Wednesday, 6 July 2016

අපේ එක...ලෝකෙන් ලොකුම එක !

                                                                                                                                                                 
සිංහලේ... 
මට ගියසුමානෙ ගාල්ලේ බාර් එකකදී ඇමරිකන් සුද්දෙක් මුණගැහුන. ඌටත් මන්ගැහුව අපේ අවරුදු දෙදාස් පන්සීයේ ඉතිහාස බෙරේ. මම ජැස්සොන් මහත්තයාගේ ගෝලය... හරිය... හරි ඉතිං උඹල ඔච්චර ශ්‍රේස්ට ජාතියක් නම්...කියපන් 
උඹලගේ රටෙන් මොනවද උඹලාගේම සොයාගැනීම් විදියට ලෝකෙට දීල තියෙන්නේ කියල...සුද්ද කියපි.... .මම මංඤකොරොස්වෙලා ගියත්.... දකුණේ එකෙක් විදියට ඇරියේ නැහැ ... උඹ ඇමරිකන් කාරයෙක් විදියට ලැජ්ජ වෙන්න ඕනේ... අපේ ශ්‍රේෂ්ට සිංහල ජාතිය ගැන නොදැන සිටීම ගැන.... ලෝකේ පලවෙනි ජෙට් ගුවන්යානය හැදුවේ අපේ රාවන රජතුමා... ඒකට මිසයිල් පවා හයිකරල තිබුන....පීරිසීයක අඳුන ගාල ඉස්සරහින් පොල්තෙල් පාන තියල...හනුමන්තා ටෙලිවිෂන් සිස්ටම් එක හැදුවෙ අපි...පුවක්මලක් ගැටගහල කනප්පු කරකවල කිසිම ඉන්ධනයක් අවශ්‍ය නැති ලෝකේ පලවෙනි රොබෝ හැදුවේ අපි...කතරගම ගිහින් දෙවියෝ දිහාබලපන්...ෆොටෝෂොප් හොයාගත්තේ අපි...සීගිරියේදී සිංහ කකුලක ඇඟිලි නියපොතු තුනයි කියල හොයාගත්තේ අපි...බ්‍රෙෂියර් ඇන්දම පියයුරු පිළිකා හැදෙනව කියල හොයාගත්තේ අපි...අපේ ජාතික කොඩිය බලපන්...සිංහයෙකුට කඩුවක් තනිඅතෙන් අල්ලගෙන...කකුල්තුනෙන් පැනපැන... නියම ගේමක් දෙන්න පුළුවන් කියල හොයාගත්තේ අපි...පොල්පිත්තෙන් බැට් කපල...කදුරුබෝලෙන් ගහල... ක්‍රිකට් ක්‍රීඩාව ලෝකෙට හඳුන්වාදුන්නේ අපි...අදටත් අපිතමයි චැම්පියන්ලා...පොල්ගෙඩියක් ගහෙන් වැටෙන හැටි බලං ඉඳල... ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ අපේ ගමේ නිව්ටොංඅයිය...හිසට තෙලක්දාල හර්නියා,අන්ඩවාතෙ හොඳ කරන හැටි හොයාගත්තෙ ගම්පහ වෙදමහත්තය ! අපේ බිසෝකොටුවේ තාක්ෂනය, සීගිරියේ තාක්ෂනය, හොරකං කරල තමයි උඹල...විදුලිය , ඩයිනමෝව, මෝටරය , බයිසිකලේ ,xරේ,රුධිර පාරවිලයනය , පැට්‍රෝල්, ඩීසල් ,ජෙට් එන්ජින්, හෙලිකොප්ටර් , ටෙලිෆෝන් , රේඩියෝ, ටෙලිවිෂන් , කොම්පියුටර්, වොෂින් මැෂින් , බ්ලෙන්ඩර් , එන්නත් කිරීම, බයිපාස්,සෙල් ෆෝන් , ඉන්ටෙර්නෙට් ,ෆොටෝ කොපි මැසිම ,මහන මැසිම, ස්කෑන්, සොෆ්ට් වෙයාර්,රොබෝ තාක්ෂනය, නැනෝ තාක්ෂනය... මෙකී නොකී ඔක්කොම හොයාගත්තෙ...හුටා ....සුද්ද රටෙත් නොඉඳ දිව්වා...තාමත් දුවනව ඇති ආයුබොවං !         

7 comments:

  1. ඔහේ අපේ සංචාරක ව්‍යාපාරය කෙළසනවා මෙයා...ආයෙත් ඇමරිකන් තියා බර්ගර් එකෙක් එක්කවත් කයි ගහනව එහෙම නෙවෙයි ඕන්....!

    ReplyDelete
  2. උපත් පාලනයටත් මොකද්ද එකක් අපි හොයාගෙන තියනවා නේද?

    ReplyDelete
  3. අටම්ගේ බ්ලොගෙන් දැකලා ආවේ එක හුස්මට බ්ලොගම කියෙව්වා, ඩොක්ට හිතන පතන රටාවට ඉතාමත් කැමති ඉක්මනටම පොත කියවන්න අසාවෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  4. එතකොට සිංහ ලේ මොකුත්ම හොයාගෙන නැද්ද?
    "සිංහයින් සමග එකතුවී මිනිස් ජාතියක් බිහිකලෙත් අපිනේ....හිකිස්...

    ReplyDelete
  5. ඇයි අම්බුඩෙ උලු අස්සෙ එල්ලලා එක ගෙයි කැම හොයා ගත්තෙත් අපිනෙ

    ReplyDelete