Monday, 6 June 2016

සිංහලේ...


සිංහලේ...
මට ගියසුමානෙ ගාල්ලේ බාර් එකකදී ඇමරිකන් සුද්දෙක් මුණගැහුන. ඌටත් මන්ගැහුව අපේ අවරුදු දෙදාස් පන්සීයේ ඉතිහාස බෙරේ. මම ජැස්සොන් මහත්තයාගේ ගෝලය... හරිය... හරි ඉතිං උඹල ඔච්චර ශ්‍රේස්ට ජාතියක් නම්...කියපන්
උඹලගේ රටෙන් මොනවද උඹලාගේම සොයාගැනීම් විදියට ලෝකෙට දීල තියෙන්නේ කියල...සුද්ද කියපි.... .මම මංඤකොරොස්වෙලා ගියත්.... දකුණේ එකෙක් විදියට ඇරියේ නැහැ ... උඹ ඇමරිකන් කාරයෙක් විදියට ලැජ්ජ වෙන්න ඕනේ... අපේ ශ්‍රේෂ්ට සිංහල ජාතිය ගැන නොදැන සිටීම ගැන.... ලෝකේ පලවෙනි ජෙට් ගුවන්යානය හැදුවේ අපේ රාවන රජතුමා... ඒකට මිසයිල් පවා හයිකරල තිබුන....පීරිසීයක අඳුන ගාල ඉස්සරහින් පොල්තෙල් පාන තියල...හනුමන්තා ටෙලිවිෂන් සිස්ටම් එක හැදුවෙ අපි...පුවක්මලක් ගැටගහල කනප්පු කරකවල කිසිම ඉන්ධනයක් හෝ විදුලිය අවශ්‍ය නැති ලෝකේ පලවෙනි හොරු අල්ලන
රොබෝ හැදුවේ අපි...කතරගම ගිහින් දෙවියෝ දිහාබලපන්...ෆොටෝෂොප් හොයාගත්තේ අපි...සීගිරියේදී සිංහ කකුලක ඇඟිලි නියපොතු තුනයි කියල හොයාගත්තේ අපි...බ්‍රෙෂියර් ඇන්දම පියයුරු පිළිකා හැදෙනව කියල හොයාගත්තේ අපි...අපේ ජාතික කොඩිය බලපන්...සිංහයෙකුට කඩුවක් තනිඅතෙන් අල්ලගෙන...කකුල්තුනෙන් පැනපැන... නියම ගේමක් දෙන්න පුළුවන් කියල හොයාගත්තේ අපි...පොල්පිත්තෙන් බැට් කපල...කදුරුබෝලෙන් ගහල... ක්‍රිකට් ක්‍රීඩාව ලෝකෙට හඳුන්වාදුන්නේ අපි...අදටත් අපිතමයි චැම්පියන්ලා...පොල්ගෙඩියක් ගහෙන් වැටෙන හැටි බලං ඉඳල... ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ අපේ ගමේ නිව්ටොංඅයිය...හිසට තෙලක්දාල හර්නියා,අන්ඩවාතෙ හොඳ කරන හැටි හොයාගත්තෙ ගම්පහ වෙදමහත්තය !
අපේ බිසෝකොටුවේ තාක්ෂනය, සීගිරියේ තාක්ෂනය, හොරකං කරල තමයි උඹල...විදුලිය , ඩයිනමෝව, මෝටරය , බයිසිකලේ ,xරේ,රුධිර පාරවිලයනය , පැට්‍රෝල්, ඩීසල් ,ජෙට් එන්ජින්, හෙලිකොප්ටර් , ටෙලිෆෝන් , රේඩියෝ, ටෙලිවිෂන් , කොම්පියුටර්, වොෂින් මැෂින් , බ්ලෙන්ඩර් , එන්නත් කිරීම, බයිපාස්,සෙල් ෆෝන් , ඉන්ටෙර්නෙට් ,ෆොටෝ කොපි මැසිම ,මහන මැසිම, ස්කෑන්, සොෆ්ට් වෙයාර්,රොබෝ තාක්ෂනය, නැනෝ තාක්ෂනය... මෙකී නොකී ඔක්කොම හොයාගත්තෙ...හුටා ....සුද්ද රටෙත් නොඉඳ දිව්වා...තාමත් දුවනව ඇති ආයුබොවං !
                                                         [ මේක අවරුදු තුනකට කලින් ලියල  FB දාල මං කෙලව ගත්තා... අපේ එක ලොකුම එක කියල හිතන් ඉන්න... අපේ පින්කෙත හෙළ රන්දෙරණේ හිරවෙලා ඉන්න හෙළ බොදු, ජාති මාමක බුවාලා..... තොගෙ අ$#@ හු@#$*වනවා &%@කැ$# පො%$#වේ%$#පුතා කියල... 1348ක් මාව බ්ලොක් කළා. මං මාව බ්ලොක් කල...ඔයාල සේරටම බුදුසරණයි කිව්වා !]      

19 comments:

  1. ඩින්ක් එකක් දාන්න පරක්කු වෙලා අවිත් එරියස් කවර් කරනවා වගේ නේ.....

    පොඩ්ඩක් හෙමින් ලියහන් මහත්තයෝ.... අ$^&&^^ හු*&^* දාලා.....

    ReplyDelete
  2. ලියල තිබුණු ඔක්කොම කියවල තමයි කමෙනට් කරන්නේ.. මාතලන්ගේ බ්ලොග් එක ඇරුනහම පහු ගිය ටිකේ වෙන කිසිම බ්ලොග් එකක් කියවන්න උනේ නැ අහම්බෙන් රාජ් හේ එකෙන් තමා මෙහෙට පාර හොයාගන්න පුළුවන් උනේ... කතන්දර කෙටි උනත් සැහෙන්න රහයි... මග නවතින එකක් නැ කියලා හිතනවා

    ReplyDelete
  3. අර බයිස්කොප් සයිට් එකේ ලේ ගංගාවල් ගලා යන මූවී වලට සිංහල සබ් දාන කොල්ලො කෙල්ලෝත් සෙට් එකත් පොස්ට් එකක් පටන් ගන්නේ බුදු සරණයි කියලා ආමන්ත්‍රනේ කරලා.

    ReplyDelete
  4. දැං ඔය ලියනව වගේ කොමෙන්ට් වලට රිප්ලයි පාරකුත් දැම්මොත් නරකද?

    ReplyDelete
  5. හා කියල විතරක් බැහැ මහත්තයෝ..සල්ලි සල්ලි කියල බලන් නැතුව කොමෙන්ට්වලට රිප්ලයි කොරා නං මොකෝ වෙන්නේ...
    අර මාතා කිව්වහේ ඔහේ මොනවයි ඇත්තටම පාවිච්චි කොරන්නේ..
    ඊටාමතරව අපේම වේව් ලෙන්ත් එකේ වෙච්ච ඔහේව මෙච්චරක් කල් මිස් උනේ කොහොමෙයි..
    කරන්දෙනියේ ඇක්සොන්ට් එකෙන් ඇහුවේ...

    ReplyDelete
    Replies
    1. වේව් ලෙන්ත් .... රෙද්ද ...අපේ වයසේ කියන්ඩ ලැජ්ජද

      Delete
  6. තමුන්නැහැ නියම දසයෙක්නෙ. හැබැයි බයක් තියෙනව තමුන්නැහැ කොයි වෙලේ මේක නවත්තයිද කියලා. ඔය වගේ අය යමක් නවත්තන්න හිතුනොත් ඒක නවත්තන්නත් දෙපාරක් හිතන්නෙ නෑ. මගෙ කොමෙන්ට් එකට නං උත්තර නැතුවට කාරි නෑ. මොකද මං මේ ලියන එකට උත්තර දුන්න කියල ඇති යහපතක් නෑ නෙවැ. ඒ හංදා නොනවත්වා ලියන්න. ඒකෙ යහපතක් තියෙනව.

    ReplyDelete
  7. රාජ් ගොයියා පෙන්නපු පාරේ ඇවිත් නොකියවා ගියේ පලෝවරයවත් දාල නැනේ හවසට කියවනවා කියල ලින්ක් එක සේවි තරගන . එනකොට පලෝවරය දාල .ඔක්කොම කියෙව්වේ නැ දැනට මෛ්ක විතරයි . අනිත් ටික අදම ඉවර කරලා නිදාගන්නවා ඒක ලේසියි.


    දිගටම ලියන්ට ඇ ඔය

    වේව් ලෙන්ත්

    බ්ලොග් හෙන රහයි

    මං ඒ මෙව්වාි එකේ නොවුනට

    ReplyDelete
  8. කතරගම ගිහින් දෙවියෝ දිහාබලපන්...ෆොටෝෂොප් හොයාගත්තේ අපි//

    අම්මප!

    ReplyDelete
  9. කතරගම ගිහින් දෙවියෝ දිහාබලපන්...ෆොටෝෂොප් හොයාගත්තේ අපි//

    අම්මප!

    ReplyDelete
    Replies
    1. රාවණා නැගිටල බෙඩ් ටී අරගෙන ටොයිලට් ගිහිල්ල ආවහම ලෝකෙම අපි අල්ලගන්නවනෙ

      Delete
  10. රාවනා ගේ ශ්‍රී දේහය ජයරත්න මල් සාලාවේ තැන්පත් කොරලා කියලා ජනවහරේ කියන්නේ...

    ReplyDelete
    Replies
    1. තාම නිදිද? නාත දෙය්යො එක්ක හීනෙන් කෙමිස්ට්‍රි පාඩමක් කරනව ඇති එහෙනම්.
      ෆෝන් එකේ එලාම් එක සැට කොරලන තියෙන්නෙ ජාතියේ අවස්යතාවයට නැගිටින්න.

      Delete
  11. කොරන දේවල් නූපෙ හංදියේ තියාගෙන ඉන්න වෙන කාලෙක මෙහෙම ලියන එක වත් වටිනවා බොස්..
    ජයවේවා..!!

    ReplyDelete
  12. අප්පා . . . මේක කියෝලා මැරෙන්න හිනා . . සිරාවට අපේ මෙව්වා එක තමයි ලොකුම මෙව්වා එක කියලා හිතාගෙන ඉන්න බුවාල ඔබතුමාව බාබකිව් නොදා ඉතුරු කලා මදෑ

    ReplyDelete
  13. ඊයේ මේ ඔක්කොම ිකියවලා නිදාගත්තෙ. රහයි ඈ. මමත් ඔය රේඩියෝ ලයිසම ගන්න ඉගෙනගත්තා. තවම එක්සෑම් කරේ නෑ. ඔහේ 40 මීටර් බෑන්ඩ් එකේ ඉන්නව මට ඇහිල නෑ.

    ReplyDelete
  14. හුකා... ලෝකෙන් උතුම් රට

    ReplyDelete