Monday, 4 July 2016

චැනල් කවි








චැනල් කවි

බුලත් නොකා පිළිකාවක්                                           හැදුනේය
මුදල් නැතිව රෝහල වෙත                                         ඇදුනේය
ඇඳක් නැතිව පැදුරක් මට                                           දුන්නේය
ඩොක්ට චැනල් ඉඳහිට මා                                        බැලුවේය

නලාවක් තබා හදවත                                               සෙව්වේය
X රේ කොපිය ගෙන උඩ බිම                                      බැලුවේය
නුඹේ යකඩ හද විනිවිද                                            පෙනුනේය
මගේ කණට එහි බොල්හඬ                                      ඇසුනේය

හතරට එනව කිව් දොස්තර අටටයි                              එන්නේ
පස්වෙනි චැනල් සෙන්ටරේටයි මේ                    පැමිණෙන්නේ
මුදල් පොට්ටනිය රිය තුල                                       සඟවන්නේ
දොස්තර ගේ මව්තුමියට පින්                                       දීපන්නේ

 මුත්‍ර පරික්ෂණ පරීක්ෂණ බ්ලඩ් ටෙස්ට්                කරපන්නේ
සීටී ස්කෑන්  එකක්  ලාබයි                                        අරගන්නේ
අල්ට්‍රා සවුන්ඩ්  එක  මිහිරියි                                    අහපන්නේ
රුපියල්   ලක්ෂයක්   මේවට                                 ගෙවපන්නේ

පෙති බාගයයි කෑමට ඉස්සර                                            මේක
තේ හැඳි දෙකයි කෑමට පස්සේ                                         මේක
හැමටම බෙදන කෝකට තෛලය                                   මේක
ලෙඩා මළත් බඩ සුද්දයි නැහැ                                         සෝක

රුපියල් දෙදාහක් සුළුගනනකි                                         නුඹට
උපාධි පට්ටම් ගැහුවේ නැත                                             පිනට
බෙන්ස් කාර් එක දැම්මලු අද                                          නැවට
මුදල් නැතුව ලෙඩ සෑදෙන්නේ                                         කුමට   

චැනල් කරනවිට මතුවෙයි ක්ෂණික                               මුදල්      
ක්ෂණික මුදල් ලබෙනාවිට කොළඹ                            ගෙවල්        
මුදල් නොමැති නුඹ දුටුවම සිහිය                                  විකල්
එන්න එපා රෝහල වෙත නැතුව                                  චැනල්  
 
                                                 වෛද්‍ය  සරත්  විමලසූරිය 

23 comments:

  1. අම්මටහුඩු ඩොකා ඇවිත්.

    හැබෑටම මේ ඩොකෙක් ලියන කවියක්ද ඈ?

    ReplyDelete
  2. Welcome back. Let's go for the theater of war again.

    ReplyDelete
  3. දොස්තරල කියන කවිද මේවා?? හැක්..

    වෙල්කම් බැක් ටුද හෙල් ඩෙැාක්

    ReplyDelete
  4. උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්නේ මේක.....
    හැබැයි කට කෑවත් ඇත්ත කියලා තිනවා....

    ReplyDelete
  5. කෝකටත් අර ඉස්සරහ තාප්පේ තියෙන චේන් ලින්ක් මෙශ් එක බ්ලොක් ගල් ටිකක් ගෙනල්ලා වහලා තාප්පේ තව ටිකක් උස්සමු සරත්..නැත්තං ඉසඩීන් ටවුමේ නෙමෙයි මුලු රටේම පෝස්ටර් ගහන්න වෙයි අපිට ඔහේව හොයාගන්න...
    ඔන්න අද ඩොකාලා වැඩ නෑලු...ඉසඩීන් ටවුම පැත්තට පෙලපාලියෙන් එනවලු ඔහේව බලල යන්න...
    ඉක්මනට 9mm කතාවස්තුව එලියට දැම්මනං හොඳා...!

    ReplyDelete
    Replies
    1. ත්‍රස්ථවාදි කවි ලියන්ඩ එපෝ , දොස්තරල තාප්පෙට උඩින් රතිඤ්ඤා දායි

      Delete
    2. ත්‍රස්ථවාදි කවි ලියන්ඩ එපෝ , දොස්තරල තාප්පෙට උඩින් රතිඤ්ඤා දායි

      Delete
  6. ආ මේ අඇවිත් ඉන්නේ.....

    සියලු දොස්තරවරුන්ගේ අවංක ප්‍රකාෂනයක්..
    හික්. හික් හික්...

    ReplyDelete
  7. කයිය නම් නරකමත් නෑ ඉතිං... ඇත්තනේ. (ඕන් අදත් ආණ්ඩුවට ගෑස් පෙන්නන්න ලෙඩ්ඩු ඇපේට තියල) ඒවගේ එකක් යටින් වෛද්‍ය කියල නම දැම්මම අවුල්වගේ නැත්ද? හැක්...

    ReplyDelete
  8. කවිය වටින්නෙම යටින් වෛද්‍ය කියලා දාපු නිසා.. අපි කියුවට කවුරුත් විස්වාස කරන්නේ නෑනේ..

    ReplyDelete
  9. Doc, Welcome back,Glad to be with u...

    ReplyDelete
  10. කලුහාමිග්‍ෙ දුව හමුඋනයි

    ReplyDelete
  11. ඔ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළුව කොහේ හරි හැපුනැයි දොස්තරෙක් වෙලා මේ වගේ කවි ලියන්නෙ.

    ReplyDelete
  12. කෙළියා නේද තාප්පෙටම. මේක ඒ උන්නාන්සේල දැක්කොත් ආයේ චැනල් කිරිලි බොරු...

    ReplyDelete
  13. එන්න එපා රෝහල වෙත නැතුව චැනල් ///// athha kathava

    ReplyDelete
  14. +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  15. වෛද්‍ය සභාවෙන් නෙරපුවා කියලා ඊළඟ කවි සෙට් එක බලන්න හැකි වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. දැනටමත් නෙරපල ඉන්නේ

      Delete
  16. මම කවි කියවා ඇත,මගේ පියාද ප්‍රසිද්ධ කවියෙකි.කවියන්ගේ කවි ප්‍රබුද්ධ කවි වන්නේ රටේ දැවෙන ප්‍රශ්න ගැන ලියන විටය.ඔබගේ චැනල් කවි ඒ නයින් බලනවිට සුප්‍රබුද්ධ යයි මා කල්පනා කරමි.
    බොහෝ රෝගීන් තමන්ගේ දොස්තර හදුනාගෙන ඇති නමුදු ඔවුන්ගේ ඇති අසරන බව නිසා එය ප්රීකාශ කිරීමට මැලිකමක් දක්වයි
    “නුඹේ යකඩ හද විනිවිද පෙනුනේය
    මගේ කණට එහි බොල්හඬ ඇසුනේය” එහි ස්ංශිප්තයයි.
    රෝගියා පමනක් නොව බොහෝ වෛද්‍යවරුන්ගේද සිතුවිලිද ඔබ මේ කවිපෙල තුලට එකතුකර ඇත. “මුදල් නැතුව ලෙඩ සෑදෙන්නේ කුමට” එහි අරුතයි.
    කවි ලිවීමේදී තමාගේ පරපුර විවේචනය කරන්නේ අල්පයකි. ඔබ එයද සිදුකර ඇත.
    වෛද්‍යවරයෙකු ලෙස මා ඔබ ගැන ආඩම්බර වෙමි.

    ReplyDelete
  17. අපේ රටේ ලෙඩවෙන්න හැකියාවක් නැතිය.ලෙඩ වෙන්න නිදහස ඇත්තේ සල්ලි කාරයින්ට පමණි.නැත්තම් පිස්සන්ට පමණි.ඒත් නැත්තම් ලෙඩ වූ පසු පිස්සු හදාගන්න කැමති නම් පමණි.
    ජයවේවා..!!

    ReplyDelete
  18. මිනිසුන්ගේ තියන බය වලින් හොදටම වැඩ ගන්න අය තමයි දොස්තරලා, නිතීඥයෝ, මේ ලියපු කරනාටික නම් හරියටහරි,බ්ලොග් එක පටන් ගත්ත එක හොද දෙයක්,ඉක්මනට ලියන එකත් හොදයි. ජය වේවා... !!

    ReplyDelete