Tuesday, 12 July 2016

ඉල්ලං කා වට...එපාවූ නවනිපැයුම් !

(25) ඉල් ලං කාවට...එපාවූ නව නිපැයුම්
                                  කාලෙකින් බ්ලොග් එකක් ලියන්නත් බැරිඋනා...මගේ බල්ලා හොරකං කරපු පාහරයෝ තුන්දෙනා කරපු වැඩේ නිසා. උන්තුන්දෙනා රිමාන්ඩ් උනා ...මගේ “රයිලි බෝයි” මං හොයාගත්ත. සංතෝෂයි...වොඩ්ක ෂොට් එකකුත් දාගෙන ( එතකොට තමයි අදහස් සහ... 64GB හාඩ් ඩිස්ක් එකේ මෙමරයිස් වෙලා තියෙන අතීත සිදුවීම්...ගලාගෙන එන්නෙ...මලකුත් තිබුනනම් මරු...ඔව් මං ඉඳහිට ත්‍රයිලෝක විජයා පත්‍ර (සම්පුර්ණයෙන්ම ඕගනික් ) පාවිච්චි කරනවා...ඕං මං ලියනවා හොඳ එකක් !
                                     මං ඩයිනමෝව හොයාගත් හැටි කලින් කිව්වනෙ...දෙවැනි නවනිපැයුම උනේ විදුලි සීනුවක් ඇත්තටම මේකට පේටන්ට් එකක් ගන්නත් තිබුන. 1966 හය වසරෙ හිටපු කොල්ලා පේටන්ට් ගැන දැනං හිටියෙ නෑ. හය වසරේදී තමයි අපිට සාමාන්‍ය විද්‍යාව උගන්නන්න පටන්ගත්තෙ. එත් මගේ විද්‍යා ගුරුවරිය දැනන් හිටියෙ නෑ...මේ කොල්ල වයස අවරුදු තුනේ ඉඳන් විද්‍යාව හදාරපු බව. පහවසරේ දෙසැම්බර් මාසෙදි අරන්දෙනව හය වසරට අවශ්‍ය පොත්. පොත් ටික අරං දෙනකං...අම්මට කියන කණු කුනුව නවතින්නෙ නෑ. එත් පඩි ගන්න එපැයි ළමයින්ට පොත් අරංදෙන්න. අපිට අතිරේක ළමා කථා පොතකුත් ලැබෙනවා ළමයින් අතර හුවමාරු කරගෙන කියවීම සඳහා. ( අපිට තිබුණයැ පොත්, සිංදු, ෆිල්ම් බාගන්න ටොරන්ට්...විකි පිඩියත් නෑ...කැල්කියුලේටරුත් නෑ...සෙල් ෆෝන් TV අහලවත් නෑ ). පොත් ටික එකක් නෑර කියවනවා ඉංග්‍රීසි පොත හැර....නොදෝමකින් මේ මළඉලව් ඉංග්‍රීසි...මට අප්‍රියම විෂය.
                               ඕං ඉතිං මේ විද්‍යාව පොතේ තිබුණ විදුලි සීනුවක් හදන හැටි. යකඩ කෑල්ලක් වටේ කොයිල් ඔතල බැටරියකට සම්බන්ධ කලහම ඒක තාවකාලික කාන්දමක් වෙන බව මං “ නන්දන ගැරේජ් “ විශ්වවිද්‍යාලෙදි ඉගෙන ගෙන තිබුන. මයිනර් කාර් වල කටවුට් වල තිබුනෙත් මේ තියරියම බව මං දැනන් හිටිය. අපේ ටීචර් දන්න කටවුට්...බම්බුව තමයි !. කාර් වල ඩයිනමෝ ( ඒදවස්වල ඕල්ටනේටර් තිබුනෙ නෑ ), ස්ටාටර් මෝටර්,  සොලනොයිඩ්, කටවුට් පිච්චුනහම නන්දන බාසුන්නැහේ ඒවා නැවත ඔතලා, පිත්තල බුෂ් ගහලා, අලුතින් බ්‍රෂ් දාලා, ස්ටේටර් එක ඇමරි කොලෙන් මැදලා, තිබුණ විදියටම රෙපයාර් කරන හැටි මං හරිම ආසාවෙන් බලන් හිටිය. නන්දන බාසුන්නැහේ මෝටරේ ෆීල්ඩ් කොයිල් ඔතලා බැටරියට තියලා ඇතුලට ඉස්කුරුප්පු නියන දාලා බලනවා මැග්නට් වෙනවද කියලා. ඉස්කුරුප්පු නියන ටක ටක ගාලා දෙපැත්තට ඇදලගන්න හැටි බලන්න ආසයි. දැන් ටීචර් මට උගන්නනව...මං නොදන්න මැග්නටිසම් !.  
                                ඕන් ඉතිං කිරිවන්දන මිස්  (මිසුත් කිරිපාටයි නම වගේම) ලැබ්එකේ තියෙන විදුලි සීනුව ගෙනාව අපිට මේක වැඩකරන හැටි පෙන්නන්න. රූප සටහන් ඇඳලා මේකේ තියරියත් කියල දුන්නා...කෙල්ලෝ බහුතරයකට...රූප සටහන ඇඳගත්තට... මේක තේරුම් ගන්න බැරිබව මං දැනන් හිටිය. මිස් කිව්ව බැටරි පෙට්ටියට අමුනලා ස්විච් එක දැම්මම මේ පතුර කම්පනය වෙලා සීනුව නාදවෙයි කියල ! මොන  පිස්සුද...ගොළුයි...නෝ කතා...නෝ සිනා ! ළමයි මේසෙ වටේ බලං ඉන්නවා නොඉවසිල්ලෙන්... මිස් බැටරි ගලවනවා ආයෙත් දානවා...තල්ලු ස්ටාට් දානවා...එක ජරමරයයි ! මොන පිස්සුද. උපන් ගෙයි ගොළුවෙක්...මං දන්නව ලෙඩේ...මං ඕක ගෙදරදී සාර්ථකව හදපු නිසා. ටීචර් මට පුළුවන් ඕක වැඩකරවන්න...එහෙනං ඇවිත් කරනවා...බක පණ්ඩිතයා ( කොල්ලන්ට පාවිච්චියට නික් නේම් එකකුත් නොමිලේම දුන්නා )....බක පණ්ඩිතයා...බක පණ්ඩිතයා...කොල්ලොයි කෙල්ලොයි කෑගහනවා. මං ඉස්සරහට ආවා බ්ලේඩ් කෑල්ලකුත් අරගෙන. විද්‍යා උපාධිධාරී ගුරුවරිය බලං ඉන්නවා මේ පුංචි මිටි කොල්ලා තමන්ට බැරි දේ කරන හැටි ! ස්විච්එක දාල කන්ටැක්ට් පොයින්ට් බ්ලේඩ් එකෙන් ෂෝර්ට් කලාම යකඩ පතුර කොයිල් එක පැත්තට ඇදිල එනවා...ඒ කියන්නේ කොයිල් එක හොඳයි...වැඩකරනවා...එහෙනම් ලෙඩේ තියෙන්නේ කන්ටැක්ට් පොයින්ට් වල තමයි... ...ෂුවර් එකටම ස්පාර්ක් එක නිසා උණුවෙලා මලකඩ කාලා ඇති... නන්දන බාසුන්නැහේ කටවුට් වල කරවෙච්ච කන්ටැක්ට් පොයින්ට් ඇමරි කොලෙන් සුද්ද කරන හැටි මං ඕන තරම් දැකල තියෙනවා. මං කන්ටැක්ට් පොයින්ට් සුද්ද කළා බ්ලේඩ් කෑල්ලෙන්... ස්විච්එක දැම්මා...ට්රීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරී...න්ග්. බඩු වැඩ !. ටීචර් කට ඇරං බලං හිටිය විතරයි මොනවත් කිව්වෙ නෑ.
                ඇමරිකන් ටීචර්ලා මේ වගේ වැඩවලදී ළමයින්ට ස්තුති කලාට...අපේ ගුරුවරු කවදාවත් එහෙම කරන්නෙ නෑ...අපි ඒ වෙනසට ගරුකරන්න ඕනේ...ඒකනේ අපි ගුරුවරුන්ට දණගහල වඳින්නෙ !.
                         මේ කන්ටැක්ට් පොයින්ට් කරවෙන ලෙඩේ නැති විදුලි සීණුවක් හදන්න ඕනේ. හැමතිස්සෙම මේක නවතින නවතින පාරට කන්ටැක්ට් පොයින්ට් සුද්ද කරන්න පුලුවන්ද...? පුංචි අයිඩියානන්ද    කල්පනා කරනවා...එක දිගටම...හැම මගුලකටම මෝටර් පාවිච්චි කරන එකේ මේකටත් බැරිද මෝටරයක් පාවිච්චි කරන්න. හරි අදහස ආවා... අඟලක විතර යකඩ පතුරු කෑල්ලක දෙකෙලවරේ තව් දෙකක් විදලා ස්ප්‍රින් වොෂර් දෙකක් දාලා මගේ ගාව තියෙන පුංචි මෝටරේට හයි කරහම වැඩේ හරි. යකඩ පතුරු කෑල්ල කැරකෙන කොට ස්ප්‍රින් වොෂර් දෙක විහිදෙනවා...බෙල් පියන වොෂර් වල ගෑවෙන නොගෑවෙන තරමට තිව්වම වැඩේ ගොඩ...මේක තේරෙන්නෙ නැති එවුන් බම්බු ගහගනිල්ලා !  
                            ඉතිං මට ඇමචර්රේඩියෝ පිස්සුව දිගටම තිබුනා. නොයෙකුත් රටවල රේඩියෝ ඔපරේටර්ලා හඳුනාගන්න ලැබුනා. ( ඒ රටවල අඩු වියදමෙන් සංචාරය කරන්නත් ලැබුනා. ගොඩක් වෙලාවට ගියේ රජයෙන් අවසර නොගෙන සික් ගහලා හොරෙන්. ෆෝම් සෙට් පුරවලා, අවසර ගන්න බොස් ලගේ පුකට වඳින්න මං ලැස්ති උනේ නෑ. )   
              ඒ අතර හිටියා...සිග්ෆරඩ් J ස්මිත් කියලා ජර්මන් ඇමචර්රේඩියෝ ඔපරේටර් කෙනෙක්. මිනිහා ජර්මන් සීමන්ස් කම්පැනියට වැඩකලේ උපදේශකයෙක් විදියට. ගුවන් විදුලි සංස්ථාවේ තිබුණු AM විකාශන යන්ත්‍ර සියල්ලම සවිකරන්න උපදේශක විදියට එයා ලංකාවෙ වැඩකරලා තිබුනා. එයා හොඳ ඩයිවර් කෙනෙක්...සර් ආතර් සී ක්ලාර්ක්ගේ හොඳ යාළුවෙක්. සර් ආතර් සී ක්ලාර්කුත් ඇමචර්රේඩියෝ ඔපරේටර් කෙනෙක්...කියල දන්නෙ කීයෙන් කී දෙනාද ?. දවසක් කඹුරුපිටියේ ඉස්පිරිතාලෙ ක්වාටස් එකේ තියෙන මගේ ඇමචර්රේඩියෝ ස්ටේෂන් එක ඔපරේට් කරකර ඉන්නකොට. 40M වල මට ස්ට්‍රොන්ග් සිග්නල් එකක් වැදුන...මිනිහගේ CQ කෝල් එකට මං ආන්සර් කළා...you are 5’9 + 20… you are also 5’9 + 20. අපි ඇමචර්රේඩියෝ ඔපරේටර්ලගේ ප්‍රියතම විෂය වන ඇන්ටෙනා ගැන ගොඩක් කතා කළා. මිනිහට තේරුණා... මූ ලඟදී ගහෙන් බැහැපු... නිකංම නිකං තුන්වන ලෝකේ වඳුරෙක් නොවන බව. මං ඔපරේට් කරන්නෙ හික්කඩුවේ සර් ආතර් සී ක්ලාර්ක් ගේ ගෙදර ඉඳන්. ක්ලාර්ක් හෙට මෙහේ එනවා ඩයිවින් කරන්න...උඹත් වරෙන් මං අඳුන්නලා දෙන්නම්. මං පහුවෙනිදා ගියා හික්කඩුවේ ක්ලාර්ක්ගේ ගෙදරට මේ නොහඳුනන යාලුවා බලන්න මගේ ලොකු දුවත් එක්ක.
                 උදේ අටහමාරට විතර ගියා ආතර් මහත්තයගේ ගෙදරට. ක්ලාර්ක් මහත්තයා හාන්සි පුටුවක වාඩිවෙලා මිදුලෙ විවේකෙන් හිටිය. ඒ අසලම සිගී පුංචි මේසයක්  උඩ HF ට්‍රාන්ස්මීටරේ තියාගෙන මෝර්ස් සංඤා ක්‍රමයට ලොකු  කයියක. සිගී මාව ක්ලාර්ක්  මහත්තයට අඳුන්නල දුන්න. අපි පැය ගානක කයියකට වැටුන බියර් බිබී. ක්ලාර්ක්  මහත්තය ඒවනවිට බීම නවත්තල තිබුනෙ. ක්ලාර්ක් වගේ විහිලු කථා කියන්න දක්ෂ තවත් කෙනෙක් ලංකාවෙ ඉන්නවා නම්...ඒ තමයි සරත් විමලසුරිය මහත්තය. හුඟක් ඒවා සම්භාව්‍යගණයේ අසභ්‍ය විහිළුකථා. හිනාවෙලා බඩ කොරවෙන ඒවා !. ඔය විදියට තමයි සැටලයිට් පණිවිඩ හුවමාරු ක්‍රමයේ ලොකු අප්පච්චී මට මුණගැහුණේ. ලොක්කා නව නිපැයුම් කරන්න මාව සෑහෙන්න උනන්දු කළා. දීපු හොඳම අවවාදෙ තමයි...තම්න් කරන්න යනදේ හරි කියල තමන්ට වැටහෙනව නම්...අනුන්ට ඇහුම්කන් දෙන්න එපා කියන එක ! ඒක ලංකාවෙ අපට හොඳටම ගැලපෙනව කියල ආතර් ලොක්ක දැනන් හිටිය...ලංකාවෙදි මොනව හදන්න හැදුවත්... වටේ ඉන්න නිකම්මු ඒක හරියන්නේ නෑ කියල... වහාම මට පෙන්නල දෙනව !. මං කලේ මං ලඟින් ආශ්‍රය කරන පිරිස දෙන්නෙකුට විතරක් සීමා කිරීම. ඒනිසා අනුරාධපුරේ මළගෙවල්...පොළොන්නරුවෙ කොටහළු මගුල්...මට අදාලම නෑ.
                    මං නොයෙකුත් නවනිපයුම් කරල බැලුව ඒවට පේටන්ට් අරගෙන, මාකට් කරල කීයක් හරි හොයාගන්න පුලුවන්ද කියල. අන්තිමට පට්ට මෝඩ වැඩක් කළා...මිනිස්සු රේල් පාරේ අනාරක්ෂිත හරස් මාර්ග වලදී හැපිල මැරෙනඑක වලක්වන්න...හැදුව ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක්. විශ්‍රාම පාරිතෝශිකයෙන් ලැබුණු මුදලින් ලක්ෂ 4 ½ ක් ඉවරයි. වෙල්ගම... වල් ගමය ඒක පරීක්ෂණ මට්ටමෙන් වත් කරන්න දුන්නෙ නෑ. අන්තිමේදි රේල් ගේට්ටුව ගෙදර මිදුලෙ හයි කළා. රුහුණු කුමාරි කෝච්චිය නූපෙ හන්දියට කිට්ටුවෙනකොට...වල්ගම රේල් පාර අයිනේ අඳුනන ගෙදරක වැටේ හයිකරලා තියෙන සෙන්සර් වලින් කෝච්චිය ඩිටෙක්ට් කරලා රේඩියෝ සිග්නල් එව්වම ගෙදර තියෙන රේල්ගේට්ටුව වැහෙන එක පට්ට ජෝක් එකක් උනා. මේක ලක්බිම පත්තරෙත් ගියා. මහින්දගේ ආණ්ඩුවේ හිටිය කේලම්කාර මළ පෙරේතයෝ මේක ගත්තේ රජයට කල අපහාසයක් හැටියට. දෙපාරක් බුද්ධි අංශෙ මන්ද බුද්ධිකයෝ ගෙදරට ඇවිත් මගෙන් ප්‍රශ්ණ කළා. මගේ ළඟ ගෝඨාභය රාජපක්ෂගේ මොබයිල් නම්බර් එක තිබුන. මං කෝල් එකක් අරගෙන ගෝඨාභයට කියනව කිව්වම බුද්ධිඅංශෙ එවුන් පැනලා දිව්වා. අන්තිමේදී ශ්‍යාමගේ ඉල්ලීම පරිදි රේල් ගේට්ටුවෙ ඇළුමිනියම් බැරියර් දෙක කපල...ගෙදරට ඉණිමගක් ගදාගත්ත...වැහිපීලී සුද්ධ කරන්න.


 මේකෙ වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න...
https://www.youtube.com/watch?v=4Z7KLt4GyQ0
             සර් ලෙඩාට ඉස්පිරිතාලෙට එන්න බෑ ඇඳෙන් නැගිට ගන්න බෑ කිව්වම... දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වලට මගේ පරණ ඩොක්ට සනී කාර් එකෙන් ගිහිං...කඩෙන් ගත්ත සේලයින් නොමිලේ දුන්නා. ඕකෙන් මේකෙන් මම තව තවත් දුප්පත් උනා. PP කලේ නෑ. අන්තිමේදී නේවි එකෙනුත් අස්වෙලා සවුත්තු දෙපාර්ත මේන්තුවෙන් එලියට එනකොට බැංකු පොතේ ඉතිරි වෙලා තිබුනේ රුපියල් 15000 ක් විතරයි.  මගේ ලොකු ළමය දිනපතාම මනමාලියෝ අන්දන වැඩසටහන්, Hi Fi වෙඩින් TV එකේ බලන්න ගත්ත. ඒ වෙනකොට එයා බඳින්න කෙනෙක් තෝරගෙන තිබුනෙ. එත් එයාට එයාගෙ ඩ්‍රීම් වෙඩින්එක දෙන්න මේ දුප්පත් තාත්තට බෑ. මං හිතාගත්ත ආයෙත් උත්සාහ කරල බලන්න මගේ මොළේ විකුනන්න පුලුවන්ද කියල...බලන්න ඔයාගේ කාමරේ හැටි...හැමතැනම වයර් කෑලි යකඩ කෑලි...කොච්චර අස් කලත් වැඩක් නෑ. ඒව උඩින් පැනගෙන ගිහිං තමයි කාමරේට ඇතුල්වෙන්න ඕනෙ. ඔය මළ ඉලව් ඉලෙක්ට්‍රොනික් නවත්තලා කොහේ හරි PP එකක් දාගන්න. ඔයා ඕවයින් සතයක් වත් හම්බ කරල තියෙනවද ?... එත් මටබෑ...මං ඒකට ආසනෑ...පොඩි කූඩුවක් ඇතුලට වෙලා අඩිසද්දේ අහගෙන ඉන්න ගොදුරක් එනකං...මගේ ලෝකේ එයිට වඩා හුඟක් විශාලයි !. හදන්න ඕනේ ලංකාවේ තවත් දැවෙන ප්‍රශ්ණයක් විසඳන්න පුළුවන් විදියේ බඩුවක් !           
                  හැමදාම ලයිව් ඇට් එයිට් ටෙලිනාට්ටියේ වල්අලි ප්‍රහාර පෙන්නන්න පටන් ගත්ත. මේවා පත අට එකට හිඳල දෙනව මිනිස්සුන්ට ඇඬෙන්න. කැඩිච්ච...නඩත්තුවක් නැති අලිවැටවල් පෙරලගෙන වල් අලි හැමදාම මිනිස්සුන්ගෙ ගෙවල් කඩනව...පොඩි ළමයි පවා මරනවා. බැරිද...මේ මිනිස්සුන්ට පුද්ගලික විදුලි වැටක් දාගන්න පුළුවන් විදියේ ගැජට් එකක් හදල දෙන්න. එත් ඒක ක්‍රියා කරවන්න කෝ විදුලි බලය ? සුර්‍ය බලශක්තිය...ඒක තමයි ඒකම විසඳුම. ඒත් විදුලි වැටකට විශාල වියදමක් යනව . දුප්පත් ගොවියෙකුට මේක දරන්න බෑ...අඩු වියදම් විදුලි වැටකුත් නිර්මාණය කරන්න ඕනේ. වනජීවීඑක විදුලිවැට එනජයිසරයක් ගේන්නෙ රුපියල් දෙලක්ෂ අසූදාහකට. ගොවියෙකුට හිතන්නවත් බෑ එයින් එකක් ගන්න.
                                                                               මං පර්යේෂණ පටන්ගත්ත එනජයිසරයක් හදන්න. මේක තැන තැන ගෙනියන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. බැටරියත්, චාජර් ඒකත් ඒක ඇතුලෙම තියෙන්නත් ඕනේ. මේන් පවර්/සෝලපවර් දෙකෙන්ම වැඩකරවන්න පුළුවන් වෙන්න ඕනේ.  කාර් එක විකුණුවා...ඒ සල්ලිත් අලුත් ප්‍රොජෙක්ට් එකට දැම්මා. වැරදිච්ච සර්කිට් වලින් කාඩ්බෝඩ් පෙට්ටිය පිරෙන්න පටන් ගත්තා. පොතේ තියෙන සල්ලි වේගෙන් හිඳෙමින් තිබුනා... වැඩේ වැරදුනොත් සියදිවි නසාගන්නයි වෙන්නේ. ඒත්... එන්න එන්නම මං මගේ ඉලක්කෙට වේගෙන් ලංඋනා...එත් මේ සර්කිට් එකයි බැටරියයි දාන්න පුළුවන් පෙට්ටියක් කෝ ?. සුදුසු පෙට්ටියක් හොයාගත්තා. එත් මේකෙ ප්‍රින්ට් කරන්න කිසිකෙනෙක් බාර ගන්නෙ නෑ. පෙට්ටි 1000ක් වත් ප්‍රින්ට් කරන්න ඕනෙලු...දැන් මොකද කරන්නේ ? සිල්ක් ස්ක්‍රීන් ප්‍රින්ටින් ඒක තමයි උත්තරේ....එත් මං ස්ක්‍රීන් ප්‍රින්ටින් පාඨමාලාවක් කරල තියෙනවයැ...යන්න ඕනෙ පෝස්ටර් ප්‍රින්ට් කරන තැනකට ඒක කරන හැටි බලන්න...ටියුෂන් කාරයොන්ගේ පෝස්ටර් ප්‍රින්ට් කරන තැනක් තිබුනා ස්ටේෂන් එක ගාව...ගියා එතැනට...මිනිහෙක් සායම් නාගෙන  ස්ක්‍රීන් ප්‍රින්ටින් කරනවා...මං ආසයි මේක ඉගෙනගන්න...මං ටිකක් බලං ඉන්නද...මිනිහා මොනවත් කියන්නෙ නැතුව මේ පිස්සට ඉන්න ඇරියා. පැය බාගෙන් මං අල්ල ගත්ත ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන විදිය. you tube එකෙන් තවටිකක් ඉගෙන ගත්ත. සිල්ක් ස්ක්‍රීන් ප්‍රින්ටින් බඩු විකුණන නාලක ස්ක්‍රීන් එක හදල දුන්න. මුලදී ප්‍රින්ට් කරපු පෙට්ටි වීසී කරන්න උනා...එත් දැන් මං ස්ක්‍රීන් ප්‍රින්ටින් ස්පෙෂලිස්ට් !. අන්තිමට ලස්සන පෝටබල් එනජයිසරයක් හැදුවා. දැක්කම කියන්න බෑ ගෙදර හදපු එකක් කියලා, ජැපනීස් කොලිටි. නම දැම්මා Shock Defender කියලා. වැඩි විස්තර පහත ලින්ක් එකෙන්...
https://vimeo.com/39816263
                                     මගේ මිත්‍ර ලංකාදීප වාර්තාකරු ක්‍රිෂාන් ජීවක ජයරුක්ට කියලා ආටිකල් එකක් දැම්මා ලංකාදීපේ මේ ගැන කියලා. මගේ ෆෝන් නම්බර් ඒකත් දැම්මා. මළ කෙළියයි...මේක ඉල්ලලා ලංකාවෙ හතර වටින්ම ගොවියන් ගෙන් කෝල් එන්න පටන්ගත්තා. කොයි වෙලාවෙත් ෆෝන් එක එන්ගේජ් නිසා සමහරු බැනවැදුනා. මං කිව්වා පර්යේෂණ මට්ටමේ තියෙන්නේ...මාසෙකින් ආයෙත් කෝල් කරන්න කියලා. හදපු එක ලුණුගම් වෙහෙර ගිහිං වනජීවී එකේ විදුලි වැටකට සෙට් කරලා බැලුවා... යුරේකා ! බඩු වැඩ !. වනජීවී එකේ දකුණුපලාත් අධ්‍යක්ෂක ධර්මතිලක මහත්තයා මේකට ෆුල් සපෝට් එක දුන්නා. වනජීවී අධ්‍යක්ෂක ජනරාල් තුමාටත් එකක් දුන්නා පරීක්ෂා කරල සහතිකයක් දෙන්න කියල. උපකරෙනෙවත් සහතිකේවත් ආපහු ලැබුනෙ නෑ ! . වනජීවී ඇමති අනුර යාපාට පෙන්නුවත් ගණන් ගත්තෙ නෑ. මං වනජීවී එකේ ධර්මතිලක මහත්තගෙන් ඇහුව වැඩියෙන්ම වල්අලි ප්‍රශ්නේ තියෙන්නේ කොහේද කියල...උත්තරය ගල්ගමුව....එක විදුලි වැටක් වත් නෑ...අලි 100කට වැඩිය ඉන්නවා. 
                                     එනජයිසර් දහයක් හදල...මට කෝල් කරපු ගල්ගමුවේ ගොවියො දහදෙනෙකුට එන්න කිව්ව කුරුණෑගල වැව පාරේ තියෙන හෝටලේකට. එක එනජයිසරයක් කිලෝ 5ක් බරයි කාඩ්බෝඩ් පෙට්ටි දෙහෙකට මේව පටවගෙන ත්‍රීවීල් එකකින් ගිහිං පාන්දර කෝච්චියට දාගත්ත. කුරුණෑගලින් බැහැල මේ බර පෙට්ටි දෙකත් කරගහගෙන හෝටලේට ගියා...දැවෙන ප්‍රශ්ණයේ තරම...හවස දෙක වෙනකොට ගොවියෝ දහදෙනාම ආවා. මිල රුපියල් හතලිස් දාහයි. මිල වැඩි කාලෙට අමු මිරිස් ගෝනියක ගාන. දහදෙනාම පින්දිදී ගත්තා. අඩු වියදමින් විදුලි වැටක් හදාගන්න හැටි ප්‍රයෝගිකවම පෙන්නලා දුන්නා.  දසබල නාරි කෝඩේ...ගහල හිටපු මගේ සාක්කුවෙ දැන් ලක්ෂ හතරක් තියෙනවා. මේ හෝටලේ හරි නෑ...ගියා කැන්ඩියන් රීච් හෝටලේට. රෑ...බැටර් ප්‍රෝන් (මගේ ප්‍රියතම බයිට් එක) සහ කජු එක්ක බ්ලැක් ලේබල් විස්කි ගහලා  නිදාගත්තා. හරක මැරුව වගේ නින්දගියා...උදේ ඈනුමක් ඇරල නැගිට්ට..බ්‍රාවෝ ...දැන් මං පෝසත් වේගෙන එන්නෙ !.
                        කෝච්චියෙන්ම ගෙදර ආවා ...කෝ ගෙනිච්ච බඩු ?...වික්කා...ඔක්කොම...? ඔව් ! ශාමා කටඇරන් බලං ඉන්නවා. මාර දාඩියයි සීලිං ෆෑන් එක 5ට දැම්මා...යකඩ කෑලිවලට සල්ලි නාස්ති කරනව මිසක්...හම්බ කරන්නෙ නෑ කියලනේ කිව්වෙ... මං යකඩ කෑලි වික්කා...සාක්කු දෙකේ තිබුණ සල්ලි මිටි දෙක ගත්තා...ඔන්න දැන් සල්ලි වැස්සක් වැටෙනවා ඇහිඳගන්න....වේගෙන් කැරකෙන සීලිං ෆෑන්එකට ලක්ෂ හතරක සල්ලි මිටි දෙක වීසි කළා...දාහේ කොළ පන්සීයෙ කොළ  සාලෙ පුරහම හුලඟේ පාවෙනවා... මගේ කෙල්ලෝ දෙන්නා සල්ලි වැස්සේ තෙමෙමින්...සල්ලි ඇහිඳිනවා....මොනවත් නොකිය,  මං කාමරේට ගිහිං දොරවහ ගත්තා !. 

2014 හොඳින්ම වාණිජ කරණය කළ නව නිපැයුම...Multi Purpose Electric Fence Energizer
රන් පදක්කම ! 

දැන් මේකෙන් ගොවියට හේනේ ඉඳන් ලයිට් එකක් දාගෙන රේස් කොලේ බලන්නත් පුළුවන්...iPhone එක චාර්ජ් කරගෙන වැළ බලන්නත් පුළුවන්, ගොවීන්ගේ ලොකුම දැවෙන ප්‍රශ්ණය වන ෆේස් බුක් යන්නත් දැන් පුළුවන්. Skype දාගෙන ඕස්ට්‍රේලියාවේ මැල්බෝං වල ඉන්න දූත් එක්ක කතා කරන්නත් පුළුවන් !      


51 comments:

  1. දැන් මේකෙන් ගොවියට හේනේ ඉඳන් ලයිට් එකක් දාගෙන රේස් කොලේ බලන්නත් පුළුවන්...iPhone එක චාර්ජ් කරගෙන වැළ බලන්නත් පුළුවන්, ගොවීන්ගේ ලොකුම දැවෙන ප්‍රශ්ණය වන ෆේස් බුක් යන්නත් දැන් පුළුවන්. Skype දාගෙන ඕස්ට්‍රේලියාවේ මැල්බෝං වල ඉන්න දූත් එක්ක කතා කරන්නත් පුළුවන් ! ඩොක්ටර් පිස්සු වගේ මට....

    ReplyDelete
  2. එදා ස ර ස තුමාටත් ශැටිපිකේට් හම්බ වුනෙමි!

    http://mallepol.blogspot.com/2016/02/blog-post.html

    ReplyDelete
  3. මේ පෝස්ට් එක පට්ට රහයි දිගටම ලියන්න ඩොක්ටර් (Y)

    ReplyDelete
  4. ඔබ ලියන ශෛලියට වගේම ඔබ කල හා කරන වැඩ වලටත් මම හරිම කැමතියි. ඔබ වගේ 100ක් මෙ රටට බිහි කරන්න තරම් මෙරට පින්වන්ත උනානම් ?

    ReplyDelete
    Replies
    1. මේ බිහවෙච්ච එකා හොඳටම ඇති. මේකව පිළිග්න්න මොලේ නෙමේ බුද්ධිය තියෙන බලධාරියෝ තමයි බිහවේනන් ඕන.කොහෙද අපිට ඉන්නේ දේශපාළුවෙ‍ා්නේ.

      Delete
  5. අර ගේට්ටුවට නයනා ගේට්ටුව කියලා නම දැම්මනම් වල්ගොමයා කැමතිවෙනවා. නයනා ගේට්ටුව ඇරෙන්නේ වල්ගොමයට විතරයි.

    ReplyDelete
  6. ඔහේ ඉපදුනේ වැරදි රටක

    ReplyDelete
  7. Your style reminds me of your mother. I ysed to visit your place with my mother when your mother and my mother taught at dangahawila vidal aya. Can you remember your neighbor who had some issues with you? I still can remember your mother telling us about threatening that fellow using your transmitter.I didn't have the chance to meet you as I was a very small kid at that time.keep up the good work.

    ReplyDelete
    Replies
    1. Yes we had problems with neighbors. I'm a duplicate of my mother ! Call me please 0718194297

      Delete
    2. Hi sarath ayya

      Very happy to see your reply .These days I am in UK .My number is 071485703 if you have time please viber me

      Cheers

      Thusitha

      Delete
    3. My email is thusithaduminda@yahoo.com

      Delete
  8. ලොක්කා ඇහුවට තරහ වේන්න එපා. ඔච්චර දඩාර සයිස් බල්ලේක හොරකන් කරන් යනකන් ඌ මක්කද කොලේ?ඌ බලන් හුල්ලේකද?

    ReplyDelete
  9. ඔය පොඩි පෙට්ටියකින් ගෙදර වැටට සප්ලයි එකක් දුන්නොත් නරකද...
    බව්වෝ හොරකමේ එන එවුන් උඩින් විසික්ක වෙලා යයි...

    ReplyDelete
  10. ත්‍රයිලෝක විජය පත්‍ර ගහනවා නම් ආයේ මොන්වද ඉතින්...

    අදහන් දෙවි දෙවතාවුන්ගේ (යකඩ දේවතාවා හරි කමක් නෑ) පිහිටයි ආරස්සාවයි...

    බ්ලොග් ලියන දෑතට සම්මා සම්බුදු සරණයි....!!

    ඉල ඇඳුනා යකෝ....
    .

    ReplyDelete
  11. Congratulations !


    Nice Golden Ret

    ReplyDelete
  12. නිර්මාණය මාකට් කරන්නත් ඕනා . මාකට් නොකරන නිර්මාණ අභාවප්‍රාප්ත වෙනවා. කවුරුත් ගණන් ගන්නේ නැ . ගොඩක් ජනප්‍රිය නිර්මාණ කරුවෝ හොරු . අනුන්ගේ දේවල් කොපි කරලා මාකට් කරගන්නවා තමන්ගේ වගේ

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. ඔය මාකට් කිරීම හරිම වැදගත්. නැතිනම් වෙන කෙනෙක් අදහස කොපි කරනවා. හදලා විකුනලා ලාබ ගන්නවා. ඇත්ත නිර්මානකරුට හුලං

      Delete
  13. ඔය කියන මෝටරය දාල හදපු ඉලෙක්ට්‍රික් බෙල් එක ගැන කිවාහම මට මතක් වුනා ඔය තියරියම දාලා අපි 7474 කාලේ හදපු බයිසිකල් බෙල් එක. ඒක හයි කරන්නේ ඉස්සරහ බ්‍රේක් යෝක් එකට .බ්‍රේක් පලු දෙක ගලවනවා.බ්‍රේක් ලීවරය අල්ලනකොට බෙල් එකේ තියන රබර් වීල් එක රිම් එකට ගෑවිලා කැරකෙනවා.ඒ ශාෆ්ට් එකේ අනිත් කෙලවරේ තියෙන්නේ ඔය වගේම වොශර් දෙකක් හයි කරපු ගැජට් එකක්.ශාෆ්ට් එක කැරකෙනකොට ඒ වොශර් දෙක ටෝන් දෙකක බෙල් පියන් දෙකක වදිනවා.හොඳට සද්දෙයි. හැබැයි බෙල් එක ගහන්න නම් ඉස්සරහ රෝදේ කැරකෙන්නම ඕනෑ.අතුරු පලයක් හැටියට ඉස්සරහ බ්‍රේක් නෑ.

    ReplyDelete
  14. මාරයි... සුබ පැතුම්...

    ReplyDelete
  15. නිස්කාරණේ නාස්ති වෙන්න දීපු මිනිස්සුන්ගෙ මොළ ගැන වෙනමම කතා කරන්න ඕන ඩොක්. ඔහේල වගේ මිනිස්සු මෙහෙ ඉපදුණේ කරුමෙට...

    ReplyDelete
  16. යමං මහා එකා හම්බෙන්නම! මෙහෙම්මම කියලා දාපං මිඩියා දෙක තුනක් ඉස්සරහ තියාගෙන!
    මෙන්න මිනිස්සු!

    ReplyDelete
  17. පැයක් හමාරක් කතා කරපුවා මං තාමත් වමාර වමාරා කනවා

    ReplyDelete
  18. ඉණිමගේ photo එක දැක්කම පපුව හිරවුනා වගේ දැනුනා. මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් ලංකාවේ දැවෙන ප්‍රශ්ණයක් විසඳන්න පුලුවන් වෙන විදියේ දෙයක් කරන්න හිතපු ඔබ විශිෂ්ටයි

    ReplyDelete
  19. සතුට කණගාටුව දෙකම කැටිඋන ලියවිල්ලක්.
    සුදුස්සට සුදුසු තැන ලැබෙන එක තව කාලෙකට මේ ඉල්ලංකාවෙ වෙයි කියල හිතන්න අමාරුයි.

    සුබ පැතුම් !!

    ReplyDelete
  20. සුභ පැතුම්.. බම්බු ගහගත්තා.. (අර බෙල් එක වැඩ කරන විදිය තේරුනේ නැති නිසා.. හැක්)

    ReplyDelete
  21. ටිකක් වෙලා යනකොට තමයි තේරෙන්නෙ විහිලුවක් නෙවෙයි කියලා
    මෙහෙම රියල් වැඩකාරයො ඉඳිද්දිත් අලි මැරෙනවා
    කෝච්චිවලට හැප්පිලා මිනිස්සු මැරෙනවා

    ReplyDelete
  22. මක්ක උනත් ඔය විදිවටම ඉදපං ඩොක්.. ජය

    ReplyDelete
  23. ඔය රේල් ගේට්ටුව නම් ලංකාවට ඉතා වැදගත්. අනාරක්ෂිත දුම් රිය මංසන්ධිවල කොච්ච්‍ර අනතුරු වෙන්වද. මේක නැවත ප්‍රොමෝට කරන්න උත්සාස කරන්නකො සරත් මහත්තයා

    ReplyDelete
  24. Very Nice Post Dr.Sarath,I just finish reading it, you really are a Great man, unfortunately there was no one to support you, you came up on your own, great work done by a Great Man.

    ReplyDelete
  25. Great post doctor...Keep it up...Really proud of you...

    ReplyDelete
  26. Doc. Ube beheth beela jeevathvena minissu innavada?... Just for fun... I 100% agree with udara jayasingheJuly // පිළිග්න්න මොලේ නෙමේ බුද්ධිය තියෙන බලධාරියෝ තමයි බිහවේනන් ඕන//.

    Keep it up sir..

    ReplyDelete
    Replies
    1. ඉස්පිරිතාලේදී හිටියෙ දොස්තර හොඳහිත...ත්‍රස්තවදියා නෙවෙයි !

      Delete
  27. පට්ට කතාව....සුභ පැතුම් තව තවත් නිර්මාණ කරන්ට
    ඒත් මට තියෙන දැවෙන ප්‍රශ්ණය
    දොස්තර මහත්තයෝ මල් ගැසීම ‍ඔය කියන තරමටම ශරීරයට අහිතකර ද???

    ReplyDelete
  28. ඉඳ හිට කමක් නැත...ඇඩික්ට් වීම හොඳ නැත

    ReplyDelete