Thursday, 21 July 2016

වර්ෂ 2016...ඩිජිටල් පොලීසිය...


වර්ෂ 2016...ඩිජිටල් පොලීසිය...

                                          ලඟදී දවසක උදේ බලන කොට අපේ ගදර හිටි බල්ලා...කූඩුවේ ඉබ්බ කඩල හොරු අරං ගිහිං. ඉතිං මං පොලීසියට වහාම කෝල් එකක් දුන්න. විනාඩි පහෙන් සයිරන් ගහගෙන නිල්පාට රතුපාට එළි විහිදුවමින්... කියෝ...කියෝ...පී පෝ...පී පෝ...ගාගෙන පොලිස් කාර්එක අපේ ගෙදරට ආව. බලුකූඩුවේ ෆොටෝ අරගෙන ඇඟිලි සලකුණු එවෙලෙම සටහන් කරගෙන...පරීක්ෂණ පටන් ගත්තා. ප්‍රකාශයක් සටහන් කරගන්න මට පොලීසියට එන්න කිව්වා. මං පොලීසියට ගියවිට රිසව් එකේ රාළහාමි ගුඩ්මෝනින් සර් කියල පිළිගත්තා. වහාම අලුත්ම ටයිප් රයිටරේ ඔන් කරල මගේ ප්‍රකාශය කියන්න කිව්ව. ටයිප් රයිටරේට වොයිස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයා දාල තිබුන නිසා වැඩේ හරිම ලේසියි. මං කියනදේ ඉබේටම අකුරු බවට පරිවර්තනේ වෙලා ටයිප්රයිටරේ සටහන් වෙනව. රාළහාමි අහපු ප්‍රශ්ණ වලටත් මං උත්තර දුන්න. මගේ ෆෝන්එකේ තිබුණු අපේ බල්ලගේ පින්තූරෙකුත් ටයිප්රයිටරේට අප්ලෝඩ් කරගත්ත. ටයිප්රයිටරේ බට්න් දෙකක් ඔබල පැමිණිල්ලේ සහතික කල පිටපතකුත් මට විනාඩි පහෙන් දුන්න. අලුත් තාක්ෂනේ නිසා පොලිසිවල ඉස්සර වගේ...ෆයිල් මිටි මිටි තැන් තැන් වල නෑ.  
                                         බලු සොරකම් කියල රාලහාමි කිව්ව විතරයි...ඔන්න මොනිටරේ වැටෙනවා ලංකාවේ වෙච්ච බලුහොරකම්වල ඔක්කොම විස්තර...හොරකං කල බල්ලන්ගේ පින්තුර සහිත විස්තර...බලු හොරුන්ගේ පින්තුර සහිත විස්තර....හොරකං කරපු බල්ලන් අරගෙන විකුණන ස්ථානවල විස්තර...පෝලිමට වැටෙනවා. ඇඟිලි සලකුණු ටයිප්රයිටරේට එන්ටර් කරලා සංසන්දනය කලාම...අපේ බල්ලා හොරකං කරපු එකාගේ ඇඟිලි සලකුණු එකක්වත් එක්ක මැච් උනේ නෑ. ඒකියන්නේ ඌ අලුත් බලු හොරෙක්.
                                        කොයි එකටත්  මමයි දුවයි රෑ දෙකට නැගිටල මුළු මාතරමත්, දෙවුන්දර සහ මිරිස්ස ප්‍රදේශත් කවර් වෙන විදියට පුංචි දැන්වීමක් ලයිට් කණුවල ඇලෙව්ව. FB එකෙත් මේක දැම්ම.
                               අන්තිමේදි දවස් හතකට පස්සේ...අව්රුදු දොළහක පුංචි දුවෙක් අපේ දැන්වීම දැකල මට කෝල් කළා. අංකල් ඔයාගෙ බල්ලා අපේ ගෙදරට යන පාරෙ ගෙදරක මිදුලේ දෙල්ගහක ගැට ගහල ඉන්නව....බල්ලා ඉන්නෙ අව්වෙ...දුවිලිගොඩේ... බොන්න වතුරවත් තියල නෑ... ඌ දවසෙම බුරනව...මට බල්ලා ගැන හරි දුකයි අංකල්...ඒකයි මං කතා කලේ...ඔයාගේ බල්ලම කියල මට ෂුවර්...ඒගෙදර කලින් එහෙම බල්ලෙක් හිටියෙනෑ. ඔයාට ස්තුතියි දුවේ...මං ඔයාට කතා කරන්නම්...මං පොලීසියට දිව්ව නෙවෙයි ඉගිල්ලුනා. රාළහාමිලා තුන්දෙනෙක් කාර්එකේ දාගෙන...දෙවුන්දර ලයිට් හවුස් පාරෙ කියපු ගෙදරට ගියා  ඒ ගෙදර දෙල්ගහේ අත්තක අපේ රයිලි ගැට ගහල හිටිය...ඇඟේ හැමතැනම දූවිලී...මැක්කො ඇඟ පුරහම. ඌ මගේ දුව බදාගෙන කීං... කීං...ගගා අඬනවා... බල්ලා රුපියල් පන්දාහකට විකුණලා තිබුනෙ. ගත්තු මිනිහා මුලින් පොලීසියට බොරු කියන්න ගත්තා පාරෙ ඉඳල අල්ලගත්ත කියල. පොඩ්ඩක් සද්දෙ දැම්මම ඇත්ත කිව්වා . එයත් බල්ලා කොළඹ ගෙනිහින් විකුනන්න තමයි අදහස් කරලා තිබුනෙ.. මිනිහත් අත්අඩංගුවට අරගෙන බලු හොරු දෙන්න ඉන්න ගෙදරට ගියා. එකෙක් අල්ල ගත්තා. අනිත් එකා පැනල ගිහින් පස්සේ ඉදිරිපත් උනා. අල්ල ගත්තු හොරා මාතර ඉතාම ප්‍රසිද්ධ විද්‍යාලයක උසස් පෙළ ගණිත අංශයේ සිසුවෙක්. කොල්ලගෙ තාත්ත විදුහල් පතිවරයෙක් මවත් ගුරුවරියක්. එයා බෝඩින් වෙලා හිටියෙ අනිත් හොරාගෙ ගෙදර..ඌ ඉස්කෝලෙ යන්නේ නෑ. කලිනුත් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෝ, පරෙවියෝ හොරකං කරල අහුවෙච්ච එකෙක්. සත්තු ඇතිකරලා විකුණන එකෙක්.    
                                              උසස් පෙළ ශිෂ්‍යයා අපේ රයිලි...රුපියල් 15000 කට පංතියේ ළමයෙකුට විකුනන්න උත්සාහ කරල තිබුන. ඒ ළමය බල්ලා 9000 කට ගන්න කැමතිවෙලා හිටියත්...ඒ ළමයාගේ දෙමව්පියන්ට සැකහිතිලා කැමතිවෙලා නැති නිසා බිස්නස් එක කෙරිලා නෑ. බල්ලා උස්සන්න දවස් තුනක් ඔත්තු බලලා තියෙනවා. මගේ කාමරේ ලයිට් පත්තු නොවෙන නිසා මං ගෙදර නැතිබව දැනගෙන තියෙනවා. මහ වැස්සේ තෙමි තෙමි ඇවිත් තමයි හොරකම කරල තියෙන්නේ. උසාවියෙන් උන් තුන්දෙනාම රිමාන්ඩ් කළා. පස්සේ එකෙකුට රුපියල් ලක්ෂය බැගින් ඇප දුන්නා. මට ඔත්තුව දුන්න දුව ගැන මං පොලීසියට කිව්වේ නෑ....මං එයාගෙ මාතර සම්පත් බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමට පොරොන්දුවූ රුපියල් පනස්දාහ දැම්ම. ඒගැන මට සතුටක් මිස දුකක් නෑ...මගේ හොඳම මිත්‍රයා රයිලි මට එයිට වැඩිය ගොඩක් වටිනවා !. අපි රයිලිගෙ මැක්කො අයින් කරලා රිකන්ඩිෂන් කරල ගත්තා. දැන් එයා ආයෙත් අපිත් එක්ක සතුටින් දුව පනිමින් ඉන්නවා !
                                            විශේෂ ස්තුතිය...අපේ පොලීසිය ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරලා... නෙට්වර්ක් කරලා...2016ට ගැලපෙන්න...අප්ඩේට් කල අපේ නව පොලිස්පති තුමාට !


29 comments:

  1. තව ටිකක් ඉවසන්න එපායැ.. පොලොසිය හරියටම වැඩේ හොයල දෙනවා අතට ඔත්තුව ලැබුනම..

    රයිලිගේ බොසා නිසා රයිලි බේරුනා. ජය.. ඔහේලයි ගෙවල් පැත්තේ අරක්කු හෙම තියේනං හයිවේ එන ගමං අපිට බහින්න ඇහැකි.. හැක්

    ReplyDelete
    Replies
    1. ඕන දවසක වරෙන් මචං...නීල් ද වයින් එක ඉස්සරහ ගෙදර !

      Delete
    2. අම්මට සිරි... ඒ කියන්නේ ඔබතුමා ඉන්නේ අපේ ගෙදරට සූට්ටක් දුරින්

      Delete
  2. අය්යෝ මතක් කරන්ඩ එපා ලංකාවේ Information Technology එකෙන් වැඩ ගන්න විදිහ. මේ වැඩියෙ නෙමෙයි, ඊයෙ; අපේ මායියා කොළඹ යුනිවර්සිටි එකේ පස්තාච්චි කෝස් එකක් කරලා ඉවර කලා ගිය අවුරුද්දෙ, ඒකෙ සැටිපිකෙට් ගන්න ඔන්න ඊයෙ ගියා, මොන සැටිපිකට් එක ගන්න උදේ 9 ඉඳලා හවස දෙක වෙනකම් ෆෝම් එකට විස්තර ගන්න ලයිබ්‍රරි ක්ලියරන්ස්, අර සෙක්ශන් මේ සෙක්ශන් ගානෙ ගිහින් ඒ ඔක්කොම ක්ලියරන්ස් අරගෙන, ඒ රික්වෙස්ට් ෆෝම් එක විතරක බාර දීලා ආවලු. තව සති දෙකකින් කිව්වලු සැටිපිකට් එක දෙන්නෙ.

    මම කියන්නෙ ඉතින් ලංකාවේ IT education මුදුන් මල්කඩ වගේ තියෙන තැනක යකෝ හදපියව්කො හොඳ Information System එකක්. ඔව්වලින් කොච්චර පිරිසක් අවුරුද්දකට පිටවෙනවද? ඔය එක බැච් එකකට බැරිද ගෘප් ප්‍රොජෙක්ට් එකක් විදිහට ඔය විදිහෙ Information System එකක් ඩිවෙලොප් කරන්න? අනේ මංදා

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම වැඩක් උනානෙ. මම දවසක්ම මහන්සිවෙලා ඔය ඔක්කොම පුරෝලා දුන්නා. Sඅටිපිකේට් එක ගන්න මසෙකින් විතර එන්න කිව්වා. මට යන්න උනේ ඊළඟ අවුරුද්දෙ. ඒ යනකොටත් උන් හදලා නෑ. සද්දයක් දැම්මම හදලා ඩෙන්නම් කිව්වා. මම උදේ 8.30 ඉඳන් හවස ඩෙක වෙනකම් හිටියා ඒක හදනකම්. හදලා දුන්නම ක්ලාස් එක වැරදියට දාලා. ඒක හදවාගන්නකොට හතරත් පහුවෙලා. මම ඒක විනාඩි පහෙන් අරගෙන වෙන වැඩ කීපයක්ම කරන්න හිතන් ආවෙ. ඔක්කොම හබක්.

      Delete
  3. ආ කියන්ඩ තව පොඩ්ඩෙන් අමතක වෙනවා, බල්ලව ලැබුනට සං‍තෝශයි, මාත් බලු ලවර් කෙනෙක් තමයි. බල්ලො ඇති කරනකොට හාට් බ්‍රෝකන් අනන්තවත් වෙලා තියෙන කෙනෙක් විදිහට මම දන්නවා ඩොක් මොනතරම් හිතේ මෙව්ව එකකින් ඉන්න ඇතිද කියලා, දැන්වත් පොඩියට කැමරා 4 ක් ගේ වටේ හයි කර ගන්න, සතියක් විතර එක දිගට රෙකෝඩ් වෙන නිසා බයක් නෑ. අඩු තරමේ ෆේක් කැමරා (රතු පාට LED එකක් බ්ලින්ක් වෙන) වත් හයි කරලා දාන්ඩ.

    ReplyDelete
  4. මම පෙරේදා ලයිසන් එක ගන්න පොලීසියකට ගියා. බලුගෙ බල්ලෙක් නෑ පොලීසියෙ. ගේට්ටුවෙ මුරකරන පොලිස් රාළහාමි විතරයි. අල්මාරිත් ඇරදාලා. මම හොරෙක් උනානම් පොලීසියම සුද්ද කරන් එන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. හොර හිතින් බැලුවත් හොාරක් තමා හැක්

      Delete
  5. ඔය වගේ බල්ලෙක් තවත් තියාගන්න ඕනෙද ?

    ReplyDelete
    Replies
    1. එයා මුරට නෙවෙයි හුරතලේට...මං තමයි මුරට ඉන්නෙ...මං එදා හිටියෙ නෑනෙ !

      Delete
    2. හෑ..... ඩොක් බල්ල වෙලා බල්ල ඩොකා වෙලාද මන්දා............

      Delete
  6. ටික් ෆීවර් ගැන විමසිල්ලෙන් ඉන්න

    ReplyDelete
    Replies
    1. ටික් ෆීවර් හැදුනා...බෙහෙත් දීලා දැන් හොඳයි !

      Delete
  7. ඔප්ටිමිස්ට්ක් මලක් ගහල ලියාපු පෝස්ට් එකක් හිටං...

    ReplyDelete
  8. බල්ලාව හොරකම් කරන එක සාමාන්‍ය සතෙක් හොරකම් කිරීමක් උනාට බල්ලා අයිතිකාරයට නම් පවුලේ කෙනෙක් නැතිවුනා වගේ දුකක්.හොරැ ඒක ගැන හිතන්නේ නෑනේ..
    ලංකාවේ පොලිස්ය ගැන කිව්වොත් නම් මෙලො රහක් නෑ හුගක් වෙලාවට.මගේ ෆෝන් එකක් නැතිවෙලා මම විදුලි සංදේශ දෙපා.ට පැමිණිල්ලක් දාලා ෆෝන් එක පාවිච්චි කරන එකාගේ නමයි,ඇඩ්‍රස් එකයි,වැඩ කරන්නේ කොහෙදයි කියන විස්තර බණ්ඩාරගම පොලිසියට ගිහින් දුන්නා.ඒ විස්තර ටික දීලාත් පොලිසියට බැරි උනානේ ඒකට ඇක්සොන් එකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. 19වෙනි ශතවර්ෂේ පොලීසියකට...21වෙනි ශතවර්ෂේ පැමිණිල්ලක් !

      Delete
  9. ශරත් ලොක්කා,
    වඩුවාගේ ගෙදර නැති සෙන්සර් එක කොස් කොටන්නද කිව්වලු! (මෙතන පිරුළු 2ක් එකතුකරලා තියෙන්නේ)
    දැන් ලොක්කා අර දොස්තරගෙයි මේ ඉන්ජිනියර්ගෙයි නේවි එකේ පටි කරයෝන්ගෙයි සේරම දොස් දකිනවා.
    මෝය කටට දැල් ඩිසයින් කරනවා, අලි මන්තර හදනවා, අල්ලපු ගමේ කෝච්චිය යනකොට ගෙදර ගේට්ටු ඇරෙනවා.
    යකෝ දාපන්කෝ ඔය දැල බල්ලාගේ කුඩුවට, අලි මන්තරේ තාප්පෙට (ඕන නම් ටිකක් මොඩිෆයි කරලා), බල්ල අරන් යනකොට පොලිසියේ ලයිට් නිවෙන්න හදපන්කෝ. වටින බල්ලට හයි කොරපන් GPS චිප් එකක්.
    අහවල් එක තමයි.
    එක පාරක් මැකුවනේ. සන්තෝසයි නේ.
    මේකත් මකල දාපන් දැන්!

    ReplyDelete
    Replies
    1. මේක කියවල... මට දුන්නු අවවාදවලට...උපදෙස්වලට ස්තුතියි. (ලංකාවෙ මිනිස්සු ලෝබ නැතුවදෙන ඒකමදේ)...මොනවද දැන් කරන්නඕනෙ කියල හිතාගන්න බැරුව හිටියෙ !

      Delete
    2. ශරත් ලොක්කා,
      you're always welcome!
      ට්‍රැක් එක පැනලා වටේටම ඩිෂු ,ඩිෂු ගාලා අල්ලනකොට මටත් හිතුනා "මොනවද දැන් කරන්නඕනෙ කියල හිතාගන්න බැරුව තමයි ඉන්නේ" කියලා.
      බැරීමම උනොත් කියන්නකෝ, අපි මොනවහරි බලමු.
      Take care mate!

      Delete
  10. දැන් කරන්න තියන හොඳම වැඩේ, ඔබේ දැනුම පාවිච්චි කරලා, බලු කූඩුවට එලාම් එකක් හයි කරන එකයි.

    ReplyDelete
  11. ඔය සිද්ධිය බුකියේ එහෙ මෙහෙ යනවා දැක්කා! දන්නේ දන්නේ මේ උත්තමයාගේ කියලා!
    සතෙක් ගැන නොදන්නා සත්තුන්ටත් අන්ත උන්!

    ReplyDelete
  12. මේක කියවල... මට දුන්නු අවවාදවලට...උපදෙස්වලට ස්තුතියි. (ලංකාවෙ මිනිස්සු ලෝබ නැතුවදෙන ඒකමදේ)...මොනවද දැන් කරන්නඕනෙ කියල හිතාගන්න බැරුව හිටියෙ !

    ReplyDelete
  13. පොලිසිය ගැන ආදරේ උතුරනව.. හැක්

    ReplyDelete
  14. //සස් පෙළ ශිෂ්‍යයා අපේ රයිලි...රුපියල් 15000 කට පංතියේ ළමයෙකුට විකුනන්න උත්සාහ කරල තිබුන. ඒ ළමය බල්ලා 9000 කට ගන්න කැමතිවෙලා හිටියත්...ඒ ළමයාගේ දෙමව්පියන්ට සැකහිතිලා කැමතිවෙලා නැති නිසා බිස්නස් එක කෙරිලා නෑ. බල්ලා උස්සන්න දවස් තුනක් ඔත්තු බලලා තියෙනවා. මගේ කාමරේ ලයිට් පත්තු නොවෙන නිසා මං ගෙදර නැතිබව දැනගෙන තියෙනවා.// දැන් කාලේ උසස් පෙළ සිස්යයොත් මාර ගේම් දෙන්නේ නේද? අපේ කාලේ ගොඩක් උසස්පෙළ ශිෂ්‍යයන්ට අලකොලයක් හීල් වෙන්න චු කරගන්න වත් පන නෑ..

    ReplyDelete
    Replies
    1. Kavindu, ඒනම් ෂුවර් එකටම වෙන දෙයක් කරන නිසා. දැන් ඉන්න උසස්පෙළ ශිෂ්‍යයො අල කොළ කේස් කරන්නේ නෑ. උන් හිල්කරන්නේ වෙන එකක්!

      Delete
  15. ඩෝක් ආරක්ෂාවට සිකියුරිට් සිස්ටම් එකක් (අඩු වියදම්) නිර්මාණය කරන්න. අපි ගන්නම්...

    ReplyDelete
  16. //කලිනුත් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෝ, පරෙවියෝ හොරකං කරල අහුවෙච්ච එකෙක්// - මේ යෝදයා අර "ඩොග් විස්පර්" (Cesar Millan) ටත් එහා එකෙක්නේ. කාටද පුලුවන් අඳුරන්නෙ නැති ජර්මන් ශෙපඩ් එකෙක් හොරකම් කරන්න තියා අල්ලන්නවත්.

    ReplyDelete
  17. 1994 ( 92 ද 93දත්) මන්දා. අම්බනල්ගොඩ ටවුම මැද තියන ජතික පාසලේ කොල්ලෝ කෙල්ලන්ට ඉලෙක්ට්‍රොනික් උගන්වන්න කියලා ආවේ ඔබ තුමාද?

    ReplyDelete