලෙසම පැවසීම පමණකි ඔවුන් සිදු කරනුයේ. තමන් අසල ගැවසෙන සමාජ ආර්ථික ගැටලූ අභිමුඛ ඒවාට විචාරශීලීව මුහුණදීමට අසමත් මිනිසුන්ට උපදෙස් දෙන්නේ මෙවන් ජ්‍යොතීර්වේදීන්ය.ආකාශ වස්තූන් හසුරුවන බල හතරෙන් ජ්‍යොතීර්වේදීන් අදාළ කරගන්නේ ගුරුත්වාකර්ෂණ බලය පමණක් බව සැම්සන් ගුණතිලක පවසයි. එපමණක්ද නොව ග‍්‍රහයන්ගේ ගුරුත්වාකර්ෂණ බලයක් අපට එල්ල නොවන බවද පොතේ සඳහන්ය.‘(සූර්යයා හැර* කිසිම තරුවකින් අපේ ආසන්නම තරුව වන ප්‍රොක්සිමා සෙන්චුවරි තරුවෙන් පවා අපට ගුරුත්වාකර්ෂණ බලයක් එල්ල නොවේ. ඒවායින් නිකුත් කරන ආලෝකය ඇතුළු විද්‍යුත් චුම්බක තරංග පවා අප කරා පැමිණීමට අවුරුදු සිය ගණනින් දහස් ගණනින් කෝටි ගණනින් කාලය ගතවේ. තාරකා රාශි අනුවත් නැකැත් අනුවත් අපට බලපෑමක් ඇතැයි කියන්නේ නොදන්නාකමටය.’ගුරුත්වාකර්ෂණ බලය වුව මේ ජ්‍යොතීර්වේදීන් පවසන විදියේ බලපෑමක් ඇති කරන්ට අසමත් වන බවද කිව යුතු වන්නේ එහි ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සලකා බැලීමේදීය. ‘සූර්යයාගේ සිට පෘථිවියට ඇති කිලෝමීටර් කෝටි 15ක පමණ දුර ගෙවීමට ආලෝකයට විනාඩි 8.2ක් පමණ කාලයක් ගතවේ. ප්‍රොක්සිමා සෙන්චුවරි තරුවේ සිට එහි ආලෝකය පැමිණීමට වසර 4.5ක් පමණ ගතවේ. ඒ අනුව බලන විට එම තරුව දැන් අපට පෙනෙන්නේ මීට අවුරුදු 4.5කට පෙර තිබූ ආකාරයෙනුයි.’ සූර්යයා හැර අපට ළඟම තරුවට දුර එසේ නම් අනෙක් තරු ගැන අපේ මන්දාකිණියට අයත් නොවන ඈත තරු ගැන කියනු කවරේද? (31,32 පිටු)භෞතික විද්‍යානුකූලව සැබෑ තත්ත්වය වන්නේ මෙයයි. එහෙත් මෙකී තත්ත්වය අවබෝධ කරගැනීම තරමක් කර්කශය. විද්‍යා නියමයන් ගැඹුරු මෙන්ම දුරවබෝධය. සත්‍යයේ ස්වභාවය ද එයයි. මේ නිසා ජ්‍යොතිෂ්‍ය කරුවන්ට ඉතාම පහසුවෙන් අවිද්‍යාවක් ජනගත කරන්නට හැකියාව ඇතිවා පමණක් නොව එබඳු මිනිසුන් බිය කරන්නටද මගක් තනාගෙන ඇත්තෝය.තාරකා විද්‍යාවේ සෞරග‍්‍රහ මණ්ඩලයට සමගාමීව ජ්‍යොතිෂ්‍යයේ නවග‍්‍රහ මණ්ඩලයක් තිබේ. ජ්‍යොතිර්වේදීන් එය කිසි විටෙක සිතියමක ඇඳ දක්වන්නේ නැත. ඊට හේතු බොහෝය. (33,34 පිටු)මනඃකල්පිත ග‍්‍රහයන් දෙදෙනෙකු වන රාහු සහ කේතු නවග‍්‍රහ මණ්ඩලයේ ස්ථානගත කිරීමේ අභියෝගය ඔවුන්ට ඇති ප‍්‍රධානම බාධකයකි. එසේම පෘථිවිය පවා ඔවුනට ග‍්‍රහයෙක් නොවන්නේය. මෙවැනි අවිද්‍යාත්මක පදනම් මත පිහිටා ජ්‍යොතිෂ්‍ය අනාවැකි පැවසීම මුසාවක් බව අප තේරුම්ගත යුතුව ඇත.නාසා ආයතනයේ සැබෑ ඍෂිවරුන්යුරේනස් සහ නැප්චූන් නමැති ග‍්‍රහයන් දෙදෙනා නාසා ආයතනය විසින් සොයාගත් පසුව ජ්‍යොතීර්වේදීන් ඒවා තම ග‍්‍රහ මණ්ඩලයට එකතු කරගන්නට පැකිලූණේ නැත. එහෙත් නාසා ආයතනය ගැන හෝ ඒ ග‍්‍රහයන් සොයාගත් විද්‍යාඥයන් ගැන නොකියන්නට මේ අය වග බලා ගැනීමට පරිස්සම් වූහ. එසේ වූ විට නාසා ආයතනයේ ද ඍෂිවරුන් සිටින බව ජ්‍යොතිර්වේදීන්ට පිළිගන්නට සිදුවෙයි. එය ඔවුනට අවාසි සහගතය. ‘රාශි සහ ග‍්‍රහමාරු’ යන හිසින් යුතුව ලියා ඇති ලිපියේ ජ්‍යොතිෂ්‍යය අනුව දක්වන රාශි යැයි ස්ථාවර කිසිවක් නැති බව මැනවින් පහදා දෙයි. ජ්‍යොතිෂ්‍යයේ රාශි නම් කිරීමම සාවද්‍යය. එසේ වන්නේ ඒවා නම්කර ඇත්තේම පියවි ඇසින් දැකිය හැකි තරු පොකුරුවල හැඩයක් සැලකිල්ලට ගෙන නිසාය.‘රාශිවලට අයත් තරු පන්ති සහ ඒවායේ හැඩයන් ප‍්‍රමාණයෙන් එකිනෙකට වෙනස්ය. කන්‍යා රාශිය වඩාත් විශාලය. මේ නිසා රාශි 12ට 30Ÿ බැගින් ජ්‍යාමිතිකව අහසේ ඉඩ වෙන්කිරීම කළ නොහැකි දෙයකි. එහෙත් ජ්‍යොතිෂ්‍යය විසින් එසේ කිරීම නිසා ඔවුන්ම විශාල අර්බුදයකට තල්ලූ වී ඇත. ’(48 පිටුව)අවාසනාවන්ත කාරණා වක් වනුයේ අප තවමත් ග‍්‍රහලෝක දෙස බලන්නේ ජ්‍යොතිෂ්‍ය උපදෙස් අනුව වීමයි. තාරකා විද්‍යාත්මකව පදනමක සිට අපට ඒ දෙස බැලීමට හැකි අවස්ථාව ළඟා වූ විට ජ්‍යෙතිෂ්‍යකරුවන්ට වෙන අතක් බලාගැනීමට සිදුවනු නොඅනුමානය. ඒ වෙනුවෙන් බුද්ධිමතුන්ගෙන් සිදුවිය යුතු මෙහෙවර සුවිසල්ය.පාලකයනුත් මිථ්‍යාවේමෙම මෙහෙවරේදී ජ්‍යොතිෂ්‍යය වන් මිථ්‍යාවන් පිළිබඳ සැබෑව හෙළිදරව් කරමින් ජනතාව විද්‍යාත්මක දැනුමින් සන්නද්ධ කිරීමට ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයකට එළඹිය හැකිය. ග‍්‍රහ තාරකාවලට කළ හැක්කේ කුමක්ද යන ග‍්‍රන්ථයේ ‘ග‍්‍රහලෝක පියවි ඇසින්, අසුභ කේන්දර සුභ කෙරේ. ජ්‍යොතිෂ්‍ය පොත්වලින්, කිරණ හා තරංග, වාස්තු විද්‍යාව, ජ්‍යොතිෂ්‍යයේ වෙලාව හැමවිටම ප‍්‍රමාදයි, ජ්‍යොතිෂ්‍යය පිළිබඳ සමීක්ෂණයක්, ලක් රජය ජ්‍යොතිෂ්‍යයට බාරයි, ග‍්‍රහ තාරකා රැුවටීමට ලක්වෙයි, ජ්‍යොතිෂ්‍යය අතීතය පිටු දකී, සුවිශේෂ වෙනස්කම් කුමක් නිසාද, කැලණි සරසවිය වෘෂභ රාශියට, මගෙ ළඳුනේ නොගැළපිලා රුධිර පොරොන්දම්, රාහු කේතු සහ රාහු කාලය, තරු අතර සැතපෙන උගතුන්, අභියෝග ඉදිරියේ අසරණයි, පරාජයන් මාලාවක්, පහසු ගමනක නිමාව’ යන ශීර්ෂයන් යටතේත් ජ්‍යොතිෂ්‍යය සාවද්‍ය බව හෙළිදරව් කරන්නට ගත් උත්සාහය මැනැවින් සාර්ථකව ඇතිවා පමණක් නොව මහා ඍෂිවරුන් සේ පෙනී සිටින ශ‍්‍රී ලාංකික ජ්‍යොතීර් වේදීන්ගේ පස්ස බිම අන්නන්නටද සමත් වන්නක් වෙයි.මෙයිනුත් ‘ලක් රජය ජ්‍යොතිෂ්‍යයට භාරයි’ හා ‘කැලණි සරසවිය වෘෂභ රාශියට’ යන ශීර්ෂයෙන් යුත් ලිපි දෙක නැවත විමසීමට ලක් කරන්නේ අදත් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙනය.හිටපු පාලකයන් ජ්‍යොතීර්වේදීන්ගේ උපදෙස් අනුව දිව්රුම් දුන් අවස්ථා දෙකක් ‘ලක් රජය ජ්‍යොතිෂ්‍යයට බාරයි’ යන ලිපියේ අන්තර්ගතය. ඒ නැකතට දිව්රුම් දුන් දෙදෙනාම මිය ගියේ නොසිතූ හදිසි අනතුරුවලිනි. පිළිවෙළින් බණ්ඩාරනායක අගමැතිවරයා සහ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාය. පන්සල් වටා කටු කම්බි ගැසූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එවැන්නක් සිදු නොවූවා පමණක් නොව ඔහු ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුවේදී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයෙන්ද බේරුණේය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂට නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය තබන්නට උපදෙස් දුන්නේද ජ්‍යොතිෂ්‍යකරුවෙකි. එයින් නොනැවතී රනින් කළ වශී බෝලයක් දී ජනතාව ඉදිරියේදී එය සුරත තබාගෙන මිරිකන්නටයැයි උපදෙසක් ද මේ අයම දී තිබුණු බව ජනහමුවලදී කතා කළ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කළ දෑවලින් ප‍්‍රදර්ශනය විණි. ඒ අතර මේවාට උඩගෙඩි දුන් ජ්‍යොතීර්වේදීන්යැයි කියාගත් පිරිසක් ද මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බවට සපථ කරමින් එසේ නොවුවහොත් හිසට වෙඩි තබාගන්නා බවටද, ගිනි තබාගන්නා බවටද මොර දුන්හ. වශිය විසි වී දෙවතාවක්ම මහින්ද රාජපක්ෂ පරාජය වී පල්ලම් බැස ගියත් දිවි පරදුවට තබා ජ්‍යොතිෂ්‍යයට ඔට්ටු ඇල්ලූවන් ඔළුවට තබා පශ්චාත් භාගයටවත් වෙඩි තබාගත්තේ නැත.වෘෂභ රාශියට වැටුණ උගතුන්‘කැලණිය සරසවිය වෘෂභ රාශියට’ යනුවෙන් දකිත්දීම අපට සිහිපත් වන්නේ මහා ගණිතඥයන් රසායන විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන්යැයි මේ රටේ පරසිදු උගතුන්ද නාථ දෙවිඳුන්ගේ උපදෙස් අනුව කටයුතු කරනු දැකීමයි. එතෙකින් නොනැවතී නාථ දෙවියන් විසින් නිර්දේශිත කැඳ වර්ග සිය පාසලේ දරුවන්ට පොවන්නටද උපදෙස් දී ඇත්තේ එසේ මෙසේ කෙනෙකු නොව රාජකීය විදුහලේ විදුහල්පතිවරයාය. නාථ දෙවි කැඳ වත්මන් ජනාධිපති කාර්යාලයටද ගලාගෙන ගොස් ඇත්තේ එතුමන්ලාද එතරම්ම අනාථ වී ඇති බැවින් දැයි අපට සිතෙයි.විද්‍යාව පහදා දෙනවාට වඩා අවිද්‍යාවෙන් ජනයා ගලවා ගැනීම දුෂ්කරය. ගුරුවරයාට වඩා මිථ්‍යාව විශ්වාස කරන මාපියන් ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවා බෝධි පූජාවලට ඇදගෙන යන්නේ එබැවිනි. මෙයින් උපරිම ප‍්‍රයෝජන ගන්නා ජ්‍යොතිර්වේදීහු විභාගයට පිටත්වීමට සුදුසු නැකැත් ද සාදති. බහුජන මාධ්‍ය ඒවා ප‍්‍රසිද්ධ ද කරයි. විභාග ශාලාවට ඇති දුර හා ප‍්‍රවාහන ආදී ප‍්‍රශ්න හේතුවෙන් නැකැතට පිටත්වන්නට නොහැකිව දරුවෝත් මාපියෝත් හූල්ල හූල්ලා දුක්වෙති. සාක්ෂරතාවෙන් ඉහළයැයි කියන අපේ සමාජයේ පවතින තත්ත්වයයි. ඉදින් නිසි ලෙස ප‍්‍රයෝජන ගන්නේ නම් ‘ග‍්‍රහතාරකාවලට කළ හැක්කේ කුමක්ද?’ පොත රටවැසියන්ටත් ඒ අයගේ පාලකයන්ටත් වදුලෙන් එළිපහළියට එන්නට නියම මාර්ගයක් පෙන්වන පහනක් කරගත හැකිය.
window.locatio=“http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2″;
ප:ලි...කුජ 7 , හතර කේන්දරේ පාළු වැනි බහුභූත විශ්වාස නිසා...අවරුදු හතලිහ පැනපු කන්‍යාවෝ ( පිරිමියකු අතින්වත් අල්ලා නොමැති ). කෙල්ලකුගේ මූණක් ඉඹලා නැති කොල්ලෝ....ලක්ෂ ගණනක් මේ කාලකන්ණි දූපතේ තනිකඩ ජීවිත ගෙවති. මේ භීෂණය වපුරන...කාලකන්ණි නක්ෂත්‍ර කරුවන්...සියළු දෙනාම අල්ලා වෙඩිතබා මරා දැමිය යුතුය !. 

8 comments:

  1. මිත්‍යාව අලෙවිකිරීම අද හොඳ බිස්නස් එකක්. ටී.වී, එෆ් එම් නාලිකා මෙක ජයටම කරනවා. ලංකාවේ මෝඩ හැත්තමේවා විස්වාස කරනකම් කොරන්න දෙයක් නෑ. ආංඩුවෙන් මේවා තහනම් කලොත් මිස!

    ReplyDelete
  2. තාරකා කිසි දෙයක් කීවේ නැත
    නිහඞව දිලිසුනා පමණි
    අනාගතය ගැන කීමට
    තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
    එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
    අප දුටුවේ විශ්වය හරහා එන
    එහි ආලෝක ධාරව පමණි
    ශුන්‍ය වූ ස්කන්ධයක
    අතීත පිහිටීම සලකා
    අනාගතය ගැන කියන
    පේන විශ්වාස කරන
    බයින් හැකිලී
    ආත්ම ශක්තිය මොට කරගන්නා මිනිසා
    මරු සිටින දිශාව දෙස නොබලා ,
    රාහු කාලය නිසා
    අත පය බැඳ
    හිස් නුබ කුස් දෙස බලා සිටියි.

    ReplyDelete
  3. ජ්‍යොතිෂය නොතිබුනා නං, මිනිස්සු විශ්වාස නොකළා නං, උඹලා මහින්දව එලවාගන්නෙ කොහොමද?

    ReplyDelete
  4. එහෙනම් ඒ ජ්‍යොතිෂයෙන්ම සිරිසේන එළවලා මහින්දට ආපහු එන්න බැරි ඇයි?

    ReplyDelete
  5. Hoda mathrukawk, boho denek hitannawath bayawena. Me pota kiyawanna onee. Prakashakaya kaude?

    ReplyDelete
  6. ලංකාව ලෝකයෙන්ම අමුතු රටකි . දැනට අවු 40 කට ඉහත තිබුනාට වඩා වඩා මිත්යාවිස්වාශ දැන් තිබේ.

    අපේ දෙමව්පියන්ගේ කාලයේ නූගත් අය වැඩියෙන්ද උගත් අය අඩුවෙන්ද මිත්‍යා විස්වාස පස්සේ ගියා. දැන් උගත් නූගත් බේදයක් නැතුව ඔක්කොම එවුන් යනවා

    ගුරුත්වාකර්ෂනය ,වඩ දිය බාදිය ගැන හඳේ බලපෑම, ඉරේ විකිරණ ආදිය තිබෙන නිසා ග්‍රහලෝක හා ඉරෙන් මොකක් හරි සුලුවට හරි බලපෑමක් තියනවයි කියමු, නැහැයි කියල ඔප්පු නොකල හැකි නිසාවත්.

    ඒත් කාගෙවත් විවාහයකට සිකුරුගෙන් අරක මේක වෙනවයි කියල කියන්නෙ කොහොමද? බුදගෙන් බ්‍රහස්පතිගෙන් එන ඒ බලපෑම සිකුරුට වඩා වෙනස් වෙන්නෙ කොහොමද? මොකක් නිසාද? ග්‍රහලෝකවල බූගෝලය, අන්තර්ගත ලෝහ සයිස් එක බ්‍රමණය ආදී වෙනස්කම් නිසාද? ඔය මොන මගුලකින් හරි මෙහෙ ඉන්න කෙනෙක්ගේ මගුලට බලපාන්නෙ කොහොමද? ගුරුත්වාකර්ෂනයද ? එලියද? විකිරණද? පාර්ටිකල්ස්ද? හඳහන්කාරයන්ට ඕකට උත්තරයක් දෙන්න පුලුවන්ද ?නිකම්ම මේකෙන් අර බලපෑම අරකෙන් මේ බලපෑම විතරක් නොකියා ඇයි කියල කියන්න පුලුවන්ද කාටවත්?

    ReplyDelete
  7. ඉරාන ඉස්ලාමීය ජනරජයතුල න්‍යෂ්ටික තාක්ෂණය දියුණුකිරීමට තරයේ විරුද්ධවන බටහිරයන්,
    එරට ඇලෝපති වෙදකම දියුණු කිරීමට විරුද්ධ නොවන්නේ මන්ද?(අවශ්‍යනම් ඇලෝපති වෙදකම හරහා තම ජනගහනය වැඩිකරගෙන ඒ හරහා ඉස්ලාමීය බලය වැඩිකිරීමට හැකියාවක් නැතිද?)
    එයට හේතුව ඇලෝපති වෙදකම යම් සමාජයක ජනප්‍රියවීම සමඟ එම සමාජය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයෙක් බවට පත්වීමයි.

    හේතුවාදය ගැන සලකා බැලුවහොත් මෙරටතුල හේතුවාදය හරහා සිදුවන්නේ බටහිර ඇලෝපති වෛද්‍යවරයාට අනවශ්‍ය සිවිල් බලයක් ලැබීමයි. එයින්වන හානිය මිත්‍යාවන්ගෙන් වන හානියට වැඩියි.
    බටහිර විද්‍යාව අනෙකුත් දැනුම් පද්ධතිවලින් වෙනස්වන මූලික කරුණ වන්නේ එහි ඇති වියුක්ත බවයි. ඇලෝපති වෙදකම යනු ප්‍රධාන වශයෙන් බටහිර ජීවවිද්‍යාව මත රඳා පවතින තාක්ෂණයක්. බටහිර ජීව විද්‍යාව යනු බටහිර භෞතික විද්‍යාවටපසුපසින් නොන්ඩි ගසමින් යන වියුක්ත භාවය අඩු දැනුමක්.
    එමනිසා හේතුවාදය හරහා වන්නේ අප බටහිර දැනුමේ පරිධියේ සිරකිරීමයි.

    ReplyDelete
  8. mea karanne kalakanna Meadia karayoo.. unge wada nisa thama mewa udu duwala thiyenne

    ReplyDelete