Monday, 6 June 2016

කථා විලාශය

බලපිටියෙයි, අහුන්ගල්ලෙයි, රත්ගමයි, කරන්දෙනියෙයි මිනිස්සු කතා කරන්නෙ ටිකක් ඇදල අමුතු ලතාවකට...මේක කුලයටත් සම්බන්ධයි...කට ඇරපු ගමන් ගම අහුවෙනවා...යබලපිටියෙ ඉස්කෝලෙකට පළමු පත්වීම අරං ආපු...උඩරට ගුරුවරයෙකුට... හරිම අප්සෙට්ලු... හුකාඅරබලපන්...හුකා වාහේ...හුකා හරිවැඩේනේ...ඔයවගේ දේවල් ළමයි ඒවගේම ගුරුවරුත්... කිසිම ගානක්නැතිව නිතර කියන එක. ඉතිං ළමයෙක්... "හුකා මෙන්න සර්"...කියපු වෙලාවක සර් ඇහුවලු මොකද ළමයෝ හැම එකටම... හුකා කියකියා... කුණුහරුප කියන්නේ කියල. ළමය එකපාරටම නැගිටල ඇහුවලු..."හුකා සර් ඒකත් කුනුහරුපයක්ද"... කියල. මාතර "ඔහේ" කියන එක අම්බලන්ගොඩ අපිට කුනුහරුපයක් !. හුකා...කියන එක බිඳිල ඇවිත් තියෙන්නෙ සුඛා...සුඛ(සැප)...කියන වචනෙන් !

19 comments:

  1. හුකා කතාව කියනව අපේ යාළුවෙකුගෙ අම්ම කෙනෙක්. ඒත් අම්බලන්ගොඩ. ඉස්සෙල්ලම අහද්දි නිකං කුනුහබ්බයක් වගේ හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හුකෝ බුද්ධානං උප්පාදෝ
      හුකා සද්ධම්ම දේශනා
      හුකා සංඝස්‌ස සාමග්ගී
      සමග්ගානං තපෝ හුකෝ

      Delete
  2. ඔය උඩ ඉන්න එකාගෙ දැනුම්දීමක් මත තමයි ආවෙ. මුල ඉඳල කියෝගෙන එඤ්ඤං.

    ReplyDelete
  3. ඔක්කොම පෝස්ට් ටික එක හුස්මට කියෙව්වා...
    අපුරු ලියවිල්ලක්...

    ReplyDelete
  4. බල මාළු පොල් එක්ක නොකා අම්මගේ අහවල් එකත් එක්කද කන්නේ යකෝ කියන කතාව මතක් උනා...

    ReplyDelete
  5. හුකා.. මේකත් පොස්ට් එකක්ද? මම හිතුව ඔහේ භාගෙට නතර කරලයි කියල..

    හුකා.. කියන්න අමතක උනා.. මේ ටික පට්ට රහයි..

    ReplyDelete
  6. හුකා, එක හුස්මට අටම කියෝලනේ, පොඩි එකා පාරෙ බලාගෙන ඉදල ගෙදර ගිහින්, මට හවසට ගෙදරයන එක තමයි අවුල්.

    ReplyDelete
  7. බලපිටියෙයි, අහුන්ගල්ලෙයි, රත්ගමයි, කරන්දෙනියෙයි එකම මිනිස්සුද ඉන්නෙ?
    මට හිතෙන්නෙ දෙවර්ගයක් කියල
    කතාව හොදයි කොට වැඩියි බුකියෙ ගෲප් පෝස්ට් එකක් වගෙ

    ReplyDelete
  8. ඔය උඩින්ම ඉන්න රාජ් කිව්ව පාරෙන් ආවෙ. එක දිගට කියවගෙන ගියා. මීට කලින් ජනමාධ්‍යයෙන් ඔබ ගැන කියවල තිබුනා. ටිකක් වැඩිපුර ලියනව නම් තමයි හොඳ. දිගටම ලියන්න.

    ReplyDelete
  9. හෙහ් හෙහ්... ස්පීඩ් රයිටිං පාරක්... පස්ටයි ලියවිල්ල
    රාජ් ලොක්ක තමා පාර කිවෙ.. පුලුවං නං ෆලෝවර් එක එල්ල ගන්න
    ජයවේවා..

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. නරකද ගූගල් ෆලෝවර් ගැජට් එක දාගත්තොත් අපි වගේ උංට එන්න ලේසි වෙන්න.

    Layout - Add a Gadget - More Gadgets - Followers

    ReplyDelete
    Replies
    1. ගුගල් ඇට කන්ඩද බ්ලොගර් එක දැං දාල තියෙන්නේ ඒක චෝයි

      Delete
  12. ඔය පැත්තේ වැඩකදි

    එක්ස්ට්‍රස්ලව එක්ක ආපු පොරගෙන් ප්‍රඩක්ෂන් මැනේජර්

    ‘‘ අයියල උදේට කෑවානේද ‘‘

    කියල ඇහුවහම

    ‘‘ අර කොලඹ ඉදන් ආපු එකාල හැලි වලං පෙරලං කෑවහම අපි කන්නේ අම්මගේ @ත්තෙයි මහත්තයෝ ‘‘

    ReplyDelete
  13. හුකෝ බුද්ධානං උප්පාදෝ
    හුකා සද්ධම්ම දේශනා
    හුකා සංඝස්‌ස සාමග්ගී
    සමග්ගානං තපෝ හුකෝ

    ReplyDelete
  14. හුකා... කියන්න අමතක වෙනවා .
    'තව ඩිංගෙං වදින්නෙ ඔලුවටම පොලු පාර.. *ත්තිගෙ පුතා බේරුණා..' බලපිටියෙ එකෙක් ගමේ සුන්දරත්වය ගැන කියනකොට නිතර හොඳට නලවලා කියන දෙයක්..
    ජයවේවා..!!

    ReplyDelete
  15. ඌරගස්මන්හන්දියත් මේ ත්‍රිකොනේ එක කෙළවරක්. බලපිටියේ ඉන්න මගේ යාලුවෙක් දවසක් ක්ලාස් ආවේ නෑ. මම ඇහුවා මොකද කියලා "මං බල්ලෙක් කෑවා" කිව්වා. මට හිතුනේ ඌ බල්ලව හපලා කියලා.

    ReplyDelete
  16. අයියෙ කතාව ලියන එක නැවැත්තුවා ද

    ReplyDelete