Saturday, 16 July 2016

ඩෙංගු මර්ධනේ කොරන හැටි...

ඩෙංගු මර්ධනේ කොරන හැටි...

                                               මම තුන්වරක් සිංගප්පූරුවට ගොස් ඇත. ඕනෑම රටකට ගියවිට එම රටින් අපේ රටට හෝ මට ඉගෙනගත හැකි හොඳදේ මොනවාදැයි සොයාබැලීම මගේ සිරිතයි (ඉල්ලං කා වේ දේසපාළුවෙක් වගේමය) . තුන් වතාවේම මං මහත් උවමනාවෙන් සොයා බැලූ කරුණක් වූයේ සිංගප්පූරුවේ මැස්සන් මදුරුවන් දක්නට නැත්තේ ඇයි කියාය. එහි දේශගුණය අපරටට හැම අතින්ම සමානය. සමහර පැතිවල නාගරික තදබදය අපට වඩා බෙහෙවින් වැඩිය. එත් මැස්සෝ මදුරුවෝ නැත. පිරිසිදුකම ඉතා ඉහලය.
මෙන්න හේතුව....
                           එහි අපරටේ මෙන් බූරු නාගරික සිවිල් ඉංජිනේරුවෝ නැත !....දැන් එයි මාත් එක්ක කෙළගන්න අපේ රටේ බූරු සිවිල් ඉංජිනේරු වහන්සේලා...ඔව් වරෙල්ලා...මං ලෑස්තියි උඹලා කරපු හරක් ඉදිකිරීම් නිසා මේ රටට වෙලා තිබෙන විපතේ තරම පෙන්නන්න. මේ රටේ වෙන හැම ඩෙංගු මරණයකටම උඹලා වගකියන්න ඕනේ....මිනිස්සු/ළමයි රෑට ආඝ්‍රාණය කරන විස මදුරුකොයිල් දුමට උඹලා වගකියන්න ඕනේ...මිනිස්සු/ළමයි රෑට නින්දනැතිව විඳින දුකට උඹලා වගකියන්න ඕනේ...සියළුම නිවෙස් වලට මදුරුදැල්  ගැනීමට ගිය වියදමට උඹලා වගකියන්න ඕනේ. මැස්සන් නිසා වැළඳෙන රෝග වලට...ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමට යන දැවැන්ත මුදල් කන්දරාවට උඹලා වගකියන්න ඕනේ. බලපල්ලා...කන්නාඩි දාගෙන බලපල්ලා...මේ තියෙන්නේ මෑතකදී මාතර නගරයේ...හයිවේ පිවිසුම් මාර්ගයේ මගේ නිවස ආසන්නයේ උඹලා කල ගොන්...භයානක ප්‍රථිපල දෙන ඉදිකිරීමක්.
                           


අපේ සාමාන්‍ය මහජනතාවත්...නරකාධිපතිත් උඹලටම ගැලපෙන හරක්. යකෝ...සරත් විමලසුරියවත්  එයාගෙ ළමයි වත් ටොපි කොලයක්වත් පාරෙ දාන්නෙනෑ...වගකීමන් කියන්නෙ. මගේ වටිනා කාලය නාස්ති කරගෙන මේවා දාන්නෙ...මේ කාලකන්නි දූපත තරමක් හෝ හොඳ තත්වයකට ගේන්න පුලුවන්ද බලන්න. මෙතනින් මාසෙකට දෙතුන්පාරක් සයිරන් දාගෙන...හෙඩ් ලයිට් ගහගෙන...මගේ කාර්එක කාණුවට තල්ලු කරගෙන...පන්සල් ගානේ යන...උඹලා තෝරාගත් මෝඩ අගමැති වත්...ජනාධිපති වත්...බූරු ඇමතිලවත්...වාහනේ නවත්තලා පොඩ්ඩක් මේ කානුවලට හොම්බ දාලා බලන්නේ නෑ !...( බයියෝ චූන් වෙන්න එපා... හිටපු එවුනුත් ඒවගේම තමයි ).
                                                                                   සිවිල් ඉංජිනේරු බූරුවනේ...උඹලාට මේ කානු වතුර බහින විදියට කවදාවත් ලෙවල් කරන්න බෑ. කලත් අපේ ගොංබූරු ජහමනයා ඔක්කොම මළ ජරාව කාණුවට දාලා බ්ලොක් කරනවා. උන්ගේ ළමයිත් ඒවගෙයි. සිංගප්පුරුවේ වගේ කානු  වෙනුවට දාපියව් පයිප්ප ! වියදමත් අඩුයි...ඉදිකිරීමට යන කාලයත් ඉතිරියි....ලෙවල් කරන්නත් හරි ලේසියි. වතුර ඇතුලට වැටෙන්න දාපියව් ඒ සඳහා නිර්දේශිත මෑන් හෝල්. කානුව වහපු සිමෙන්ති ලෑලි කෑලි අතරෙන් මදුරුවෝ සිරි සිරි ගාල එලියට එනව කියල තොපිට තේරෙන්නෙ නැත්තේ ඇයි. මේ කොමිස් දීල හදපු බාල  සිමෙන්ති ලෑලි කැඩුනම මිනිස්සු කාණුවට වැටෙනවා. ලඟදී මහනුවර ගෑණු ළමයෙක් කාණුව දිගේ ගහගෙන ගිහිං මැරුණා. 

                                                           
අනිත් මදුරු උල්පත් තමයි හැමෝගෙම ගෙවල් වල තියෙන කකුස්සි වලවල්. කොමඩ් එකේ මදුරුවෝ දාන ලක්ෂ ගණනක් වන මදුරු බිත්තර කෙලින්ම වලට. කකුස්සි වලේ රොඩු පහලට බැහැලා උඩ ඇති වතුර ස්තරය මදුරුවන් බෝවීමට  හැකි ආකාරයට සකස්වී තිබෙනවා. වල වහල තියෙන සිමෙන්ති ලෑලි පුරුද්දලා තියෙන බදාම කාලයක් ගිහිං පුපුරනවා. එතනින් උදේට වැටෙන ලයිට් බීම් එක ෆලෝ කරගෙන... මදුරුවෝඑකා පස්සේ එකා එලියට එන හැටි... ඕනෑම කකුස්සි වලක් ලඟට උදේ හතට විතර ගියොත් බලාගන්නපුළුවන්. ඒ  නිසා මේගැන සොයාබලා මේ සිදුරු වහපල්ලා. කිරිහට්ටි යෝගට් කෝප්ප තමන්ගේ වත්තෙදාගන්න එක මිනිස්සු දැන් හුඟක් අඩු කරලා තියෙනවා. ඩෙංගු මර්ධනේ ගැන ලොරි ටෝක් දෙන  උඹලාගේ මෝඩ ජනාධිපතිටයි... අගමැතිටයි...සෞක්‍ය ඇමතිටයි...අනිත් ගොන් ඇමතිලාටයි කියපල්ලා...මං  මෙහෙම කියනව කියල !.           




                                                                   

14 comments:

  1. කක්කුස්සි කතන්දරේ සහතික ඇත්ත, කොන්ක්‍රීට් ස්ලැබ් අතර ඇති සිමෙන්ති පළුඳු අතරින් / කවර් කරපු නැති බට වලින් මදුරුවෝ පෝලිමේ එළියට එන්නේ, උන් එළියට එන්නේ ඩෙංගු චෙක් කරන්න එන වෙලාවට නෙවේ උන්ගේ ටයිමින් වලට, යෝගට් කොප්ප වැහි පීලි චෙක් කරාට කක්කුස්සි වලවල් චෙක් කරන්නේ මොකාද?

    හැම මාස 3කටම වතාවක්වත් කක්කුස්සිවල ක්‍රැක් හොයල සිමෙන්ති දාන්න ඕන.

    ReplyDelete
  2. අපේ රටේ කොච්චර මේ වැඩපිළිවෙලවල් කළත් ටික කාලෙකින් ආයෙම පරන තත්වෙට එනවා.

    ReplyDelete
  3. පිස්සු හැදිලා බම්ප් වෙලා ආයෙත් පිස්සු හැදුනා ලිවිල්ලට... මේන් මාධ්‍යවේදියෝ...

    ReplyDelete
  4. ඇයි ගෙදරක තියෙන පොල්කට්ටකට නඩු දානව වගේ මේවටත් නඩු දාන්න බැරි.

    ReplyDelete
    Replies
    1. හැක්.. මම හිතන්නෙ එහෙම උනොත් පළාත් පාලන ආයතනවල තියෙන තරමක් සල්ලි නැවත රජයට දඩ වශයෙන් ගෙවන්න වේවි.
      අනෙක ඉතිං අපේ ගෙදර පොල්කට්ටෙ ඩෙංගු ඉන්නවද බලන්න එන්නෙ මහනගර සභාවෙ පීඑච්අයිලා. උන්නැහෙලා ඉතිං තමන්ගෙ සභාවටම නඩු දායියැ.

      Delete
  5. කාණු කියන්නේ කොන්ත්‍රාත් කාරයට යහමින් ගසාකන්ඩ පුලුවන් අයිටම් එකක් ඕක මලාට වෙනස් කරන්නෙ නෑ.

    ReplyDelete
  6. අපේ ගෙදර ටොයිලට් වලත් සීල් කරලා තියෙන්නෙ, ඒත් පී වී සී බටයක් දාලා තියෙනවා ගැස් පිටවෙන්න​. හැබැයි ඒ බටෙ කෙලවර ඕපන්. ඒකට මොකද කරන්න පුලුවන්? සිංගප්පූරුවෙ පිරිසිද කම ගැන නම් කථා කරලා වැඩක් නැ, දූවිලි පොදක් නැ, වතුර රී සයිකල් කරන එක ගැනයි, වතුර ක්ලීන් කරන ටෙක්නොලොජි එකයි අතින් ඉතා ඉහලයි.

    ReplyDelete
    Replies
    1. ඕකට මදුරු දැල් කෑල්ලක් තියල ගැට ගහන්නකෝ...
      වැඩේ සිම්පල්...

      වඩා සුදුසු ඉක්මනින් නොදිරන PVC වර්ගයකින් සෑදු දැල් බවද සැළකුව මනාය...

      Delete
  7. ලංකාවේ මිනිස්සු හදන්ඩ බෑ ...

    ReplyDelete
  8. අම්මට සිරි, සරත් ලොක්කට හොඳටම තද වෙලා. මොකද මේ කොමෙන්ට් මකන්නේ. දන්නේ නැද්ද 'මැකුවොත් හිරේ' කියල.

    ReplyDelete